🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎...

By Rukshikakalhari

60.5K 14K 10.4K

හිනාවෙන මේ පපුව අස්සේ ඉතින් හිරකර වේදනාවන්... බලා සිටියේ දවස එනතුරු හිතේ ගින්දර තුරුලු කරලන්.. More

01.. යීබෝ සහ බාඕ....🐾️
02.. නිලධාරියාගේ පැමිණීම....🐾️
03.. නිරීක්ෂණ ආරම්භය... 🐾️
04... වසඟවීම... 🐾️
05... හිතට හොරෙන්...🐾️
06.. ඉරිසියාව...🐾️
07.. බලාපොරොත්තුව .. 🐾️
08... නොකී කතා.. 🐾️
10.. මායාවක් නම්......🐾️
11.. චොක්ලට් .... 🐾️
12... සැලසුමක ආරම්භය .. 🐾️
13... ව්‍යර්ථ වූ සැලසුම... 🐾️
14... බාඕත් සුවෙන්..🐾️
15... හිත නිවෙන තැන ....🐾️
16.. නොසිතූ දෙයක්...🐾️
17.. ඒ ඇස්වල වේදනාව ..🐾️
18... ලඟින්ම...🐾️
19.... ලී ගං ඉවුර.. 🐾️
20.. පෙම්වතුන් ලෙසින්...🐾️
21...එක වහලක් යට ...🐾️
22... තකට තක.... 🐾️
23.. සෙනෙහසේ අලුත් පියවර.. 🐾️
24.. බොඳවූ මතක... 🐾️
25... ඔහු වෙනුවෙන්....🐾️
26... තනි නොවුනු බව.....🐾️
27... සැනසුම් සුසුමක් ...... 🐾️
28.. තවත් ආදරණීය හිතක්..🐾️
29.. අදුරු මතක....🐾️
30.. අපූරු නිවාඩුව...🐾️
31... පුරුදු බවක්..🐾️
32.. අහම්බයක් මුත් පුදුමයක්..🐾️
33.. නිමක් නැති ගැටලු.....🐾️
34.. අතීතය ඇස් ඉදිරිපිට...🐾️
35...හිත් බිදීමට දඩුවම්....🐾️
36.. බාඕගේ කෝපය...🐾️
37.. ඒ දුරස්වීම...🐾️
38.. අහිමි වේදෝ බියකින්...🐾️
39.. එකින් එක...🐾️
40.. ඉතින් ඊට පස්සේ..🐾️

09.. නොදැක ඉන්න බෑ..... 🐾️

1.5K 382 296
By Rukshikakalhari

🐾️🐾️ 🅿︎🅰︎🅽︎🆃︎🅷︎🅴︎🆁︎ 🅷︎🆄︎🅶︎ 🐾️🐾️.................

Shihara_YZ චූටි ටීචර් ගෙන්ම තමයි ඉතින්......ආදරෙයි චූටියා ..... ❤💚💛.....

.
.
.
.

සදුදා දිනයේ හෝරා දෙකක්වත් ශාන් හට පැන්තර් අසල රැදෙන්නට නොහැකිවිය  .... රක්ෂිතයේ දිවියෙකුගේ ගැටලුවක් වෙනුවෙන් පැමිනෙන්න යැයි ඇමතුම ලැබෙන විට ඇත්තෙන්ම ශාන්  ඔහු බාඕව අධීක්ෂණය කරන්නට පැමිණියා යැයි කියා යීබෝගෙන් අත්සනවත් රැගෙන තිබුනේ නැත ..

ඉතින් හිස් නෝට් බුක් එකේ යිබෝගේ අත්සන පමණක් අරගත් ශාන්  වාහනයේ යන අතරමඟදී එහෙන් මෙහෙන් බාඕව නාවන අයුරු යනාදිය සටහන් කරගත්තේ තනිවම සිනාසෙමිනි...රියදුරු මහතා ඉතින් මේවා දුටුවත් නුදුටුවා සේ අහකබලාගත්තේය  ...නමුත් ඉතින් වසර ගනනාවක් පුරාවට හදුනන ශාන්  සර් සර්කස් එකට යන්නට එන්නට පටන්ගත් පසුව සිදුවූ මේ වෙනස ඔහුව පුදුමයට පත්කර තිබුනි...

දවස සෙමින් ගතවූයේ ශාන්ව අතිශයින් කාර්‍ය්බහුල බවට පත්කරමිනි.... කණ්ඩායමක් සමඟ රක්ෂිතට පිටත්වූ ඔහු යලිත් ඔෆිස් එකට එනවිට සවස හතරටත් ආසන්න වී තිබුනි.... සර්කස් එකට ගොස් පැමිණි විගස නෝට් බුක් එකත් ටේබල් එක උඩින් දමා රක්ෂිතයට පිටත්වූ ශාන් යලිත් අසුනින් වාඩිවී නොට් බුක් එක පෙරලුවේය...පිටුව අවසානයේ යීබෝ ඔහුගේ අත්සන තබා ඇත....අත්සන් කරන්නට නෝට් බුක් එක යීබෝ  අතට දුන් මොහොතේ බාඕ ශාන්  අසලට පැමිණි නිසා ඔහු බාඕගේ හිස අතගාද්දී යීබෝ නෝට් බුක් එකේ අන්තිම පිටුව පෙරලූ බව ලාවට සිහිවූ ශාන් ඉක්මනින් අන්තිම පිටුව පෙරලුවේය .......

  හෙටත් එන්න

                 මීට
                  බාඕ.........

  ඉතින් ශාන්ගේ මුහුණට පුදුමාකාර සිනහවක් මතුවුනේය ...

" මං ආය එන්නෙ බදාදා කීවට මේ බාඕට තේරිලා නෑවගේ...."

ශාන්  තනිවම මුමුණමින් ඉක්මනින් නෝට් එක සම්පූර්ණ කලේ මිස්ටර් රුහන් මුණගැසී වාර්තාව ඉදිරිපත් කල යුතු නිසාවෙනි ...

" මොකක්ද ශාන් අලුත්ම තත්ත්වෙ ...."

මිස්ටර් රුහන් ගේ කාර්‍යාලයට ගොස් ඔහු අසලින් වාඩිවෙද්දීම මිස්ටර් රුහන් බරපතළ ලෙසින් අසන්නට විය...ශාන්  සැනසිලි දායක සිනහවක් පෑවේය...

" ඒ සතා අහිංසක සතෙක් සර්...... මේ මම ගියපු හතරවෙනි දවස අද එයාගෙ අයිතිකාරයා මිස්ටර් වන්ග් යීබෝ  එයාව පිරිසුදු කරන දවස....ඒ කියන්නෙ හැමදාම උදේට නෑව්වට සදුදට බෙහෙත් එකක් එහෙම දාලා බ්‍රශ්කරනවා....ඉතින් වාඩිවෙන්න කිව්වොත් වාඩිවෙනවා..... ඒ සතා එහෙමයි..."

ඉතින් ශාන්ගේ කතාවේ බොරුවක් ඇත්තේම නැත....

" මොකක්ද බං මේ ගුයිලින් එකේ ඩිරෙක්ටර් එතකොට කියන්නේ.......මේක මහ හිසරදයක්නේ ..."

රුහන් එක් අතකින් නලල පොඩිකරගනිමින් කියද්දී ශාන්  කල්පනාකාරී ලෙසින් මිස්ටර් රුහන් දෙස ටිකවෙලාවක් බලාගෙන සිටියේය ....

" අපි අපිට පේන ඇත්ත වාර්තා කරමු සර්....ගුයිලින් වල ඉන්න ඩිරෙක්ටර් සර් කොහොමද තීරණය කරන්නෙ ඒ සතා භයානකයි කියලා ...මේ යන අපිට නොදැනෙද්දි...."

රුහන් ශාන්ගේ කතාව අනුමත කරන්නට කිහිපවතාවක් හිස සැලුවේය ...

" මේ උඹේ දරුවා දැන් වරුවක් කෑගහනවා...."

රුහන්ගේ ඔෆිස් එකෙන් පිටතට පැමිණි ශාන් ඔහුගේ අසුනට යද්දී නාදවෙන දුරකථනය පෙන්වමින් බින් කීවේය ....

Unknown number ...........

කොහොමත් ඉතින් ශාන්ගේ දුරකථනයට මෙවන් ඇමතුම් නිතරම එන නිසා ඔහු ඇමතුම සම්බන්ධ කරගනිමින් අසුනට බරවූයේ රක්ෂිතයේ උගුලකට හසුවී සිටි දිවියාගේ වාර්තාවත් ඉක්මනින් සූදානම් කල යුතු නිසාවෙනි ...

" හෙලෝ........."

" මං හිතන්නෙ මේ Wildlife Officer මිස්ටර් ෂියාඕ ශාන් වෙන්න,ඇති..."

" ඔව් කතාකරනවා....."

" සර් මම හිතන්නෙ සර් තමයි පැන්තර් හග් එකේ observation එකට යන්නෙ..."

අනෙක් පසින් එලෙසින් අසද්දී ශාන්ගේ නලල මදක් රැලිවිය ...

" ඔව් මම තමයි ......"

" එහෙනම් ඉතින් අපි මුණගැහිලා කතාකරමුද....."

" මොකක්ද ගැනද....."

ශාන්  මදක් කුතුහලයෙන් අසද්දී අනෙක් පසින් තරමක් අසංවර සිනාහඩක් ඇසුනි...

" පෝන් එකෙන් කියන්න පුලුවන් නම් හම්බවෙන්න එන්න කියන්නෙ නෑනේ සර්.........හැබැයි ඉතින් සර් ආවොත් මේක සර්ට නම් ලොතරැයියක් ඇදුනා වගේ තියෙයි....."

දැන් ඉතින් ශාන්ගේ කුතුහලය තවත් වැඩිවී ඇත.....

" ලොතරැයියක් ...........නරකම නෑ ඉතින්....... මම කාවද කොහෙදිද මුණගැහෙන්න ඕන..."

මුවඟට නඟාගත් සිනහවකින් යුතුව ශාන්  අසද්දී අනෙක් පසින් යලිත් අර අසංවර සිනාහඩ ඇසුනි...

", ඔය අංකෙ ඩීමන් කියලා සේව් කරගන්නකො සර්......මම තව විනාඩි විස්සකින් සර්ට ලොකේෂන් එවන්නම්...බයවෙන්නෙපා.....අපි කොෆී ශොප් එකකදී හම්බවෙලා කතාකරමුකො...'

ශාන්  තවත් කිසිවක් කියන්නට පෙර ඇමතුම අනෙක් පසින් විසන්ධි විය...

" කවුද බං......"

ඇමතුමත් සමඟ ශාන්ගේ වෙනස්වීම දුටු බින් කුතුහලයෙන් යුතුව අසද්දී ශාන් බින්දෙස බලා සිනාසුනේය ...

" මේ ලොතරැයි විකුණන එකෙක්...."

ශාන්  ඩෙස්ක් ටොප් එකට නැඹුරුවෙමින් ගනනකට නැතිව කියූ නිසාවෙන් බිනුත් ඔහුගේ රාජකාරියට හිත යොමුකලේය .... මේගැන අනිවාර්යයෙන් බින් දැනගත යුතු නමුත් ඒ දැන් නොවන බවට ශාන් තීරණය කලේය .... දැන් මේබව පැවසුවහොත් ඔහු මේ ගමන තමන් හට යන්නට නොදෙන අතරම හිතුවක්කාර ලෙසින් ගියොත් එය තම සහෝදරයාගෙ කනට යන බවත් ඔහු හොදින්න දන්නේය....

.
.
.

" මොකෝ මේ දාහට අරං සීයට දීලා වගේ .......අනික අද හවස සර්කස් නැතිනිසා කලින් ගෙදර එනවා කියපු මනුස්සය ගෙදර එන වෙලාව ද මේ......"

ශාන්  නිවසට ඇවිත් වාහනයෙන් බැස ප්‍රධාන දොරටුවෙන් ඇතුල් වෙද්දීම ඉතින් සුපුරුදු පරිදි මවගේ ප්‍රශ්න පත්තරයට පිළිතුරු සපයන්නට සූදානම් විය...

" මමා........අද වැඩ වැඩිවුනා...... මහන්සී........හවස අමතර වැඩක් වැටුනා........මං ඉක්මනට වොෂ් එකක් දාගෙන එන්නම් මට බඩගිනියි..."

මවගේ ප්‍රශ්න පත්‍රයට කෙටි පිළිතුරු ලබාදුන් ශාන්  ඉක්මනින් කාමරයට ගියේය...ඉතින් මහන්සිය වැඩි දවසට තම පුතා හැසිරෙන ආකාරය හොඳින්ම දන්නා මෙන්ලි ඉක්මනින් කෑම රත් කරන්නට මුළුතැන් ගෙය තුළට ගියේය...

ඇදුම් සියල්ල උනා දමා උණුවතුර සහ ඇ වතුර සහ ඇල් වතුර කලවම් කර පිරවූ බාත් ටබ් එකට බැසගත් ශාන්  හිස මදක් ඔසවා හේත්තුකරගෙන දෑස් පියාගත්තේය ...

මීට හෝරාවකට පමණ පෙර සිදු වූ සිදුවීම ඔහු ලලිත් කල්පනා කරන්නට පටන් ගත්තේය..

කතා කරන්නට මුණගැසෙන්නට යැයි  කියා ලොකේෂන් ලැබෙද්දී වේලාව සවස හයත් පසුවී තිබුනි.... ඒ වන විටත් රක්ෂිතයේ දිවියාගේ  තොරතුරු අවසන් කර නැති නිසාම රාත්‍රි හතට හමුවෙමු යැයි ශාන්  කෙටිපණිවිඩයක් තැබුවේය  ..

අවසානයේ හිතේ කුතුහලයත් සමඟම ශාන් එවා තිබූ ලොකේෂන් එක හොයාගෙන ගියේය ... සමහර complain වලදී මෙවන් සිදුවීම් සිදු වීම සිදු වීම සාමාන්‍ය දෙයකි... ඉතින් ඒක එතැනින්ම ඒ මොහොතේ අමතක කර අංකයත්  බ්ලොක් කර දමා පාඩුවේ නිහඬ ව සිටින්නට ඔහු පුරුදු වී සිටියත් මෙතැනදී එලෙසින් සිටින්නට ඔහුට හිත දෙන්නේ නැත.....

මේ චෝදනාව පිටුපස සිටින්නේ කවුරුන්දැයි දැන ගැනීමට ශානුත් දැන් වෙහෙසෙන්නේය ...ඉතින් නගරයේ කෙළවරකට වෙන්නට පිහිටා තිබෙන එතරම් ප්‍රසිද්ධ නොවුන කැෆේ එකක් ඉදිරියේ වාහනය නතර කෙරූ ශාන්  වාහනයෙන් බහින්නට පෙර ඩීමන් යනුවෙන් සේව් කරගෙන තිබෙන අංකයට ඇමතුමක් ගත්තේය...

" මම හිතන්නෙ සර්ගෙ වාහනය වෙන්න ඕනේ දැන් ෂොප් එක ඉස්සරහ නතර කළේ.......ඇතුලට එන්න සර්......"

ඉතින් ශාන්  ඉක්මනින් වාහනයෙන් බැස කොෆී ශොප් එක ඇතුලට ගියේය  ..බැලූ බැල්මටම බැල්මට ම තමන් එනතුරු බලාගෙන සිටින පුද්ගලයා සිටින්නේ වෙස් බලාගෙන බව ශාන්  තේරුම් ගත්තේය ... නමුත් ඔහු වෙනසක් නොපෙන්වා ඩීමන් නැමැති පුද්ගලයා ඉදිරියේ අසුන් ගත්තේය..

", මට ඒ තරම් වෙලාවක් නෑ...තමුන්ට කියන්න තියෙන දේ කෙටියෙන් ඉක්මනින් කියන්න පුළුවන්...."

සුපුරුදු සීතල කටහඬින් ශාන් පවසද්දී ඔහු ඉදිරියේ වාඩිවී සිටින පුද්ගලයාගේ අර දුරකථනයෙන් ඇසුණු අසංවර සිනහව යළිත් ඇසෙන්නට විය..

" අපිටත් මේ වෙලාවේ ලොකු කතාවක් කියන්න නෑ සර්.......වැඩේ කෙටියෙන් මෙහෙමයි සර්කස් එකේ ඉන්න පැන්තර්  රක්ෂිතයට ගිහින් දාන්න උදව් කරොත් මගේ බොස් සර්ට යුආන්  විසිදාහක් දෙනවා කිව්වා...... සර් වැඩේට කැමති වෙලා පලවෙනි පියවර තිබ්බ ගමන්ම අපි ඒ මුදලෙන් හතරෙන් එකක් දෙනවා..ඒ කියන්නෙ යුආන් පන්දාහක් ......ඊලඟට ගුයිලින් හෙඩ් ඔෆිස් එකෙන් පැන්තර් හග් එකට නීත්‍යානුකූලවම පැන්තර්ගේ ගේ භාරකාරීත්වය වනජීවී ආයතනයට ලබා දෙන්න කියලා ලියුමක් ගියාට පස්සෙ තව හතරෙන් එකක්  දෙනවා.........අවසානෙට පැන්තර් ව ඔයාලගේ වාහන එක පටවගෙන ගිහිල්ලා රක්ෂිතයට දැම්මට පස්සේ ඉතුරු බාගේ හම්බවෙනවා.........ඉතින් ඔන්න මම වැඩේ කෙටියෙන් සරලව පැහැදිලි කලා  ..... ඉතින් මේ තියන ආර්ථිකයත් එක්ක යුආන් විසිදාහක් කියන්නේ සෑහෙන ලොකු ගානක්......"

ශානුත් එය සැබෑවක් බව අඟවන්නට හිස සැලුවේය...

" එතකොට දැන් කාටද මෙහෙම දෙයක් වෙන්න ඕනේ......"

ශාන්  එතරම් බරපතළ බවක් නොපෙන්වා ගණනකට නැතුව ඇසුවත් ඉතින් ඔහු  ඉදිරියේ සිටින කපටි මිනිසා ඊට පිළිතුරු දෙන්නට සුදානම් නැත..

" සර් දැනට මෙහෙම හිතාගන්නකෝ.... අපේ බොස්ට සර්කස් එක වහන්න ඕන........ඒක තමා මූලිකම හේතුව.......මම හිතන්නේ විනාඩි  පහක් දහයක් ඇතුළත මේකට උත්තර දෙන්න සර්ට අමාරු ඇති......... අපි සර්ට පැය විසිහතරක් දෙන්නම්.......මම හෙට හවසට කෝල් එකක් ගන්නම්......."

කතාබහ ආරම්භ වෙද්දීම ටේබල් එකට කෝපි දෙකක් ලැබුනත් ශාන්  එය රස බැලුවේවත් නැත....

", හ්ම්ම්..හරි.......මම ඔයාට හෙට හවසට කියන්නම්.........මම මේ වැඩ ඇරලා යන ගමන්.....එහෙනම් මම යනවා.....'

ශාන්  ඉක්මනින් එතැනින් පිටත්වී ආවේය ...

"හ්ම්ම්ම්.. ඒ කියන්නේ මේ පෙත්සම පිටිපස්සෙ ලොකු කතාවක් තියෙනවා ......."

ලොකු හුස්මක් පිට කරමින් ශාන් එලෙසින් කියන  අතරම ඔහුට යීබෝගේ සහ බාඕගේ  මුහුණු මැවී පෙනෙන්නට විය......ඒ අතරම ඔහු අද උදෑසන කියූ කතාවක් ද ශාන් හට සිහිවිය...

"මෙයාව මට නැති උනොත්........එතනින් එහාට මොකද කරන්නේ කියලා මට හිතාගන්න බෑ....."

" ඔයාට එයාව නැතිවෙන්නෙ නෑ බෝදියෝ.....මම ඔයාට එයාව නැති වෙන්න දෙන්නෙ නෑ....."

ශාන්  සෙමින් නමුත් ස්තිර ලෙසින් කීවේය ... ඔහු අද එවන් අවදානම් ගමනක් ගියෙත් මේ සිදුවීම පිටුපස සිටින්නේ කවුරුන්දැයි දැන ගැනීමේ අරමුණෙන් ම පමණකි.....නමුත් ඉතින් පැමිණ සිටි තැනැත්තා තමන්ටත් වඩා කපටි කෛරාටිකයෙක් නිසා ඒ උත්සාහය අසාර්ථක වී ගියේය....

" මේක එයාට කිව්වොත් එයා කලබල වෙයිද....එහෙමත් නැත්තං එන්න තියෙන අනතුර වළක්වගන්න මේක අනතුරු ඇඟවීමක් නෙවෙයිද.......ඇත්තටම එයාගේ ටෙලිෆෝන් නම්බර් එක වත් මට ඉල්ල ගන්න බැරි උනානේ......හෙට තියෙන වැඩ කන්දරාවක් එක්ක මට කොහොමත් ඒ පැත්තෙ යන්න වෙන්නෙ නෑ........ හ්ම්ම්ම්...අපි බලමුකෝ......"

ශාන්  බාත් ටබ් එකෙන් පිටතට එන අතරත් තනිවම මුමුණන්නේය ....

.
.
.
.

" මොකද බං මේ මිනිහා මැරිච්ච ගෑණි වගේ...."

මේ අඟහරුවාදා සවස හතරට පමණය.... උදෑසන  නගරයට ගොස් අත්‍යාවශ්‍ය වැඩ කටයුතු කිහිපයක් අවසන් කර යළිත් පැමිණි යීබෝ  වේදිකාව පැත්තෙත් රවුමක් ගොස් නිවසට පැමිණි මොහොතේ පටන් යළිත් ෂූයෑන්ග් ගේ කාර්‍යාලයට වත් ගියේ නැත..... දිවා ආහාරය සූදානම් කර ආහාර අරගත් ඔහු දැන් මේ හෝරා දෙකක් පමණ ඇඳටම වී සිටින්නේය....

ඉතින් යීබෝ පැමිණේවී යැයි  මග බලාගෙන සිටි  ෂූයෑන්ග්  අවසානයේ ඔහු ව හොයාගෙන ඔහුගේ නිවෙසට ආවේය..

",#ත්තො.....උඹට ඕක අනිත් පැත්තට කියන්නම බැරි නම් කට වහගෙන හිටපන්....."

ඉතින් ෂූයෑන්ග් ගේ පලවෙනි අභිප්‍රාය සාර්ථක විය...ඇඳේ හාන්සි වී සිටී යීබෝ  ඔහුට බනිමින් ම ඇඳ මත වාඩිවුනේය ....

" හරි හරි ඉතින් කොහොමහරි..... උඹ නිකං අවුලෙන් නේ ඉන්නේ....."

ෂූයෑන්ග් ද යීබෝ අසලින් වාඩිවෙමින් කීවේය ...

" අවුලක් නෑ බං.....හවස් වරුවේ එච්චර ලොකු වැඩක් නැති නිසා පොඩි ඇලට් එකක් දැම්මා..."

යිබෝ ෂූයෑන්ග් හට ඔහුගේ මුහුණ හංගා ගනිමින් කීවේය...වසර ගණනාවක මිතුරු දමට පින්සිද්ධ වන්නට ෂූයෑන්ග් හට යීබෝගේ  පුංචි ඉරියව්වක වෙනස පවා කියවන්නට හොඳ හැකියාවක් ඇතිබව ඔහු ඇති බව ඔහු හොඳින්ම දන්නේ ය...

" පලයං #කයා බොරු කියන්නෙ නැතුව.... උඹ වෙනදට ඔෆිස් එකට එනවනේ....දැන් අද උදේ ඉඳලා ඒ  පැත්ත පලාතේ ආවද..... මට පපාගේ ඔෆිස් එකට යන්න තියෙනවා....."

යීබෝ  කම්මැලි කමින් ඈනුමකුත් හරිමින් ඇදෙන් නැඟිට්ටේය ..... ඒත් සමඟම අර සමනලයා යීබෝගේ උරහිසෙහි වැසුවේය ...

" ආ........ මේ වනජීවියා නෙවෙයි කොම්ලො..."

ෂූයෑන්ග් සමනලයාට තට්ටුවක් දමමින් යීබෝ  දෙසත් හොරෙන් බලමින් කියද්දී යීබෝ ඔහුට හොදම එකෙන් රැව්වෙය ..

" යකෝ මනුස්සයෙකුට ගරු නම්බු දීලා කතා කරන්න පුරුදු වෙයන්.....ඔහොම කියනකොට නිකං පිටසක්වල ජීවියෙක් කියන අයිඩියා එක හිතට එන්නේ  ......."

ෂූයෑන්ග් ට පයින් එකකුත් ගසාගෙන යීබෝ  ආලින්දයට ආවේය ...

" මං එහෙනම් යනවා හොදේ.....උඹ ඔෆිස් එකට පලයං...ඒ මගෙ කොල්ලා   අයියා ගියා....."

යීබෝ  ආලින්දයට පැමිණි බව දැක ඔහු අසලට ඇවිදගෙන එන බඕටත් සැලියුට් එකක් දමාගෙන ෂූයෑන්ග් යන්නට ගියේය ...

" අපි යමුද ඔෆිස් එකට හ්ම්ම්ම්..'"

යීබෝ  අසලටම පැමිණි බාඕගේ හිස අතගාමින් ඔහු අසද්දී බාඕ ඉතින් ඉස්සර විය  ...

හරියටම හවස පහයි තිහට පමණ කාර්යාලය වසා දැමූ යීබෝ  බාඕව නිවස තුලට හැරලවා සුපුරුදු බංකුව අසලට ගොස් වාඩි වුණේය... කාර්යාලය අසුන්ගෙන සිටි හෝරාවක පමණ කාලය තුළ මේසය මත ඇති landline දුරකථනය දුටු ඔහුට ශාන්ගේ  දුරකථන අංකය ඉල්ලා ගන්නට නොහැකි වු බව සිහිවී කනස්සල්ලක් ඇති විය....

පපුව පුරවා හොඳ හුස්මක් පිට කෙරූ යීබෝ  ඔහුට සුපුරුදු දර්ශනය දෙස බලාගෙන සිටින්නට විය.... නමුත් ඉතින් ඉතින් වෙනදාට හදවතට දැනෙන සැනසීම අද ලී ගං ඉවුරෙන් නොලැබෙන්නෙ මන්දැයි ඔහු කල්පනා කරන්නට පටන්ගත්තේය ...අද දවස තුළ මහා මොකද්දෝ අඩුපාඩුවක් ඔහුට දැනෙන්නේ ය..

තනිකම යනු තමන්ට නුහුරු හැඟීමක් නොවූවත් අද මේ හිතට දැනෙන හුදෙකලා බව නම් දරාගන්නට නොහැකි බවක් ඔහුට දැනුනි....අනේකවිධ දුක් කම් කටොලු මැදින් මෙතරම් දුරක් නොසැලී ඇවිද ආ ගමනේ තමන් හට මෙවන් හුදෙකලා බවක් කිසි දිනෙක දැනී නැතිබවත් ඔහු සිහිකරන්නේය....

ඒ අස්සේ කාගෙදෝ ඇස් දෙකක් ඔහුට මැවී පෙනෙන්නේය..... එදා මව සමඟ පැමිණි දිනයේ ඔහුගේ රූපය තමන්ගේ හිතේ කොයිතරම් අපූරුවට ඇදුනේදැයි දෑස් පියාගන්නා අතරම යීබෝ  මෙනෙහි කලේය ...

" එයා පර්ෆෙක්ට් ......."

යීබෝගේ මුවින් නොදැනුවත්වම පිටවිය....

හ්ම්ම්... ඉතින් මේ අද දවසට ඔයාව නොදැකපු දුකද මට තියෙන්නේ ......ඔයා මෙතනට සති තුනක් එයි..... ඊට පස්සේ..................  සුසුමක් පිටකරමින්......  ඊටපස්සෙ ආපහු ඔයා එනකල් මම බලාගෙන ඉන්නද.......ඇත්තටම මේක තේරුමක් ඇති වැඩක් ද...... panther ව  චෙක් කරන්න එන මනුස්සයව මම් පපුවේ තියාගෙන  හරියනවද...එයා එන්නේ එයාගේ ඩියුටි එක කරන්න.............

ඉතින් වෙනදාට නොදැනෙන මහා බර  ගතියක් ඔහුගේ හදවතට දැන් දැනෙන්නේය.. දැන් ඔහු මෙතැනට පැමිණ හෝරාවකට වඩා ගතවී තිබුණත්, අවට අන්ධකාරයෙන් වැසී ගොස් තිබුණත් ඒගැන වගක් වත් නැත... තවත් ටික වේලාවකින් ඔහු හැමදාමත් දකින දර්ශනය දැක ගැනීමට දෙනෙත් විවර කරද්දී ඝන අන්ධකාරයෙන් වැසී ඇති , අන්ධකාරය නැති කරන්නට තැන් තැන්වල විදුලි බුබුළු දල්වා ඇති, ලී ගං ඉවුර දුටුවේය ....

" මම සෑහෙන වෙලාවක් මෙතන ඉඳලා....."

යීබෝ  ඉක්මනින් බෙන්ච් එකෙන් නැඟිය ආපසු නිවසට යන්නට හැරුනත් ඉතින් ඈතින් තමන් දෙසට ඇවිදගෙන එන රුවක් නිසාවෙන් වන්ග් යීබෝගේ  මුහුණට දැන් සිනහවක් නැගෙන්නේය....මෙතරම් වේලාවක් ඔහුගේ හදවත වෙළාගෙන තිබුනොත් තනිකම,  පාළුව,  හුදකලා බව ලී ගංගාවට පැන දියඹුං ගසන්නේය....

", කලුවර වැටෙනකල් මෙතනද....."

සුපුරුදු ගාම්භීර ගමනින්ම යීබෝ අසලට පැමිනි ශාන්  සිනාසෙමින් අසද්දී  යීබෝ  ඔව් යැයි කියන්නට හිස සැලුවේය ...මීට ටික වේලාවකට පෙර මනසින් මවා ගත් ඒ රූපය සිනාසෙමින් තමන් ඉදිරියේ සිටින බව දුටු විට යීබෝ  සිටින්නේ තරමක්  වික්ෂිප්තව ගොසින් කීවොත් නිවැරදිය...

" මම හිතුවේ ගේට් එකෙන් මාව ඇතුලට ගන්න එකක් නෑ කියලා....ඒ උනාට දැක්ක ගමන් ගේට් එක ඇරියනේ....."

දැන් ඉතින් මේ දෙදෙනාම මුහුණට මුහුණ බලාගෙන සිනාසෙන්නේ හේතුවක් ඇතුව නම් නොවේ......ශාන් අවේලාවේ පැමිණියේ ඇයි දැයි අසන්නට අවශ්‍ය වුවත් ඔහු එය අසන්නේ නැත.....අසන්නේ නැත නොවේ ඔහුට එවන් දෙයක් අසන්නට සිහියක් නැත..... තමන් පැමිණියේ අත්‍යවශ්‍ය කාරණාවක් පවසන්නට බව ශාන්ට පවසන්නට අවැසි වුවත් ඔහු තවමත් එය පැවසුවේ නැත..... එසේත් නැතිනම් ඔහුට එය පවසන්නට හදිස්සියක් නැත.....

" යනවද ගෙට......"

විනාඩි දෙක තුනක් ම එලෙසින් හිටගෙන සිටිද්දී දෙදෙනාට සරදම් කරන්නට මෙන් යැන්ග්ෂු ආකාශය මල් වැස්සක් ඉස්සේය.... ඉතින් යීබෝ  අහස දෙස බලා එලෙසින් ඇසුවේය...

", යමු.....බාඕ මට එන්න කියලා තිබ්බනේ ......."

දැන් ශාන්ට පිටුපා ඉදිරියෙන් ඇවිද ගෙන යන පුද්ගලයාගේ මුහුණේ තිබෙන මහා අපූරු මනමාල සිනාව ශාන්  දකින්නේ නැත.... යීබෝ  පිටුපසින් කලිසම් සාක්කු දෙකට අත්දෙකත් දමාගෙන ඇවිද යන ශාන්  ඔහුට ඉදිරියෙන් ඇවිද යන මායාකරුව රසවිදින්නේය......

දැන් ඉතින් වෙනදාමෙන් දොර අරින්නට පෙර බාඕට  බියෙන් තැතිගන්නා වනජීවී නිලධාරියෙක් මෙතැන නැත... දොර අරින්නට නොබ් එකට අද තියද්දී යීබෝට එයත් සිහිවිය .... දොර ඇරගෙන දෙදෙනාම එකවර නිවස තුළට එද්දී දොර  දෙසම බලාගෙන සිටි බාඕගේ සතුට නිම්හිම් නැතිවී ගියේය ... නගින්නේ කාගේ කරේ දැයි හිතා ගන්නට නොහැකිව ඔහු එකතැන කැරකෙන්නේ හරි අපූරු ශබ්දයක්ද පිටකරමිනි....

" චොක්ලට් එපාද....."

ශාන්  කලිසම් සාක්කුවෙන් චොක්ලට් දෙකක් අතට ගත්තේය ... දැන් යීබෝ  මේ දෙස පුදුමයෙන් බලාගෙන සිටින්නේය ..බාඕ සැනින් ශාන්ගේ කකුලක් බදාගත්තේය ....

" ආ......එකක් බාඕට අනික බාඕගෙ අයියට....."

එක් චොක්ලට් එකක් යීබෝ වෙත දිගුකරමින් ශාන්  කියද්දී මෙතරම් වේලාවක් යීබෝගේ  මුහුණේ අපූරු සිනහවක් තිබුණේ නම් එය වඩ වඩාත් වර්ධනය විය....ඔහු සිනාසෙමින්  දිලිසෙන ඇස්වලින් චොක්ලට් එක අතට ගත්තේය   ...

" හරි හරි ඔයා ඒක දිහා බලන්න එපා.....මේක ඔයාටනේ......"

ශාන්ගේ ඉන හරියට අත්දෙකත් තියාගෙන යීබෝගේ අතේ ඇති චොක්ලට් එක දෙස බලාගෙන සිටින බාඕට ශාන්  කීවේය ... ඉතින් චොක්ලට් කවරය ගලවද්දී යලිත් බාඕ ශාන්  දෙස බැලුවේය ...

" ආ......කන්න ඉතින්...... "

ශාන්  චොක්ලට් එක බාඕගෙ කටට දමමින් කීවේය ....

" යන්න ගිගින් වාඩිවෙන්න බාඕ......"

shan තවමත් සිටින්නේ නිවසට ඇතුළු වෙන තැනම දොර ඉදිරියේ හිටගෙන බව සිහි වූ යීබෝ  ආදරෙන් කියද්දී බාඕ කීකරුව  ඔහුගේ තැනට ඇවිද ගියේය ...

" එන්න වාඩිවෙන්න ශංගා...."

යීබෝ  සෝපාව අසලට ඇවිද යන ගමන් කීවේය ...

" තේ බොනවද, බීම එකක්........"

" ඔයාගේ තේ බීලා නෑනෙ මම .....තේ එකක් බොමු....."

යීබෝ  ශාන් දෙස ටික වේලාවක්  බලාගෙන හිඳ පැන්ට්‍රිය අසලට ගොස් තේ හදන්නට වතුර උණු වෙන්නට තැබුවේය..... සෝපාවේ අසුන්ගෙන සිටි ශාන් අසුනෙන් නැගිට පැන්ට්‍රිය වෙතට ඇවිදගෙන එන ආකාරය දැන් සින්ක් එක අදාල පීරිසි කෝප්ප‍ය සෝදමින් සිටින යීබෝට පැත්තකින් පෙනෙන්නේය...

" මෙච්චර කරුවල වැටෙනකම් එළියට වෙලා මොකද කළේ...."

පැන්ට්‍රියට හේත්තුවී අත් දෙකත් පපුවට බැඳගනිමින් ශාන්  අසද්දී  යීබෝ  ඔහු දෙසට හැරුනි ...

" විශේෂයක් නෑ...... හැබැයි අර මම එදා කිව්වා වගේ.....මැජික්කාරයා කාගෙ හරි මායාවක පැටලිලා.....ගැලවෙන්න විදිහක් තමයි කල්පනා කලේ....."

දැන් යළිත් දෙදෙනාම දෙදෙනා දෙස බලාගෙන සිටින්නේ ය.....

", ගැලවෙන්න කල්පනා කරන්නේ...... ඒක නපුරු මායාවක්ද......."

ඒ වනජීවි නිලධාරියා ගේ ගැටලුවයි ......යීබෝ  නෑ යයි කියන්නට දෙබසට හිස වැනුවේය...

" නෑ..... ඒත් ඒ මායාවේ පැටලුනොත් එතනින් ගොඩ ඒමක් නැහැ කියලා  මැජික්කාරයා දන්නවා.....ඒත් මායාව තාවකාලිකයි....... ඒක ඉක්මනින් නැතිවෙනවා......."

ශාන්ගේ සිනහව තවත් පුලුල් විය ...... ඔහු යීබෝගේ ඇස් දෙක දිහා බලාගෙනම හරි අපූරු ප්‍රශ්නයක් ඇසුවේය ......

" ඒ මායාව තාවකාලික එකක් නෙවෙයිනම්... ඒ කියන්නේ ඒක සදාකාලික මායාවක් නම්...........

🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️

ගෙවා ආ දින ගණන් සුන්දරම නොවුණාට..
සිනහවට ඉඩ නැතිව කඳුළු බොහො තිබුණාට..
හදේ සැනසුම බිඳක් දැකගන්න නැතිවාට..
නුඹේ හමුවෙන් මෙමා ලදිමි සුව මහමෙරට..

නොසිතු මොහොතක මහ'ද හසුව මායාවකට..
ගැස්සුණේ ළය ගැඹුර නුඹේ නෙතු කැල්මකට..
අගුළුලා තිබු හැඟුම් දළුලද්දි එක පෙළට..
කුළුදුලේ සිත ඇදුණෙ ඉතින් ඒ ප්‍රේමයට..

ආදරණීය ශාන්ගාට... ❤️•
යීබෝගෙන්... 💚......

Shihara_YZ ආදරණීය කවිකාරිගෙන් අදත් කාව්‍යමය සාරාංශයක් ........💚❤💛

**
**
**
**
**

මතුසම්බන්දයි .......

.................................................................................................

✒️  මායාව තාවකාලික එකක් නෙවෙයිනම්... ඒ කියන්නේ ඒක සදාකාලික මායාවක් නම්........... මොනවා වෙයිද............

✒️ දැන් නං ඔලුව කැක්කුම ටිකක් අඩුයි...දේශගුණය වෙනස් වෙන හින්දා කියලා තමයි doctor කියන්නේ....ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරපු ඔයාලා හැමෝටම ගොඩාක් පින්........ආදරෙයි ඉතින්.....

✒️ හෙට උදේ Angel Wings අරගෙන එන්නම් ...

✒️ හැමෝම පරිස්සමට නිරෝගීව ඉන්න ....❤💚💛

Continue Reading

You'll Also Like

27.7K 6.8K 41
"දගයෝහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්" "හයියෝ..අදත් මොකක් හරි වැරැද්දක්ද දන්නෑ..."
5.4K 892 21
" ඒක ජීවිතෙ වෙනස් කරන හැරවුම් ලක්ශයක් බදු ආදර චාරිකාවක් වේවි කියල මම හීනෙකින් වත් හිතුවෙ නෑ මනූ ! " " මගෙ අතින් ගිහිලුන මල් මිටට මගෙ හදවතත් හාමු වෙල...
109K 21.8K 51
❤️.... සංසාර ගත වෛරයක් ...හ්ම්ම් ..එහෙම හිතමු... මම එහෙනම් ඔයාව දකින්න එනවා මිස්ටර් යීබෝ ... ලෑස්තිවෙලා ඉන්න මගේ අය වෙනුවෙන් විදවන්න්..... 💚...
567K 49.4K 29
Taekook Fanfiction Jeon Kim Own creation