ජන්කූක් හිටියෙ තමන්ගෙ සුපුරුදු ගෙදර සුපුරුදු කාමරේ සුපුරුදු ඇඳ උඩ...ජන්කූක් හිටියෙ ඇඳේ හෙඩ්බෝඩ් එකට හේත්තු වෙලා ජනේලෙන් පේන ඈත බලන්...ඒ ඇස් වෙනදා වගේ හැඟීම් පිරිලා දිලිසුනේ නැහැ...ඒවා දැන් හැඟීමක් නැති හිස් ඇස් වෙලා...වෙනදා වගේ ඒවා මුකුත් කතා කරෙත් නැහැ....
ටේහ්‍යුන් හිටියෙ කිචන් එකේ ජන්කූක්ට උදේට දෙන්න ඕන සුප් එක හදනගමන්...දැනට ජන්කූක් ගෙදර එක්ක ඇවිත් දවස් දෙකක් වෙනවා...ටේහ්‍යුන් මේ දවස් දෙකේම වැඩට නොගිහින් ජන්කූක් වෙනුවෙන් හැමදේම කරා...
"ගුඩ් මෝනින් කුකී මැණික" ටේහ්‍යුන් එයා හදපු සුප් එකත් අරන් කාමරේට ආවා...ටේහ්‍යුන් හිනා වෙලා ජන්කූක්ගෙ ලඟින් ඇඳේ කොනක වාඩි වුනා..."ම්ම් අපි සුප් එක බොමු" ටේහ්‍යුන් එයාගෙ අතේ තියෙන සුප් එක හැඳි ගාන ගමන් කිව්වා...
ජන්කූක් තාමත් බලාගත්තු අත බලාගෙන හිටියා..."කෝ මේ පැත්ත බලන්නකෝ" ටේහ්‍යුන් හිනා වෙවී එහෙම කියලා ජන්කූක්ගෙ මූන තමන් පැත්තට හරවගත්තා...
"කෝ ආ කියන්න" ටේහ්‍යුන් ආදරෙන් ජන්කූක් ලඟට සුප් හැන්දක් ලන් කරා...ජන්කූක් බලන් හිටියා විතරයි කට ඇරියෙ නැහැ..."අනේ මැණික කට අරින්නකෝ" ටේහ්‍යුන් හැන්ද ආයෙත් භාජනේට දාලා ජන්කූක්ගෙ ඔලුව අතගෑවා...
"අනේ මම නිසාවත්" ටේහ්‍යුන් කඳුලු පුරවගෙන ජන්කූක් දිහා බැලුවා...ජන්කූක් දැක්කා ටේහ්‍යුන්ගෙ ඇස් වල කඳුලු තියෙනවා...ජන්කූක් කැමති නැ ඒකට ඒ නිසා එයා හිමීට එයාගෙ කට ඇරියා...
ටේහ්‍යුන් සතුටින් හිනා වෙලා ජන්කූක්ට සුප් ටිකක් පෙව්වා...ජන්කූක් උපරිම සුප් හැඳි හතරක් පහක් වගේ බිව්වා...ටේහ්‍යුන් ඊලඟට ගොඩක් අමාරුවෙන් බෙහෙත් ටිකත් ජන්කූක්ට පෙව්වා...
මේකයි ජන්කූක්ගෙ තත්ත්වෙ...ටේහ්‍යුන් හිතුවටත් වඩා තත්ත්වය ගොඩක් වෙනස් විදියකටයි පෙරලුනේ...දැන් ජන්කූක් කාත් එක්කවත් කතා කරන්නෙවත් හිනා වෙන්නෙවත් නැහැ...ඔහේ ඇඳට වෙලා බලාගත්තු අත බලාගෙන ඉන්නවා...
ටේහ්‍යුන්ට මේ දේ කොහොමටවත් දරාගන්න බැහැ...ටේහ්‍යුන් බලාපොරොත්තු වුනා ජන්කූක් එක්ක කතා කරලා වුන දේවල් අමතක කරවන්න ඒත් ඒ හැමදේම කරන්න බැරි තත්වෙට වැටිලා...
.
.
.
.
.
.
.
.
.
"කෝ දැන් ජන්කූක්" යුන්ගි ජිමින් වැඩට ගියාට පස්සෙ ටේහ්‍යුන්ගෙ ගෙදර ආවෙ ජන්කූක්ව බලන්න..."මමා ඇවිත් ඇඟ සෝදනවා" ටේහ්‍යුන් බෙන්ච් එකේ ඉදන් අහස දිහා බලන් හිටියා...
"මට එයා ඇඟ සෝදන්න දෙන්නෙ නැ ඒ නිසා මමා ඇවිත් ඒ දේවල් කරලා යනවා" ටේහ්‍යුන් තාමත් අහස දිහා බලන් කිව්වා...ටේහ්‍යුන් කොහොමද මේ දුරස් වීම දරාගන්නෙ එයාලා ආදරේ කරන්න පටන් ගත්තා විතරයි...දැන් ජන්කූක්ගෙ හුරතල් වැඩ නැහැ...ඒ හිනාවත් නැහැ...මේ දේවල් ටේහ්‍යුන්ට කොහෙත්ම දරාගන්න බැහැ...ඒත් ඒක කරන්න වෙනවා..."එහෙම තමයි බන් ජන්කූක් තාමත් වුන දේවල් වලට බයෙන් ඉන්නෙ" යුන්ගි ටේහ්‍යුන්ගෙ පිට අතගාන ගමන් කිව්වා...
"මට තේරෙන්නෙ නැ බන්,ඇයි අපිට මෙහෙම වුනේ" ටේහ්‍යුන් ඇස් වලින් බේරෙන කඳුලු ගලාගෙන යන්න දුන්නා..."අඩපන් ටේහ්‍යුන්, ඇති තරම් අඩපන් කෑගහලා අඬලා දුක ටිකක් හරි තුනී කරගන්න" යුන්ගි ටේහ්‍යුන් දිහා බලන් හිටියා...
ඒත් එක්කම ටේහ්‍යුන් යුන්ගිගෙ උරහිසට බර වෙලා කෑ ගහලා ඇඬුවා...මෙච්චර දවසක් හිර කරන් හිටපු දුක වේදනාව ටේහ්‍යුන් පිට කරන්න හිතන් කෑ ගහලා ඇඬුවා...කොච්චර කෑ ගහලා ඇඬුවත් ජන්කූක්ගෙ වේදනාත්මක ඇස් මතක් වෙන වාරයක් පාසා ටේහ්‍යුන් පනපිටින් පිච්චිලා ගියා...
යුන්ගිගෙ ඇස්වලටත් කඳුලු පිරුනෙ එයාගෙ මල්ලිලා වගේ හිටපු ටේහ්‍යුන්ටත් ජන්කූක්ටත් වුන දේවල් නිසා...යුන්ගි හැමදේම ගැන හිතන්න ඕන...ටේහ්‍යුන් ගැන ජන්කූක් ගැන ජිමින් ගැන මේ හැමදේම...
💕🐷
ඔන්න ඉතින් එකක් දුන්නා ඉක්මනටම...
ආදරෙයිනේ මට🌚♥️
කලින් චැප් එකට දාපු අදහස් වලට මම රිප්ලයි කරන්නම් හරිද
ඒ වගේම ගොඩක් අදහස් දාගෙන යන්න මේකටත් අඩුගානේ ඉමෝජි එකකින් රියැක්ට් එකක් හරි මට වටිනවා ඒවා😒💕
එහෙනම් ඊලඟ එකත් ගේන්නම් ඉක්මනටම...ඒ වගේම මේ කතාවට ආදරේ කට්ටිය මට පුළුවන්නම් උදව්වක් කරන්න
මේ කතාව පුළුවන් තරම් share කරලා මට support කරන්න ප්ලීස්😓❤️
Oh my 😭♥️