Remorse 💚❤️ YiZhan Ff 💚❤️ C...

By ChenQing4

52.6K 9K 6.7K

🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා... More

🥀The World Deceived By Love🥀
🥀 1.හිතුවෙවත් නැති දවසක 🥀
🥀 2. ඔබ දුටු ඒ මුල් දිනේ 🥀
🥀 3.බලාපොරොත්තු නොවූ අමුත්තෙක් 🥀
🥀 4.කේලම 🥀
🥀 5.හිත හදන සැලැස්ම- Bonus 🥀
🥀6. නුහුරු සිතුවිලි🥀
🥀7.රස්තියාදු කාරයා🥀
🥀8.වෙනස🥀
🥀9.ඔය ඇස් කතා කරනවා 🥀
🥀10.රතු එළි- Bonus 🥀
🥀11.ඔබ හින්දා බෑ 🥀
🥀12.ඇය නිසා රිදෙන හිත - Bonus🥀
🥀13.ඉඟිල්ලෙන කාලය🥀
🥀14.අන්තිම බස් එක- Bonus🥀
🥀15.කියන්න දෙයක්🥀
🥀16.වැරදි වැටහීම🥀
🥀17.පණටත් වඩා🥀
🥀18.මට ඕනා...🥀
🥀19.එන්න..ළඟින් ඉන්න🥀
🥀20.මඟ ඇරුණු යාළුවෝ 1🥀
🥀21.මඟ ඇරුණු යාළුවෝ 2 🥀
🥀22.හිත රිද්දන රහස්🥀
🥀23.නොතේරෙන බය🥀
🥀24.මටම අමතක මම..ආඩම්බරයි නුඹ ගැන 🥀
🥀25.පලා ගිය සැනසීම🥀
🥀26.නොකියාම මඟ හැරීම🥀
🥀27.අප හමු නොවුනා නම්🥀
🥀28.නුඹ සොයා 🥀
🥀29.ඕනා දෙයක් උණදෙන්! 🥀
🥀30.වචන කෙරූ ආදරය🥀
🥀31.මගේනේ...🥀
🥀32.ඇවිලෙන පුළුන් 🥀
🥀33.රෑ පුරා.. 🥀
🥀34.නපුරු අතීතය🥀
🥀35.ලැජ්ජාව සහ ආඩම්බරය🥀
🥀36.එළි උණ රහස 🥀
🥀37.අතේ දුරින්... 🥀
🥀38.ගිවිසුමක් නොවුණු ගිවිසුම 🥀
🥀39.ෆුල් පැකේජ් 🥀
🥀40.විස උණු වදන් 🥀
🥀41.බිඳුණු සීමාව 🥀
🥀42.අපේ නමින් ලියු ආදර කතාවෙ මුලකුරු ගැලපුන් නෑ 🥀
🥀43.රවටන්න එපා...🥀
🥀44.අපල කාලය 🥀
🥀45.සැනසීම..!! 🥀
🥀46.සිත හඬයි...මා තනි වී... 🥀
🥀47.බිඳුණු හදවත් 🥀
🥀48.දවසයි අපේ මේ... 🥀
🥀49. වෙනස් කම් මැදින්....🥀
🥀50. ආදරයෙන් රැවටුණ ලෝකය 🥀
🥀51.මගෙ හදවතේ ගිනි අවුලා... 🥀
A/N
🥀52.ප්‍රේමයේ පසු වදන 🥀
🥀53.හේතුවක්... 🥀
🥀54.ආදරේ තිබුනා මට මාව අහිමි වෙන්න..🥀
🥀55.එක වගේ ඇස්...🥀
🥀56.හීන ගොඩක් අයිති කරන් ඇවිත් දුරක් මා දැන්..."🥀
🥀57.නුඹ යන්නම යන්නම යනවානම්... 🥀
🥀58.කොහේ හරි තැනකදි වැරදුණා මා හට...🥀
❗❗ A/N ❗❗
🥀60.හීන කියවූ මාවතේ මඟ.. රළු බොරළු තිබුණා.... 🥀
🥀61.ආයෙමත් ආදරෙන්... 🥀
🥀62.පහුගිය ඒ කාලයේ...මතකය මා පෑරුවේ...🥀
🥀63.ඒ සොදුරු මතකයන් මගේම වේවි...🥀
🥀64.නෙතු මගෙ ඇඬුවා..මතකය ගෙන ආ...🥀
🥀65.අපි අපිම...අද ආයෙම...🥀
🥀66.මතක..🥀
🥀67.වැරදුණු අතීතය... 🥀
🥀68.දෛවයද මේ.... 🥀
🥀69.සුන්දර ජීවිතය...🥀
🥀70."පසුතැවීම" End 🥀
🥀 Special 1 🥀
🥀 Special 2 🥀
🥀 Thank You All 🥀

🥀59.කියනවද කොහෙද මඟ වැරදුණේ.. 🥀

570 112 121
By ChenQing4

"ම..ම..ට සො..හොන බලන්න යන්න ඕනා..."

අන්තිමේ අමාරුවෙන් වචන ගැට ගහන් මං කියද්දි එක අතක් ඉස්සරහට ඇවිත් තිබුණ ලොකුම ලොකු බඩ උඩ තියන් අනික් අත කොන්දට තියන් ආපහු පුටුවේ හරි බරි ගැහිලා වාඩි වෙන ගමන් උෂානි මං දිහා බලන් හිටියෙ පුදුමෙන්....

"බලන්න යන්න...බලන්න යන්නෙ මොන සොහොනක්ද අමාන්..!!"

"මං කිව්වේ මට අම්මිගේ සොහොන බලන්න යන්න ඕනා කියලා.."

මං ආපහු කියද්දි උෂානි ලොකු සුසුමක් හෙළලා ආපහු මං දිහා බැලුවා...

"මං දන්නේ නෑ...ඔයාගෙ නොතේරුම් කමද මොකක්ද කියන්න...ඔයා හිතන විදිහට සල්ලි තියෙන මිනිස්සුන්ට වගේ අනික් හැමෝටමත් කොත් හදලා රැක ගන්න සොහොනක් වෙනුවෙන් ඉඩක් මේ පොළවේ වෙන් වෙන්නේ නෑ අමාන්...සොහොනක් හදනවා තියා අඩුම මිණිය දාන්න පෙට්ටියක්වත් තිබිලා නෑ...අඩුම මිණිය හොස්පිට්ල් එකෙන් බාර ගන්න නෑදෑයෙක් දන්න කෙනෙක්වත් ඉඳලා නෑ...බාර ගන්න කෙනෙක් එනකං බලන් ඉඳලා ඉඳලා නැති තැන රජයේ වියදමින් තමා ඒකත් කරලා තියෙන්නේ..."

මට තිබුණ මුල්ම ප්‍රස්නෙ අම්මි කෝ කියන එක වෙද්දි හිනෙන්වත් නොහිතපු පිළිතුරක් ලැබෙද්දී මට දරා ගන්න බැරි උණා...හේතුව විදිහට උෂානි කිව්වේ හාට් ඇටෑක් එකක් කියලා වෙද්දි හිතට දැනුණ වේදනාවත් එක්ක මට ඕන උණේ එයාව බලන්න යන්න...ගිහිං වැරැද්දක් උණා නම් සමාව ගන්න...ඉතිං මට මුලින්ම මතක් උණේ අම්මිගේ සොහොන ගැන වෙද්දි මන් ඒ ගැන අහද්දී උෂානි කේන්තියක් නොරිස්සුමක් එක්ක කවලන් උණ හැඟීමක් එක්ක කියන් යද්දි ආයෙමත් මගේ කඳුලු අලුත් උණේ මටත් නොදැනීම...

"නැන්දා කවදාවත් ඔහොම...ඔයතරම් ඉක්මනින් යන්න බලාපොරොත්තු උණ ගමනක් නෙමෙ ගියේ අමාන්...එහෙම අකාලේ ගියා උණත් ඔයිට වඩා නම්බු පිට යන්න තිබුණා...අර කොල්ලා නිදිමරාගෙන නිදහසක් සැපක් විදින්නේ නැතිව හම්බ කරපු සතයක් සතයක් ගානේ බැංකුවේ ඉතිරි කරලා තිබුණා...නැන්දව සෑහෙන්න ගවූර්ව ඇතිව අවසන් ගමන යවන්න අන්දුට පුළුවන් කම තිබුණා ඕනවාටත් වඩා...ඒත් දන්නේ නෑ කාගෙ අවාසනාවද කියන්න...සල්ලි මුදල් තිබුණත් ඒ මනුස්සයාට අන්තිමේ යන්න උණේ කාත් කවුරුත් නැති අනාතයෙක් හිඟන්නෙක් විදිහට...සොහොනක් තියා වළලපු තැන් වල ගසුත් පැලවෙලා ඇති..ඒ නැතත් එතන තව මිනිස්සු ගාණක් ආයි ආයි වළලා ඇති...සොහොන් කොතක් ඇතිව හෝ නැතිව ගිය මනුස්සයා ගියා කියමුකො...ඒත් නැන්දා ගිහින් තිබුණෙ ඔයා නිසා නැති වෙවී තිබුණ අර කොල්ලගේ සිහි කල්පනාව සම්පූර්ණයෙන්ම අරගෙන..."

වචනයක් අකුරක් ගානේ අහං ඉන්නවත් බැරි තරම් වේදනාකාරි උණ ඒ හැන්ඟිච්ච අතීතේ එකින් එක උෂානි මං ඉස්සරහා දිග අරින ගමන් හිටියා...කාලෙකට කලින් නුවර ක්ලාස් ගියපු ගොඩේ ආච්චි දැන් ගමේ ඉස්කෝලෙම ටීචර් කෙනෙක් වෙද්දි මගෙ හොඳම යාළුවා ධනුවගෙ බිරිඳ උණා...ධනුවා මේ වෙද්දි ලංකාවෙන් පිට රස්සාව කරා වගේම උෂානි එයාගෙ පළවැනි බබා අරන් එන්න දින ගණින ගමන් හිටියා...මං මුලින්ම විසඳ ගත්තෙ එ ප්‍රස්නෙ වෙද්දි මගෙ මෝඩ කම් ගැන උෂානි ඉස්සරහා මං නොසෑහෙන්න ලැජ්ජා උණා වෙද්දි මං තේරුම් ගත්තා ධනුවා පොරොන්දු උණා වගේම අන්දුට සහෝදරයෙක් යාලුවෙක් විතරක්ම වෙලා තිබුණා...දනුවගේ මල්ලි කියාපු අනුරාධපුරෙ ළමයා අන්දු නෙමෙ උෂානි කියන්න මන් තේරුම් ගත්තා...මගෙ පිස්සු වැරදි වැටහීම අහපු උෂානි අඬන්න බැරි කමට වගේ හිනා උණා...

හැමදෙකටම පස්සෙ ධනුවා,උශානි....මං පවා ජීවිතේ පියවර කීපයක් ඉදිරියට තියලා තිබුණා වෙද්දි අවාසනාවකට වගේ අපි හැමෝටම වඩා හැම අතින්ම හැම දේකටම දක්ෂ උණ අන්දු විතරක් තාමත් එක තැනක හිරවෙලා හිටියා...

උෂානි කියන වචනයක් වචනයක් ගානේ විස්වාස කරන්නත් බැරි කමක් හිතට දැනුණා උණත්,අන්දු අද ඉන්න තත්වේ ගැන මතක් වෙද්දි එයා මේ තත්වේට ගේන්න හේතු උණ කාරණා එකින් එක මං ඉස්සරහා දිග ඇරුණේ ආත්ම ගාණකටවත් ගෙවලා නිම කරන්න බැරි තරම් දුකක් පසු තැවීමක් හිතට එකතු කරන ගමන් වෙද්දි මං දරන් හිටියෙ හරි අමාරුවෙන්...

"අන්දුට කවදාවත් ඔයාව දාලා යන්නවත් ඔයාව රවට්ටන්න...ඔයාට බොරුවක් කරන්න...උවමනාවක් තිබුණෙ නෑ අමාන්...නොහිතපු විදිහට නොහිතපු වෙලාවක උණ දේවල් නිසා කිසි දෙයක් කරගන්න බැරිව එයා අසරණ උණා...අරුන් කාලකණ්ණි හැමදේම කල් ඇතිවම හරියටම ප්ලැන් කරලා...ප්‍රස්න අමතක කරලා ඔයාගෙ යාළුවෝ එක්ක සාමදාන වෙන්න හිටපු වෙලාවේ ඔයාගෙ මහ ලොකු යාළුවෝ ඔය වගේ තිරිසන් වැඩක් කරයි කියලා එයා උණත් හීනෙකින්වත් හිතන්න නැතිව ඇති...උන් හොඳම වෙලාව බලලා අර අහිංසකයාව බෙල්ල මුලටම හිර කරලා අසරණ කරා...පස්සෙ ඒ අසරණ කමින් ප්‍රයෝජන ගත්තා...උන්ට ඕනා විදිහට නටනවා ඇර එයාට එදා වෙන විකල්පයක් තිබුණෙ නැ අමාන්..මොකද උන් ඔක්කොටම කලින් එයාගෙ දුර්වලම තැනයි අල්ලන් තිබුණෙ..උන් හැමදෙම පටන් ගන්න කලින් අම්මි ළඟට ගිහිං අමාන්.."

"මොකක්..!! අම්මි...!!"

"හ්ම්..අන්දු නුවර යන්න යනකං ඉඳලා
උන් එයාලගෙ ගෙදර ගිහින් අම්මිව බලෙන්ම එහෙන් එක්ක ගිහින්...සුදාරයා අන්දුට කියලා කියලා තියෙනවා...ඔයා ඩිග්‍රිය කරන්න කාලෙකට කලින් ඉඳන් ඉන්ග්ලන්ඩ් යන්න ප්ලන් කරා කියලා...ඒ වගේම අන්දු නිසා දැන් නොයා ඉන්නවා කියලා...පස්සෙ තමා හිටි ගමන් අර වීඩියො එක වට්ස්ඇප් දාපු බව කියලා තියෙන්නේ...ඒ හැම දෙයක්ම ඔයාගෙන් පලිගන්න කරේ කියලා ඔයා ඉස්සරහා පිළිඅරන් ඔයාව ඉන්ග්ලන්ඩ් යන්න පොලඹවන්න කිව්වලූ...එහෙම නැති නම් අම්මිට විඩියෝ එක පෙන්නනවා කියලා...මොන අම්මටද පුළුවන් අමාන් කසාද බැඳලා හිටපු දරුවෙකුගේ උණත් ඒ වගේ දෙයක් බලන්න පුළුවන්...ඊටත් මොන දරුවටද පුළුවන් තමන්ගෙ ඒ වගේ හැසිරිමක් තමන්ගෙ අම්මා දකිනකම් ඉවසන්න පුළුවන්..."

එයා කියද්දි එදා සිද්දීය පපුව හාරන තරම් වේදනාවක් එක්ක මගෙ ඇස් ඉස්සරහා මැවෙන්න ගද්දී දනිස් දෙකේ ඔලුව ගහගත්ත මං අත් දෙකෙන්ම පපුව මිරික ගත්තෙ දරා ගන්න බැරිම තැන...අරු කාලකණ්ණියා...උගෙ පහත් වැඩෙට අර අසනීපෙන් හිටපු අසරණ මනුස්සයාව ගාවගත්තේ කොහොමද දෙවියනේ...

"අරූ.. යාලුවෙක් කියා ගත්ත කාලකණ්ණියා...!! ඌ කොහොමද අම්මිව හොයා ගත්තෙ...අනික...අනික...
එයා..එයා...ඇ..යි දෙයි..යනේ.. ඇයි එයාට..ඒ වගේ දෙයක් විඩියෝ..කරන්න ඕනා උණේ...ඇ...යි.."

මං කෑ ගැහුවේ හිතේ තියෙන පීඩනේ දරා ගන්න බැරිව...ඉන්නෙ පිට තැනක කියන්නත්,කතා කරන්නේ බඩ දරු අම්මා කෙනෙක් එක්ක කියන්නත් මට මොහොතකට අමතක උණා...

"ඔයා කියන්නේ...ඔයා හිතන් ඉන්නේ..අන්දු ඒ විඩියෝ එක ගත්තා කියලද..."

"වෙන මොනා හිතන්නද දෙවියනේ මං..ඒ එයාගෙ ගෙදර දෙවියනේ..ඒ එයාගෙ ගෙදර...එයාගෙ කාමරේ...ධනුවායි මායි ඇරුනම...අනික් උන් එකෙක්වත් එහෙ ගිහිල්ලත් නෑ... ඉතිං කවුද කොහොමද දෙවියනේ...මට තේරෙන්නේ නෑ...මේ මොනවත්...අවුරුදු 7ක් තිස්සේ තේරුම් ගන්න උත්සාහ කරා උණත් මට තේරුම් ගන්න බෑ... ඇයි එයා එහෙම දෙයක් විඩියෝ කරේ...අනික..අනික...එයා කොහොමද මොන හේතුවකටවත් ඒ වගේ දෙයක් හැමෝටම බලන්න දැම්මේ...එයා නොදැම්මා උණත් අරු කොහොමද එහෙම විඩියෝ එකක් එයා ලඟ තියෙනවා කියලා දන්නේ..."

මං ඔළුවේ කෙස් ගස් අත් දෙකෙන් මිරිකන් කියවන් ගියේ එදා වගේම අදත් හැමදේම පැටලිලා කියලා දැණෙද්දී...

"ඔයාට තාමත් එයාව විස්වාස නෑ අමාන්.."

"විස්වාස..!! විස්වාස නෑ කියන්නේ මොකක්ද ආ...විස්වාසයක් ගැන මං දන්නේ නෑ...මොකද හැමදේම තිබුණෙ එයාට විරුද්ධව...එදා එ තිබුන තත්වේ එක්ක මං එයාව විස්වාස නොකරද කියන්න මං දන්නේ නෑ...මොකද අපේ බැඳිම පටන් ගත්ත දවසෙ ඉඳන් එයාම ඒ විස්වාසේ නොදැනම ටිකෙන් ටික බිඳලා දැම්මා... එයාට හේතු පිට උණත් මගෙන් හංගන්න සෑහෙන දේවල් තිබුණා...විටින් විට විස්වාසේ බිඳෙන්න ගියත් මං අමාරුවෙන් උණත් අල්ලන් හිටියා...ඒත් මං දන්නවා...එදා උණ දෙත් එක්ක තේරුම් ගියා මං කොයිතරම් උත්සාහ කරත් ඒ විස්වාසේ රැක ගන්න මට බැරි වෙලා කියලා...මටත් නොදැනිම ඒ විස්වාසේ පලුදු වෙලා තිබුණා...ඒ කොහොම උණත් මං එයාට කියාගන්න නොතේරෙන තරම් ආදරේ කරා දෙවියනේ...විස්වාසයක් නැතිව උණත් එකට ඉන්න තරම්...ඒ හැමදේම එයා හිතා මතා මගෙන් පලිගන්න හිතන් කරපු දේවල් උණත් එයාට ඒ මොහොතේම සමාව දෙන්න පුළුවන් තරම් මං එයාට ආදරේ කරා...සමාව දෙන්නම් ළඟින් ඉන්න කියලා මං නොවැන්ද ටික විතරයි දෙවියනේ...එහෙම තියෙද්දීත් එයාටයි ඕනා උණේ...එයාටයි ඕනා උණේ මාව දාලා යන්න...ඉන්න කියද්දියි එයා ගියේ...හොයන් යද්දියි එයා මඟ ඇරියේ...අඩුම අඩුම හේතුවක් දුන්නේ නෑ හිත හදාගන්නවත්.....හැමෝටම පේන්නෙ එයා විදපු දුක විතරයි...දන්නවාද...දන්නවද මං ඒ වේදනාවෙන් ගොඩ එන්න මොන තරම් දුකක් වින්දද කියන්න.. "

මට ලැජ්ජාවක් දැනුණේ නෑ...හිතට දැනෙන හැඟීම් අස්සෙ ලැජ්ජාව ආත්ම ගරුත්වේ බිංදුවට වැටිලා තියෙද්දී මං පිට මනුස්සයෙක් ඉස්සරහා පිස්සෙක් වගේ අඩා වැටුණා...එයාට ආදරේ කරපු තරම් කිය කිය අඩා වැටුණා...අන්තිමේ බලන් ඉන්න බැරි තැනදො ඉනටත් අතක් තියන් මං ළඟට ඇවිත් වාඩි උණ උෂානි හෙමින් මගෙ උරහිසට තට්ටු කරේ සන්සුන් වෙන්න කියන්න වගේ...

"සොරි මං ඔයාවත් කලබල කරනවා..."

ඇස් වලින් වැටෙන කඳුලු නවත්වා ගන්න අසාර්තක උත්සාහෙක යෙදෙන ගමන් මං එයාගෙන් සමාව ඉල්ලුවා...

"මට ඔයාව තේරෙනවා අමාන්...ඒත් මං කිව්වේ...එයාට හැමදෙකටම වඩා ඒ වෙලාවේ නැන්දා ගැන හිතන්න උණා...අනික් එක විස්වාස කරන්න...ඒ විඩියෝ එක ගත්තෙ වගේම එයාගේම ෆොන් එකෙන් ගෘප් එකට දැම්මේත් එයා නෙමෙයි...එයත් ඒ අන්තිම මොහොත වෙනකන්ම එහෙම විඩියෝ එකක් තිබුණා කියන්නවත් දැනගෙනවත් හිටියෙ නෑ.."

"ඔයා..ඔයා මොනාද මේ කියන්නේ...එයා නෙමෙ නම්..වෙන කවුද.."

එයා ඒ විඩියෝ එක ගැන මොකුත් දන්නේ නෑ කියලා කියද්දි මන් බලන් හිටියෙ පුදුමයෙන්...

"ඔයා නොදන්න තව කෙනෙක්..ඔයාගෙ අර කාලකණ්ණි යාළුවාට උදව් කරා අමාන්...ඌ වගේම..සමහර විට ඊටත් වඩා තිරිසනෙක් ඌ.."

"තව කෙනෙක්...!!ඒ කවුද.."

"හ්ම්ම්...ඔයාට මතකද ලක්ෂිත.."

උෂානි කියද්දි මන් මොහොතක් කල්පනා කරේ එකපාර කවුද කියලා මතක් කරගන්න බැරිව...

"අර අන්දුගේ ගමේ ඉස්කෝලෙ යාළුවා...අන්දුව මට පාවා දිලා ප්‍රස්න ඇති කරපු එකා..කොටින්ම මගෙ අම්මා පැනලා ගිය මිනිහගෙ පුතා.."

අවුරුදු 10ක් විතර පරණ මතකයක් මන් අමාරුවෙන් මතක් කරගන්න උත්සාහ කරද්දි උෂාණිම ඒ දේවල් මට මතක් කරලා දුන්නා...

"හ්ම් මට මතකයි...මගෙන් දත් කැඩෙන්න ගුටි කාපු එකා...අර බාර් කාරයාගේ පුතා නේද...ඒත් ඌ කොහොමද..මේ සුදාරයා එක්ක..."

මන් ඇහුවේ අගමුල ගලපා ගන්න බැරිව...

"ඌ තමා...ඌ සුදාරව අඳුරන් තියෙන්නේ එදා ඔය ගහපු සිද්ධියෙන් පස්සෙ තමා..සුදාරම තමා ඒ ගැන අන්දුයි ධනුයි එක්ක කියලා තියෙන්නේ..සුදාර ඒ සිද්ධියෙන් පස්සෙ ලක්ෂිතව හොයන් ගිහින්...ලක්ෂිතත් නොකරපු දෙයක් නිසා අන්දුත් එක්ක වයිර බැඳගෙනනේ කොහොමත් හිටියේ...ඒ අස්සෙ එදා ඔයාගෙන් ගුටි කෑවට පස්සෙ ඌ ඔයාත් එක්කත් තරහින් ඉඳලා තියෙන්නේ...ඉතිං ඒ දවස් වල ඉඳන්මයි උන් හැමදේම ප්ලෑන් කරලා තියෙන්නේ..."

"ඒත්..ඒත්..මට මතකයි...ඌ exam ඉවර උණාට පස්සෙ දවසක්..අන්දුගේ බර්ත් ඩේ එක දවසෙ,අන්දුගෙන් සමාව ඉල්ලලා කලින් වගේ යාළුවෝ වෙන්න අහලා තිබුණා ගෙදරටම ඇවිත්..මමත් එදා ඌව දැක්කා.. එයාගෙ ගෙදර ළඟදී..."

මන් කියද්දි උෂානි සුසුමක් හෙළුවේ මහ බරට...

"ඔයාට මතකද ඒ දවස..ඒ දවස..එයාගෙ උපන්දිනේ තිබුණ ඒ මූසල දවසේ තමා ඒ දේවල් වෙලා තිබුණෙ.."

උෂානි කියද්දි ඒ දවස මතක් කරගන්න ගමන් එකින් එක සිද්දී ගලපන්න උත්සාහ කරා...

"ඔයා..ඔයා කියන්නේ එදා...ලක්ෂිතයා..."

"ඔව්..ඌ තමා...එදා ඌ ගියේ සමාව ඉල්ලන් නෙමෙ...උගෙ පළිගැනීමට ඕනා උණු විඩියෝ එක වෙනුවෙන්...එදා අන්දුගේ බර්ත් ඩේ එක නිසා උන් අනිවාර්යෙන් අනුමාන කරන්න ඇති ඔයා මෙහෙ එයි කියලා..අනික ඔයා නුවරින් එද්දී ඔයාගෙ යාළුවාම ඔත්තුව දෙන්න ඇති ලක්ෂිතයට..ඉතිං සමාව ගන්න මුවාවෙන් ඌ ආවෙ උගෙ තිරිසන් අරමුණ වෙනුවෙන්...කියන විදිහට එදා ඌ සාලේ ඉද්දී අන්දු ගිහින් තියෙනවා තේ හදන් එන්න...ඉතිං ඌ එ වෙලාවේ කැමරාව සෙට් කරන්න ඇති..."

උෂානි කියද්දි මන් බලන් හිටියේ හුස්ම ගන්නත් අමතක වෙලා...ඇයි දෙවියනේ...ඇයි මට තව ටිකක් කල්පනා කරන්න බැරි උණේ එ ගැන...

" ඒත්...එ විඩියෝ එක අන්දුගේ ෆොන් එකේ තිබුණා..අනික..අනික..එක ගෘප් එකට දාලා තිබුණේ එයාගෙ නම්බර් එකෙන්.."

"ඒ ටික කරන්න තමා එදා ඒ සිද්දීය උණ දවසෙ සුදාර අන්දු බාත් රූම් එකේ ඉද්දී ඔයාගෙ කාමරේට රිංගා ගත්තෙ...
අන්දු නාන අතරෙ ඌට ඕනා තරම් වෙලාව තිබුණා..ඒ විඩියෝ අන්දුගේ ෆොන් එකට දාලා ඒ ෆොන් එකෙන්ම ගෘප් එකට දාන්න තරම්...අන්දු කාමරෙට එද්දී ඌ ෆොන් එක අතේ තියන් ඉන්නවා දකලා තියෙනවා..එහෙන්ම අන්දු ෆොන් එක උදුරන් සාක්කුවේ දාන්...ඒ විතරක් නෙමෙ ඌ ගෘප් ඇඩ්මින්වත් උන්ගේ වැඩෙට නම්මාගෙන තිබුණා...ඌට කියලා අන්දුව ගෘප් එකට ඇඩ් කරලා තිබුණා...එදා සිද්දීය උණ ගමන් ධනු එහෙම ඌව හොයද්දි හොයා ගන්න බැරි වෙලා තියෙන්නේ ඒකයි...මේ දේවල් අපිම හිතලා තිරණේ කරපුවා නෙමෙ...සුදාර මේ හැම දෙයක්ම කරලා පන්පොරියත් කියවලා අන්දුව තව අවුස්සලා තිබුණා..."

"දෙයියනේ.. මන්...මන්...ඕකුන්ට..."

දරාගන්න බැරි කේන්තියට මන් කෑ ගැහුවේ දත් මිටි කන ගමන්....

"දැන් කේන්ති අරන් වැඩක් නැ අමාන්...ඔයාට තව ටිකක් සිහි කල්පනාවෙන් හිතන්න තිබුණා...අනික ඔයා උවමනාවක් ඇතිව හොයලා බැලුවා නම්...ඔයාට ෆොන් එක බලලාම තිරණේ කරන්න තිබුණා ආසන්න විදිහට ඒ විඩියෝ කොහොමද ෆොන් එකට ආවෙ කියලා..එවා ඒ ෆොන් එකෙන් ගත්ත එවමද කියලා..."

"ෆොන් එකක්..මට බලන්න තිබුණා කියන්නේ මොකක්ද...මොන ෆොන් එකක්ද..."

"මන් කියන්නේ අන්දුගේ ෆොන් එක ගැන..."

"අන්දුගෙ ෆොන් එකක් කොහෙද මන් ළඟ...."

මන් ඇහුවේ පුදුමෙන් වගේම...උෂානිත් මං දිහා බලන් හිටියේ පුදුමෙන්...

"ඔයා කියන්නේ ඒක ඔයා ළඟ නෑ කියලද..."

"මං ළඟ කොහෙද...එයා එදා ඒක අරන් ගිහින් තිබුණානේ..."

"ඒ කියන්නේ ඒක ඌ ළඟ..."

උෂානි කල්පනාවෙන් කියද්දියි මටත් ඒ ගැන කල්පනා උණේ...ඒ කියන්නේ එදා ෆොන් එක අරන් ගියෙත් සුදාරයා...මට මතක් උණේ මං ඒ ෆොන් එකට කෝල් ගත්ත තරම්... මැසේජ් දාපු තරම්...ඒ මදිවට ඒ මැසේජ් එක...මට මතක් උණේ මං හොස්පිට්ල් එකේ ඉඳන් සිහිය එද්දී මගෙ ෆොන් එකට එයාගෙ ෆොන් එකෙන් ඇවිත් තිබුණ මැසේජ් එක...ඒකත් අර කාලකණ්ණි විඩියෝ එකත් එක්ක...

📩📩

ඉතිං දොස්තර මහත්තයෝ සතුටින් ඉන්නවද...ආරන්චි උණේ නම් ඒ තරම් හොදින් නෙමෙ කියලා...හිත හදාගන්න දෙයක් දිලා යන්න ආවේ... මං හිතන්නේ ඔයා මේක සම්පූර්ණයෙන් දැක්කෙ නෑ...ඉතිං බලන්නකෝ..බලලාවත් ටිකක් හිත හදා ගන්න...

අමාන් කියන්නේ ඔය කියන තරම් වැඩ්ඩෙක් නම්....වැටුණ තැනින් නැගිටලා පෙන්නන්න..මං පරාජේ බාරගන්නම්..."

📩📩

එදා එයාගෙ ෆොන් එකෙන් ආපු ඒ මැසේජ් එක දැකපු මං හැමදේම අමතක කරලා හිත හදාගන්න තිරණේ කරපු හැටි ෆොන් එක සම්පූර්ණෙන් ෆොමැට් කරලා සිම් පවා කඩලා විසි කරලා...මාව දන්න කියන හැමෝගෙන්ම ඈත් වෙලා මඟ ඇරලා ඉන්න කියලා මමාට පපාට පවා බල කරපු හැටි මට මතක් උණා...කිව්වත් වගේම ඒ මැසේජ් එක නිසා තවත් එයා ගැන හිතන එක පවා මං නවත්වන්න උත්සාහ කරේ කලකිරීමෙන් වෙද්දි එතනින් පස්සෙ මං ඕනවාටත් වඩා වැඩ බදාගෙන ඩ්ග්‍රිය වෙනුවෙන් මහන්සි උණ හැටි,මං වැටුණේ නෑ කියලා ඔප්පු කරන්න ඕනා නිසා මහන්සිවෙලා අන්තිමේ මගෙ අරමුණට ගිය හැටි මට මතක් උණා...මං එදා ඉඳන් අද වෙනකං හිතන් හිටියේ ඒ මැසේජ් එක එව්වෙ එයා කියලා වෙද්දි ඒ එයා නෙමෙ කියලා දැන ගත්තම මට මොකුත් හිතාගන්න බැරි උණා...

ඒ කියන්නේ කොහොමහරි සුදාරයා මම් අත කපාගත්ත එක දැන ගන්න ඇති..ඌට මොනා කරත් මන් මැරෙනවා බලන්න ඕනා වෙන්න නැතිව ඇති...ඒකයි ඌ හිටි ගමන් අන්දු වගේ එහෙම මැසේජ් එකක් එක්ක අර ජරා විඩියෝ එක එවන්න ඇත්තෙ...මට අන්දුව තව ටිකක් විස්වාස කරන්න තිබුණා දෙවියනේ....

මං ඒ මැසේජ් එක ගැනත්, කියද්දි උෂානිත් අහන් හිටියේ මොකුත් හිතා ගන්න බැරිව..මං ෆොන් එක එයා ළඟ කියලා හිතන් මුලාවක ඉද්දී එයාලා හැමෝම ෆොන් එක මං ළඟ කියලා මුලාවක හිටියා...

"ඇත්තටම අපි හිතුවෙ ෆොන් එක ඔයා ළඟ කියලා...ධනූ හැමදාම ඔයාට බැන්නෙ ඔය ගැන කියලා...එයා කිව්වේ ඔයාට උවමනාවක් තිබුණා නම් ෆොන් එකේන්ම ඔයාට හොයාගන්න තිබුණා කියලා ඒ විඩියෝ එක ඒ ෆොන් එකෙන් ගත්ත ඒවා නෙමෙයි කියලා..."

ඒ අස්සෙ මට මතක් උණා එදා සුදාරයා කාමරෙන් එළියට ආවෙ අපි හැමෝම පහළට ආවට පස්සෙ කියන්න...ඒ වෙලාවේ ඌ ෆොන් එක ගන්න ඇති... ඒ වගේම මට මතක් උණා එදා මං පඩිපෙලේ වැටිලා ඉද්දී සුදාරයා ෆොන් එකෙන් ඇන්ටි කෙණෙකුට කිකියා කතා කර කර ආපු හැටි...මට ඒ සිද්දීය තාමත් හොදට මතකයි...මොකද අපි ඒ තරම් අමාරුවේ වැටිලා ඉද්දී ෆොන් එකෙන් සතුටු සාමිචියේ යෙදුණ ඌ ගැන මට ඇති උණේ ඒ තරම් පිළිකුලක්...කොහොමින් හරි එදා උගෙ ඒ කෝල් එකෙන් පස්සෙ අන්දු හැම වැරැද්දක්ම පිළි අරන් කෑ ගහලා යන්න ගිය හැටි මට මතක් උණා...

"තාමත් බෑ කියලද කියන්නේ ආ..තාමත් බෑ කියලද කියන්නේ...අකුරින් අකුර පැහැදිලි කරන්න ඕනද...ඉමා ගොඩේ හිඟන්නාට කරන්න හැදුවා වගේ අන්දු ඉමාව රවට්ටලා දැලේ දාගෙන අමතක කරන්න බැරි කරලා අත ඇරලා දැම්මා...හැමදේම විඩියෝ කරා..එවා අනිත් උන්ට පෙන්නත් දැම්මා...මට ඕනා උණේ පලිගන්න. .ඔව් පලිගන්න... ඕකනෙ අහගන්න ඕනා උණේ..දැන් අහගත්තද...දැන් සතුටුද...දැන් වත් නවත්තපන්...දැන්වත් නවත්තපන්...මගෙ ජීවිතේට ඇගිලි ගහන එක දැන්වත් නවත්තපන්...අපිට අපෙ පාඩුවේ ඉන්න දීපන්... පිංසිද්ද වෙයි..."

එයාගෙ වචන මගෙ මතකය අස්සෙ දෝංකාර දුන්නා...එදා නොතේරුණත් අද කල්පනා කරලා බලද්දී එයා ඒ දේවල් කිව්වේ මට නෙමෙ සුදාරයට කියන්න මං තේරුම් ගත්තා

"මං දන්නේ නෑ...මොනා කියන්නද තේරෙන්නේ නෑ දෙවියනේ....ඒත් එදා අම්මි ගැන තිබුණ බය නිසා ඒ දේවල් අර විදිහට පිළිගන්න උණා කියමුකො..මං ඉන්න කියද්දි කියද්දි එයාට අම්මි වෙනුවෙන් යන්න උණා කියමුකො..කොහොම උණත් එයාට තිබුණා...එයාට තිබුණා...මොනම විදිහකින් හරි මට පණිවිඩයක් දෙන්න....දන්නවාද...මං කොයි තරම් බලන් හිට්යද කියන්න...දවසින් දවස වැටුණා...සති 3ක් තිස්සේ පාරක් පාරක් ගානේ එයාව හොය හොයා ඇවිද්දා...පිස්සෙක් වගේ...එක වචනයක් කතා කරන්න...එකම එක හේතුවක් දැන ගන්න...ඇයි...ඇයි...එයාට බැරි උණේ මට පණිවිඩයක් දෙන්න..."

"එයාට එහෙම කරන්න තිබුණා අමාන්...එයා වැරදි පිළිගත්ත පමාවට උන් අම්මිට යන්න දුන්නා නම්..ඔයා ඉන්ග්ලන්ඩ් යනකංම උන් අම්මිව එවන්නේ නෑ කිව්වා වගේම එව්වේත් නෑ...ඔයා එයාට දීපු සති දෙක ඉවරවෙද්දී ඔයා යයි කියලයි උන් හිතුවෙ...ඒත් නොයා ඉද්දී උන් අන්දුව සෑහෙන්න ප්‍රෙශර් කරා...ඒ අස්සෙ උන් අම්මි තියන් ඉන්න තැනක් හෙව්වට හොයාගන්න බැරි උණා...අන්දු ධනු එක්ක අනුරාධපුරේ ගියා පොලිසියේ ඇන්ට්‍රියක් දාන්න..ඒත් ලක්ෂිතයාගෙ වැඩ නිසා පොලිසියෙන් පැමිණිල්ල වත් බාර අරන් තිබුණෙ නෑ...අම්මි මේ දේවල් දැනගෙන නෙමෙ උන් එක්ක හිටියේ...උන් අම්මිට කෝල් අරන් දුන්නා අන්දුට කතා කරන්න..එකම සහනය උණේ ඒක...අම්මි හිතන් හිටියේ ඔයා හදිසියේ රට යන බව දැනගෙන අම්මිව උන් ගාව නතර කරලා ඔයා යනකං අන්දු ඔයා ළඟ නතර උණා කියලා...ඒ විතරක් නෙමෙ අම්මිට ඔයා එක්ක කතා කරන්න ඕනා උණා...ඉතිං අන්දුට අම්මිට බොරු කියන්න උණා ඔයාට රට යන්න බල කරපු නිසා ඔයා එයා එක්ක තරහට අම්මි එක්කත් කතා කරන්නේ නෑ කියලා...අම්මිව හෙවුවොත් හරි ඔයාට ඒ දේවල් කියියන්න උත්සාහ කරොත් හරි අම්මිට විඩියෝ පෙන්නනවා කියලා පස්සෙ උන් තර්ජනේ කරාම කරගන්න දෙයක් නැති කමට අන්දුට පැත්තකට වෙලා බලන් ඉන්න උණා..අනික ඔයා එයාව හොයන් මෙහෙ අනුරාධපුරේ එන බව දන්න නිසා උන් එයාට ගෙදර එන්න දුන්නෙත් නෑ...කොහොම උණත් ඒ දවස් එයාට ලේසි උණේ නෑ..ඒ ඔක්කොම නිසා ධනු අන්දුව එයාලගෙ ගෙදර නතර කරගත්තා ඒ ටිකේ... අනික් අතට අකමැත්තෙන් උණත් අන්දුට ඔයා යනකං බලන් ඉන්න උණා..."

මට මතක් උණේ එයා ධනුවගෙ ගෙදර හිටපු එක ගැන මං වැරදියට හිතපු හැටි ගැන වෙද්දි මට ඇති උණේ මං ගැනම කේන්තියක්...ඒත් ඒ කොහොම උණත් එයා කොහොමද හිතක් පපුවක් නෑ වගේ මං එයාව හොය හොයා ඇවිදින බව දැන දැන පණිවිඩයක්වත් නොදී මාව මඟ ඇරියේ දෙවියනේ...එයා ඒ ටිකේ හිටියේ ධනුවගෙ ගෙදර වෙද්දි...
එයාට තිබුණා මොනම විදිහකින් හරි...පණිවිඩයක් දෙන්න මට...

"ඒත් අඩුම පණිවි.."

මං අහන්න ගියත් උෂානි මාව නැවත්තුවා...

"ඔයා හරි..පණිවිඩයක් දෙන්න තිබුණා...ඒත් දන්නවාද ...ඔයා එයා නිසා අවුරුදු ගාණක් දැකපු හීනයක් එයාටත් හොරෙන්ම මඟ ඇරලා කියලා දැන ගත්තම එයා හුගාක් දුක් උණා...ඔයා ඉන්ග්ලන්ඩ් ගමන මගාරින්න හැදුවේ එයා නිසා කියන එක එයාට දරාගන්න අමාරු උණා...එයා දැනගෙන හිටියා ඔයා ට පණිවිඩයක් දුන්නොත් ඔයාට කතා කරලා ඇත්ත කිව්වොත් ඔයා කොහොමවත් ඉන්ග්ලන්ඩ් යන එකක් නෑ කියලා...අම්මිව බේරගන්න ඕනා නිසා අරුන්ට පේන්න ඔයා ගියා උණත් ආපහු එයි කියලා එයා හිතුවා...ඒ නිසයි එයා ඔයාට පණිවිඩයක් නොදී අමාරුවෙන් උණත් ඉවසුවේ...එයා හිතුවා ඔයා එහෙ ගියාට පස්සෙ හෙමින් හැමදෙම විසඳ ගන්න පුළුවන් වෙයි කියලා...ඉතිං එයා පණිවිඩයක් තිව්වා ඔයාට...ඔයාට නෑ කියන්න බෑ එයා පණිවිඩයක් තිව්වා...එකක් නෙමෙ 2ක්ම...පහුවෙලා හරි ඔයාට හම්බ වෙන්න ඇතිනේ...ඒත් ඔයයි නෑ වගේ හිටියේ...ඔයයි...ඒකයි...එකයි අපිට ඔයා එක්ක කේන්ති මේ තරම්.."

මුල් ටික සාවධානව මට තේරුම් යන විදිහට කියවන් ගිය උෂානි අන්තිම ටික කිව්වේ ආවේගෙන්...පණිවිඩ තිව්වා...එකට 2ක්ම...මොන පණිවිඩද...කෝ තිව්වා නම් මට හම්බවෙන්න එපැයි..

"මොන පණිවිඩයක් ගැනද කියන්නේ ඔයා..."

"ඔයා..ඔයා කියන්නේ ඔයාට ඒ දෙකින් එකක්වත් ලැබුණේ නෑ කියලද අමාන්...ඔයා කියන්නේ ඔයාගෙ මමායි පපායි අන්දු ඔයාට දෙන්න කියලා දීපු ලියුම දුන්නේ නෑ කියලද... "

උෂානි පුදුමෙන් ඇහුවේ ඇස් දෙක නළලේ තියන් වෙද්දි අනිත් තප්පරේ එයා අහපු දේ නිසා මගෙ ඇසුත් නළලට යද්දි මට ඉහින් කනින් දාඩිය දාන්න ගත්තා...

"ම..මා..ප්..ප..පා අතේ..ලියුමක්..!!"

"ඔව්..එයාලා යන්න කලින් අන්දු එයාලව බලන්න හොස්පිට්ල් එකට ගිහින් ලියුමක් දිලා ආවේ...ඔයාට හැමදේම පැහැදිලි කරලා එයා ලියුමක් දුන්නා එයාලට ඔයාට දෙන්න කියලා..ඒත් අන්දු එයාලව පොරොන්දු කරගත්තා ඔයා univercity එකට ඇඩ්මිෂන් ගත්තාමම ඔයාට ඒ ලියුම දෙන්න කියලා...මොකද එයා බය උණා...එයා නිසා ඔයා ආපහු හැරිලා එයි කියලා...එයා බලන් හිටියා ඔයා ඇඩ්මිශන් අරගත්තට පස්සෙ ලියුම කියවලා ඔයා එයාට සමාව දෙයි එයාව තේරුම් ගනි කියලා.....
එයා හැම වෙලාවේම කිව්වේ අමාන්ට මාව විස්වාසයි එයා ටික දවසක් අල්ලන් ඉදි...එයා දන්නවා මං එයාට වැරැද්දක් කරන්නේ නෑ කියලා..එයා මන්තරේ වගේ ඔය වචන මැතිරුවේ...
එයා ඔයාව ගොඩක් විස්වාස කරා අමාන්...එයා හිතුවා ඔයා හැමදේම තේරුම් ගනි කියලා...."

උෂානි තව මොන මොනවාදෝ කිව්වත් මං හිටියේ සිහියෙන් නෙමෙ...මට මතක් උණා මං අත කපන් හොස්පිට්ල් එකේ ඉඳලා ගෙදර ගියාම...ඇඩ්මිශන් ගන්නත් කලින්ම මමා පපා අන්දු දුන්නා කියලා මට දුන්න ලියුම...හිතේ ආවෙගෙට කෑලි කෑලි කරලා උණු උණු සුප් එකේ ගිල්ලපු ලියුම...මට දැනුණේ මගෙ සිහිය පවා විකල් වෙන්න එන ගතියක්...මොකද මං හදිසි වෙලා මෝඩයෙක් වගේ ගත්ත තීරණ නිසා වෙලා තිබුණ විනාසෙ තරම මගෙ ඇස් ඉස්සරහා එකින් එක ඔප්පු වෙන ගමන් තිබුණා...මං දන්නේ නෑ...ඒ දවස්වල මං හිටපු මානසික තත්වෙත් එක්ක මට මාව සාධාරනීකරණය කරන්න පුළුවන්ද කියලා...ඒත් මොන විදිහෙන් හරි හැමදේම...අපි නොදැනම නිවරදී කරන්න බැරි තරමට වැරදිලා තිබුණා...

"මට දුකයි මහත්තයෝ..මට දුකයි...ඔයා මාව යාළුවෝ එක්ක ඔට්ටු තිව්වට නෙමෙ...ඔයාට ඔයාමවත්,ඔයාම දීපු ආදරේ වත් විස්වාස නොවුණ නිසා දුකයි...මන් ඔයාව මටත් වඩා විස්වාස කරනවා කියලා ඔයා නොදන්න එක ගැන මට දුකයි අමාන්...."

"අදින් පස්සෙ වත් ඔයාගෙ ආදරේ විස්වාස කරන්න...මට ඔයාව විස්වාසයි කියන එක විස්වාස කරන්න..මට ඔය ආදරේ දැනෙනවා කියලා විස්වාස කරන්න..."

අපි අපේ උන දවසෙ එයා කිව්වා...එයා ඉල්ලුවා...මගෙ හිතේ එයාට තියෙන ආදරේ විස්වාස කරන්න කිව්වා...මගෙ ආදරේ එයාට දැනෙනවා කියලා විස්වාස කරන්න කිව්වා...ඒත් මං එයාගෙ ඉල්ලීම ඉෂ්ට කරාද ඇත්තටම...අන්තිමට බැලුවාම එයා මට දීපු ආදරේ තියා මගෙ හිතේ එයා වෙනුවෙන් තිබුණ ආදරේ වත් මං විස්වාස නොකරපු ගාණයි...එහෙම විස්වාසයක් තිබුණා නම්...මට තව පොඩ්ඩක් ඉවසලා ඒ ලියුම එදා බලන්න තිබුණා කියලා හිතෙද්දි මට මං ගැනම දැනුණේ කලකිරිමක්...එදා උෂානිලගේ වෙඩින් එක පවා මං වැරදියට වටහා ගත්තෙ මගෙ නොසැලකිලිමත් කම නිසා නේද කියලා මතක් වෙද්දි...හැමදේම මේ තරම් දුර නොගිහිං බේර ගන්න තිබුණ අවස්ථා මං විහිං නැති කරගෙන තිබුණ හැටි තේරුම් යද්දි
මට මාවම සාධාරණිකරණේ කරන්න බැරි උණා...

"ඔයා කියන්නේ ඔයා කේන්තියට ලියුම නොබලම ඉරලා විසි කරා..."

මං ලියුමට උණ දේ කියද්දි උෂානි අහද්දී නොදැනිම මට සුසුමක් පිට උණා...

"හ්ම්ම්.."

"එතකොට අනික් ලියුම...ඔයා කියන්නේ ඒක හම්බ උණෙත් නෑ කියලද..."

එතකොටයි මට මතක් උණේ...උෂානි කලිනුත් ලියුම් දෙකක කතාවක් කියපු බව...

"අන්දු ලොකු අවධානමක් අරන් ඔයාගෙ ගෙදරම ගිහින් ඒ ලියුම තියලා ආවේ..."

"මගෙ ගෙදර..!! කවද්ද..."

"ධනු අන්දු එක්ක ගිහින් එයාගෙ බඩු අරන් ආපු දවසෙ...ඔයා ගෙදර නැති වෙලාවක් බලලා එයාලා ගියේ...අන්දු ගිහින් එයාගෙ බඩු අරන් ආවම තවත් ඔයා අවුල් ගිහින් ඉන්ග්ලන්ඩ් යන්න තිරණේ කරයි කියලා එයාලා සුදාරයට ඒත්තු ගන්වලයි එදා ගියේ...ඔයා පාරක් පාරක් ගානේ රස්තියාදු වෙනවා බලන්න අකමැති නිසයි අම්මිවත් අනතුරේ දාලා එදා එයා ඔයාට පණිවිඩයක් තියන්න ගියේ...පොඩ්ඩක් එහෙ මෙහෙ උණා නම්..අරුන් නැන්දට හැමදේම කියන්න උණත් තිබුණා එදා..."

" ඒ පාර මොන ලියුමක්ද දෙවියනේ...කොහෙ තියපු ලියුමක්ද..."

මං ඇහුවේ නොසන්සුන් කමින්...මොකද තවත් ලියුමක් ගැන මං කිසි දෙයක් නොදැන හිටපු නිසා...

"මට මතක හැටියට ඒ දවස්වල අන්දු කිව්වේ ඔයාලගේ වටිනම මතක සටහන එක්ක එයා ඒ ලියුම තිව්වා කියලා...තව මන්දා ඔයාට දැක්කම පේන්න කියලා බ්‍රෂ් එකක්ද මොකක්ද ඒ උඩින් තියලා ආවා කිව්වා..."

වටිනම මතක සටහන කිව්වේ...එයා ඒ කිව්වේ අර බෙඩ්ෂිට් එක ගැනද...මට මතක් උණේ එදා එය ඇඳුම් අරන් ගිය දවසෙ අපි දෙන්නාගේ ටූත් බ්‍රෂ් එක පවා අතුරුදහන් වෙලා තිබුණ විදිහ...මං හිතුවෙ එයා අරන් යන්න ඇති කියලා...ඒත් ඉන්ග්ලන්ඩ් යන්න බඩු ලෑස්ති කරද්දි බ්‍රෂ් එක අල්මාරිය ඇතුලේ තිබිලා මට හම්බ උණා වෙද්දි මං හිතුවෙ එයාට අමතක වෙලා දාන්න ඇති කියලා...එයා ඒක අල්මාරිය අස්සෙ තිව්වේ මගෙ අවධානේ ගන්නද...අනේ මං වගේ මෝඩයෙක්...ඒ කොහොම උණත් ඒ බෙඩ්ෂිට් එකත් එක්ක ලියුමක් තිබුණද...කල්පනා කරද්දි මට මතක් උණේ උඩින් අතගාලා බැලුවට මං කවදාවත් ඒ බෙඩ්ෂිට් එක දිග ඇරලා බැලුවේ නෑ නේද කියන්න...ඉතිං ඒ ඇතුලේ ලියුමක් තිබුණද...සමහරවිට අදටත්...ඒ ලියුම ඒ බෙඩ්ෂිට් එක ඇතුළේද...ඒත් එදා මගෙ අතින් වැටුණ ලේ වලට බෙඩ්ෂිට් එකත් එක්ක ලියුමත් විනාස වෙන්න ඇති... අනික් අතට තිබුණත් දැන් මොකටද....හරියට අනික් ලියුම ගැන එදා මං හිතුවා වගේ...අවශ්‍ය වෙලාවේ නැතිව දැන් මොකටද...

"ඒ කියන්නේ ඔයා ඒක දැක්කෙත් නෑ..."

"හ්ම්ම්.."

"දැන් ඉතිං කතා කරලා වැඩක් නෑ ඒ ගැන..ඔයාලා දෙන්නගේම අවාසනාව වෙන්න ඇති අමාන්...කොහොම උණත්,ඔයා univercity එකේ ඇඩ්මිෂන් දෙන කාලෙ පහුවෙනකං ඉඳලා අන්දු ඔයාට කතා කරන්න ට්‍රයි කරා...ඒ උණාට ඔයාලගෙ එක නම්බර් එකක්වත් වැඩ කරේ නෑ....දනූ හොස්පිට්ල් එකෙන් කන්ටැක්ට් කරගන්න හැදුවා බැරිම තැන...එහෙන් කිව්වේ ඔයාගෙ මමා පපා දෙන්නම ලීව් කියලා...වෙන විස්තරයක් එහෙන් දෙන එකත් ප්‍රතික්ෂේප කරා...ඉතිං ඔයාම කතා කරනකං බලන් ඉන්නවා ඇරුනම අන්දුට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ...ඉතිං එයා බලන් හිටියා අමාන්...සෑහෙන කල් බලන් හිටියා...ටිකෙන් ටික දරාගන්න බැරි වෙද්දීත් එයාට එයාවම නැති වෙද්දීත් එයා ඔයා කතා කරණකම් බලන් හිටියා..."

උෂානි කියපු විදිහට මට තේරුම් ගියා ආයෙමත් හිත අඩියටම පෑරෙන්න යන බව.....

මතුසම්බන්ධයි...
👩‍💻 dil

2023/05/26

🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀

වස්තුලා.....එන්න බැරි උනාට ගොඩක් සොරි...🤧🤧

මේ අදත් ටයිප් කරලා අඩුපාඩු බල බල ඉද්දී නින්ද ගියා අනේ...මේ දවස් වල 9ටත් කලින් නින්ද යනවා...🤧🤧
දැනුයි ඔන්න ආයි ඇහරිලා ඉවර කරගත්තේ....

ඉතිං ඔයාලට එකින් එක පැහැදිලි වෙනවා නේද...අන්දුට උණ දේවල්....😔

තව ටිකක් තියෙනවා උෂානිගෙන් දැන ගන්න...ඒ ටික අහලාම තිරණේ කරන්නකෝ...කාටද වැරැදුනේ...කියලා....

ඉතිං අම්මි යන්න ගිහිං..🥺🥺😔😔

අම්මි අන්තිම මොහොතේ ඒ තරම් අවාසනාවන්ත උණේ කොහොමද...🤧🤧

ඇයි අන්දුට බැරි උණේ ඒ ගමන එයාව හොදින් යවන්න 😭😭

හෙමින් බලමුකො....

ඉතිං අද කොටස ගැන මොකද හිතෙන්නේ.....

හමන සුලඟක් කීවා
පුවත අපි වෙන්වෙනා
නුඹට නෑ තව සීමා
අපිට අපි දුර නිසා

හෙට තනි වී ආයෙම -
ආ ගිය පාරෙම ඇවිදන් යන්නම්
මන් තනියෙන් කවුරුත් නැතිදා
සඳ එලියෙන්

ඇහෙනවද ගැහෙන හදවත මගේ
දැනෙනවද රිදෙන තැන් මට වගේ
කියනවද කොහෙද මග වැරදුනේ
අපිට ඇයි අපිව හිමි නැති වුණේ...//

ලඟින් හිඳ ගෙවුන කාලයේ
නුඹෙන් මා සෙව්ව ආදරේ
මගේ නොවේද මට කියන්න
දුක නිවෙන්න හදවතේ

මා හා රැදෙන්න දුරින් මේ භවේ...

ඇහෙනවද ගැහෙන හදවත මගේ...///

Continue Reading

You'll Also Like

501 1 1
They say you don't know what you have until it's gone. But what about the people that do know? The people that just have to sit there waiting and wat...
144K 5.1K 43
[COMPLETED] ɪ ᴅᴏɴ'ᴛ ɢɪᴠᴇ ᴀ ᴅᴀᴍɴ 'ʙᴏᴜᴛ ᴍʏ ʀᴇᴘᴜᴛᴀᴛɪᴏɴ ʟɪᴠɪɴɢ ɪɴ ᴛʜᴇ ᴘᴀꜱᴛ, ɪᴛ'ꜱ ᴀ ɴᴇᴡ ɢᴇɴᴇʀᴀᴛɪᴏɴ --------- Ukiyo (n.) living in the moment, detached fro...
11.3K 452 53
Cassie Logan is a 15 year old girl and she got a scholarship to attend a boarding school and live in Anubis house. She quickly has friends with ever...
350K 12.8K 60
𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire is the first female f1 driver in 𝗗𝗘𝗖𝗔𝗗𝗘𝗦 OR 𝗜𝗡 𝗪𝗛𝗜𝗖𝗛 noura denoire and charle...