"ජිමින්සි...... ඔය පූජා අළු ටික මෙහෙට අරගෙන එන්න."
කට්ටඩි ටේ තුමා වගේම ජිමින් හිටියෙ ජින්ගෙ පරණ මාලිගාව ඇතුලෙ චිත්‍රෙ ලඟ. යුංගි අත් දෙකත් බැඳගෙන එයාලා වැඩ කරන දිහා බලාගෙන ඉද්දි හොබී හිටියෙ යුංගිගෙ පස්සෙන් හැංගිලා. කලින් වුණා වගේම එයා වත් චිත්‍රෙ ඇතුලට ඇදිලා යයි කියලා බයක් එයාට තිබුණා.
ආපු වෙලාවෙ ඉඳන් ටේ කට්ටඩි තුමා චිත්‍රෙ දිහා ඇස් කරකව කරකව බලන් ඉඳලා අන්තිමට එයාගෙ සහයකයට කිව්වෙ වැඩ පටන් ගන්න මොකක් හරි ක්‍රමයක් ඔලුවට ආපු නිසා. කොහොමත් ඉතින් කරන්න දෙයක් නොතිබුණත් යුංගි එයාලව ගිලින්න වගේ බලන් ඉන්නැද්දි කොල්ලො දෙන්නට නිකන්ම අලුත් අදහස් පහල වුනා.
"මොන අලුද ටේ තුමෝ? අර ඊයෙ පරණ සපත්තු ජෝඩුවක් පුච්චලා ගත්ත අලු ටිකද?"
ජිමින් ඔළුවත් කස කස අහද්දි ටේ හැරිලා බැලුවෙ යුංගිගෙ දිහා. කොල්ලා ඇහි බැමකුත් උස්සලා ටේගෙ වැඩේ දිහා බලන් හිටියෙ තරහා ගිහින් කියලා තේරුම් ගත්ත ටේහ්යොන්ග් ඉක්මනට එයාගෙ අතේ තිබුණ වට්ටියෙන් ජිමින්ගෙ ඔලුවට ගැහුවෙ කොල්ලගෙ කට නවත්තන්න ඕන නිසා.
"මං කියන්නෙ සපත්තුවක් ගැන නෙවෙයි ජිමින්සි. මං කිව්වෙ අපි අර හිමාලෙ තාපස තුමාගෙන් ඉල්ලගත්ත පූජා අළු ගැන."
"ආආආආ..... ඒවා නේද.. හෙ හෙ අමතක වුණා."
ජිමින් ගොං හිනාවක් දාන ගමන් එයාලාගෙ බෑග් එක අදින්න ගන්නකොට ටේහ්යොන්ග්ට සිද්ධ වුණේ පූජා අළු ගැන යුංගිට විස්තර කරන්න. මොකද යුංගි දැනටමත් එයාලව සැක කරන්න පටන් අරගෙන කියලා කොල්ලට තේරුණා.
"මෙයා කිව්වෙ භූතයෙක් අරක්ගෙන හිටපු සපත්තු ජෝඩුවක් ගැන. අපි ඒක පිච්චුවා ඒකයි ඔය කියන්නෙ හි හි..."
ටේහ්යොන්ග් ජිමින් දෙන්නම චිත්‍රෙ වටේට එයාලගෙ බඩු තියලා සූදානම් කරන අතරෙ යුංගි හොබී දෙන්නම කල්පනා කලේ මේ වෙනකොට අනිත් අයට මොනවා වෙලා ඇතිද කියලා. ඇත්තටම චිත්‍රය ගැන එයාලා අහලා තියෙන විදිහට දැනටමත් ඇතුළෙ ඉන්න අයට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙලාද කියලා බයෙනුයි එයාලා හිටියෙ.
මේ වෙලාවෙ ඇත්තටම චිත්‍රය ඇතුළෙ තිබුණෙ හරිම සන්සුන් බවක්. කට්ටිය තාමත් ගේ ඇතුලට වෙලා පහලට යන්න ක්‍රමයක් හිත හිත ඉන්නකොට ජින් එයාලා ගාව තිබුණු කෑම වලින් ටික ටික අනිත් තුන්දෙනාටත් දුන්නා. එයාට අනුව මොන දේ කරන්නත් කලින් හොඳට කාලා ඉන්න ඕන.
"අපිට මෙතනින් පහලට යන්න ලණුවක් වගේ මොකක් හරි තිබුණා නම් හරි."
ජංගුක් කිව්වෙ එහෙට මෙහෙට ඇවිදින ගමන්. මෙච්චර උස තැනකින් කොහොම පහලට බැහැගන්නද කියලා එයාලට හිතාගන්න බැරි වුණා. ඇරත් එතන ලණුවක් වත් නොතිබුණ නිසා කරන්නෙ මොකක්ද කියලා කිසිම අදහසක් නැහැ.
"අපි මෙතනින් පහලට පැන්නොත්?"
මින්හා කිව්වෙ එයාට මතක් වෙච්ච එකම දේ.
"තමුන්ට පිස්සුද ආආආ.... මෙතනින් පැනලා මැරෙන්නද ඕනෙ? විකාර කරන්න එපා."
ජංගුක් කිව්වෙ දොර ලඟ හිටපු මින්හාව තමන්ගෙ පැත්තට ඇදලා ගන්න ගමන්. කෙල්ල එකපාරටම ඇවිත් කොල්ලගෙ ඇඟේ වදිනකොට දෙන්නම රතු වුනේ ඒ දිහා බලාගෙන හිටපු ජින් නම්ජුන් දෙන්නට ඒකෙ කිසිම තේරුමක් නැති වෙද්දි.
"ඔය දෙන්නගෙ මොකක් හරි හොරයක් තියෙනවා කුකියාආ.... මහරජ කෙනෙක්ට බොරු කියලා වැඩ වරද්ද ගන්න එපා."
"මොනාද හියොන් කියන්නෙ? අපි අතරෙ එහෙම මොකුත් නෑ. මං මෙයාට කැමති නෑ පොඩ්ඩක් වත්."
ජංගුක් එකපාරටම ජින් කියපු දේට කලබල වෙලා කියවගෙන යද්දි ජින් නම්ජුන් දෙන්නම මහ හයියෙන් හිනාවෙන්න ගත්තෙ එයාලට මෙතන වෙන වැඩේ ජංගුක්ගෙ කටින්ම අල්ලගන්න පුළුවන් වුන නිසා.
"මං දැන් එහෙම දෙයක් ගැන කිව්වෙ නෑනෙ කුකී.... ඇතුළෙ තියෙන ඒවා තමයි ඔය එලියට එන්නෙ."
ජංගුක් ලැජ්ජාවෙන් බිම බලා ගන්නකොට මින්හා හිටියෙ ලැජ්ජාව නිසාම තරහා ගිහිල්ලා. කෙල්ලට කොච්චර තරහ ගිහින්ද කියනවා නම් අලි මස් ගිලලා වගේ ඉන්න කොල්ලට ගහගෙන ගහගෙන ගියා. හැබැයි ඉතින් ඒ එක පාරක්වත් ජංගුක්ට දැණුනෙ වත් නැහැ.
"වැඩක් නෑ කිඹුලි..... ඔයාගෙ ඔය ස්වීට් අත් වලින් ගහනකොට මට රිදෙන්නෙ නෑ."
"එහෙමද ආආආ...... ඉන්නවකො මගේ හැටි පෙන්නන්න මොට්ට හාවා.... බියර් බීලා මොලේ දියවෙලාද කොහෙද... වල් හා තඩියා...."
කෙල්ල තරහටම එයාගෙ සපත්තුවක් ගලවලා අතට ගනිද්දි කොල්ලට තේරුණා එනපොට හොඳ නැහැ කියලා. කොල්ලා දුවලා ගිහින් ජින්ගෙ පිටිපස්සෙන් හැංගෙද්දි මින්හා එවපු සපත්තුව වැදුණෙ නම්ජුන්ගෙ ඔලුවෙ. සපත්තුව ආපු වේගෙ නිසාම කොල්ලා පස්සෙන් පස්සට ගිහින් බිත්තියට හේත්තු වෙද්දි කවුරුත් නොහිතපු විදිහට බිත්තිය කැඩෙන්න පටන් ගත්තා.
"යාආආආආආ...... තමුන්ට මොකක් හරි කඩන්නෙ නැතුව ඉන්නම බැරිද නම්ජුනාආආ..... දැන් බලනවා මේ ගේ පහලට කඩන් වැටුනොත් අපි සේරම ඉවරයි නෙ."
ජින් ආයෙමත් නම්ජුන්ට කෑගහන්න පටන් ගනිද්දි නම්ජුන් හිටියෙ සපත්තුවයි බිත්තියෙ කෑල්ලකුයි අතේ තියාගෙන පුදුම වෙලා. එයාටත් පුදුමයි බිත්තියක් දෙකඩ කරන්න තිබුණු එයාගෙ ශක්තිය ගැන.
"සොරි ජින් හියොන්. මං කැඩුවෙ නෑ ඒක කැඩිලා තිබුණෙ."
"කැඩිලා තිබුණෙ.... අනේ මං කියන්නෑ ඉතින්. එතකොට මෙච්චර වෙලා ලස්සනට තිබ්බ බිත්තිය කලින් කැඩිලා තිබුණෙ."
ජින් එයාගෙ රැප් එක පටන් ගන්නකොට අනිත් අයට ප්‍රශ්නයක් වුනේ කොයි වෙලාවෙ එයාලා පහලට කඩාගෙන වැටෙයිද කියලා. එහෙම වුනොත් එයාලට ඊලඟට අත් වෙන ඉරණම මොන වගේ එකක්ද කියලා කාටවත් අදහසක් තිබුණෙ නැහැ. ඒත් ටිකක් වෙලා නිශ්ශබ්දව හිටපු කට්ටියට තේරුණා මේක පහලට වැටෙන්නෙ නැහැ කියලා.
"මේක කඩාගෙන වැටෙන්නෑ වගේ හියොන්."
ජංගුක් කිව්වෙ බිත්තියේ කැඩුණු තැනට ලංවෙන ගමන්. සුදු පාට බිත්තියේ කැඩුණු තැන තද කලු පාටට තිබුන නිසා ගොඩක් ලේසියෙන්ම එතන කැපිලා පේනවා. පිටින් බලපු ගමන් එකපාරටම නොපෙනුනත් ලංවෙලා බලද්දි ඒක හරියට කුහරයක් වගේ කියලා ජංගුක්ට හිතුනා. කැඩුණු බිත්තියක් ඇතුළෙ තියෙන කුහරය ගැන එයාට තිබුණෙ ලොකු කුතුහලයක්.
"මේ බලන්න කිඹුලි.... මෙතන කුහරයක් තියෙනවා වගේ. අපි ටිකක් බිත්තියෙ ඉතුරු ටිකත් කඩලා බලමු ද?"
"යාආආආආ..... ඔහේට පිස්සුද ආආ? මේක කළු කුහරයක් එහෙම වෙලා අපිව ඇතුලට ඇදිලා ගිහින් මොකක් හරි වුනොත්."
මින්හා එයාගෙ විරුද්ධත්වය පල කරද්දි නම්ජුන් එයාගෙ විද්‍යා දැනුම පාවිච්චි කරලා කලු කුහරය ගැන විස්තර කරන්න පටන් ගත්තා. ඒකෙන් වුනේ අනිත් අයගෙ බය දෙගුණ තෙගුණ වුන එක.
"කළු කුහරයක් ඇතුලට ගිහාම අත පය ඇඹරිලා කැඩිලා යනවා කියලා මං අහලා තියෙනවා."
"යාආආආ.... දැක්කනෙ. මට නම් බෑ කුකියා ඕක හාරන්න ගිහින් මගේ සුන්දර රාජකීය ශරීරය අඹරගන්න."
ජිනුත් එයාගෙ අකමැත්ත පළ කලාට පස්සෙ ජංගුක් ටිකක් වෙලා කල්පනා කලේ මොකක්ද ඊලඟට ගන්න පියවර කියලා. කොල්ලා කොහොම වුණත් මේ කුහරය නම් අතාරින්න ලෑස්ති වුණේ නැහැ. එයාගෙ කුතුහලය නිසාම මෙතන තියෙන මොන අවධානමකට වුනත් මුහුණ දෙන්න කොල්ලා ලෑස්ති වෙලයි හිටියෙ. අවසානයේ දීර්ඝ කල්පනාවකට පස්සෙ ජංගුක් තීරණයකට ආවා.
"මොනවා වුනත් අපි මේ බිත්තිය කඩලා බලනවා."
______________________________________________
ඩේලි අප්ඩේට් කරදර නිසා මං අප්ඩේට් පරක්කු කලා.