━━━━━ EVIL LOVER ━━━━━

By RRandima

782 109 19

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔 ♡ .............මන් එයාට ආදරේ කරන්නේ කවදද කොහොමද කි... More

━━━━━ EVIL LOVER ━━━━━
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 ♡
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 ♡
🫡🫰🫶✨
♡ 04 Chapter ♡
♡ 05 Chapter ♡
♡ 06 Chapter ♡
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 ♡
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 ♡
♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 ♡

♡ 𝐂𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 ♡

85 17 3
By RRandima

━━━━━ EVIL LOVER ━━━━━

ඇයගේ ආදරයෙන් ඔහුව වෙනස් කිරීමට ඇයට හැකි වේවිද.....? 💔

#EvillLover

━━━━━━━ Episode  02 ━━━━━━━

📥  ටින්  ටින්.....( 🤭  කාටුන්  එක නෙවෙයි )

🤍  Unknown number එක්ක්... 🤔

.
.
.
.
.
.
.
.
.
.
.

👤📥 Sorry.

🤍 Sorry...?  කව්ද මේ...

🤍📤  කව්ද මේ...?

මට ආපු මැසේජ් එකට  රිප්ලයි එකක් දැම්මත් ආපිට මට  රිප්ලයි  එක්ක ආවේ නෑ .  සොරි කියන්න  තරම්  වැරැදීක  මට උනේ කාගෙන්ද.....? මන්  කල්පනා කරා.. ඒත් බැරි වෙලාවත් ඒ ... නෑ කීයටවත්  එයා වෙන්න බෑ.අනික  එයා ළග කොහෙන්ද  මගේ නම්බර් එක.  අනේ  විකාරා.  මම  එහෙම්ම  ෆෝන් එකත්  බෙඩ්   ටේබල් එක  උඩින්  තියලා ශීට් එකත් ඔලුවේ ඉදන්ම  පොරවගෙන  නිදා ගත්තේ  හෙට  උදේන්ම  නැගිටලා  university   යන්න් ඕනී කියලා මතක් උනාහම.

.......................................................................

මේ අතර  දෙන්නෙක් නම්  මේ  වෙද්දී නයිට්  ඩිවුටි.

🐥ඒකනෙවෙයි බං  අපි මේක හෙටම  භාරදෙන්න ඕනිද බං.

🐯 ඔව් බං.

🐥 මේ ටෙයියා  ජින්  හියුන්ග්ට කියලා  ශේප්කට් එකක් දාගන්න බැරි  වෙයිද.

🐯 මුලු හෝල්  එකක් මැද  කන  පුරවලා අහගන්න ආසාවක්  තියෙනවද කොටෝ.

🐥 මන්  උබට කියලා  තියෙනවා  මන් කොට නෑ  කොටියෝ.

🐯 හරි හරි  ඒක  දැක්කම  පේනවා. දැන් ඉතින් කො... නෑ මේ ජීමිනෝ කටවහගෙන ඔන්න ඕක  ඉවර කරහන්  අද  රෑම   නැගිටලා  ඉන්න බෑ බං. හාආආආ.. මාර නිදිමතයි .

🐥  ඒකනෙවෙයි කුකීයා ඉවරද දාන්නේ නෑ.මොකෝ කියන්නේ කෝල් එකක්  අරන් බලමුද...?

🐯  ම්ම්ම්ම්ම්

🐥📲 🐰

🐥 ඒ මූ නිදිද කොහෙද. තවසැරටක්  අරන් බලමු.

🐯 ම්ම්ම්ම්

ජීමින් ආයෙත් කුකීගේ නම්බර් එක ඩයල් කරා... ඒ  සැරේනම්  වැඩේ හරි.

📱🐰 හලෝ.. හා... කව්ද  මේ . කවුරු උනත් කමක් නෑ.  දැන් කුකී බබා නිදි. හෙට  ගන්න  හෙට. ගුඩ් නයිට්.... 🥱😴😴😴😴😴😴😴

ස්පීකර් දාලා තිබුන  ජීමින්ගේ  ෆෝන් එක  දිහා බලාන් හිටපු  ටේ  ජීමින් දිහා බැලුවේ මොකද්ද බං ඒ  උනේ කියලා  අහන බැල්මකින්.

🐥 ටේ  ඌ මොකද්ද බං  ඒ කිව්වේ.

🐯 උබ අහන්නේ.....

🐥 කුකී බ බා........ 🤣🤣🤣🤣🤣

🐯  මරු බබා.  හම්මෝ බං....🤣🤣🤣🤣

🐥 කුකී බබා...🤣🤣🤣🤣🤣

🐯 හා හා.. මට බෑ. අයියෝ......🤣🤣🤣🤣

🐥 ඒ මූ ෆෝන් එක  ඕෆ් කරලා නෑ බං..

🐰 😴😴😴😴😴😴😴😴😴😴😴

🐯 හම්මෝ බං  මේකා ගොරවනවා... ලී මෝලක් වගේ.🤣🤣🤣 ජිමිනා මගේ ෆෝන් එක  ගනින්කෝ.

ජීමින්  ඇද  ළග  තිබුන කබට්  එක  උඩ  තියලා  තිබුන ෆෝන්  එක  අරගෙන ටේගේ  අතින්  තිබ්බා. ටේ රෙකෝඩ්  ඔන් කරලා  ජීමින්ගේ  ෆෝන් එකට  ඇල්ලුවේ  කට් කරලා නැති  ෆෝන් එකෙන්  ඇහෙන   කුකීගේ  ගෙරවිල්ල  රෙකෝට් කර ගන්න. ඒ වැඩේ අති  සාර්තක  අන්දමින් ටේ  නිම කරා.   ෆෝන් එකෙන්  රෙකෝඩ් කරපු  රෙකෝට් එකත්  පැත්තකින්  තියපු ටේ.

🐯 කුකී බබාට  සප්ප්‍රයිස්  එකක් දෙමු.

🐥 පව් බං.🤣🤣🤣🤣🤣

🐯 ඕකා අපිට කරන ඒවට  මේවා  හොද  වැඩී.

🐥හම්මෝ බං  හක්කත්  රිදෙන්වා හිනා වෙලා.

🐯 මගේ නිදිමතත් ගියා.

🐥 ඇති ඇති මේක ඉවර කරලා නිදාගමු.

ජීම්න්  ටේ  දෙන්නා ෆෝන් එකත්  පැත්තකින්  තියලා ආයෙත් කර කර  හිටපු  වැඩේට  අවදානේ  දුන්නා.වෙලාව  යනවා  දෙන්නට  දැනුනෙවත් නෑ.  රෑ  12ත් පහු වෙලා  දෙන්න  තාමත්  වැඩ.  

ඔය විදිහට  තව පැයක් නෑ පැය  දෙකක්ම  ගෙවිලා  ගියා. ඔක්කොම  වැඩ  ටික ඉවර කරලා  ලැප් එකයි පොත්  ටිකයි  වහලා  දාලා ජීමින් දිහා බලපු ටේට හිනා ගියේ කටත්  ඇරගෙන  කොට්ටෙත්  තුරුලු කරගෙන නිදාන් ඉන්න ජිමින්ව දැකලා.  කොහොමෙන්  කොහොම හරි  කකුලෙන්  ඇදලා  අරන් ජීමින්වත්  ඇදේ  ඇල කරලා ටේත්  එහෙම්ම නින්දට ගියා.

Next  Day Morning ,

👩‍🦰 කෝ කෝ දැන්  නැගිටින්න කිව්වම  අහලා.  බලන්න වෙලාව. university   යන්නේ නැද්ද.

👩‍🦰 හරි  ශෝක් ඉලන්දාරි කොල්ලෝ  දෙන්නෙක් නේ.ටේ.. කෝ නැගිට්න්න.

🐯 ම්ම්ම්ම්ම්ම්

ටේ  කොට්ටෙත් බදාගෙන  අනිත්  පැත්ත හැරුනේ  ඔම්මව  ගානකටවත්  ගන්නේ නැතුව.

👩‍🦰 මෝචි බෝලේ  කෝ  ඔයාවත් නැගිටින්න.  කෝ ඉතින්.   ඔහොම ඉන්නකෝ කරන්න හොද වැඩක්.

ටේගේ ඔම්මා  ටේ  ජීමින්  ඩබලව ඇහැරවන්න ගොඩ  වෙලාවක ඉදන්  මේ උත්සහය. ඒත් ඉතින් ඒක ලේසි  වැඩක්  නම්  උනේ නෑ.  බැරිම තැන  ඔම්මා  ටේබල් එක  උඩ  තියලා  තිබුන්  වතුර විදුරුව  අතට  ගත්තේ  මේ වැඩේ නොකර මේ දෙන්නව  ඇහැරවන්න බැ කියලා එයා හොදටම  දැනන් හිටපු නිසා.  වතුර වීදුරුවෙන්  පොඩ්ඩක්  අතට අරන්  ඒ  වතුර ටික  ජීමින් ටේ  දෙන්නටම වැටෙන්න ඉහපු  ඔම්මා  ටිකක් එහාට  උනේ  ඊළගට  වෙන්  දේ  දන්න නිසා.

🐥 😴  ආ....ම්ම්ම්ම්ම්..... 😴

මූණට  වැටුන  වතුර ටිකත් නින්දෙන්ම මූණෙන් පිහිදපු  ජීමින්  කොට්ටෙත් අරන්  හරිබරි  ගැහිලා  ආයෙත් නිදාගත්තත් ,   ඒත්  ටේටනම්  එහෙම කරන්න උනේ නැ. මොකද  ටේට නම් හැම  උදේකම ඔය වතුර පාර  නොඅඩුව  ලැබෙනවා. එහෙම එකේ  ටේ කොහොමද නිදාගන්නේ. ඒ වුනත් ඉතින්  අසරණ  ජීමින් නම් තව ටිකකින්  වෙන්න  යන දේ ගැන  නොදැන  හොද සැපට නිදි.

නිදිගැට  කඩ කඩ  නැගිට්ට  ටේ දොර ළගට  වෙලා  අත්  දෙකත් බැදගෙන් තමන්  දිහා බලාන්  ඉන්න  ඔම්මට  සුපුරුදු හිනාව  පාලා  හැරුනේ  ජීමින්ගේ  පැත්තට.  දෙන්නම  වැඩේ කියලා  වතුර එකත්  අතට  අරන්  නැගිට්ට   ටේ ජීමින් හිටපු  පැත්තෙන්  ගිහින්  ජීමිගේ මූණටම  වතුර  ටිකක්  ඉහන්න  ඇදෙන්  පනින්න  හැදුවත්  උනේ හිතුවේ නැති  දෙයක්.

🐥  හිතුවා මදී.... 🤣🤣🤣🤣🤣

වතුර  ගහන්න හදනකොටම  අතේ තිබ්බ වතුර එක ටේගෙ  මුළු  ඇග  පුරාම  ඉහිරිනේ හිතන්නත්  වෙලාවක් නොතියා.

නිදිවගේ හොරට හිටපු  ජිම්න්  වතුර එක  ටේගේ ඇගට  හලලා  කශනිකව  ඇදෙන්  නැගිට්ටා.

🐥  උදේ පාන්දර මාව නවන්න හිතුවා මදී ටෙයියෝ...🤣

🐯  උබට මම..

ඔන්න  ඉතින්  උදේන්ම  යුද්දේ  පටන් ගත්තා මේ  දෙන්නගේ විකාර බල බල  හිටපු  මිසිස් කිම්  wash  එකක්  දාගෙන  එන්න කියලා කාමරෙන් යන්න ගියා.  දෙන්නත්  එක්ක ඇස්ති වෙලා ඉක්මනට පහලට  ඇවිත්  කෑමත් කාලා  ඉක්මනටම  university  එකට  පිටත්  උනා.

මේ අතර  ජියෝන්  මැන්ශන්  එකේ  එකම  යුද්දයක්.

🐰  ඔම්මා.. ඔයා මගේ  සපත්තු  දෙක  දැක්කද...?

🤎 ඔම්මා මගේ Pink Color T  එක  දැක්කද....?

👰‍♂️  අනේ  දරුවනේ  ඔයාලා  දාපු  දාපු  තැන්  වල ඔය බඩු  ටික ඇති.

🤎 අනේ  ඔම්මා  මේ  මෝඩයා මගේ  මේස්  දෙක අරන්.

🐰 පිස්සුව  මේක මගේ මෙහේ දෙනවා.

🤎 නෑ මේක මගේ... මේ  මේ බලන්න.

🐰 පිස්සුද  ඕක මගේ.

අරීගේ අතේ  තිබුන  මේස් එක  ඇදලා ගත්ත  ජන්කුක්   ඉක්මනට  මේස් එක  දාගෙන  සපත්තුවත්   දාගත්තා.

🐰 මේ  හවසට මේස් එක දෙන්නම් හොදලා පරිස්සමෙන්  අරන්  තියා ගන්න.

🤎 අනේ ඔම්මා මේ මනුස්සයා  එක්ක බෑ.  මගේ  ඒවා ඔක්කෝම  විනාස කරනවා.

🐰 අරී.  මේ.

🤎 මොකද...? 😠

මූනත්  පුම්බගෙන රවලා බලපු  අරී.

🐰 තමුසේ  ඔහොම  ඉන්නකොට මාර ලස්සනයි.   කෝ  චීස්  කියන්න.  📸 වා..  ඒ ඇක්ශන්  එක.

🤎 ආආආආආආ....... අද  මන් ඉතුරු  කරන්නේ නෑ...ඔහොම  ඉන්නවා......

ඔය  විදිහට උදේම  දෙන්නගේ දෙවෙනි  ලෝක  යුද්දය  පටන්  ගත්තා.

එත කොට අරෝ.....

උදේන්ම නැගිටලා  wash  එකක්  දාගෙන  කෙල්ල  ඔම්මා  එක්ක බරටම  වැඩ.

🤍  ඔම්මා.

👸 කියන්න මැණික.

🤍 අද  මොකක්  හරි  විශේෂ  වැඩක්  තියෙනවද...?

👸  ඒ මොකද එහෙම ඇහුවේ.

🤍 නෑ අනේ  ආප්පා  කිව්වා  කලින් ගෙදර  එන්න කියලා .

👸 ආ..  ඔව් නේ  දැන් මතක් උනේ  අද  බිස්නස්  පාර්ට්  එකක් තියෙනවා.

🤍  ඔයා කියන්නේ මටත්  එන්න කියලද  ඔම්මා.

👸 නැතුව.  යන්න ඔන්නී.

🤍  අනේ  ඔම්මා මන්  ඕවට කැමති නෑ කියලා ඔයා දන්නවනේ.

👸 ඒත්  ඔයා  මේවට  හුරුවෙන්න කාලේ  හරි  පැටියෝ.  අප්පාට  දැන්   ඒවට මහන්සි වෙන්න බෑ.

🤍 ම්ම්ම්ම්ම්ම්  බලමුකෝ.

👸 හරි  කෝ දැන් ඔයා  ගිහින්  ලැස්ති  වෙලා  එන්නකෝ.

🤍 හරි ඔම්මා.
.
.
.
.
.
.

At University ......

උදේ වරුවේ තිබුන්  lecture  එක  ඉවරවෙලා කට්ටියම හිටියේ  University Canteen එකේ. සමහර අය බාගෙට මැරිලා වගේ.

🐥 ඒ කුකී බබා  නැගිටිනවා ඕයි.

🤎 කුකී බබා...🤣🤣🤣🤣

🤍 ඇයි  අනේ එහෙම කියන්නේ.

🐰  උබලා මගෙන්  මරුම්  කන්න හදන්නේ ඔය.

🐥 ඒ මේ ටේ  කෝ  ෆෝන් එක  දෙන්නකෝ.  මොනා උනත් නංගිත්  දැන ගන්නඑපැයි අයියාගේ ලීමෝල  ගැන.

🤎 මොකක්..

🐯 මෙන්න බලන්න  අරී  අපේ  කුකී බබා රෑ වෙලා ලී  ඉරනවා.

ටේ  එයාගේ  ෆෝන් එක  අරීගෙ  පැත්තර  දික් කරා.  කුතුහලේ නිසාම කෙල්ල  ෆෝන්  එක  පැනලා  අතර  ගත්තා. 

🤎  හම්මෝ ටේ ඔප්පා  මේ කවදද..?

🐯  ඊයේ  ඊයේ  ඕක නෙවෙයි  හොදම  සීන්  එක.

🐰 ආආආආ.  එපා යකෝ.

🐥  ඒවා  කොහොමද  කුකී බබෝ.  මේකයි  අරී.  ඊයේ අපි  හිටියේ  ටේලගේ  ගෙදර. ඉතින්  රෑ   අපි  කුකීට කතා කරා.  ඉතින්.......
.
.
.
.
.

ජීමින් ඊයේ  රෑ  උන  සිද්දිය අකුරක් නෑර  අරීගේ  කනේ  තිබ්බා.

🤎  හම්මෝ.. ඔප්පා ඔයා....🤣🤣🤣🤣🤣🤣  මොනා  උනත්  අන්තිමේදී  හැමෝම  දැන ගත්තා  ඔයාට කියන නම....🤣🤣🤣 ඕක  විතරක් නෙවෙයි  ටේ  ඔප්පා  අපේ  ඔම්මා  හුරතල් නම්  ගොඩාක් දාලා තියෙන්නේ  මෙයාට.

🐰  යා.....  තමුසේ මගේම නංගිද...  😡

🐥 ඒ අරී කියනවකෝ.

🐰 උබත් පටන්  ගත්තද.?

🤎🤣🤣🤣🤣🤣 කුකී බබෝ..... අර අරක .. සු....

🐰  ඔහොම  යමුකෝ  හවස යන්නේ මාත් එක්කනේ  ගෙදර  සියලු  වරප්‍රසාද  කපා හරිනවා.

🤎 මොකක්. මගේ  චෝකෝ...

🐰  ඔව් ඒකත්.

🤎 මොකද්ද  තමුසේ කිව්වේ.... ආ... මෝඩ හා  දතා  ඒවා කොහෙද මේ අරී එක්ක.

පුටුවෙන්  නැගිට්ට  අරී  කුකීට  පහර  පිට පහර එල්ල කරා. පවු  අසරණ කුකී  මුලු කැන්ටින් එකක් මැද  හොදටෝම  ගුටි කෑවා...

අරීටත් කුකී එකක්  එල්ලේන්න තියෙනවනම්   ඒතරම් දෙයක්නෑ . ඒ  දෙන්නගේ  රන්ඩුව  එහෙම  කන්ටිනිව්  වෙද්දී  අරෝ නම්  හිටියේ  වෙනම  ලෝකෙක.

🐯 හරි  අහන්නකෝ කට්ටියම.

🐥  කියන්න.

🐯 අද  party  එකට  යනවද  මොකද  කරන්නේ.

🐰  යන්න වෙයි නේ. ඔම්මා  අප්පා  දෙන්නම  යන එකේ  අපිත් යන එකත් හොදයි නේ.

🤎 අරෝ මොකද කරන්නේ එනවද.? උබව කොහේ  හරි ගෙනියන්න මන්  වදින්න  එපැයි.

🤍 ම්ම්ම් බලමු.

🐥 ඒක නෙවෙයි  ටේ.  උබේ  අර  උරචකල මාලේ එනවද..

🐯 ම්ම් ඔව් ඔව්  එනවා කිව්වා..

ඒක  ඇහුන  සැනින්  අරෝ  ටේ දිහා බැලුවේ කව්ද  ඒ අහන බැල්මකින්.  ජියගේ බැල්ම වෙනස්  වෙන දිහා  අරී නොදැක්කා නෙවෙයි. ඒ කතාවෙන්  පස්සේ  අරෝගේ  කිසිම කතාවක් නෑ.ඒකට හරියන්න අනිත් අයගේ කච  කචේ. ඔය විදිහට කාලය ගත  උනා. 

university   ඉවර වෙලා  කට්ටියම  තම  තමගේ  ගෙවල් වලට  ගියේ  ආයෙත්  රෑ  party  එකේදී මුණහැගෙන්න බලාපොරොත්තුවෙන්.

PARTY  TIME....................

කොරියාවේ නමක් හිමි ප්‍රමුඛපෙලේ company ගණනාවක  එකතුවෙන්  වසරක්  පාසා  පැවැත්වෙන  මේ  party  එක ගොඩක් Business partners  ලා  අතර  ප්‍රසිද්දයි. ඒ ඒ  අයගේ  පවුල්  වල  අය මුණ  ගැහෙන සතුටු  සාමිච්චියේ  යෙදෙන ,එකිනෙකා හදුනගන්න සංවිධානය කරපු   party  එකක්  කිවොත්  හරී.

ඉතින්  අද පාර්ටි එකට ගොඩාක් අය  එකතු  වෙලා තිබුනා ඒ අතර  කැපී පෙනුනේ  Kim  සමූහය එක්ක බැදුනු  පිරිස  කිව්වොත් හරි.

🤎 ඒ මේ  ඔප්පා කෝ ඔයාගේ යාලුවෝ  ටික.

🐰 ඇවිල්ලා  ඉන්නේ කිව්වා ටිකක් බලමු  එයි.  ඒක නෙවෙයි  අරෝ එනවා කිව්වද.?

🤎 ම්ම්ම්ම් හරියටම  කිව්වේ නෑ.  දන්නවනේ  හැටි.  එයාව මේවගේ  තැනකට අරන් එන්න  වදින්න ඕනී.

🐰  පව්  කෙල්ල.

🤎 ආආආ  තමුසෙට මන් පව්  කියලා  තමයි වැරදිලාවත් කියවෙන්නේ  නැත්තේ.

🐰 ඉරිසියාකාරි.

🤎   වැඩේමයි.... 😏 ආන්න එනවා කට්ටිය.

එතකොටම  කුකිත්  රෙඩ් කාපර් එක  දිහා බැලුවා.  මේ වෙද්දි  හැමෝගෙම  අවදානේ  තිබුනේ  ඒ පැත්තේ.  ටේ, නම්ජුන්,සුගා,ජින්  ,ජීමින්  ,හොබී  කට්ටියම ඒ වෙද්දී හෝල් එක  ඇතුලට එන ගමන්  හිටියේ. 

නම්ජින්  හියුන්ග් කියන්නේ  ටේගේ  කසින්  කෙනෙක්. එයාත්  Kim  සමූහයේ ඉහළ  පෙලේ  කොටස්  කරුවෙක්.  එතකොට සුගා හියුන්ග්  ගැන කිව්වොත්  music industry එකේ ප්‍රභලයෙක්  කිව්වොත් හරි. එතකොට ජින් හියුන්ග් ගැන අමුතුවෙන්  කියන්න  දෙයක් නෑනේ  එයා අපේ university   එකේ  Lecturer  කෙනෙක්.  එතකොට  අර  ඉරක් වගේ හිනාවක්  තියෙන අපේ  හොබී හියුන්ග් dancer කෙනෙක්  එයාට කියලා  ඇකඩමි  එක්ක කරන් යනවා. ඉතින් මේ හැමෝම අපේ පව්ල් වල ළගම  අය.  ඒ වගේම්  Business  වලට  හැම  අතින්ම  සහය වෙන  අය.  අද  party  එකේ හැමෝම  අතර  කතාවට ලක් වෙන මාතෘකාවක් කිව්වොත් හරි.

🐯 ඒ කුකී ගොඩක්  වෙලාද  ඇවිත්.

එයාලා  ළගට එනවත් එක්කම  කුකීයි   අරීයි  වාඩි වෙලා හිටපු  තැනින් නැගිට්ටා.

🐰 නෑ බං  දැන්  පොඩ්ඩක් වෙලා.

🐰 හියුන්ග්ලා...... 😁

🐨 ඉතින් කොල්ලෝ කොහොමද.  ගොඩ කාලෙකින්  නේද..

🐰  කොහෙද  ඉතින්  දැන් කට්ටියට  අපිව මුණගැහෙන්නවත්  වෙලාවක් නෑ නේ.

🐯  ඒ කතාවනම් ඇත්ත  ජින් හියුන්ග්  හම්බෙනවා  lecture   නිසා. හැබැයි  ඉතින්  චිමීටනම්  හොබී හියුන්ගව නම්  නිතර හම්බෙනවනේ.

🐿️ මොන  පිස්සුද ටේ. මූ ඇකඩ්මි එකට එන්නේ  හාවා හද  බලනවා වගේ. එක  දවසක්  ආවොත්  සතියක් නෑ.

🐹 ආ  ඇත්තද  චිමී ඒ කතාව.

🐥 😁😁😁  දන්නේ නැද්ද  හියුන්ග් පොඩ්ඩ පොඩ්ඩ.

🐱 හිතාන් ඉන්නේ  Idol  කෙනෙක්  වෙන්න. කැපවීමනම්  අන්තිමයි.අන්තිමේට වෙන්  දේ  දැනම කියන්නද මම. ඔය  ඔක්කොම පැත්තක  දාලා  පාර්ක්  අප්පගේ බිස්නස්  බලන්න  වෙනවා.  සරලවම  වෙන්නේ  ඕකතමයි.

🐥 ආආආආආ හියුන්ග්  එකනම්  කීයටවත්  වෙන්නේ නෑ.

🐨 ඒත් මම බැලිවා  ඇයි සද්දයක් නැත්තේ කියලා.

🐱 ආ බොරුව කිව්වේ.  පාර්ක් ඔම්මා  පව්  මේවගේ එකෙක්වනේ මේ කන්න බොන්න  දීලා හදා ගන්නෙ.

🐥 ආආආ  හියුන්ග් ඔයාටත් මට බැන්නේ නැත්තම් නින්ද යන්නේ නැද්ද. 

🐿️  ඔහොම බැනලා වැඩක් නෑ බං  තව  බැනපන් මූහැදෙන්නේ නෑ  නැත්තම්.

🐰 මොනා උනත් හොද හොද වැඩේ කොට  ජිමින්ට.

🤎 ඔය  ඉතින් එපා අනේ  පව් අපේ  චිමී ඔප්පා .

🐯 ඕඕඕඕඕඕ  කොහොමද  ඒක්. ඔහොම  යමන්කෝ.

🤎 ආ... කොහොම  යන් කියලද  දැන්  කියන්නේ.

🐯 ඔය යන විදිහට.🤣

🤎 පාර්ටි එකක්  මැද ගුටි කරන්න  ආසද  ටේ  ඔප්පා..

🐰  හම්මෝ මේ  කැන්ටින් එක  වගේ  නෙවෙයි මෙතන  ගුටිකෑවොත්  වස ලැජ්ජාව.

🤎 අන්න ඒ බය තියාගන්න.

🐰 ආආ කටවහගෙන  ගිහින් යාලුවා ආවද බලන්න.

🤎 බලනවා  තමයි.

ටේටයි කුකීටයි  දෙන්නටම  රවලා අරී  ටේබල් එක අයින් වෙලා  ටිකක එහාට ගියා. ඒත් එක්කම වගේ  ටේටත් කෝල් එක්ක ඇවිත් එයත්  නැගිටලා  හෝල් එකෙන්  එළිය  ගියා.  ඒ කියලා ඉතින් කට්ටියගේ කතාවට නම් නිවනක් තිබිනේ නෑ .කාලෙකින් මුණගැහුනු නිසා  ආගිය තොරතුරු වගේම ඉස්සරහා ගැන  දෙවල්  එයාලට කතා කරන්න ඉතිරි වෙලා  තිබිනා.

..................................................................................

AROHA POV,

ම්ම්ම්  මම  අකමැතීම  දේ  පාර්ටි.   කන්  පැලෙන තරම් ඇහෙන  සද්ද, ගෝෂාව, මිනිස්සූ ම්ම්ම්ම්   හේතුක් නැතුව  මම ඒ  දේවල් වලට අකමැතී.  ඒ නිසාමයි  ඔම්මා  අප්පා යන හුගක්  පාර්ටි වලට මම යනඑක  ප්‍රතික්ශේප කරන්නේ.  මම  ආස පාඩුවේ  නිදහසේ නිස්කලංකව  ජීවත්  වෙන්න . ඉතින් ඔය නිසාම  අප්පගේ යාලුවෝ වගේම  ගොඩ  දෙනෙක්  Mr.Park ට දුවෙක් ඉන්නවා කියලා දැනන් හිටියත්  මාව කිසි කෙනෙක් නොදන්නේ. ඇත්තටම  ඒවගේ ජීවිතයක් හරිම නිදහස්. ඉතින් මම  ඒ නිදහසට හුරුවෙලා. ඒත් මම  මේකත් දනන්වා  කවදා හරි අප්පගෙන් පස්සේ  මේ හැමදේකට බලාගෙන්න  වෙන්නේ  මට ඉතින්  ඒ දෙන්නත් කැමති මම මේ දේවල්  වලට හුරුවෙන්වා බලන්න. ඒත්  මම හැමදාමත් කැමති මගේ  නිදහස විදින්න.

ඔය දේවල්  හිත  හිත මම  හිමින් සැරේ  පාර්ටි එකට යන්න ලැස්ති උනා. මම  ලැස්ති  වෙලා ඉක්මනට  පහලට ආවේ  ඒ  වෙද්දිත්  ඔම්මා  අප්පා  දෙන්නම  ලැස්ති  වෙලා මන්  එනකන්  බලාන්  ඉන්නවා  ඇතී කියලා දන්න නිසා. හිතුවා  වගේම ඒ  දෙන්නම  මන් එනකන් මග බලාගෙන  ඉන්නවා.

👸 ආ මේ  ආවේ මගේ කෙල්ල  අනේ  ලස්සන .

🤴 මගේ කෙල්ලට  ඇස්වහා  වදී.

🤍  අනේ  ඉන්න දෙන්නත්  එක්ක බොරු  බටර් නොගා.

👸  ඇත්තමයි  අරෝ  ඔයා අද ගොඩාක්  ලස්සනයි.

🤍 ඔයාගේ මේ  Princess හැමදාම  ලස්සනයි  තමයි.. ම්ම්ම්ම්ම්...

🤴 නෑ කිව්වෙ නෑ නේ  නේද  නෝනේ.

👸 හරි හරි  දැන් මෙතනට වෙලා  ඉන්නද  අදහස  ඉක්මනට යන්  මේ වෙද්දී  හැමෝම වගේ  ඇවිත්  ඉන්නේ. මට Mrs. jeon කතා කරා  එයාලා  ඇවිත්.

🤴 ඔන්න princess  ඔයාගේ  ඔම්මව නම්  අද  ගලවගන්න වෙන්නේ නෑ..

👸  දන්නවනේ ඉතින් කාලෙකින්නේ.  ඒ වගේම  ඔයාට  අදුන්වලා දෙන්න  කීපදෙනෙකුත්  ඉන්නවා.

🤍 අනේ ඔම්මා  ඔන්න ඕක නිසාමයි  මන් අකමැති  ඔය වගේ තැන්වලට  යන්න.

🤴  එහෙම  කියන්න එපා  පුතේ  මිනිස්සූ අදුරගෙන  ඒ මිනිස්සූ  ආශ්‍රය  කරලා බලන්න ඕනී.ඔයා  හිමීට මේ  දේවල්  වලට හුරුවෙයි.

👸 හරි  හරි දෙන්නම  යන්නකෝ එළියට මම   එන්නම්.

අප්පයි මමයි  එලියට  ඇවිත් ටික  වෙලාවක්  ගිගින් ඔම්මත් ආවා. තුන්  දෙනත්  එක්කම පාර්ටි එක  තියෙන  තැනට ආවා.

🤍  වාව් මෙතන ලස්සන. 

ඇත්තටම  දැකපු  සැනින් මගේ හිත  ඒ තැනට කැමති උනා.නිල් පාට , දම්  පාට, සුදුපාට.  පාට පාට  අලෝකයන්ගෙන් හැමතැනම  හැඩ වෙලා ඇත්තටම  ලස්සනයි....😍

අප්පයි ඔම්මයි එක්ක  ඇවිදගෙන  හිමින්  සැරේ  ඉස්සරහට ගියත්  මගින් නතර  උනේ  කොහේදෝ මන්දා  ඉදන්  ආව  අතක් මගේ  අත් එක්ක  පැටලෙනවා  දැනුන නිසා. ඒ  කව්ද කියලා  දැන ගන්න  අත දිහා බලලා ඒ කෙනාගේ  මූණ දිහා  බැලුවමනම්  මටත් හිනා ගියා...

🤎 ආ  මැඩම් ආවා නේ  එහෙනම්.

🤍 ආආආ  අරී ඔහොම  බය  කරනවද මෝඩී.

🤎 අනා  ඉතින්  මන්  හිතුවේ  එන එක්ක නෑ කියලා.

👸 අරී  පැටියෝ ඉතින්  කොහොමද..?

🤎 මන්  හොදින් ඉන්නවා ඔම්මා. ඔයාට කොහොමද ..?

👸 මාත්  හොදින්  ඉන්නවා පැටියෝ.  ඒකනෙවෙයි  කෝ  ඔම්මා  එහෙම.

🤎 ආ එයාලා ඇති  ඔම්මා.  යමුකෝ  ඉතින්.

අරී මගේ අතේ  එල්ලීලා කියව කියව  ඉස්සරහට  ආවා.  ඒ තරම්  කට්ටිය  නැති  තැනකින්  වාඩි උන  අරී  මාවත් ඒ  ළගින්  වාඩි කර ගත්තා.

🤎 ඉතින්  මොකෝ හිතෙන්නේ  කාලෙකින් නේ  පාර්ටි  එකට  ආවේ.

🤍 ම්ම්ම්ම්ම්ම්ම්ම්  කාලෙකින් නම්  තමයි.  දැනටනම්  ප්‍රශ්නයක් නැ.

🤎  ආ  ඒක නෙවෙයි ඔයාට  අදුන්වලා  දෙන්න කට්ටියක්  ඉන්නවා  යමුකෝ.

🤍 අයියෝ අරී මට  කොහෙවත් යන්න බෑ. මෙහෙම ඉමුකෝ.

🤎 අනේ මේ  විකාර නැතුව මෙන්න එහේ එනවා.

අරී මටත් බැන  බැන අපි  හිටපු තැනින්  ටිකක්  එහේට  වෙන්න තිබුනු  ටේබල්  එකක් ළගට  මාව  ඇදගෙන අවා.

🐥  අරී   අරෝ. 

ඒ චිමී ඔප්පා.  ඔව් ඔව් අරී  මාව  එක්ක ආවේ  ඔප්පලා  හිටපු  ටේබල් එක  ළගට.  එතන  මම  දන්න අයට  හිටියේ  ජීමින්  ඔප්පයි , කුකී ඔප්පයි , ප්‍රොෆෙසර් ජිනුයි  විතරයි.  එතකොට කෝ  එයා...........  ඒ වගේම  එතන තව  තුන් දෙනෙක් හිටියා   හැබැයි ඉතින් හරියටම කව්ද  කියලා නොදන්නවා  උනත් මම  එයාලට  හිනා උනා. මොකද්දෝ මන්ද ලෙංගතු කමක් ඒ හිනාවල  ගෑවිලා  තිබුනා.

🐰  ආ  කෝ  එන්න  දෙන්නම  ඇවිත්  වාඩිවෙන්න.

කුකී ඔප්පා  එයාට  එහා පැත්තේ  තිබුනු පුටු  දෙක පෙන්නලා  එහෙම කිව්වා. අපි  දෙන්නත්   ඉක්මනට  ඒ පුටු  වල වාඩි උනා.

🐹 හායි  අරෝ.  කොහොමද ඉතින්.

🤍 හොදින්  ඉන්නවා ප්‍රොෆෙසර්  ජින්. 😊

🐹 ආ ලමයෝ  ඔය  ප්‍රොෆෙසර්  කෑලී කොලේජ්  එකේදී  විතරක්  තිබ්බනම් ඇති.  ඔප්පා කියන්න  අනේ. මන්  ඔයාගේ  ප්‍රොෆෙසර් උනාට  තාම කොල්ලා  හොදේ.

🐱 හම්මෝ  කොහොමද ඒක.  අරෝ  ඔය කිව්වට මේ යකාට  දැන්  අවුරුදු   40ත් පැනලා.

🤍 මොකක්

මම  ඇස්  දෙකත්  ලොකු කරලා ඒ ඔප්පා දිහා බැලුවා.  එයා  හරියට  පූසෙක් වගේ. 

🐿️ මේ කෙල්ල තාමත්  පොඩි කාලේ වගේමයි.

ඒ  අර පූස්  ඔප්පට  හා පැත්තේ  හිටපු  ඔප්පා කිව්වේ.. ඔහොම ඉන්න. ඒ කියන්නේ එයා මාව  දන්නවද  ඒත්  කොහොමද..?

🐨 මට  තේරෙනව ඔයා මොකද්ද  දැන්  හිතන්නේ කියලා අරෝ.

මම මොකද්ද  කියලා අහන  බැල්මක්  ඒ  ඔප්පට  හෙමුවා.

🐨  ඔයාව  අපි  අදුරන්නේ කොහොමද  කියලා නේද  හිතුවේ.

ඈ  මෙයාට හිත් කියවන්න පුලුවන්ද....?
මම ඔව් කියලා  ඔලුව  උඩ  පහල  හෙලෙව්වා.

🐹  ඔයා අපිව  දන්නේ නැති  උනට  ආ නෑ මතක නැති  උනාට  අපිට ඔයාව හොදට මතකයි.  ජුනී මතකද මෙයා පොඩි කාලේ. හම්මෝ ටේ එක්ක නිතර වලි. මෙයාට මොනාද ඕනී  ඒක ටේටත් ඕනී. මෙයාලගේ  රණ්ඩු  බේරලා  අපිට  හොද පණ ගියා.

🤍 ආආආආ... ටේ ඔප්පා... ඒ කියන්නේ මට  තේරෙන්නේ නෑ.

🐨  පාර්ක් ඔම්මා අප්පා  වගේම අපේ පවුක්  ළගින් ආශ්‍රය කරපු අය.  ඇත්තටම කිව්වොත් හරියට අපි එක පව්ලක් වගේ. ඒත්  ඉතින්  පාර්ක් අප්පාගේ බිස්නස්  වැඩ  වලට  US  ගියාට පස්සේ  ඔයාව  අපෙන්  ඈත් උනා.

🤍  😲😲😲😲

🐱  පුදුම වෙන්න  එපා  අරෝ . ඔයාව  අපිට  ගොඩාක් මිස් උනා. හැබැයි  ඉතින්  ඔයා නැති පාලු මකන්නත් එක්ක  මෙන්න මේ දග මල්ලී අපි එක්ක හිටියා.

පූස් ඔප්පා  අරීග්වෙ කම්බුල මිරිකලා  එහෙම කිව්වා.

🤎 ආවු මෝඩයා  පුසා.

🐨 හරි හරි  ඔයා  දැන් අපිව  දන්නවනේ  ඒත් අපි  කව්ද  කියලා  මතක නෑනේ.

මම  කිම් නම්ජින් .

එතකොට මේ ඉන්නේ  මින්  යුන්ගී. නැත්තම් සුගා. කැමතිනම් පූස් කියන්න.

ඒ කියපු කතාවටනම් මටත් හිනා.

එතකොට මේ  ඉන්නේ  ජන්ග්  හෝසොක්.  නැත්ත  හොබී. එහෙම නැත්තම්  ජ්හෝප්.

ඒ ඔප්පා මට  ලස්සනට හිනා උනා.  අනේ එ හිනාව හරි ලස්සනයි....😊

🐹  එකකොට මම නොපෙනෙන  ජීවියෙක්ද.

🐨 ආආඅ ඔයාව   ආයේ  අමුතුවෙන්  අදුන්වලා දෙන්න ඕනී නෑනේ මේ ලමයා ඔයාව  දන්නවනේ  හියුන්ග්.

🐹 ආ  ඔව් නේ  ඒකත් ඇත්තනේ.

🐰  හරි  කට්ටයගෙම  හදුනා ගැනිමේ  පෙරට්ටුව  ඉවරද...?  ඒක නෙවෙයි ඔයාලා මොනාද බොන්නේ.

🐥  සුපුරුදු  පරිදී ඒ ටිකම ඕඩර් කරන්න.

🐨 හරි මම  කියලා එන්නම්. වේටර් කෙනෙක්  පේන්නත් නෑනේ.

එහෙම  කියලා නම්ජුන්  ඔප්පා  ටේබල්  එකෙන්  නැගිටලා  ගියා.

කට්ටිය ඒ ඒ අයගේ  කතාවල. ඒ මදිවට   අරීත් කැඩිච්ච  රේඩියෝවක් වගේ ඔහෝ කියනවා.  ඕවා මොනාද  දැන් ඒ  රෙකෝට් එක  හොදට  හුරුයි. 🤭

ඒත්  ඉතින් මගේ හිතනම් මගේ ළග  තිබුනේ නෑ.  ආපු  වෙලාවේ ඉදන් මගේ  ඇස් හෙව්වේ  එයාව.  කෝ මෙයා. කොහෙද ගියේ.  අනිවාර්යයෙන්ම  එන්න ඇති.එත් කෝ.  කාගෙන් කියලා  අහන්නද...?  ආආආආ  අරෝ ඇයි ඔයා එයා ගැන හොයන්නේ....අනික  එයා ඔයාගේ කව්ද.  පිස්සුද මෙන්න මෙහේ  වැඩක් බලාගෙන  ඉන්නවා.

මගේ හිත මාත්  එක්කම   සංවාදෙක. ඇත්තට  තාමත්  නොතේරෙන  එකම  කාරනේ, ඇයි එයා මාව මග හරින්නේ. අනික එයා මාව  පොඩි කාලේ ඉදන්  දන්න  කෙනෙක් නම්  ඇයි මට ඒක නොකිව්වේ.  කියන්න තරම් හිතවත් කමක් නෑ නේ... 😞  ඇයි මන්  දුක්  වෙන්නේ. ආ  අරෝ ඔයාට  පිස්සු.  ඔය විකාර හිතන්නේ නැතුව ඉන්නවා.

👤 Hii මෙයාලා... ඉතින් කොහොමද.  ම්ම්ම් මන් හිතන්නේ  long time  නේද  අපින් meet  වෙලා. by the way දැන් හරි  අපි meet උනානේ.

🤍 හෑ කව්ද මේ ....  මේ මොන සමයමක්ද...ආආආආ  පිස්සූ කෝලමක් . එක්කෝ සිංහල කතා කරන්න ඕනී නැත්තම්  English  කතා කරන්න ඕනේ.  මේක  හරියට  මස්  කරියයි ,සීනීබෝලයි වගේ කිසිම ගැලපීමක් නැ..

මම  අරී දිහා බැලුවේ කව්ද මේ කව්ද  කියලා  අහන්න. ඒත්  ඉතින්  අරීගේ මූණ  දැක්කම  මට  කියන්න ගිය  එකත්   අමතක උනා . මූණ හොදටම  රතුවෙලා.

🤎 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣  හම්මෝ.

දැන් තේරෙනවා  ඇති නේද  මූණ රතු කරගන්න හේතුව. හිනාව  තද කරන්  ඉදලා ඉදලා  අන්තිමේට මේකී හිනාව පිට කරේ බඩත් අල්ලගෙනමයි.   හෑ  ඒ  අස්සේ  ඇයි මේ හැමෝම මගේ දිහා බලාගෙන  හිනා වෙන්නේ.

🐥  අරෝ මන්  හිතන්නේ ඔයා  හිතුවා  ටිකක  වැඩී. මොකද  ඒක හිතෙන් හිතුවනම්  කටෙන්  පිට වෙන්න  ව්දිහක් නෑ නේ....🤣

මොකක්.... ඇ  එතකොට මම ඒක හිතුවා නෙවෙයිද  අයියෝ...  දෙයියනේ. අරෝ..මොකද්ද  ඒ කරේ.  ආආආආආ...

මන් මටම  බැන ගත්තා. මන්  ඇත්තරම  හිතුවේ  මන්  ඒක  හිතපු  දෙයක් කියලා.ඒත්  මන්  කොහොමද ඒක කිව්වේ... ආආආආආ...

මම  එහෙමම්  බැලුවේ  අපි හිටපු ටේබල් එක ළග හිටන්  හිටපු ඒ කෙනා දිහා.

👤 😠

එයා මට ඔරවන්වා.. ආ.... මෝඩ  අරෝ.  හිතන  ඒවා  මීට පස්සේ පරිස්සමෙන්  හිතනවා. ආආආආ...........

🤍  😁

දැන් මොකද් කරන්නේ  කියලා හිත හිත හිටපු මම  ඒ කෙනා දිහා බලලා දත්  තිස් දෙකම පෙන්නලා හිනා උනා. ඒ වෙලාවේ තමයි මම හිනා උනේ අපරාදෙ කියලා හිතුනේ. ඒකෙනා ගස්සගෙන  අපි හිටපු තැනින්  යන්න ගියා.

🐿️  අරෝ ඔයා....🤣🤣🤣🤣

🤎 පව් වැඩේ.....🤣🤣🤣🤣🤣🤣

🤍  ඒ කව්ද....?

මගේ  හිතේ  තිබුන ප්‍රශ්නේ මම ඇහුවා.....

.
.
.
.
.
.
.
.
.
.
.
.
.

ඒ...............

───────🌼🌼🌼🌼🌼🌼🌼───────

හායි  පෙන්ස්....🤗

ඉතින් කොහොමද... 02 Episode  එක  අරන්  ආවා.  ඉතින් මම  පරක්කුද.. ? මොනා කරන්නද  හැමදේටම  වෙලාව  එන්න එපැයි. 😁

හරි හරි කතාව  ගැන මොකද  හිතෙන්නේ....

ඔයාලා හිතන්නේ මේ අවේ  කවුරු කියලද....?

හරි හරි  ඊළග  Episode   ඒකෙන් කියන්නම් කෝ  ඒ කව්ද  කියලා.

එහෙම   මන්  ගියා.. Episode 03 න්  හම්බෙමු..  ඔයාලගේ  අදහස  Comment  කරන්න. wattpad කියවන  අය Vote , Comment කරන්න....

බායී...  පරිස්සමෙන්  සතුටින් ඉන්න....❤️

                                                    ̤✍️Rash...... ♡

Continue Reading

You'll Also Like

13.3K 2.4K 31
මගේ ජීවිතේට ආලෝකයක් වෙලා මාව සනසපු සුරදූතිය ........ සමාවෙන්න මට ... ඔබේ පෙම හඳුනානොගත්තාට....... -jjk කිම් සූමින් යුනි එකේ අහින්සක ගෑනුලමයෙක් . එත...
3K 424 17
She's going to get her revenge through someone else.... read & enjoy it... Girl x Boy love Story by Se_Ha & Ayuu Cover credit goes to Ayuu ⚉ started...
5.9K 103 15
~High School Enemies~ ⚠️I do not support his actions in the Series ⚠️ TW: Assault, murder, some slight smut, and bullying
97.4K 1.4K 49
𝐈𝐭𝐬 𝐭𝐡𝐞 𝐟𝐢𝐫𝐬𝐭 𝐝𝐚𝐲 𝐛𝐚𝐜𝐤 𝐭𝐨 𝐬𝐜𝐡𝐨𝐨𝐥 , 𝐀𝐚𝐥𝐢𝐲𝐚𝐡 𝐢𝐬 𝐧𝐨𝐰 𝐢𝐧 𝟏𝟎𝐭𝐡 𝐠𝐫𝐚𝐝𝐞, 𝐰𝐡𝐢𝐥𝐞 𝐬𝐡𝐞𝐬 𝐭𝐡𝐞𝐫𝐞 𝐬𝐡...