ᴛʜᴇ ᴍᴜʀᴅᴇʀ🩸🥀

Per _So_Yun_

1.6K 265 989

මිනීමැරුම් චෝදනාවකට හසුවීම නිසා තම ජීවිතයම වෙනස් වෙන තරුණයෙකුගේ සහ තරුණියකගේ කතාවක්....🥀 Start Date- 2021.12... Més

Chapter 1🥀
Chapter 2🥀
Chapter 3🥀
Chapter 4🥀
Chapter 5🥀
Chapter 6🥀
Chapter 7🥀
Chapter 8🥀
Chapter 9🥀
Chapter 11🥀

Chapter 10🥀

59 10 21
Per _So_Yun_

"සම්චොන්😰..."
Suho ඉක්මනටම tv එක off කරල දැම්ම...

"ඔයා නැගිට්ටද මැණික... ඇයිමේ අඬන්නෙ..."
අඬඅඬ ඉන්න yoonව වඩාගෙන kris ඇහුව...

"නරක හීනයක්වත් දැක්කද...?"
kris එහෙම අහද්දි seoyoon ඔලුව වැනුව...

"අයියෝ... අඬන්න එපා මැණික... ඒකහීනයක් විතරයිනේ... මං දැන් ඉන්නවනෙ ලඟ..."

"ඔම්මයි අප්පයි කවද්ද එන්නෙ සම්චොන්... අනේ මට එයාලව ඕනේ🥺..."

"එයාල ඉක්මනටම එයි හරිද..? කෝදැන් හොඳලමයවගේ කඳුලුපිහදාගන්නකො..."

"කෝ එන්න යූන්... අපි දෙන්න යමු සෙල්ලමක් කරන්න... අයියෝ ඔයාදැන් ලොකුයිනේද ඔහොම හීනවලට බයවෙලා අඬන්නෑ ලොකුලමයි..."
krisගෙ අතේ හිටපු seoyoon ව baekhyun වඩාගෙන එයාව කාමරේට එක්කගෙන ගියා...

.

.

.

.

මේක හරියන්නෙ නෑබන්... අපිට මෙහෙම Seoyoonබලබල ඉන්න ගියොත් මේවැඩේ ඉවරකරගන්නෙ කොහොමද...?
yoon එක්ක සෙල්ලංකරල හොඳටම මහන්සි වෙලා හිටපු baekhyun කිව්වෙ කිසිම මහන්සියක් නැතුව තාමත් Chen එක්ක සෙල්ලම් කරකර ඉන්න Yoon දිහා බලල...

"මේ ලමයට මහන්සිවෙන්න එපා කිව්වට අහන්නෙත්නෑනෙ..."

"ඒකතමා Kris... නරකද ටිකදවසකට මේ ප්‍රශ්නටික හරියනකන් යූන්ව හංගන් කාටහරි බලාගන්නදෙන්න...?"

"ඒත් එහෙම විශ්වාසවන්ත කෙනෙක්ට කියල කවුද ඉන්නෙ..?"

"ඒකට තමා මේ මං ඉන්නෙ😌..."
පිටිපස්සෙන් ඇහුනු කටහඬත් එක්ක හැමෝම ඒපැත්තබැලුවම දැක්කෙ ගෙදරදොර ඉස්සරහට වෙලා හිටගෙන ඉන්න තරුණියක්ව...

"Miho ඔයා...?"

"කොහොමද kris... කාලෙකින් නේද..."

"සුහෝ ඔයාද Mihoඑන්න කිව්වෙ...?"
හැමෝම සුහෝදිහාබැලුවම සුහෝ ඔලුව වනල miho ගාවට ගිහින් හිටගත්ත...

"මම යූන්ව අරන් ගෙදරට එද්දිමයි හිතුනෙ මේගැන... අපිට යූන්ව බලාගන්න අමාරුවෙයි කියල හිතුන නිසා මං Mihoට කෝල් කලා... විශ්වාසවන්ත කෙනෙක් නෙ ඉතින් ඕනෙ ඔන්න ඉන්නව..."
Suho එහෙම කියනගමන් miho ගෙ ඉනවටේට අත දාල එයාව ලඟට ඇදල ගත්ත...

"Thanks Suho... ඒවගේම miho ඔයාටත්..."

"ආහ් ඒක සුලුදෙයක් kris..."

"Hello seoyoon... කොහොමද ඔයාට...?"
chen ගෙ අතින් අල්ලන් සාලෙට ආපු Seoyoon ව දැකපු miho යූන්ට කතාකලා...

"මම හොඳින්..."

"ඉතින් ඔයා මාව අඳුරනවද..? ම්ම්ම්?"

"නැතුව... ඔයානේද සුහෝ අන්කල්ගෙ යෝජාචින්ගු...?"
yoon එහෙම කියද්දි අහිංසක විදියට හිනා උන Miho ඔලුව වැනුවෙ ඔව් කියන්න...

"යූන්... අපි ඔයාගෙ සම්චොන්ටයි සම්චොන්ගෙ යාලුවටයි වැඩ කරගන්න දීල කිචන් එකට යමු හාද...? ඔයා කන්න ආසම කෑමක් මං අරන් ආව..."

"අනේ ඇත්තමද...?"

"ඔව්ව්...."
yoon ව වඩාගත්තු Miho එයාවත් අරන් kitchen එකට යද්දි අනිත් හැමෝම ගියෙ Suho ගෙ officeroom එකට.

.

.

.

.

.

.

.

.

Case එක ගැන තවත් තොරතුරු හොයාගෙන එන්න ගිය Chen, Lay, baekhyun වගේම kris ආයෙත් සුහෝගෙ ගෙදරට ආව... Suho මෙයාල එක්ක නොගියෙ yoonවයි mihoවයි තනියම දාලයන්න බැරි නිසා...

"ඉතින් ඔයාල මොනවද හොයාගත්තෙ..?"

"kai පොඩිකාලෙ ඉඳල තියෙන්නෙ ලමානිවාසෙකනෙ... මායි චෙනුයි ගියාලමානිවාසෙට කායි එක්ක තව ටීම් එකක්ඉස්සර හිටියනෙඅයත් ඉඳල තියෙන්නෙ මේ ලමානිවාසෙ..."
baekhyun එහෙම කියනගමන් kaiගෙයි එයාගෙ team එකෙ කට්ටියගෙයි වෙනවෙනම details තියන ෆයිල් එකක් මේසෙ උඩින් තිබ්බ...

"Kai එක්ක Tao, Sehun, Leoy කියල කොල්ලො තුන්දෙනෙකුයි Cara කියල කෙල්ලෙකුයිතමයි එයාගෙ ටීම් එකේ ඉඳල තියෙන්නෙ..."
chen කිව්ව...
එකපාරටම kris ඒ ෆයිල් එක අතට අරගත්තෙ කලබලෙන් වගේ...

"ඇයි මොකද kris..?"

"Joowon හියුනුත් පොඩිකාලෙ ඉඳල තියෙන්නෙ මේ ලමානිවාසෙ..."

"මොකක්...?"

"ඔව්ව්..."

"ඒකියන්නෙ Joowon හියුනුයි කායි කලින් ඉදන් අදුරනව වෙන්න පුලුවන්..."
Suho කිව්ව...

"මේ දෙන්න club එකේ හිටියනේද එදාරෑ මම දැක්ක..."
kris කිව්වෙ Tao ගෙයි caraගෙයිෆොටෝස් දෙක අතට අරන්...

"දන්නවද මෙතන පුදුම හිතෙනම දේමොකක්ද කියල...?"
එහෙම කිව්වෙ Baekhyun...

"මොකක්ද...?"
baekhyun ෆයිල් එක අතට අරන් එතන Sehun ගෙ photo එකක් එක්ක තිබුනු කොලයක් අරගත්ත...

"මේ සෙහුන් කියන කෙනා මීට අවුරුදු අටකට කලින් මැරිල තියනව..."

"සිරාවටම...?"

"ඔව්ව්... ඒකත් kris ඔයාගෙ අප්ප නැති උන දවසෙමයි..."
chenනුයි baekhyunනුයි එහෙම කියද්දි අනිත් හැමෝම පුදුම උනා...

"කොහොමහරි සෙහුන් නැති උනාට පස්සෙ මේ Leoy කියන කෙනා කණ්ඩායමෙන් අයින්වෙලා... පස්සෙ අනිත් අයත් ගිහින් කායි විතරක් ඉතුරුවෙලා.."

"සෙහුන්ගෙ මරනෙ අප්පගෙ මරනෙ joowon හියුන්ගෙ එතකොට ජෝන්ගෙ මේ ඔක්කොම මරන එකකට එකක් සම්බන්දයි..."

"ඉස්සෙල්ලම අවුරුදු අටකට කලින් kris ගෙ අප්ප ජෝන් ගැන හොයන්න ගිහින් කවුරුහරි මරල එදාම සෙහුනුත් නැතිවෙලා පස්සෙ joowon හියුන්වත් මරලමරල තියන කෙනයි joowonනුයි එකම ලමානිවාසෙ ඉඳල... පස්සෙ Jhonn වත් මරලඅස්සෙ තව වෙන කොහෙවත් යන කෙල්ලෙකුත් සම්බන්ද වෙලා තව sangjun කියන කොල්ලෙකුත් අතුරුදන්... ඒ අස්සෙ luhan kai යුන්මිව හොයන එකනවත්තල ඇත්ත හොයන්නලු මොකක්ද ඇත්ත ඇහුවම කියන්නෙත්නෑ... එහෙන් jonghyun මේකෙන් ඈත්වෙලා ඉන්නලු... එක නඩුවක් විසඳන්න ගිහින් යටගිය එව්වත් විසඳන්න වෙලා.... අනේ දෙවියනේ මටනම් දැන් පිස්සුවගේ...."
lay එකහුස්මටකියාගෙන ගිහින් දඩස් ගාල සෝෆ එකේ පෙරලිලා නලල අල්ලගත්ත...

"කොහොමහරි සෙහුන් නැති උනාට පස්සෙ මේ Leoy කියන කෙනා කණ්ඩායමෙන් අයින්වෙලා... පස්සෙ අනිත් අයත් ගිහින් කායි විතරක් ඉතුරුවෙලා.."

"kris... ඔයාල අර Sangjun කියනකොල්ලගෙ ගෙදර ගියානේද මොකක් හරිදෙයක් හොයාගන්න හම්බුනාද...?"

"ඔව් ගියා... ඒ කොල්ල ගැන නම් මට පොඩි සැකයක් තියනව..."

"ඇයි එහෙම කියන්නෙ මොනවදගෙදරින් හම්බුනේ...?"

"කිසිම දෙයක් අඩුගානෙකොල්ල ගෙ පවුලෙ අයගැනවත් කිසිම විස්තරයක් හොයාගන්නබැරි උනා අඩුගානෙ ෆොටෝ එකක්වත්... ඒක sangjung ගෙ ගෙදර කියල හොයාගන්න පුලුවන් වෙන්නම තිබ්බෙ එයාගෙ එකම එක ෆොටෝ එකක් විතරයි..."

"එහෙම වෙන්න බෑනෙ අඩුගානෙ එයාගෙ විස්තර තියම මොකක්මහරි දෙයක් හම්බුනේනැද...?"

"හම්බුන්නෑ... අන්න ඒකහින්දමයි මට සැක... අඩුගානෙ එයා වැඩකරන cakeshop එකටවත් එයාගෙ පවුලෙ විස්තර දීලනෑ... මෙහෙට ඇවිත් තියෙන්නෙත් අවුරුද්දකටවිතර කලින්... ඊටකලින් මොනවද කලේ කොහෙද හිටියෙ කිසිදෙයක් කිසිමකෙනෙක් දන්නෙනෑ...."
kris කියනදේවල් හැමෝම අවදානෙන් අහගෙන හිටිය...

"මේදේවල් එක්ක මටනම් දැන් ඇත්තටම හිතෙනව kai yunmi දෙන්න joowonමරලනෑ කියල... luhan කියපුදේ ඇත්තවෙන්න පුලුවන්..."

"ම්ම් ඔව් එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..."

"kai yunmi ඇත්තම ඝාතකයො නෙමේනම් ඒක අනිවාරෙන් jonghyun දන්නව... luhan දන්නවනම් එයාල නොදැන ඉන්න විදියක්නෑනෙ... එයාල මිනීමරුවො නෙමේ කියල දැන දැනම ඇත්ත හොයන්නැතුව ඇයි කායිලව මෙච්චර හොයන්නෙ...? ඇයි ඇත්ත වහන් කරන්න හදන්නෙ...?"

"ඒකතමා මෙතන තියන ප්‍රශ්නෙ..."

"අපි luhan ගෙන් අහමුද..?"

"මේක  luhan ගෙන් අහන්නබෑ මොකදඅපේ යාලුව උනාට එයාගෙ ටීම් එකෙ විස්තර අපිට කියන්නබෑනෙ... එයාට කරදර කරන්න ඕන්නෑ අපිටම තමයි හොයාගන්නවෙන්නෙ..."
kris කිව්ව....

ඒත් එක්කම ඇහුනෙ ගෙදර බෙල් එක වැදෙන සද්දයක්...

"මේවෙලාවෙ කවුද..?"
Suho නැගිටල යන්න හැදුව...

"ඉන්න ඉන්න මං ගිහින් බලල එන්නම්..."
එහෙම කියපු baekhyun දුවගෙන ගිහින් දොර ඇරිය... baekhyun දොර ඇරිය විතරයි එලියෙ හිටපු කෙනාව දැකල එයාගෙ මූන බලන් ඉද්දිම වෙනස් උනා...

"තමුන් මොකටද මෙහෙ ආවෙ..."

"මගෙ පස්සෙන් එන්න ගත්තද තමුන්..."

baekhyun එලියෙ හිටපු කෙනාට බනිනව ඇහුනම අනිත් හැමෝමත් එතනට ආව...

"Baekhyun කවුද ආවෙ...? ආහ් Mina ඔයා... එන්න ඇතුලට..."
ඒ ඇවිත් හිටියෙ baekhyun ගෙ ex gf වෙද්දි suho එයාට ඇතුලට එන්න කිව්ව...

"රස්සාව අතාරින්නැත්තම් මාව එපාකිව්ව නේද...? එහෙනම් ඇයිදැන් තමුන් මෙහෙ ආවෙ ආ...?"
කොච්චර baekhyun කෑගැහුවත් mina නෙමේ වචනයක් කියන්නවත් කට හෙලෙව්වෙ...

"කෑගහන්න එපා baekhyun... එයාට එන්න කිව්වෙ මම..."
ඒත් එක්කම එතනට ආවෙ miho...

"ඒත් ඇයී...?"

"ඔයාල ඉතින් වැඩනෙ ඔයාලට disturb කරන්නත්බෑ... මටත් කම්මැලී yoonටත් මාත් එක්කම සෙල්ලම් කරල එපාවෙලා ඉතින් අපේ තනියට mina ව ගෙන්නගත්තෙ..."
miho එහෙම කියද්දි baekhyun සුහෝදිහාබැලුවෙ එය මේ ගැන දන්නවද කියල අහන්න වගේ...

"අනේමේ මංනම් දන්නෑ මාත් දැන් දන්නෙ.."
suho කිව්ව...

"මේමේ ඔයාල දෙන්න බ්‍රේකප් උනාකියල මටකරන්න දෙයක්නෑ mina මගෙ යාලුව ඒවගේම අපිහැමෝම එයාව දන්නව අවිශ්වාස කෙනෙකුත් නෙමේ ඒකයි එයාට කතාකලේ..."

"ඒඋනාට පැටියො ඔයා අපෙන් අහන්න තිබ්බනෙ කාවහරි ගෙන්නගන්නවනම් නේද...?"

"මං kris ගෙන් ඇහුව අනේ එයාතමා හා කිව්වෙ... නේද kris..?"
හැම්කොම kris දිහාබලද්දි එයා Mihoට ඔලුව වැනුවෙ ඔව් කියන්න වගේ... ඒවෙලාවෙ baekhyun kris දිහාබැලුවෙ දවා අලුකරන බැල්මකින් උනත් kris නම් ගනන් ගත්තෙනෑ...

"ඇයි මට කිව්වෙනැත්තෙ උබ...?"

"අනේ mina ආන්ටි ඇවිල්ල.... යේ...."
ඒත් එක්කම එතනට දුවගෙනආවෙ yoon...

"යූන් ඔයා නැගිට්ටද පැටියෝ..."

"ඔව් සම්චොන්..."
යූන් හිනාවෙලා එහෙම කියනගමන් mina ගාවට ආව...

"ඔයා ආවෙ මාත් එක්ක මෙහෙ ඉන්න නේද...? සෙල්ලම් කරන්න නේද..?"

"ඔව් අනේ ඔයා එක්ක සෙල්ලං කරන්නමයි ආවෙ..."
mina හිනාවෙලා එහෙම කියනගමන් යූන්ව වඩාගත්ත...

"අනේ ඒකනම් ශෝක් අප්පා... මට miho ආන්ටි එක්ක සෙල්ලම් කරල ඇතිවෙල හිටියෙ..."

"ආ ඇත්තට දැන් මා>..."

"හරි මං කියන්නම්..."

"අද රෑට එහෙනම් ඔක්කොම විසඳෙයි..."
කටකොනින් හිනාවක් දාන් jonghyun කිව්ව...

.

.

.

.

.

.

.

.

.

.

.

Ding.... dong....
තමන්ගෙ ගෙදර බෙල් එක ගහන සද්දෙ ඇහෙනකොට do ගිහින් දොර ඇරිය...
ඒත් එක්කම do වත් තල්ලුකරන් ගන් එකක් දික් කරගෙන ගේ ඇතුලට ආවෙ jonghyun සහ එයාගෙ team එක...

"මේමොකද මේ කවුද ඔයාල... ඔහොම ගේ ඇතුලට කඩාගෙන පනින සිරිතක් තියනවද ආ....?"
Do කෑගැහුව...

"අපි Criminal Investigation Department එකෙන්... තමුන් සහ තමුන්ගෙ බිරිඳ එකතුවෙලා අපරාදකාරයො දෙන්නෙක්ව මෙහෙ හංගන් ඉන්නව කියල දැනගන්න ලැබුන..."

"මොකක් මොනවද මේ කියවන පිස්සු විකාර..."

"හහ් පිස්සු විකාර... කියපන් කොහෙද කායි ඉන්නෙ ආ...."

"මං දන්නෙනෑ....."

"හොයපන් මුලුගේම පීරල උන්දෙන්නව හොයපන්... උන්ටපැනගන්න වෙන්නෑ අපි ගේම වටකරල තියෙන්නෙ..."
jonghyun එයාගෙ ටීම් එකේ අයටයි තව ගේ ඇතුලට ආපු පොලිස් නිලදාරීන් කිහිපදෙනාටයි අණකරා... හැමෝම ගෙදර අනිත්පැත්ත පෙරලන ගමන් කායි යුන්මි දෙන්නව හෙව්ව...

"අනේ kyungsoo... මොකද මෙතන වෙන්නෙ..."
minhee කෑගැහුවෙ එයාලගෙ පුංචි දුවවත් වඩාගෙන Do ගාවට එනගමන්...

"අනේ අප්පා මට බයයිනේ...."
පුංචි කෙල්ල එහෙම කියනගමන් Do ගෙ අතට පැනල එයාව බදාගත්ත...

"තමුන්ල ඕක නවත්තනවද දැන්වත් මෙහෙ කායි කියල කෙනෙක් නෑ... මේ පොඩි ලමයත් බයවෙනව..."
Do තරහෙන් කෑගැහුව...

"හහ් මොකක්ද තමුසෙ කියන්නෙ... තමුන් නිකන් හැසිරෙන්නෙ කායිව දන්නෑවගේනෙ... උඹ උගෙ හොද යාලුවෙක් කියන්න අපි දන්නව..."
එහෙම කිව්වෙ junho...

"මං කිව්වෙනෑනෙ කායිව අදුරන්නෑ කියල... ඔව් මං එයාව දන්නව... ඒඋනාට එයා මේ ගෙදරනෑ...."
Do කෑගැහුව...

"ඒ Jonghyun මෙහෙ වෙන කවුරුත්නෑ..."
එතනට ආවෙ jake...

"මොකක් එහෙම වෙන්න විදියක්නෑ හොදට බැලුවද...?"

"ඔව් අපි බැලුව කොහෙවත්නෑ..."

jonghyun සහ එයාගෙ ටීම් එක ගේ පීරල හෙව්වත් කායිවත් යුන්මිවත් අඩුගානෙ ඒ දෙන්න ගෙදර හිටිය කියන්නවත් එක සාක්ශියක්වත් හම්බුනේනෑ...

"ශිබල්.. මුන් පැනල ගිහිල්ල..."
jonghyun බිත්තියට අතකින් ගහගන්න ගමන් තරහෙන් පුපුරපුපුර කෑගහුව...

"පැනල යන්නත් එයාල මෙහෙ ඉන්න එපැයි... කායිමෙහෙ හිටියෙනෑ... දැන්වත් තමුන්ල ආපුතැනකටම යනවද"
Do කිව්ව...

හොඳටම තරහ ගිහින් හිටපු jonghyun ඒ කියපු කතාවට තවත් තරහ ගිහින් do ට ගහන්න ඉස්සරහට යද්දි luhan ඇවිල්ල jonghyun වනතර කලා...

"jonghyun නවත්තපන් දැන්... අපියමු මෙහෙදෙන්න නෑනේ.."

"ඇයි ගහන්න එන්නෙපොලිස් බලේ පෙන්නන්නද ආ... පෙන්නනකො බලන්න මං පැමිණිල්ලක් දානව බොරු හේතු හදන් මෙහෙම ගෙවල් ඇතුලට කඩාපැනල පොඩි ලමයිබයකරවල ගෙදර මිනිස්සුන්ට ගහනව කියල... මීඩියා වලටත් කියනව... එහෙම දේවල් කරන්න කලින් ප්ලිස් දැන්වත් මෙතනින් යන්න මේ පොඩි ලමය බයකරන්නැතුව..."
Do jonghyun ගෙ කොලර් එකෙන් අල්ලන් කෑගැහුව...

"හරී අපි යන්නම්... හැබැයි තමුන් එයාලව මේ ගෙදර තියන් හිටිය කියල ඔප්පු උනොත්... අන්න එදාට තමුන්ට හිරේලගින්න වෙයි තේරුනාද..?"
jonghyun එහෙම කියන ගමන් එයාගෙ ටීම් එකේ අයත් එක්ක ගෙදරින් එලියට ආව...

"උන් අපි එන්න කලින් කොහොම හරි දැනගෙන තියනව... ඒත් කොහොමද..?"
ඒ junho...

ඒත් එක්කම jonghyun ගෙෆෝන් එකට ආවෙ boss ගෙන් කෝල් එකක්...

"සොරි බොස්.. අපි එද්දිත්දෙන්න පැනගෙන..."

"හ.. හරි තේරුනා.."

"ආයෙ එහෙමවෙන්නෑ..."

"ඉක්මනටම දෙන්නව අල්ලගන්නම්..."
jonghyun එහෙම කියල කෝල් එක කට් කලා...

"ශිබල්ල්... මේමගුලනම් දැන් මහ හිසරදයක්..."
එහෙම කියපු jonghyun එයාගෙ තරහ පිටකරගන්න වාහනේ රෝදෙට හයියෙන් පාරක් ගැහුව...

"දැන් මොකද කරන්නෙ Jonghyun...?"
Jake ඇහුව...

"අරුන්දෙන්නව මොනලෝකෙකින් හරි දැන් අල්ලගන්න ඕනෙ..."

"ඒත් කොහොමද...?"

"මුන් දන්නව අනිවාරෙන්ම කායි දැන් ඉන්න තැන... මුන්ගෙ කටින්ම එලියට ගමු..."

"ඒත් දැන් අපි ඇහුවට කිව්වෙ නෑනෙ..."

"ඒ නිකන්ම ඇහුවමනෙ... බලමුකො එයාල මේවට උත්තර දෙයිද කියල..."
Jonghyun එහෙම කියල එයාගෙ ගන් එක එලියට අරගත්ත...

"ඒඒ jonghyun ඔයවැඩේනම් කරන්න එපා ගෙදර පොඩි ලමයෙකුත් ඉන්නව..."
Luhan jonghyun ව නවත්තන්න හැදුවත් එයා නම් luhan ව සතපහකට ගනන්ගත්තෙනෑ... 

.

.

.

.

.

@yunmi's pov

Luhanගෙ පිහිටෙන් මටයි කායිටයි පොලීසියෙන් අපිව අල්ලගන්න එන්න කලින් බේරිලා යන්න පුලුවන් උනා...

Luhan...? ඔව්ව් Luhan.. ලස්සන අහිංසක හිනාවක් තියන CID එකේ officer කෙනෙක් අපිට උදව් කරා....

....flashback....

කවුද කෙනෙක් ගෙදර බෙල් එක ගහනව ඇහෙද්දි minhee ගිහින් දොර ඇරිය... කලුපාට කෝට් එකක් ඇඳගත්තු ලස්සන කොල්ලෙක් ඒත් එක්කම ඇතුලට ආව... ඇතුලට ආපු කෙනා මාව දැකල පොඩ්ඩක් ගැස්සුනත් ආයෙත් එයා මං දිහා බලල හිනා උනා...  පොඩ්ඩක් ඉන්න... මට මෙයාව හොඳට දැකල හුරුයිනේ... මම එයාව කොහෙදිද දැක්කෙ කියල මතක් කරන්න ගත්ත...

"ඔයා කවුද...?"
minhee ඇහුව...

"මම Luhan... Criminal Investigation Department එකේ වැඩකරන්නෙ... සමහරවිට මාව දැකලත් ඇති ඔයාල tv එකෙන්..."
මොකක්... ඒකතමා එහෙනම් මට මෙයාව දැකල හුරු... පොඩ්ඩක් ඉන්න CID එකේ කිව්වනේද....? මෙයයි තවකට්ටියකුයිනේද jowon ගෙ murder case එක ගැන බලන්නෙ... හපොයි... අපිව අල්ලගන්න ඇවිල්ලද... මම බයටම පස්සෙන් පස්සට ගියා... minheeත් බයවෙලා... ඒත් එක්කම එතනට ආව DO Kai දෙන්නත් luhan ව දැකල අදුරගෙන ද කොහෙද බය උණා...

"ඔයාල මට බයවෙන්න ඕනෙනෑ... මම ආවෙ ඔයාලදෙන්නව අරන් යන්න නෙමෙයි..."
එයා අහිංසක විදියට හිනාවෙලා කිව්ව... මොකක්... ඒකියන්නෙ අපිව අරන්‍ යන්න නෙමේද ආවෙ... එහෙනම් මොකටද...

"ඔයාල දෙන්න දැන්මම මෙහෙන් යන්න ඕනෙ... මොකද අපේ කට්ටිය දැනටමත් ඔයාල මෙහෙ ඉන්නෙ කියල දන්නව..."
luhan මාදිහයි කායි දිහයි බලල එහෙම කිව්ව...

"මොකක්... ඒත් කොහොමද...?"
kai ඇහුව...

"කොහොමහරි දන්නවනෙ... තව ටිකකින් අපේ ටීම් එක මෙහෙට එනව... ඒකහින්ද ඔයාල දැන්මම මෙහෙන් යන්න..."

"ඇයි ඔයා අපිට උදව් කරන්න හදන්නෙ..?"
Kai එහෙම කියද්දි luhan ගෙ මූනෙ ඇඳුනෙ අහිංසක හිනාවක්... අනේ එයාගෙ හිනාව😫❤️... Kai ගෙ මූනෙන් නම් පෙනුනෙ මේ luhan ව විශ්වාසනෑ වගේ...

"මොකද මං දන්නව ඔයාල දෙන්න නිර්දෝශී කියල... ඒත් මං ගාව ඔයාල වැරදිනෑ කියල ඔප්පුකරන්න සාක්ෂි නෑ... අපේ ටීම් එකේ අයට ඕනෙ ඔයාල වැරදිකාරයො නොවුනත් ඔයාලව වැරදිකාරයො කරවන්න... එයාලට පිටින් මට යන්නත්බෑ... මට ඕනෙ කොහොමහරි වැරැද්ද හරිගස්සන්න... ඉතින් මට පුලුවන් විදියට ඔයාලට උදව්වක් කරා...මාව විශ්වාසකරන එක අවිශ්වාස කරන එක ඔයාලගෙ දෙයක්... මට ඔයාලව බේරගන්න කරන්න පුලුවන් දේ කරා..."
ඊටපස්සෙ Luhan එයාගෙ අත් ඔරලෝසුව දිහාබැලුව...

"මට තවත් මෙතන ඉන්න වෙලාවක් නෑ... එහෙනම් මම යනව... තව පැයකීපයකින් අපේ ටීම් එක මෙතනට එනව... එයාලට අහුවෙලා මැරෙනවද නැත්තම් බේරෙනවද කියන එක ඔයාලගෙ තීරනයක්..."
එහෙම කියපු luhan ආයෙත් එයාගෙ අහිංසක හිනාව දාල අපි කිසි කෙනෙක්ට වචනයක් වත් කියන්න ඉඩ නොදී එතනින් ගියා...

...flashback end...

"කායි..."

"..........."

"කායී........"

".........."

"Jong in......"

"මොකද....?"
හම්මේ ඇතියන්තම් මේ නපුරුවලහ කතාකලා... කන් ඇහෙන්නෑ වගේ ඉන්නහැටි... බූරුව...

"අපි මේ  කොහෙද යන්නෙ...?"
මම එහෙම ඇහුවෙ කාර් එකේ මාවත් දාගෙන පැයගානක් තිස්සෙ drive කරන නිසා...

"මේ මහරෑ කොහෙටද යන්නෙ කියන්නකෝ..."
ඔන්න ආයෙත් මේක ගොලුවෙලා... අනේහ් දැන් නම් මට තරහ යාගෙනයි එන්නෙ...

"කන් ඇහෙන්නැද්ද අනේ... කොහෙද අපි යන්නේ.....?"
කායිගෙ කනගාවට ලංවෙලා මම කෑගැහුව...

"මොන කන්කරච්චලයක්ද මේ... වහගන්නවකො ඔය කට... ඇත්තමයි ආයෙ වදදුන්නොත් එලියට ඇදල දාල මං යනව ඕනෙමගුලක් කරගන්න කියල..."
Kai මට බැන්න... අනෙව් මේ මිනිහ නම්... මහම මහ නපුරෙක්... මම එයාටත් ගස්සල අනිත්පැත්තහැරිල වීදුරුවට ඔලුව තියාගත්ත... මේදවස් වල හරිහැටි නින්දක් නැතිනිසා මට එහෙම්මම නින්ද ගියා...

.

.

.

.

.

.

.

.

කවුරුහරි මගෙ මූනට වැටිල තියන කොන්ඩෙ හිමීට කනපිටිපස්සට යවනව දැනිල මම ඉක්මනටම ඇස් ඇරිය... ඒ හිටියෙ කායි...  මං ඇස් අරිනව දැකපු කායි ඉක්මනටම මගෙ ලඟින් ඈත්වෙලා එයාගෙ ශීට් එකේ හරියට ඉඳගත්ත...

"අහ්ම්... අපි ඇවිල්ල ඉන්නෙ බහින්න දැන්..." 
එහෙම කියපු kai ඉක්මනටම කාර් එකෙන් බැස්සෙ මුකුත්ම උනේ නැතිගානට... ඊටපස්සෙ මමත් කාර් එකෙන් බැස්ස... අපි හිටියෙ ගෙදරක් ඉස්සරහ... ඒ පාර මේකොහෙද කායිගෙ තව ගෙදරක්ද නැත්තම් අදුරන කෙනෙක්ගෙද...? මම ගේදිහා බලාගෙන ඉද්දි කායි මගෙ අතින් අල්ලගෙන ඒ ගෙදර දොර ඉස්සරහට ඇවිත් බෙල් එක ගැහුව... දෙපාරක් තුන්පාරක් කායි බෙල් එක ගහද්දිම කායිගෙ වයසෙ විතර ඇති කියල හිතෙන කොල්ලෙක් ගෙදර දොර ඇරිය... දොර ඇරපු කෙනා අපි දෙන්නව දැක්ක විතරයි ඒ මූනට ආවෙ ලොකු තරහක්... දොර ඇරපු ක්ෂනිකව දොර එයා වහන්න හැදුව... ඒත් එක්කම මගෙ අතින් අල්ලන් හිටපු කායි අත අතෑරල  Kai දොර වහන්න කලින් අල්ලගත්ත...

"අතගනින්...."

"අහන්න... ප්ලීස් අපිට උදව් කරන්න...."

"තමුසෙට උදව් කරන්නෙ මොකටද මම... මිනීමරුවා... තමුසෙ අපේ joowon හියුන්ව මැරුවා...."
අපේ joowon හියුන්... කවුද මේ එයාගෙ මල්ලිකෙනෙක්වත් ද...

"මම හියුන්ව මැරුවෙනෑ... මං කියනදේ අහල ඉන්න..."

"මට අහන්න දෙයක්නෑ ඔය එක්කන් ආපු කෙල්ලවත් අරන් මෙහෙන් යනව..."

" Leoy පොඩ්ඩක් මං කියනදේ අහපන්...."
Kai කිව්වෙ ලෝයි කියල... ඒකියන්නෙ මේ ඉන්නෙ ලෝයිද...?

"වදනොදී යනව මෙහෙන් තමුසෙ එක්ක කිසි කතාවක්නෑ...."
එහෙම කියපු ලෝයි දොර වහන්න හැදුව...

"Chanyeol ප්ලීස්...."
ආයෙත් kai දොර අල්ලගෙන එහෙම කිව්ව... මොකක්... එයා කිව්වෙ Chanyeol කියල නේද... මම එතකොට තමයි leoy ගෙ මූන හරියටම දැක්කෙ...

"Chanyeol😳... ඔ.. ඔයාගෙ නම Park chanyeol ද...?"
මෙච්චර වෙලා නිහඬව හිටපු මම එහෙම ඇහුවෙ මේ මං හිතන කෙනාමද කියල දැනගන්න... මම එහෙම අහද්දි කායිවගේම ලෝයි දෙන්නම මං දිහා හැරිල බැලුවෙ පුදුමවෙලා...

"Park තිබ්බෙ ඉස්සර... දැන් එහෙම නමේකෑල්ලක් නෑ..."
ලෝයි කිව්වෙ ඕනාවට එපාවට වගේ... මං හිතුව හරි මේ එයා... මගෙ ඇස් ඉබේටම කඳුලු වලින් බරවෙන්න ගත්ත...

"පොපොඩ්ඩක් ඉන්න... ඔයාකොහොමද දන්නෙ මගෙනම..."
ලෝයි  එහෙම මගෙන් අහල කායි දිහා බැලුව... එයත් දන්නෑ කියන්න වගේ මූනක් හදාගෙන මගෙ දිහාබැලුව...

"ඔයාට මාව මතක නැද්ද ඔප්පා🥺...? ඔයාගෙ චූටි princess ව මතක නැද්ද...?"
මම එහෙම අහද්දි ලෝයිගෙ මූන වෙනස් උනේ බලාගෙන ඉද්දිමයි.....

(Leoy😌)

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

හායිලමයී🌚...
ගොඩකාලෙකින් නේ.... updates දෙන්න පරක්කු උනාට සොරි වෙන්නෝනෙ මේදවස් වල මං busy අප්පා... දැන් කට්ටිය කතාව කියවනවත් අඩුයිනේ කතාව හරිනැද්ද😪...?

11වෙනි chapter එකෙන් හම්බෙමු එහෙනම් බායිලා...🌚👋

වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන ගියාට කමක්නෑ ඉතිම්🙂❤️

Continua llegint

You'll Also Like

590K 13.2K 40
In wich a one night stand turns out to be a lot more than that.
82.1K 4.7K 34
╰┈➤ *⋆❝ 𝐲𝐨𝐮 𝐭𝐡𝐢𝐧𝐤 𝐢'𝐝 𝐩𝐚𝐬𝐬 𝐮𝐩 𝐚 𝐟𝐫𝐞𝐞 𝐭𝐫𝐢𝐩 𝐭𝐨 𝐢𝐭𝐚𝐥𝐲? 𝐢 𝐥𝐢𝐭𝐞𝐫𝐚𝐥𝐥𝐲 𝐤𝐞𝐞𝐩 𝐦𝐲 𝐩𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭 𝐢𝐧 𝐦𝐲 �...
1.1M 44.7K 51
Being a single dad is difficult. Being a Formula 1 driver is also tricky. Charles Leclerc is living both situations and it's hard, especially since h...
1.1M 49.3K 95
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC