𝚈𝙾𝚄𝙽𝙶 𝙻𝙾𝚅𝙴 |.𝚃𝙰𝙴�...

By VinzVinzz

3.6K 534 36

සදාකාලික අවසානයක් දැකිය නොහැකි ආත්මීය බැඳීමකි. "අසම්මතය තුළ මා හිර වෙද්දී ලෝකය ඉදිරියේ වින්ද දුක මා තරම් දන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21

Chapter 7

164 24 3
By VinzVinzz

ස්කෝලේ ඉවර වෙන්න සීනුව වැදුනම ටේහ්‍යොන්ග් ඉක්මනට එයාගේ බෑග් එකට පොත් ටික දා ගත්තා.ලමයි ටික ඔක්කොම පන්තියෙන් එලියට යනකන් හිටපු ටේහ්‍යොන්ග්, phone එක අරන් වෙලාව බැලුවම ටිකක් කලබල උනා.

"ඕහ්..මම ඉක්මනට යන්න ඕනේ."

ටේහ්‍යොන්ග් බෑග් එකත් අරන් ඉක්මන් අඩි තිය තිය පන්තියෙන් එලියට ආවා.

"අයියේ........මම මෙහේ.."

ස්කෝලෙන් එලියට යන්න හදද්දිම කවුරුහරි එහෙම කෑ ගහපු නිසා ටේහ්‍යොන්ග් හැරිලා බැලුවම දැක්ක දෙයින් පුදුම උනා!

"ඊ ජන්ග්...අපි අද කෙලින්ම football match එකට යන්නෙ නැතුව පොඩි ගමනක් ගිහින් එමුද?"

ස්කෝලෙ ගේට්ටුව ගාව ඊ ජන්ග් එක්ක කතා කර කර හිටපු දේ ජන්ග්ව දැක්ක ටේහ්‍යොන්ග්,

"දේ ජන්ග්..!!උබ මෙහෙ....?

ටේහ්‍යොන්ග් එහෙම කිව්වම දේ ජන්ග් හැරිලා බැලුවේ හුරුපුරුදු කටහඬක් නිසා.

"ඕහ්.....ටුකා....උබ මෙහෙ මොනාද කරන්නේ?"

"උබට ඔක්කොම කියන්න තමා අද ස්කෝලෙන් පස්සේ set වෙමු කිව්වේ.."

"අයියේ.....ඔයාව මම කාලෙකින් දැක්කෙත් නෑ...මම දන්නවනම් ඔයා මේ ස්කෝලේ කියලා, අනිවා මම එනවා ඔයාව බලන්න"

ටේහ්‍යොන්ග්ව දැකපු ඊ ජන්ග් එහෙම කියලා දුවගෙන ඇවිත් ටේහ්‍යොන්ග්ව බදා ගත්තා.

"නෑ පොඩ්ඩෝ...මම මෙහෙට ඇවිත් තාම ටික දවසයි....දැන් ඔයා දැනගත්තනේ මම මෙහෙ ඉන්නෙ කියලා.."

ටේහ්‍යොන්ග්, ඊ ජන්ගේ ඔලුව අතගාන ගමන් එහෙම කිව්වා.

"ඕයි ටුකා....මම එදා උබව හම්බවෙන්න ඕනෙ කිව්වම උබ ආවෙ නෑ..අඩුම තරමේ උබ එන්න බෑ කියලා මට reply එකක්වත් දුන්නේ නෑ"

"ආර්හ්හ්....මම උබට ඔක්කොම කියන්නම්....ඒවා මෙතන හිටගෙන කියනවට වඩා හොඳ නැද්ද සුපිරි coffee එකක් බොන ගමන් කිව්වොත්?"

"හොඳයි තමා..එත් බන්,මේකා...."

"හරි..ඒවට කලබල වෙන්න ඕනේ නෑ.මට ඕනි නෑ ඔය යාලු මිත්‍රකම් බිඳලා දාන්න...මටත් feelings තේරෙනවා...ඔයාල දෙන්නා යන මගුලක යන්න..මම යනවා ගෙදර."

දේ ජන්ග් කියන්න හදපු දේ තේරුම් ගත්ත ඊ ජන්ග්,එහෙම කියලා ගියේ ටේහ්‍යොන්ගේ පිටට පොඩි තට්ටුවක් දාන ගමන්.

"පුදුමයි...."

දේ ජන්ග් එහෙම කියලා හිනා වෙලා ටේහ්‍යොන්ගේ කරට අතක් දාගෙන ගියේ moonlight cafe එකට.

Moonlight cafe

"සිරාවටම මම දන්නෙ නෑ බන් උබ yongsan ආවා කියලා...."

"ඔව් ඉතිම්,මට ඒක උබට කියන්න විදිහක් තිබ්බෙ නෑනේ.."

ටේහ්‍යොන්ග් දේ ජන්ග් දෙන්නම Cafe එකේ කොනේම වාඩි වෙලා හිටියේ එතනින් නිදහස්ම ඒ තැන නිසා.

"ටුකා..මම උබෙන් අහන්නමයි හිටියේ.උබට මම එදා call කරාම answer කරේ නෑ.උබ දන්නවනේ මම උබට call කරන්නේ කොහෙ හරි set වෙන්න තමා කියලා.ඉතින් මං හිතුවේ උබ මට උත්තරයක් දුන්නේ නැති උනාට මාව හම්බවෙන්න හරි එයි කියලා..ඒත් උබ එදා ආවේ නෑ...මට එදා අවුල් ගියේ වෙන මුකුත් නිසා නෙමේ..උබට මොකක් හරි කරදරයක් වෙලාද කියලා හිතුන නිසා....."

"ආහ්...නෑ බන්.උබ call කරේ අපෙ අයියා ආපු දවසේ.එදා මම උබව හම්බවෙන්න කියලා තමා හිතුවේ,ඒත් අපි එදා ගෙදර එන්න රෑ උනා.රෑට එන්න බෑනේ බන්..අනිත් එක රෑට එන්න උබයි මායි love birds ලා නෙමේනේ.."

"එහෙනම් උබ මට message එකක් හරි දාන්න තිබ්බා..නැත්තන් මම අර විදිහට ගොනෙක් වගේ උබ එනකන් බලන් ඉන්නේ නෑනේ.."

"හරි හරී..හැමෝටම අමතක වෙනවනේ..එදා මට ටිකක් මහන්සි නිසා නිදාගත්තා...ආ ඒක නෙමේ...උබ ගොනෙක් වගේ නෙමේ උබ ගොනෙක් තමා.."

ටේහ්‍යොන්ග් එහෙම කියද්දී දේ ජන්ග් ඇහැ කොනෙන් එරෙව්වා.

"උබ දන්නවද මම ඇයි yongsan ආවේ කියලා?"

ටේහ්‍යොන්ග් එහෙම ඇහුවම දේ ජන්ග් ඔලුව දෙපැත්තට වැනුවා.

"ඔව් උබ දන්නේ නෑනේ...දන්නවද?හේජුන් දැනගත්තා මම ඌගෙ තාත්තගේ ලේකම්ගේ පුතා මම කියලා.මම හැමදාම හේජුන් එක්ක වලි දාගත්ත නිසා ඌට මාව පේන්න බෑ. අපේ තාත්තා කරපු වැඩේ නිසා ඌට තවත් මාව පේන්න බැරි උනා.උබයි මායි අර art exhibition එක බලන්න ගිය දවසේ තමා උගෙයි මගෙයි ස්කෝලෙදි සීන් එකක් ගියේ..."

"මම හිතුවා ඕකට උබයි ඌයි සීන් එකක් අදියි කියලා...උබගේ තාත්තගේ boss හේජුන්ගේ තාත්තා කියලා මම අදනේ දන්නේ?"

"ඔව් ඔව් බන්...අපේ තාත්තා ඒ මගුලට හෙනට මහන්සි උනා.ඇත්ත,ඒක මං පිලිගන්නවා..ඒත් මං හිතුවේ නෑ බන් තාත්තා කරපු වැඩෙන් අරූගේ position එක නැති වෙයි කියලා.හේජුන්ගේ කරුමෙට තමයි ස්කෝලේ වෙලාවේ ඌට ඒ news එක දැනගන්න ලැබුනේ..මූ ඒක දැනගත්‍ත ගමන් ආවෙ මන් ලඟට..."

Back to taehyung's old school scene

"ඒයි ටේහ්‍යොන්ග්...."

පොත් ටිකකුත් අරගෙන කොරිඩෝව දිගේ යන ගමන් හිටපු ටේහ්‍යොන්ග් හැරිලා බැලුවේ කවුරු හරි කතා කරනවා ඇහුන නිසා.

"තමුසෙට ලොකු වැඩක් නෑ කියලා මං හිතනවා..."

කොරිඩෝවේ කෙළවර හිටපු හේජුන් ටේහ්‍යොන්ග් දිහා බලාගෙන කෑගහුවම ජනේලේ ගැට්ට උඩින් පොත් ටික තියලා හේජුන් ගාවට ආපු ටේහ්‍යොන්ග් හේජුන් දිහා තියුණු බැල්මක් දාලා,

"ඔහේට මොකක්ද මට කියන්න තියෙන ඔච්චර හදිස්සි දේ....?"

"හදිස්සි දේ..?උබ බය නැතුව මගෙන් එහෙම අහනවත් එක්ක...හහ්.....උබ දන්නේ නැද්ද අර අපතයා මගේ තාත්තට කරපු දේ...ආ..?දන්නේ නැද්ද?"

හුඟක් තරහා ගිහින් හිටපු හේජුන්ගේ කටහඬත් , අත් දෙකත් වෙවුලනවා දැක්ක ටේහ්‍යොන්ග් කට කොනින් හිනා උනා.

"උබ බබා?එතකොට උබ මෙතනට ආවේ ඒක නොදැන?හහ්..මොනා උනත් ඔය උබ කියන "අපතයා" කරලා තියෙන දේට නම් මම ඇත්තටම ගරු කරනවා"

"උබ........"

හේජුන් එහෙම කියම ගමන් ටේහ්‍යොන්ග්ට ගහන්න අත ඉස්සුවම ඉක්මන් උන ටේහ්‍යොන්ග් හේජුන් ගේ අත තද කරලා ඇල්ලුවේ හේජුන්ට අත හොල්ලන්නවත් බැරි විදිහට.

"තමුසේ කෙනෙක්ට අත උස්සන්න ඉස්සෙල්ලා අත උස්සන්නේ හරි දේකටද වැරදි දේකටද කියලා හිතලා අත උස්සනවා.අනිත් එක මම කැමති නෑ බූරු තක්කඩියන්ගෙන් බොරුවට ගුටි කන්න.මං එහෙම ලේසියෙන් ගුටි කන්නෙත් නෑ."

දත් මිටි කාගෙන එහෙම කියපු ටේහ්‍යොන්ග් හේජුන්ගේ අත හයියෙන් ගසලා දැම්මා.

"හහ්.....මේ අහපන්...උබගේ තාත්තා කරපු දේට උබත් වග කියන්න ඕනේ...කතාවක් තියෙනවනේ නයත් එකයි නයාගේ පැටියත් එකයි කියලා."

"ඒක මට නෙමේ ගැලපෙන්නේ ඔහේට..ඔහේගේ තාත්තා කරපු දේට ඔහොම වෙලා මදි..මං වගේ නම් ඔයිට වඩා දෙයක් කරලා..."

"උබ එන්න එන්න ඕනවට වැඩියි....උබ ඔහොම කතා කරනකොට මට හිතෙන්නෙම උබේ කටට වෙඩි තියන්න...ස්ස්...ආහ්....ඒක හොඳ වැඩියි වගේ...එහෙනම් මම උබේ කට දෙපැත්තේ කපලා ඒ අමු තුවාල වලට ලුණු දාන්නම්...."

"උබ හිතුවද උබට එහෙම කරන්න පුලුවන් කියලා?උබට තප්පරයක්වත් මගේ කට අල්ලන් ඉන්න පුලුවන් වෙයිද?අඩුම ගානේ මිලි තප්පරයක්වත්?හ්හ්..මම හිතන්නේ නෑ...උබගේ තාත්තට උන දේට වඩා දෙයක් අනාගතේ උබටත් වෙනවා..මොන විදිහකින් හරි...අනිත් එක උබ මෙතනට සිංහයා කියල හිතාගෙන ඇවිත් මට කෑගැහුවම ඕක ආයෙ හරියයිද?....හේජුන්....උබගෙ තාත්තගේ ඔය කේස් එක විතරක් එලියට දැම්මට...තව කේස් දහයක් පහලවක් විතර තියෙනවා එලියට දාන්න...ඒ නිසා උබයි උබේ තාත්තයි ඉස්සර වෙන්න කලින් පොඩ්ඩක් හිතලා බලපන්..නැත්‍තන් හොට බිම ඇනුනා කියලා කෑ ගගහා වටේ දුවන්න වෙන්නේ උබටයි උබේ තාත්තටයි තමා...හහ් මට මැවිලා පේන්වා උබේ මූ.............."

ටේහ්‍යොන්ග් හිනා වෙවී එහෙම කියද්දී හේජුන් ටේහ්‍යොන්ග්ට තව වචනයක් වත් කියන්න නොදී ටේහ්‍යොන්ගේ මූනට අත මිටි මොලවලා තදින් පාරක් ගැහුවා.ටිකක් ඈතට විසි වෙලා ගිය ටේහ්‍යොන්ග් කටේ ලේ ටික පිහ දාන ගමන්,

"උබ මට ගහන්න?ආ...?උබ මට අත උස්සන්න?උබ මම කවුරු කියලද බල්ලෝ හිතාගෙන ඉන්නේ...?"

ඒසැනින් දුවගෙන ආපු ටේහ්‍යොන්ග් හේජුන්ට ඉස්සර වෙන්න නොදී හේජුන්ව බිම පෙරලගෙන හේජුන්ගේ ඇඟ උඩට ඇවිත් කොලර් එකෙන් තදින් අල්ලගෙන,

"උබට මම කලින් පාර worn කරා....උබ මට ගහන්න කොහොමද එච්චර ගැම්මක් ගත්තේ?මට කියපන්....උබ කොහොමද මට එහෙම ගහන්නේ..?"

හුඟක් තරහා ගිහින් හිටපු ටේහ්‍යොන්ග්, හේජුන්ගේ කොලර් එක අතහැරලා ලොකු පාරක් හේජුන්ගේ කම්මුලට දුන්නේ කටින් ලේ එන්නමයි...එතනින් නැවතුනේ නැති ටේහ්‍යොන්ග් හේජුන්ගේ මූනට තවත් ගහගෙන ගහගෙන ගියේ ටේහ්‍යොන්ග්ට තමන්ගේ තරහා පාලනය කරගන්න බැරුව.

"උබ දන්නවද?වචනෙට වඩා මම ආසම නැත්තේ ගුටියට....උබ ඒක දැනගෙනමයි එහෙම කරේ.මට ඒ ගැහුව එක පාරකට මට උබව මරන්න උනත් පුලුවන්...අනිත් එක උබ ගැන මගේ හිතේ තියෙන පිලිකුළ උබව මැරුවත් යන්නේ නෑ..උබ ඒ තරම් මගේ හිතෙන් reject වෙලා තියෙන්නේ....මම ආයිත් උබට කියන්නේ නෑ....තව එක සැරයක් හරි මට යන්න තියෙන ගමනක් නවත්තලා මේ වගේ වැඩක් නැති දෙයක් කරොත්...මම ආයේ දෙපාරක් හිතන්නේ නෑ....ඒ නිසා පරිස්සමෙන්.."

ටේහ්‍යොන්ග් හේජුන්ගේ කොලර් එක හදලා එතනින් නැගිටලා යන්න හදද්දිම පිටි පස්සෙන් ආපු හේජුන් අත මිටි මොලවලා ටේහ්‍යොන්ගේ ඔලුවට ගැහුවා....

"උබ හිතුවද මම උබට බයවෙයි කියලා...පුලුවන් දෙයක් කරපන්...මම බය නෑ උබට....මටත් ඉවසීමක් කියලා දෙයක් තියෙනවා..පෙන්දොන්ගෙන්
ගුටි කන්න නෙමේ මම ඉපදුනේ...."

හේජුන් එහෙම කියනකොට හයියෙන් හිනා උන ටේහ්‍යොන්ග් හේජුන්ගේ පැත්ත හැරුනා..

"ඇත්‍ත....උබ පෙන්දොන්ගෙන් ගුටි කන්න නෙමේ ඉපදුනේ.....ගුටි කන්න ඉස්සෙල්ලා පෙන්දා කවුද කියලා පොඩ්ඩක් බලලා ඉඳහන්...හේජුන්....මම උබට කලින් කියපු දේ උබට තේරුනේ නෑ..උබ හරි මුරන්ඩුයි..."

ටේහ්‍යොන්ග් එහෙම කිව්වම smirk එකක් දාපු හේජුන් වටපිට බලලා ජනේලේ ලඟ හේත්තු කරලා තිබ්බ දිග පොල්ලක් අතට ගත්තා..

"හරි එහෙනම්....අද බලමු කවුද පෙන්දා කියලා...වරෙන්....මට උබ මොකෙක්ද..වරෙන්"

හෙජුන් අතේ තිබ්බ පොල්ල ටේහ්‍යොන්ගේ පැත්‍තට දික් කරගෙන රලු බැල්මක් දාගෙන එහෙම කිව්වා.

"හේජුන්.....ඔච්චර හදිස්සි වෙන්නෙ ඇයි...ජීවිතේට ආසාවක් නැද්ද??හ්ම්?හරි එහෙනම් උබ කියනවා නම් මම ලෑස්තියි"

ටේහ්‍යොන්ග් අඩියෙන් අඩිය ඉස්සරහට එද්දි මුලින් ටිකක් පිටිපස්සට ගිය හේජුන්ට ටේහ්‍යොන්ග් ගහපු එක මතක් උන නිසා අතේ තිබ්බ පොල්ලෙන් ටේහ්‍යොන්ග්ට වේගෙන් ගහන්න ගියත් ඉස්සරහට පැන්න ටේහ්‍යොන්ග් හේජුන්ගේ අතේ තිබ්බ පොල්ල එක අතකින් අල්ලලා අනිත් අතින් හේජුන්ගේ බඩ මැදට පාරක් ගැහුවා.

ටේහ්‍යොන්ග් ගහපු පාරෙන් හේජුන් පොල්ල අතහැරලා බඩ අල්ලන් දෙකට නැමුනු එකෙන් ඉක්මන් උන ටේහ්‍යොන්ග් හේජුන්ගේ පිටට පොල්ලෙන් වේගෙන් පාරක් දුන්නා.ඒත් එක්කම බිමට වැටුන හේජුන් නැගිට ගන්න උත්සහ කරද්දී ජනේලෙන් එලියට පොල්ල විසික් කරපු ටේහ්‍යොන්ග්,

"උබට මේ ඇති..මට මේක තව ඇදගෙගෙන යන්න පුලුවන්...ඒත් මං කැමති නෑ මගේ ගෙදර අයට බරක් වෙලා හිරේ යන්න...උබ වැඩිම උනොත් සති තුනක් වගේ hospital එකේ නැවතිලා ඉඳියි...කාට හරි කතා කරපන්..උබට තනියෙන් නැගිටින්න බෑ.."

ටේහ්‍යොන්ග් හිනා වෙන ගමන් එහෙම කියලා එතනින් ගියේ හේජුන් තරහෙන් පුපුරද්දී...

Back to moonlight cafe

"අඩෝ සිරාවට.....උබ ඔහොම ගැහුවා නම් මට හිතා ගන්න පුලුවන් අරූගේ චරිතෙ ගැන...ඉතින් පස්සේ මොකද උනේ?"

"මොනා වෙන්නද බන්...මං එදා උබට ඒක ගැන කිව්වේ නැත්තේ ඕක ඇදලා අරන් උබව අවුල් කරන්න ඕන නැති නිසා.ඔය සීන් එක නිසා අරූ hospital නැවතුනා...ඉතිම් ඊට පස්සේ principal මටයි තාත්තටයි කතා කරා...තාත්තා තමයි කිව්වෙ මාවා ස්කෝලෙන් අයින් කරන්නම් කියලා...මට ඒ ස්කෝලේ හිටපු යාලුවෝ ටිකත් එපා උනා බන්"

ටේහ්‍යොන්ග් එහෙම කිව්වම මූන අවුල් කරගත්‍තු දේ ජන්ග්,

"ඒ මොකෝ..?"

"උන් හේජුන්ගේ වචනේ විශ්වාස කරා බන්....මට බොක්ක දීගෙන හිටපු ඔක්කොම උන් අන්තිමට හේජුන් නිසා මට ගහන්නත් ගියා.පන්තිභාරත් හේජුන්ව පේන්න බැරි නිසා තමා මාව බේරුවේ.."

"ඉතින් උබ yongsan ආවා?"

දේ ජන්ග් එහෙම අහනකොට ටේහ්‍යොන්ග් ඔලුව වැනුවා.

"බලහන් ඒකෙත් හැටි...උබ yongsan එද්දී මම නෑ...ඒක නෙමේ..එහෙ කවුරුත් නැද්ද උබට?"

"හ්ම්ම්ම්ම්....ඉන්න්වා....ඒත් එච්චර fit නැහැ...ඒත් උන් හරි හොඳයි...උන්ගෙන් මං වැඩියෙන්ම කැමති අර ජංකුක්ට.ඌ හෙන ආතල් චරිතයක්."

"මොකා....?අපේ ජංකුකා....?උබ කියන්න්නේ ජොන් ජංකුක්?"

"ජොන්ද ජින්ද මම දන්නේ නෑ බන්..මම දන්නේ ජංකුක්ව...ආ ඒ කොල්ලගේ යාලුවා හුවාන්...උන් දෙන්නා එකටමයි ඉන්නේ.ඒක නෙමේ,උබ ජංකුක්ව දන්නවද?"

"හරි....මං හිතුවා...ඒ අපේ ජංකුකා තමා...මගෙන් අහන්නේ ඌව දන්නවද කියලා?මොකද දන්නේ නැත්තේ.මම,ජංකුකා,හුවාන්,කන්ග් දේ අපි ඔක්කොම ඉස්සර yogsan වල එකටනේ හිටියේ."

"ඒත් උබ මට ඒ ගැන කිව්වේ නෑනේ.....උබ අද කිව්වමයි මම දන්නේ උබ ජංකුක්ව දන්නවා කියලා"

"ඒවා කියන්න ඒ කාලේ උන් ඇදිලා ආවෙ නෑනේ....ඒ දවස්වල උබයි මායි එක එක වැඩ වල හිරවෙලානේ හිටියේ..."

"ඔව් ඒක ඇත්‍ත.....පේන විදිහට නම් උන් මාර හොඳයි...මාත් එක්ක කතා කරපු දවසෙම මට තේරුණා උන් හරි open චරිත කියලා.."

"උබට තව ආශ්‍රය කරාම තේරෙයි උන් කොහොමද කියලා.."

"ඇයි....උන් නරකද?"

"පිස්සුද ඕයි....?මං දැන් එහෙම දෙයක්ද කිව්වේ..?උන් හොඳ නෑ කියන එවුන්ට ගහන්න ඕනේ ඉලපතක් අරගෙන.."

"හරි ඒනම් අපි බලමුකෝ.........."

ටේහ්‍යොන්ග් coffee කෝප්පේ දිහා බලාගෙන එහෙම කියද්දී ජංකුක් හුවාන් පන්තියේ ඉද්දී කියවන විකාර දේවල් මතක් වෙලා තනියම හිනා උනා.

...............................................................................

The morning alarm rings

"ආහ්....ශිට්...මේ රෙද්දේ alarm එක free දවසකටවත් නිදා ගන්න දෙන්නේ නෑනේ.."

කන ලග වැදුනු alarm එකට ගැස්සිලා ඇහැරුනු ජංකුක් නැගිටලා alarm එක ඕෆ් කරා.

Wash එකක් දාගෙන පහලට ආපු ජංකුක් කෙලින්ම ගියේ kitchen එකට.

"අම්මේ......අම්මේ........අම්මේ......"

"මොකද ලමයෝ කෑ ගහන්නේ....මම ඉන්නවා..ඇයි?"

"අම්මට සතුටු නැද්ද..?"

"ඒ මොකටද මම සතුටු වෙන්නේ?"

"අම්මගේ චූටි පුතා උදෙන්ම ඇහැරුනු එකට?"

"සතුටු වෙන්න නෙමේ....අවුරුදු 18ක කොල්ලෙක් උදෙන්ම ඇහැරෙන්න ඕනෙ තමයි.."

"ඕහ්හ්..අම්මේ....මම අම්මගේ පුතා වෙලා අම්මට මගේ වයස අමතකයි.මට 18ක් වෙන්න තව මාස දෙකක් තියෙනවා....."

"හරි හරි...තව මාස දෙකනේ......ඕකට කෙලින්ම 18 කිව්වම මුකුත් වෙන්නේ නෑනේ"

නාරි එහෙම කිව්වම දත් ටික විරිත්තගෙන නාරිට හිනා උන ජංකුක් නාරිව පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තා.

"ආ....මේ මොකද මේ...?"

නාරි එහෙම කියනකොට ජංකුක් නාරිගේ උරහිසින් ඔලුව තිබ්බා.

"අම්මේ......අම්මා මගේ birthday එකට මොනවද දෙන්න හිතාගෙන ඉන්නේ..?"

"මම දෙනවා පස්සට හොඳ පාරක්....."

ජංකුක් එහෙම අහනකොට නාරි කප කප හිටපු කැරට් අලෙන් කෑල්ලක් ජංකුක්ගේ කටට දාන ගමන් එහෙම කිව්වා.

"ඔන්න ඉතිම් අම්මත් මාව විහිලුවට ගත්තනේ....මම එහෙනම් අහන්නේ නෑ අම්මා මොනවද මට දෙන්නේ කියලා....අම්මම හිතලා බලලා මට හොඳ gift එකක් දෙන්නකෝ"

ජංකුක් එහෙම කියලා ඉවර වෙච්ච ගමන් නාරිගේ කම්මුලට kiss එකක් දීලා kitchen එකෙන් එලියට ගියා...ජංකුක් ගියාම නාරි ඔලුව දෙපැත්තට වනන ගමන් හිනා උනේ ජංකුක්ට දෙන තෑග්ග ගැන හිත හිත.

"ම්ම්...මේ පෝරිසාදයා ගෙදරට වෙලා මොනවා කරනවද දන්නේ නෑ...බලමු call එකක් දාලා.."

Living room එකට ආපු ජංකුක් phone එක අතට ගද්දී හුවාන්ව මතක් උන නිසා එහෙම හිතුවා.ටික වෙලාවක් ගිහින් හුවාන් phone එක answer කරපු නිසා කට කොනින් හිනා උන ජංකුක්,

"උබට එච්චර වැඩද බන්..?"

"ඇයි උබ එහෙම අහන්නේ..?"

හුවාන්, ජංකුක් අහපු ප්‍රශ්නෙට උත්තර නොදී ජංකුගෙන් ප්‍රශ්නයක් ඇහුවේ ජංකුක් අහපු ප්‍රශ්නේ අමුතු නිසා.

"නෑ ඉතින්....උබ වෙනදට මං call කරාම ඉක්මනට answer කරන නිසා එහෙම ඇහුවේ..."

"ආ නෑ මම අර සර් දුන්න project එක කරන්න පටන් ගත්‍තා..හනා ඉන්නේ මාත් එක්ක....මං හනාට අපේ ගෙදරට එන්න කිව්වා."

"අඩෝ....බලු වැඩ ඕවා....උබ මාව අමතක කරානේ..?හරි ඔහොම ය...."

ජංකුක් කියන්න ගිය එක නතර කරේ හුවාන් ඇතුලේ ඉඳන් හිනා වෙනවා ඇහුන නිසා.

"උබ මොකෙක්ද බන්?මං හිතුවේ සිරා කියලා...බල්ලා...."

"ඕයි ජංකුකා........උබට අද වැඩක් නැත්තන් අපි set වෙමුද?ඊයෙ මට දේ ජන්ග් කතා කරා..උබගේ number එක හොයා ගන්න නැති නිසාලු මට call කරේ...ඌට අපිව බලන්න ඕනෙලු...කාංසාව වගේලු.."

"ආ...ඔව්...මම කලින් එක වෙනස් කරානේ.මම කන්ග් දේටත් කතා කරන්නම්.උබ වෙලාවක් කියපන්....මං එන්නම්...."

"අර park එකට 4.00 ට වරෙන් ....අපි කොහෙ හරි ගිහින් එමු..මං එහෙනම් තිබ්බා.."

හුවාන් call එක cut කරාම ජංකුක් gallery වලට ගිහින් ජංකුක් එක්ක හුවාන්,දේ ජන්ග්,කන්ග් දේ එකට ගත්තු photos බල බල තනියම හිනා වෙන ගමන් හිතුවේ,

"එහෙනම් අන්තිමට උබට අපිව මතක් වෙලා..."

.........................................................................................

Hello,Hello,Hello,

ඔන්න අද නම් ටිකක් දිග chapter එකක් දුන්නා....ඊලඟ එක ටිකක් රෑ වෙලා දෙන්නම්.දෙකම එකට දුන්නම හරි නෑනේ.ඊලඟ chapter එකනම් ලස්සනයි.....ආ...දෙයක් කියන්න තියෙනවා......මගේ කතාව vote කරන අයට, vote කරේ නැතත් කියවන අයට,comment කරන අයට, මාව follow කරන අයට tsm❤️....මම ඔයාලට මේ කතාව හොඳට දෙන්න තමයි හිතන් ඉන්නේ....ඒ වගේම sad moments එහෙම තියෙනවා...ඒවා නැතුව කතාවක්
ලස්සන වෙන්නේ නෑනේ....එහෙනම් ඊලඟ chapter එකෙන් මුනගැහෙමු....good bye..👋


Continue Reading

You'll Also Like

783K 79.3K 55
3 lives got entangled due to the twisted Destiny...... Vidyut Rajvanshi married his college sweetheart Sanjana and was leading a happy life ......bot...
109K 14.7K 32
#Book-3 Last book of Hidden Marriage Series. 🔥❤️ This book is the continuation of the first and second book "Hidden Marriage - Amazing Husband." If...
145K 4.1K 39
I was taught from birth, through force, how to be perfect for him, how to obey everything he said, and how to be his devoted follower. I was being pr...
3M 118K 75
"ဘေးခြံကလာပြောတယ် ငလျှင်လှုပ်သွားလို့တဲ့.... မဟုတ်ရပါဘူးဗျာ...... ကျွန်တော် နှလုံးသားက သူ့နာမည်လေးကြွေကျတာပါ.... ကျွန်တော်ရင်ခုန်သံတွေက...