🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎...

By Rukshikakalhari

60.5K 14K 10.4K

හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්.. More

01.. යීබෝ සහ බාඕ....🐾️
02.. නිලධාරියාගේ පැමිණීම....🐾️
03.. නිරීක්ෂණ ආරම්භය... 🐾️
04... වසඟවීම... 🐾️
05... හිතට හොරෙන්...🐾️
06.. ඉරිසියාව...🐾️
07.. බලාපොරොත්තුව .. 🐾️
08... නොකී කතා.. 🐾️
09.. නොදැක ඉන්න බෑ..... 🐾️
10.. මායාවක් නම්......🐾️
11.. චොක්ලට් .... 🐾️
12... සැලසුමක ආරම්භය .. 🐾️
13... ව්‍යර්ථ වූ සැලසුම... 🐾️
14... බාඕත් සුවෙන්..🐾️
15... හිත නිවෙන තැන ....🐾️
16.. නොසිතූ දෙයක්...🐾️
17.. ඒ ඇස්වල වේදනාව ..🐾️
18... ලඟින්ම...🐾️
19.... ලී ගං ඉවුර.. 🐾️
20.. පෙම්වතුන් ලෙසින්...🐾️
21...එක වහලක් යට ...🐾️
23.. සෙනෙහසේ අලුත් පියවර.. 🐾️
24.. බොඳවූ මතක... 🐾️
25... ඔහු වෙනුවෙන්....🐾️
26... තනි නොවුනු බව.....🐾️
27... සැනසුම් සුසුමක් ...... 🐾️
28.. තවත් ආදරණීය හිතක්..🐾️
29.. අදුරු මතක....🐾️
30.. අපූරු නිවාඩුව...🐾️
31... පුරුදු බවක්..🐾️
32.. අහම්බයක් මුත් පුදුමයක්..🐾️
33.. නිමක් නැති ගැටලු.....🐾️
34.. අතීතය ඇස් ඉදිරිපිට...🐾️
35...හිත් බිදීමට දඩුවම්....🐾️
36.. බාඕගේ කෝපය...🐾️
37.. ඒ දුරස්වීම...🐾️
38.. අහිමි වේදෝ බියකින්...🐾️
39.. එකින් එක...🐾️
40.. ඉතින් ඊට පස්සේ..🐾️

22... තකට තක.... 🐾️

1.4K 344 252
By Rukshikakalhari

🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️.....

සිනාසෙමින් එලෙසින් කියූ ශාන් ඇමතුම සම්බන්ධ කර ගන්නේ ඇයි හිසින් කීවේය....

", හෙලෝ ගගා.........."

" ඩිඩී..........හියුන් අල්ලගත්තා ................

**

යීබෝට වාඩිවී සිටි තැනිනුත් නැඟිටුනේය...අනෙක් පසින් තම සොයුරා පැවසූ දේ ඇසුනේ නැති නිසාත් යීබෝ කලබල වූ නිසාත් සිදුවන්නේ කුමක්දැයි හිතා ගන්නට නොහැකිව ශානුත් හුනස්නෙන් නැගිට්ටේය..

" ඌ කෝ ගගා...."

යීබෝ කෝපයෙන් එලෙසින් අසද්දී සිදුවී ඇත්තේ කුමක්දැයි ශාන් අවබෝධ කර ගත්තේය...

" දැන් තමයි ඉන්න තැනින් කුදලගෙන එන්න පටන් ගත්තෙ....මේක අපි නීතියට පිටින් කරන හින්දා ඌව ගේන්නේ කොහෙටද කියලා මේ කල්පනා කරන්නේ..."

කුවාන් කල්පනා කාරී හඩකින් කියද්දී ඒ කතාව shan හටත් ඇහුනේ ඒ වනවිටත් ඔහු දුරකතනය අතට රැගෙන ලවුඩ්ස්පීකර් ඔන් කර තිබුනු නිසාවෙනි...

" මෙහෙට ගේමු ගගා....බිල්ඩින් එක පිටිපස්සේ ස්ටෝරූම් එකක් තියෙනවා........"

යීබෝ ශාන්ගේ මුහුණ දෙස බලාගෙන එළෙසින් පැවසුවේ ඔහුගේ ප්‍රතිචාර මොනවා දැයි දැන ගැනීමටයි.... ඔහුත් ඇස්වලින් හා යැයි කීවේය ...

" බෑ බෑ.......ඒක අවදානම්...ඌ දන්නේ නැති තැනකට ගෙනියන්න ඕනේ....ඌව මෙහාට ගේන්න තව පැය හතරක් යනවා.....හැම පැත්තෙන්ම safety ය තියන තැනක් මම බලලා ඔයාට කියන්නම්..."

කුවාන් ටික වේලාවක් නිහඬව හිඳ එළෙසින් කියද්දී යීබෝ එය අනුමත කලේය ... ආරක්ෂක සේවයේ නිරතවන කුවාන් තමන්ට වඩා දේවල් දන්නා නිසා මෙම ගැටළුවේ දී ඔහුට මුල්තැන දෙන්නට යීබෝ තීරණය කලේය ....

" හරි ගගා.... එහෙනම් ආපු ගමං කියන්න ......මං එන්නං........"

" මං නෙවෙයි අපි දෙන්නම ......."

යීබෝට ඔහුගේ කතාව අවසන් කරන්නට අවස්ථාව ලබා නොදෙමින් ශාන් මැදින් පැන්නේ ය..

" යකෝ මූ දැන් වැඩට යන්නේ නැතුව ඔහෙට වෙලාම ඉන්නවද....මහලොකුවට බලෙන්ම discharge කරගත්තේ වැඩට යන්න ඕනේ කියලා නේද..."

ශාන්ගේ කටහඩ ඇසුනු සැනින් කුවාන් සිනාසෙමින් කෑගහද්දී ශාන් යලිත් කෑම,මේසයට වාඩිවුනේය ...

" අපි කන්න ආවා..අනික මං ආවේ විසිට් එකට...."

යීබෝත් සිනාසෙමින් ශාන් අසලින් වාඩිවෙද්දී ශාන් කීවේය ....

" හාකො හාකෝ......ඒ ඩිඩියා මූව ඕනෙවට වඩා හුරතල් කරන්නෙපා හොදේ........අන්ඩ හොදවුනාම තියෙන වැඩ ඔක්කොම කරගන්නවා....."

ඉතින් යීබෝ සිනාසෙන්නේය ....තවත් විනාඩි කිහිපයක් ඔහු සමගින් කතා කර හවස මුණ ගැහෙන්නට තීරණය කර ඇමතුම අවසන් විය...

" ඔයා දන්නවද ටුටුවා..... විසිට් එක අපේ ඔෆිස් එකේ වැඩ කරන චාඕ කාරයා අරගන්න මාර ගේමක් දීලා.... අද මිනිහ මගෙ මූන බලලා හිනා උනේ වත් නෑ.......මට එතන පොඩි සැකයක් තියෙනවා.......මම මේ සද්ද නොකර ටිකක් බලාගෙන ඉන්නේ......"

විහිළු තහළු සියල්ල අමතක කර මුහුණට බැරෑරුම් පෙනුමක් මතුකරගෙන ශාන් කියද්දී යීබෝ ශාන්ගේ බත් එක යලිත් කවලම් කර දුන්නේය...

" ඔෆිස් එක ඇතුලෙ ප්‍රශ්න දාගන්න හදන්න එපා මෝෂි ........අපි මේ ප්‍රශ්න පිටින් විසඳගන්න බලමු....."

ආහාර ගෙන අවසන්ව අසුනෙන් නැඟිටිමින් යීබෝ කීවේය ...

" මට කොහොමත් මිනිහා ගැන සැක හිතලා තිබුනේ ..මං විසිට් එකට එන්න පටන් ගත්ත මුල් කාලෙත් ඕකා අපේ කොල්ල ගැන විස්තර හාර හාර ඇහුව....."

තනි අතින් හෝ භාජන සින්ක් එක අසලට ගෙනගොස් දෙමින් ශාන් කීවේය ...

" වාඩිවෙලා ඉන්නකො මෝෂි ..... අර සැලඩ් එක කන්නකො...."

යීබෝ කෑගසද්දී ශාන් යීබෝගේ තට්ටමක් මිරිකාගෙනම ගොස් සැලඩ් දමා ඇති කප් එක අතට ගෙන වාඩිවුනේය ...

" හොදට කන්න දීලා මාව ෆිට් කරලා ගන්න නේ හදන්නේ හ්ම්ම්ම්..."

සැලඩ් හැන්දක් කටට දමාගනිමින් ශාන් කියද්දී යීබෝ ශාන් අසලට ආවේය ...

" ඔව් එතකොට මං ඔයාගෙ උඩට ආවම මෙට්ටෙ වගේ දැනෙනවනේ....."

කැහ් .........කැහ්..........කැහ්...........

ශාන්ට සැලඩ් ඉස්මොල්ලේ ගියේය ...

" යටකරගන්න කතා කියන්නෙපා ටුටුවෝ......මං තාම ඒකට හිත හදාගත්තෙත් නෑ............."

ශාන් යීබෝගේ මුව අසලටත් සැලඩ් හැන්දක් දිගුකරමින් කීවේය ....

" එහෙනම් මමත් නෑ මෝෂි ....අපි දෙන්නා පිටින් සැනසෙමු හැමදාටම..."

යලිත් සින්ක් එක අසලට ගිය යීබෝ භාජන හෝදමින් කියද්දී ශාන් ඔහුව පිටුපසින් වැළදගෙන උරහිස මතින් හිස තියාගත්තේය ....

" ඔයා වෙනුවෙන් මට කරන්න බැරි දෙයක් නෑ ටුටුවෝ......අනික උඹව යටකරගෙන උඹ ගෑණි කියලා හිතන්නත් ඕනෙනෑ........ඒක ඒ වෙලාවට ඒ විදිහට වෙයි........ "

ගර්....ර්.....ර්.......

ශාන් ඒ විදිහට විනාඩි කිහිපයක් යීබෝගේ ගෙල අස්සේ මුහුණ තියාගෙන ඔහුව පිටුපසින් බදාගෙන සිටිද්දී ආලින්දයේ එක් පසෙකට වී දිවා ආහාර ගෙන අවසන් කෙරූ බාඕ කිචන් එකට ආවේය ...ඉතින් කකුල් දෙකෙන් හිටගෙන යීබෝගේ අනෙක් උරහිසෙන් හිස තබාගත් බාඕ දැන් අනෙක් පස සිටින ශාන්ව එක අතකින් තල්ලු කරන්නේය...

" අනේ කොල්ලො බාගෙ බාගෙ ඉතින්......අපි සමාදානයෙන් ඉමුකෝ ...."

බාඕ කොයිතරම් තල්ලු කලත් එහාට නොවූ ශාන් බාඕගේ ගෙරවිලි මධ්‍යයේම යීබෝගේ ගෙලපුරා හාදු තවරන්නේය.....

", හොද කොල්ලනේ අතින්..... ඔන්න මං විතරයි ඔයාට පස්සෙ මෙයාව අල්ලන්නේ හ්ම්ම්ම්ම්..එයා අපි දෙන්නගෙමනේ........හානේ.......හානේ........"

ඉතින් බාඕ නිහඩවිය....යීබෝ මේ සියල්ල දරාගෙන නිහඩව ඔහුගේ රාජකාරි අවසන් කලේය...

", ඔයත් පොඩි එකෙක් වගේ මෝෂි ..."

ශාන් සමඟින් ආලින්දයට යන අතර යීබෝ සිනාසෙමින් කීවේය ..

" කොල්ලට තේරුම් කරන්නෝනේ මේ අයියට විතරයි මේ සෙක්සි බොඩි එක අල්ලන්න පුලුවන් කියලා ටුටුවා......මං මේ අත හොදවෙනකල් ඉන්නේ ඔය ඇඟ පුරාම ඉඹින්න......."

යීබෝගේ මුහුණ පුරා වෙදැගිල්ල ගෙනයමින් ශාන් කියද්දී යීබෝගේ දෙනෙත් අඩවන් උනේය.....

" මගෙ මෝෂි....."

ඉතින් ඔහු ආලින්දය මැදදීම ශාන්ව පරිස්සමෙන් වෑලදගෙන දෙතොල් අල්ලාගත්තේය ... බාඕ එය දුටුවත් අහකබලාගත්තේය ....

ඉතින් විනාඩි දෙකක්වත් ඔවුන්ට රිසි සේ දෙතොල් සිප ගන්නට අවස්ථාවක් ලැබුණේ නැත...

ටොක් ටික් ටොක්..........

කවුරුන් හෝ නිවසේ දොරට තට්ටු කරන්නට පටන් ගත්තේය...

" මොකද යකෝ කවදාවත් නැතුව දොර ලොක් කරගෙන...."

පිටතින් ඇසෙන්නේ සදාතනික අතිජාත මිතුරා ගේ කෑ ගැසීමයි... ඔහු දැන් මේ ශාන් නිවස තුල සිටින බව දන්නේ නැත....ෂූයෑන්ග් දොර අගුලු ලා ඇති බව පවසද්දී යීබෝ පුදුමයෙන් ශාන්ගේ මුහුණ දෙස බලද්දී ශාන් ඇසක් ඉඟිමැරුවේය ...ඉතින් ඔහු නිවසට ඇතුළු වී දොර අගුළු දමා ඇත...යීබෝගේ මුහුණට සිනහවක් නැගුනේ ය....

" හිටපං........"

යීබෝ ගොස් දොර විවෘත කලේය...

" උඹ මේ දොරත් වහගෙන අත්ට්‍රැ.............අහ්..........ශාන් ගගා......."

ෂූයෑන්ග් කට කැඩුණු කතාවක් කියාගෙන නිවස තුළට පැමිණියත් සෝපාවේ වාඩිවී සිටින ශාන්ව දැක කටට බ්‍රේක් ගසාගත්තේය .... ශාන් ඔහු සමග ලෙන්ගතු ලෙසින් සිනාසුනේ පෙරදිනයේ දුරකථන සාකච්ඡාවෙන් කිසිවක් ඔහුට ඇසුණේ නැති අයුරිනි.....

" වාඩිවෙන්න ෂූයෑන්ග් ......."

ශාන් ලෙංගතු ලෙසින් කියද්දී ෂූයෑන්ග් යීබෝ දෙසත් help me වැනි බැල්මක් හෙලමින් ශාන් අසලින් වාඩිවුනේය ....

" බඩගිනී බෝ......."

ෂූයෑන්ග් සෙමින් කියද්දී යීබෝ ෂූයෑන්ග් වෙත පරීක්ෂාකාරී බැල්මක් හෙළුවේය...

" උඹ ඔය ගෙදර ගිහිල්ලා එන ගමන් නේද......"

ෂූයෑන්ග් සුසුමක් හෙළා බිම බලා ගතතේය.... ශාන් යීබෝ දෙස බැලුවේ මීට හේතුව කුමක් දැයි දැන ගැනීමටයි..යීබෝ ඇස්වලින් පසුව කියන්නම් ඇයි කියද්දී ශාන් හිස සැලුවේය ...

", හිතේ නිදහසේ ලන්ච් ගන්න ගෙදර යනකොට අර කිව්වත් ගෙදර ගෙන්නගෙන කෑමට.....මට එපාවෙලා බං........"

ෂූයෑන්ග් වේදනාවෙන් කියද්දී යීබෝ ඔහුගේ පිටට තට්ටුවක් දැම්මේය....

" ගගා එක්ක කතාකර කර හිටපංකො...මං උඹට කන්න ගේන්නම්...."

ඉතින් ෂූයෑන්ග් හිස සැලුවේය ...

" ඔයාලා හෙන ලකී ශාන් ගගා....විහිළු කරලා හිනා වෙලා හිටියට මම ඉන්නේ හෙන ගින්දර ක.... "

ටික වේලාවක් නිහඬව බිම බලාගෙන සිටි ඔහු අවසානයේ හොඳ හුස්මක් පිට කරමින් ශාන් දෙස බලාගෙන කීවේ අත් දෙකෙන්ම ඔහුගේ කොණ්ඩයත් පිටිපසට ඇදගන්නා ගමන්ය...

" ජීවිතේ මිනිස්සුන්ට තමයි ප්‍රශ්න එන්නේ ඩිඩී......බලන්න අපේ බෝ......එයා කොච්චර ප්‍රශ්න දරාගෙන ද ජීවත් වෙන්නේ...මේ ලෝකෙ ප්‍රශ්න නැති මිනිහෙක් නෑ...... ප්‍රශ්නේ ඇතුළෙම ජීවත් වෙනවාට වඩා ඒකට පුංචි හරි විසඳුමක් හොයා ගන්න එකට තමයි ජීවත් වෙනව කියන්නෙ.. අපි හිමීට ඔයාගේ ප්‍රශ්න කතා කරමුකෝ....බෝදිගේ හොඳම යාලුවා විදිහට කොතැනදීවත් ඔයාට වැටෙන්න දෙන්නෙ නෑ බයවෙන්න එපා...."

දැන් එතැන සිටින්නේ අර නිතරම විහිලු තහලු කරන ශාන් නොවේ....යීබෝට ෂූයෑන්ග් ට වඩා වයසින් පරිණත වැඩිමල් සහෝදරයෙකි....

" කමු........."

කෑම පිඟානක් සහ වතුර වීදුරුවක් සහිත ට්‍රේ එක ෂූයෑන්ග් ඉදිරියේ ස්ටූල් එක මතින් තබමින් යීබෝ කීවේය .....

ඉතින් තවත් හෝරාවකට පමණ පසු ශාන් පිටව ගියේය....

" එහෙනම් අතනට යන්න බලාගෙන මාව අරගන්න එන්න..... මට normal ජැකට් එකක් අරගෙන එන්න ටුටුවා....මේක ඔෆිස් කෝට් එකනේ...."

ෂූයෑන්ග් ගියපසු තවත් විනාඩි කිහිපයක් ආදරණීය හාදුවක අතරමංවී සිටි ශාන් යීබෝගේ නලලට හාදුවක් තබමින් පිටව ගියේය ....

සවස 3 ට නර්තන පුහුනු පුහුණු කිරීමේ කටයුතු ආරම්භ කළ නිසා ඉතිරි හොරා තුන ඉක්මනින් ගතවී ගියේය.... සවස පහට ශාන් වැඩ අවසන් උනත් රක්ෂිතයට ගොස් එන්නට තවත් පැයක් ප්‍රමාද වෙන බව දන්වා කෙටි පණිවිඩයක් එවා තිබූ නිසා යීබෝ නර්තන පුහුණුව පහයි තිහ පමණ වනතුරු පවත්වා ඉක්මනින් වොෂ් එකක් රැගෙන.... ජිලින්ග් හට බාඕව බාරදී පිටත්වුනේය ...

ඉතින් වොෂ් එකක් රැගෙන නාන කාමරයෙන් පිටතට එන විට කුවාන් නගරයේ සිට විනාඩි 30ක පමණ දුරින් ඇති ලොකේෂන් එකක් යීබෝගේ දුරකථනයට ශෙයා කර තිබුණි....

" හියුන්, හියුන්, හියුන්.........උඹ මට කෙළෙහිගුණ දක්වපු හැටි හරි ශෝක්.....එහෙනම් තව ටිකකින් අපි හම්බෙමුකෝ....."

අල්මාරියේ කෙලවරක සඟවා තබාගෙන සිටි සිලින්ජයක් සහ කුඩා බෙහෙත් කුප්පියක් ඇදගත් කළු පැහැති ජැකට් එකේ ඇතුළතින් තිබෙන pocket එකක් තුළට දමා ගන්නා අතර යීබෝ කීවේය ....ඔහුගේ මුහුණෙහි තිබෙන්නේ වියරු සිනහවකි.... තමන් ළඟම රැකියාව කරමින් ජීවත් වී ඔහු තමන්ව රැවටීම පිළිබදව යීබෝගේ හිතෙහි ඇත්තේ අවසන් නොවන කෝපයකි....

.
.
.
.

" ආ.........කොල්ලා...."

මුලින්ම මිස්ටර් යීබෝ පසුව යීබෝ දැන් කොල්ලා වී ඇත... යීබෝ ඔහුගේ වාහනය වනජීවී කාර්යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල ඉදිරියේ නතර කරද්දී ශාන් සමඟ එතැනට ඇවිද ආ ශාන්ගේ අතිජාත මිතුරා වන් බින් සිනාසෙමින් කීවේය .... යීබෝ ඔහුට සිනාසෙමින් ආචාර කලේය.....

" මූට තියෙන සැප මං බැලුවේ.... ට්‍රාන්ස්පෝට් , ඉදුම් හිටුම් ආහාර පාන ඔක්කොම එකම තැනින්...... "

රියදුරු අසුන පැත්තෙන් ගොස් යීබෝ අසල හිටගත් බින් කියවද්දී ශාන් නිහඩව අනෙක් පසින් වාහනයට ගොඩවුනේය....

" ඔය කට වහගෙන පලයංකො බං.......අපි වැදගත් වැඩකට මේ යන්න හදන්නේ..."

බින් ඔවුන්ගේ මේ ගමන ගැන සියල්ල දන්නේය...

" යකෝ උඹලට ඔච්චර හදිස්සිද....... තාම කරුවල වැටිලත් නෑ...."

බින් මනමාල සිනහවක් සමග කියද්දී ශාන් ඔහුට මැද ඇඟිල්ල පෙන්නූයේය...

" යමු ටුටුවා......ඕකට පිස්සු......."

බින් සිනාසෙමින් දෙදෙනාටම සැලියුට් එකක් දමාගෙන වාහන අංගනය වෙත ඇවිදගෙන ගියේය...

" ඌත් ෂූයා වගේම තමයි නේද මෝෂි ......"

වාහනය ප්‍රධාන ගේට්ටුවෙන් පිටතට දමමින් යීබෝ අසද්දී ශාන් යීබෝගේ අතක් ඔහුගේ අතක පටලවාගෙන ඒ පිටි අල්ලට හාදුවක් තැබුවේය ..

" i miss you......."

සෑහෙන වේලාවක් පිටි අල්ල මත දෙතොල් තබා ගෙන සිටී ශාන් සෙමින් කීවේය ...

" පැය තුනයිනේ මෝෂියෝ....."

යීබෝ ශාන් වෙතට ආදරණීය බැල්මක් හෙලමින් වාහනය අතුරු පාරෙන් ප්‍රධාන මාර්ගයට දැම්මේය...

" ඒ පැය තුන නිකං කල්පයක් වගේ....."

ශාන් ඉදිරිපස දත් දෙකක් පෙනෙන්නට මහ අමුතු විදිහේ හිනාවක් සමගින් එළෙසින් කියද්දී යීබෝ ඒ මුහුණ දෙස ටික වේලාවක් බලා ගෙන සිටියේය...

" වනජීවි හාවා මගෙ......"

යීබෝ සිනාසෙමින් කියද්දී ශාන් යීබෝගේ පිටි අල්ල හැපුවේය ..

"ආයි #ත්තො තව පොඩ්ඩෙන් වාහනෙත් කැපෙනවා.....කෑලි කඩන්නද හදන්නේ....."

ශාන්ගේ අතින් තම අත නිදහස් කරගන්නට හදමින් කෑගහන යීබෝ දෙස සිනාසෙමින් බලාගෙන සිටි ශාන් යලිත් ඒ පිටි අල්ල මතින් දෙතොල් තදකරගත්තේය ... ඉතින් යිබෝ නිහඩව ඉදිරිය බලාගෙන රිය පදවන්නට විය...

" අර පාර ටුටුවා............'

විනාඩි 25ක පමණ ගමනකින් පසුව දැන් ඔවුන් සිටින්නේ නගරයෙන් මදක් ඇතුලට වන්නයි...කොහොමත් යැන්ග්ෂු යනු විශාල ජනගහනයක් සිටින නගරයක් නොවන නිසා නගරයෙන් ඔබ්බට වන්නට විශාල වතු සමග හුදෙකලා නිවෙස් දක්නට ඇත... එක් නිවසක් තවත් නිවසකින් අක්කර ගණනාවක් ඈතින් පිහිටා තිබෙන අවස්ථා බොහෝ දුරට දැකගන්නට හැකිය.

දැන් මේ ඔවුන් ගමන් කරන්නේ එවන් අතුරු පාරකයි...

" ගගා නියම පොට් එකක් වගේ හොයාගෙන තියෙන්නේ..."

වටපිට බලමින් ශාන් කියද්දී යීබෝත් එය අනුමත කරන්නට හිස,සැලුවේය ....ඉතින් තවත් විනාඩි 5ක පමණ එම අතුරු පාරේ ඇතුළට ගමන් කරන ඔවුන් දෙදෙනා ලී වලින් සාදා ඇති ගේට්ටුවක් අසල හිටගෙන සිටින කුවාන් ව දුටුවේය ... ඔහු නිල ඇඳුමේ උඩ කමිසය ගලවා අත් සහිත යට බැනියමක් සමග හිටගෙන සිටිනු දුටුවේය ....

" වත්තටම දාන්න වාහනේ....."

කුවාන් එලෙසින් කියද්දී යීබෝ එහෙන්මම විවර කර තිබෙන ලී ගේට්ටුව මැදින් වාහනය වත්ත ඇතුලට දැමුවේය... කුවාන්ගේ වාහනය නොව වෙනත් පැරණි වාහනයක් අඩක් ඉදිකර තිබෙන නිවසක් ඉදිරියේ නතර කර තිබෙන ආකාරය ඔවුන් දෙදෙනා දුටුවේය....මේ වන විට රාත්‍රී 7 ටත් ආසන්න වී තිබෙන නිසා හාත්පසම පවතින්නේ අන්ධකාරයකි..

නිවසෙහි ඉදිරිපස බිත්තියක එල්ලා තිබෙන මන්දා ලෝකයක් සහිත විදුලි බුබුල නිසා වටපිටාව ලාවට දැක ගන්නට හැකියාව ඇත...

" යමු......."

තවත් වචනයක් වත් කතා කරන්නට එතන නොරැදුණු ඔවුන් තිදෙනා ඉදිවෙමින් පවතින නිවස ඇතුළට ගමන් කළේය.... එහි කාමර දෙකක් වහල ආවරණය කර දොරවල් දමා අවසන් කර තිබෙන අතර කුවාන් ඉන් එක් දොරක් විවර කලේය... දොර අසල ම ඔහුගේ මිතුරෙක් යැයි සිතිය හැකි කුවාන් ලෙසින්ම නිල ඇඳුම් එහි කමිසය ගලවා ගෙන සිටින හැඩිදැඩි පුද්ගලයකු හිටගෙන සිටි අතර ඔහු පිටුපසින් පැමිණි දෙදෙනාට සිනාසුනේය..

" මින්ග් ගගා......"

ශාන් ඔහුව ඇමතුවේය ... ඊලඟට දෙදෙනාගේම දෙනෙත් යොමුවූයේ අබලන්වී ගිය පුටුවක ගැටගසා සිටින හියුන්වයි....ඔහුට ඉතින් කෑගසන්නට වත් නොහැකි වන ලෙසින් මුවත් ආවරණය කර තිබුනි....

" කාලකණ්නි #ල්ලා....."

හියුන්ව දුටු සැනින් යිබෝ ඔහු ඉදිරියට පැන බෙල්ලෙන් අල්ලාගත්තේය ....

" ඩිඩී.............."

කුවාන් යීබෝ අසලට යන්නට ගියත් ශාන් ඔහුව වැළැක්වීය ...

" එපා ගගා......ඌ කන්නෝනේ......."

කුවාන් පසෙකට විය.....

" ගොලු බාෂාව ඕනෙනෑනේ #ල්ලො කටපුරා ඩිඩී කියපු මටනේ ඇරියේ නේ........දැං කතාකරපිය...."

එක් අතකින් කමිසය අල්ලාගෙන අනිත් අතින් මුව ගැටගසා තිබූ පටිය ඉවත්කෙරූ යීබෝ ගුගුරන්නේය.....

" නොමරා ඉතුරු කරපං.......... කුඩු පාර්සලයක් හරි දාලා අවුරුදු දෙක තුනකට ඇතුලට යවමු..."

කුවාන් යීබෝගේ කනට කර එලෙසින් පවසා මින්ග් සමඟ කාමරයේ දොරත් වසාගෙන පිටතට ගියේය ....

" අනේ ඩිඩ්.................."

චටාස් ........................

" තොට ඩිඩී කියන්න තවත් දිව නැවෙනවද යකෝ.......මම දරුවෙක් වගේ පරිස්සම් කරපු අහිංසකයට නේ එහෙම කලේ........"

" ආහ්...........අම්මෝ............"

යීබෝ වේගයෙන් හියුන් ගේ පපුවට පයින් එකක් ගසද්දී හියුන් පුටුවත් සමඟ බිමට වැටුනු අබලන්ව ගොස් තිබුනු පුටුව කෑලි වලට කැඩී ගියේය ....

" නැඟිටපිය.........."

යීබෝ කෝට් එක ඇතුල් සාක්කුවෙන් සිලින්ජය සහ බෙහෙත් කුප්පියක් පිටතට ගනිද්දි ශාන් පුදුමයෙන් බැලුවේය ....

" මේක මේකට පුරවන්න මෝෂි....... බාඕට සැලකුව විදිහටම මූට සලකන්න......"

යීබෝ එලෙසින් පවසද්දී කට කොනකට නගාගත් සිනහවකින් යුතුව ශාන් තනි අතින් උවත් සිලිංජරයට බෙහෙත් ටික දමද්දී හියුන් පස්සෙන් පස්සට ගොස් බිත්තියකට හේත්තුවුනේය.....

" නැඟිටපිය................."

යලිත් කමිස කරෙන් අල්ලාගත් යීබෝ ඔහුව හිටගැස්සුවේය.... යීබෝලා එන්නට පෙරත් කුවාන් ලාගෙන් සප්පායම් වී සිටින හියුන් අපහසුවෙන් හිටගෙන ශාන් අත ඇති සිලින්ජය දෙස බැලුවේය ...

", එපා ඩිඩී..............අම්මෝහ්......."

යීබෝ හියුන්ගේ යටිබඩටම පහරක් එල්ලකලේය....

" තනි අතින් විද්දහැකිද මෝෂි......."

යටි බඩට වැදුණු පහර නිසා පහත් වෙන්නට ගිය හියුන්ව යලිත් උඩට ඔසවාගෙන අල්ලාගත් යීබෝ ශාන් ගෙන් අසද්දී ශාන් සිනාසෙමින් හියුන් අසලට ආවේය ...

" අනේ එපා.......එපා සර්.........ආහ්..........අම්මෝ......."

ඔහු කෑමොර දෙද්දී ශාන් හියුන්ගේ පාදයට පා පහරක් එල්ල කලේය ...

" කෑ ගහන්නෙ නැතිව හිටපිය ........ උඹ බාඕට විද්ද බෙහෙත කොයි වගේද කියලා බලාගනිං දැං......"

ශාන් තනි අතින් සිලින්ජය හියුන්ගේ අත් ගොබයකට ඇන්න අතර පසුව එහි තිබුණු බෙහෙත් සියල්ල ශරීර ගත කළේය..........

" දැං කියපං උඹට මේ වැඩේ කරන්න කිව්වෙ කවුද...."

ශාන් හියුන් ගේ මුහුණට එබී අසද්දී ඔහු බෑ යැයි කියන්නට හිස සැලුවේය ......

චටාස් ............චටාස් ..............

යීබෝගෙන් තවත් අතුල් පහරවල් කීපයක්........

", කතාකරපිය ....................."

යීබෝ කෝපයෙන් හියුන්ගේ බෙල්ල මිරිකද්දී ඔහුගේ ඇස් උඩ යන තුරු නිහඬව බලාගෙන සිටි ශාන් යීබෝව පසෙකට තල්ලුකලේය ...

කැහ්.......කැහ්.........කැහ්.......

හියුන් එහෙන්මම බිමට කඩාගෙන වැටුනේය ... මේ වන විටත් ශරීරගත කළ ඖෂධයත් ක්‍රියාත්මක වෙමින් තියෙද්දී ඔහුට නැගිට ගන්නට තියා කතා කරගන්නට වත් පණක් නැත..

" මරලා බෑ ටුටුවා...මුගෙ කටින් නම අහගන්නෝනේ...."

යලිත් හියුන් අසලට ගිය ශාන් හියුන්ගේ මුහුණ මතින් පාදයක් තබා ඊට තම සිරුරේ බර යෙදුවේය.....දැන් හියුන් දෙපා සොලවන්නේ වේදනාව නිසාවෙනි....

" උබට කොන්තරාත්තුව දීපු එකාගේ නම කියපං... ඊට පස්සේ සැනසිල්ලේ හිර බත් කන්න පුළුවන්.."

ශාන් එලෙසින් කියද්දී යීබෝ හියුන්ගේ මුහුණ අසලට පහත්වුනේය ... ශාන්ගේ පාදය තවමත් හියුන්ගේ මුහුණ මතයි....

" උඹ නම කිව්වෙ නැත්තං මම උඹට සදහටම කතා කරන්න බැරි වෙන්න මේ දිව කපනවා....."

පිටතට පැන ඇති දිවට හිස් සිලින්ජය තබමින් යීබෝ කියද්දී .....

" කිය.....න්.......නං...................කිය.......න්....නං.............."

යනුවෙන් ඔහු කෑගැසුවේය ...

" ඉතිං කියපිය ....."

දැන් හියුන්ගේ සිරුර ගැහෙන්නේය .... ඒ ලබාදුන් අධිමාත්‍රා ඩ්‍රග් වලට පින්සිදු වන්නටයි...

" මයි....කල්...ගෙ ගෝල.....යෙක්........"

දියෙන් ගොඩදැමූ මත්ස්‍යයෙකු මෙන් ගැහෙමින් ඔහු කියද්දී ශාන් ඒ මුහුනෙන් පාදය ඉවත්කර ගත්තේ දැන් කොහොමත් ඔහු අඩපණ වී සිටින බව දන්නා නිසාවෙනි...

" මොකාද මයිකල් කියන්නේ........"

ශානුත් යීබෝ අසලටම පහත්වී ඇසුවේය ..

" මෝලක් තියෙන ............එකා...............ගඟ ලඟ......."

වේදනාවට ඔහුට සුලුදිය පහවෙන්නට විය.... ශාන් යීබෝ දෙස බැලුවේ මයිකල් දන්නවාදැයි අසන්නටයි....යීබෝ නෑ යැයි කීවේය ....

" මේකට සිහිය නැතිවුනා......"

යීබෝ කියද්දී කුවාන් සහ මින්ග් කාමරය තුලට ආවේය ...

" තොපි දෙන්නම එකයි නේ.....මරු ජෝඩුව..."

දිවත් එළියට දමාගෙන සිහිසුන්වී සිටින හියුන්ගේ මුහුණ දෙපැත්තට සොලවමින් කුවාන් කියද්දී යීබෝ සහ ශාන් මුහුණට මුහුණ බලාගත්තේය ...

" මයිකල්......ගඟ ලඟ මෝල......"

ශාන් කුවාන්ට කියද්දී කුවාන් මින්ග් දෙස ප්‍රශ්නාර්ථය මුසු බැල්මක් හෙළුවේය....

" ඌ ලඟ මැරයො ගොඩක් ඉන්නවා.....මෙහෙ සල්ලිකාර මුදලාලිලා ඔක්කොගෙම වගේ පක්කලි වැඩ කරන්නේ ඌ තමා..........ඌට එකපාරට අත තියන්න බෑ......අපි බලමු...."

මින්ග් එලෙසින් කියද්දී යීබෝත් හා යැයි කීවේය ...ඉක්මනින් අද හෙට මේ ප්‍රශ්න විසඳන්න යැයි ඔවුන්ට බල කරන්නට නොහැකිය...ඔවුන් දෙදෙනාම මේවා සිදු කරන්නේ රාජකාරියෙන් පිටත සිට දැඩි අවදානමක් ද අරගෙන බව යීබෝ හොදින්ම දන්නේය....

" මූට මොකද කරන්නෙ......"

අවසානයේ ශාන් ඇසුවේය ...

", ගෙදර ගෙනිහිං සුරතලයට ඇති කරපන්......"

කුවාන් කියද්දී යීබෝ සහ මින්ග් සිනාසුනේය ....

" දැන් ඇගේ ඩ්‍රග් එකත් තියෙන නිසා මූ බඩුත් එක්කම කොහේ හරි වැටිලා හිටියා කියලා arrest කරනවා...ප්‍රමාණය ටිකක් වැඩිපුර දැම්මහම අවුරුදු පහකට වත් ඇතුලට දාතැහැකි.....කාත් කවුරුවත් නැති මිනිහට ඇපදෙන්න මොකෙක් වත් එන්නේ නෑනේ..."

කුවාන් එලෙසින් කීවේය ...

" මේක පලවෙනි සහ අන්තිම වතාව හොඳේ...... බාඕ අර විදිහට අසනීපෙන් වැටිලා ඉන්නකොට මමත් අප්සට් ගියා........ආයෙ මේ වගේ දේවල් වලට මගෙන් සපෝට් එක නෑ....."

සියල්ල අවසානයේ යීබෝ සහ ශාන්  යන්නට පිටත්වෙද්දී යීබෝගේ කරට අතක් දමාගෙන කුවාන් කීවේය .

" මෝෂිගෙ වැඩේ ඔයා නීතියෙන් කරනවනේ ගගා......ආය ඉන්ලීගල් වැඩ අපිටත් එපා....."

යීබෝ  සිනාසෙමින් කීවේය ...

.
.
.

" දැන් හිතට හොදයිද ටුටුවා......"

ඉතින් රාත්‍රි දහයට පමණ වොෂ් දමාඟෙන ඇදට පැමිණි යීබෝ ශාන්ගේ අත උඩින් හිස තියාගෙන දෙදෙනාම ආවරණය කරගත්තේය ....

" මං මිනිස්සුන්ට රිදවලා සතුටුවෙන්නෙ නෑ මෝෂියා ........ඒත් මට මේක කරන්නම ඕනෙ උනා...."

ශාන් යීබෝගේ නලලතින් හාදුවක් තැබුවේය ...

" ඒකනේ මාත් සප් එක දුන්නේ... කොතනදිවත් ඔයා තනිකරන්නෙ නෑ ටුටුවා....."

ශාන් හැඟීම්බර ලෙසින් කියද්දී යීබෝ හිස ඔසවා ශාන් දෙස ටිකවෙලාවක් බලාගෙන හිද ඒ දෙතොල් අල්ලාගත්තේය .....

🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️

ඉස්සරම දින නුඹේ පාළුවේ ගත වුණිද..
තිත තබා තනිකමට පැමිණියේ මං නේද..
වදනකින් පවසලා පුද දුන්නු පෙම් කවද..
සුන්දරයි වෙනදාට වැඩියෙන්ම දිවිය අද..

හිඳියදී නුඹ අසල සෙනෙහසින් මං නිබඳ..
නුහුරු නුපුරුදු හැඟුම් ඉපදුණේ හදෙහි මැද..
සැනසෙන්න සන්තොසින් නොවිඳි සැනසීම විඳ..
හිනැහිලා මා ගාව සදහටම හිඳිනවද..

මගේම ආදරණීය ටුටුවට... 💚
මෝෂිගෙන්... ❤️•.....

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් කාව්‍යමය සාරාංශයක් ...❤💚💛

**
**
**
**

මතුසම්බන්දයි ..


................................................................................................

✒️ ඉතින් යීබෝ වැරදීද... බාඕ කියන්නෙ එයාගෙ පණ.....

✒️ කතාව කියවන වෝට් කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තූතී ...

✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න ... ❤💚💛

Continue Reading

You'll Also Like

51.6K 7.7K 74
අවයව නලියන හැඟිම්වලට ප්‍රේමය යැයි නොකියමී... ජිවිතයේ අවසන් හුස්ම දක්වා ගනුදෙනු කරන අපුරු බැඳිමට ප්‍රේමය යැයි පවසමී... ❤️
31.6K 6.1K 26
දගකාර හුරතල් ආදරවන්තයෝ දෙදෙනෙක්ට පෙම් බැදී අහංකාර පෙම්වතුන් දෙදෙනෙක්ගේ ආදරේ... 🐰🦁 💚❤️
5.4K 892 21
" ඒක ජීවිතෙ වෙනස් කරන හැරවුම් ලක්ශයක් බදු ආදර චාරිකාවක් වේවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ මනූ ! " " මගෙ අතින් ගිහිලුන මල් මිටට මගෙ හදවතත් හාමු වෙල...
14.3K 3.1K 47
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~