අස්ථාවර-❕

By Celeste_Lilou

6.5K 620 310

අස්ථාවර පද පෙළක් අන්තරාවක පටලලා නොලී ඒ පෙම් කවක් ලියන්නට සිදුවුනා! -අස්ථාවර.. Nonfic-01 ශ්‍රී ලංකා-02 Nonfict... More

2 වන පරිච්ඡේදය
3 වන පරිච්ඡේදය
4 වන පරිච්ඡේදය
5 වන පරිච්ඡේදය
6 වන පරිච්ඡේදය
-6 හි අවසන් කොටස.
7 වන පරිච්ඡේදය
08 වන පරිච්ඡේදය
09 වන පරිච්ඡේදය
10 වන පරිච්ඡේදය
11 වන පරිච්ඡේදය

1 වන පරිච්ඡේදය

1.9K 98 59
By Celeste_Lilou

ආර්යන් මිතාශ්ම යාදව් Pov

අපි හිටියේ ඔඩිටෝරියම් එකෙ පහළ පඩි තුනේ ඉදගෙන.කෙමෙස්ට්‍රි පිරීයඩ් එකට රිලීෆ් දාලා.ඔතන ඉදලා වැඩක් නැති නිසා හිමින්සැරේ ක්ලාස් එකෙන් පැන්නා.දැන් ඉතින් ඉමක් කොනක් නොපෙනෙන ග්‍රවුන්ඩ් එක දිහා බලාගෙන ඔහේ ඉන්නවා.තීශේන් වඩේ වගේකට වගකියද්දි ආග්‍ර ලේන්සුවේ තියෙන නූලක් අදිනවා.

"ආන් බලපන් එංගලන්තේ මහරාජ යනවා.."

"කෝ බලන්න.."

නූල විසී කරලා ආග්‍ර කෑ ගැහුවේ උඩ පඩියට තවත් බර වෙන ගමන්.තිශේන් වඩේ මල්ල මගේ පැත්තට දික් කරන ගමන් මහරාජ හොයන්න ගත්තා.මාත් හිමින් සීරුවේ ග්‍රවුන්ඩ් එක දිහා බැලුවේ කවුද ඔය එංගලන්ත කොල්ලා කියලා.

"ආන් ඉන්නේ බන්..ආද්විනු දිව්‍යදර..."

"අමෝ අමෝ පොඩි පගයා...හේතුවක් නැහැ මැත්ස් එකෙ පෙන්නන්න බැරි ඕකාව..."

"අනේ මේ..උබලා හිටපන් මෙතන සද්ද නොකර...ආයේ ඕකා මෙතෙන්ට ඇවිත් රගන්න ගත්තම මට වෙන්නේ ප්‍රේක්ෂකයා වෙන්න.."

"ආනේ ආරු මේ..ඕකාගේ රැගිල්ල බස්සන්න උඹ වරෙන් ටීම් එකට..මාස දෙකෙන් කැප්ටන් පට්ටම උබට දීලා මන් අයින් වෙන්නම්.එතකොට ඕකා නටන්නෑ..."

"ගමේ ගහන බෝලයක් ගහන් ඉමු බන්..මම ලෙදර් සෙල්ලම් කරන්නේ අඩුවෙන් නෙ.."

"ඒත් උබට බැරි නෑනේ බල්ලෝ.."

ආග්‍ර දමාගෙන කියවද්දි තීශේන් නම් ආද්විනු දිහාම බලන් ඉන්නවා.අමෝ අමෝ දිව්‍යපුත්‍ර ආද්විනු..ඕකාගේ තරම් රැස් එහා බාලිකාවේ කෙල්ලන්ගෙවත් නැහැ.පුදුම ලොකුකමක් නේ ග්‍රවුන්ඩ් එකෙදි තියෙන්නෙ යකෝ.වයිස් කැප්ටන් කියලා කෝච් සර්ටවත් නැති තරම් ලොකුකමක් මුට.අඩුම කැප්ටන් උනු ආග්‍රවත් දෙන්නෑ ඕවාගේ ලයින්.

"ප්‍රවීන් ලොක්කා නැශනල් ටීම් සෙල්ලම් කරපු නිසානේ මේ ඔක්කොම.."

"ප්‍රවීන් අතපත්තු..ප්‍රවීණයෙක් තමා ඉතින්..වැඩේ කියන්නේ පුතා අවුල්.."

"පුතා අවුල් වුනු පළියට තාත්තාට බනින්න එපා බන්.."

තීනේශ් ආද්විනුගේ පවුලේ විස්තර දිග අරිද්දි ආග්‍ර ආද්විනු දිහා බලාගෙන.මුන් දෙන්නා මාරුවෙන් මාරුවට ලයින් දානවද අරූට.ආද්විනු ලා හිටියේ ජූනියර් ක්‍රිකට් ටීම් එකට ප්‍රැක්ටිස් ඉන්න කොල්ලෝ එක්ක මොනවා හරි කිය කිය.අලුතෙන් ප්‍රැක්ටිස් ආපු හය වසරේ කොල්ලෝ ටිකක් වගේ.ආද්විනු දෙව්රාත් දිව්‍යදර අතපත්තු.ස්කූල් ක්‍රිකට් ටීම් වයිස් කැප්ටන්.මීට කාලෙකට කලින් නැශනල් ප්ලේ කරපු ප්‍රවීන් අතපත්තු ගේ එකම පුතා.තාත්තා වගේම නැතැ.ස්කිල්ස් වගේම ඒ ලොකුකමත් ඒ විදිහටම තිබ්බා.

"තාත්තාගෙත් අලි ඔලුව..අපේ තාත්තා කියනවනේ.."

"හා හා ඇති..මමත් තව ටිකකින් යන්න ඕනේ..මැච් එකක්..අර ටූනමන්ට් එකෙ සෙමි ෆයිනල් අදනේ බන්.."

"සිරීයස්ලි.එතකොට උබ මේ මෙතන ඉදන් ආතල් ගන්නේ.."

"තාම අටයි දහයයිනේ බන්.දැන්ම නටන්නේ ලබ්බටද..කොහොමත් ඕක ගැන එ තරම් ශුවර් එකක් නැහැ.අපි ගම්පහ ඉස්කොලයක් එක්ක ප්ලේ කරන්නේ.උන් ගැන දන්න ලබ්බක් නැහැ.."

"හ්ම් හ්ම්..මොනා උනත් දිනලා වරෙන්..නැත්තන් අර ආද්විනු ඕවාට පැටලෙන්නෙත් මන් එක්කනේ.."

"උබට මොනාහරි කිව්වොත් ඕකාගෙ දෙහි ගෙඩි දෙක ගලවලා අතට දෙනවා දන්නෑ මන් ගැන අතපත්තු පුත්තරයා."

"හා හා..යමන් යමන් කැන්ටින් එක පැත්තේ..."

ආග්‍ර අද මැච් එක ගැන කියද්දි තීශේන් ආයෙත් ආද්විනුගේ දෙහි ගෙඩි ගලවන්න හදනවා.මන් දැක්කා ආද්විනු අර මරාගෙන මැරෙන බැල්මෙන් අපි දිහා බලනවා.ඕකා ගෙදරින් එලියට බහිද්දි හූනෙක් කෑගැහුවත් ඇවිලෙන්නේ මාත් එක්ක.අද මොකද දන්නෑ තාම කෑගැහුවේ නැත්තේ.මන් ප්‍රිෆෙක්ට් කෙනෙක්.ඉතින් මැත්ස් එකෙ බෑග් චෙක් කරන්න කියලා අපිට හෙඩ් කියන වෙලේට ඕක කරන්න ගියහම ඕකාගෙ ෆෝන් එක අහුවෙන්නෙම මට.කොටින්ම කිව්වොත් උගෙ බෑග් එක චෙක් කරන්න හම්බෙන්නෙම මට.ඉතින් මන් මූ ෆෝන් එක ගේනවා කියලා කියන නිසා මූ ඕකට හෙන වලි.

මූ එක්ක පැටලිලාම බැච් එක ගහලා යනවා ළගදීම.තිබ්බා කියලත් වැඩක් නෑනේ.අන්තිමට සෙටිෆිකට් එක අතේ තිබ්බොත් හොදටොම ඇති.මොකො මම කියලා DHP පට්ටම් අල්ලන්නයෑ.දැනටමත් ඔය අටක් ඉන්නේ.

අපි කැන්ටිමත් වන්දනා කරන් එද්දි ආද්විනුලා ඉන්නවා අරලිය ගහ යට බන්කුවේ ඉදගෙන.තිශේන් ඉතින් ඒකටත්  පැටලෙන්න සැරසෙන්නේ ඔය.මූ තමා අපේ සෙට් එකෙ වලි කේස් එක.උදේ පාන්දරට නම් මැත්ස් එකෙ උන් එක්ක කොස්සටත් මරාගන්නවා.ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ.මුගෙ වලි වලට සම්මානයක් දෙන්න වටිනවා.ඒ මදිවට සෙට් එකෙ නිවේදකත් මූ.පිට පිට අවුරුදු හතරක් විතර මිඩීයා යුනිට් එකෙ හිටපු හොදම නිවේදක.දෙරණෙවත් වැඩට යයිද දන්නෑ.ඒ උනාත් මොකද හරියන්නේ අපෙ එකෙක්ට නම්.

"මේ ටිකක් එහාට වෙලා ඉදගනිම් අනූප.තුන්දෙනා එක බන්කුවේ ඉදගනිම්කෝ.උබලගේ අම්මගේ අප්පගේ බූදලේ නෙමෙයි නේ මේවා.."

"අනේ මේ..උබට ඕන්නම් එහාට වෙලා ඉදගනින්.."

"මේකාට අම්මපා යකෝ හොදින් කිව්වට අහන්නේ නැහැනේ..හිටපිය තොට දෙන්න.."

"ඕයි ඕයි..තීශේන්..රන්ඩු වෙන්න එපා බන්.."

මම කිව්වේ මූ මෙතනත් වලි කියලා..අනූපටත් මොකද හොස්ස ලගින් මැස්ස යන්න බැහැනේ.ආද්විනු ඇවිත් අනූප ලගින් ඉදගද්දි මම තීශේන්වත් ඇදගෙන ගිහින් අනිත් බන්කුවෙන් ඉදගනිද්දි සාක්කුවෙන් ගත්තු ටෙනිස් බෝලෙකුත් උඩ දදා ආග්‍ර ඇවිත් ගල් මේසේට හේත්තු උනා.මූ මොකටද ටෙනිස් බෝල උඩ දාන්නේ.ඔව් මට පේනවා ආද්විනු කන්න වගේ මන් දිහා බලන් ඉන්නවා.

"අනූප ඕයි මේ.."

"හ්ම්ම් කියපන්.."

"අද මැච් එකට මොනවෙයිද.."

"මොනාවෙන්නද ඉතින්..දිනනවා නම් දිනයි නේද..දිසාපාමොක්ලා එක්කනේ මේ සැරේ.."

"බලමුකෝ නේද..මේ මන් යනවා ඉන්ග්ලිශ් මැඩම් අන්න අර කොපි රයිටින් පොඩි උන් ටිකක් බලන්න එන්න කිව්වා..නවයයි දහයට එන්නාම් කොල්ලෝ..ගිහින් එන්නම් ආරු..මගේ බෑග් එක ගෙනත් දාපන් තීශේන්.."

අනූප,ආද්විනු වගේම ආග්‍රත් ක්‍රිකට් ටීම් මෙම්බර්ස්ලානේ..අපි මරාගත්තට මොකද අනූප ආග්‍ර කතාබහ කරනවා.අඩුම මැච් එකක් ගැනවත්.මොකද ආග්‍ර කොහොමත් මැත්ස් එකෙ.ඒ කියන්නේ අරුන් දෙන්නගේ ක්ලාස් එකෙ.ටෙනිස් බොලෙන් තීශේන් ට ගහලා ආග්‍ර ඉන්ග්ලිශ් මිඩීයම් බිල්ඩින් පැත්තට දුවද්දි තීශේන් ඌට මැද ඇගිල්ල දික් කරා.ගහපු පාර රිදෙන්න ඇති.දැන් ඉතින් මෙතන අපි හතරදෙනා විතරයි.වඩේ මල්ල අනූපලා පැත්තට දික් කරපු තීශේන් මගේ මූණ දිහා කන්න වගේ බලන් ඉන්නවා.මුන්ට මගේ මූණත් එක්ක මොනාහරි අවුලක් තියේද කොහෙද.තීශේන් අනූප මරාගෙන මැරුනත් වඩේ කෑමකදි නම් සමගියි.හැබැයි දෙන්නා වචනයක්වත් කතා කරන්නේ නැහැ.ටික වේලාවක් අපි එතන ඉන්න ඇති.අරලිය ගහට එහාපැත්තේ මම නමක් නොදන්න ගහක්.හැබැයි කොළ හෙළවෙනවා අම්බානෙක.

ආද්විනු එ දිහාම බලන් ඉන්නවා.බංකුව වටේට අරලිය මල් වැටිලා.ආද්විනුගේ අතෙත් අරලිය මලක්.ඒක නම් එයා බංකුවට නැගලා ගහෙන් කඩාගත්තු එකක් වෙන්න ඕන...

"ඒ බන්..විස්සක් දියන්කෝ...සල්ලි මදි.."

"මොනව කන්නද.."

"අද වෙනසකටත් එක්ක රොටියක් කාලා තේ එකක් බොමු..හානේ? ඉන්ටවල් එකට බත් එකක් ගේන්නත් බැරි උනා.."

"හරි හරි..මේ සීය අරන් පලයන්.."

"එල බොසා.."

තීශේන් සීයත් අරන් චුත වෙද්දි මම බංකුවට බර උනා.වේලාවට මේකේ කොන්ද තියාගන්නත් කෑල්ලක් තියෙන ෆුල් බංකුවක් උනේ.නැත්තන්මේ වෙද්දි කොන්ද බිම කකුල් දෙක උඩ.සෑහෙන නැටුමක් නැටෙනවා එහෙනම්.

"රස්නෙයි බන්..කූල් ඩවුන් වෙන්නත් එක්ක අයිස් එකක් කමුද.."

"පිස්සුද බන්..ඔතන පෝලිමේ ඉදලා අයිස් කන්න..හොද පණ යයි."

"උබ හිටුකෝ මන් ගේන්නම්..හිටපන් ඈ යන්නේ නැතුව..."

අනූපත් කැන්ටිම පැත්තට ගියේ අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බල බල.මුන් අද නැගිටපු පැත්ත වැරදිද කොහෙද.කැන්ටිමේ හෙන පෝලිම.මට පේනවා රොටිය ගන්න ගියපු තීශේන් තාම පොරකනවා.ඇදලා ගනින්කෝ ඔතනත් පොඩි එකෙක් එක්ක වලියක්.බාවනවා ඕකාව.ඇවිදින වලි තීශේන්.විනාඩි තුනක් විතර යන්නැති.ආද්විනු තාමාත් හෙළවෙන කොළ දිහා බලන් ඉන්නවා.කැන්ටිමේ සද්දේ මේ හරියට ඇහෙනවා අඩුයි.ළගපාත කවුරුවත් ඇත්තෙත් නැහැ.අපි දෙන්නා විතරයි.මට නැගිටලා යන්නත් හිතයි.මන් නැගිටලා යන්න හදද්දිම.......

"ආර්යන්.."

"හ්ම්ම්.."

"ඇයි මෙහෙම මගාරින්නේ?...අඩුම බැනලවත් පලයන් බන්.."

"බනින්නේ මොකටද...වැරැද්දක් නැහැනේ.."

"මන් කොණ්ඩේ කැපුවේ නැහැ...පෙනුනේ නැද්ද උදේ ඒක.."

"ආග්‍ර කපලත් නැහැ..ඒනිසා බැනලා බෑ"

"හ්ම්ම්..."

අපි දෙන්නා දෙන්නට දිහා බලන් ඉන්න ඇති.මගේ ඔරලෝසුවේ විනාඩි කට්ට කීපාරක් කැරකුනාද දන්නෑ.මන් මේ සැරේ නම් නැගිට්ටේ යන්නමයි.

"ඔයා ආයේ මගේ නම කියන්න එපා...ආපහු පාරක් ඔයාගේ කටින් ආර්යන් කියලා ඇහෙන්න තියන්න එපා..තේරුනාද"

"තේරුනා.."

මම එන්න ආවා.මට මේක ඔලුවට බරක් වගේ.හරියට කතා කරන්න කවුරුත් නැති වෙලාවක්ම එනකම් ඉන්නේ ඇයි එයා.මට ආපහු පිටිපස්ස බලන්න හිතුනා.මම බැලුවා.ඒත් එයා හිටියේ නැහැ.සමහරවිට චුත වෙන්න ඇති.මන් කැන්ටිම පැත්තට යද්දි අයිස් එක ගත්තු අනූප ක්ලාස් පැත්තට යනවා.සමහරවිට ආද්විනු යනවා අනූප දකින්න ඇති.

තිශේන් එක්ක රොටියක් කාලා තේ එකක් බීලා තව ටිකක් ඇවිදලා කරලා එද්දි කෙමෙස්ට්‍රි පිරීයඩ් එක ඉවරයි.ෆිසික්ස් ලැබ් එකට යන්න පොත් ටික ගන්න බෑග් එක අදිද්දි තමා මන් දැක්කේ හුග කාලෙකට කලින් මට හැමදාම ලැබුනු දැන් ආපහු අද ලැබුනු ඒ මල දිහා.

අරලිය මලක්......

හරියට අද බංකුව උඩදි ආද්විනුගේ අතේ තිබ්බ මල වගේම....

මල වගේම බෑග් එක ඇතුලේ නෝට් එකක් තිබුනා.පොඩි කොළ කෑල්ලක්..අළු පාට පොඩි A4 කොළයක් නමලා බෑග් එක අස්සට දාලා...කවුද දාන්න ඇත්තේ කියලාත් මට හිතුනා..කෙමෙස්ට්‍රි පිරීයඩ් රිලීෆ් උනාට අපිට ඉන්න උනේ ලැබ් එකෙනේ...සමහරවිට එවෙලෙයි ඇවිත් මේක දාලා යන්න ඇත්තේ...

නෝට් එක දැකපු වෙලෙම මගේ ඇස් ගියේ අපට ඉස්සරහින් තිබුනු මැත්ස් පන්තිය ළගට..බැලුවා නෙමෙයි පුරුද්දට වගේ බැලුනා..වෙනදට මම එළියට යන හැමවතාවෙම ඒ පන්තියේ ජනේලෙන් මේ පැත්ත බලන් හිටපු කෙනෙක් හිටියා...අද ඒ ජනේලේ වහලා...හැබැයි මන් බලාපොරොත්තු නොවුනු මේ කොළේ මගේ බෑග් එකෙ තිබුනා..

"නවය හමාරට අපි යනවා..හිතේ තරහක් නැත්තන් බස් එක ලගට එනවද.."

මට එහෙම තරහක් නැහැ කියලා දැන් ගිහින් කියන්න හිතුනා..ඒත් මගෙත් තියෙන ලොකුකමට මන් නොගිහින් හිටියා..ඒ කොලෙත් සාක්කුවට දාගෙන අරලිය මල පරිස්සමෙන් පන්තියේ බුදු කුටියෙන් තියලා මම ලැබ් එක පැත්තට දිව්වේ දැනටමත් පරක්කු වෙලා චන්ද්‍රිකා මැඩම් අද මාව පට්ට ගහයි කියලා හිතාගෙන.

...

මමයි තීශේනුයි දෙන්නම හිටියේ ලැබ් එකේ...අපිත් එක්ක ලැබ් එකට එන මැත්ස් පන්තියේ උනුත් ඉන්නවා.වෙනදට පේන මූණු තුනක් ම අද නැහැ..ආද්විනු,අනූප වගේම ආග්‍රත් මේ වේලාවේ ඇත්තේ චේන්ජින් රූම්ස් පැත්තේ..වේලාව නවයයි විස්සයි..මන් කල්පනා කරේ යනවද නැද්ද කියලා.මොන දේ වෙන්නත් දැන් මෙතනින් එලියට යන්න ඕන..

මන් හිමින් සීරුවේ නැගිටලා චන්ද්‍රිකා මැඩම් ලගට ගියේ බොරුවක් කියලා එලියට පනින්න.එකපාරටම නැගිටලා මැඩම් දිහාට යන මන් දිහා තීශේන් බලන් හිටියේ මූට ට්‍රැක් ද වගේ ලයින් එකකින්..

"මැඩම්.."

"හ්ම්ම්"

නහයෙන් රූටන කණ්නාඩි දෙකත් ආයෙ හදාගෙන මැඩම් මන් දිහා බලද්දි නම් ඒ වස බැල්ම දැකලා කියන්න ගියපු එකත් අමතක උනා.

"මැඩම් මන් වොශෲම් එකට ගිහින් එන්නද.."

"ඇයි කලින් එකෙ යන්න බැරි උනාද..තව ටිකකින් ඉන්ටවල්..ගිහින් ඉදගන්නවා.."

"අනේ මැඩම්..විනාඩි දෙකෙන් එනවා.."

"තනියමද.."

"ඔව් ඔව් මැඩම්..ගියා ආවා.."

"හරි ඉක්මනට ගිහින් එනවා.."

මැඩම් දිහාට සුකුමල හිනාවක් දාලා මන් හිමින්සීරුවේ එලියට පැනලා දොර වැහුවේ ඇතුලේ හිටපු උන්ගේ මුණූ දිහා නොබලා.ජිවිතේට තනියම ගමනක් යන්නේ නැති මන් අද එකපාරටම තනි ඇතා වගේ යද්දි ඇතුලේ උන් ඇස් කටේ දාන් බලන් ඉන්න එක අමුතු දෙයක් ද.ඒ මදිවට පන්තියේ පළවෙනියා වෙන මම එකපාරටම පාඩමක් මැද්දේ නැගිටපුවාම.

කකුල් දෙකට උපරිම වේගේ දුන්නු මම තියෙන හැම කෙටි පාරකින්ම ඉස්කොලෙ ඉස්සරහට දිව්වා.ඇයි යකෝ පිටිපස්සේ ඉදන් ඉස්සරහට දුවනවා කියන්නෙත් සෙල්ලමක් නෙමෙයි.අන්තිමේ ගේට් එක ලග නවත්තලා තියෙන ඉස්කොලේ කළුයි කහයි ගාපු බස් එකට මීටර් තිහක් පිටිපස්සෙන් නැවතුනු මම බැලුවේ බස් එක ලග ඉන්න පිරිස දිහා.කට්ටිය තවම බස් එකට නැගලා නැහැ.මන් හොයපු රූපේ එතන හිටියා....

ඒත් කෙලින්ම එතනට යන්න තරම් මට හයියක් තිබුනේ නැහැ.එතනින් කරාටේ හෝල් එක පැත්තට දිව්වේ කරාටේ හෝල් එකෙ බැල්කනි එකෙන් බස් එක නවත්තපු තැන පේන නිසා.කරාටෙ හෝල් එකෙ පිටිපස්සට වෙන්න කට්ටිය ඉන්නවා සද්දේ ඇහුනාට මන් හිටපු තැන බල්ලෙක්වත් නැහැ.අන්තිමේ නළලෙන් ගලන දාඩිය පිට අල්ලෙන් පිහිදන් මන් බැල්කනියේ වැටට හේත්තු උනේ බෙල්ල පුලුවන් තරම් ඉස්සරහට දික් කරගෙන.

ඔව් මට පේනවා ඒ රූපේ අයිතිකාරයා ඉස්කොලේ ඇතුල් පාර දිහායි ඔරලෝසුව දිහායි මාරුවෙන් මාරුවට බලනවා...මට සමාවෙන්න...අද ඔයා ඉස්සරහට එන්න තරම් හයියක් නැහැ...

කෝච් සර්ද කොහෙද ඇවිත් අනිත් කොල්ලෝ ටිකව බස් එකට නැග්ගුවා.එයා තාමාත් ඇතුල් පාර දිහා බලාගෙන...අනූප ද කොහෙද කරට අත දාගෙන බස් එක ඇතුලට අරන් ගියේ..ජනෙලෙනුත් එළියට ඔලුව දාලා බැලුවට මම ඔතන නැහැ ආද්විනු....මම ඉන්නේ මෙතන...

ගේට් එකෙන් එළියට දාලා බස් එක හරවද්දිත් එයා ජනෙලෙන් එලියට ඔලුව දාගෙන...මම හිතන්නේ අන්තිම තත්පරරෙවත් එයා මන් මෙතන ඉන්නවා දැක්කේ නැද්ද කොහෙද..ඒත් මන් ආවා ආද්විනු..ඔයා නොදැක්කට මොකද මම ආවා...ඒත් ඔයාගේ ඉස්සරහට ආවේ නැහැ..

ඒ කියන්නේ මගේ හිතේ තරහක් නැත්තෙම නැහැ....

-----

ඕතර්'ස් ටයිම්...

මේ ඇවිදින් ඕතර් කතා කරන වේලාවයි...ඉතින් ලියන්න පටන් ගත්තු පලවෙනි Bl කතාවේ එක කොටසක් විතරක් දීලා මේකත් පටන් ගත්තු එකට නම් සමාව භාජනෙකට දාන්න ඕන..අම්මපා ඔන්න දෙකේම අප්ඩේට්ස් දෙනවා මන්..

මේ ටිකේ සෑහෙන පස්න පස්න අනේඒඒ..

ඉතින් මන් ඉන්නේ හරි පීඩනේ...අත තියන් ඉන්න බෑ මගුලක් කරනවනේ🙂

මගේ ඩ්‍රාෆ්ට් ලිස්ට් එකෙ තියෙන කතා ගාණක් මැද්දෙන් මට අද නිකන් කල්පනා කරද්දි දාන්න හොදයි කියලා නම් දෙකක් කල්පනා උනා.යාදව් කියන්නේ ස'නේම් එක හරිත..ඒ කතාව ඉදිරියට කියන්නම්කෝ..🙂හොදද දන්නෑ ඉතින් මේක...

මේකට උදව්වක් දෙන්න යාලුවේ...මගේ මේ අහිංසක හිත සතුටු වෙන්න පුලුවන් උදව්වක් කරලා යන්න..
පින් නේ නේත..මේ මාව සුට්ටක් සතුටු කරෝලා යන එක...

මට ඉතින් චරිත දෙකක් ඈදගෙන නන්ෆික් එකක් විදිහට ලියන්න ඕන උනත් කවුරු විදිහට ලියන්නද....ක්‍රිකට් ගහන ජේකේ,යීබො,යුන්ගී අදහගන්නත් බෑනේ අප්පා...දැන් හිතන්න එපා කතාවේ ටොප් යන්නෙ ක්‍රිකට් ගහන කොල්ලා කියල..ඒ දෙන්නටම ක්‍රිකට් ගහන්න පුලුවන් යාලුවේ..

අත තියන් ඉන්න බැරිවට ලියන මේ කතාවටත් වෝට් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න...හරිත..?

පුලුවන් කෙනෙක් කවර් එකක් හදලා දෙම්නකෝඕ....

මන් ආදරෙයි මගේ මල් වත්තට...

~ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ~

ආදරෙයි මගේ ඇපල් මල් ටිකටහ්.!

ම්වාහ්හ්හ්හ්...!😚

මල් වලට නම් කවි කොච්චරද..කවුරුහරි ලියලා දෙන්න මට ගහක් ගැන නිසදැසක්...ප්ලීස්ස්ස්ස්ස්

මන් දාන හැම එකම කියවන මගේ ඇපල් මල් ටිකට ආදරෙයි මෙච්චරක්...(         )
ඕවාගෙ අනන්ත ගුණයක් ආදරෙයි මන් හුම්ම්ම්ම්..!

බායි ඇපල් මල්....හෙටත් එන්නාම්කෝඕ...
(සති අන්තේ මන් නැහැ යාලුවනේ....ම්හුක්.වැඩ වැඩ...)

මීට,
අරලිය ගහක් උඩට වෙලා බංකු දෙකේ ඉන්න කොල්ලෝ දෙන්නා දිහා බලන් ඉදපු ඇපල් මල් ඕතර්...>:)

Continue Reading

You'll Also Like

8.3K 852 85
" දන්නවද අභී..! එයා හරියට වැස්සක් වගේ...!" " වැස්සක් !?...'' '' ඔව් වැස්සක්...එයාගෙ ආදරෙත් හරියට වැස්සක් වගේ...කාලයක් මාව ඒ වැස්සෙන් තෙම්මලා....එයා ය...
33.9K 527 51
What the title said. You are a Worker Drone BTW Slow Updates because My motivation is dying.
43.7K 5.9K 52
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර, නේත්‍ර... මගේ නම නේත්‍ර" "මොකද උඹේ කට ඔච්චර සද්දෙ, මට ඔය වයසට වඩා උඩ පනින්න දඟලන ඇටි කිච්චන්ව පේන්න බෑ. ඒ නිසා මට...
79.7K 1.1K 7
နိုရာနဲ့ပထွေးဖြစ်သူတို့ဘယ်လိုမျိုးဇာက်လမ်းဖြစ်ကြမလဲ 21+ရိုင်းပါတယ်နော် ကလေးများမဖတ်ပါနဲ့