ආයේමත් ආදරෙන්.. ( Complete )

By kawimash

19.2K 3.5K 636

සෑම වසන්තයක් පිටුපසම හඩාවැටුන ගිම්හානයක්ද ඇත....❤ More

1 chapter
2 chapter
4 chapter
5 chapter
6 chapter
7 chapter
8 chapter
9 chapter
10 chapter
11 chapter
12 chapter
13 chapter
14 chapter
15 chapter
16 chapter
17 chapter
18 chapter
19 chapter
20 chapter
The end.
Extra chapter

3 chapter

914 164 12
By kawimash

""" හේලේ...අම්මා... ""

""චුටි... මොකද ඔයාට දැන් මේ අම්මව අමතක වෙලාද පුතේ... ??""

එයා තමයි මගෙ අම්මා.. සැපට දුකට හැමදේකටම වෙනසක් නොකර මගෙ ලගින් ඉන්න එකම කෙනා.. එතකොට තාත්තා ..ම්ම්ම්..අපි එ ගැන කතා නොකර ඉමු... එයා හැගීම් වලට ගරු කරන්න දන්නේ නැති පාරම්පරික ගති තියන අමුතු කෙනෙක් කියලා මන් දැනගෙන ගොඩාක් කල්..මන් මෙහෙම තනියම ඉන්න එයත් එක හේතුවක් කියලා මන් දන්නවා...

"" ඔයාව අමතක නැ මැනික.... මොකද උදේම මාව මතක් උනේ...??""

හිතේ කොච්චර ප්‍රශ්න තිබුනත් අම්මගෙ එක වචනෙකට පුලුවන් එ හැමදෙයක්ම මොහොතකට හරි හිතෙන් අයින්කරලා දාන්න.. එ තරම්ම ඒ ආදරේ හරි උතුම්....

"" ඔයා හොදින්ද චුටි...මන් ඊයේ මහා නරක හීනයක් දැක්කා.. පරිස්සමෙන් ඉන්න පුතේ අපිට ඉන්නේ මගෙ පුතා විතරයි ... ""

"" මන් හොදින් අම්මා.. ඒක හීනයක් විතරයිනේ දැන් ඒක අමතක කරලා දාන්න... මොකද වෙන්නේ ගෙවල් පැත්තේ..කොහෙද තාත්තා...??""

"" එයා ඔන්න වත්ත පහලට ගියා.. ඔයා ඉතින් දන්නවනේ එයාගේ වැඩෙ  දවසෙම ඔය වත්තේ උඩට පහලට යන එක කියලා..""

"' හ්ම්ම් ඒක නම් ඇත්ත ... ඔයා එන්නේ නැද්ද මාව බලන්න.."""

"" අනේ...හරි ශෝක්ක්ක්... පුතාලා නෙවෙයිද අම්මලා බලන්න එන්න ඕනි ම්ම්...??""

අම්මා කියද්දි මට හිනත් එක්ක.. එයා කිව්වේ ඇත්ත තමයි එත් ඉතින් ඔෆිස් එකෙ නිවාඩු ගන්නවා කියන්නේ ඉතින් දවල් හීන දකිනවා වගෙ වැඩක් තමයි ...

"" අනේ අම්මා..මට නිවාඩු නැහැනේ ...""

"" මන් දන්නවා මැනික... ඔයාගේ බර්ත්ඩේ එක ලගයි නේද ඒකටම එන්නම්කෝ හොදද...??'

එයා කියද්දි තමයි මටත් මතක් උනෙ.. ලබන සතියේ මගෙ උපන්දිනේ ... තියන ප්‍රශ්න වල හැටියට ඉතින් ඒවා කොහේ මතක තියෙන්නද අම්මා කියලා මට කියන්න ඕනි උනත් මන් නොකියා හිටියා...

"" හරි අම්මා මන් බලන් ඉන්නවා.. පරිස්සමෙන් ඉන්න හොදද..මන් රැ වෙලා කොල් එකක් ගන්නම් ඔයාට...""

"' අනෙ අම්මේ ඉතින් ඔයා ඔය ගන්න කෝල් ගැන මන් දන්නේ නැද්ද .... ඕවා ඉතින් කවදාවත් ගැනෙන කෝල් නෙවෙයිනේ ... ""

"" අම්මා...""

"" හරි හරි ඒවා වැඩක් නැ..පාර තොටේ යද්දි පරිස්සමෙන් පුතේ ... අනික දුකින් ඉන්න එපා මොකක් හරි දෙයක් තියෙනවා නම් මෙ අම්මට කියන්න එහෙමත් බැරිනම් ඕනිම තැන්වලදි හිත හයිය කරගන්න පුතේ ලාමක වෙන්න එපා ඔයා දැන් තනි තීරන ගන්න පුලුවන් ලොකු දරුවෙක්... මොන දේ කලත් පරිස්සමෙන් .... කව්රු නැතත් ඔයා ලගින් ඔයාගේ අම්මා ඉන්නවා චුටි.....'''

""" මන් ඒක දන්නවා අම්මා.. ඒකනේ මන් මෙච්චර ආදරේ මගෙ මැනිකට... පරිස්සමෙන් ඉන්න අම්මා.. මන් තියනවා වැඩට යන්න පරක්කු වෙනවා.. බුදුසරනයි ...""

විනාඩිගානක කතාවකට පස්සේ එයා කොල් එක කට් කරද්දී මන් එහෙමම ඇදට වැටුනා..

අම්මලා එහෙමයි දරුවෝ ඉන්නේ සතුටින්ද දුකින්ද කියලා එයාලට අමුතුවෙන් කියන්න ඕනි නැ..එක වචනයක් ඇති එයාලට ඒක දැනෙන්න..  මගෙ අම්මත් එ වගේ එයාට මන් හැරෙද්දිම කියන්න පුලුවන් මන් ඉන්නේ හොදින්ද නරකින්ද කියලා .. හිතෙ තියෙන දුක නොකිව්වත් එයාගේ එ වචන මට ලොකු හයියක් වගේ දැනුනා...

..........................

"" සයාශ් .. ඔයාට සර්ගේ කැබින් එකට එන්න කිව්ව......""

"" අහ්හ්..හරි ගයෙශා මන් යන්නම්...""

උදේ ඉදලාම අහඩ උසට ගොඩ ගැහුන ෆයිල් කන්දකට යටවෙලා වගෙ හිටිය මට හුස්ම ගන්න පවා අමතක උනා..ඇයි දෙයියනේ ඒ තරම් ෆයිල් ගොඩක් මේල් ගොඩාක් ... මොන පිස්සු ප##ද මන්දා මෙච්චර ගොඩාක් මටම චෙක් කරන්න එව්වේ....

බල බල හිටිය ෆයිල් එකත් වහල දලා මන් ගියේ බොසාගෙ කැබින් එකට..

" ex sir...මන් එන්නද......"""

"'අහ්හ්. එන්න සයාශ් ... ටෙක් අ සිට් ප්ලීස් ...""

මොනා උනත් උ හොද මනුස්සයා ... අනුශ්ගේ වයසෙම වෙන්න ඇති එයත් ඒත් එ බූරූ අලියා තරම් ලස්සන නැ...
මන් එයාට හිනාවකින් සන්ග්‍රහා කරලා විසිටර කෙනෙක් ආවම ඉදගන්න තියෙන පුටුව ටිකක් පස්සට ඇදලා ඉදගද්දි මහෙශ් කාරයාගෙ ඇස් මගෙ දිහාවටම යොමුවෙලා  කියලා මට දැනුනා....

""සර් මට කතා කලාද ....??'"

මන් අහද්දි ...

"" අම්...මේ..හ්ම් ඔව් සයාශ් .. අද හවස මට කලයන්ට් කෙනෙක්ව මීට් වෙන්න තියෙනවා අපේ අලුත් ටෙන්ඩර් එක ගැන කතා කරගන්න.. ඉතින් ඔයාට පුලුවන්ද මාත් එක්ක එන්න.. ""

"" ඒත් සර්..මේ මන්.. අද දිනිති නැද්ද ...??""

වෙනදට ඔය වගෙ වැඩ වලට යන්නේ සර්ගේ ප්‍රයිවට් සක්‍රටි නිසා මන් ඇහුවේ..මොකද ඉතින් මට ඕවට ගිහින් පුරුද්දක් නැහැනේ ..

'' අද එයා ශොට් ලීව් ගියා සයාශ් ...එකයි මන් ඔයාට කිව්වේ..වෙන විශවාස කෙනෙක් නැ මට...""

මට යන්න බැ..එත් එයා මගෙ බොස්.ඉතින් බැහැයි කියන්නත් බැ .. එ නිසාම මන් එයාත් එක්ක යන්න කැමති උනා...

"" හරි සර් මන් එන්නම්...කොහෙද තියෙන්නේ සර්.. ""

"" මිස්ටර් බන්ඩාරනායකගෙ ගෙදරදි මිට් වෙන්න අපි ප්ලැන් කරගත්තේ ඔයා පහා වෙද්දී පහල කාර් පාකින් එකෙ ඉන්න..මොකද අපි ඩිනර් එකටත් එක්කම තමයි යන්නේ ..."

"" අහ් ඕකෙ සර්... මන් යන්නද එහෙනම් වැඩ ගොඩාක් තියෙනවා කරන්න ...""

"' හරි සයාශ් ... අමාරු නම් ටිකක් රෙස්ට් කරන්න අවුලක් නැ...""

"" තැන්ක්ස් සර්... ""

මන් එයාගේ ඔෆිස් රූම් එකින් එලියට එද්දී පවා එ ඇස් තිබුනේ මගෙ ලග කියන්න මට අමුතුවෙන් කියන්න ඕනි උනෙ නැ මොකද මට ඒක දැනුනා.. ඒත් ඉතින් මොකටද එ යකා එ විදිහට මගෙ දිහා බලන් හිටියේ ..මොනා උනත් එන පොට නම් එච්චර හොද නැ කියලා මගෙ හිත කිව්වා..කෝකටත් පරිස්සමෙන් ඉන්න එක හොදයි ...

මට ඉබේටම අතේ බැදලා තිබුන වොච් එකට ඇහැ ගියේ ඊයේ රැ මාත් එක්ක නිදිවැදුන ලොකේට නාදුනන මන් විතරක් අදුරන මගෙ හොර මිනිහා වගෙ ඉන්න එකාගෙන් තවම කොල් එකක් තියා අඩුම මැසෙජ් එකක්වත් නැති නිසා...දවල් දොලහත් පහුයි වෙලාව..මන් එහෙමම ෆෝන් එක අරන් බැලුවත් ම්හුක්ක් ...වැඩක් නැ එ යකා ආට එකම එක මැසෙජ් එකක්වත් දලා නැ..

මට හොදවයින් පදන් කරලා ගෙදර ගිහින් තාම අම්මගෙ ඔඩොක්කුව උඩද දන්නෑ ... එයාව මතක්වෙද්දි මට හිනත් ගියා.. අනේ මන්දා මට එයාව තෙරුම්ගන්න බැ....

ඌට තුට්ටු දෙකට අශ්වයා ගන්නත් ඕනි ගගෙන් පනින්නත් ඕනි වගේ එකක් වෙලා තියෙන්නේ ...

මන් එහෙමම එයාට කොල් එකක් ගත්තත් නෝ අන්ස්වර් ... මොන මගුලක්ද යකො ඇරලා යන්න විතරයිද පුලුවන් ඒකට මන් උන්නද මලාද කියලා බලන්නවත් කොල් එකක් ගන්න බැරිද...හිතින් බැන බැනම මන් ආයෙත් ගත්තා... ඔන්න එතකොට නම් ලොකු මහත්තයා ආන්ස්වර් කලා...

"" හෙලෝ... කියන්න සයාශ් ..."""

ඕඔ දැන් සයාශ් .. මොනවා හරි ඕනි උනාම මැනික රත්තරන් ... පිරිමි නම් ඔහොම්මමයි ... උන්ට දෙයක් ඕන් උනාම විතරයි රටේම තියෙන ආදර වදන් මතක් වෙන්නේ ශික්...

"" කියන්න.. මොනවා කියන්නද... මන් තාම ඉන්නවා කියන්න ගත්තෙ ...""

""'සයාශ්..මන් වැඩ...කියන දෙයක් තෙරෙන විදිහට කියන්න...""

ඔව් ඉතින් ඌට කවදද මාව තේරුනේ..මගෙ මේ හැගීම් තේරුනේ ...මට දැනුනේ මගෙ හිතම කලකිරිමකින් පිරිලා ගියා වගෙ හැගීමක්...

"" සොරි අනුශ්.. ඔයා වැඩක් කරගන්න.. මන් තියන්නම්... සොරි ...""

""'සයාශ්ශ්... මොකක්ද වෙලා තියෙන්නේ ... ඇයි ඔහො.....''""

අනෙ උබ ඇතිවෙනකම් කියවපන් හිපාටුවා ... ඌටත් මමම ගන්න ඕනි මාව මතක්වෙන්න.. යකෝ හැමනිතරම ඕන්නෑ ඒත් එකම එක වතාවක් එයාට පුලුවන් නේද මට කතා කරන්න ... අරන් උබ හොදින්ද කියලා අහන්න්... අහන්න ඕනිත් නැ මැසෙජ් එකක් දාන්න...

මන් ලොකු හුස්මක් පිට කරලා දැම්මා.. මන් දන්නෑ මට කරන්න පුලුවන් එකම දේ ඒක විතරයි ... ෆෝන් එකත් සාක්කුවට දාගෙන මන් ආයෙත් මගෙ ටේබල් එක ලගට ගිහින් පුටුව ටිකක් පස්සට ඇදලා ඉදගත්තා..

ජිවිතේ හරිම අපහසුයි අනූශ්... හරිම මහන්සි මට..  ඔයාව ඉල්ලගෙන පස්සෙන් ඇවිදින් ඔයාව ලැබුනට පස්සෙත් මෙහෙම ඉන්න උන එක ගැන මට දුකයි අනුශ්... මට බැ මෙහෙම ඉන්න... මොනා නැතත් මන් එක දෙයක් දන්නවා අනූශ් දවසක ඔයාගේ මේ හැසිරීම නිසා මට මාවම නැතිවෙලා යාවි අනුශ් ... එදාට... අනේ මන්දා මන් මොනවා කරයිද කියලා ....

...................

දන්නෙම නැතුව හවස්වෙලා...හවස පහා පහුවෙද්දි ඔකු ගොඩකින් පිරිලා තිබුන ඔෆිස් එක එකා දෙන්නා අඩුවෙලා යද්දි රැ නයිට් එක අදින් උන් හැර අනික් උන් සේරම බාගෙට මැරිලා හෙම්බත්වෙච්ච උන් වගේ නැගිටලා ගෙවල් වලට යද්දී මන් වේලාව බැලුවා ...

වෙනදා වගේ නම් කලබ් එකට යන්න තිබුනා ඒත් අද එකටත් පිනක් නැ අර මගුකෙ බොසත් එක්ක කොහෙද යන්න දමාගත්ත නිසා..ඇත්තටම ඕකා මට බොරු කියලා මාව රේප් කරන්නවත් අරන් යනවද දන්නෑ එර් තරම් පැනි බැල්මක් ඌට මාව දැක්කම යන්නේ ... ශික් "'''විකාර නොහිතා ඉදාපන් සයාශ් තොට හොදටම පිස්සු ...""'

"" සර්... මහේශ් සර් කිව්වා පහල පාකින් එක ලගට මෙ ෆයිල් ටිකත් අරගෙන යන්න කියලා ....""

''"' හරි අන්කල් මන් යන්නම්...""

ඔෆිස් එකේ පියන් කෙනෙක් ඇවිදින් නට කියද්දි මන් අවුල්වෙලා තිබුන ඇදුමත් හදාගෙනම පහලට ගියා... මෝඩකමක මහත කියන්නේ ලිෆ්ට් එකක් තියාගෙන පඩිපෙල බැස්සා කියහන්කෝ ... උබ මෝඩයි කියලා දන්නවා සයාශ් ඒත් මෙච්චර මෝඩයි කියලා දැනන් හිටියේ නැ...මන් මගෙ මෝඩකම ගැන මටම දොස් පවරගත්තා...

මන් පහලට යද්දිත් මහේශ්කාරයා කාර් එකට හාන්සිවෙලා ඉන්නවා නිකන් උගේ කැල්ල එනකම් මග බලන් ඉන්නවා වගේ..ආයිශ් පිස්සුද මන්දා මූට...එ බැල්ම ඇත්තම කිව්වොත් හරිම වලත්තයි....

"' මන් ලේට් උනාද සර්....??""

"" නැ සයාශ් ... මොකද හති දාන්නේ ...??"'

එකා හිනාවෙලා මගෙන් අහද්දි

"" අම්ම්..මේ මන් පඩිපෙල බැහලා ආවේ සර් ඒකයි..."'

""ඇයි ලිෆ්ට් එකට මක්වෙලාද...??""

"" අහ්හ්..එක වැඩ සර්..මට අමතක වෙලා ආවේ එකයි...""

ඇත්තනේ යකූ..මට අමතක උනා ලිෆ්ට් එකක් තියෙනවා කියලා ...මන් ඔලුවත් කස කස කියද්දි එකා හිනාඋනේ ඔලුවත් දෙපැත්තට වනලා ..

"" අම්මෝ සයාශ් ..එ තරම්ම අමතක වෙන්න තරම් සිහිය කොහෙද තිබුනේ ...."'

එයා අහද්දි මන් හිනා උනා විතරයි ..මොකද ඇත්තටම මට ඒකට දෙන්න උත්තරයක් හිතාගන්න බැරි උනා...එයා නිසා මන් ඇත්තටම හිතාගන්න බැරි තරම් අවුල්වෙලා ඉන්නේ...  මන් දන්නේ එච්චරයි .... එහෙමම මහෙශ්කාරයා වහනේට නගිද්දි මාත් අතෙ තිබුන ෆයිල් ටිකත් අරන් එයාගේ කාර් එකට ගොඩ උනේ මගේ කාර් එක ගන්න ආයෙ මේ වැඩෙ ඉවරවෙලා එනවා කියලා හිතාගෙන...

...............................

""""සර්..මේක... මේ....""

"" බන්ඩාරනායකගෙ ගෙදර සයාශ් ..ඔයා දන්නවද...??""

'' අහ්හ්...ටිකක් විතර සර්.. මන් එයාව ටිකක් අදුරනවා..""

''ඔහ්හ්...වාව්..එකත් එහෙමද..එහෙනම් අපේ වැඩේ ගොඩ යාවි නේද...මරු මරු...කො එන්න අපි යමු...දැනටමත් ටිකක් පරක්කුයි ...""

පැයක විතර ගමනකට පස්සේ සර්කාරයා ඇවිත් කාර් එක නවත්වපු තැන දැකලා මගේ ඇස් දෙකත් ලොකුවෙලා හුස්ම ගන්න එකත් අමතක වෙලා ගියා..

යකො ඇයි මට නිකමටවත් හිතුනේ නැත්තේ බන්ඩාරනායක කිව්වම එ අනුශ් කියලා... ඔව් බන් උබට කොහෙ මතක්වෙන්නද උබෙ සිහිය ඒ තරම් හොද නැ සයාශ් ...

අපි හිටියේ අනුශ්ලගෙ ගෙදර ඉස්සරහා ... එකම එක සැරයක් ඇරෙන්න මන් එ ගෙදර ගිහින් නැ.. එයාලගෙ අම්මා හිතන් ඉන්නේ මන් එයාගේ යාලුවෙක් කියලා ... එදා ගියත් මන් විනාඩි විස්සකට වඩා හිටියේ න්ැ..ඒත් කවුද හිතුවේ අද මට මේ ගෙදරට එන්න වෙයි කියලා ...

කමක්නැ අද දවසටම එ බුරූවගෙ මුන දැක්කෙත් නැති එකේ මගෙ හිතට දැනුනේ අමුතුම සතුටක්.. ඇත්තටම මට පිස්සු කියලා හිතෙයි ඒත්... අනේ මන්දා මන් එයාට මහා ගොඩාක් ආදරෙයි දෙයියනේ ......

මහෙශ් සර් ඉස්සරහින් යද්දි මන් එයාගේ පස්සෙන් ගියා...ශුවර් දැන් ඔය මිනිහා මාව දැකලා ඇස් දෙක ජිල්බෝල සයිස් කරගන්නවා.. කොච්චර චන්ඩියා උනත් ඕකා ගෙදරට පූස් පැටියා වගේ.. ඌ හිතයිද දන්නෑ මන් අයිතිවාසිකම් ඉල්ලගෙන ආවා කියලා ...කමක්නැ ආව එකේ ඔන්න ඔහේ ටිකක් පුදුම කරවලා බය කරලා යමු සයාශ් ...

"' එන්න සර්... චුටි බේබි තාම පහලට ආවේ නැ..සර්ලා ආවොත් ටිකක් ඉන්න කිව්වා..'"

අපි ඇතුලට් යද්දිම ගෙදර හිටිය සවන්ට් කෙනෙක් කියද්දි මන් බැලුවේ ඒ මාලිගාවක් වගෙ තියන ගෙදර දිහා..පුහ්...චුටි බේබිලු....ඔව් ඉතින් මෙ වගෙ මාලිගාවල ඉන්නේ බේබිහාමුලා තමයි එහෙම නැතුව අපි වගෙ වත් පෝසත්කම් වලින් අඩු උන් නෙවෙයි ....

"" හරි .. හදිස්සියක් නැ...මිස්ටර් බන්ඩාරනායකට කියන්න හදිස්සියක් න්ැ කියලා..''

අපි දෙන්නම එ සාලේ පැත්තකට වෙන්න තිබුන සොෆා ඉදගෙන ඉද්දි මහේශ්කාරයා අර මනුස්සයාට කිව්වා.. හැපූ ඌත් ඉතින් ලොකු ලොක්කෝ ලග දෙකට නැවෙනවා..

"'' මන් සර්ලට බොන්න මොනවා හරි අරන් එන්නම්...''''

එයා යන්න යද්දි මහෙශ් මගෙ අතෙ තිබුන ෆයිල් එකක් අරගෙන මොනවද පෙරලා පෙරලා බලද්දී මගෙ ඇස් තිබුනේ උඩට නගින පඩිපෙල දිහාවට... කො අප්පා මෙ මනුස්සයා මේකා උඩට වෙලා මොනවා කරනවද දන්නෑ ... ඉක්මනට වරෙන්කෝ අනූශයෝ...මට තමුසෙව ටිකක් බලන්න ඕනි .....

""' ආන්ටි......... මන් අවා....""'

කල්පනා ලොකේ හිටිය මන් ගැස්සිලා ගියේ ගෙදර මේන් ඩෝර් එක ලගින් ඇහුන ටකරන් කටහඩට වෙද්දී මන් වගෙම මහේශ්කාරයත් ඔලුව හරවලා එ දිහා බැලුවා...

"" කවුද අප්පා ඒ....??""

***********************************

Continue Reading

You'll Also Like

107K 18.4K 58
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
42.5K 3.1K 72
ဖတ်ကြည့်နော်😉😉
177K 26.6K 21
"နွေအရောင်တွေဟာ ဝိုင်လိုပဲ..."
36.5K 4.5K 41
I don't wanna be right .