𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴�...

By VinzVinzz

3.1K 469 27

සදාකාලික අවසානයක් දැකිය නොහැකි ආත්මීය බැඳීමකි. "අසම්මතය තුළ මා හිර වෙද්දී ලෝකය ඉදිරියේ වින්ද දුක මා තරම් දන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Chapter 8

141 23 0
By VinzVinzz

"උබ ඇයි මට එන්න කිව්වේ..ඊව්....ඊයෙන් පස්සේ උබට මාව බලන්න බැරුව ඉන්න බෑනේ.?"

"එහෙම හිතමුකෝ.මේ ඒක නෙමේ....අපි අද පොඩි ගමනක් යමු."

"ඒ කොහෙද?දේ ජන්ග්,උබ මට පචේ දාන්න එපා.උබ කවදාවත් මට යන තැන් නොකියා යන්නේ නෑ"

ටේහ්‍යොන්ග් දේ ජන්ග් ගේ ඇස් දිහා බලන් එහෙම කිව්වේ බොරුවක්ද කියන්නේ කියලා දැනගන්න.

"මෙච්චර අවුරුදු ගානක් උබ මාව ආශ්‍රය කරලා දැන් කියනවා මං බොරු කරනවා කියලා.කට වහගෙන වරෙන් මාත් එක්ක."

ටේහ්‍යොන්ග්ට දේ ජන්ගේ එකපාරට වෙනස් උන හේතුව හිතා ගන්න බැරි උනා.ටේහ්‍යොන්ග් දේ ජන්ග් දෙන්නම ලඟ park එකට ගියා.Bench එකක ඉඳන් හිටපු දෙන්නගෙන් එක්කෙනෙක් අනිත් කෙනා කරන්න යන දේ හිත හිත ඉද්දී අනිත් එක්කෙනා කවුරු හරි එනකන් මග බලන් හිටියා.

"ආ.....හරි....ඔය එන්නේ මගේ එවුන් ටික"

දේ ජන්ග් park එකේ entrance එක දිහා බලන් එහෙම කියද්දී ටේහ්‍යොන්ග් දේ ජන්ග් බලන් ඉන්න පැත්ත බැලුවම දැක්කේ හුවාන්ගේ කරට අත දාගෙන මූනේ හිනාවක් පුරවන් එන ජංකුක්වයි, කනට headphones දාගෙන phone එක ඔබ ඔබ එන කන්ග් දේවයි,ඈත ඉඳන අත වන වන එන හුවාන්වයි.

"උබ........උබ මට මේකටද එන්න කිව්වේ?"

දැක්ක දෙයින් පුදුම උන ටේහ්‍යොන්ග් දේ ජන්ග් දිහා බලලා එහෙම ඇහුවා.

"ඔව් ඉතිම් වෙන මොනවට හරි නම් උබට මම කියනවනේ...උබ අද උන් එක්ක ටිකක් fit උනා කිව්වම මට හිතුනා අද එකට set වෙන්න."

"අඩෝ දේ ජන්ග්....උබ නම්...."

"ටේහ්‍යොන්ග්......ඔයා මෙහෙ?ඒහ් දේ ජන්ග්,උබ ටේහ්‍යොන්ග්ව දන්නවද?"

හුවාන් පුදුම වෙලා එහෙම අහද්දී එපා වෙලා වගේ ඔලුව දෙපැත්තට වනපු දේ ජන්ග්,

"ඒ ඇයි බන් ඔහොම දන්නවද කියල අහන්නේ?දන්නේ නැත්‍තන් මාත් එක්ක මූ මේ park එකට එන්නේ නෑනේ...නිකන් ගොන් කතා අහන්න එපා."

"හරි හරි....අපි දන්නවා උබ දේ ජන්ග් කියලා...ඒක නෙමේ, උබ දන්නවද..?ටේහ්‍යොන්ග් ඉන්නෙ අපේ ස්කෝලේ,මගේ desk එක එහා පැත්තේ"

ජංකුක් එහෙම කියද්දී ටේහ්‍යොන්ග් බිම බලන් හිනා උනා.

"ජංකුකා......ටේහ්‍යොන්ග් ව මම දන්නේ කොයි කල් ඉඳලද කියලා උබලා දන්නවද?.උබ හිතන්නේ මම ඔය කිසි දෙයක් දන්නේ නෑ කියලද?"

"ඔව් ඔව්....මෙයා හිනා උන විදිහෙන් ඒක තේරෙනවා"

ජංකුක් ටේහ්‍යොන්ග්ට bombastic side eyes දාන ගමන් එහෙම කිව්වා.

"ඉතින් ඇයි ඔයාලා තාම හිටගෙන ඉන්නේ?ඇවිත් වාඩි වෙන්න...අපි වාඩි වෙලා කතා කරමු"

ටේහ්‍යොන්ග් එහෙම කියද්දී හුවාන් ජංකුක් වාඩි උනත් තාමත් phone එකේ සිහියෙන් ඉන්න කන්ග් දේව දැක්ක ජංකුක් නැගිටලා ගිහින් කන්ග් දේ දාගෙන හිටපු headphones ගලවලා දැම්මා.

"ඕයි......ooppss!මෙයා මොකද මෙහෙ?ටේහ්‍යොන්ග්...මේ ඔයා නේද?ඔයා ටේහ්‍යොන්ග් නේද?"

ජංකුක් Headphones ගලවපු නිසා මුලින්ම කන්ග් දේ ජංකුක්ට බනින්න ගියත් ටේහ්‍යොන්ග්ව දැක්ක නිසා මූන වෙනස් කරගත්ත කන්ග් දේ ටේහ්‍යොන්ගේ මූනට ලං වෙලා එහෙම ඇහුවා.

"අහ්......කන්ග් දේ......උබට කියලා දෙන්න ඕනෙ නෑනේ....එයාව අපහසුතාවයට පත් කරන්න එපා"

ජංකුක් කන්ග් දේව ටේහ්‍යොන්ග් ගාවින් අයින් කරන ගමන් එහෙම කිව්වේ ටේහ්‍යොන්ග්ට පොඩි හිනාවක් දාලා.

"හරි ඉතින්....මම එහෙම කරන්න හිතාගෙන නෙමේ එහෙම ඇහුවේ...ඒත් මේක වෙන්න බැරි දෙයක් නිසා එහෙම ඇහුවේ....ඒක වැරදිද ටේහ්‍යොන්ග්?"

"නෑ නෑ....ඒක වැරදි නෑ....ඒක හරි.."

එකපාරට ඇඟිල්ල දික් කරලා කන්ග් දේ ටේහ්‍යොන්ගෙන් එහෙම ඇහුවම ටේහ්‍යොන්ග් කන්ග් දේව අනුමත කරනවා වගේ ඔලුව වනන ගමන් එහෙම කිව්වා.

"හරි....දේ ජන්ග් නිසා අපි දැන් ටේහ්‍යොන්ග් අඳුරනවා....ආහ්..උබලා මෙතන හිටපන්...මම ගිහින් කන්න මොනවා හරි අරගෙන එන්නම්"

හුවාන් එහෙම කියලා එතනින් ගියා.

"දේ ජන්ග්....උබ අපේ ස්කෝලෙන් ගියාට පස්සේ අපිට උබව හම්බවෙන්නත් බැරි උනා.ඉතින් එහෙම එකේ අද ඔක්කොම set උනාම මාර සතුටක් දැනෙන්නේ"

"ජංකුකා....මට පුලුවන්කමක් තියෙනවා නම් මම අනිවා yongsan වල ඉන්නවා.ඒත් උබ දන්නවනේ මම arts වලට මැරෙන්න හරි ලෑස්තියි...මට මගේ වැඩ yongsan වල ඉඳන් කරන්න බෑනේ"

"ඒ දේ ජන්ග්....මම තව මාස තුනකින් වගේ පොඩි වැඩක් පටන් ගන්න කියලා හිතන් හිටියේ.උබ ඕක කියපු නිසාම තමා මට ඒක මතක් උනේ.."

ටේහ්‍යොන්ග් මූනෙ හිනාවක් දාගෙන එහෙම කියනකොට දේ ජන්ග් ටේහ්‍යොන්ග් දිහා බලලා,

"මොකද්ද දැන් උබේ වැඩේ..?"

"වැඩේ මොකද්ද කියලා මං පස්සේ කියන්නම්කෝ උබට...ඒකෙන් උබට yongsan එන්න chance එකකුත් සෙට් වෙනවා"

"සිරාවටම?අඩෝ හෙට අනිද්දම පටන් ගන්න බැරිද ඕක"

"මේ අහපන්....උබ මේක අපේ තාත්තට එහෙම කියන්න එපා...අපේ අයියා තව මාස තුනකින් මෙහෙට එනවා."

"එච්චර ඉක්මනට අයියා රට ගියාද?ආයිත් එන්නේ ඇයි?"

"නෑ බන්....ලොකු අයියා නෙමේ එන්නේ,පොඩි අයියා මට කිව්වා එයා එනවා කියලා.මම ඕක තාත්තට කියන්න ගියේ නැත්තේ තාත්‍තා කේස් අදින නිසා"

"ජීහුන් අයියා?අඩෝ මම සිරා කියන්නේ,අයියව දැක්කේ නෑ අවුරුදු බර ගානකින්...අයියා මොනාද කරන්නේ බන්?"

"අයියා එහෙ පොඩි job එකක් කරනවා කියලා මට කිව්වා. අනිත් එක එයා ගැන මුකුත් තාත්තට කියන්න එපා කියලත් කිව්වා."

"සිරාවට?තාත්තා දැනගන්න එකක් නෑ...මං ජීහුන් අයියට පන උනත් දෙන්න ලෑස්තියි."

"එච්චර ආදරයක්...ඊව්..ඊව්.."

ජංකුක් දේ ජන්ග්ට එහෙම කිව්වේ අමුතු බැල්මක් දාන ගමන්.ජංකුක්ගේ ඒ බැල්ම දැක්ක ටේහ්‍යොන්ග් කට වහගෙන හිනා උනත් දේ ජන්ග් ඒක දැක්කා.

"ඇයි බන් උබලා මෙහෙම.මට අයියා කෙනෙක් නැති නිසා මං සහෝදර ප්‍රේමයෙන් එහෙම කිව්වම,උබලට තියෙන්නේ කැත හිත්.."

"ඕයි...........අරූ තාම ආවෙ නෑනේ...මොකද්ද ඌ මෙච්චර වෙලා කරන්නේ?"

මෙච්චර වෙලා phone එකේ හිටියත් මීයා වගේ ඔක්කොම ගැන සිහියෙන් හිටපු කන්ග් දේ එහෙම කිව්වම ජංකුක් එකපාරට නැගිටලා,

"හිටපන්....මං බලලා එන්නම්.."

ජංකුක් එහෙම කියලා හුවාන් ගිය පැත්‍තට ගියේ හුවාන් මොකද කරන්නේ බලන්න.හුඟ වෙලාවක් ගියත් ජංකුක් තාම ආවේ නැති නිසා ඉඳගෙන හිටපු කට්ටිය පොඩ්ඩක් බය උනා.

"අඩෝ උන් ගියා වගේ නෙමේ තාම ආවෙ නෑනේ..."

දේ ජන්ග් එහෙම කිව්වේ හුවාන් ජංකුක් ගිය පැත්ත බලාගෙන.

"ඒ මං බලලා එන්නද මොකද වෙලා තියෙන්නේ කියලා?"

"දැන් උබ ගිහින් උබත් එන්නේ නැතුව හිටියොත් අපි මොකද කරන්නේ.."

"හරි උබ බය වෙන්න එපා.මං බලන්නම්කෝ මෙච්චර පරක්කු ඇයි කියලා.."

"ටුකා....එතන මොකක් හරි අවුලක් නම් මට call එකක් දීපන්...."

"හරි හරී....."

ටේහ්‍යොන්ග් යන ගමන් දේ ජන්ග්ට අත වනලා එහෙම කිව්වා.ටේහ්‍යොන්ග් park එකෙන් පිට තිබ්බ පාරට ආවම ටේහ්‍යොන්ගේ ඇස් ඉස්සරහා වෙන දේ දැකලා ටේහ්‍යොන්ග් ඉන්නේ කොහෙද කියලා පවා අමතක උනා.

"ජංකුක්!!!!!wtf....හුවාන්....!"

ටේහ්‍යොන්ග් ටික ටික වේගෙ වැඩි කරන ගමන් ඒ පැත්තට දිව්වේ හුවාන් ජංකුක් දෙන්නා තව කොල්ලො ටිකක් එක්ක ලේ පෙරාගෙන ගහගන්න නිසා.

"ඒයි....නවත්තනවා!!!මොනාද මේ කරන්නේ....ජංකුක්....නවත්තනවා....ඕයි හුවාන්.."

ටේහ්‍යොන්ග්ට තනියම ගහගන්න දෙන්නව නවත්තන්න බැරි නිසා ටේහ්‍යොන්ග් දේ ජන්ග්ට call කරා.

"හ්....හෙලෝ...අඩෝ ඉක්මන්ට වරෙන්...මුන් මෙතන මරා ගන්නවා.....වරෙන් ඉක්මනට"

ටේහ්‍යොන්ග් එසැනින් call එක කට් කරලා ආයිත් උතසහා කරේ ජංකුක්වයි හුවාන්වයි නවත්තන්න.

"ඒයි..... මේක නවත්තනවා....දැන් ඇති...."

"මාව අතඇරපාන්.....මූව මට මරන්න දීපන්.....වරෙන් බූරුවෝ....උබ කොහොමද මගේ එකාට අතක් තියන්නේ...ආ?"

ටේහ්‍යොන්ග් තද කරලා ජංකුක්ව අල්ලන් හිටියම යන්න දඟලපු ජංකුක් හයියෙන් කෑ ගහලා එහෙම කිව්වා.ඒත් එක්කම කන්ග් දේ,දේ ජන්ග් එතනට දුවගෙන ආවා.

"ජංකුකා.....හුවාන්...මොකද මේ වෙලා තියෙන්නේ?
උබලට පිස්සුද..?නවත්තපන් මේක...ඕයි...."

දේ ජන්ග් එගෙම කිය කිය වලිය නවත්තන්න හදද්දී කන්ග් දේ හුවාන්ව control කරලා පැත්තකට අරන් ගියා.

"ජංකුක්....දැන් ඇති.....මෙහෙ එනවා...මැරෙන්නද ඕනේ?ජංකුක්!!"

ටේහ්‍යොන්ග් ජංකුක්ව අල්ලගෙන කෑ ගහලා එහෙම කියද්දී ජංකුක් ටේහ්‍යොන්ග් කියපු එක කනකට ගත්තේ නෑ.

"මුන් මොනාද කරේ කියලා උබලා දැක්කේ නෑනේ...මාව අතඇරපන්...මූට පාඩමක් කියලා දීලා
මිසක් මං මෙතනින් එක අඩියක් හොල්ලන්නේ නෑ.."

"දැන් ඇති බන් පාඩම් ඉගැන්නුවා....උබට ඕනේ මූට තව ගහන්නද....?මෙහෙ වරෙන්...."

දේ ජන්ග් ටේහ්‍යොන්ගේ උදව්වත් ඇතුව ජංකුක්ව එහාට ගත්තා.ඉක්මනට අනිත් කොල්ලො ගාවට ගිය දේ ජන්ග්,

"හරි හරි....ඔයාලා දැන් මේක නවත්තන්න..දැන් ඇති...ඔයාල දැන් යන්න."

දේ ජන්ග් එහෙම කිව්වම ඒ කොල්ලොන්ගෙන් එක කොල්ලෙක් දේ ජන්ග්ට ගහන්න ගියත් එතන හිටපු තව කොල්ලෙක් ඌව නවත්තලා ඌවත් අරන් එතනින් ගියා.දේ ජන්ග් ඉක්මනට හුවාන් ජංකුක් ගාවට දුවගෙන ගියා.

"උබලට මොකද උනේ එකපාරට?පිස්සුද මේ එක එකා එක්ක බොරුවට මරා ගන්න?"

දේ ජන්ග් හුවාන්ට එහෙම කියන ගමන් හුවාන්ගේ මූනේ තියෙන ලේ ටික පිහ දැම්මා.

"නෑ බන්.......මං උබලට කෑම අරන් එද්දී උන්ගෙන් එකෙක් ඕනකමින් මගේ ඇඟේ හැප්පුනා...උන් හිතන්න ඇත්තේ මන් හෙන ගොන් චරිතයක් කියලා..කෑම බිම වැටිච්ච එකට මට තරහා ගියා..මං තරහා පිරිමහගත්තේ ඌට දෙකක් ඇනලා."

"උබලනම් මොක්කුද බන්?කෑම හැලුනානම් උන්ට බැනලා නිකන් ඉන්න තිබ්බා...මොකටද ගහ ගන්න ගියේ...උබලා දැන් කොහොමද ඔහොම ගෙදර යන්නේ...ජංකුකා...උබ ඇයි මූව නවත්තන්නේ නැතුව උබත් වලියට සෙට් උනේ...?"

දේ ජන්ග් ජංකුක් දිහා බලලා තරහෙන් එහෙම ඇහුවම ටේහ්‍යොන්ගේ උදව්වෙන් නැගිට්ට ජංකුක්,

"උබලට පුලුවන්ද උබලගේ එකෙක්ට ගහද්දී ඉවසන්න......?ශිට්...උබලා මැද්දට පැන්නනේ...මූට උන් ගහපු විදිහ දැක්කනම් උබලා ඉවසන්නේ නෑ"

"හරි හරි ගහපු විදිහ වැඩක් නෑ.....අනිත් එක උන් ඔයාලගේ එහෙම ලොකු තරහකාරයෝ නෙමෙයිනේ..අපි දන්නේ නෑනේ උන් මොක්කුද කියලා"

ටේහ්‍යොන්ග් එහෙම කියද්දී ජංකුක් ටේහ්‍යොන්ග්ට එරෙව්වා.

"ඔයා කවදාවත් මෙහෙම ගහගෙන නැද්ද?අඩුම තරමේ වලියක් දැකලවත් නැද්ද?"

ජංකුක් ටේහ්‍යොන්ග්ට එහෙම කියලා එතනින් ගියේ කකුල ඇද ඇද.

"මූට මොනවා හරි කිව්වම පොර ටෝක්ස් දාන්න තමා දන්නේ..."

දේ ජන්ග් ජංකුක් යන දිහා බලන් ඉඳලා එහෙම කිව්වම ටේහ්‍යොන්ග් හිනා වෙලා,

"ජංකුක් තරහෙන් ඉන්න නිසා වෙන්න ඇති එහෙම කියන්න ඇත්තේ...මං බෙහෙත් අරන් එන්නම්.මං එනකන් ඇතුලේ ඉන්න..."

ටේහ්‍යොන්ග් එහෙම කියලා park එක ලඟ තිබුනු pharmacy එකට ගියා.දේ ජන්ග්, කන්ග් දේ, හුවාන් park එක ඇතුලට ගිහින් ටේහ්‍යොන්ග් බෙහෙත් අරන් එනකන් බලාගෙන හිටියා.ටේහ්‍යොන්ග් බෙහෙත් අරන් ඇවිත් ජංකුක්ටයි හුවාන්ටයි දුන්නේ,

"ආයිත් නම් මෙහෙම රන්ඩු වෙන්න යන්න එපා..ඔයාලගේ මූනූ දැක්කම ගෙදර අය මොනවා කියයිද?දැන් ඉතිම් කතාවක් හදාගෙන යන්න ගෙදර ගිහින් කියන්න"

"මුන් ඕවා ගානට shape කරනවා...ආ ටුකා....උබ දැන් මුන් එක්ක fit නේ...ඒ නිසා ඔයා මෙයා කියලා කතා කරන්න ඕනේ නෑ..."

"නෑ නෑ.......තාම මට එහෙම කතා කරන්න හිතුනේ නෑ....හිතුන වෙලාවක එහෙම කතා කරන්නම්"

"මේ ටේහ්‍යොන්ග්....උබ අපේ project ගැන පොඩ්ඩක් හිතුවේ නැද්ද?"

කන්ග් දේ එහෙම අහනකොට ටේහ්‍යොන්ග් ඔලුව කැසුවේ එහෙම එකක් තියෙනවද කියලා මතක් කර කර.

"ආහ්.....ජූන් සර් දීපු project එක.ඒක ගැන නම් තාම හිතුවේ නෑ....අපි මේ වගේම දවසක් අරගෙන ඒ ගැන කතා කරමු...."

"කොහෙද?.....park එකේ පුලුවන්ද ඕවා කතා කරන්න?"

ජංකුක් ටේහ්‍යොන්ග් දිහා බලලා එහෙම අහනකොට මූන serious කරගත්‍ත ටේහ්‍යොන්ග්,

"මං දන්න library එකක් තියෙනවා.අපි ඒකට යමු.
එතන හරි නිදහස්.."

"හ්ම්.....ඔයා දවසක් කියන්න එහෙනම්....ආහ්හ්...මට ගෙදර යන්න හිතෙන්නේ නෑ අප්පා......"

ජංකුක් මූන අල්ලගෙන නහයෙන් අඬන ගමන් එහෙම කිව්වා....එකපාරට ඉඳගෙන හිටපු තැනින් නැගිට්ට හුවාන්,

"Fuck......අඩෝ...තාත්තා call කරනවා"

හුවාන් එහෙම කිව්වම උඩ ගිය ජංකුක් එකපාරට හුවාන් දිහා බැලුවේ අසරණ බැල්මකින්.

"ශ්ශ්ශ්ශ්......හ්..හෙලෝ තාත්තේ....කියන්න....."

ඔක්කොම කට ඇරන් බලන් හිටියේ වෙන්නෙ මොනවද කියලා බලාගෙන.

"ඕහ්....එහෙමද?මම දැන්ම එන්න ඕනෙද....?න්..නෑ..මම දැන් යාලුවෝ එක්ක එලියට ආවා..හරි තාත්තේ මම රෑ වෙලා එන්නම්.."

"ඇයි මොකෝ සීන් එක?"

හුවාන් phone එක කට් කරපු ගමන් කන්ග් දේ එහෙම ඇහුවා.

"තාත්තට පොඩි වැඩකට එලියට යන්න වෙනවලු...දැන්ම එනවද කියලා ඇහුවා...දැන් යන්න බෑනේ...මං ජංකුකාගෙ ගෙදර ඉඳලා තාත්තා ආවම යනවා..."

"හහ්...කවුද කිව්වේ උබට මගේ ගෙදර එන්න කියලා..වෙන කොහෙ හරි පලයන්...ආ....අම්මා....මූ නම් ඇත්‍තමයි...."

ජංකුක් එහෙම කිය කිය ඉද්දී හුවාන් එක පාරට ජංකුක්ගේ පිට මැද්දට හොඳ පාරක් දුන්නම ජංකුක් පිට අල්ලන් කෑ ගැහුවා.

"අපි තව ටිකක් මෙහෙ ඉඳලා යමු..."

ටේහ්‍යොන්ග් හිනා වෙන ගමන් එහෙම කියලා bench එකෙන් වාඩි උනා...

park එක ඇතුලේ හිටපු පොඩි කොල්ලෝ ටික,වෙලාවක හිනා වෙවී තවත් වෙලාවක රන්ඩු වෙවී ඒ පොඩි කාලය ගත කලා.

...................................................................

පැරණි තාලයට හදලා තිබුනු ඒ විශාල ගෙදර මැද බඩු සී සීකඩ විසිරිලා තිබුනා.ඒ වගේම බිම වැටිලා හිටපු වයසින් වැඩි පුද්ගලයෙකුත් හිටගෙන හිටපු තරුණ පිරිමි ලමයෙකුත් පාලු ගේ මැද දකින්නට ලැබුනා.

"තාත්තේ......මොකක්ද තාත්තේ මේ විකාරේ...?ඔයා අම්මා ගිය දවසේ ඉඳන් මෙහෙමයි...ඔයා මෙහෙම හැසිරුනාම මට තියෙන තත්වේ මොකක්ද කියන්නකෝ.."

ප්‍රියමනාප මූනක් තියෙන, කඩවසම් පිරිමි ලමයා හොඳටම මත් වෙලා බිම වැටිලා හිටපු වයසින් වැඩි පුද්ගලයා දිහා බලන් එහෙම කිව්වා.

"පුත්..තේ....ඔය්..යා....ම්..මන් කියන්..න....දේ....."

"ඇති.......මට ඔයා කියන දේ තවත් අහන්න ඕනේ නෑ..ඔයාගේ මේ වැඩ නිසා තමා ඔක්කොම ප්‍රශ්න ඇති උනේ.....අම්මා අපිව දාලා ගියෙත් ඔයා නිසා..
බීලා වැටිලා හිටියම ඒ ප්‍රශ්න ආයෙත් විසඳන්න බෑ..
තාත්තේ....ඇයි මෙහෙම කරේ?ඔයාට මායි අම්මයි ගැන දුක නැද්ද...?ආ?අපරාදේ,මටත් අම්මත් එක්කම යන්න තිබ්බා....ඔයා ගාව ඉන්නේ නැතුව අම්මා ගාව හිටියනම් මට හැම රෑකම අඬන්න වෙන්නේ නෑ...මිනිස්සුන්ගෙන් කතා අහගන්න වෙන්නෙත් නෑ...ඔයා අපිව නැති කරා........"

පිරිමි ලමයා ඒක කෑ ගහලා කියලා අතට අහුවෙන හැම දේම පොලවේ දමලා ගැහුවා.වැටිලා හිටපු පුද්ගලයා කරේ මේ සේරම අවසිහියෙන් බලන් හිටපු එක විතරයි.

....................................................................................

Hellow,

ඔන්න chapter එක දුන්නා....මේකෙ නම් තියෙන්නේ සිද්ධි දෙකයි....ඒකෙත් දෙවෙනි එක පොඩියි...මම ඔක්කොම balance කරලා ලියන්න බලන්නම්.නැත්තන් එකම දේ දිගටම තිබ්බම ඔයාලට කියවන්න එපා වෙනවනේ...මේ, මගේ කතාව ලස්සනයි නේද?මුකුත් වැරදි නෑ නේද?මම හිතනවා එහෙම වෙන්න ඇති කියලා...අනේ වැරැද්දක් තියෙනවනම් කියන්න.....මම ඒක හදන්නම්...එහෙනම්,ඊළඟ chapter එකෙන් මුනගැහෙමු...good bye..👋..

Continue Reading

You'll Also Like

2.7K 478 12
1932 වර්ශයේදී අැඩොල්ෆ් හිට්ලර් ජර්මන් චාන්ස්ලර්වරයා ලෙස පත්වූ අවධියේ ඔහු යටතේ සේවය කල කපිතාන් කිම් වුඩ්රෝ ටේහියුන්ග් සහ යුදෙව් ජාතික ජියොන්...
2M 111K 96
Daksh singh chauhan - the crowned prince and future king of Jodhpur is a multi billionaire and the CEO of Ratore group. He is highly honored and resp...
2.7M 156K 49
"You all must have heard that a ray of light is definitely visible in the darkness which takes us towards light. But what if instead of light the dev...
1.2M 66.2K 59
𝐒𝐜𝐞𝐧𝐭 𝐨𝐟 𝐋𝐨𝐯𝐞〢𝐁𝐲 𝐥𝐨𝐯𝐞 𝐭𝐡𝐞 𝐬𝐞𝐫𝐢𝐞𝐬 〈𝐛𝐨𝐨𝐤 1〉 𝑶𝒑𝒑𝒐𝒔𝒊𝒕𝒆𝒔 𝒂𝒓𝒆 𝒇𝒂𝒕𝒆𝒅 𝒕𝒐 𝒂𝒕𝒕𝒓𝒂𝒄𝒕 ✰|| 𝑺𝒕𝒆𝒍𝒍𝒂 𝑴�...