Mr. Cigee 🌷( Onhold )

By Jeon_aaru

4K 466 108

"ඔයා කියන්නෙ මම හාවෙක් වගේ කියලද මිස්ටර් සිගී? 😓" "😒" • slow updates 🥹 More

|01|🌷
|03|🌷
|04|🌷
|05|🌷
|06|🌷
|07|🌷
|08| 🌷
|09| 🌷
|10| 🌷
|11| 🌷

|02|🌷

431 45 6
By Jeon_aaru

Junkook pov :

ඔක්කොටම කලින් ලෝර්ඩ් වුන සූ බර නැති කරන් මං ජිමිනා එක්ක අපේ පළවෙනි ලෙක්ච එකට ආවා. ම්ම්ම් හිතුව තරම් අවුලක් නොතිබුණු හින්දා ලෙක්ච එක ඉවර උන ගමන්ම අපි දෙන්නා ආවෙ කැෆටේරියා එකට . සේරටම වඩා කෑම තමයි වැදගත් ...
වැඩිය දෙයක් කන්න බැරි හින්දා අපි ඩෝනට්ස් එක්ක මිල්ක් ශේක් දෙකක් අරන් කොණකට වෙන්න තිබුණ ටේබල් එකකට ආවා. අපි අපේ පාඩුවේ කෑම එක කකා ඉන්න කොට එකපාරටම කවුද මන්ද කෙල්ලෙක් ගිරිය යටින් කෑ ගහනවා ඇහිලා බය වෙච්ච පාර මට බිබී හිටිය මිල්ක් ශේක් එකත් හිර වුණා. මම වගේම මිනීත් ඒ සද්දෙට බයවෙලා කියලා උගෙ මූණ දැක්කම මට තේරුණා..
තප්පරයක් යන්නත් කලින් ගිරිය කඩාගෙන කෑගහන ප්‍රතිශතය වැඩි වෙද්දි මාත් පොඩ්ඩක් ඇහැ දාලා බැලුවා සෙලිබ්‍රෙටි කෙනෙක්වත් කඩා පාත් වෙලාද කියලා . ඇයි ඉතින් අපේ උන්ට චුට්ටක් හරි ප්‍රසිද්ධ එකෙක්ගෙ නියපොත්තක් දැක්කත් ඇතිනෙ බෙරිහන් දෙන්න. ටිකක් හොම්බ දාලා බලද්දි මම දැක්කා කැෆටේරියා එක ඇතුළට එන ඩයල් එකක්.

මේ මොකෙක්ද අනේ මේ 😐 පොඩි දැකල පුරුදු ගතියකුත් තියෙනවා හැබැයි.. මලෝත්තයි දෙයියනේ ඒ ආවෙ ජෝශු හ්‍යුන්ග්නෙ බොලේ..

"ජිමිනෝ ආන් උඹේ මස්සිනා පොඩ්ඩ. පොරව දැකල තමයි මේ ගෑනු ටික ඇටයක් හිර වෙලා වගේ කෑ ගහල තියෙන්නෙ "

"ජෝශු හ්‍යුන්ග් එක්ක තව දෙන්නෙක් එනවා උඹට පේන්නෙ නැද්ද ? උන් තුන්දෙනාම මේකෙ බ්‍රයිට් කේස්ද කොහෙද බං "

ජිමිනගෙ පැත්ත හැරිලා මං දැකපු එක කිව්වට පස්සෙ ඌ කියන අනිත් ඩබල කෞද බලන්න මම ආයෙමත් දොර පැත්තට හැරුණා..

"දෙයියනේ මිස්ට සිගී!! "

මම කිව්වා නෙවෙයි එහෙම කියලා කෑ ගැහුවා. හරි . ඇත්ත වශයෙන්ම කිව්වොත් මට කෑ ගැස්සුනා. 🥲 කොච්චර හිමීට මම කෑ ගහලද කියනවා නම් මුළු කැෆටේරියා එකේම ඉන්න කට්ටිය මගෙ දිහා බැලුවා. මම කිව්ව නමේ අයිතිකාරයත් ඇතුළුවම ! දැන් හරිනෙ අමාරුව කුකියෝ.. 🥲
මොනා කරන්නද ඉතින් හැමෝටම නර්වස් හිනාවක් දාලා මම ආයෙ අනිත් පැත්ත හැරිලා කන්න ගත්තා.
ටිකකින් මට ඇහුනා අපේ පැත්තට එන අඩි සද්ද වගයක්. ඒත් මම නෙවෙයි මූණ ඉස්සුවෙ. ආවෙ කවුරු වුනත් ඒ ආව අයගෙන් කෙනෙක් මගෙ එහා පැත්තෙ පුටුවෙන් වාඩි වෙද්දි දෙන්නෙක් වාඩි උනා ජිමිනගෙ පැත්තෙන්. ඒකෙනුත් කෙනෙක් මගෙ කෙලින්ම ඉස්සරහ පුටුවෙන් තමයි වාඩිඋනේ..

"ඉතින් ඉතින් පොඩි ඩබල.. කොහොමද කැම්පස් එකේ පළවෙනි දවස.?."

"කතා කරන්න එපා ජෝශු හ්‍යුන්ග් ඔයා නම් අපිත් එක්ක. කුකී නම් ගොඩක් තරහ වෙලා ඉන්නෙ ඔයා එක්ක. "

ඒ ඇහුන කතා බහෙන්ම මට තේරුණ ආවෙ කවුද කියලා .. බැරි වෙලාවත් මිස්ට සිගී ඔයත් මෙතන ඉන්නවද....

"ඔහ් කුකී බබා හ්‍යුන්ග් එකක් තරහ වෙලාද එතකොට ඉන්නෙ ? එහෙනම් මම ඔයා එනවා කියලා දන්න නිසා ගත්ත කෙහෙල් කිරි එක වෙන කාටහරි දෙනවා. "

එපා කුකී එපා ! කෙහෙල් කිරි එකක් නිසා තමන්ගෙ ආත්මෙ පාවා දෙන්න එපා. මතක් කරගන්න වීකෙන්ඩ් එකේ පාර්ක් එක්කන් යනවා කියලා මුලා කරලා ජෝශු හ්‍යුන්ග් බලාපොරොත්තු බිඳල දාපු විදිය..

"එහෙනම් ටේයා.. උඹ බීපන් මේක.. "

"ඊයා බං මේ මල ජරාව මිනිස්සු බොනවද ? "

ජෝශු හ්‍යුන්ග් ගිය සතියෙ මටයි ජිමිනටයි පොරොන්දු වෙච්ච විදියට පාර්ක් එක්කන් ගියෙ නැති නිසා තරහ වෙලා හිටිය හින්දම මූණ ඉස්සුවෙ නැති උනාට මොකද කාගෙන් ද මන්ද මගෙ සූකිරි බටිල්ලව දෙන්නද කියලා ඇහුවම ඌ මගෙ රටක් වටින පානයට අපහාස කරනවා ඇහුන විතරයි මට මල පැන්නා.

"යාහ්.. මගෙ සංකුට්ටට එහෙම ජරාවක් කියන්න තරන් තමුන්ට හයියක් ආවෙ කොහෙන්ද අහ් ? "

ඉස්සෙල්ලා වගේම ආයෙ පාරක් මම පිස්සෙක් වගේ කෑ ගැහුවෙ මගෙ ඉස්සරහ පුටුවෙ වාඩි උන මනුස්සයට . මොකද මට තේරුණා ජෝශු හ්‍යුන්ග් ටේයා කිව්වෙ ඒ කෙනාට කියලා ..

හැබැයි මට කියාගන්න හයිය තිබ්බෙ එච්චරයි . මොකද ඒ ටික කිව්වට පස්සෙ තමයි ටේ කියන්නෙ කවුද කියලා මම දැක්කෙ.. කලින් දැක්කා නම් ඔළුව උස්සන්නෙ නැතුවම ඉන්නවා. 😒

"මි..මිස්ට සිගී.. "

මම එහෙම මිමිණුවෙ හිමින් උනත් එයාට ඒක ඇහුනා. ඒ හින්දා වෙන්නැති එයාගෙ ඇඟිල්ලක් එයාටම දික් කරගන්න ගමන් අංග චලනයෙන් එයාටද මිස්ට සිගී කිව්වෙ කියලා ඇහුවෙ.. 🥲 අම්නේ දෙයියනේ එයාගෙ ඇඟිලි වල දිග.. 🥹 වාවන්නෑ දෙයියෝ...

එයා ඇහුව දේ තේරුණාට මම කරේ ආපිට බිම බලා ගන්න එක විතරයි . සැක් first impression එකම චකබ්ලාස්ට්නෙ ඉතින් 😒

"ඕයි ඕයි ටේ මේ බලාන්කො මේ පොඩි ඇටයගෙ සද්දෙ 😂"

ඒ ගමන කතා කරේ මගෙ එහා පැත්තේ වාඩිවෙලා ඉන්න එකා ! ශුවර් ශොට් ඔය ජිමිනගෙ පූසෙක් වගේ හ්‍යුන්ග් වෙන්නැති 🤧 එතකොට මේ බිලාලයා පොඩි ඇටයා කිව්වේ මටද 😐

"ඒයි මගෙ යාළුවට අනම් මනම් කියන්න එන්න එපා හරිද "

මේ පව්කාරයට එච්චර ආදරයක් 🥹 ජිමිනා මං වෙනුවෙන් බිලාල හ්‍යුන්ග්ට එහෙම කෑ ගැහුවහම බිලාල හ්‍යුන්ග් කරේ අනිත් අතට ජිමිනට කෑ ගහපු එක..

"යා කොට පාත්තයා..වැඩිය සද්දෙ දාගෙන ආවොත් තව අඟල් දෙකක් කොට කරනවා.."

"තමුසෙ මටද ඕයි කොට පාත්තයා කිව්වෙ ? "

හරි දැන් මෙතන තුන්වන ලෝක සංග්‍රාමය පටන් ගන්න යන්නෙ..

මොන නම කිව්වත් කොට කියන වචනෙ එක්ක එන නම් කෑල්ලක් ඇහුනත් ඇති අපේ ජිමිනට ප්‍රෙශර් නග්ග ගන්න.. ඕකගෙ වෙන ඒවවත් නගින්නෙ නැතුව ඇති ඒ නගින නැගිල්ල.. හුම්..

බිලාල හ්‍යුන්ග්ට නිවන් සුව ප්‍රාර්ථනා කරල මම පාඩුවෙ ඩෝනට් එක කන්න ගත්තා .. කෝමත් දැන් බනානා මිල්කි මාතෘකාව ඉවර නිසා ඕවා මට අදාල දේවල් නෙවෙයි අනේ.. 😌

" ඒයි මෝචි බෝලේ.. යුන්ගිගෙ කොණ්ඩෙ අත ඇරපන් මයෙ අම්මා.."

"යාහ්හ් මගෙ කොණ්ඩෙ අත අරිනවා පාත්තයෝ..."

මලෝත්තයි දෙයියනේ 😂 ජිමිනා බිලාල හ්‍යුන්ගෙ කොණ්ඩෙ එල්ලිලා.. ඔන්චිලිත් පදී වගේ තව ටිකකින්.. ජෝශු හ්‍යුන්ග්නුයි බිලාල හ්‍යුන්ග්නුයි මාරුවෙන් මාරුවවට කෑ ගහද්දි මම ඇස් කොනෙන් දැක්කා මගෙ මිස්ට සිගී හිනාවෙවී ඒ ඩ්‍රාමා එක බලනවා.. මගෙ සංකුට්ටට බැන්නට මම අදට ඔයාට සමාව දෙන්නම් මිස්ට සිගී .. හැබැයි අද විතරයි හොඳ ද 😒 ආයෙ අනම් මනම් කියන් ආවොත් නම් කනවා ඔය පෙට්ටි කට මම... හුම් 😏

***

දැවැන්ත සටනකින් පස්සෙ ජෝශු හ්‍යුන්ගෙ මැදිහත් වීමෙන් ගැටුම සමතකයට පත් උනේ අහක හිටිය මටත් පිනා චාන්ස් එකක් ඇදිලා. හරි ඉතින් වලිය පටන් ගත්තේ මං නිසා බව ඇත්ත 😐 ඒත් ඉතින් 😒

කොහොම හරි අන්තිමට ජෝශු හ්‍යුන්ග් අපිව ශොපින් එක්කන් යන්න ප්‍රොමිස් උනාට පස්සෙ අපි දෙන්නා තීරණය කරා එයා එක්ක ආපහු යාළු වෙන්න. පෞනෙ අනේ නැත්නම් 😪

***

"අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නෙ....."

උදේ පාන්දර කන ගාව ඉඳන් කවුඩෙක් කෑ ගහන සද්දෙට මම ඇහැරුනෙ උඩ ගිහින්.. ටික වෙලවකට පස්සෙ තමා මට තේරුනෙ ඒ වෙන කවුරුත් නෙවෙයි මගෙ ආදරබර මිත්‍ර පාරාණෙ පක් ජිමිනා කියලා 😒 අනේ ඇත්තටම මේ පම්කයට නින්ද යන්නෙ නැද්ද මන්ද . උදේම ඇවිත් මගෙ හීනලෝකෙ සුනුවිසුනු කරන්නෙ . 😒
ඉන්නෙ ජිමිනා කියලා තේරුණ නිසාම මම කරේ ආයෙ අනිත් පැත්ත හැරිලා නිදාගන්න හදපු එක. හැබැයි ඒ ජිමිනා රැප් එකක් වගේ කියාගෙන ගිය හෑල්ලෙ අන්තිම ටික ඇහෙනකන් විතරයි . 🥲

***

To be continued 🌷🩷

***

Continue Reading

You'll Also Like

589K 5K 23
လိင်နှစ်မျိုးပါတဲ့ဒွိလိင်ကောင်လေးကို မွေးစားထားသည့်အဖေနှင့်အစ်ကိုကြီးက စားသည့်ဇာတ်လမ်း သုံးကြိမ်မြောက်ပြန်တင်ချင်း အသက်မပြည့်သေးရင်မဖတ်ပါနဲ့ရှင် crd...
5.5K 1K 6
ඇයි මම, මම වෙන්න බය වෙන්නෙ? මේ ඉන්නෙ මම!! ඇයි මම ඒකට ලැජ්ජා වෙන්නෙ? ලෝකෙ හැමෝම එක වගේ නෑ. සුදු පාට මල් අතර රෝස පාට මලටයි හැමෝගෙම ඇස් යොමු වෙන්නෙ. ඒ ඇ...
6.7M 347K 116
Starring Kim Taehyung And Jeon Jungkook This is original by @ARTSEOULVK in twitter i just write it for the people dont have twitter and want to re...
399K 16.1K 46
ကြယ်ကလေးတွေလည်း လင်းလက်နေပါသေးသည်။ လမင်းကြီးလည်း ထိန်ထိန်လင်းနေပါသေးသည်။ ငှက်ကလေးတွေလည်း ပျံဝဲနေပါသေးသည်။ လေကလေးတွေလည်း တိုက်နေဆဲသာ။ ချစ်သေးရဲ့လားတဲ့...