The Magic Painting || JJK ✓

By Silvermirror23

10.6K 2.1K 1.6K

"යාආආ..... ඔය කට වහගන්නවා කිඹුලි. මේ මම හාවා...." හාවෙක්ටයි කිඹුලියෙක්ටයි එකට ගමනක් තියෙයිද මං අහන්නෙ? ඒකත් භ... More

INTRO
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Last Chapter
A/N and Gifts

Chapter 14

369 84 41
By Silvermirror23


ජිමින් ඉක්මනට යුංගිගෙ ඔලුවෙ තිබුණ අළු ටික පිහදාලා දැම්මා. ඒත් ඉතින් යුංගිගෙ නපුරු මූණෙ නම් පොඩි වෙනසක් වත් තිබුණෙ නෑ. හොබී නම් හිටියෙ මුල ඉඳලම වගේ බයෙන්. එයාට මේ වෙලාවෙ බය නැති දෙයක් තිබුණෙ නැති තරම්. ගහකින් කොලයක් වැටුනත් කොල්ලා බයයි.

"තමුන් ලා දෙන්නා ඔය නාඩගම නවත්තලා මේ වැඩේ හරියට කරනවාආආආ....."

ගොඩක් වෙලා නිශ්ශබ්දව හිටපු යුංගි කෑගහද්දි ටේ තුමා වගේම ජිමින් තවත් බයවුනා. ඒත් ඉතින් තමන් කරන්නෙ බොරුවක් කියලා කියන්න දෙන්නටම ඕන වුණේ නැහැ. ටේහ්යොන්ග් ඉක්මනට චිත්‍රෙ ලඟට ගිහින් හොඳට ඒක දිහා බලාගෙන හිටියෙ චිත්‍රෙ ඇතුළෙ වෙන දේවල් එයාට පේනවා වගේ.

"මට පේනවා එයාලා ඇතුළෙ ඉන්නවා. හ්ම්...... අර ගෑනු ලමයයි කොල්ලයි දෙන්නා ගොඩක් ආදරෙන් ඉන්නවා වගේ. එයාලා එහෙදිම කසාද බැඳලත් එයිද මන්දා...."

"එහෙම වෙන්නෙ කොහොමද? ඒ දෙන්නා මෙහෙන් යනකොටත් ගියේ ජන්මාන්තර වෛරක්කාරයො දෙන්නෙක් වගේ."

ටේහ්යොන්ගෙ විස්තර කිරීමට යුංගි කිසිසේත්ම එකඟ වුණේ නැහැ. කොහොමත් අවුරුදු ගානක් තිස්සෙ රණ්ඩු අල්ලන එක ඇරෙන්න වෙන දෙයක් නොකරපු දෙන්නා එකපාරටම චිත්‍රයක් ඇතුලට ගියාට පස්සෙ ආදරේ කරයි කියලා එයා කොහොමට වත් විශ්වාස කලේ නැහැ.

ජංගුක් මින්හා ගැන දැනගත්ත වෙලාවෙ ටේහ්යොන්ග් අනුමාන කලා ඔවුන් ගොඩක් ආදරෙන් ඉන්න දෙන්නෙක් විය යුතුයි කියලා. සාමාන්‍යයෙන් තරුණියක් සහ තරුණයෙක් අතර සම්බන්ධතාවයක් ගැන ටේහ්යොන්ග් තේරුම් අරගෙන තිබුණෙ ඔය විදිහට. ඒත් ඒක හැමවෙලේම හරි නැහැ කියලා ඔහුට දැන් තේරුණා. ඒ වගේම යුංගි ඉස්සරහා ඔහු තවත් වතාවක් වැඩ වරද්ද ගත්තා කියලත් ටේහ්යොන්ග්ට තේරුණා.

"ආආ..... මේකනෙ යුංගි හියොන්. සාමාන්‍යයෙන් වැඩිපුර රණ්ඩු කරන අය තමයි ගොඩක්ම ආදරේ කරන්නෙ. අපේ ටේ තුමා කිව්වෙ ඒ ගැන. එයාලා ගොඩක් රණ්ඩු වෙනවා කියන්නෙ ආදරේ කරන එක තමයි."

එක්වරම තමන්ගෙ බුද්ධිය පහල වුන ජිමින් ටේහ්යොන්ව ලොකු ප්‍රශ්නෙකින් ගලවගත්තා. ඇත්තටම කියනවා නම් ඔහුට යාග හෝම වලට වඩා දැනුමක් තිබුණෙ ආදරේ සහ තරුණියන් ගැන. එකවරම දැකගත හැකි හුරතල් සහ කඩවසම් පෙනුම නිසා කොයි කාලෙකදි වුනත් ජිමින්ට තරුණියන්ගෙ අවධානයේ අඩුවක් තිබුණෙ නෑ.

"ස්තූතියි සහයක ජිමින්සි. අපි එහෙනම් ඊළඟ පියවරට යමු."

ටේහ්යොන්ග් කියද්දි ජිමින් ඔලුව වනලා එයාලගෙ ඊලඟ වැඩේට පොලොව සූදානම් කලේ යුංගි ඔලුව දෙපැත්තට වනලා මේ වැඩේ තේරුමක් නෑ කියලා පෙන්නන්න උත්සාහ කරද්දි. දැනටමත් දවස් තුනක්ම ගතවෙලා තිබුණ නිසා යුංගිට දෙපාර්තමේන්තුවෙන් එකදිගටම චිත්‍රෙ ගැන අහලා ඇමතුම් ලැබුණා. ඒත් ඔහුට කියන්න කිසිම දෙයක් නොතිබුණ තැන චිත්‍රය තාමත් හමුවුනේ නැහැ කියන බොරුව කියන්න හිත හදාගත්තා. ඔහුට ඕන වුණේ නැහැ අහිංසක ජීවිත හතරක් චිත්‍රෙ ඇතුළෙ හිරවෙලා ඉන්න වෙලාවක චිත්‍රෙ රජයට බාරදීලා ගෞරවයක් ලබාගන්න.

මේ වෙලාවෙ අනිත් කට්ටිය හිටියෙ ඔවුන් හොයාගත්ත කළු කුහරය ඇතුළට යන්න තීරණය කරලා. වැඩේට ජින් නම්ජුන් දෙන්නා විරුද්ධ වුනත් ජංගුක්ට ඕන වුණේ කොහොමහරි ඇතුලට යන්න. මින්හාට වුනත් මේ තීරණේ අවධානමක් පේන්න තිබුණට පොලිස් නිලධාරිනියක් වීම නිසා ජංගුක්ට තිබුණ මුරණ්ඩු කම අඩු නැතුව ඇයටත් පිහිටලා තිබුණා.

"ඔයාලා එළියෙන් ඉන්න මම ගිහින් බලන්නම්."

ජංගුක් කිව්වෙ අනිත් තුන් දෙනා දිහා බලන ගමන්. කළු කුහරය ඇතුළට යන තීරණය ඔහුගේ නිසා ඒ තීරණය නිසා අනිත් අයට අනතුරක් වෙනවට ඔහු කැමති වුණේ නැහැ. මින්හා ගැන වුනත් ඔහුට තිබුණෙ ඒ වගේම හැඟීමක්.

"යාආආආ...... තමුන් එහෙම තනියම යන්නෙ කොහොමද ආආ? යන තැනකට මාත් එනවා. කැප්ටන් යුංගි මේ වැඩේ බාරදුන්නෙ අපි දෙන්නටම යි."

මින්හා සූදානම් වුණේ ජංගුක්ටත් කලින්ම ඇතුලට යන්න. ඒත් ඔහු ඇයව අතින් අල්ලලා නතර කරනවා.

"ඔයා ඇතුලට යන්නෙ නෑ. මං විතරයි යන්නෙ. ඔයාට මොකුත් වෙනවට මං කැමති නෑ මින්හා."

"ඒක මොකද ඒ? මට මොකුත් වුනාම ඔහේට මොකද? මං අත දරුවෙක් නෙවෙයිනෙ. යන තැනකට මාත් එනවා."

මින්හා ජංගුක් දෙන්නා ආයෙත් රණ්ඩුව පටන් ගන්නකොට ඒ දිහා බලාගෙන හිටපු ජින් නම්ජුන් දෙන්නා නම් හිටියෙ හිනාව තද කරගෙන. දෙන්නටම මොන මොනවද දේවල් ටිකක් තේරිලා තිබුණ නිසා දිගටම ජංගුක් මින්හා දෙන්නට විහිලු කරන්න එයාලා අමතක කලේ නැහැ.

"යනවා නම් අනේ මං අරං.... යන තැනකට යන්න රත්තරන්. හහ්.... හහ්....හා...."

ජින් පුංචි සිංදු කෑල්ලකුත් කියලා නම්ජුන්ට තඩිබාන ගමන් හිනා වෙද්දි මින්හා හිටියෙ ආයෙත් ලැජ්ජාව නිසා කේන්ති ගිහින්. ජංගුක්ට ගහන්න ඕන වුනත් කොල්ලට ඒක දැනෙන්නෙ වත් නෑ කියලා දන්න නිසාම කෙල්ල ඒ අදහස අතෑරලා දැම්මා.

"මං තමුන්ගෙ හා දත් දෙක උගුල්ලලා දාන්න කලින් මට ලැජ්ජ කරන එක නවත්තනවාආආආ....."

"ඒක මගේ වැරැද්දක් නෙවෙයිනෙ කිඹුලියෙ. මේ හියොන්ලා දෙන්නා තමයි පිස්සු කියවන්නෙ. නැත්නම් මට කොච්චර ලස්සන සුරංගනාවියො වගේ කෙල්ලො ඉන්නවද?"

ජංගුක් පැත්තකට හැරිලා රවාගෙන කියද්දි ජින් ආපහු එයාලට කරන්න තියෙන දේ මතක් කලා. මෙතන මෙච්චර වැදගත් වැඩක් තියෙන වෙලාවෙ හැමෝම කරන්නෙ වෙන වෙන වැඩ.

"හරි හරි..... මුලින්ම මම යන්නෙ... ඊටපස්සෙ නම්ජුන් එන්න... පස්සෙන් ඔය දෙන්නා. යුද්ධෙදි වුනත් පෙරමුණ ගන්නෙ රජතුමානෙ."

ජින් කිව්වෙ ආඩම්බරෙන්. කොච්චර විකාර කරත් තමන්ට වඩා පොඩි අයව ලේසියෙන් අනතුරේ දාන්න හිත හදාගන්න ජින්ට බැරි වුණා. ඒකයි ඔහු අනතුර ගැන හිතන්නෙ නැතුව යන්න තීරණය කලේ. මොකක් හරි කරදරයක් වුණොත් මුලින්ම ඒකට මුහුණ දෙන්න වෙන්නෙ එයාට නෙ.

ජින් කලු කුහරය ඇතුළට අත දාලා බැලුවම ඇතුල හිස් අවකාශයක් කියලා ඔහුට තේරුණා. ගෙදර පොලොව ලඟ ඉඳලා ඔහුගේ උසට හරියන තරම් විතර ලොකු කුහරය ඇතුළට කකුල තියලා අඩිය තියන්න පුළුවන් තැනක් තියෙනවද කියලයි ඔහු ඊලඟට බැලුවෙ. ඒත් එක්කම කුහරය ඇතුලෙන් ඔහුට පොලොව කියලා හිතන්න පුළුවන් දෙයක් දැනුණා.

"මං හිතන්නේ මෙතන පඩිපෙළක් තියෙනවා."

ගෙදර ඇතුලෙ ඉඳලාම ඔහුගේ දිග කකුල කුහරයේ පොලොව දිගේ එහෙමෙහෙ කරපු ජින්ට ඒක පඩිපෙළක් කියලා අඳුරගන්න පුළුවන් වුනා. ජින් අනිත් අයගෙ දිහාත් බලලා ලොකු හුස්මක් පහලට දැම්මෙ ඇතුලට යන්න හිත හදාගෙන.

"අපි කට්ටිය අත් අල්ලගෙන යමු. එතකොට කාවවත් මඟෑරෙන්නෙ නෑ."

ජංගුක් කියද්දි ජින් නම්ජුන්ගෙ අතිනුත්, නම්ජුන් මින්හාගෙ අතිනුත් අන්තිමටම මින්හා ජංගුක්ගෙ අතිනුත් අල්ලගෙන කුහරයට ඇතුළු වුණා. ජංගුක් මින්හාව තමන්ගෙ ඉස්සරහට දාන්න හේතු වුණේ ඇයව කරදර වලින් ආරක්ෂා කරන්න. එතකොට කුහරය ඇතුලෙදි තමන්ට අනතුරක් වුනත් කෙල්ලට නම්ජුන් ජින් දෙන්නා එක්ක ඉස්සරහට යන්න පුළුවන්. 





______________________________________________

ඉස්සරහට මොනවා වෙයිද?

Continue Reading

You'll Also Like

295 67 5
ඊජිප්තුවට සවාරියක් ගියොත් මොන වගේ දේවල් වලට මූණ දෙන්න වෙයිද? ඊජිප්තුවෙ රැජිනකට ආදරේ කරන වර්ල්ඩ් වයිඩ් හැන්සම් කෙනෙක්... මතකය නැති වෙච්ච අයත් එක්ක...
7.3K 1.4K 14
" ඔයාගේ සතුට වෙනුවෙන් මම ඕනේ දෙයක් කරනවා මැණික.. මට ඔයා තමා මගේ ලොකේම... සතුටින් ඉන්න... ඕනේ වෙලාවක මම ඔයා වෙනුවෙන් ඉන්නවා... " 🥀🥀🥀🥀🥀🥀🥀🥀♥️✨...
834K 18.9K 47
In wich a one night stand turns out to be a lot more than that.
6.4K 894 4
නෑ නෑ කොහෙවත් යන්නේ නෑ ගෙදරට වෙලා ඉන්න බැරිද? 😡 ඇයි අනේ ඔයා එච්චර නපුරු☹️