"ඔයා අපිව නැති කරා..."
ඒ පිරිමි ලමයා ආපු ආවේගයට අතට අහුවෙන හැම දේම වේගයෙන් පොලවේ ගහලා ලඟ තිබුනු මේසේ ගැට්ට අල්ලගෙන බිම වැටිලා ඉන්න මිනිහා දිහා ටික වෙලාවක් බලන් හිටියා.
"හරි.ඔයාට මම කියපු දේ තේරෙන්නේ නැතුව ඇතිනේ.කමක් නෑ,අම්මා වගේ මමත් ඔයාගෙන් ඈත් උනොත් මේ ඔක්කොම ප්‍රශ්න හරියයි.. අදින් පස්සේ මම කැමති නෑ ඔයා මගේ තාත්තා කියලා පිලිගන්න....තව දෙයක්..!මේක හොඳට මතක තියා ගන්න.ඔයාට බිරිඳකුත් නෑ ඒ වගේම පුතෙකුත් නෑ!!"
ගෙදර දොර ගාවට ගිහින් ආයිත් හැරිලා බීමත්ව හිටපු මිනිහා දිහා බලපු ඒ පිරිමි ලමයා,
"කවුරු හරි මායි අම්මයි ගැන ඇහුවොත් කියන්න අපි ඔහේව දාලා ගියා කියලා නෙමේ,ඔහේ අපිව නැති කරගත්තා කියලා...!ඔහේගේ ඔය විලාසිතාවට ගැලපෙන්නේ හුදකලා ජීවිතයක්ම තමයි.."
එහෙම කියපු පිරිමි ලමයා දොර හයියෙන් වහගෙන එලියට ගියා.
.....................................................................
"ඊසුල්.................ඊසුල්.."
ඒ විශාල hospital එකේ පැත්තක උඩට යන්න තියෙන lift එක ලඟ හිටගෙන හිටපු ඊසුල්ට කවුරු හරි කෙනෙක් කතා කරපු නිසා ඊසුල් පිටි පස්ස බැලුවා.
"හ්‍යොන්ග්....."
ඊසුල් තමන්ට කතා කරපු කෙනාව දැක්කම හුඟක් පුදුම උනා.
"මං ඉතින් ඔයා මෙතන ඉන්න එක ගැන නම් පුදුම වෙන්නෙ නෑ"
ඊසුල් ලඟට ආපු හ්‍යොන්ග් වෝ එහෙම කිව්වම ඊසුල් බිම බලාගෙන හිනා උනා.
"ඒ දවස් වලින් පස්සේ අද වෙනකන් මම හ්‍යොන්ග් ව දැක්කේ නැහැනේ..."
"ඔව් ඒක ඇත්ත...කොහොමද දැන්?වැඩ කරගෙන යනවද?"
"අහ්හ්...ඒවා නම් හොඳින් කරගෙන යනවා....ඒත් මම දැන් වැඩ කරන්නේ Army එකට..."
"මොකක්?එතකොට ඔයා......ඔයා මෙතන...?"
"මං ආවේ මගේ යාලුවෙක්ව බලන්න...එයා වැඩ කරන්නේ මේ hospital එකේ"
"ඕහ්..අපි දෙන්නටම තියෙන්නේ එකම අරමුණ..ඒත් පොඩ්ඩක් වෙනස්....."
ඊසුල් වෝට ප්‍රශ්නාර්ථ බැල්මක් දැම්මම වෝ හිනා වෙලා,
"අද මගේ යාලුවෙක් accident උණා.ඉතින් මං ඒක දැනගත්තු ගමන් මේ ආවේ එයාව බලන්න."
"ආහ්.....එහෙමද?"
"හ්ම්......"
දෙන්නා අතර විනාඩි ගානක නිහඬතාවයක් රැඳුනේ හුඟ කාලෙකට පස්සේ මුනගැහුනම දෙන්නගෙන් එක්කෙනෙක්ටවත් කතා කරන්න දෙයක් ඔලුවට එන්නේ නැති නිසා.අන්තිමට ඊසුල් ඒ නිහඬතාවය බිඳලා දැම්මේ,
"හ්‍යොන්ග් ආයිත් යන්නේ කවදද?"
"මං තව ටික දවසක් මෙහෙ ඉඳලා යන්න හිතන් ඉන්නේ..මං පුදුම උනා ඔයා එහෙ ඉගෙන ගෙන මෙහෙ army doctor කෙනෙක් උනා කිව්වම.ඒත් ඒකත් හරි වටින දෙයක්."
"ඔව්...අනිත් එක, එක දිගට වැඩ කරලා පොඩි නිවාඩුවක් ලැබුනම ඉන්න හරි අමාරුයි...හරිම අමුතුයි"
ඊසුල් එහෙම කිව්වම වෝ ඔලුව වනන ගමන් හිනා උනා.ඒත් එක්කම ඊසුල් වෝගේ පිටි පස්සෙන් ඉන්න කෙනෙක්ට අත වැනුවා.
"බබී......."
ඊසුල් ඔලුවට අත ගහ ගත්තේ වෝට පිටි පස්සෙන් හිටපු ඊසුල්ගේ යාලුවා ඊසුල්ට ඒ නමින් කතා කරපු නිසා.
"ඔහ්....මේ ඔයාගේ යාලුවා ඇවිත්...එහෙනම් මම යන්නම්...පස්සේ හමුවෙමු..බබී....."
වෝ හිනා වෙලා එහෙම කියන ගමන් ඊසුල්ට salute එකක් දීලා එතනින් ගියා.
"ඔයාට ඇත්තටම වෙන කෙනෙක් ඉස්සරහා මට මගේ නමින් කතා කරන්න බැරි ඇයි?"
ඊසුල් එහෙම කිව්වම ඊසුල්ගේ යාලුවා මූන හුරතල් විදිහට හදාගෙන ඊසුල්ගේ අතේ එල්ලෙන ගමන්,
"හරි හරී....හිතන්න ඒක පොඩි mistake එකක් කියලා....ආ ඒක නෙමේ.....ඔයාගේ phone එක ඕෆ්ද?වොන් මට කෝල් කරා..."
"Phone එකේ battery නෑ...මං එයාට කෝල් එකක් ගන්නම්...අනිත් එක ඔයා මොනවද පල්ලෙහාට වෙලා කරන්නේ?"
"මං පොඩ්ඩක් එලියට ගියා...දැන් ඔයත් ඉන්න එකේ අපි පොඩ්ඩක් එලියට ගිහින් කාලා එමු"
ඊසුල්ගේ යාලුවා ඊසුල්ව අතින් ඇදගෙන එලියට ගියා.
In library
"ඕයි ජංකුකා....උබ ඊයේ හරියට නිදා ගත්තේ නැද්ද?"
Library එකේ කොනක තිබුනු මේසේ ඉඳගෙන හිටියේ ජංකුක්,ටේහ්‍යොන්ග්,හුවාන්,කන්ග් දේ සහ පොතට අවධානය දීල හිටපු හනා යන පස් දෙනා.එතනට ආපූ වෙලේ ඉඳන් නිදි කිරන ජංකුක්ව දැක්ක කන්ග් දේ ජංකුක්ගෙන් එහෙම ඇහුවම ජංකුක් හිමීට ඇස් ඇරලා,
"ඇයි දැන් උබ එහෙම අහන්නේ?උබට තේරෙන්නේ නැද්ද මේක හෙන කම්මැලි වැඩක් කියලා?අනිත් එක කට්ටිය වැඩිය කතා කරන්නෙත් නෑ..."
ජංකුක් එහෙම කියන ගමන් හිමීට හනා දිහා බැලුවා.
"උබට තේරෙන්නේ නැද්ද ගොනෝ පිරිමි පාර්ශ්ව හතරක් එක්ක ගැහැනු පාර්ශවයක් හිටියම ඒ ගැහැනු පාර්ශවයට දැනෙන feeling එක?"
හුවාන් ජංකුක්ගේ ඔලුවට ගහලා එහෙම කියනකොට ඒ දිහා බලලා හිනා උන ටේහ්‍යොන්ග්,
"හරි හරි.....අපි මේ වෙලාවේ team එකක් විදිහට වැඩ කරමුකෝ...හනා පොතෙන් විස්තර හොයා ගනියි..අපි මේක internet එකෙන් හොයමු."
කට්ටිය වැඩේට බැහැලා හිටියත් ජංකුක් නම් හිටියේ මුලු ජීවිතේම එපා වෙලා වගේ.ජංකුක්ගේ focus එක ගන්න හුවාන් හැම වෙලේම ජංකුක්ගේ ඔලුවට හොඳ පාරක් දුන්නා.ජංකුක් හුවාන්ටත් ඔරව ඔරව හිටියේ මේක ඉවර වෙලා ගෙදර යනකන්.
"අහ් මේ........"
මෙච්චර වෙලා නිහඬව හිටපු හනා කතා කරාම lap එක දිහා බලාගෙන හිටපු කොල්ලෝ ටික එකපාරට හනා දිහා බැලුවා.
"මං මේකෙන් හොයා ගත්තේ 2010 ඉඳන් 2018 වෙනකන් විතරයි.අපි මුලින්ම මේ ටික සාරාංශ කරලා හදලා ඉමු..ඊටපස්සේ ඉතුරු අවුරුදු පහේ විස්තර ටික හෙමීට හොයා ගමු..හරිද?"
අන්තිමට හනා එහෙම ඇහුවේ ටේහ්‍යොන්ග්,ජංකුක්,හුවාන්,කන්ග් දේ ඔක්කොම බය වෙලා වගේ බලන් හිටපු නිසා.ජංකුක් ඇරෙන්න අනිත් තුන් දෙනා ඔලුව වැනුවම,
"හරි එහෙනම්...අපි වැඩ පටන් ගමු..මට ඔයාලගෙ උදව් ඕනේ.."
"ආ....ඔයා මං හිතපු තරම් නරක නෑනේ..."
කන්ග් දේ එහෙම කියද්දී හුවාන් ඔරවලා බැලුවම හුවාන් දිහා බලපු දේ ජන්ග්,
"නෑ...නෑ..හනා කොහොමත් නරක නෑ තමයි..අපි අපේ උපරිමයෙන්ම හනාට උදව් කරන්නම්..."
"හ්ම්...හොඳයි...එහෙනම් අපි මේ විස්තර ගොඩක් දිග නිසා ටිකක් කෙටි කරලා ඉමු.මං ඒක කරන්නම්. ඔයාල එතකන් 2018 ඉඳන් මේ අවුරුද්ද වෙනකන් තියෙන විස්තර ටික හොයන්න"
හනා එහෙම කියද්දී ඔක්කොම ඔලුව වැනුවත් ජංකුක් එපා වෙලා වගේ ඔහේ බලාගෙන හිටියා.ඒ වගේම ටේහ්‍යොන්ග් මේ ඔක්කොම note කරන් හිටියේ කාටවත් දැනෙන්නේ නැති විදිහට.
"හනා...ඔයාට පුලුවන් නම් අපි මේ විදිහට හැම සතියෙම දවස් දෙකක් දාගෙන මේ වැඩේ ඉවර කරමුද?"
ටේහ්‍යොන්ග් එහෙම ඇහුවම හනා ටේහ්‍යොන්ග් දිහා බලන් ඔලුව වනලා,
"මට පුලුවන් අදයි,අඟහරුවාදයි තමයි."
"ආ ඒනම් අපිටත් පුලුවන් ඒ දවස් දෙකේ මෙහෙට එන්න..නේද?"
කන්ග් දේ එහෙම කියලා හුවාන් දිහා බැලුවම හුවාන් ඒක අනුමත කරන්න ඔලුව වැනුවා.පැය ගානක් library එකේ ඉඳගෙන project එකට මහන්සි උන "හතරදෙනා"(ජංකුක් ඇරෙන්න)අන්තිමට ගෙදර යන්න ලෑස්ති උනා.හනාට ටිකක් ඉඳලා යන්න කියලා කන්ග් දේ කිව්වත්, හනා එයාට අමතර පන්තියක් තියෙනවා කියලා එතනින් ගියා.
"රෑ වෙලා බන්...එලියට ගිහින් මොනවා හරි කාලම යමු"
හුවාන් එහෙම කිව්වම කන්ග් දේ,ටේහ්‍යොන්ග්,
ජංකුක් තුන්දෙනාම මේසෙන් නැගිට්ටා.හුවාන් කන්ග් දේ මුලින් ගිය නිසා ඒකෙන් වාසිය ගත්ත ටේහ්‍යොන්ග් ජංකුක් යන්න හදද්දී ජංකුක්ගේ වැලමිටෙන් අල්ල ගත්තා.ජංකුක් එකපාරට ටේහ්‍යොන්ග් දිහා බැලුවේ ඇයි කියලා අහනවා වගේ.
"ජංකුක්....ඔයා ඇයි අද එහෙම හිටියේ?ඔයාට මොකක් හරි ප්‍රශ්නයක්ද?"
ටේහ්‍යොන්ග් ජංකුක් දිහා බලන් එහෙම ඇහුවම අහිංසක හිනාවක් දාපු ජංකුක්,
"අහ්......ටේහ්‍යොන්ග්....මට ප්‍රශ්නයක් තියෙනවනම් මං අද ඔයාලා එක්ක මෙතනට එන්නේ නෑ.අනිත් එක මං අවුලෙන් නම් ඉන්නේ තනියම.මට අද කම්මැලියි....ඒකයි...."
"එහෙමද?ඒත් මොකක් හරි හිතේ තියෙනවනම් හුවාන්ට හරි කියන්න.හිතේ තියන් තනියම ඉන්න එපා.තව දෙයක්,ඔය තරම් කම්මැලි වෙන්නත් එපා.අපි මෙච්චර මහන්සි වෙලා වැඩ කරන්නෙ වෙන කාටවත් නෙමේ අපිටනේ.."
"හරි හරි බොස්...මට තේරුනා...ඒත් ඔය මොනවා කිව්වත් මගේ කම්මැලිකම නම් යවන්න බෑ.ඔයාගෙ අවවාද ඉවර නම් අපි යමුද?"
ජංකුක් එහෙම කියලා එලියට යන පැත්ත පෙන්නුවම ටේහ්‍යොන්ග් පොඩි හිනාවක් දාල ජංකුක් එක්ක එතනින් එලියට ගියා.
......................................................
"අම්මේ.....මට බඩගිනියි...."
ජංකුක් කෑගහලා එහෙම කියන ගමන් ගේ ඇතුලට ආවා.
"අම්මේ............අම්මේ........."
නාරිගෙන් සද්දයක් නැති නිසා ජංකුක් kitchen එකට ගියේ නාරි kitchen එකේවත් ඉන්නවද කියලා බලන්න.ඒත් එහෙත් කවුරුත් හිටපු නැති නිසා හිතට පොඩි බයක් ආවත් ඒක වැඩිය හිතට ගන්නේ නැතුව ජංකුක් living room එකට ආවා.
"තාත්තේ.....අම්මේ......ඔයාලා කොහෙද?"
මුලු ගේම හෙව්වත් කවුරුත් හිටියේ නැති නිසා ජංකුක් දැන්නම් පොඩ්ඩක් බය උනා.මොකද මේ අවුරුදු ගානටම ජංකුක් එලියට ගිහින් එද්දී තාත්තා හිටියේ නැති උනත් අම්මා නම් අනිවාරෙන් ගෙදර ඉන්න නිසා.අනිත් එක එයාලා කොහේ හරි ගියත් ජංකුක්ව දැනුවත් නොකර යන්නෙත් නෑ.ජංකුක් අම්මට කෝල් කරත් phone එක ඕෆ් කියලා දැනගත්තම ජංකුක් හොඳටම බය උනා.
"අ...අම්මේ...ඔ..ඔයා.....ක්...කොහෙද?"
ජංකුක් හෙමීට එහෙම කියද්දී ජංකුක්ගේ කටහඬ පවා වෙව්ලුවා...ඒ වගේම ජංකුක්ට කවදාවත් ඇවිත් නැති හරි භයානක feeling එකක් ආවා....ජංකුක් කොච්චර බය උනාද කියනව නම් ජංකුක් නොදැනිම ජංකුක්ව පොලව උඩට ඇදගෙන වැටුනා,මුලු ඇඟම වෙව්ලුවා.ජංකුක් පවා දැනගෙන හිටියේ නෑ ජංකුක්ට මෙහෙම වෙන්නේ ඇයි කියලා.
"ජංකුක්!!!!!"
දොර ඇරගෙන ඇතුලට ආපූ නාරි ජංකුක් බිම වැටිලා ඉන්නවා දැක්කම දුවගෙන ගිහින් ජංකුක් ගාවින් ඉඳගත්තා.නාරිව දැක්ක ජංකුක් නාරිව තදින් බදා ගත්තා.නාරිට හිතා ගන්න බැරි උනා ඇයි ජංකුක් මේ විදිහට ඉන්නේ කියලා.ඒ වගේම ජංකුක්ගේ ඇස් දෙකෙන් කඳුලු හෝ ගාලා වැටුනා.
"අම්මේ....මගේ අම්මේ.....අනේ අම්මේ මාව තනියම දාලා යන්න එපා අම්මේ.....මට බයයි අම්මේ....මට අම්මව නැති කර ගන්න බෑ අම්මේ....මගෙන් වැරැද්දක් උනා නම් සමාවෙන්න අම්මේ...."
"ජ.....ජංකුක්.....මොකද මේ?..අම්..ම්මා ඉන්නවා ඔයා ගාව...මගේ පැටියා ගාව මම හැමදාම ඉන්නවා...අනේ දැන් අඬන්න එපා මගේ රත්තරං....මගේ ජංකුක්ව දාලා මම කොහෙවත් යන්නේ නෑ....."
නාරි ජංකුක්ගේ කඳුලු පිහදාලා ජංකුක්ව ආයිත් බදාගෙන ජංකුක්ගේ ඔලුව අත ගෑවා.ජංකුක් තාමත් ඉකි ගගහා අඬනවා.
"හ්ම්ම්ම්.....මගේ අම්මට...මගේ අම්මට ම්..මම හ්..හැමදාම අ...ආදරෙයි....අම්මා ම්..මාව දාලා යන්නේ...න්...නෑ නේද?"
"අනේ ජංකුක්....ඔහොම කියන්න එපා පුතේ..මං කොහොමද මගේ පණ දාලා යන්නේ.....කෝ දැන් නැගිටින්න...මෙහෙ එන්න...මෙතනින් ඉඳගන්නකෝ හොඳ පැටියා වගේ.."
නාරි ජංකුක්ව couch එකෙක් ඉන්දලා ජංකුක්ගේ කඳුලු පිහ දැම්මා.
"දැන් අඬන්න එපා....මං ඉන්නවා....අඬන්න එපා...අම්මා යන්නේ නෑ"
ජංකුක් නාරිගේ අත අල්ලන් ඔලුව වැනුවා.නාරි ටික වෙලාවක් ජංකුක් ගාවින් ඉඳන් ජංකුක්ගේ ඔලුව තමන්ගේ උරහිස උඩින් තියාගෙන ඔලුව අතගෑවා.
ජංකුක්ට ඉක්මනට නින්ද ගිහින් කියලා දැනගත්තු නාරි ජංකුක්ව couch එකෙන් නිදි කරවලා ජංකුගේ කාමරෙන් blanket එක අරන් ඇවිත් ජංකුක්ට ඒක පෙරෙව්වා.
"මගේ ජංකුක්ව දාලා මම කොහෙවත් යන්නේ නෑ"
ජංකුක් දිහා බලන් හිටපු නාරි එහෙම කියලා ජංකුක්ගේ නලලෙන් පොඩි හාදුවක් තියලා එතනින් ගියා.
............................................................................
Hello,
මේක ටිකක් පරක්කු උනා නේද?sorry හොඳේ.....ඉක්මනට updates දෙන්නම්.කතාව ලස්සනයි නේද?...ලස්සන නම් දිගටම කතාව එක්ක ඉන්න..ටේහ්‍යොන්ග් මොන වගේද ජංකුක් මොන වගේද කියලා දැන් ඔයාලා දන්නවා ඇතිනේ..ඉස්සරහට තව දැනගන්න ලැබෙයි....ඔයාලට තේරුනේ නැති උනාට මෙතන පොඩි හැංගිච්ච දෙයක් තියනවා,ඒක නම් තේරෙන්න හුඟක් කල් යයි.එහෙනම් ඊලඟ chapter එකෙන් මුනගැහෙමු.good bye👋...