කලු කුමාර ✔️

By nithuvihansa

72.6K 13.2K 1.5K

දිව්‍ය නදී ගලා යාද මුව ඇදිරිය වෙලාවේ රාඝ ගිනිදුම් පැතිරයේ ඉක්තෑ කලු වලාවේ . . . රජෙක් රාජ ගමනේ ඇවිත් බලවු ඒ... More

පළවන දිගහැරුම
දෙවන දිගහැරුම
තෙවන දිගහැරුම
සතරවන දිගහැරුම
පස්වන දිගහැරුම
සයවන දිගහැරුම
සත්වන දිගහැරුම
අටවන දිගහැරුම
නවවන දිගහැරුම
දසවන දිගහැරුම
එකොළොස්වන දිගහැරුම
දොළොස්වන දිගහැරුම
දහතුන්වන දිගහැරුම
දාහතර වන දිගහැරුම
පහළොස්වන දිගහැරුම
දහසයවන දිගහැරුම
දාහත්වන දිගහැරුම
දහඅටවන දිගහැරුම
දහනවවන දිගහැරුම
විසිවන දිගහැරුම
විසිඑක් වන දිගහැරුම
විසිදෙවන දිගහැරුම
විසිතුන්වන දිගහැරුම
විසිහතර වන දිගහැරුම
විසිපස් වන දිගහැරුම
විසිහයවන දිගහැරුම
විසිහත්වන දිගහැරුම
විසිඅටවන දිගහැරුම

විසිනව වන දිගහැරුම

3.4K 540 213
By nithuvihansa


අවසන් දිගහැරුම ~~~~~~~~~~~~~~~~~







මහ කැලෑවම මීදුමකින් වැහිලා ගිහින්. අද කෙම්මුර අමාවකක්. අමාවක වුණත් හිවල්ලුන්ගෙ උඩු බිරිල්ල අඩුවක් නැතිවම ඇහෙද්දි හිතට බයක් දැනුනත් මේඝ මාත් එක්ක ඉන්නවා කියන විශ්වාසෙ එක්ක මන් නිධන් ගලට නැග්ගා.

ඇත් අඩි සලකුණ....ඒක හරියටම තිබුනෙ නුග ගහ පාමුල.
ඇත් අඩි , කකුල් අඩි, නාග රෑප, බහිරව රූප ගල්වල කොටලා තිබුනෙ නිධන් තියෙන තැන් අඳුන ගන්න. පැරැන්නොනම් කියන්නෙ ඒකට නිධන් වදුල කියලා.

මන් ලොකු ගලකට මුවා වෙන ගමන් මන්තර ජප කරන දිහා බලන් හිටියා.
ඉර බැහැලා හෝරාවක් ගෙවිලා තියෙද්දි උන් බහිරව පූජාව දෙන්න පටන් ගත්තා.
ඕනම නිධානයක් ගොඩ ගනිද්දි බහිරව පූජාවක් දීලා නිධානෙ ආරක්ෂා කරන බහිරවයව සතුටු කරලා තමා නිධනෙ අර ගන්නෙ.

මාව මෙහෙයුවෙ තනිකරම මේඝ වෙද්දි මන් හිතන්නෙ එයාගෙ අවධානෙ ගියේ ගහක් උඩ හිටපු බහිරවයට. ඒකා ගහේ කඳේ එල්ලිලා ඉදන් පහළ බහිරව පූජාව
දිහා බලන් ඉන්නවා.
ඒත් මේඝ ගත්ත ඉලක්කෙ වැරදුණේ මට පිටිපස්සෙන් ආව පිල්ලිය නිසා...ඒ මිනිය තවත් කුණු වෙලා ඇටකටු පවා පෑදිලා.
ගිලා බැහැපු ඇස් රතට රතු වෙද්දි කන් බීරි කරන සද්දෙකුත් එක්ක බඩගාගෙන වගේ ටිකෙන් ටික ළං වුණා.

මට ආපිට දුවන්න ඕනි වුණත් ඒදේ කරන්න බෑ...මේඝ කරන්නෙ මොකක්ද මගෙ අතින් වුණෙත් ඒ දේමයි. හුස්මක් පරතරේට වෙනකම් ළං වුණ පිල්ලිය කෑගහගෙන ඇගට පනිනවත් එක්ක මගෙ අතේ තිබුන කඩුවෙන් උගෙ බෙල්ල වෙන් වෙලා විසි වෙද්දි පණ තිබුණ ක්වන්දය මගෙ පස්සෙ පැන්නුවා.

ගල් උඩින් පැන්නද පියෑඹුවද මන්දා ඒ තරම් වේගෙන් මාව මෙහෙයවෙද්දි පිල්ලියෙ ඉතුරු බාගෙකුත් කඩුවෙන් දෙකඩ වුණේ බලන්න බැරි අප්‍රසන්න විදිහට. කැලේ පුරාම පැතිරිලා ගියා භයංකර අදෝනාව එක්ක කෑලි කැපිලා බිම වැටුණ මිනියෙන් කලු දුමාරයක් අහසට නගිද්දි නිදන් ගල මුදුනෙ ඉදන් රුද්‍රාක්ෂ කියන යක්ෂ අවතාරය මන් දිහා බලන් හිටියා.

" කාලමේඝ....උඹ මොකද හැංගිලා....."

" මම නෙමෙයි උඹයි මෙච්චර කල් හැංගුනේ....උඹයි එලිපිට එන්න බයේ හැංගිලා හිටියේ....."

මගෙ කටින් පිටවුණේ තනිකරම මේඝගෙ කටහඬ එයාගෙ වචන.

" උඹ කරන්නෙ වැරද්දක්......"

" කුමාරයාව ආරක්ෂා කරන එකද වැරැද්ද....

" ආරක්ෂා කරන මුවාවෙන් උඹ කලේ අයුතු ප්‍රයෝජන ගත්ත එක. "

" මන් කලේ ආදරේ කරපු එක....."

" හහ්...ආදරේ....යක්කු කවද්ද ආදරේ කලේ...අපි ඉන්නෙ මිනිස්සුන්ව භය කරන්නයි ලෙඩ කරන්නයි...."

" ශිව පාර්වතීට ආදරේ කලා...ක්‍රිෂ්ණා රාධාට ආදරේ කලා....මුරුගා වල්ලිට ආදරේ කලා
දෙවියන්ටත් පුලුවන්නම් මිනිස්සුන්ටත් පුලුවන්නම් යක්කුන්ට විතරක් ඇයි ආදරේ අකැප...."

" එහෙනම් ඔප්පු කරපන්... කුමාරය වෙනුවෙන් උඹ ළඟ තියෙන ආදරේ...."

දෙදරුම්කන වියරු හිනා හඬත් එක්ක රුද්‍රාක්ෂ අතින් විසිවුණ දෙයක් මාව ඉලක්ක කරලා වදිද්දි ඇස් පිය ගහන වේගෙට මගෙ අයින් වුණ මේඝ මට ඉස්සරහයින් හිට ගත්තා.

ඒක වෙන්න ගියේ තත්පර ගානයි....ඇහිපිය ගහන වේගෙට මේඝගෙ අතේ තිබුන කඩුව රුද්‍රාක්ෂගෙ පපුකුහරෙට කිදා බහිද්දි ඒ ආත්මෙ ගින්නකින් විලාප තියාගෙන ඇවිලෙන්න ගත්තා.



" මේඝ...හ් "

එකපාරම මන් ඉස්සරහ දනින් වැටුන මේඝ පපුව අල්ල ගනිද්දි මන් වැටි වැටිම එයා ළඟට දිව්වා.

" දෙවියනේ....මේඝ...! ඇයි.. ඇයි මාව බේරගන්න ඉස්සරහට ආවෙ....."

" ම...මන් හොඳින් ඔයා යන්න....යන්න මෙහෙන්...."

රුද්‍රාක්ෂ මට එවපු කිනිස්ස හරියටම එයාගෙ හදවත පසාරු කරගෙන ගිහින්
තියෙද්දි දම්පාටට හුරු උණු ලේ ඇග දිගේ ගියා. මට කිනිස්සෙන් ඇන්නා හා සමානව රිදෙන්න ගද්දි එයාට මොනව හරි වෙයි කියන බයටම මාව වෙව්ලන්න ගත්තා.

නිකන් කිනිස්සක් වෙන්න බෑ ඒක අනිවාරෙන් මන්තර බලෙන් පණ පොවපු කිනිස්සක් අමනුස්ස ආත්මෙක හදවත පසාරු කරන්න තරම්.

" අනේ....මේඝ..අ..අපි හොස්පිටල් එකකට යමු...ඔ...ඔයාට ගොඩක් අමාරුයි.....අනේ යමුකො...ලේ ගොඩක් යනවනේ...."

" ශ්.....මැණික මන් හොඳින්....."

" බොරු කියන්න එපා මිනිහො....! මෙච්චර
දෙයක් වෙලා තමුසෙට අමාරු නැද්ද මන් ගැන නෙමෙයි තමුසෙ ගැන බලනවා....."

මගෙ උකුල උඩ ඔලුව තියන් හිටිය මේඝ ඉස්සිලා අත් දෙකෙන්ම මුණ අල්ලන් නලලට හාද්දක් තියද්දි මන් ඉකි ගගහම ඇඬුවා....වේදනාවට එයාටම බැන්නා.

" හොස්පිටල් යන්නෙ කොහොමද මැණික මන්...."

එයා මගෙ කම්මුල අතගගා කියද්දි දෙවියනේ මට අමතක වුණා එයා මනුස්සයෙක් නෙවෙයි කියන්න. උදව් ඉල්ලන්නවත් පේන තෙක් මානෙක මොකෙක්වත් නැති වෙද්දි නිධානෙ ගන්න ආපු උන්ට වෙච්ච කෙරිච්ච දෙයක් නැති වුණා.

" යුගාන්....මන් උඹට පණ වගේ ආදරෙයි...
මේ වතාවට මට සමාව දීපන් මන් ආයෙත් උඹව දාලා යන්නෙත් නෑ උඹව නැතිකර ගන්නෙත් නෑ.....කොහෙ හිටියත් මන් උඹව හොයාගන්නම්....මැණික..."

" අනේ..හ් මේඝ..."

" මේක පරිස්සම් කරගන්න මැණික...
කවදමහරි ආත්මෙක මන් උඹව මගෙ ළඟට ගන්නකම් මේක පරිස්සම් කරගන්න....."

මේඝ එයාගෙ බෙල්ලෙ තිබුන මාලයක් ගලවලා ඒකෙ අඩසඳ වගේ කොටසක් මගෙ බෙල්ලට දාලා පරිස්සම් කරගන්න කිව්වා කවදමහරි අපි ආයෙ හම්බවෙනකම්.

ඒ කියන්නෙ එයා.......
නෑ නෑ එයාට මුකුත් වෙන්නෙ නෑ....
මගෙ හිත පුදුම තරම් කලබල වෙලා මේඝ කතා කරන්නෙ හරියට අපේ අන්තිම හමුවීම වගේ......මන් එයාව අත් වලින් තව තවත් තද කරලා තුරුල් කරගත්තා.

" මාව දාලා යන්න එපා මේඝ......මන් මැරෙයි...මගෙ පපුව පැලිලා මැරෙයි.....
ගිය වතාවෙ ඔයාට මාව නැතිවුණා වගේ මේ වතාව මට උඹව නැතිකරගන්න බෑ
මේඝ.හ්ම්හ්."

එයා මගෙ ඇඬිල්ල නවත්තන්න වගේ දෙතොල් වලට තිබ්බ හාදුවට කදුලු වල ලුණු රහත් එකතු වෙද්දි අපෙ අන්තිම සිපගැනීම අතරෙ එයා මගෙ අත් උඩම දුවිල්ලක් වගේ අතුරුදන් වෙලායද්දි අතට දැනුන හිස් බවත් එක්ක මන් ඇස් ඇරියා.

" මේඝ.......!! "

මගෙ කෑගැහිල්ලට ගස් වල හිටපු කුරුල්ලො පවා ඉගිලිලා ගියා. පිලිගන්න බෑ එයා යන්න ගියා කියලා......මගෙ මුලු ලෝකෙම කඩන් වැටුණා වගේ.

" මේඝ....මේඝ ඉන්න තැනකින් එන්න.....
ඔයා විහිළුවක් නේද කරන්නෙ..."

" රෂේන්.....! උඹ මට මගෙ මේඝව නැතිකරා......"

මන් හීල්ලුවා අන්දකාරෙන් පිරුණ අහස දිහා බලන් මන් විලාප තිබ්බා. රෂේන්ට පවා සාප කෙරුවා.....එයා ආයෙත් නොඑන්නම ගිහින්...ඒත් හිත පිළිගන්නෙම නෑ.....ආයෙ මට බයික් එක ගත්තට බනින්න....අම්මට හොරෙන් කුස්සියෙ බඩු අතුරුදන් වෙන්න....චූටි අයියගෙන් මාව බේරගන්න...එයා මා ගාව තවත් නෑ කියන්න මට පිළිඟන්න බැරිවුණා. කොටින්ම එයා නැති ජීවිතයක්
ගෙවන හැටිවත් මට හිතාගන්න බැරි වුණා.

මන් විශ්වාස කලා පොත් වල කවි වල තියනවා වගේ කර්කශ ඉඩෝරෙකට පස්සෙ ආයෙමත් ලස්සන වසන්තයක් ලබයි කියලා. ඒත් වසන්තෙ ලබලා මල් පිපෙන්නත් කලින්ම උඹ පරවෙලා ගියා.

වරු ගානක් අඬපු කදුලු මාලෙට වැටෙද්දි ඒක යන්තමට දිලිසෙන දිහා බලන් මම හිරි වැටුන කකුල් වලට වාරු අරන් නැගිට්ටා.

හැම දෙයක්ම විසඳෙන්න ඇති.නිධානෙත් බේරුණා.....මාත් පණපිටින්....දෙවියන්ට දුන්න පොරොන්දු රැකපු උඹ මට දුන්න පොරොන්දුව කැඩුවා මේඝ...

අන්තිම වතාවට කිසි කලබලයක් නැතිව හිමීට ගලාගෙන යන දොළ පාර දිහා බලන් ඉඳලා මන් එන්න ආවා. තිත්ත කලුවරයි
මුලු පාරම තිත්ත කලුවරයි.

" ඕකව මට පණ පිටින් අරන් එනවා...."

කැලෑව අස්සෙන් ඇහුණ අඩි සද්ද එන දිහාවටම මන් ඇවිදන් ගියා. මරු කටට විහින්ම බිලි වෙනවා වගේ අනතුර දැක දැකම ඒ පැත්තට ගියා.
අර මන්ත්‍රීය....එහෙමත් නැත්තම් රෂේන්ගෙ තාත්තා...හරියට කිව්වොත් ගිය ආත්මෙ මගෙ මරණෙට වග කියපු මහ ඇමති....
වෛරයෙන් වෛරය නොසන්සිදෙන්නෙ නෑ වගේ ඌගෙ වෛරයෙත් සන්සිදීමක් නෑ....

උනන්මයි අහිංසකව අංගුලිමාලයෙක් කරගත්තෙ.....
පතොරොම් ඉවර වෙනකම්ම ගන් එකෙන් ඉස්සරහට එන එන එකාට තියද්දි මගෙ අවාසනාවට එතන තුවක්කුවෙ පතරොම් වලට වඩා මිනිස්සු හිටියා.

.
.
.
.
.
.
.

අතුල් පහරවල් වලටම පුපුරු ගහන කම්මුල්...පැලිලා ගියා තොල්පට මූණට ගහපු සීතල වතුරට දැවිල්ල අල්ලද්දි ඇසිඩ් වලටම පිච්චිලා ගිය ඇඟ මළ මිනියකට අන්ත වුණා.

" එක... පාරම මරපන්....."

" උඹ හිතනවද මන් මේක එච්චර ලේසියෙන් ඉවර කරයි කියලා....උඹලා මැරුවෙ මගෙ පුතාව...."

බොඳ වුණ ඇස් වලට පෙනුන මන්ත්‍රී තුමාගෙ ඡායාව රෂේන්ගෙ මරණෙට මගෙන් පලිගනිද්දි දවස් ගානක් අත් ගොබ පසාරු කරපු සිරින්ජර් කටුව අදත් ලේ පුරපු හම පසාරු කරන් ඇතුලට ගියා.

හෙරෝයින්ද කොකේන්ද ක්‍රොකඩිල්ද කියන්න නමක් නොදන්න ඩ්‍රග්ස් එක දිගට කෙනෙක් ගත්තොත් මොනවගේද මන් ඊටත් වඩා අන්ත වෙන්නැති. නහර දිගේ ගලන් යන සීතලත් එක්ක දැනෙන මත් ගතියට ගහන පාරක් ගානෙම මන් පරඩැලක් ගානට විසි වුණා.

" මේ පාර උඹව බේරෙන්න කාලමේඝ තියා උඩ ඉන්න දෙවියොවත් නෑ කියල මතක තියා ගනින්...."

අන්තිම පාරට ඇහුණ හඬත් එක්ක වැහිලා ගිය දොරවල් වලට එලියෙන් අගුලු වැටෙන හැටි මන් අහන් හිටියා.

" යුගාන්....මන් උඹට පණ වගේ ආදරෙයි...
මේ වතාවට මට සමාව දීපන් මන් ආයෙත් උඹව දාලා යන්නෙත් නෑ උඹව නැතිකර ගන්නෙත් නෑ.....කොහෙ හිටියත් මන් උඹව හොයාගන්නම්....මැණික..."

මේඝගෙ අන්තිම වචන පාලු බිත්ති හතර ඇතුලෙ දෝංකාර දෙද්දි එකම එක වතාවක් ඒ ඇස් දිහා බලන්න තිබුනනම් කියලා හිතුනා.
වම් අත දිගේ ආපු වේදනාව ටිකෙන් ටික පපුව හිර කරද්දි මගෙ අන්තිම හුස්මත් එයාගෙ මතක එක්කම මිහිදන් වුණේ ආත්ම ගානක ආදර කතාවක ශෝකාන්ත අවසානයක් ඉතුරු කරගෙන.........





~~~~~~~~~~~~~~ නිමි. ~~~~~~~~~~~~~~







කතාව කියෝපු වෝට් කරපු කමෙන්කරපු හැමෝටම ගොඩා....ක් තෑන්ක්ස්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Season 2 එකක් එහෙම ඕනෙද.....😌

Continue Reading

You'll Also Like

217K 29.8K 70
21+ අසබ්‍ය වචන හා mature content අඩංගුය.
115K 18.2K 105
ဘာသာပြန်သူ - စွဲညို့အသင်း။ တစ်ဦးတည်း ပြန်ဆိုခြင်း မဟုတ်ပါ။ အပိုင်း ၁၁၁ မှ အဆုံးထိ တင်သွားပါမည်။
41.3K 6.9K 20
✅ COMPLETED ඉතින් ප්‍රේමය නුඹ තව හත් ගව්වක් දුරයි ...
299K 14.2K 54
မင်းဆိုးချင်သလောက် ဆိုးစမ်းပါ သဲငယ်လေးရယ် တစ်ခုပဲ ဦးဆိုတဲ့ငါ့ကိုမေ့မသွားရင်ရပြီ 💗💗မုဏ်းစေတန်💗💗 ကမ္ဘာတွေ အဆက်ဆက်ပြောင်းသွားမယ်ဆိုရင်တောင် သားရဲ့...