Mr. Blonde Hair ||Namjin|| On...

By _Thush_

108 29 16

Namjin Fanfiction Story More

01
03

02

29 9 5
By _Thush_

ඕහෝ.. එහෙනම් මෙයාද අලුතින් ආපු ට්‍රේනී බෝයි. දෙන්නම්කො පුතාට මට දාපු රැස් වලට බෝනස් පිටින්. මන් හිතන්නෙ එයාව දැකලා මන් පුදුම වුණා වගේම මාව දැකලා එයත් පුදුම වුණා.

" ගුඩ් මෝනින් සර්. "

එතන හිටපු ගෑණු ළමයා මට ග්‍රීට් කරද්දි සුදු රෙදි හොරා තාමත් මන් දිහා බලන් ඇස් ලොකු කරන් ඉන්නවා.

" ගුඩ් මෝනින්. මට ඔයාලගෙ නම් කියන්න. "

" මන් ලීසා. "

කළු පාට ලස්සන කොට කොණ්ඩයක් තිබුණු බෑන්ග්ස් කපලා තිබුණු ගෑණු ළමයා එහෙම කියලා හිනා වුණා. මොනා වුණත් හරි සිරියාවන්ත කෙල්ල. ඒකට අනිත් එකා. බලන් ඉන්න හැටි විතරක් ඇටි කෙහෙල් ගිලපු උගුඩුවා වගේ.

" මන් කිම් නම්ජූන්. "

වාව්.. කොල්ලා පොඩි වුණාට මෙයාගෙ වොයිස් එක මාර ඩීප්නේ. නිකන් මරියානා ආගාධය වගේ. කිම් නම්ජූන්.. නයිස් නේම්.. බට් අපි දෙන්නට එකම සර් නේම් එක තියෙන්නෙ. අවුලක් නෑ ඉතින්..

" ඕකේ ගායිස් මට කියන්නකො ඔය දෙන්නා යුනිවසිටි එකේ කරේ කොයි වගේ ඩ්‍රිග්‍රීස්ද කියලා. මට ඔයාලගෙ යුනි වලින් ලෙටර් එකක් ආවා. ඒත් මට ඒක හරියට කියවන්න බැරි වුණා. "


" අපි දෙන්නම කරේ බිස්නස් මැනේජ්මන්ට් නේ. "

" ඕකේ. ඔහොම ටිකක් ඉන්න. "

මන් යුන්ගිට කතා කරලා මගේ කැබින් එකට එන්න කිව්වෙ මෙයාලට කරන්න ඕනි වැඩ පවරන්න. ඒත් මගේ හිතේ අර සුදු රෙදි හොරා වෙනුවෙන් තිබුණෙ වෙනම ප්ලෑන් එකක්.

" හ්යුන් ඔයා මට කතා කරාද. "

" ආ ඔව් යුන්ගි. මේ ඉන්නෙ ලීසා. එතකොට අර බෝයි එයා ජූන්. "

" මම ජූන් නෙමේ කිම් නම්ජූන්. "

යකෝ මුගේ තියන ඝනකම වැලි කඩදාසි වලවත් නැතුව ඇති.

" මට ඔය නම් දිගට දිගේ මතක තියා ගන්න වෙලාවක් නෑ. තමුන් මොන නම්ජූන් වුණත් මට වැඩක් නෑ. "

" හ්යුන්. තමුසෙට පිස්සුද මේ පොඩි ළමයට ඔය වගේ කෑ ගහන්න. "

මන් කිව්වෙ. යුන්ගි හිතන් ඉන්නෙ ඌ තමයි මගේ බොස් කියලා. දැන් මේ හිච්චි උන් ඉස්සරහ මට කෑ ගහන හැටි.

මන් යුන්ගි දිහා රවලා බලද්දි තමයි එයා ටිකක් කට පියා ගත්තෙ.

" ලීසා ඔය යුන්ගිෂි එක්ක යන්න. එයා ඔයාට කියලා දෙයි මොනවද අද ඉඳන් කරන්න ඕන කියලා. "

" හරි සර්. "

" එතකොට තමුන්. කිම් නම්ජූන්. මන් නම කිව්වා හරිනෙ. තමුන් මෙතන ටිකක් නවතින්න. "

යුන්ගි එක්ක ලීසා යද්දි මගේ කැබින් එකේ ඉතුරු වුණේ මමයි සුදු රෙදි හොරා විතරයි. මන් මගේ සීට් එකෙන් නැගිටලා බර අඩි තිය තියම ගියේ මූණත් නපුරු කරන් ඉන්න කොල්ලා දිහාවට. මන් එයාගෙ ළඟට ගියා විතරයි එයා අද උදේ වගේම නාහෙ හකුලව ගත්තා.

" තමුන් මන් දකින වාරයක් පාසා නාහෙ හකුළුවන්නෙ මාව ගඳයිද ආ. මන් දවසට දෙපාරක් නානවා හරිද. "

" ඔය ගඳ නෑ. "

" එහෙනම් මොන මගුලක්ද. "

" ඔයා ළඟ සුවඳ වැඩියි. "

මට දැනුණෙ මාව රත් වෙලා යනවා වගේ. මොකක් මන් ළඟ සුවඳ වැඩියි.

Continue Reading

You'll Also Like

1.8M 58.9K 72
In which the reader from our universe gets added to the UA staff chat For reasons the humor will be the same in both dimensions Dark Humor- Read at...
330K 11.6K 52
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...
699K 11.2K 65
ˏˋ°•*⁀➷ 𝗔𝗱𝗱𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝘄𝗿𝗼𝗻𝗴 𝗻𝘂𝗺𝗯𝗲𝗿 𝘁𝗼 𝗮 𝗴𝗿𝗼𝘂𝗽𝗰𝗵𝗮𝘁 𝗶𝘀 𝗲𝗮𝘀𝗶𝗹𝘆 𝗱𝗼𝗻𝗲 𝗻𝗼 𝗺𝗮𝘁𝘁𝗲𝗿 𝗵𝗼𝘄 𝗳𝗮𝗺𝗼𝘂𝘀 𝘆𝗼�...
414K 12.5K 94
Theresa Murphy, singer-songwriter and rising film star, best friends with Conan Gray and Olivia Rodrigo. Charles Leclerc, Formula 1 driver for Ferrar...