if he loves me again..

By ShaYaNim

2.6K 508 59

if he loves me again.. ඈත අහසේ දිලෙන තරුවක් ඔහුට හිමි කරගත හැකි වේද.. ඒ තාරකාව ඔ⁣හුගේම බව දැනුනත්. මේ මොහොතේ... More

Episode 01
Episode 02
Episode 03
Episode 04
Episode 05
Episode 06
Episode 07
Episode 08
Episode 09
Episode 10
Episode 11
Episode 12
Episode - 13
Episode 14
Episode - 15
Episode - 16
Episode - 17

Episode - 18

73 8 7
By ShaYaNim


( A/N :  මේ කතාව ලියන කාලෙදී මයෙ හිතේ මොනවා තිබුනද මන්දන්නෑ.දැන් කියවනකොට මටම හිනා 🥰🥺 ඒත් මේ එපිසෝඩ් එකට තාමත් මං පට්ටම ආසයි.. )

.
.
යීබෝ නැවතුනේ හොස්පිට්ල් එකේ දෙවනි මහලෙ ඉස්සරහ බැල්කනි එකේ.

ඊලඟට හෙමින් ශියාඕව තමන් දිහාට හරවගත්තෙ එයාගෙ කඳුලින් තෙමිල තිබුන කම්මුල් තමන්ගෙ දෝතට ගන්න ගමන්.

" චාන්ගා..මං ඔයාට දෙයක් කීවොත් විශ්වාස කරනවද.. "
යීබෝ කියන්නෙ ශියාඕ ගෙ කඳුළු අත්ලෙන් පිහින ගමන් ඒ ඇස් දෙක දිහාම බලන්.

ශියාඕ ගෙ ඇස්වල තිබුනෙ අවිශ්වාසයක් නෙවේ.මොනවා කිව්වත් කලත් යීබෝව අවිශ්වාස වෙන්නෑ තමන්ට. චාන් ඒක දන්නවා..එයා හෙමීට ඔලුව හෙල්ලුවෙ 'කියන්න' කියල.

යීබෝ හෙමින් ශියාඕ ගෙ එක අතකින් අල්ලගෙන අනෙත් අත බඳ වටේ ඔතන ගමන් ශියාඕ ව එළිය පැත්තට හැරෙව්වෙ බැල්⁣කනි එකෙන් පහළ බලන්න කියල හිසෙන් කියන ගමන් ශියාඕ එක්කම තව අඩියක් ඉස්සරහට එන ගමන්.

.
.

" මේ රෝස මල්...

චාන් ට ඇස් අදහාගන්න බැරිවුනා..

⁣විසාලවට තිබුන හොස්පිට්ල් එන්ට්‍රන්ස් එකේ මුලු ඉදිරිපස කොටසම තිබුනෙ එකම රෝස මල් ගංගාවක් වෙලා.

" මේ ඇයි.. " චාන් හිතුවෙ මොකක්හරි වැරදීමක් ...

" ම්ම්..දන්නවද.. කිසිම වැරදීමක් නෑ. මේ  ඔක්කොම ඔයා වෙනුවෙන්.." යීබෝ කියන්නෙ ශියාඕගෙ හිත කියෙව්ව වගේ "

" මේ හැමදේම Mtjj ලගෙන්..XFX ලගෙන්. මගේ..නෑ..මගෙ විතරක් නෙවේ. 'අපේ' ෆෑන්ස්ලගෙන්..BJYX ⁣ල⁣ ගෙන්"
යීබෝ කියන්නෙ තමන්ට පහළින් පේන රතු රෝස මල් යාය දිහා පුදුමයෙන් දෑස් අලවන් ඉන්න ශියාඕට.

( A/N : මේක ලියවුනේ ෆැන්ඩම් වලි කියල ජාතියක් නැති කාලෙක කියල මතක් වුනාම 🙂🤣😌)


එතන රතු රෝස මල් දහස්..නෑ..දසදහස් ගානක් තියෙන්නැති.





කොළපාට පේපර්ස් වලින් එතුන රතුපාට මල් පොකුරු, ශියාඕ ට ඉක්මණට සුව වෙන්න කියල, එයාල දෙන්නටම ආදරෙයි කියල, ඒ දෙන්නගෙ ආදරේට ආශිර්වාද කරල තිබුන සුභපැතුම් එක්ක මුළු එන්ට්‍රන්ස් එකම රෝසමල් යායක් වෙලා තිබුනෙ හිතාගන්න බැරි තරම් ලස්සනට..

යීබෝ ගෙ ඇස් දෙකත් බොඳ වුනේ හිතට දැනෙන දේ කියාගන්න නොතේරෙද්දි.

( XFX ලගෙ red rose ocean එක ඉස්සුව ඉතින්..කමක් නෑනෙ ☺️🌹)

යීබෝ ඒ දෙන්න ගැන කීවට පස්සෙ ෆීල්ඩ් එකේ අයයි මීඩියා යි එයාව රිජෙක්ට් කරන්න ගත්තා.එක පිට එක ආපු කෝල් වලින් කීවෙ බාරගත්ත ඩ්‍රාමා වලින් අයින් කරල, විකාශය වෙමින් තිබුන කතාමාලා නවත්තල, අඩුම තරමින් වෙච්ච දේ හොඳින්ම දැන දැන වුනත්  he peng ගෙ පැත්තට කතා කරන්නත් හේටර්ස්ල ඉදිරිපත් වෙලා තිබුනා.

එයාගෙ කම්පැනි එකෙන් තිබුන දීර්ඝ සාකච්ජාවෙදි එයාල යීබෝ ට කීවෙ ශියාඕ ගැන කියපු දේ බොරුවක් කියල පිළිඅරන් ප්‍රසිද්ධියෙ සමාව ගන්න කියල..යීබෝ එහෙම කරන එක ප්‍රතික්ශේප කරාම
යීබෝ ටත් නොකියම එයාගෙ කම්පැනි එකෙන් අප්ඩේට් එකක් දීල තිබුනෙ තවදුරටත් යීබෝ එයාලගෙ කම්පැනි එකේ ⁣කෙනෙක් නෙවෙයි කියල.

තමන්ගෙ ජීවිතේ වටිනාම දේවල් දෙක ඇස් ඉදිරිපිට නැතිවෙන්න හදද්දි යීබෝ පැය ගානක් තනියම ඇඬුවෙ ශියාඕට ඒ වෙනකොට සිහිය වත් ඇවිත් නොතිබෙද්දි.

හැබැයි පැය දොලහක් යන්නත් කලින් යීබෝ ගෙ ෆෑන්ස්ල තත්වය එහෙම්ම කනපිට හරවල තිබුනෙ හැමෝම පුදුම කරල.එයාල යීබෝ ගෙ හැම වීඩියෝවක්ම ස්ට්‍රීම් කරන්නත් යීබෝව අයින් කරපු ඩ්‍රාමා වලට ආයෙම ගන්න කියල බල කරන්නත් මෙච්චර අසීරු වෙලාවක එයාව අයින් කරපු කම්පැනි එක පුළුවන් හැම විදිහකින්ම ප්‍රතික්ශේප කරන්නත් වුනේ හැමෝම පුදුම වෙද්දි.

යීබෝ මේ හැමදේම විස්තර කරනකන් ශියාඕ මුකුත්ම නොකිය දිගටම පහළ බලන් හිටියෙ ඇස් වලින් කඳුළු බේරෙද්දි.ඒත් කලින් වගේ නෙවෙයි ඒව සතුටු කඳුළු කියල යීබෝ ට දැනුණෙ ශියාඕ නොදැනුවත්වම යීබෝ ගෙ අත තව තවත් තදට අල්ලගද්දි.

ශියාඕ ට හයියෙන් ඉකි ගැහුනා.
කලින් ආත්මයේ ලන්චාන් තමන්ව ගුසූ වෙත එක්කන් ගිහින් විවාහ කරගන්නකොට ඔවුන්ට හිටියෙ ඔවුන්ම විතරයි.ඒ වෙනකොට යුන්මෙං විතරක් නෙවෙයි ගුසූ ත් විනාශ වෙලා තිබුන පසුබිමක එයාල වෙනුවෙන් අඩුම සාක්ශියක් විදිහට ඉදිරිපත් වෙන්න වත් කිසිම වංශයකින් සහභාගී වුනේ නෑ.හැමදාම හැමෝම ඒ ආදරේට එරෙහි වුනා විතරයි...ශියාඕ බය වුනේ ඒ නිසා.මේ ආත්මෙදිත් ඔවුන්ට කිසිම කෙනෙක් නැතිවෙන්න හොඳටම ඉඩ තිබුනා.

" අපිට ආයෙ කවුරුත් නැති වෙන් නෑ චාන්ගා.."

යීබෝ කීවෙ ශියාඕ ගෙ හිත කියවල වගේ.මොකද යීබෝ ටත් මේ මොහොතෙ මතක් ⁣වුනේ ඒක.

ශියාඕ එහෙම්ම යීබෝට තුරුලු වෙන්නෙ ඇස් වල කඳුළු පුරවන් යීබෝගෙ ඇස් සිඑාම බලන්.
විශ්වාස කරන්න.. පහළ තියෙන රතු රෝස මල් වගේම ඒ ඇස් දෙකත් දිලිසෙමින් තිබුනා.. සතුටට.. දරාගන්න බැරි තරම් ආදරේට..

යීබෝගෙ ආදරේ විතරක් නෙවේ යීබෝට ආදරේ කරන මුළු ලෝකයකම ආදරේ තමන්ටත් ලැබුනාට..
කොල්ලගෙ ඇස් තවත් දිලිසුනා.

" මගෙ චාන්ගා දැන්වත් නාඬ ඉන්නකෝ.. "

ඒ කිව්වත් තවත් විනාඩි ගානකට ඒ කඳුළු නවතින් නෑ.

" ආදරේකට කොච්චර දේවල් වෙනස් කරන්න පුලුවන්ද.. නේද බෝබො..

ඔයා දුන්න ආදරේට එයාල මටත් එක්ක ආදරේ කරනවා.. මං කොහොමද මේක දරාගන්නෙ යීබෝ.. "

චාන් කියන් යන්නෙ යීබෝ ඒ තුරුලෙන් මෑත් කරල නළලට දිග හාදුවක් තියද්දි.

" දන්නවද.. මං එයාලට දුන්නෙ ඔයාට දෙන ආදරෙන් අංශුමාත්‍රයක් විතරයි චාන්ගා.. "

යීබෝ ඒ කන් පෙත්තකට කොඳුරල කියද්දි චාන්ට හිනාගියා.

" පව් "

" කවුද "

" එයාල "

" ඇයි..ම්ම්.. "

" නෑ ඉතින්.. මෙච්චරකල් එයාල විතරක් අයිති කරගත්තට දැන් මාත් ඉන්නවනෙ ඔයාව අයිති කරගන්න "

"ආ ආ.. මං ඔය කාගෙවත් නෙවේ හරිද.. මං මගෙ චූටි පුතාගෙ "

" ක්හ්ම්ම්.. කොහෙ ඉන්න චූටි පුතෙක්ද ඔය..

" ම්ම්ම්.. තව ටික දවසකින් පෙන්නන්නම් .. කොහෙද ඉන්නෙ කියල "

" ගහප්.. "

ශියාඕ අත් ගුලි කරල ඒ පපුවට ගහද්දී බෝ ඒ අත් දෙකමඅල්ලන් තුරුලට ඇදල ගත්තා.

.
.
.
.
.
.
.
කොච්චර වෙලා ගෙවුනද දන්නෑ.ඒත් ශියාඕ ට ඒ උණුහුමෙන් ඈත් වෙන්න වුවමනාවක් තිබුනෙත් නෑ.එයා තව තවත් යීබෝ ව තදට අල්ලගත්තෙ හරියට අතෑරියොත් මේ දැන් දාල යයි වගේ.

යීබෝ ගෙ මූනට ආවෙ හීන් හිනාවක්.

" චාන්ගා wu er ling " යීබෝ කියන්නෙ ශියාඕ ව චුට්ටක් කරන ගමන්.

" වෝ අයි නී ටූ බෝ බෝ " ශියාඕ කියන්නෙ ආයෙම ඒ පලුවෙ මූන ගහගන්න හදන ගමන්.

ඒ උණුහුමට ගුලිවෙන්න එයාට ඕනේ.

( 💡💡 wu er ling (520) කියන එක ශබ්ද කෙරෙන්නෙ වෝ අයි නී වගේලු )

"නෑ චාන්ගා..මං කීවෙ Wu er ling  ( 520 ) "
යීබෝ කියන්නෙ හිනා වෙවී ඇහැකුත් ගහන ගමන්.

ඒත් මීටර් නෑ..

යීබෝ අඩියක් පිටිපස්සට ගිහින් ශියාඕ ඉදිරියෙ දණ නවනකොටයි ශියාඕ ට ඒක මීටර් වුනේ..

" චාන්ගා..විල් යූ මැරි මී ප්ලීස්.. " අතේ තිබුන කපල් රින්ග් එක ශියාඕ ට දිගු කරන ගමන් යීබෝ ඒ වචන ටික ඇහුවෙ ජයග්‍රාහී පන්සිය විසි වෙනි වතාවට.

ඇස් දෙක ආයෙම කදුලෙන් බරවෙද්දී
ශියාඕ වේගෙන් ඔලුව හොල්ලන්න ගත්තෙ තවත් විනාඩියක්වත් ප්‍රමාද නොවී.

" මං ආදරෙයි චාන්ගා " යීබෝ කියන්නෙ ශියාඕ ගෙ හීනි අතැඟිල්ලට මුදුව පලන්දල ඒ මත උණුසුම් හාදුවක් තවරන ගමන්.
.
.
.
To be continued...
.
.
.
🎀 මෙච්චර ලස්සන අවස්ථාවකට ඇයි ඔවාල සුදු ඇඳන් ආවෙ ලමයි .දෙන්නා බැල්කනියෙන් පහලට ශකබුම් වෙනකන් බලන් හිටිය නේ.

🎀 මේ එපි එක MTJJ, BJYX , XFX අපි හැමෝම වෙනුවෙන්..🌹 ආදරෙයි.
.
.
.හෙට අවසන් කොටස එක්ක මීට් වෙමු..❤️

.
.
$|-|A ¥A

Continue Reading

You'll Also Like

25.4K 4K 30
"ហង្សមែនទេ?​ត្រឹមតែមួយប៉ប្រិចភ្នែកយើងនឹងធ្វើអោយហង្សមួយនោះបាក់ស្លាប ហើយហង្សដ៍ស្រស់ស្អាតនោះត្រូវស្ថិតក្នុងកម្មសិទ្ធយើងម្នាក់គត់"ជុងហ្គុក "យើងដឹងពីអ្វីទ...
20.9K 2.9K 22
⚠BDSM ⚠dominance Love in a dark heart Sex can be intense, but we can't even imagine the love in that heart..🏳️‍🌈 〰️Please read this carefully〰️ ⚠...
31.7K 3K 23
ဝိုင်.....🍷 မြည်းစမ်းရုံနဲ့ ရူးနှမ်းစေမယ့် ဝိုင်... ဦးကိုကိုရဲ့ နှုတ်ခမ်းက ချိုပေမယ့် အဆိပ်တွေနဲ့.. ဒါပေမဲ့ ကျွန်တော်ကြိုက်တယ်..။ ❗ZhanYi Fanfic 20...
566K 49.3K 29
Taekook Fanfiction Jeon Kim Own creation