ටේහ්‍යුන් ගේට් එකෙන් ඇතුලට වාහනේ දාලා වාහනෙන් බැස්සෙ සැකෙන් වගේ...වෙනදට මේ වෙනකොට ගෙදර වගේම ගාඩ්න් එක ගේට් එක ඉස්සරහා ලයිට්ස් ඔක්කොම ජන්කූක් දාලා තියෙනවා...
ටේහ්‍යුන්ගෙ හිතට අමුතු බයක් දැනුනා...ටේහ්‍යුන් ගැස්සුනේ එකපාරටම ගොරවන්න පටන් ගත්ත නිසා...ලොකු සුළඟක් ඇවිත් ටේහ්‍යුන්ගෙ ඇඟේ වැදිලා වගේ යන්න ගියා...ටේහ්‍යුන්ට කවදාවත් නැති අමුතුම මූසල හැඟීමක් දැනෙන්න ගත්තා...
ටේහ්‍යුන් දොරකොඩට ගිහින් දොර අරින්න හැදුවත් දොර ලොක් කරලා...ටේහ්‍යුන් නලල රැලි කරගෙන වටපිටාව බැලුවා...මේ වෙනකොට වෙලාව රාත්‍රී හතට විතර කියලා ටේහ්‍යුන් තමන්ගෙ අත් ඔරලෝසුවෙන් දැක්කා...
ටේහ්‍යුන් තමන්ගෙ සාක්කුවෙ තිබුන අමතර යතුරෙන් දොර ඇරගෙන ඇතුලට අඩිය තියනවත් එක්කම ටේහ්‍යුන්ට දැනුනා මහ කාලකන්නි හැඟීමක්...ටේහ්‍යුන් ගේ ඇතුලෙ වගේම දාන්න ඕන හැමතැනමකම ලයිට්ස් දැම්මා...
ගේ ඇතුල ආලෝකමත් වුනාම ටේහ්‍යුන් දැක්කා ගේ ඇතුල පාලුවට ගිහින් තියෙනවා...ටේහ්‍යුන්ට තාමත් ඇහුනා එලියෙ හයියෙන් හමන සුළඟෙ සද්දෙ...
" කුකී...කුකී" ටේහ්‍යුන් බෑග් එක පුටුවක් උඩින් තියලා කිචන් එකට ගියා..."ඔයා කොහෙද?" ජන්කූක් කිචන් එකේ පේන්න හිටියෙ නැති නිසා ටේහ්‍යුන් ටිකක් සද්දෙන් කතා කරන ගමන් බෙඩ් රූම් එකට ගියා...
"ඔයා ඉන්නවද?" ටේහ්‍යුන් රූම් එකට ඇතුල් වෙන ගමන්ම ඇහුවත් කාමරේ පුරාම ඇස් ගෙනියනකොට දැක්කෙ ජන්කූක් ඒ කොහෙවත් නැ කියලා...ටේහ්‍යුන් කලබලෙන් හැමතැනකම ජන්කූක්ව හෙව්වා...
ටේහ්‍යුන් ජන්කූක්ට කෝල් කරාට ගන්න හැම වතාවකම phone එක ඔෆ් කියලා සටහන් වුනා...ඒකෙන් ටේහ්‍යුන් ඕනවටත් වඩා බය වුනා...ටේහ්‍යුන්ට එකපාරටම මතක් වුනා ජන්කූක් ජිමින්ගෙ ගෙදර යන්න ඇති කියලා...
ඒත් ජිමින්ට ඩයල් කරන්න යනකොටම තමයි මතක් වුනේ ජිමින් යුන්ගි එක්ක කොරියාවට ගියා නේද කියලා...ඒත් එක්කම ටේහ්‍යුන්ගෙ ඇස් වලට කඳුලු පිරුනා...ආයෙත් ටේහ්‍යුන්ට මතක් වුනේ ජන්කූක්ගෙයි මමායි පපායි...ටේහ්‍යුන් ඉක්මනටම ඒ දෙන්නට කෝල් කරත් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කෝල් එක ආන්සර් කරේ නැහැ...
ඒ නිසා ටේහ්‍යුන් ගෙදරට ගත්තා...
"හෙලෝ" ටේහ්‍යුන්ට සහනයක් දැනුනා ගෙදර වැඩට ඉන්න මනුස්සයා හරි කෝල් එක ආන්සර් කර නිසා...
"මම ටේහ්‍යුන්,කෝ මමායි පපායි" ටේහ්‍යුන් හිටියෙ ගොඩක් කලබල වෙලා...
"ලොකු නෝනයි මහත්තයයි බූසාන් ගියා වෙඩින් එකක් කියලා" ඒ පැත්තෙන් ලැබුන පිලිතුරත් එක්ක ටේහ්‍යුන්ගෙ ඔලුව තවත් අවුල් වෙලා...
" ජන්කූක් ආවද?" ටේහ්‍යුන් ඇහුවා...
"නැ නැ ජන්කූක් බේබි ආ-" ගෙදර වැඩ කරන කෙනාට කතා කරන්න නොදීම ටේහ්‍යුන් කෝල් එක කට් කරලා හයියෙන් හුස්ම ගත්තා...
ජන්කූක් කොහෙද ඉන්නෙ?ටේහ්‍යුන්ගෙ මනස පුරාම ගියේ ඒ වචන ටික...ඒත් තාමත් ටේහ්‍යුන් දන්නෙ නැ ජන්කූක්ට වුනේ මොකක්ද ජන්කූක් දැන් ඉන්නෙ මොන තත්වෙන්ද කියන්න....
ටේහ්‍යුන් එහෙම්ම මහ වැස්සෙම ගෙදරින් එලියට බැහැලා කාර් එකෙන් ගියා...පටු පාර දිගේ ටේහ්‍යුන්ගෙ වාහනේ වේගයෙන් ඈතට ඇදිලා ගියා...ඒත් ටේහ්‍යුන් අවාසනාවකට පාරෙ පැත්තකට වෙන්න වැටිලා තිබුන රෝස පැල තියෙන බෑග් එකවත් රෝස පාට බනීලා ඉන්න පුංචි හුරතල් වොලට් එකවත් දැක්කෙ නැහැ...
.
.
.
.
.
.
.
.
.
.
ජන්කූක් හිටියෙ තමන්ට උඩින් තියෙන සිවිලිම දිහා බලාගෙන...ඒ ඇස් වලින් නොනවත්වා කඳුලු බේරෙමින් තිබුනා...ඒ ඇඟ හොල්ලගන්න බැරි වෙන තරමට රිදෙමින් තිබුනා...ජන්කූක්ට හිතුනා මේ මොහොතෙම තමන්ගෙ ඇස් පිය වුනානම් කියලා...මොකද ඒ තරම් ලොකු වේදනාවක් ජන්කූක් විඳලා වගේම තවමත් විඳිමින් හිටියා...
ජන්කූක් හිටියෙ නිරුවතින් පරන ඇඳක වැතිරිලා...ජන්කූක්ට ඇහුනා තමන් ඉන්න කාමරෙන් එලියෙ ලොකු හිනා හඬවල් රැව් දෙනවා...ජන්කූක් ඔහේ සිවිලිම දිහා තාමත් බලන් හිටියා...
ජන්කූක්ගෙ යටිකයෙන් තවමත් උණු ලේ ගලාගෙන යනවා...ජන්කූක්ගෙ තොල් පැලිලා...කම්මුල් පැලිලා...ඇඟ පුරාම සතෙක් කාලා දාලා වගේ පැල්ලම්...තමන්ගෙ සාමාජිකයගෙ හීරුම් තුවාල වලින් යන්තම් ලේ පාර හිටලා තිබුනා...
හරියටම කිව්වොත් ජන්කූක් හිටියෙ මිනිස්සු පස් දෙනෙක් අතින් දරුණුම විදියට දූශණය වෙලා...
ජන්කූක්ට වේදනයි...ඒක ගොඩක් රිදෙනවා...මල් පෙත්තක් වගේ සියුම් ජන්කූක්ට අද ගොඩක් රිදෙනවා...එයා ටේහ්‍යුන්ගෙ රූපේ හිතේ මවාගෙන සැනසීම හොයමින් හිටියා...
ටේහ්‍යුන් ජන්කූක්ව පුංචි දරුවෙක්ටත් වඩා හොඳට පරිස්සම් කරා...ඒත් අද ජන්කූක් තැලිලා පොඩි වෙලා ගිහින්...වෙනදා ජන්කූක් ටේහ්‍යුන්ට කතා කරපු ගමන් ටේහ්‍යුන් මොන වැඩේ තිබුනත් ජන්කූක් ලඟට දුවගෙන ආවා...ඒත් අද මේ මුලු පැය ගාන පුරාම ජන්කූක් ටේහ්‍යුන් මාව බේරගන්න කියලා කෑ ගැහුවත් ජන්කූක්ට ටේහ්‍යුන්ගෙ හෙවනැල්ලක්වත් දැකගන්න පුළුවන් වුනේ නැහැ...
මාව මරන්න එපා සගොර්🙂
මේ මේකෙ චැප්ටර්ස් මාරු වෙලාද ඔයාලට පේන්නෙ?මට පොඩ්ඩක් කියන්න ඒ ගැන හොඳේ
එහෙම වෙලානම් චැප් වල නම්බර්ස් බලලා කියවන්න හොඳේ😓