"හෙ-හෙලෝ"
"හෙලෝ 119 හදිසි ඇමතුම් ඒකකය"
"මි-මිනියක්"
"මොකක්? මිනියක්?"
"ඔව්"
🚨🚨🚨🚨🚨🚨
"ඔයා මොකක්ද මේ ගැන හිතන්නේ?"
තරුන වයසේ පසුවෙන ගෑනු කෙනෙක් මළ සිරුර පරීක්ශා කරමින් සිටි කෙනාගෙන් සෝදිසියෙන් විමසුවා...
මද වෙලාවක් සිරුර දිහා බලාගෙන සිටි රහස් පරීක්ශකවරයාගෙ ඇස ගැටුනේ මියගිහින් තිබුන කෙනාගෙ හිසටයි...
"මේ බලන්න සේ හී මෙතන මෙයාගෙත් කොන්ඩෙ නෑ.."
එක වැර කෙස්මිටක් වේගයෙන් ඇද තිබුන නිසා ඇගේ හිස්මත තුවාල වී තිබුන හිස් තැනට ඔහු ඇගිල්ල දික් කරමින් පෙන්නුවා...
"මේකත් කලින් කෙනාගෙම වැඩක්"
ඔහු නැගිට තමන්ගෙ අත්වැසුම් දෙක ගලවා සේවකයෙකුගේ අතට දෙමින් සේ හී වෙත හැරුනා...
"එයා පණ පිටින් ඉද්දිමයි කොන්ඩෙ ගලවලා තියෙන්නේ.."
මියගිය කෙනාගෙ වේදනාව සිතින් මවාගත් සේ හී හැකිලෙමින් තමන්ගේ ඇග හරහ ගිය හිරිය පිටකර රහස්පරීක්ශකවරයාගේ පසුපසින් දිවගියා...
"එතකොට ඔයා කියන්නේ මේ හැම මැරුනු කෙනෙක්ගේම හිස්මුදුනේ කෙස්වැටියක් අයින් කරලා තිබ්බා කියලද?"
"ගලවලා"
"එතකොට කෝ ඒ කෙස්?"
තමන්ගේ වාහනේ දොර අරින්න ගිය රහස්පරීක්ශවරයා එතනම ගල්ගැසුනේ සේ හී ගේ ප්‍රශ්නයටයි...
"කෝ?... හොද ප්‍රශ්නයක්... මන් හිතන්නේ මිනීමරුවා එව්වා අරන් තියාගන්නවා ඇති..."
"ඊ කෙස්??? සයිකෝ කෙනෙක්..."
"ඔයා හරි ඌ සයිකෝ කෙනෙක්... අපි මෙච්චර දවස් ඉන්වෙස්ටිගේට් කරපු බොඩීස් මතකද?...හැමෝගෙම හිස් කබල් ගන්න දෙයක් නැති වෙන තරමටම හානි වෙලා තිබ්බා, ඒ මිනිස්සුන්වත් ඒ විදිහට වද දීලා මරලා තිබ්බේ... කායිකව...හා මානසිකව"
ඔහු කිව්ව හැම වචනයකටම සේ හී හුගක් අවදානෙන් ඇහුම්කන් දීගෙන ඉන්නවත් එක්කම එතැනට හති අරිමින් දිව ආවේ පොලිස් නිලදාරියෙක්...
"මිනිය පරීක්ශනවලට ගෙනිච්චා සර්... හෙට හවස් වෙනකොට රිපෝට්ස් ලැබෙයි කිව්වා"
"ආයිශ්" එම නිලදාරියට ප්‍රතිචාරයක් ලෙස ලැබුනේ හිසට පහරක්.
"මෝඩයා, සර් සර් ගාන්නෙපා කියල කියලා තියනවා නේද?"
"සොරි ස-"
"ආ!"
"ජ-ජන්කුක්"
"ඔය නම කිව්වා නම් ඔහේගෙ කට ගෙවෙනවද තේයොන්??ආ?"
"නෑ නෑ .. ඒත් මට වඩා උසස්කෙනෙක්ට ගරු සරු ඇතුව කතා කරන්න එපැයි නේ?"
ඔහු එතැන සිටි සේ හී දෙසට හැරෙමින් කීය...
"ආ ඒකනේ" ඇය සිනහවෙමින් කීවේ ජන්කුක්ගේ තරහා තවත් වැෆිකරමිනි..
"ඈයිශ් මෝඩයෝ දෙන්නා... ම්ම් මට බඩගිනි යමු මොනාහරි කමු..."
🍜🍜🍜🍜🍜🍜
"අද දින පෙරවරු 8.30ට හයොසෑන් නගරයේ පටුමාර්ගයක කසල බදුනක තිබී පාසල් සිසුවියකගෙ මලසිරුරක් ප්‍රදේශවාසීන්ට හමුවී ඇත... පෙරදින රාත්‍රියේදි සිදුවී ඇති මෙම මරනය ඝාතනයක් ලෙස අනාවරනය කරගෙන තිබේ... මීට පෙර ජුනි මස 4 වනදා සහ අගෝස්තු මස 8 වනදා ලැබුනු කාන්තා මලසිරුරුවල තිබී හමු වූ ලක්ශණ වලට බෙහෙවින් සමානකම් ඇති නිසා පොලිස් නිලදාරීන් පවසන්නේ මෙය එකම පුද්ගලයෙකු විසින් සුදුකරන ලද ඝාතනයක් බවයි...
දැන් විදෙස් පුව-"
"මන් නම් කියන්නේ ඔය සයිකො කෙනෙක් " තමන්ගේ පොත පසෙක තියා රූපවාහිනියේ චැනයල මාරු කරමින් ඇය කීවේ තමන්ගේ තාත්තටයි...
" හ්ම්ම් පරිස්සමින් ලමයෝ බලන්න ඔය මරපු තුන් දෙනාම ඔයාගෙ වයසෙනේ... ඌ ඔයා ඔය කියන විදිහේ මිනීමරුවෙක්නම් ඌ මරන්නේ ඔයාලගේ වයසේ දරුවන්ව..." එලවලු කපමින් සිටි මිස්ටර් කිම් තමන්ගේ වැඩේ මදකට නතර කර තමන්ගේ දුරකතනය අතට ගත්තේය...
"අයියා අද එන්නේ නෑවත්ද..." ඔහු තමන්ගේ වැඩිමහල් පුතාට ඇමතුමක් ගනිමින් ජැනේලයේ රෙද්ද මෑත් කර එලිය බැලුවේ ඔහු එනවාද කියා බලන්නයි...
-බීප් බීප් බීප්-
"ආන්සර් කරේ නෑ කියන්නේ අයියා එන්නේ නෑ අද" ඇය සතුටින් මිස්ටර් කිම්ට සරදම් කරමින් කිවේ සිනහාවෙමින්...
නමුත් මිස්ටර් කිම්ට ඒ ගැන තිබුනේ කනගාටුව... ඔහුගේ කනගාටුව දැනුන ඇය ඔහු අසලට ගිහින් වාඩි විය...
"තාත්තේ... අයියා පරිස්සමින් ඇතී හ්ම්ම්? ඔයා බෙහෙත් බීලා නිදාගන්න.. අයියා ගෙදර නාව පලවෙනි දවස ඈ අද"
"හ්ම්ම් ඔයාට බඩගිනි නැද්ද?" මිස්ටර් කිම් තමන්ගේ දුවගේ මුහුන දෙසබලමින් ඇසුවේ ඇය නැහැ කීමට හිසවනන්දී...
"ශුවර්?"
"ඕ"
" එහෙනම් හෙට ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න නිදාගන්නවා" ඔහු උසුලුවෙන් ඇයගේ උරහිසට තට්ටුවක් දමමින් ඇයත් සමග සිනා විය...
"සුන් හී! හෙට හවස ඔයාව එක්කන් යන්න එන්න මට බැරිවෙයි ... ෆාදර් ජෝන් එන්න කිව්වා මට අලුත් බ්‍රදර්ව පිලිගන්න උත්සවේ සන්විදානේ කරන්න.."
තරප්පුපෙල අසල නැවතුන සුන් හී ඔහු දෙස බලාගෙන සිටියේ හා කියන්න හිසවන්මිනි...
" සමහරවිට... ඔයාට පුලුවන්ද ඒ බ්‍රදර්ගේ පින්තූරයක් ලැබුනොත් අදින්න... "
ඔහු ඇසිවේ හිනාවෙමිනි...
"ආ මන් අදින්නම්... තාත්ත හෙට මට පින්තූරයක් ඉල්ලන් එන්න"
"හා හා"
🌅🌅🌅🌅🌅🌅
"ගුඩ් මෝනින් මිස්ටර් ජන්කුක්..."
"ගුඩ් මෝනින්... කෝ මිනිය..." ජන්කුක් ඔහු දෙස එක එල්ලේම බලාගෙන ඇසිය...
"එන්න මේ පැත්තේ..."
"මෙහෙ එනවා තේයොන් බයගුල්ලෙක් නොවී"
"ම-මට ලේ සුවද දරාගන්න බෑ.."
තමන්ගේ පිටිපස්සෙන් සිටි තේයෝන් දෙසට හිමින් සීරුවේ හැරුනු ජන්කුක් බිම් බලාගෙන ඉන්න තේයෝන් දිහා බලාගෙන සිටියේය..
"තමුසේ වැම්පයර් එනෙක්ද? දරගන්න බැහ්...මෙහෙ එනවා..."
ජන්කුක් තියුනු හඩට එකග වුනු තේයොන් ජන්කුක් පිටුපසින් වේගයෙන් ඇවිද ගියේය...
"මේක තමා සර් බොඩිය... අනිත් ඒවා වගේමයි දූශනය වෙලා නෑ" ඔහු මලසිරුර වසා තිබුන රෙදිකඩ ඉවත් කරමින් ජන්කුක්ට පැවසුවේ තේයොන් තමන්ගෙ උගුරට ආව කෙල ගුලිය ආයෙමත් ගිලගෙන පසෙකටවෙද්දී...
"හ්ම්ම් මෙයාගෙ බොඩි එකේ තිබිලවත් සැක හිතෙන දෙයක් තිබ්බේ නැද්ද?"
"නෑ සර්... මෙයගෙ ජානවලට වෙනස් කෙස්ගහක්වත් නෑ... හුගක් සූක්ශමව කරලා තියනවා... මැරෙනකොට මානසිකව හුගක් වැටිලා තියනවා... හිමින් හිමින් මරලා තියෙන්නේ...
මෙයා දුවන එක නවත්තන්න උකුල් ඇටේ ප්‍රදේශය පිහිපහරක් එල්ල කරලා තියනවා.... දනිස් කටු දෙකම කුඩු කරලා... පනපිටින් ඉද්දීම... විශේශම දේ...." ඔහු තවටිකක් රෙදිකඩ ඉවත් කරමින් මලසිරුරේ බඩ ප්‍රදේශට ඔහුට පෙන්විය....
PREY #7
මදක් තිගැස්සුනු ජන්කුක් මදවෙලාවක් එය දෙස බලාගෙන එය නිරීක්ශනය කරා...
'බ්ලේඩ් තලයක් වෙන්න ඕනෙ... තියුනු නෑ... මලකඩකාපු එකක්.... මේත් එයාම වෙන්නැතිද... ඒත් කලින් බොඩීස් දෙකේ මෙහෙම තිබුනේ නෑ නේ... ඌ අපිව නොමග අරිනවද.... '
"මිස්ටර් ජන්කුක්?"
"අ-අහ් මීට වඩා වෙනස් මොනවාමහරි තියනවද?"
"නැහැ සර්... හිස්කබලේ ඒ තැනම ලොකු ඉන්ජරි එකක් තියනව එතකොට කෙස් ගලවලා තිබ්බ එක... දනිස් කටුවල ඉන්ජරිස් පෙල්විස් එක තුවාලකරලා තිබ්බා... බොහෝවිට මේ එකම කෙනාවෙන්න ඕනෙ සර්... ඒ වගේම මෙය පිහිය කියන දේ එක්ක ලොකු ආශ්‍රයක් තියන කෙනෙක්... ඒ හැම පිහිපාරක්ම මෙයාට වේදනාකාරි වුනා ට මෙයාගෙ ජීවිතේට බලපාන්නේ හිමින්... එයා ඒක දැනන් ඉදලා තියනවා..."
"ම්ම් හුගක් ස්තූති මිස්ටර් ලී"
"ආහ් ඕක මොකක්ද මන් මගේ රාජකාරියයි කරේ"
"යමන් තේයොනා" තේයොන්ගෙ අතින් අල්ලගත්තු ජන්කුක් ඔහුව වැරෙන් එම කාමරයෙන් එලියට ගෙනගොස් ඔහුට නැවුම් වාතය හුස්න ගන්න සලස්වා නැවතත් හොස්පිටල් එක ඇතුලට යන දිගා තේයොන් බලාගෙන හිටියේ අපහසුවෙන් හුස්ම ගන්න තනමිනි....
"මට ඉයේ උදේ හම්බුනු ගෑනු ලමයගේ ෆයිල් එක දෙන්න..."
"තෑන්ක්ස්" ෆයිල් එක අතට ගත්තු ජන්කුක් එතනින් කඩමුඩියේ තමන්ගේ වාහනයට ගොඩවී මදවෙලාවක් සිටියේ තේයොන් එන තුරුවුනත් ඔහු නාව නිසා තරහින් හෝන් එක ගැසුවා... ඒත් එක්කම ඉක්මනින් ආව තේයොන් දිහා ජන්කුක් ඔරවන් බලාසිටියා...
"ඔහේට ලෙඩක්ද? ඈහ්?!"
"නෑ"
"එහෙනන් මාත් එක්ක ඇවිත් වාහනේට නගින්නේ නැතුව බලන් හිටියේ පිස්සුද ඔහේට?"
"ආ මන් මේ... "
"මන් මේ තමයි ඈයිශ් චහ්"
තේයොන්ට ඔරවමින් අහක බලාගත් ජන්කුක් තමන් ගෙනාව ෆයිල් එක කියවන්න ගත්තා...
------------------
2023.10.16
දින පාසල් නිමාවී නැවත ගෙදර එමින් සිටි පාසැල් සිසුවියගේ ඝාතනය.
නම- හන් නම් රා
වයස - 18
පාසල - හ්යොසෑන් හයි
........
"දැනට සැක කවුරුහරි ඉන්නවද සර්.... "
"ම්ම්ම් නෑ තේයෝනා..."
ඒත් එක්කම ජන්කුක්ට ආවේ ඇමතුමක්...
"හෙලෝ සේ හී..."
"හ්ම්ම් ඔව්... මන් තේයොන් එක්ක ගියා....ඔව් අමානුශික විදියට මරලා දාලා... ඔයා මොකද කරන්නේ..."
"මන් මේ අද උදේ පටන් ගත්තු ඔපරේශන් එක මේ දැන් ඉවර කලේ මොනාහරි හම්බුනාද?..."
"නෑ සේහි ඒත් අලුත් දෙයක් හොයාගත්තා.... මන් හම්බුනහම කියන්නම්"
"ම්ම් හොදයි ජන්කුක්"
"දැන් මොකද කරන්නේ.." තේයෝන් ඇහුවේ ඉස්සරහා බලාගෙන බර කල්පනාවක හිටිය ජන්කුක්ගෙන්...
"තේයෝනා... "
"ජන්කුක්?"
"මේ ටිකක් අමුතු කේස් එකක් වගේ දැනෙන්නේ නැද්ද?..." ජන්කුක්ගේ ඇහුවේ තේයෝන් දිහා බලමිනුයි...
"ඇයි එහෙම කියන්නේ?" තේයෝන් පුදුමයෙන් ඇහුවේ ජන්කුක්ගේ මුහුනේත් ඒ වෙනකොට පිරිලා තිබුන අවුල්සහගත බාවය නිසයි...
"ඒ බොඩි එකේ අනිත් බොඩිස් දෙකට වඩා වෙනස් දෙයක් තිබ්බා... ඒකෙ මොට බ්ලේඩ් තලේකින් බඩ දිහා ප්‍රේ නම්බර් 7 කියලා කපලා තිබ්බා තේයෝනා.." යටි තොල හපාගනිමින් ජන්කුක් කිවූ දේට තේයොන්ගේ ඇස් දෙකත් විශාල වුනා...
"ඒ කියන්නේ... ඒ එයාගෙ හත්වෙනි ගොදුර වෙන්න ඕනා... එයා මරපු හත්වෙනි කෙනා..." තේයෝන් ජන්කුක්ගේ මූනට එබෙමින් කිව්වේ ජන්කුකුත් තේයෝන්ගේ මුහුන දෙස ටික වෙලාවක් බලාගෙන කල්පනා කරද්දී...
"ඒත් මරන තුනයිනේ එකම ලක්ශන එක්ක සිද්ද වුනේ... ඒ කියන්නේ... මෙයා...කලිනුත් මිනීමරලා තියනවා... අපිට හතර දෙනෙක් මග ඇරිලා තියනවා..." ජන්කුක් හිරවී හිටියේ ලොකු ප්‍රස්තාවක... කොහෙන් පටන් ගන්නද... කොහෙන් කෙල්වර වෙයිද නොදන්න ප්‍රශ්නයක සුලමුල හොයන්න එයාට වෙලා තිබුන නිසා අපහසුවෙන් හුස්මක් පිටකෙරුව ජන්කුක් කාර් එක පනගැන්නුවා...
"අපි යමු ක්‍රයිම් එක වුන තැනට..." ජන්කුක් කිවූ දේට එකගවෙන්න තේයෝන් හිසවැනුවා...
"ශිශ්" තේයෝන් වාහනෙන් බැහලා තමන්ගේ මාස්ක් එකත් ග්ලවුසුත් දාගෙන ජන්කුක් එක්ක ගියේ මරන සිද්ද වුනු තැනටයි...
සිසුවිය මැරිලා හිටිය ඉරියව්ව වටේට සුදු හුනුවලින් ලකුනු කර තිබුනු අතර අදික රුදිර වහනයක් සිදුවී තිබුනා..
ජන්කුක් අවට පරීක්ශා කරන දෙස තේයෝන් උවමනාවෙන් බලන්ගමන් තමන්ගේ නහය තදින් අල්ලගෙන හිටියේ ලේ සුවදට ඔහුට මොනවෙලාවේ කලන්තේ දායිද කියන බයෙනුයි...
ටිකවෙලාවක් පරීක්ශාකරපු ජන්කුක් හිස් අතින්ම අසල තිබුන පඩියක වාඩිවී ඔහේ මද වෙලාවක් බලාගෙන හිටියා...
"කිසිම හෝඩුවාවක් ඉතුරු කරලා නෑ තේයෝනා... ඈයිශ්.. මොන ජාතියෙක මිනීමරුවෙක්ද මේ..."
තමන්ගේ පිසුපස බිත්තියේ ඔලුව වද්දග්නිමින් ජන්කුක් තේයෝන්ගෙන් ඇසුවේ තේයෝනුත් පටලැවිල්ලෙන් හිසවනන්දී..ඒත් එක්කම ජන්කුක්ගේ දුරකතනය නාද වෙන්න ගත්තේ තේයෝන්ව ටිකක් තිගස්සමිනුයි...
"හෙලෝ..."
"හෙලෝ...මේ ජියෝන් ජන්කුක්ද?"
"ඔව්?"
🚗🚗🚗🚗🚗🚗🚗🚗
"එත්කොට ඔයා කියන්නෙත් මේ සයිකෝ කෙනෙක් කියලාද?"
"ඔව් දැනට ඕගොල්ලොන්ට ලැබුනු සාක්ශි අනුව මේ මිනීමැරුම් තුන සන්සන්දනේ කෙරුවහම එහෙම දෙයක් තමයි පෙන්නන්නේ..." වෛද්යවරයෙක් වුනු මිස්ටර් කාන්ග් ටිකක් වයසක මනෝ ව්ල්ද්යවරයෙක් විය... ඔහුට අනුව මේ මිනීමැරුම් පිටුපස ඉන්න ඝාතකයා අනිවාර්යෙන් මානසික ව්යාකූලතාවයක් තියන කෙනෙක් වුනා...
"මොනා වුනත් ජන්කුක්... පරිස්සමින්... එයා එයා ඉලක්ක කරන අය විතරක්ම නෙවේ මරන්නේ... එයාට ඔයාගෙන් වදයක් වගේ දැනුනොත් ඔයාවත් ඉවරයක් කරන්න පුලුවන්... නැත්තන් ඔයාගේ පවුලේ අයව... එහෙම නැත්තම් එයා ඔයා මහන්සිවෙලා එයාව හොයන එක දිහා බලාගෙන තෘප්තියක් ලබනවා වෙන්නත් පුලුවන්... හැබැයි... ඌ මනුස්සයෙක් විදිහට සලකන්න එපා ... කොයිමවෙලාවකවත්..."
ජන්කුක් අසල තියන පුටුවක වාඩිවෙන ගමන් මිස්ටර් කාන්ග් කිව්ව දේවල්වලට උවමනාවෙන් ඇහුම්කන් දීගෙන හිටියේ ඔහු දුන කෝපි කෝප්පය අතට ගන්න ගමන්...
"එතකොට මිස්ටර් කාන්ග් කියන්නේ මේ අය මිනිස්සුන්ගේ වේදනාවෙන් තෘප්තියක් ලබනවා කියලාද?.." තේයෝන් කෝපි උගුරක් බොන ගමන් මිස්ටර් කාන්ග් දිහා බැලුවේ තමන්ගේ ඇස් බැමි හකුලාගනිමින්....
"ඔව්"
"ඈයිශ්...මන් හිතුවේ ඒ වගේ උන් ඉන්නේ කොමික් පොත්වල කියලා..."
"මෝඩයා" ජන්කුක් කිව්වේ රවමින්...
"ඇයි!... ආහ් විනාඩියක් දෙන්න මට... " තේයෝන් තමන්ගේ දුරකතනයට ආව ඇමතුමක් නිසා එතනින් සුලුමොහොතකට ඉවත්ව ගියා...
"මිස්ටර් කාන්ග්ට හිතෙන්නේ නැද්ද මේ මිනීමරුවා එයාට වෙච්ච මොකක් හරි දෙයක්... වේදනාවක් වගේ දෙයක් තවත් අයට දීලා පලිගන්නවා වගේ දෙයක්... නිකන් එයාගෙ කෙල්ල එයාව දාලා ගිහින් එයා ඒ පලියගන්නවා වෙන්න බැරිද?... දැනට අපිට හම්බුන බොඩිස් තුනම කෙල්ලොන්ගෙනේ..." ජන්කුක් සැකයෙන් මිස්ටර් කාන්ග් දෙස බලාගෙන ඇසුවේ මිස්ටර් ජන්කුක් සමග එකග වෙද්දී...
"හ්ම්ම්.. එහෙම දෙයක් වෙන්නත් පුලුවන්... එයා එතකොට මානසිකව වැටුන නිසා එයා එයාගෙ ගොදුරුත් මානසිකව වට්ටනවා ඇති..." මිස්ටර් කාන්ග් කිව්වේ තමන්ගේ පුටුවේ වාඩිවෙන ගමන්...
"එහෙනම් මන් යන්නම්... " ජන්කුක් තමන්ගේ අවසාන කෝපි උගුරත් බොනගමන් නැගිට්ටේ මිස්ටර් කාන්ග් සිනහවකින් හා කියද්දී...
මිස්ටර් කාන්ග් ගේ ගෙදරින් එලියට ආව ජන්කුක් දැක්කේ හිනාවෙවී කතා කර කර ඉන්න තේයෝන්ව...
"ඒයි තේයෝනා .... යමු" තේයෝන්ට කතා කරන ගමන් වාහනේට නැග්ග ජන්කුක් අතට ගත්තේ තමන්ගේ සාක්කුවේ මෙච්චර වෙලා තමන් තියාගෙන හිටිය රෙකෝඩර් එක... ව්ල්ද්යවරයා කියපු හැමදෙයක්ම ඔහු ඒකෙ පටිගත කරගෙන තිබුනා...
"කවුද කතා කරේ?..." ජන්කුක් ඇහුවේ තේයෝන්ට ඔච්චමට වගේ...
"ආ මේ ගෙදරින්... මට ඊයේ රෑ නින්ද ගියා ..කෝල් එකක් ගන්නත් බැරි වුනානේ පොඩ්ඩක් කලබල වෙලා එයාලා...
"ඔයාට හිතෙන්නේ නැද්ද ඔයා ඔයාගේ ජීවිතේ අවදානමේ දානවා කියලා තේයෝන්?" ජන්කුක් ඇහුවේ වාහනේ මිස්ටර් කාන්ගෙගේ ගේට්ටුවෙන් එලියට ගන්න ගමන්...
"ඇයි ජන්කුක් එහෙම මගෙන් අහන්නේ?.. ජන්කුක් කරන දේමයි මමත් කරන්නේ...ජන්කුක් කියන්නේ මන් දුර්වලයි කියලද?" තේයෝන් නොරුස්සන ස්වරයකින් ඇහුවේ ජන්කුක් තමන්ව අවතක්සේරුවට ලක්කරන බව දැනුන නිසයි...
"අනේ නෑ පිස්සුද?... ඒත් ඔයාට මොනාහරි වුනොත්...ඔයාගෙ පව්ලේ අය හුගක් කලබල වෙයි..."
"ඉතින් ජන්කුක්ගේ පවුලේ අය කලබල වෙන්නේ නැද්ද?"
"මට පව්ල කියලා දේකට මගේ තාත්තා විතරයි තේයෝනා ඉන්නේ... එයා සෝල්වල එයාගෙ බිස්නස් එක ගැන මිසක් වෙන දෙයක් ගැන තකන්නේ නෑ.. ඉතින් එහෙම හිතන්න දේවල් නෑ මට..."
"එතකොට සෑ හී?"
ජන්කුක්ට තේයෝන් කියපු දේට එක පාරම වාහනේ බ්‍රේක් එක්ක පෑගුනේ පාරෙ මැදමයි...
"කොහෙද මනුස්සයෝ යන්නේ!!" පාරේ මිනිස්සු ජන්කුක්ට බෑනගෙන ගියත් ඒ කිසිදෙයක් ගැන නොතකා ජන්කුක් වේගෙන් හැරුනේ තේයොන්ගේ පැත්තට...
"ඇයි තමුසේ එහෙම කියන්නේ..."
"ජන්කුක් එයාට කැමතී නේ?.. මන් හිතන්නේ සේහීත් ජන්කුක්ට කැමති" තේයෝන් කලබල වෙලා ඉන්න ජන්කුක්ගෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඔහුව තව තවත් අවුස්සමින් කිව්ව නක්කලේට හිනාවෙමිනුයි...
"අනේ මොට්ටයා" නමුත් ඒ වෙනුවට තේයෝන්ට ලැබුනෙ ජන්කුක්ගේ වේදනාකාරි ටොකු පහරක්...
"ඔහේට අමු කැවිලද? සේ හී මගේ යාලුවෙක්" ජන්කුක් රවාගෙන තේයෝන්ට කිව්වෙ තේයෝන් වේදනාවෙන් තමන්ගේ හිස අතගාද්දී...
"ස්ස්ස් හරි ඕයි ඉතින් තමුසෙලා ඉන්නේ ඒත් බැදපු උන් වගේනෙ... ඔය මිනිස්සු හෝන් ගහනවා වාහනේ අහකට ගන්න "
තේයෝන් ජන්කුක්ට බනිමින් යන මිනිස්සුන්ව පෙන්නමින් කියන විට ජන්කුක් ඉක්මනින් නැවත වේගයෙන් ගියේ හ්යොසෑන් පොලිස් ස්තාන්යටයි..
"බහින්වා"
"ආ" තේයෝන් ඉක්මනින් බැස්ස ගමන් තේයෝන්ට වචනයක්වත් නොකියා ජන්කුක් එක එල්ලේම ගියේ ඔහුගේ නිවසටයි...
🏡
"ආ ෆක්"
ජන්කුක් ෆ්‍රිග් එකෙන් සෝජු බෝතලයක් අරන් තමන්ගේ පුටුව උඩට වැටෙමින් ඇස් දෙක පියාගත්තේ තමන්ට ලැබිලා තිබුන කේස් එකේ පටලැවිල්ල කොහෙන් කොහම හොයාගන්නද හිතාගන්න බැරිවයි...
තමන් ගෙනාපු ෆයිල් තුන මේසෙ උඩ දිග ඇරගත්තු ජන්කුක් තමන්ට ලැබිලා තිබුන හැම සාක්ශියක්ම සෝදිසියෙන් බැලුවේ මොකක්ම හරි තව හෝඩුවාවක් ලැබෙයි කියන ලොකු බලාපොරොත්තුවකිනුයි....
"ඈයිශ්... කිම් සූහා... ජන්ග් මේරි.... හන් නම් රා.... "
හැම ෆයිල් කේස් එකක්ම මුල ඉදන් අගට කියවගෙන ගිය ජන්කුක්ට ක්සිම දෙයක් තේරුම්ගන්න නොහැකි වුනේ ඔහු ඒ වෙනකොටත් කලබලෙන් සිටිය නිසා වෙන්නත් පුලුවන්...
සෝජු උගරක් බොන ගමන් ටීවී එක දාපු ජන්කුක් දැක්කේ ප්‍රවුර්ති වල දිගින් දිගටම කතා බහ වන තමන්ගේ කේසස්...
"දිගින් දිගටම මේ වෙන මිනීමැරුම් පිටිපස්සේ ඉන්නේ කවුද?!"
"ඇයි ඔහුව තවම නිදැල්ලේ?"
"ඔහු රහස්පරීක්ශකවරුන්ටත් වඩා බුද්දිමතෙක්ද?"
"දැනටමත් පාසල් වයසේ දරුවෝ තුන්දෙනෙක් අපට අහිමි වුනා ඊලග කෙනත් පාසල් සිසුවියක්ම වේවිද?"
කොන්ෆෙරෙන්ස් එකේ එක දිගට නිවේදකවරුන් ප්‍රදාන පොලිස්පතිගෙන් ප්‍රහ්ස්න වැලක් අහගෙන ගියේ ඔහුත් මයික්‍රොෆෝනය ඉදිරිපිට ගොලුකරමිනුයි...නමුත් අවසානෙට නිවේදකයෙක් අහපු ප්‍රශ්නෙට නිකන්ම ජන්කුක්ගේ අවදානය ගියා...
"උබ ඊගාවට මරන්නෙත් ඉස්කෝලෙ කෙල්ලෙක්ද.."
📞📞📞📞📞📞
"හෙලෝ සේ හී..." ජන්කුක් තමන්ගේ ඇස් දෙක තදින් වහගන්න ගමන් පුටුවෙ හාන්සි වුනේ තමන්ට ආව ඇමතුමට ප්‍රතිචාර දක්වමිනුයි...
"ජන්කුකා... ඔයාට මහන්සීද?" සේ හී දුරකතනයේ අනෙත්පස සිට ජන්කුක්ගෙන් විමසුවේ ජන්කුක් කටකොනින් සමච්චලේට සින්හවෙද්දී...
"නෑහ්... ඇයි මේ වෙලාවේ" තමන්ගේ සාලේ එල්ලිලා තිබුන ඔරලෝසුව දිහා බලමින් ජන්කුක්ගෙන් සේහීගෙන් විමසුවා...
"මන් වැඩ ඇරිලා යනින් ගමන් ජන්කුක්... මේ දවස්වල වෙන ඒවා එක්ක මට ටිකක් බය හිතුනා.. ඒකයි... ජන්කුක් මට මොකක්ද කියන්න හිටියේ..." සේ හී ජන්කුක්ගේ අවදානය වෙන අතකට හරවිමින් ඇසුවේ උදේ ජන්කුක් තමන්ට පස්සේ කියන්නම් කිවූ දේ පිලිබදවයි...
"හ්ම්ම් මන් ඔයාට ඒ ෆොටෝ එක එව්වා.."
"ආහ් ඉන්න මන් බලන්නම්.... අහ්! මේක එදා මැරුනු ගෑනු ලමයගෙද තිබ්බේ?"
"හ්ම්ම්... ඔයා පාරෙද?..මට අමතක වුනා... බයවෙන්න එපා හරි?"
"ආ නෑ නැ- මන් හොදින් ජන්කුක් ගේට් එක ගාව ඉන්නේ..."
"ඉක්මනට ඇතුලට යන්න..." ජන්කුක් කිව්වේ තමන් නොසැලකිල්ලෙන් සේ හීගෙ හිත තවත් කලබල කරාදැයි සැකෙනුයි...
ඉක්මනින් දොරේ අගුල ඇරිය සේ හී ගේ ඇතුලට ගිහින් දොර නැවතත් අගුලු දමා තමන්ගේ පුටුවේ හාන්සී වුනේ ජන්කුක් තමන්ට එව්ව පින්තූරය දෙස බලාගෙනයි...
"හ්ම්ම්... ඒ කියන්නේ මෙයා කලිනුත් කට්ටිය මරලා තියනවා..."
"ඔව්, ඔය කොටලා තියෙන්නේ ඇත්තමනම්... ඊගව දඩයම එයාගේ 8 වෙනි ගොදුර සේ හී..."
"හ්ම්ම්... අහ්- අනේ ජන්කුක්.. අපේ අම්ම කතා කරනවා... මන් ඔයාට පස්සේ ගන්නම් හ්ම්ම්?"
"ආ ඕකෙ "
-බීප් බීප් බීප්-
සේ හීගෙ ඇමතුම විසන්දි වුන පසු ජන්කුක් නැවතත් තමන්ගේ දුරකතනය අතට අරන් මිස්ටර් කාන්ග්ව හමුවුනු විට ඔහු කිවූ දේවල් පටිගත කරගත් රෙකෝඩර් එක ඔන් කලා...
"මේ එවිඩන්සෙස් දිහා බැලුවම ජන්කුක්... මට හිතෙන්නේ මෙයා සයිකෝ කෙනෙක්... මේ හැම කෙනෙක්වම හිමින් හිමින් මරලා තියන විදිහ... තුන් දෙනාම එකම විදිහකට මරලා තියන විදිහා... වයස... සයිකෝ කෙනෙක් සාමාන්යෙන් තමන්ගේ ගොදුර තෝරගන්නේ මොකක් හරි දෙයක් මත... එහෙම අය බයානකයි..."
"එතකොට මිස්ටර් කාන්ග් කියන්නේ මේ මිනීමරුවා වයස 17 18 ගෑනු ලමයිව මරන්නේ?"
"ජන්කුක් හරි..."
"ඒත් මේ මරලා තියන විදිහ... හුගක් සූක්ශමයිනේ... කොහොම- ආහ්- කොහොමද ඒ? මට තුන්වෙනි බොඩියෙ එවිඩන්සස් හොයද්දිම තේරුනා මේක උගේ තුන්වෙනි මැරීම නම් නෙවේ කියලා..."
"කියන්න බෑ... සමහරවිට ඌ ඊට වඩා මරලා ඇති , සමහරවිට... ඔයා එයාව අවතක්සේරුවට ලක් කරන එක නවත්තන්න... එයා එයාගෙ මේ මීනීමැරුමේදි ඒ කීවෙනියාද කියලා සදහනක් කරන්න ඇති... මොකද සයිකෝ කෙනෙක් කැමති නෑ... ඌව අවතක්සේරුවට ලක් කරනවට..."
-බීප්-
ජන්කුක් රෙකෝඩින් එක නැවත්තුවේ බර කල්පනාවකට වැටෙමින්...
"අවතක්සේරුවට... ඒත්- ඒත් ඌ කොහොමද දන්නේ මන් ඒ උගේ තුන්වෙනි මීනිමැරුම කියලා සැක කරා කියලා... මේ කිසි දෙයක් අපි පබ්ලික් කරේ නෑ- ඈයිශ්"
ජන්කුක් ඒත් එක්කම තේයෝන්ට දුරකතන ඇමතුමක් ගත්තේ ඔවුන් හොයාගත්තු සාකිශි කිසිවක්වත් වෙන කිසිම දෙයක් ප්‍රවුර්ත්ති හරහා එලියට නොගිය බව සනාත කරගන්න වුනත් ඒත් එක්කම ජන්කුක්ට දුරකතන ඇමතුමක් ආවේ පොලිසියෙන්...
📞📞📞📞📞📞
"අන්යෝන්!! මන් ගිහින් එන්නම්!" තරුන වයසේ ගෑනු ලමයෙක් තමන්ගේ යෙහෙලියට සමුදෙන ගමන් ගේට් එකත් වහගෙන තමන්ගේ දුරකතනයෙන් සින්දුවක් අහමින් පාර දිගේ ඇවිදගෙන ගියේ සන්සුන්ව...
වෙලාව ඒ වෙනකොට රෑ අටත් පහුවෙලා තිබුන නිසා ඇය හිතේ තිබ්බ කනසලු බාවය නැති කරගන්න ඇය අවට වටපිටාව දිහා බැලුවත් එහි ගැබ්වෙලා තිබුනෙත් කලුවර මූසල බාවයක්... තමන්ගේ වේගය ටිකක් වැඩි කෙරූ ගැහැනු ලමයාට දැනුනේ පසෙක සිට කවුරුන් හෝ තමන් දිහා බලාගෙන ඉන්න වගක්... සැනින් පිටිපස හැරී බැලූ ඇයට කිසිවෙකුත් පෙනෙන්නට නොසිටිය නිසා ඇය වේගයෙන් තමන්ගේ ගෙදර පැත්තට යන්න තැත් කලත් ඇයට ඇහුනේ තමන්ගේ පිටුපසින් තමන් යන වේගයෙන්ම ඇවිදගෙන එන පුද්ගලයෙකුගේ අඩි සද්දයක්...
තව තවත් තමන්ගේ වේගය වැඩි කෙරූ ගැහැනු ලමයාත් සමගම ඇය පිටුපසින් ආව පුද්ගලායගේ වේගයත් වැඩිවෙන බව තේරුනු ඇය ඇවිදින එක නතර කර තමන්ට පුලුවන් උපරිමයෙන් දිවයන්න ගත්තේ ඇය පිටුපස සිටි පුද්ගලයාත් කටේ සමච්චල්ලෙන් සිනහවක් රදවාගනිමින් ඇය පිටුපස හබායන්න ගනිද්දී...
අන්දකාරයේ පෙනීම දුර්වල වුනත් එම පටුමග හුරු වූ නිසා ඇය අසල තිබුනු ටකරන් මඩුවක් ඇතුලට ගොස් සැගවුනේ ජීවිතය බේරාගැනීමට උපරිමයෙන් බලාපොරොත්තු රැස්කරගනිමින් හා මහන්සියෙනුත් බියෙනුත් වේගයෙන් ගැහෙන හදවතකුත් සමගයි... ටිකවෙලාවක නිශ්ශබ්දතාවයක් දැනුනු ඇය හිමින්සීරුවේ අවට නිරීක්ශනය කරන්න ටකරම් මඩුවෙන් එලියට හිස දැම්ම විටම තමා පිටුපස ආ පුද්ගලයාගෙ රුව ඇහැ ගැටුනු ඇයගේ බිය තව තවත් වැඩිවිනි... සක්කුවට අත දැමූ ඇය විගසින් ඇයගේ දුරකතනය එලියට ගත්තේ තමන්ගේ අම්මාට ඇමතුමක් දෙන්නයි... කලබලෙන් වෙවෙලන ඇගිලි නිසා දෙතුන් වරක්ම දුරකතනයේ පාස්කෝඩ් එක වැරදී ෆෝන් එක ලොක් වුනේ ඇයගේ හිතේ තිබුනු බලාපොරොත්තු සුන් කරමිනි... බියෙන් කදුලු පිරුනු ඇස් පිහිදගනිමින් ඇය තමන්ගේම අත තදින් සපාගත්තේ ඇගේ කටින් පිටවන ඉකි නවත්වා ගනිමිනුයි...
ටිකෙන් ටික ලග ලගම ඇසෙන අඩි සද්දය නිසා...
ටකරන් මඩුවේ ටකරමකට හේත්තුවෙලා හිටිය ගැහැනු ලමයා බිම බලාගෙන හිටියේ එහි තිබුනු අතුල්වීමෙන් ඇය පසු පස එන කෙනාගේ සෙවනැල්ල ඇයට පෙනුන නිසා... ටිකෙන් ටිකෙන් විශාල වුනු සෙවනැල්ලත් එක්කම තමන්ගේ ඉදිරිපිඅට ආව ඔහුගේ දෙපා දැක ඇයට ඉබේම කෑගැස්සුනේ එම පුද්ගලයා ඇය දෙස ශනිකයෙන් බලා ඇයගේ කෙස්වැටියෙන් අල්ලාගනිද්දී...
"ආහ්හ්!! මට යන්න දෙන්න අනේ දෙවියනේ!! මාව මරන්න එපා!! ප්ලීස්!! මන්- මන් වැරැද්දක් කෙරුවේ නෑ!!! අහ්හ්හ්හ්!!" ඇයගේ විලාපය ඇහෙන්නට අවට කිසිවෙකුත් නොසිටිය එකට සතුටු වුනු ඝාතකයා ඔහුගේ රාජකාරිය ඉතා සතුටින් පටන් ගත්තේ තමන්ව තෘප්තිමත් කරගනිමින් ඇයව විනාශ කාරීව හා වේදනාකාරීව මරමිනුයි...
________________________________
මේ වචන වැඩී 2704 🤓
නේත....😂
කතාව ගැන කියන් යන්න කමෙන්ට්ස් වටිනවා...🖤
Author-beri