අස්ථාවර-❕

By Celeste_Lilou

6.5K 620 310

අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfict... More

1 වන පරිච්ඡේදය
2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
-6 හි අවසන් කොටස.
7 වන පරිච්ඡේදය
08 වන පරිච්ඡේදය
09 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය

4 වන පරිච්ඡේදය

389 56 37
By Celeste_Lilou

"සුදුමහත්තයෝ....කන්න එන්න.."

"හරි අම්මා..."

ගෙදර ආවාත් හරි සිහියකින් නෙමේ මමත් හිටියේ..මොන තරම් මගේ හිතම රවට්ටන්න හැදුවත් ඒක මට තාමාත් කරගන්න බැරි උනා.කවදාවත් නැතුව මම ආපු ගමන් ෆෝන් එක අතට ගත්තේ කොයිවෙලෙ ආග්‍රගෙන් මැසෙජ් එකක් එයිද කියලා.

'අනේ මන්දා බන් කොල්ලට ටිකක් අමාරුයි..'

මට ඒකට රිප්ලයි කරන්න ඕන උනත් මන් නොටිෆිකේශන්ස් බාර් එකෙන් සීන් කරලා නිකන් හිටියා.සුදු අම්මා බලන් ඉන්න නිසා මන් කන්න ගියේ මේ වේලාවේ බත් කන්න මට උවමනාවක් නැතත් එයාට කරදර කරන්න බැරි නිසා.

සුදුඅම්මා කියන්නේ මන් මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන කෙනා...අම්මා තාත්තාව ඩිවෝස් කරේ මට අවුරුදු දෙකෙදීලු..මට අවුරුදු තුනක් වෙද්දි තාත්තා නැතිවෙන්නේ හාට් ඇටෑක් එකකින්.එදා ඉදන් තමන්ගේ ලමයිවත් පැත්තකින් තියලා මාව බලාගත්තේ සුදුඅම්මයි,පානදුර පුංචිඅම්මයි..අගට අම්මා කියලා කිව්වට එයාලා දෙන්නම මට ආච්චි.ඒ කියන්නේ අම්මගේ අම්මා උනු ආච්චිඅම්මගෙ නන්ගිලා දෙන්නා.අවුරුදු හයක් පුංචිඅම්මා ලග ඉදලා ඉතුරු අවුරුදු හය මන් හිටියේ අම්මාගේ නන්ගි ලග..ඒ ඉදලා අවුරුදු දොළහේ ඉදන් මන් හිටියේ සුදුඅම්මා ළග...පුංචි කාලේ ඉදන් මන් නැළවුනේ සුදුඅම්මා ළග විතරලු.එයාගේ වචනෙකට පිටින් ගිහින් මට පුරුදු නැහැ..එයාටත් දරුවෝ දෙන්නයි..කෙල්ලොම දෙන්නෙක් හිටියේ..මේ ගෙදර ඉදන් මාව බලාගත්තේ සුදු සීයා අක්කලා දෙන්නව බලාගනිද්දි..අම්මා මාව අතෑරියේ මන් පුංචි කාලෙමයි කියන හැගීම මට දැනෙන්න දෙන්නැතුව මාව හදාගත්තට ඇත්තටම එයාලාට පින් දෙන්න ඕන...

අම්මගේ පැත්තේ අය වෙලාත් එයාලා අම්මවයි අතෑරියේ..අම්මා එක්ක කතා නොකර හිටියේ මන් නිසා...මගේම වයසෙ තවත් ළමෙක් ඉන්න බිස්නස්මන් කෙනෙක්ව තමයි අම්මා දෙවෙනියට බැන්දේ...එවෙලෙ අම්මට හිතුනේ නැද්ද දන්නේ නැහැ තමන්ගේ කුසින් ආපු දරුවාත් ඒ වයසෙමයි කියලා...ඕවා ගැන දැන් කල්පනා කරලා වැඩක් නැහැනේ..සුදුඅම්මා බෙදපු බත් එකත් අරගෙන අපි දෙන්නම සෝෆා එකට වැටුනේ හිරු ටෙලි පෙරහැර බලන්න සුදානම් වෙන ගමන්..

"සුදුමහත්තයා..වෙනසකටත් එක්ක දෙරණ බලමුද..."

"සිදූ යනවද අම්මා තාම.."

"මොන සිදූද..දැන් යන්නේ ඉස්කොලේ කාලේ..අර සංගීතෙයි දෙවෙනි ඉනිමයි නම් තාම යනවනේ.."

"අම්මට ඔය ඔක්කොම බලන්න වේලාව තියේද.."

"උදේ ඔයා ගියහම මන් ඕක රිවයින් කරනවා ඉතින්...කොල්ලාත් ගෙදර නැතුව මන් පාලුවේ ගිලෙන්න යනවනේ.."

"ඒනම් දෙන්නම හෙට උදේට හිරු බලමු...මටත් හෙට යන්න බෑ වගේ..අතපය රිදෙනවා..."

"ඒක හෙට බලමුකෝ..දැන් ඕක කාලා ඉන්න...පේනේද කෝටු කෑල්ල වගේ වෙලා..කෙට්ටුම කෙට්ටුයි සුදුමහත්තයො..පුංචි අම්මා දැක්කොත් හිතාවි කොල්ලට කන්න දෙන්නෙ නැ කියලා.."

සුදුඅම්මා හිනාවෙවි කියද්දි මාත් කකුල් දෙක උඩ දාගෙන ටිවී බැලුවා..පිගාන සෝදන්න නැගිටිද්දිම වගේ ආග්‍රගෙන් කෝල් එකක් ආවා...මන් ෆෝන් එක සාක්කුවේ ගහන් ටැප් එක ලගට ඉගිල්ලුනා..

"මොකද.."

"සුදුඅම්මාට ෆෝන් එක දීපන්.."

"මොකටද.."

"කුණුහරප නාහා දෙනවද උබ.."

මූ මොකක්ද අම්මා එක්ක කතා කරන්න යන්නේ..කෝකටත් කියලා ස්පීකර් දාලාම දුන්නේ මටත් ඇහෙන එක හොද නිසා.

"සුදු අම්මා මන් ආග්‍ර විභාෂ්වර...අම්මට මාව මතකනේ නේද...මේ ආරු විහිලු කරන්නේ මට තමා.."

"අනේ පුතාව අමතක වෙනවද අනේ එහෙම...අපේ කොල්ලාගේ කතා ගනන් ගන්න එපා අනේ..."

"මන් සැලෙන්නේ නෑනේ අම්මේ...අම්මා මන් මේ කතා කරේ පොඩි උදව්වක් ඉල්ලගන්න..."

"මොකද්ද පුතේ...පුලුවන් දෙයක් නම් කරලා දෙන්නම්.."

"අම්මා අද හවස අපේ යාලුවෙක් ඇක්සිඩන්ට් වෙලා....අපේ කියනවටත් වැඩිය ආරුගේ යාලුවෙක්..මුගේ තියෙන නපුරුකමට අඩුම ඒ කොල්ලට කොහොමද කියලවත් ඇහුවේ නෑ අම්මේ...අම්මාට පුලුවන්ද මූවත් එක්කන් හොස්පිට්ල් එකට එන්න..අපේ අයියාව එවන්නම් මම ගේ ළගට..."

"අනේ දරුවෝ...මේ අපේ එකා දැන් හැදෙන විදිහේ අවුලක් නම් මටත් පේනවා.කරදර වෙන්න එපා දරුවෝ මන් මෙයාලගෙ සීයාට කතා කරලා මෙයාව එක්ක එන්නම්.."

"නෑ එපා අම්මා...අයියා ඇවිත් ඇති..ආරුව එක්කන් එන්නකෝ ඒ හොදටෝම ඇති.."

"හරි පුතේ...තුනුරුවන් ගේ සරණයි..."

"බුදු සරණයි අම්මා.."

තිස්තුන් කෝටියන් දෙවියන් වහන්සේලාගේ නාමෙන් ආග්‍ර විභාෂ්වර උබට මම අනිද්දාට අඩු හතර ගලවලා අතට දෙනවා අම්මපා..සුදුඅම්මා මට රවනවා අම්බානෙක...අති සාර්ථක විලසින් ආද්විනුව මගඇරලා ඉද්දි උබ දෙන දෙයියෝ ගෙදෙට්ටම ගෙනත් දෙනවා වගේ වැඩනේ කරන්නේ..දැන් ඔතනට ගියහම මට අම්මවත් හම්බෙනවා බල්ලෝ.

"සුදුමහත්තයා.....මොකද්ද ඒ කරේ.."

"මොකුත් නෑ අම්මා...ඇක්සිඩන්ට් කියලා කිව්වේ නෑ මට..හොස්පිට්ල් කියලා කිව්වේ.."

"කවුද ඒ දරුවා...ආද්විනු පුතාද තුහාන් පුතාද..."

"තුහාන් නෙමෙයි අම්මා..ආද්විනු..මට බැහැ හොස්පිට්ල් එකට යන්න...ආරෝ අම්මා ඔතන ඇති.."

"ආරො දිහා උබ බලන්න ඕන නෑ..එකී මොනාහරි කිව්වොත් මන් බලාගන්නම්...ඇදුමක් දාගන්නවා යන්න..යාලුවන්ට සලකන විදිහද ඔය...මතකද ඔලේවල් කාලේ උණක් හෙම්බිරිස්සාවක් හැදුනත් ආද්විනු පුතා උබ ලගින් හෙල්ලෙන්නේ නැතුව හිටපු හැටි..එහෙව් කොල්ලටද ඔහොම සලකන්නෙ.."

"අම්මා...අනේ අහන්නකෝ..."

"මගෙන් ගුටිනොකා ලෑස්ති වෙනවා සුදුමහත්තයා..."

සුදුඅම්මගේ කීමට මන් ලෑස්ති වෙද්දි එළියෙන් හෝන් එකක් ගහන සද්දයක් ආවා..සමහරවිට ආග්‍රගේ අයියා ඇවිත් ඇති..ඒ පවුලේ කොල්ලෝ දෙන්නයි..ආදිත්‍ය වාගීෂ් & ආග්‍ර විභාෂ්වර...ආදි අයියා ඉන්ජිනියර් කෙනෙක්..මොරටු කැම්පස් ගියේ..අපිට වඩා අවුරුදු අටක් විතර වැඩිමල්...

ආරො කියන්නේ මගේ ඇත්ත අම්මා...එයා ප්‍රයිවට් හොස්පිට්ල් එකක ඩොක්ටර් කෙනෙක්..ඒ හොස්පිට්ල් එක අයිති ආද්විනුගේ තාත්තාට...ආද්විනුව ඇඩ්මිට් කරලා ඇත්තෙත් ඔය හොස්පිට්ල් එකෙ.ඕකට ගියා කියන්නේ සංසාරේ කල කිරෙනවා තමා..

මගේ තාත්තා ආරුශ් යාදව්...අම්මා ආරෝහි කිම්..චුට්ටක් විතර අවුල් නේද...ඒක දිග කතාවක් නුඹ දන්නැති...හරියට මන් දන්නෙත් නැහැ..අහන්න දෙන්නම මන් ලග ඇත්තෙත් නැහැ..

ආරුශ් යාදව් කියන්නේ ෆුල් ඉන්දියන් කෙනෙක්...වැකේශන් එකකට ලංකාවට ආපු වෙලෙ තමයි මේ දෙන්නා මීට් වෙන්නේ..ආරොහි කිම් කියන්නේ හාෆ් කොරියන්-හාෆ් ශ්‍රී ලංකන්..එතකොට මන්...මන් ඔය තුනේම මික්ස් එකක්..කොරියන් පෙනුම නම් මට ඒ හැටි නෑ...මොකද මන් තාත්තාගේ පොඩි වර්ශන් එක..
සුදුයි කියලා CR සුදකුත් නැහැ.මන් ඉතින් සුදුපාට ෆ්‍රේම් එකක් යන බෝල කණ්නාඩ් දෙකක් දානවා ෆැශන් එකට වගේ..කොණ්ඩේ ටිකක් වවලා..එහෙමට වවලා නැහැ...ඇස් දෙක නම් අම්මාගෙන්...හිනාවෙද්දි ඇස් දෙක හොයාගන්න නැහැ ගිලිලා නැත්තටම නැතිවෙලා ගිහින්..හිනී ඇස් දිගැටි ඇහි පිහාටු එක්ක මගේ ඇස් දුඹුරු පාටයි..ඕවාගෙන් තමා ඉතින් එහා බාලිකාවේ කෙල්ලන්ව ටෝක් කරන්නෙ..

දිලිසෙන දුඹුරු පාට ඇස් දෙකක්ලුනේ තියෙන්නේ..

මන් කණ්නාඩිය ඉස්සරහට ගිහින් හැඩ බලද්දි සුදුඅම්මා මාව ඇදගෙන ගියා..අනේ ඉතින් සුදුඅම්මගේ ආද්විනු පුතා බලන්න යන්න මෙච්චර හදිස්සියක්...බලමුකෝ ඇදේ ඉදගෙන මට දාන ලොකුලයින්..මන් හූනා කිව්වා වගේ කියන්නම්..මන් නෙමෙයි අපෙ පරම්පරාවම ආවත් අද ආද්විනු මට කතා කරන්නේ නැහැ..මගෙත් මහ අමන අලි ඔලුවක් නේ තියෙන්නේ..උදේ කියපුවට මටත් යස වැඩේ..

ඇත්තටම මූ ඒපාර මොකක්ද කරගෙන තියෙන්නේ...

"සිද්දිය ආරන්චිද මල්ලි.."

"හරි විස්තරයක් දන්නේ නැහැ අයියේ...මොකද්ද වෙලා තියෙන්නේ.."

"හතරයි පනහට විතර..බයික් එකෙ යද්දි ඇක්සිඩන්ට් වෙලා තියෙන්නේ..ලේ දෙන්නත් වෙලා..ආයේ එයාට සෙල්ලම් කරන්න එපා කියනවලු..දකුණු අතට ඩැමෙජ්.."

"රිකවර් වෙන්න හුග කාලයක් යාවීද...හුගක් ඩැමේජ් ද නෑනේ.."

"අනේ මන්දා මල්ලි...ඌට සිහිය ආවාත් කතා කරේ නෑ කාත් එක්කවත්..අඩුම උන්ගේ අම්මා දිහාවත් බැලුවේ නැහැ..ඇන්ටිටත් හෙන අවුල.."

"හහ්...ආද්විනු අම්මගෙන් පළිගන්නවා...."

ආදී අයියාත් එක අතකින් ඔලුව අල්ලලා ඩ්‍රයිව් කරන්න ගත්තා..සුදුඅම්මා පිටිපස්ස සීට් එකෙ මන් දිහා බලන් ඉන්නවා..මන් එයා දිහා බලලා හිනා උනාම මට රැව්වා...සුදුඅම්මා දන්නේ නෑනේ මන් ආද්විනුව මගාරින්න හේතුව..ඔහ් ශිට් මගේ ඔලුවත් රිදෙනවා..රිදෙන්නේ නැද්ද මන් අහන්නේ මේවාගේ වේලාවට..

ආදී අයියා හොස්පිට්ල් එක ඉස්සරහින් නවත්තලා කාර් පාර්ක් එකට ගියා..රිසෙප්ශන් එකට ගිහින් නම කිව්වම රූම් නම්බර් එක කිව්වා..VIP Area එකෙ තමා ඉතින්.අපි යද්දිත් ආග්‍ර එළියේ..තිශේන් ගිහින් එන්න කියලා ගිහින්..අනූපත් ඉන්නවා...ඒ වගේම මන් බලාපොරොත්තු උනු කෙනාත් හිටියා....ආරෝ අම්මා...

මෙච්චරවෙලා සගවපු රහසක් කියන්නද...කියන්න ඕන නැහැ ඔයාලා ගෙස් කරන්න..

----

ඕතර්'ස් ටයිම්

ට්‍රිබල් අප්ඩේට් හම්ලෝව්...🙂
Lyra_0331 ඔයා නිසා තමා ඉතින්න්..😙

සදාදරයෙන් මතක් කරන්න ඕන අපේ නෝවා අක්කගේ ගම්මිරිස් පැළේ ගැන..මන් හිටවනවා ගම්මිරිස් පැළයක්..හිටවලා ඒ නිසදැස එල්ලනවා ගහේ..ටැග් කරන්න අයිඩී හොයාගන්න බැරුව ඉම්නේ..

ආර්‍යන් එක්ක කේන්තියි නේත...පස්සේ කේන්තිය නිවාගන්නත් එක්ක වතුර බාල්දියක් ගහගමු...අදයි ඊයේයි ආලේ රේඛා අප්ඩේට් දෙන්න බැරි උනානේ..සදුදා වෙද්දි එකේ කොටස් 05ක් දෙනවා හරිත...මට සුට්ටක් කල් දෙන්නකෝ..තව ඒක හිතන ගමන්...

(මන් ඉතින් ෆුට් හිතලා අප්ඩේට් දෙන කෙනෙක් නෙමෙයිනේ)

මන් උදේ ඉදන් කාලා නෑ අනේ..ඔලුවත් කැක්කුමයි..පපුවත් දනවා වගේ...හෙහෙ ගැස්ටීක් පෙත්තක් ගහලා නිදියනවා මන් දැන්...අත පයත් රිදෙනවා ඊයේ ප්‍රැක්ටිස් හිටපු පැයට🙂..

මීට,
හොස්පිට්ල් එකෙ ආද්විනුට එහාපැත්තේ රූම් එකෙ ඇඩ්මිට් වෙලා හිටපු ඇපල් මල් ඕතර්...😚

මන් ආදරෙයිනේ මයේ ඇපල් මල් ටිකටහ්..!

Continue Reading

You'll Also Like

44.5K 1.6K 30
What gonna happen if Seven mafia kidnapped seven normal boys what if they did mistake that will let them lost the most precious person in their life...
34.7K 1.6K 20
It's going to be a random oneshots book with BTS as your brothers.I will mention their age and profession seperately in each chapter.
16.8K 2.4K 20
දන්නවද ආර්ය්‍ය..❟ පෙති තලලා මල කැඩුව පමණටම බඹරෙක්ට මලක් අයිති වුන්නැහැ..! සේමිය- උබ කියන මගුලක් මට තේරෙන්නෑ ඕයි හැබැයි මෙච්චරයි බඹරෙක් නෙවෙයි මොකෙක්...
17.6K 522 27
Unicode ငယ်ကိုအရမ်းမုန်းတာပဲလားမမမုန်း သဲငယ် ငါ့ဘဝမှာမင်းကိုအမုန်းဆုံးပဲ တစ်သက်လုံးမုန်းန...