"සිට්" ඇතුලට ආපු ටේහ්‍යුන් වාඩිවුනා..."ම්ම් මම තමයි පේශන්ට්ව බාරව ඉන්නෙ,මම ඩොක්ටර් නෝරා" නෝරා හිනා වෙලා ටේහ්‍යුන්ට පැහැදිලි කරා...ටේහ්‍යුන් හිටියෙ තව කෙනෙක් එක්ක හිනාවෙලා කතා කරන්න පුළුවන් මානසිකත්වයකින් නෙමෙයි...
"ඩො-ඩොක්ටර් මගේ හස්බන්ඩ් හොඳින්ද?" ටේහ්‍යුන් වෙව්ලන හඬකින් ඇහුවා..."ම්ම් එයා ගොඩක් දරුනු විදියට පස් දෙනෙක් අතින්ම දූශණය වෙලා තියෙනවා මිස්ට" නෝරා ටේහ්‍යුන් දිහා බලාගෙන හිටියා...එයාට ඕන වුනේ නැ මේ දේවල් ටේහ්‍යුන්ට කියන්න ඒත් ඒක එයාගෙ වගකීම...නෝරා දැක්කා ටේහ්‍යුන්ගෙ ඇස්වල තියෙන වේදනාව...
නෝරා කියපු දේවල් ඇහෙනවත් එක්කම ටේහ්‍යුන්ගෙ ඇස් වලින් කඳුලු කඩන් වැටුනා..."මට පුළුවන් විදියට එයාව හොඳ කරලා දෙන්න ඩොක්ටර්" ටේහ්‍යුන් එයාගෙ අත්දෙක එකතු කරලා නෝරාට කිව්වා...ටේහ්‍යුන්ට මේ වෙච්ච දේ දරාගන්න අමාරුයි...එයා අසරණයි...
"මෙහෙමයි මිස්ට,එයා රේප් වුන කෙනෙක් ඉතින් අපිට එයාට බෙහෙත් දීලා හොඳ කරන්න බෑනේ මිස්ට,අපිට කරන්න පුළුවන් එයාගෙ තුවාල වලින් එයාට දෙන වේදනාව නැති කරන එක විරතයි,අපි දැනුත් පැය ගානක් ඉදන් කරේ එයාගෙ අභ්‍යන්තරයෙන් වගේම බාහිරින් වුන තුවාල වලට බෙහෙත් කරපු එක,
එයා ලොකු කම්පනයකින් ඉන්නෙ,වුන දේවල් නැවත නැවත මතක් කරවන්න එපා,එයාව හිටපු තත්වෙට ගන්න පුළුවන් ඔයාට විතරයි මිස්ට මොකද ඔයා එයාගෙ හස්බන්ඩ්, මෙතනට ඔය වගේ රේප් වුන ගොඩක් අය එනවා ඒ අයට අඩුගානෙ කිසිම කෙනෙක් නැ මිස්ට ඉතින් ඒ අතින් ගත්තම ජන්කූක් ටිකක් හරි වාසනාවන්තයි
මොකද එයාට ආදරේ කරන්න ඔයා ඉන්නවා මිස්ට,එහෙම හිතලවත් දැන් තියෙන්නෙ ඔයාට හිත හදාගෙන එයා වෙනුවෙන් ශක්තිමත් වෙන්න"නෝරා හැමදෙයක්ම ටේහ්‍යුන්ට පැහැදිලි කරා...ටේහ්‍යුන් කඳුලු අතරින් ඒ හැමදේම අවදානයෙන් අහන් හිටියා...
"හරි ඩොක්ටර්" ටේහ්‍යුන් කඳුලු පිහදාගෙන ලා හඬකින් ඩොක්ටර්ට උත්තර දුන්නා..."එයාව අපි තව සතියක් තියා ගන්නවා,ඊට පස්සෙ තමයි ඩිස්චාජ් කරන්නෙ" නෝරා කිව්වම ටේහ්‍යුන් ඔලුව වනලා ඔහේ එලියට ඇවිදගෙන ගියා...
පැයගානක් තිස්සෙ හරියට කෑමක් නැතුව ටේහ්‍යුන් හිටියෙ මැරුනු කෙනෙක් ගානට වැටිලා...හරියටම කිව්වොත් ඊයේ හවස ඉදන්ම ටේහ්‍යුන්ට කෑමක් තිබුනෙ නැහැ...ටේහ්‍යුන් හිතුවෙම මේ හීනයක් කියලා...ටේහ්‍යුන්ගෙ හිත හැමතිස්සෙම කෑ ගැහුවා මේ හීනෙන් නැගිටලා ජන්කූක්ව අරන් කොහේ හරි දුරකට යන්න කියලා...
.
.
.
.
.
.
.
.
ජන්කූක්ව normal වෝඩ් එකට මාරු කරලා තිබුනා...ජන්කූක් හිටියෙ දුන්න බෙහෙත් වල සැර නිසා නිදා ගෙන...ටේහ්‍යුන් හිටියෙ ඇඳ ලඟ වාඩි වෙලා ජන්කූක්ගෙ සුදුමැලි වෙච්ච මූන දිහා බලාගෙන...
තවමත් ටේහ්‍යුන්ගෙ ඇස්වලින් කඳුලු බේරෙනවා...මේ දේවල් එයාට දරා ගන්න බැහැ...ටේහ්‍යුන් දන්නවා තමන් මේ වෙලාවෙ කාටත් වඩා ශක්තිමත්ව ඉන්න ඕන කියලා ඒත් ටේහ්‍යුන් කොහොමද බලන් ඉන්නෙ එයා ආදරේ කරන කෙනා මෙහෙම ඉන්නවා...මැෂින් ගොඩක් වට කරගෙන...
ටේහ්‍යුන් තනිකරම පිස්සු මනුස්සයෙක් වගේ වෙලා...ඒ ඇස් යට අඳුරු වෙලා...තොල් වේලිලා ගිහින්...මූන ඇදිලා ගිහින් කොන්ඩෙ අවුල් වෙලා කලිසමට යට කරපු ෂර්ට් එක එහා මෙහා වෙලා...දාලා තිබුන බොත්තම් ගැලවිලා...ඒත් ටේහ්‍යුන්ට ඒ දේවල් ගැන උනන්දු වෙන්න ඕන වුනේ නැහැ...
"කුකී ඔයාට රිදෙනවා නේද?" ටේහ්‍යුන් ජන්කූක්ගෙ අත තමන්ගෙ ලොකු අත් අතරට අරන් අතගෑවා..."මට සමාවෙන්න මට එන්න බැරි වුනා ඔයාව බේරගන්න" ටේහ්‍යුන් ආයෙ ආයෙත් එකම දේ කිව්වා...ටේහ්‍යුන් සියවතාවකට වඩා ඔය දේ කියලා ජන්කූක්ගෙන් සමාව ඉල්ලුවා...ටේහ්‍යුන් එයා පිටින් වැරැද්ද දා ගත්තෙ ජන්කූක්ට මෙහෙම වුනේ තමන් නිසයි කියලා...
"දැන් බය වෙන්න එපා මම ඉන්නවා" ටේහ්‍යුන් ජන්කූක්ගෙ ඔලුව අතගෑවා...ටේහ්‍යුන් මොන දේ කිව්වත් ජන්කූක්ට ඒ කිසිම දෙයක් ඇහුනෙ නැහැ...ජන්කූක් හිටියෙ සුවයක් නැතත් තද නින්දක...
ටේහ්‍යුන් ජන්කූක්ගෙ පියවෙලා තිබුන ඇස් දිහා බලන් හිටියා...ටේහ්‍යුන්ට මතකයි ඒ ඇස් කතා කරන්න පටන් ගත්ත හැටි...ටේහ්‍යුන්ට මතකයි ඒ ඇස් කවදාවත් බොරු කිව්වෙ නැ කියලා...
ආයෙමත් අලුත් කඳුලු ටේහ්‍යුන්ගෙ ඇස් වලින් ගලන් ගිහින් ජන්කූක්ගෙ මූනට වැටුනා...ටේහ්‍යුන් ජන්කූක්ගෙ වේලිලා තුවාල වෙලා තිබුන තොල් හිමීට ආදරෙන් සිපගත්තා...
ටේහ්‍යුන්ට ඕන වුනා ජන්කූක් දැන් මේ විඳින වේදනාව තමන්ට අරගන්න...ඒත් එයාට ඒක කරන්න විදියක් නැහැ...ටේහ්‍යුන්ට බැරි වුනාට ජන්කූක්ගෙ වේදනාව අරගන්න ඒත් එයාට ඒ වේදනාව හොඳටම දැනුනා...
ඔන්න ඉතින් ඔයාලා ඉල්ලලා තිබුන නිසාම දුන්නා🌚
මම මේක ටයිප් කරලා ඉවරයි බලමු ඉතින් ප්‍රතිචාරය අනුව තමයි දෙන්නෙ...
අද එක බෝරින්ග් ඇති🙂
දැන් මට ක්ලාස් ඔන්න ඉතින් හැමදාම කියවන වෝට් කමෙන්ට් කරන ඔයාලා නිසාම ගෝල් එක කම්ප්ලීට් වෙන්න කලින් දීලා යනවා🌚❤️
එහෙනම් next chap එකෙන් මුනගැහෙමු...♥️