අස්ථාවර-❕

By Celeste_Lilou

6.5K 620 310

අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfict... More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
-6 හි අවසන් කොටස.
7 වන පරිච්ඡේදය
08 වන පරිච්ඡේදය
09 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය

5 වන පරිච්ඡේදය

459 54 39
By Celeste_Lilou

ඒ හිටියේ ආරෝ අම්මම තමයි...ඩොක්ටර් කෙනෙක් විදිහට එයාගේ රාජකාරිය ඉටු කරන්න ඇවිත් වගේම තවත් රාජකාරියකට...ආග්‍ර සුදුඅම්මව කතාවට අල්ලගනිද්දි සුදුඅම්මා ආරෝ අම්මා දිහා බලලා අහක බලාගත්තා..

"ඇතුලෙ කවුරු හරි ඉන්නවද.."

"නෑ බන්...කාත් එක්කවත් කතා කරේ නෑනේ.."

අනූපත් එක්ක වචන හතරක් කතා කරපු මන් දොරත් ඇරන් ඇතුළට ගියේ මූ කවද්ද මේ තරම් මුරණ්ඩු උනේ කියලා දැනගන්න.බැන්ඩේජ් ගොඩකින් ඔතලා මේසෙ උඩ තියෙන මල් ටික දිහා බලන් ඉන්න ආද්විනු දැක්කම මට දුකත් හිතුනා..එයා ආසම නැත්තේ හොස්පිට්ල් වල ඉන්න.මන් බයෝ කරනවා කියලා ඉස්සර කියද්දි මූණ ඇඹුල් කරගන්න හැටි මට තාම මතකයි..

"ආද්විනු....."

"ආද්විනු...."

"ආදී.....!"

"තමුසේ ඔය තරම් මුරණ්ඩු ද ආදී.."

"හරි කතා කරන්න බැරි නම් කටපියන් හිටපන්..."

"උබ දැන් කතා කරන්නේ නැද්ද කියපන්කෝ.."

"පුදුම ලොකුකමක් නේ ආදී උබේ තියෙන්නේ.."

"මිනිහෝ...එකවතාවක් මේ පැත්ත බලපන්..එන්න උවමනාවකට ආවා නෙමෙයි...මට කරපු උදව් වලට නෑවිත් බැරි නිසායි ආවේ...දැන් උබ කියන්නේ යන්නද කියපන්කෝ.."

මුගේ ලොකුකම යකෝ..ආවේ මටත් උවමනාවකට නෙමෙයි..දැන් මුගේ රැස් බලන්නත් ඕන.දෙන්න හිතෙනවා වමතත් කැඩිලා යන්න..කොහොමත් ලියන්නෙත් වමතින් නේ..ඉතින් දකුණ තිබ්බා කියලා වැඩක් නෑ..ලෙෆ්ට් හෑන්ඩඩ් බැට්ස්මන් කෙනෙක් නිසා ඒකත් ශේප් නේ..මුගේ ලොකුකම බලන් ඉදලා බැරි නිසා මන් එළියට යන්න හදද්දි මෙන්න ආඩම්බර ආද්විනුගේ කට ඇරුනා..

"මිතාශ්ම.."

"මොකද..මිතාශ්ම තමයි..නම වෙනස් කරලා නැහැ.මොකද්ද මිනිහෝ කරන්නේ...තමුසේ දන්නවද අර එළියේ ඉන්න උන් කොයි තරම් පිච්චෙනවා ද කියලා.."

"හ්ම්ම්..."

"බකමුණෙක් වෙන්න එපා...මන් දිහා ඔහොම බලන්න එපා..කියන්න දෙයක් තියේ නම් කියනවා..ආපහු මන් එන්නේ නෑ තමුසෙව බලන්න."

"ඔයාට මාව මතක් වෙන්නේවත් නැද්ද ඇත්තටම.."

"අත්හරින එක ලේසි උනේ නෑ මටත්..දැන් ඔහොම කතා කරන්න එපා.ඔයාට පෙනුනේ නෑ ඒකාලේ මන් ඔයා වෙනුවෙන් මැරුනු තරම්.."

"හ්ම්ම්..එදා මන් කියපු දේ පෙන්නුවා ඔයා මට දීලා තිබුනු තාවකාලික ඉඩ..."

"තාමාත් තමුසේ මාව ටෙස්ට් කරනවද ආද්විනු..."

"මන් එදා කියපු දේ ආපස්සට ගන්නවා..."

"තමුසෙ ආපස්සට ගන්නවා නම් තමුසෙගෙ වචනේ.....ආපස්සට අරගෙන දෙනවා මගේ කාලේ...."

දැන් ඒපාර මිතාශ්ම කියනවා..අපි හම්බුනු මුල්ම කාලේ වගේ.බුදුමැදුර ලගට එන හැමසැරේම එයා මට කතා කරේ මිතාශ්ම කියලා..පස්සෙ මන්ම කිව්වේ ආර්යන් කියන්න කියලා..
මට කේන්ති යන්නේ අඩුවෙන්..ඒත්...අද කාලෙකට පස්සේ ආද්විනු එක්ක කේන්ති ගියා..එයා කොහොමද එහෙම කියන්නේ..එයා ආපස්සට ගන්නවා නම් එයාගේ වචන...මගේ කාලේත් ආපහු අරගෙන දෙන්න ඕන..එයාට ලේසි ඇති..මමනේ ඒවාට මුහුණදුන්නේ..

"මේකත් අහගන්නවා..තමුසේ ආපහු මේවාගේ වැඩක් කරගෙන තිබ්බොත් අන්න එදාට පස්සේ මන් ආයේ උබත් එක්ක කතා කරන්නේ නැතිවේවී...ඒක වෙන්න ඕන නම් තවත් මොනාහරි කරගනින්.."

අන්තිම වතාවට ඒ අළු ඇස් දිහා බලලා මන් එන්න ආවා..ඒ අළුපාට ඇස් වලින් කදුළු බේරෙද්දි මන් දොර වහලා කොරිඩෝව දිගේ ඇවිදගෙන යද්දි ආග්‍ර මන් පස්සෙන් ආවා.මන් ගිහින් නැවතුනෙ හොස්පිට්ල් එකෙන් එළියේ බෙන්ච් එකක..

"ආරු...."

"මොකද !"

"අහන්නේ නැද්ද මොකද්ද උනේ කියලා.."

"මොකටද අහන්නේ..අනේ ඕකාට මොනා උනත් මට මොකද ආ...මගේ කවුද.උබගේ ක්ලාස්මේට්,ටීම් එකෙ මෙම්බර් කෙනෙක්..ඒත් මගේ..අඩුම යාලුවෙක්වත් නෙමෙයි..."

"ඔහොම හැසිරෙන්න එපා බන්..."

"උබ හොදටම දන්නවා මන් ගැන...උබටත් දැන් අරූව ලොකු වෙලාද.."

"ඌ ඔහොම ඉද්දි උබට ඔහොම කරන්න පුලුවන්ද.."

"පුලුවන්..පුලුවන් නිසානේ මේ මෙහෙම කරන්නේ.."

"උබ හෙන නපුරුයි ආරු...මන් දන්න ආරුට ආදරේකරපු හිතකින් වෛර කරන්න බැහැ..."

"මට උනු දේ උටත් වෙන්න ඕන.."

"උගෙ පැත්තෙන් ඌ හරි..උබේ පැත්තෙන් උබ හරි.."

"මොන පැත්තකින් හරි මිනීමරුවාත් හරි වෙන නඩු තිබ්බා.."

මොන මගුලක්ද..මන් නපුරුයි වෙන්නැති..එවාට පළි මන් විතරද.තවත් මොනවද කියන්නේ.මේ හැමදේමටත් පස්සේ ආදරේ ඉපනැලි අදටත් මගේ හිත අස්සේ වැනෙනවා තමයි..ඒත් මට දැනුනු ඒ වේදනාව,ඔයාත් විදින්න ඕන...විදවලා බලන්න..එදා මට දැනුනේ කොහොමද කියලා ඔයාට තේරෙවී..

මේ කතාව මොන විදියට ඉවර වෙයිද මන් දන්නේ නැහැ..ඒත් දෙන්නටම හතිවැටුනු තැන නැවැත්විය යුතුම කතා තියෙනවා....සමහර කතා ලියවිලා තියෙන්නෙම එහෙමයි...

...

උදේ වෙනදාවගේම මන් ඉස්කොලේ යන්න ලෑස්ති උනා.ඊයේ රෑ හොස්පිට්ල් එකෙන් එද්දි දහයත් පහු වෙලා..මන් ආයෙ හොස්පිට්ල් එක ඇතුලට එද්දි ආරො අම්මා හිටියේ නැහැ...සුදුඅම්මාත් ආද්විනුව බලන්න ඇතුලට ගිහින්..අපි එළියට එද්දි තුහාන් ඇතුලට ගියා.පුලුවන් නම් අනූපගෙන් හොද පාරක් කාලා උබත් එහාපැත්තෙ කාමරෙන් ඇඩ්මිට් වෙයන් තුහාන්.

අවුරුදු ගාණක් තිස්සේ අම්මා තාත්තා දෙන්නම නැතුව මන් හැමපැත්තෙන්ම  හරි විදියට හදපු මගේ චරිතය ආදරයක් නිසා විනාශ වෙන්න ඉඩක් මන් කොහෙත්ම දෙන්නෙ නැහැ ආද්විනු.ඒකත් ඒ විනාශයේ කොටස්කාරයෙක් විදිහට තුහාන් ට ජීවත් වෙන්න මන් දෙන්නේ නැහැ.මගේ ආත්ම ගෞරවය තනිකර තිබුනේ ලකුණු අතේ..මාත් එක්ක එක ඉස්කොලේ හිටපු එකෙක්ටවත් ගන්න බැරි උනු තාලෙ ලකුණක් ශිෂ්‍යත්වෙට අරන් මන් මෙහේ ඉස්කොලේ ඇවිත් ඉලක්කම් දෙකේ රෑන්ක් එකක් දාලා බයෝ සෙක්ශන් ෆස්ට් කියන මෙඩ්ල් එකත් ඉස්කොලේන් ගන්න තැනට වෙනකම් මම හදපු ඒ චරිතෙට මඩ ගෑවෙන්න දෙන්න බැහැ..

සරලව කිව්වොත් ස්කූල් බෑන්ඩ් ලීඩර්,DHP පට්ටම නෑ කිව්වට හෙඩ් ප්‍රිෆෙක්ට් ට නොමිනේට් වෙලා ඉන්න මම මගේ චරිතේ ට නම් මොකුත්ම වෙන්න දෙන්නෑ...මොකද මට අන්තිමේ ඉතුරු වෙන්නේ එච්චරයි..

පුලුවන් නම් ඉවසන්න ආද්විනු.මට දෙයක් හම්බුනාම ඒක ඒ සැනින් උදුරගන්න එක තුහාන්ගේ පුරුද්ද...ඒ අතින් මට හයියක් නැහැ ඌත් එක්ක හැප්පෙන්නේ..ඇමති පුතෙක් එක්ක මන් හැප්පෙන්නේ කොහොමද..පුංචි කාලෙ ඉදන් එක ඉස්කොලෙ ඉදලාත් ඌ මට කරුමයක් උනා..ආනාථයා කියලා ඌ මට විහිලු කරද්දි ඒවා දරාගෙන හිටියේ මම...කොන්ද පණ නැති එකෙක් නෙමෙයි නේ මමත්..අන්තිමේ ඕකාගෙ කකුලකුත් කඩලායි ප්‍රයිමරියෙන් අයින් උනේ..ඒ තරහ හිතේ තියන් අවුරුදු පහකට පස්සෙ දහයවසරෙදි මූ ආපහු මගෙ ඉස්කොලේට ආවේ සල්ලි වලින්..එදා ඉදනුත් පෙරලන්න පුලුවන් හැම බාල්දියම මට පෙරලපු ඕකා අන්තිමේ නැවතුනේ ආද්විනු ලග..

හිටපු එකම යාළුවාව මට නැති කරා...මන් ආදරේ කරපු එකාව මට නැති කරපු ඕකා නිසා තමුසෙගේ චරිතෙත් විනාශ වෙයි කියලා මට බයයි..

සුපුරුදු විදිහට ඉස්කොලේට ගිහින් ඉන්ටවල් එකෙ කට්ටිය සෙට් උනේ සින්දුවක් කියන්න..අනූප අද ඉස්කොලේ ඇවිත් නැහැ..ආග්‍රත් අවුලෙන් ඉන්නේ..තිශේන් නම් වඩේ මල්ලකට වග කියන ගමන් ගිටාර් එක උස්සගෙන ඉන්නවා..

"බ්‍රෝ..දිව්‍යපුත්‍ර මැරිලා නෑනේ.ආතල් එකෙ හිටපන් බල්ලෝ..වරෙන් වරෙන් සින්දුවක් කියන්න..බලපන්කෝ මනුල මූ...'

"ඒ ඔව් බන් ආග්‍ර...මොනාද බන්..වරෙන් සින්දුවක් කියන්න.."

"මොකක්ද ඉතින් කියන්නෙ.."

"මහිරු සේනාරත්න ගේ එකක්?.."

"මේඝ වර්ශාවේ කියපන්...ආරු උබ..සින්ග් කරපන් හරිත.."

මේඝ වර්ෂාවේ...රිලීස් උනු කාලෙ ඉදලම මගේ ආසම සින්දුවක්..තිශේන් ගිටාර් එක ගනිද්දි මන් කළුවෙලා තියෙන වලාකුළු දිහා බැලුවා.

"මීදුම් පාර මැදින්
අත් අල්ලන් කුඩේ යටින්
වැහි බිදු වැටෙන සැනින්
හිරි ගැහුනා තුරුළු වෙමින්

"වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ
වහින්න මේඝ වර්ෂාවේ
වහින්න මේඝ වර්ෂාවියේ

වැහි සලුවෙන් ඇගෙ පින්බර
මුහුණ තෙමා
කෝල මුවින් ලීලාවක ඇය සරසා
කලඑළි රූ මවා කුළුදුල් ගායනා
උණුහුම් දී හොවා පිනි බිදුවක"

මට මතක් උනේ මමයි ආද්විනුයි හම්බුනු පළවෙනි දවස.වෙනදාවගේම අරලිය මලක් උස්සගෙන මම ගියේ ඉස්කොලේ ඇතුලේ බුදුමැදුරට..බුදුමැදුරට එහාපැත්තේ පුස්තකාලය.බුදුපිළිමේ දිහා මට පැයක් උනත් බලන් ඉන්න පුලුවන්..ඒනිසාමද කොහෙද මන් එතන කොයි තරම් වෙලා හිටියද කියලා මට මතක නැහැ..වහින සද්දේ ඇහුනමයි මම පැත්තේ දොරකින් එලිය බැලුවේ..ඒ මම ආසම ෆිලීන් එකක්..වැස්ස වේලාවට පන්සලක,බුදුමැදුරක් ලග ඉන්න එක මන් නොසෑහෙන්න ආදරේ කරපු වැඩක්..

තනි සුදු කුඩයක් උස්සගෙන, බෝ ගහ යට හිටගෙන හිටපු ඒ පිරිමි ළමයාව මට අද වගේ මතකයි.මගේ වයසෙම වගේ ඇති.ඒ අළුපාට ඇස් දෙක ලාවට හරි මට එදා පෙනුනා..ඔව් ඒ තමයි අපි මුණගැහුනු පළවෙනි දවස...අපි අටවසරේ එතකොට.එයා ඉන්ග්ලිශ් මිඩීයම්..මම සිංහල මිඩීයම්..මම ග්‍රේඩ් එකෙ හිටපු ආතල් නසරාණියා වෙද්දි එයා ඩීසන්ට් පිට හිටපු නපුරු මූණක් තිබුනු අහිංසකයෙක්..

දැන් මම ඉස්සර එයා වගේ....එදා ජනවාරි මාසේ විස්ස...අදටත් ජනවාරියේ විසිවෙනිදාට මම බුදුමැදුරට ගිහින් එනවා...අරලිය මලක් බුදුමැදුරෙන් තියලා එනවා..අන්තිමේ ඒක මගේ පුරුද්දක් උනා..

මම ආත්මාර්ථකාමි ඇති ආද්විනු..ඒත් මට තව ටික කාලයක් දෙන්න...මන් ඔයාගෙන් ප්‍රතික්ශේප උනාට...ඔයා නොවිය යුතුයි කෙනෙක් මගෙන් ප්‍රතික්ෂේපිත....

-----

ඕතර්'ස් ටයිම්..😃

එක දවසට හතර පාරක් අප්ඩේට් දෙන එකට කියන්න ඕන මොකද්ද රත්තරනේ...

කවුරුහරි අරලිය මලක් ගැන මොනාහරි කියන්නකෝ...මට නම් ඒක කාලයක් සොහොනට තනි මකන මලක් උනා...කතාවට අරලිය මලක් ගාවගත්තේ මගේ හිතේ තිබුනු ඒ මතේ මටම වෙනස් කරන්න ඕන උනු හින්දා..

ඔය මේඝ වර්ෂාවේ කියන සින්දුව මට මතක් උනේ මන් බැල්කනියේ වැටට හේත්තුවක් දාගෙන හවස බැස යන අහස දිහා බලන් හමායන සුළගේ අසිරිය විදිද්දි...

ආරුට සින්දුව ෆුල් කියලා ඉවර කරන්න දුන්නෙත් නැහැනේ මන්..දැන් මන් නිදහසේ අනේ ඉන්නේ..ඒකයි මේ පිස්සෙක් වගේ අප්ඩේට්ස් දෙන්නේ...මට හරි සතුටුයි අප්පා..කතාවට සපෝට් එක දෙන හැමෝටම මන් මෙච්චරයි කියලා කියන්න බැරි තරම් ආදරෙයි කියලා ඔයාලා දන්නවනේ...😭❤️

මට දැන් පේනවා අපේ ගෙදර සුදු හෙන්දිරික්කා පිපිලා තියෙනවා....

බායි හරිද...
ආදරෙයි මගෙ ඇපල් මල් ටිකටහ්..!

මීට,
අරලිය ගහක් උඩ තනි රකින ඇපල් මල් ඕතර්...

Continue Reading

You'll Also Like

35.3K 808 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Kanoko), best friend (Ayumu), and mom (Kaede...
9K 1K 25
"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්‍යා × උපුනි
80.1K 1.1K 7
နိုရာနဲ့ပထွေးဖြစ်သူတို့ဘယ်လိုမျိုးဇာက်လမ်းဖြစ်ကြမလဲ 21+ရိုင်းပါတယ်နော် ကလေးများမဖတ်ပါနဲ့
14.4K 40 21
This is the second instalment to my 3 Part series of Books about a Young Blonde Teen Girl who suddenly starts to loose control of her bladder and bow...