" ටේහ්‍යුන් දැන් යන්නෙ කොහොමද?" පාක් ජිමින්,ටේහ්‍යුන් නැමැති පුද්ගලයාගෙ මිත්‍රයා..."මම තව ටිකක් ඉඳලම යනවා ජිමින්,ඔයා යන්න" ටේහ්‍යුන් තමන්ගෙ කාර්යාල කාමරයෙ ඇති තමන්ට වෙන්වුන කාර්යාල මේසය අසල ඇති පුටුවෙහි වාඩි වී ශර්ලක් හෝම්ස් පොතකට සමවැදිලා හිටියා...
"හරි එහෙනම් මම යන්නම් ටේහ්‍යුන්,පරිස්සමින් ඉන්න" ජිමින් තමන්ගෙ වාහනයේ යතුර අතට ගන්න ගමන් කිව්වා..."හොඳයි" ටේහ්‍යුන් එක වතාවක් ජිමින් දිහා බලලා ආයෙත් පොතට අවදානය යොමු කරා...
"හ්ම්ම්" ටේහ්‍යුන් ටිකක් වෙලා පොත කියවලා ගැඹුරු හුස්මක් නිදහස් කරලා පොත වහලා පැත්තකින් තිබ්බා...
ටේහ්‍යුන් එහෙමත් නැත්නම් කිම් ටේහ්‍යුන් කියන්නෙ පැරිස් වල ඉන්න දක්ෂ හොඳම නීතිඥවරයෙක්...ටේහ්‍යුන් තමන්ගෙ දෙමව්පියන් එක්ක පුංචි කාලෙ ඉදන්ම පැරිස් වල හැදුන වැඩුන කෙනෙක් නිසා එයාට මේ පැරිස් ජීවිතය අලුත් දෙයක් වුනේ නැහැ...
ටේහ්‍යුන් කියන්නෙ විවාහක පුද්ගලයෙක්...අලුත විවාහක වුන කෙනෙක්...එයාගෙ කසාද ජීවිතය සතුටුදායක එකක්ද එහෙමත් නැත්නම් මොන විදියෙ එකක්ද කියන්න ටේහ්‍යුන්වත් අඩුගානෙ තේරුම්ගන්න උත්සහා කරන්නෙ නැහැ...
ටේහ්‍යුන් තමන් වාඩි වෙලා හිටිය තැනින් නැගිටලා තමන්ගෙ බෑග් එකට ඕන කරන ෆයිල්ස් ටික අරගෙන දාගත්තා...තමන්ගෙ කන්නාඩි දෙක ගලවලා පෙට්ටියට දාගෙන ඒකත් බෑග් එකට දාගෙන වාහනේ යතුර අරන් කාර්යාල කාමරයෙන් එලියට ආවා...
.
.
.
.
.
.
.
.
.
.
.
"හරි මමා එහෙනම් මම තියන්නම්,ඕකේ ඔයත් පරිස්සමින් ඉන්න" ජන්කූක් දුරකතන සංවාදය නවත්තලා ලෑන්ඩ් ෆෝන් එක තියලා එහෙම්ම ඉස්සරහා බිත්තියෙ තියෙන තමන්ගෙ ප්‍රමාණයෙන් බොහොම විශාල කසාද ඡායාරූපය දිහා හැඟීමක් නැති ඇස් වලින් බලන් හිටියා...
ජියෝන් ජන්කූක්,විවාහක තරුනයෙක්...ටේහ්‍යුන් වගේම ජන්කූක් වුනත් දන්නෙ නැ තමන්ගෙ කසාද ජීවිතය මොන වගේ දෙයක්ද කියලා...දන්නෙ නැ නෙමෙයි එයා මේවා තේරුම් ගන්න උත්සහා කරන්නෙ නැහැ...
"හ්ම්ම්" ජන්කූක් එකදිගට තමන්ගෙ කසාද ෆොටෝ එක දිහා බලලා හුස්මක් පහත හෙලුවා..ජන්කූක්ට ඇහුනා ගාඩ්න් එකෙන් ඇවිත් වාහනයක් නතර කරනවා...එකපාරටම ජන්කූක් බිත්තියෙ එල්ලලා තියෙන පරන තාලෙ විශාල ඔරලෝසුව දිහා බැලුවා...
වෙලාව රාත්‍රී නවයයි දොලහයි...ජන්කූක්ට මතකයි එයා දුරකතන සංවාදය නැවැත්තුවෙ අටයි තිහට විතර කියලා ඒ කියන්නෙ ජන්කූක් ගොඩක් වෙලා ඉදන් තමන්ගෙ වෙඩින් ෆොටෝ එක දිහා බලන් ඉඳලා...
"ඔයා පරක්කුයි" ජන්කූක් ගෙට ඇතුලු වුන ටේහ්‍යුන්ගෙ බෑග් එකයි කෝට් එකයි අතට ගන්න ගමන් කිව්වා..."පොතක් කියෙව්වා වෙලාව යනවා දැනුනෙ නැ" ටේහ්‍යුන් තමන්ගෙ අතේ තිබුන ගෙදර එනකොට ගේන කඩචෝරු මල්ල ජන්කූක්ට දුන්නා...
ජන්කූක් තමන්ගෙ අතේ තියෙන කඩචෝරු මල්ල දිහා බැලුවා...ටේහ්‍යුන් හැමදාම වැඩ ඇරිලා එනකොට අමතක නොකර ජන්කූක්ට මේවා ගේනවා...ඒත් ජන්කූක් බලන් හිටියෙ ටේහ්‍යුන් තමන්ට මල් බොකේ එකක් අරගෙන එනකන්...
ජන්කූක් දන්නවා ඒක කවදාවත් ටේහ්‍යුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා ඒත් ජන්කූක් හැමදාම ඒ වෙනුවෙන් බලන් හිටියා...
"ඔයා කාලද ඉන්නෙ?"තමන්ගෙ වීදුරුවට වතුර පුරවන ගමන් ඉන්න ජන්කූක්ගෙන් ටේහ්‍යුන් ඇහුවා..."නැ" ජන්කූක් එහෙම කියලා පුටුවකින් වාඩිවෙලා තමන්ට ප්ලේට් එකක් ගත්තා...
"මම එනකන් නොකා ඉන්න එපා අනෙක් දවසෙ කන්න" කෑම බෙදාගනිමින් ඉන්න ජන්කූක් දිහා ටේහ්‍යුන් බැලුවා..."මම ඒක කරන්න උත්සහා කරනවා ටේහ්‍යුන් ඒත් මට බැහැ එහෙම කරන්න මොනවා වුනත් ඔයා නීතියෙන් මගේ හස්බන්ඩ්" ජන්කූක් ලස්සනට හිනා වෙලා කිව්වා...ටේහ්‍යුන්නුත් ජන්කූක් කියපු දේට හිනා වුනා...
" ජන්කූක් මොනවද අද දවසෙ කරේ" ටේහ්‍යුන් වතුර ටිකක් බීලා වීදුරුව පැත්තකින් තිබ්බා..."ම්ම්ම් වෙනදා ටිකම තමයි ඒත් අද ඔයා ඊයේ ගෙනාපු ටියුලිප් අල ටික මම පොකුන වටේ පස බුරුල් කරලා යට කෙරුවා" ජන්කූක් තමන්ගෙ ඉස්සරහට එන්න දඟලන කොන්ඩ කැරැල්ලක් කන පිටුපස රැඳෙවිවා...
"අහ් එතන හොඳයි ඒවා වැවිලා මල් පිපුනම ලස්සනට තියේවි" ටේහ්‍යුන් කිව්වා..."හැබැයි ටේහ්‍යුන් මල් පිපෙන්න ගොඩක් කාලයක් යාවි" ජන්කූක් ටේහ්‍යුන් දිහා බැලුවා...ටේහ්‍යුන් හිනා වෙලා ඔලුව වැනුවා...
එතනින් එහාට ජන්කූක් ටේහ්‍යුන් දෙන්නගෙම අතර කිසිම කතාබහක් ඇති වුනේ නැහැ...නමුත් ඒ දිග නිහැඬියාව දෙන්නටම පහසුවක් මිසක් අපහසුවක් වුනේ නැහැ...මොකද හැමදාමත් වගේ කෑම වෙලාවට දෙන්න අතරෙ හුවමාරු වුනේ වචන දහයකටත් අඩුවෙන්...
හායි
ඔන්න තව අලුත් එකක් ගෙනාවා...මේක 𝘀𝗵𝗼𝗿𝘁 එකක හොඳේ😌
𝘀𝗲𝗲 𝘆𝗼𝘂 𝗻𝗲𝘅𝘁 𝗰𝗵𝗮𝗽𝘁𝗲𝗿💕
my heartu 😫🤎
😌❤️
Superb😌 but taehyungie hyungie hyung is very dangerous kook🙂😼❗