උරුමක්කාරයා

By Osi_Yr_

31.9K 4.2K 1.7K

කිරුළ නොපලන් රජෙකුගෙ කතාව More

01
02
04
05
06
07
note
08
9
10
11
12
13
14
15
16
17
18
19
20
21 B
22
23
24
25
26
27
28
29
30
31
32
33 B
34
35
36
37
38
39
39 - 2
40
41
42
43
44
45
46
47
48
48-2
49
50
51
52
53
A/n
Intro
54
55
a/n
56
57
58
59
60
61
62
63

03

915 111 17
By Osi_Yr_

"අනින්ට නිළමේ අනින්ට "

"ආහ් ..ආහ්..."

මම ස්කෝලේ ආවෙ සතියකට පස්සෙ ...උදේ පාන්දරම ගේට් එක ලග ඩියුටි ...එක පාරටම  මට එහා පැත්තෙ හිටපු මගෙ අපාය සහයකයො දෙන්නා කෑගහන්න පටන් ගත්තම මම උඩ බිම බැලුවා..

එතකොට තමා  ලගට ඇවිත් හිට ගත්ත කෙනාව මම   දැක්කේ..

' සුදු අයියගෙ වෙන්ඩ වාහේ!!  ' සතියකට උඩදි දැකපු මනුස්සයා ආයෙමත් එක පාරටම ඇස් ඉස්සරහට ඒකත් අල්ලපු වැටේ යුනිෆෝම් එක ඇදගෙන එනකොට ඇත්තටම මම  පුදුම උනා ..

නුවර වලව්වක කියපු කොල්ලෙක් මෙහෙම ස්කෝලේ අස්සෙ ඉන්නවා දකිද්දි කාටද පුදුම නොහිතෙන්නේ..

මේ ඔක්කොමත් අස්සෙ මම බලන් උන්නෙ මග්සෙ  ඉස්සරහට වෙලා කිසි හැගීමක් නැති මූණක් හදාගෙන බෑග් එක දික් කරන් ඉන්න කොල්ලා දිහා..

"ශිෂ්‍ය වාර්තා පොත කෝ "

" .........."

මම උගෙ   බෑග් එකේ සිප් එක වහලා කොලර් එකෙන් කර ඇතුලට අත දැම්මේ චේන් දාලා ද බලන්න උනත් කොල්ලා බය වෙලා ඇස් දෙකත් ලොකු කරන් පස්සට පැන්නා ...

" අතවර කරන්නෙ නෑ..චේන් දාලද බැලුවෙ "

ඒ වචන ගානකට වත් නොගෙන වහපු බෑග් එකත් අරගෙන කොල්ලා යන්න හැදුවා..

" හෙට එනකොට චේන් එක ගලවලා එනවා..අද දවස ඇතුලත ලයිබ්‍රි එකෙන් ශිෂ්‍ය වාර්තා පොත ගන්නවා..අන්තිම පිටුවෙ තියෙනවා විනය නීති කියවලා හොදට ඔලුවට දා ගන්නවා..."

හාත් නැතුව හ්ම්ත් නැතුව මට සීතල බැල්මක් විතරක් දීලා කොල්ලා යන්න ගියා...

"ඒ මොකද්ද බන් ඒ උනේ " මෙච්චර වෙලාම පිස්සු නට නටා උන්න   යේශ්  කටත් ඇරගෙන ඉදලා ඇහුවාම මම  ඇයි අහන්න වගේ ඒ දිහාවට බැල්ලමක් දුන්නා ..

"ඇයි පගෝ !!ඌ අල්ලපු වැටේ ..ඌ මොන එහෙකටද අපේ ස්කොලේ ශිෂ්‍ය වාර්තා පොතක් ගන්නෙ "

ඇත්තනේ..යේශ් ප්‍රශ්නේ සාධාරණයි . යේශ් ගෙ පුදුමෙත් සාධාරණයි .. අපේ ස්කෝල වල සාමාන්‍යයෙන් උසස් පෙල විභාගයට මාස තුනක් තියෙනකොට මාසෙ මාසෙ  බෙදාගෙන ස්කෝල දෙකේ ලමයින්ට ගුරුවරු රිවිශන් කරනවා..තවත් පැහැදිලි කරොත් මාසයක් සතියට දවස් කීපයක් අල්ලපු වැටේ ලමයි මේ වැටට එනවා..ඊට පස්සෙ මාසයක් මේ වැටෙව් ලමයි අල්ලපු වැටට ගිහින් ඒ ගුරුවරුන්ගෙ රිවිශන් වලට ඒ ලමයි එක්ක සහ භාගී වෙනවා...ඉතින් එහෙම එන ළමයින්ව එහෙම ලොකූවට ගේට්ටුවෙන් එනකොට චෙක් කරන්නෙ නෑ ..බෑග් එක විතරයි යුනීෆෝම් වල අදාලත්වයක් එයාලට නැති නිසා චෙක් කරන්නෙ නෑ ..ඒත් ඉතින් අද සිද්ද වෙච්ච අනපේක්ශිත සිදු වීම නිසා මට  ඒකත් අමතක වෙලා .. 'වෙන්ඩ මස්සිනාව' එක පාරටම දැක්කම කවුද ඉතින් පුදුම නොවෙන්නෙ ..අර කලින් කිව්වත් වගේ නුවර එකෙක් මේ වෙරලබඩේ ..

" මෑන් හොද බර අත්තක් ලු බන් "
මගෙන් උත්තරයක් නැති තැන යේශ්  රහේන්  එක්ක කතාවට වැටුනෙ..හිච්චා කාලෙ ඉදන්ම උන් දෙන්නා මගෙ ගති පැවතුම් ගැන හොදට දන්න නිසා..

"සිරාම ද බන් ...අනික ඇත්තටමද බන් ඌ වලව් කාරයෙක් කියන්නෙ "

"නැතුව නැතුව !! "

" උබ කොහොමද හරියටම එහෙම කියන්නෙ "

" මටත් කිව්වෙ අනෝලි ...යකො ඌ ස්කෝලෙට ඇවිත් තියෙන්නෙත් සතියකට එකහමාරකට කලින් ..ක්ලාස්  ගියපු එක සතියම ඇති අපේ බාලිකා පාසලේ ගෑනු දැරවියොන්ට උගෙ පරම්පරා හතක විස්තර හොයා ගන්න ...උන් පිස්සු වැටිලා ඉන්නෙ තනිකර"

" බාලිකාවෙ ගෑණු දැරවියොද නැත්තන් උබෙ අනෝලිද දන්නේ නෑ පිස්සු වැටිලා ඉන්නෙ "

"අනෙ මෙ නිකන් හිටු ..මගෙ දෝණිට අනම් මනන් නොකියා "

"ඊයා යකෝ දෝණි ...උඹ එතකොට සුදා අප්පච්චි ද "

මම බෑග් චෙක් කරන කන් අරුන් දෙන්නා වෙන්ඩ වාහෙ ගැන කියවනවා..

ඒ ඉන්නෙ මගෙ   හොදමයාලුවො දෙන්නා. සෙට් උනේ ප්‍රයිමරියෙදි ...එක්කෙනෙක් රහේන් ඩි සිල්වා..උගෙ කෙල්ල ඉන්නෙ බාලිකාවෙ ..අනොලි ..

අනික් එකා අයාල් යේශ්මිත් පෙරේරා  ඌ නම් කලින් එක බ්‍රේකප් වෙලා දැන් සින්ගල් ..ආදරේ මිරිගුවක් කියලා වටහා ගෙන ..අපිට බණ දෙසනවා ඉතින් අනේ මන්දා .

හතහාමාරට බෙල් එක ගහනවත් එක්කම මේන් ගේට් එක වහාලා දැම්මේ පරක්කු වෙලා එන එකා දෙන්නාව පොඩි ගේට් එකෙන් ඇතුලට අරගෙන පෝලිමට හිටවනකොට ...

"මචං අපි එහෙනම් යනවා "

ප්‍රේ කරන්න   පටන් ගන්න කලින් උන්  දෙන්නත්  මට කියාගෙනම පන්තියට ගියෙ මගෙ වැඩ තාම ඉවර නැති නිසා...

"ආයේ පරක්කු වෙලා එන්න බෑ හරී"

මම  කට්ටියගෙම ශිෂ්‍ය වාර්තා පොත් ටිකත් එකතු කරගෙන අවවාදෙකුත් දීලා පන්තියට ආවේ පලවෙනි පිරියඩ් එක පටන් අරන් විනාඩි දහයකටත් පස්සේ ...

"එස්කියුස් මී සර් "

බෝඩ් එක දිහාවට හැරිලා පරිවර්තනයක් කර කර හිටපු කෙමෙස්ට්‍රි සර්ට එස්කියුස් කරලා මන් මගේ  පුටුවට ගිහින් ඉද ගත්තා...

" බලන්න දරුවො පීරියඩ් එක පටන් අරන් බාගෙකුත් ඉවරයි ...නායක කම් ගත්තා වගේ නෙවේ පාඩම් වැඩ මගාඇර ගන්නෙ නැතුව ඕවා කර ගන්න ඕනා "

නිශාන්ත සර් පුරුදු විදියටම පටන් ගන්නකොට මම  පොත ගත්තා...සර් හැමදාම එකම දේ කියවනවා .

හැමදාම වගේ පීරියඩ් හතරක් හැල්මේ ගෙවිලා ගියා ඔලුව උසන්නවත් වෙලාවක් නැතුවම ..

"යමන් බන් දැන් වත් කන්න "

යේශ් ඇගමැලි කඩන ගමන් පුටුවෙන් නැගිට්ටා..

"උබලා කෑම ගෙනාවද බල්ලනේ...මන් කැන්ටිමෙන් "

"යමන් එහෙනම් ..මාත් කැන්ටිමෙන් "

රහේන් ඇවිත් යේශ් ගෙ කරට අත දාගෙන කිව්වා..

" මන් මෙ ටික දීලා එන්නම් "
මම  කිව්වෙ දොලහා දහතුන පරක්කු වෙලා අපූ අයගෙ රෙකෝඩ් බුක් ටික පෙන්නලා..

" යමන් ඔහොම්ම දීගෙන යන් " යේශ්  කියනකොට රහේන්  බැලුවෙ අමුතුවට ..

" මොකද "

පන්තියෙන් එලියට යන ගමන් යේශ්  ඇහුවෙ එයාටත්  රහේන්ගෙ බැල්ම තේරිලා වගේ ..

" උඹ මේ ලග දි ඉදලා 12 ක්ලාස් පැත්තෙ කැරකෙනවා වැඩී ආ..."

"උබට පිස්සු "

ඇහි බැමත් රැලි කරන් කියවන රෙහේන්ගෙ  ඔලුවට එකක් අතෑරලා ඌ නෙවේ වගේ එන්න ආවා...

13 වාණිජ අංශය

"කෝ යකෝ බිත්තරේ "

" හිමින් කාපන් හුත්තෝ "

"අඩො අඩො තඩියා බාගයක් දීපන් යකෝ "

එතන එකම කාල ගෝට්ටියයි ...කාගෙ හරි බත් එකක් ලිහාගෙන ..කනවට වඩා හලනවයි කෑ ගහනවයි ...

මම පන්තිය වටේම ඇස් යැව්වෙ උදේ පරක්කු වෙලා ආපු එකාව හොයාගෙන උනත් එයාගෙ ඇස් අල්ල ගත්තෙ පැත්තකට වෙලා පෑනකුත් කටේ ගහගෙන බර කල්පනාවක ඉන්න' සුදු අයියගෙ' වෙන්ඩ වාහෙව...

" ඔමරු ..."

මම  පන්තිය අස්සට ගිහින් හයියෙන් නම කතා කරේ අරූව  හොයා ගන්න බැරි හින්දා ...

" මේ ඉන්නෝ.."

ඉදුල් අතක් උස්සගෙන අර බත් එකක් ලිහාගෙන පොර කාපු කොල්ලො රංචුව අස් සෙන් මතු උනේ මම මෙච්චර වෙලාම හොයපු එකා..

"ම්ම් "

ඒක දීලා එනවත් එක්කම ඇහුනෙ පිටි පස්සෙ එන යේශ් ගෙ කටහඩ

" ආ නිළමේ බැහැරක් වගෙ "

"කට වහන් හිටපන් බන් "

ශ්‍රී ගනන් වත් ගන්නෙ නැතුව මාවත්  පහු කරගෙන යනකොට රහේන්   අරූට කටවහන් හිටපන් කියලා කෙදිරුවා ..

"උගෙ හෙන ලොකුව නේ බන් " ශ්‍රි යන දිහා බලාගෙන රහේන්  කිව්වා...

"අපෙ අයියගෙ "

මෙච්චර වෙලාම කට පියාගෙන උන්න මගෙ එලොවටත් නැති මෙලොවටත් නැති වචන දෙකෙන් උන් දෙන්නගෙම අවදානය එයා  දිහාවට ඇදිලා ගියා..

"මොකද්ද " කාටත් කලින් රහේන්  ගෙ පුදුමය මිශ්‍ර කටහඩ ඉස්සර උනත් ම ගෙ ඇස් තිබ්බේ තාමත් තිබුනේ ඈත මැකිලා යන ශ්‍රී ගෙ දිහාවට ..

"අපෙ අයියට ප්‍රපෝස් කරලා තියෙන්නෙ ශ්‍රී ව "

මම  හුස්මක් වත් නොගෙන වචන ටික එක දිගට කියෝගෙන ගියේ රහේන්ගෙ වගේම යේශ්ගෙත් හුස්ම හිර කරලා කියලා මට උන්ගෙ මූණු දිහා බැලුවම තේරුනා .

"අඩෝ අම්මා පා කියපන් " ඒ රහේන් 

" ම්ම් "

" ඈ බන් එහෙම වෙලත් ද ඌ උබේ මූණවත් බලන්නෙ නැත්තෙ " යේශුත් අහන්නෙ පුදුමෙන් ...

" මොනා උනත් මස්සිනා පොඩ්ඩ අමාරු කාරයෙක් වගේ " රහේන් කියන්නෙ යේශ් ගෙ කරටත් අතක් දාගෙන ...

රෝල්ස් කීපෙකුනුත් කිරි පැකට් තුනකිනුත් බඩ පුරව ගත්ත අපි තුන් දෙනා ආයෙමත් ගියේ පන්තියට .

" මේ බන් " ‍රහේන් ලොකු කතාවකට මුල පුරන්න හදනවා

" කියපන් " කවදත් වුවමනාවට විතරක් වචන පිට කරන මම   මුණිවත රකිනකොට රහේන්ට  උල්පන්දන් දුන්නෙ යේශ්

" උඹලා දෙන්නා අද හවස ක්ලාස් එකට යනවා නේ "

"ඕ...ඉතින් "

" මේ ...අද මන් බැලුවෙ නොයා ඉන්න ..."

"කෙකර ගාන්නෙ නැතුව කෙලින් කියපන් "

" නෑ බන් අද අනෝලිගෙ උපන්දිනෙ ...බැලුවෙ පොඩ්ඩක් එයාව එක්කන් එලියට යන්න කියලා "

" හා හා ගිහින් වරෙන් නොයා බෑ නේ එහෙනම් "

" අද ලෙසන් එක මට ගොඩ දාලා දීපල්ලා ඈ..."
උන් දෙන්නගෙ සංවාදෙට කන් දීගෙනම මම මගෙ පුටුවෙන් වාඩි උනා  ..ඒ ඉද ගත්ත ඉදගැනිල්ල පීරියඩ් හතරක් තිස්සෙ පුටුව රත් කරලා තමයි අපි තුන්  තුන් දෙනාට නැගිටින්න උනේ...

ස්කෝලේ ඇරෙන්න විනාඩි ගානක් තියලා ක්ලාස් එකෙ හිටපු  සුභාසිරි සර්ටත් එස්කියුස් කරලා මම  එලියට ගියේ නොහොක්කාඩු වෙන් පිරුන සුභාසිරි සර් ගේ මූණ නොදැක්ක ගානට ...

" එහෙනම් කොල්ලො අපි ගියා .. නෑනා පොඩ්ඩට විශ් කරා කියපන් "

ස්කෝලෙ ගේට්ටුව ලගදි අපි  දෙකට බෙදුනා.

තුනට පටන් ගත්ත ජීව විද්‍යා පන්තිය පැය හතරක් තිස්සෙ ඇදිලා ගියේ විනාඩි විස්සක පොඩි ඉන්ටවල් එකකුත් එක්ක ...

"හරි ලමයි අදට මෙච්චරයි  ...මේ ටික හොදට බලා ගන්න එහෙනම් .."

"බලපන්කො බන් ඒ වචන ටිකෙ ලස්සන " යේශ් කිව්වෙ ඈනුමකුත් අරින ගමන්

" ම්ම් "

" කෙල්ලෙක් ඇවිත් i love you කිව්වටත් වඩා සතුටක් මට දැනෙනවා යකෝ ..."

අපි දෙන්නත් එක්ක කියව කියව ක්ලාස් එකෙන් එලියට යන්න ගියා.. දෙන්නත් එක්ක කිව්වට ඇත්තටම කියෙව්වෙ යේශ්  විතරයි මම කරේ එයාගෙ ඌ  කියන හැම එකටම හූ මිටි තිබ්බ එක..

.
.
.
.
.
.

කොහොමත ලමයි නේ ..

මොකත හිතෙන්නෙ ..

මන් ලියන කතාවලට ඔයාලගෙ මොලේ අවුල් වෙනවත ලමෛ . නිකන් රට පැටලිලා වගේ එකක් වෙනද 👉👈

මේ අහන්නකො මට පස්නයක් තියෙනවා .පහත ප්‍රශ්නයට පිලිතුරු සපයා ' ඒක දිග කතවක් ' එකේ ඊලග චැපිය දිනා ගන්න 😌

මට කියන්න කතාව අද චැප්ටර් එක මන් ලියලා තියෙන්නෙ 3rd pov එකෙන් නේ ..එහෙම ද හොද නැත්තන් කලින් චැපිය ලියලා තියෙන්නෙ අයේෂ්‍ය ගෙ pov එකෙන් නේ එහෙම ද හොද කියලා ...??

මේක මොන වගේ කතාවක් වෙයි කියලත ඔවාලා හිතන්නෙ ...😁

මේක බෝනස් චැප්පක් හරිත (මාමා නෙවේ 😅)  .. මේ කතාව දාන්නෙ අගහරුවාදා බදාදා විතරයි  .. හ්ඹැයි ඉතින් ඔයාලගෙ කල්කිරියාව අනුව ඒක වෙනස් වෙන්නත් පුලුවන් 😌

ආතරෙයි ...😌🖤

Continue Reading

You'll Also Like

127K 16.4K 116
ආදරේ කියන දෙය වචනෙන්ම කියන්න ඕන නෑ නේ ? -ආරධ්‍ය ශෙහාන්- ඒත් ආදරේ දැනෙන්න දෙන්න පුල...
31.9K 4.2K 69
කිරුළ නොපලන් රජෙකුගෙ කතාව
95.4K 15K 86
පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක්
40.6K 6K 27
ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි... පින්‍තුරේ වගේ ඔබ හිනහෙනකොට මට ලෝබයි...