ටේහ්‍යුන් හිටියෙ මල් වලින් වට වෙලා තියෙන ජන්කූක්ගෙ photo එක දිහා බලාගෙන...ඒ ඇස් වලින් කඳුලු බේරෙනවා...එයාට දරා ගන්න බැහැ වුන දේවල්...සුදු පාට මල් අතරෙ ලස්සනට හිනා වෙලා ඉන්න ජන්කූක් දිහා ටේහ්‍යුන් ඇහි පිය නොගහා බලන් හිටියා...
ජිමින් යුන්ගි දෙන්නා තවත් එයාලගෙ යාලුවො එක්ක එකතු වෙලා funeral එකේ වැඩ ගැන හොයලා බලලා කරා...ජිමින් වැඩිපුරම ටේහ්‍යුන් එක්ක හිටියා...ටේහ්‍යුන්ට මේ වෙලාවෙ කවුරුම හරි ඕන...
ජන්කූක්ගෙ මමා ඔහේ එක පැත්තක් බලාගෙන හිටියා...ටේහ්‍යුන්ගෙ වගේම ඒ ඇස් වලිනුත් කඳුලු බේරෙමින් තිබුනා...ජන්කූක්ගෙ පපා ඉස්සරහා බලන් හිටියා...එයාට මතක් වුනා ජන්කූක් ඉපදුන දවසෙ ඉදන් වුන හැමදේම...මුලින්ම ගෙදරට ගෙනාපු හැටි,මුලින්ම පපා කියලා කියපු හැටි,එයාගෙ අතේ එල්ලිලා මුල්ම අඩිය තියපු හැටි,මුලින්ම නර්සරි ස්කූල් ගිය දවස ඒ දවසෙ යන්න බැ කියලා අඬපු හැටි...
මුලින්ම ස්කූල් ගිය දවස,දඟ වැඩක් කරලා හා දත්දෙක පෙන්නලා හිනාවෙන හැටි,ටික ටික ලොකු වෙලා ඉලන්දාරියෙක් වුන හැටි,එක දවසක් සිගරට් එකක් බීලා ඒකට ගහලා අඬනකොට පපාම ගිහින් තුරුල් කරන් හිටි හැටි,මමා එක්ක එකතු වෙලා කෑම ජාති හදන හැටි,graduate වුන දවස,ටේහ්‍යුන්ව මැරි කරපු දවස,කාලකන්නි අතින් විනාස වෙලා ඉස්පිරිතාලෙ හිටිපු විදිහ මේ හැමදේම හිතලා අවසානෙ ජන්කූක්ගෙ පපා බැලුවෙ ඉස්සරහින් පේන ජන්කූක්ගෙ කොෆින් එක දිහා...
අද තමන්ගෙ මුලු ලෝකෙම වුන,හුස්ම වුන පුංචි හා කොල්ලා එයාලව දාලා සදහටම යන්න ගිහින්...ආයෙ කවදාවත් නොඑන්නම...
ඒත් ඒ ඇස්වලින් කඳුලු වැටුනෙ නැහැ...එයා ඒ වැටෙන්න දඟලන කඳුලු ඇස් අස්සෙම හිර කරන් හිටියෙ මේ වෙලාවෙ එයා එයාගෙ නෝනට හයියක් වෙන්න ඕන නිසා...
ගොඩක් දෙනෙක් ඇවිත් ජන්කූක්ට අවසන් ගෞරවය දැක්වූවා...ඇතුලට එන අය අඬාගෙන නාවට ඒ හැමකෙනෙක්ම එලියට ගියේ අඬාගෙන මොකද photo එකේ තියෙන ඒ අහිංසක හිනාව දැක්කම කාටවත් අඬන්නෙ නැතුව ඉන්න බැරි වුනා...
"තව ටිකකින් funeral එකේ වැඩ ඉවර වෙනවා ටේහ්‍යුන්, අපි මොනවා හරි කාල ඉමු" ජිමින් ටේහ්‍යුන් ලඟට ඇවිත් ඒ ඔලුව අතගෑවා...ජිමින්ට දැනුනෙ කියා ගන්න බැරි අසරණකමක්...එයාට ටේහ්‍යුන් ගැන දුකයි...ජිමින්ට පුළුවන් වුනානම් එයා ආයෙත් ජන්කූක්ව ගේනවා...ඒත් වෙන්න තියෙන දේවල් දැන් වෙලා ඉවරයි වගේම තව ඉස්සරහට වෙන්නත් තියෙනවා...
ටේහ්‍යුන් කිසිම දෙයක් නොකියා ඔහේ ජන්කූක්ගෙ පිංතූරෙ දිහා බලාගෙන හිටියා...
.
.
.
.
.
.
.
.
.
.
"නැ නැ ඔයාලට බැ මගේ කුකීට එහෙම කරන්න එයාට යන්න දෙන්න බැ" ටේහ්‍යුන් හිටියෙ වලට උඩින් තියලා තියෙන ජන්කූක්ගෙ කොෆින් එක බදාගෙන...
" ටේහ්‍යුන් රත්තරන් ප්ලීස් එන්න" ජිමින් ගිහින් පිස්සෙක් වගේ තමන්ගෙ පපුවට ගහගන්න ගමන් අඬන ටේහ්‍යුන්ව ඇදගෙන ආවා..."මාව අතඅරින්න මට මගේ කුකී එක්ක යන්න දෙන්න,මට එයාව ඕන" ටේහ්‍යුන් බිමි වාඩි වෙලා පන නැතුව වගේ හෙමින් මිමිනුවා...
මේ සිද්දිය බලන් ඉන්න හැමකෙනෙක්ගෙම ඇස් වල කඳුලු තිබුනා...අනිත් පැත්තෙන් ජන්කූක්ගෙ මමා...තවත් අඬන්න පණක් නැතුව ඒ මනුස්සයා ඔහේ පැත්තක් බලාගෙන ඉන්නවා...ඒත් තාමත් ඒ ඇස් වලින් කඳුලු කැට කඩා හැලෙනවා...ඒ වගේමයි ජන්කූක්ගෙ පපාගෙත්...
"දැන් කොහොමත් ආයෙ ටේහ්‍යුන්ට ජන්කූක්ව දකින්න වෙන්නෙ නැ ජිමින්,ඒ නිසා පොඩි වෙලාවක් අපි එයාට එතනින් ඉන්න දෙමු" යුන්ගිට බැහැ ටේහ්‍යුන් මේ වගේ බිම වැටිලා කෑ ගහනවා බලන්න..
යුන්ගි කියපු දේට එකඟ වුන ජිමින් ටේහ්‍යුන්ව අතඇරියා...නිදහසක් ලැබුන ගමන් ටේහ්‍යුන් ජන්කූක්ගෙ කොෆින් එක ගාවට වැටී වැටී දුවන් ආවා...ඇවිත් කොෆින් එක තදකරලා බදාගත්තෙ වෙනදා එයා ජන්කූක්ව තදකරලා බදාගන්නවා වගේ...
"එයාට නින්ද ගිහින් හ්‍යුන්" ජිමින් බැලුවෙ ජන්කූක්ගෙ කොෆින් එකත් බදාගෙන ඒ උඩින් ඔලුව තියාගෙන තද නින්දක ඉන්න ටේහ්‍යුන් දිහා..."සමහර විට එයාට එයාගෙ ආදරේ උණුසුම දැනෙනවා ඇති ජිමින්" යුන්ගි කඳුලු පිරුනු ඇස් වලින් බලන් හිටියා...
එතන ඉඳපු හැමකෙනෙක්ගෙම ඇස් වල කඳුලු පිරිලා තිබුනා...මේ සංවේදී දේ කොහොමද හිතක් පපුවක් තියෙන කෙනෙක් බලාගෙන ඉන්නෙ...සමහරු බලන්න ඉන්න බැරිම තැන ජන්කූක්ගෙ පපාට කියලා ජන්කූක්ට අවසන් ගෞරව කරලා එතනින් ගියා...
"හ්‍යුන් අපි ටේහ්‍යුන්ට සිහි නැතිවෙන්න inject කරමුද?" ජිමින් ඇහුවෙ එයාට තවත් එයාගෙ යාලුවා පිස්සෙක් වගේ හැසිරෙන විදිය බලන් ඉන්න බැරිම තැන...
"එහෙම ඕන නැ ජිමින් මේ කුකී එයත් එක්ක ඉන්න අන්තිම මොහොත එතනින් එහාට එයාගෙ ජීවිතෙත් අපේ ජීවිතෙත් ජන්කූක්ගෙ මතක විතරක් ඉතුරු වේවි"යුන්ගි තමන්ගෙ හැඬුම් පාලනය කරගෙන කිව්වා...
"මම දන්නෙ නැ ඉස්සරහට ටේහ්‍යුන් ජන්කූක් නැති ජීවිතේ කොහොම ගෙවයිද කියන්න" යුන්ගි කිව්වා...
යුන්ගිට වුනත් වුන දෙවල් තවත් දරාගන්න බැහැ...ඒ ඇස් වලින් කඳුලු හෝ ගාලා කඩාහැලුනා...එයාට මතක් වුනා ජන්කූක් තමන් එක්ක ගෙවපු ඒ මොහොතවල්...
ටික වෙලාවකින් යුන්ගි ගිහින් ටේහ්‍යුන්ව කෙලින් කරන්න හැදුවා...ඒත් ඒ අත් ගොඩක් තදින් ජන්කූක්ගෙ කොෆින් එක වටේ එතිලා තිබුනා...
"ටේ දැන් අපි යමු තව මෙතන ඉන්න බැ අවසන් කටයුතු කරන්න ඕන" යුන්ගි ටේහ්‍යුන්ට කිව්වා...හිමින් ඇස් ඇරපු ටේහ්‍යුන් "කුකී කුකී කෝ එයාට එන්න කියන්න" වට පිට බල බල කියවන හැටි යුන්ගි බලන් හිටියෙ දරාගන්න බැරුව...
"ම-මට ඉන්න ඕන මට කුකී එක්කම යන්න ඕන,ඔ-ඔයාලා යන්න මම කුකී එක්ක ගිහින් පුළුවන් වුනොත් පස්සෙ වෙලාවක එන්නම්" ටේහ්‍යුන් කතා කරන දේවල් වල කිසි තේරුමක් තිබුනෙ නැහැ...පපුව කීරි ගැහෙන වේදනාව නැති කරගන්න ටේහ්‍යුන් පිස්සෙක් වගේ කියෙව්ව එකයි කරේ...
එයා තාමත් ලෑස්ති නැහැ ජන්කූක් නැති ජීවිතයක් ගැන හිතන්නවත් මොකද ඒ දෙන්නා ඒ දෙන්නගෙ ජීවිතේ ආදරය කියන වචනයට අර්ථයක් දීලා පටන් ගන්න හැදුවා විතරයි...
"එන්න අපි යමු" යුන්ගි එහෙම කියලා ටේහ්‍යුන් කෑ ගහන අතරෙම බලෙන්ම ටේහ්‍යුන්ව ඇදන් ආවා...
ටිකක් වෙලා ගිහින් ජන්කූක්ගෙ කොෆින් එක හිමින් සැරේ වල ඇතුලට බෑවා...ටේහ්‍යුන් කඳුලු ගලන ඇස් වලින් බලන් හිටියා එයාගෙ කුකී එයාගෙන් සදහටම ඈතට යන විදිය...වෙනදා ටේහ්‍යුන් නැතුව පැයක්වත් ඉන්නෙ නැති ජන්කූක් අද ටේහ්‍යුන්ගෙන් ඈත් වෙලා ආයෙ නොඑන්නම යනවා...
ජිමින් පන නැතුව වගේ ඉන්න ටේහ්‍යුන්ව එක්ක ගිහින් අත් වලට පස් ටිකක් අරන් ඒවා ටේහ්‍යුන්ගෙ අත්වලට දාලා ටේහ්‍යුන් ලව්වා ඒ ටික කොෆින් එක උඩට දැම්මා...ටේහ්‍යුන් දැක්කා වල ඇතුලෙ ජන්කූක්ගෙ කොෆින් එක තියෙනවා...
එයාට තවත් දරාගන්න බැහැ...ටේහ්‍යුන් එහෙම්ම ජිමින්ගෙ ඇඟට කඩන්වැටුනා...
"ටේ!!"
.
.
.
.
.
.
.
.
.
ජන්කූක්ගෙ funeral එක ඉවර වෙලා දවස් දෙකක් ගෙවිලා ගිහින් තිබුනා...ටේහ්‍යුන් හිටියෙ කාමරේ මුල්ලක වාඩි වෙලා ජන්කූක්ගෙ අතේ තිබුන කඩදාසිය දිගඅරින ගමන්...
කඩදාසිය දිගඇරිය ගමන් ඒ බෝල අකුරු දැකලා ටේහ්‍යුන්ගෙ ඇස් ආයෙම තෙත් වුනා...ටේහ්‍යුන් අල්ලෙන් කඳුලු පිහදාලා ඒ ලිවුම කියවන්න පටන් ගත්තා...
මගේ හබී,
මට සමාවෙන්න වුන හැමදේටම ටේ...මට ඕන මේ වචන ටික ඔයා වෙනුවෙන් ලියන්න...ඔයා මේක කියවනකොට මම ඔයාගාවින් නැති වෙයි ටේ...
මම දන්නවා මම තමයි ඔයාගෙ ටියුලිප් මල කියලා...ඒත් මාව පරවෙලා ගියේ ඔයාගෙ ඉස්සරහමයි හබී අන්න ඒකයි මට දරාගන්න බැරි...මට තවත් ඔයත් එක්ක ජීවත් වෙන්න ඕන වුනා හබී ඒත් මට දැන් ආයෙ හැරෙන්න බැහැ...
මම බලන් ඉන්නවා ඔයා එනකන්ම ඒත් ඉක්මනට එන්න එපා හබී ඔයා ජීවත් වෙන්න ඕන...ඔයාගෙ වටින ජීවිතේ ඔයා ගෙවන්න ඕන ගොඩක් ලස්සනට...මම නිසා ඔයාගෙ ජීවිතේ නිකන් විනාස වුනා...මට ඒක වාවන්නෙ නැහැ...
හිනාවෙලා ඉන්න හබී...ඔයා වෙනුවෙන් බැරිනම් මම වෙනුවෙන් හරි හිනා වෙලා ඉන්න...අපි අතරෙ මතක ගොඩක් නැති වුනත් තියෙන ලස්සන මතක ටික මට ගොඩක් වටිනවා ටේ...ඉතින් ඒවා මම ඔයා වෙනුවෙන් ඉතුරු කරලා යනවා...මම නැති වුනත් ඒ මතක මතක් කරලා ඒවා එක්ක ජීවත් වෙන්න එතකොට ඔයාට පුළුවන් හිනා වෙලා ඉන්න මැණික...මමත් අපේ මතක එක්ක ඔයා එනකන් ඉන්නම්...
මට වුන කිසිම දේකට ඔයා වැරදි නැ ටේ...ඒ දේවල් මම ගෙනාපු දේවල්...මම දන්නවා දැන් ඔයා මට වුන දේවල් වලට ඔයාටම වැරැද්ද පටව ගන්නවා කියලා...එහෙම කරන්න එපා හබී එහෙම වුනොත් ඔයාගේ කුකීට දුක හිතෙනවා...ඔයා දන්නවා ඔයාගෙ කුකී කොච්චර අකමැතිද කියලා ඔයා අඬනවට...
මම දන්නවා දැන් මගේ හීරෝ අඩනවා කියලා...අඩන්න එපා...වෙනදා වගේ ඔය කඳුලු පිහදාන්න දැන් මට එන්න විදියක් නැහැනේ...මම වෙනුවෙන් ඔය කඳුලු පිහදාගන්නකෝ...
මගේ අසම්පූර්ණ චිත්‍රෙ සම්පූර්ණ කරන්න හබී...
මගේ මමාට කියන්න එයාගෙ සුදු පුතා එයාට ගොඩක් ආදරෙයි කිව්වා කියලා...අඩන්න එපා කියන්න නැත්නම් එයා අසනීප වෙයි...පපාටත් කියන්න එයාගෙ හා කොල්ලා එයාටත් මහ ගොඩක් ආදරෙයි කියලා...එයාට කියන්න මමා ගැන බලන්න කියලා...එයාගෙ දරාගැනීම ගැන මම තරම් දන්න වෙන කවුරුත් නැ ඒ නිසා එයා එක්ක කවුරු හරි ඉන්න ඕන...
ඒ වගේම ජිමින් හ්‍යුන් යුන්ගි හ්‍යුන් දෙන්නටත් මම ගොඩක් ආදරෙයි...මම දන්නවා එයාලා ඔයාව බලාගන්නවා කියලා...
ටේ, කඩා වැටෙන්න එපා...ජීවත් වෙන්න ප්‍රශ්න වලින් පැනලා යන්නත් එපා...මම කරේ ඒක..මම දන්නවා මම ගත්තෙ ගොඩක් වැරදි ආත්මාර්ථකාමී තීරනයක් කියලා...මම නිසා කී දෙනෙක් විඳවනවද?මටත් දරා ගන්න බැහැ ඒක ඒත් මට වුන දේවල් මමයි තනියම විඳගත්තෙ ටේ...
ඒ වේදනාව ඒ මානසික පීඩනය දන්නෙ මම විතරමයි හබී...ඒක ලොකු වේදනාවක් ඒක රිදෙනවා මගේ හබී...තාමත් මට රිදෙනවා හබී ගොඩක්...හිත වගේම මගේ ඇඟේ හැමතැනම තාමත් ගොඩක් රිදෙනවා...
ඒක තවදුරටත් මේ අහිංසක කුකීට දරාගන්න බැ හබී...ඒකයි මට නිදහසක් සුවයක් ඕන වුනේ නැතුව අනේ මම ආත්මාර්ථකාමී කෙනෙක් නෙමෙයි මගේ හබී...
මම වැරදියි ඔව් මම ඒක දන්නවා ටේ ඒත් ඇඟ හොලවගන්න බැරුව ඒ දැනෙන වේදනාව,තනියම වොශ්රූම් ගිහින් ඒ වැඩේවත් මට වේදනාවක් නැතුව කරගන්න බැරි වුනාම,මම නිසා ඔයාගෙ ජීවිතේ විනාස වුනා කියලා හිතෙන වාරයක් පාසා දැනෙන පපුව කීරි ගැහෙන වේදනාව මට තවත් දරාගන්න බැරි නිසයි හබී මම මේ තීරනේ ගත්තෙ...ඒ වගේම එදා මාව සතුටින් තියපු දවසට ගොඩක් ස්තූතියි...ඔයාට ලස්සනට සින්දු කියන්න පුළුවන්...
මගේ ටේ ශක්තිමත්ව ඉන්න ඕන,මම දන්නවා ඒක කරන්න අමාරුයි කියලා...ඒත් අපි ඒක කරමු හබී මම ඉන්නවනේ...ජීවිතේ ලස්සනට ගෙවන්න හබී අඳුරු මතකයන් අමතක කරන්න මාවත් අමතක කරලා පවුලක් හදාගන්න...
පස්සෙ හරි වෙලාව ආවම ඔයාගෙ කුකී එන්නම් ඔයාව එක්ක යන්න ම්ම්ම් හා නේද?
එහෙනම් මම නවතින්නම් හබී...
මම ඔයාට මහ ගොඩක් ආදරෙයි ටේ!
ඔයාගෙ කුකී.
ටේහ්‍යුන් දැක්කා ඒ ලිවුමෙ තැනින් තැන අකුරු බොඳ වෙලා තියෙනවා...එයා දන්නවා අනිවාරෙන්ම ඒ ජන්කූක්ගෙ කඳුලු කියලා..."ඒ වේදනාව මට දැනෙනවා මගේ මැණික,කුකීගෙ වේදනාව හබීට දැනුනා"ටේහ්‍යුන් මහ හයියෙන් ඉකි ගැහුවා...ලිවුම පපුවට ගුලි කරගෙන කඳුලු දිය කරලා හැරියා...
"මම ජීවත් වෙන්නම් මම හිනාවෙන්නම් ඒත් ඒ ඔයා වෙනුවෙන් විතරයි කුකී"
ටේහ්‍යුන් කඳුලු පිහදාගෙන නැගිටලා ලිවුම අරන් තිබ්බා...ටේහ්‍යුන් ඊලගට ගියේ කබඩ් එක ලඟට...ටේහ්‍යුන් ඒක ඇරලා ලාච්චුවෙන් නවලා තියෙන සුදු කොලයක් ගත්තා...
ටේහ්‍යුන් ඇඳ උඩින් වාඩි වෙලා ඒක දිගඇරියා...ඒක දැක්කම ටේහ්‍යුන් කඳුලු අතරින් යන්තම් හිනා වුනා...ඒකෙ තිබුනෙ ජන්කූක් ටේහ්‍යුන් දෙන්නාගෙ චිත්‍රයක්...
ටේහ්‍යුන් කාමරේ පැත්තක තියෙන ජන්කූක් චිත්‍ර අඳින් තැනට ගිහින් චිත්‍රෙ සම්පූර්ණ කරන්න පටන් ගත්තා...
"මම ඔයාගෙ මේ ඉල්ලීම ඉශ්ට කරන්නම් කුකී ඒත් ඔයා පවුලක් ගැන හිතන්න කියපු එකනම් කවදාවත් වෙන දෙයක් නෙමෙයි කුකී,මම ඔයාටයි ආදරේ" ටේහ්‍යුන් චිත්‍රෙ දිහා බලාගෙන හිටියා...
🙂💕
කුකී වැරදි ද?