🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]

By Phoenix_Maddie

3K 712 1.3K

🌸 All that I want in my life is the feeling of peace deep within me truely 🌸 [ West Life] Cover photo credi... More

පෙරවදන
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
Thank you note
15
16
17

14

123 35 72
By Phoenix_Maddie

විවෘත වුණේ සහල් ගබඩාවේ වම් කෙළවරේ තිබුණ දොරක්. බොහෝ දොරවල් අගුළු ලා තිබුණ බවට නිල්හාන්ගෙ සහචරයන් පරීක්ෂා කර තහවුරු කරගෙන තිබුණෙ තමන්ගෙ සිරකාරියන් දෙදෙනා එහි රැගෙන එන්න  කලින්.

ඔවුන් ස්තානගතව තිබූ තැන් ආවරණය වන ලෙස තම කණ්ඩායම් ස්ථානගත කරන්න සුරත් සහ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් ඒ වෙද්දිත් කටයුතු කර තිබුණා.

ඒත් මේ විවෘත වුණේ දෙපාර්ශවයම එතරම් අවධානය යොමු නොකල දොරටුවක්.

" උඹ හිතුවද මම මේක ලේසියෙන් අමතක කරයි කියල. මැ|රෙ|න්|න වැටිලා ඉද්දි කන්න බොන්න දීලා හදාගත්ත එකට උඹ මට සැලකුවා මදි." වික්‍රම එහෙම කියාගෙන විවෘත වුණ දොරින් ඇතුළු වුණා.

" තව සලකන්න තිබ්බා, ඒත් මම සමහර දේවල් දැනගත්තෙ පරක්කු වෙලා වික්‍රම මහත්තයෝ, ඒත් මුලදිම එහෙම නොකර තමුන්ව අත් ඇරලා දැම්මෙ අපරාදෙ කියලා මට දැන් හිතෙනවා "

ඒ වෙද්දි ලාවට දැල්වුණ විදුලි පහන් එළිය එක්ක හැමෝම බලා සිටියෙ වික්‍රම සහ නිල්හාන් දිහා. ඔහුගෙ පැමිණීම බලාපොරොත්තු නොවුණ දෙයක් වුණේ නිල්හාන්ට සහ ඔහුගෙ ළඟම කීප දෙනාට.

වික්‍රමගෙ නීති විරෝධී ව්‍යාපාර කාලයක් පුරා කළ පැරණිම සේවකයන් කීපදෙනෙක් නිල්හාන් සංසලාව අයිති කරගෙන ඒ හරහා වික්‍රමගෙ ආදායම් මාර්ග අත්පත් කරගනිද්දි ඔහු සමග එක් වුණා. නමුත් ඔවුන් හොඳම අවස්තාද ලද විට යළි වික්‍රම හා එක්වන බව වික්‍රම දැනගෙන සිටියා.

මේ සියල්ල අවසානයේ පාලනය වී ඇත්තේ වික්‍රමට අවශ්‍ය ආකාරයට බව තේරුම් ගන්න නිල්හාන්ට වැඩි වෙලාවක් ගියේ නැහැ.

" මට ජේල් එකේදි හම්බ වුණ සෙට් එකක් උදව් කළා කෙනෙක්ව හොයාගන්න. මම ජීවිතකාලෙ පුරාම හෙව්වෙ එයාව. අන්තිමට මට එයාව හම්බවුණා."

" එහෙනම් තමුන් කතාව දන්නවා?"

"ඔව් මම දන්නවා. තමුසෙගෙ බිල්ඩිම ගහන්න අපේ ඉඩම අයිතිකරගන්න ආව වෙලේ අපේ තාත්තට වෙඩි තිබ්බෙ කවුද කියලා මම දන්නවා. අන්තිමට අම්මට තුට්ටු දෙකක් දීලා මාව දරුකමට හදාගන්න ගත්ත කියලත් මම දන්නවා. "

" ඒ කාලෙ නිවුස් හෙඩ්ලයින් ගියේ කෝටිපති ව්‍යාපාරිකයා අභිරහස් ලෙස මියගිය රාජ්‍ය සේවකයාගෙ සිව් හැවිරිදි දරුවා බාරගනී කියලලු නේ?"

"මම ඒ හැමදේම හොයාගත්තා මහත්තයෝ."

වික්‍රමට දැනුනා දහඩියෙන් ගත තෙත්වන බව. මේ කිසිම දෙයක් ඔහු දැනගනී කියලා වික්‍රම බලාපොරොත්තු වුණේ නැහැ. කර්මය ගැන තමන් කොයිතරම් නම් බණ තමන් ඇහුවද කියලා වික්‍රමට මතක් වුණා. දැන් ඇත්තටම ඒ දේවල් ඇත්තක් වෙනවද කියලා ඔහු කල්පනා කළා. කිසිම තොරතුරක් මෙතැනින් ඉවතට පිට වෙන්න කලින් නිල්හාන්ව අවසාන කළයුතු බව ඔහු තීරණය කළා.

නමුත් මේ සියල්ලට සවන් දුන් තව පිරිසක් හිටියා. ඒ සුරත් සමඟ හිරණ්‍යගෙ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටි කණ්ඩායම. අනපේක්ෂිත කෙනෙක් පැමිණියත්, අවස්තාවට ගැලපෙන්න ඔවුන් සීරුවෙන් සිටියා.

" Mr හිරණ්‍ය, වික්‍රම ආවනෙ "

" වික්‍රම? මිනිහා මොකක් කරනවද එතන?"

" මේ ඔක්කොම පොරගෙ ප්ලෑන් වගේ. ඔයා එන්න, දැන් නිල්හාන් distract වෙලා ඉන්නෙ."

" මම විනාඩි දහයෙන් ඔතන"
.
.
.
.
" දැන් මෙතන වැඩි හරියක් ඉන්නෙ මගෙ මිනිස්සු. උඹ ළඟ හිටියට උන් වැඩ කළේ මට. ඔක්කොටම කලින් මේ කෙල්ලො දෙන්නව ලෙහපන්. ආ... කෝ මාව විනාස කරපු අනෙක් එකා. ඌත් ආවම බලමු මොකද වෙන්නෙ කියලා."

ඒ එක්කම ශාක්‍යා සහ නිවර්තනා ගෙ දෑත් සහ පා නිදහස් වුණා. ඔවුන් අපහසුවෙන් පුටුවලින් නැගී හිටියා. අසීරුවෙන් ඔවුන් ගමන් කළේ වික්‍රම සිටි දෙසට.

ඒ එක්කම ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණේ හිරණ්‍ය.

" ආ මේ එන්නෙ අනික් එකා. උඹලා දෙන්නම එකම තැනක කම්බස් කරන්න මේ කෙල්ල තමා මට උදව් කළේ. ඒකි නියමෙට වැඩේ කළා."

වික්‍රම කිව්වෙ ශාක්‍යාගෙ පිටට තට්ටු කරමින්. නිවර්තනා පුදුමයෙන් ශාක්‍යා දිහා බැලුවා. ඇය මුහුණ දුන් අත්දැකීම් එක්ක ඇය මේ තීරණය ගැනීම ගැන ඇයට කිසිම ලෙසකින් දොස් පැවරිය නොහැකි බව නිවර්තනා තේරුම් ගත්තා.

"Mr වික්‍රම, දැන්වත් මේ ගේම නතර කරලා හොඳ හිතින් මෙතනින් යනවද?"
හිරණ්‍ය ඇහුවේ, ඉක්මනින් නිල්හාන්ව පොලිසියට කොටුකරලා දීලා පිට වෙන්න බලාගෙන.

පැහැරගැනීම් සම්බන්ධව යළිත් ඔහුට නඩු පැවරිය හැකි බව ඒ වෙද්දිත් සුරත් හිරණ්‍යව දැනුවත් කරලයි තිබුණේ.

" උඹ මොනවා කරන්නද මට?" වික්‍රම ඇහුවෙ එහෙම.

" මම ආවෙ මේ සියල්ල අවසාන කරන්න."

" මාත් ආවෙ ඒකට තමා." වික්‍රම එහෙම කිව්වා.

තව දුරටත් කාලය නාස්ති කරන එකේ තේරුමක් නැති බව තේරුම් ගත් සුරත් සහ පැමිණ සිටි පොලිස් කණ්ඩායම ප්‍රධාන දොරටුවෙන් ඇතුළු වුණේ තම ගිනි අවි නිල්හාන් සහ වික්‍රම දෙසට එල්ල කරගෙන.

ඒ එක්කම ක්‍රියාත්මක වුණ වික්‍රම තමන් අසල සිටි ශාක්‍යාව වේගයෙන් අතින් අල්ලගෙ ඇගේ ගෙල එක් අතකින් සිර කරගන්නා අතරෙ අනෙක් අතට ගත්තෙ ඔහු සඟවාගෙන සිටි ගිනි අවිය.

" ශාක්‍යා......එයාට යන්න දෙනවා..." නිවර්තනා හිටියෙ වෙහෙස වෙලා වුණත් ඇය එක වරම ශාක්‍යාට සිදුවුණ දේ ගැන භීතියට පත් වුණා.

ගිනි අවිය එල්ල වුණේ, ශාක්‍යාගෙ හිසට.
" උඹේ වෙලාව හොඳයි, මගෙ අතේ දුරින් හිටියෙ මේකි නිසා" වික්‍රම එහෙම කිව්වෙ කපටි හිනාවක් එක්ක.

ඒ වෙද්දි නිල්හාන් සහ හිරණ්‍ය තම ගිනි අවි එකිනෙකා දෙසට එල්ල කරගෙන සිටියත් බලා හිටියෙ වික්‍රම දිහා.

" වික්‍රම මහත්තයා, මෙතන කට්ටිය ගොඩක් ඉන්නෙ අපේ අය. කරුණාකරලා දැන් මේක නවත්තන්න. " එහෙම කිව්වෙ සුරත් සමඟ පැමිණි පොලිස් නිළධාරියෙක් .

" ඩැඩී දැන් ඇති, ඕක නවත්තන්න. ඔයා මට නොකියපු තව පව්කාර වැඩ කීයක් කරලා තියෙනවා ද?" කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණ විදියට ශාලාවට ඇතුළු වුණේ සංසලා.

ඒ එක්කම ගැස්සුන වික්‍රමගෙ ගිනි අවිය රැඳුන අත ශාක්‍යාගෙ හිසින් පහළට ආවා. ඒත් ඒ එක්කම ඔහුගෙ කම්පනය නිසාම ගිනි අවිය ක්‍රියාත්මක වුණා.

" ශාක්‍යා " නිවර්තනා කෑ ගහගෙන ශාක්‍යා ළඟ දණින් වැටුනා.

" ඩැඩී What have you done?" සංසලා වික්‍රම ළඟට ආවේ ඇස් දෙක විශාල කරගෙන වේගෙන් හුස්ම ගන්න අතරෙ.

සිදුවුණේ මොකද්ද කියලා හිතාගන්න බැරිව හිටිය වික්‍රම ඉක්මනින් එතනින් පිට වෙන්න හදද්දි පොලිසිය වහාම ක්‍රියාත්මක වුණේ ඔහුව අත් අඩංගුවට ගන්න.

" උඹ වගේ තිරිසන්නු කාටවත් වැඩක් නෑ. අපායටම පල"

නිල්හාන් කරන්න යන්නෙ මොකද්ද කියලා තේරුණ සංසලා ඉක්මනට වික්‍රම සහ නිල්හාන් අතරට පැන්නත් ඒ වෙද්දිත් ගමන් ආරම්භ කළ වෙඩි උණ්ඩය නතර වුණේ සංසලාගෙ ශරීරයේ.

ඒ එක්කම තවත් ජීවිත බේරන්න උත්සහ කරන එකේ තේරුමක් නෑ කියලා දැනගත්, පරීක්ෂක කණ්ඩායම වගේම පොලිසිය වහාම නිල්හාන්, නිවර්තනා, හිරණ්‍ය ඇතුළු ඔවුන්ට සම්බන්ධ සියලු දෙනාම මෙල්ල කරගත්තා.
.
.
.
.
.
.
ලෙඩ්ඩු බලන්න දීලා තියෙන වෙලාව ඉවරයි. කරුණාකරලා දැන් එළියට යන්න. ඇය වටා තිබුණ අනේක විධ මැෂින්වල බීප් හඬා අතරින් හෙදියගෙ හඬ ඇහුණා.

සති දෙකක්...
අමාරුම සති දෙකක්.

නිවර්තනා හිතුවෙ එහෙම...

සති දෙකක්...
එපාම කරපු සති දෙකක්.

හිරණ්‍ය හිතුවෙ එහෙම.

" අපිට පොඩ්ඩක් ඩොක්ටර්ට කතා කරන්න පුලුවන් ද?" හිරණ්‍ය එහෙම ඇහුවෙ හැමදාම කතා කළත්, හැමදාම හිත හදාගත්තත් ඒ යථාර්ථයට මූණ දෙන්න අපහසු නිසා.

" පොඩ්ඩක් ඉන්න මම කියන්නම් ඩොක්ටර් ට"

" ඔයාලට මට අදත් කියන්න වෙන්නෙ පළවෙනි දවසෙ කිව්ව දේවල්ම තමයි, I am really sorry Mr Hiranya. I can't give you hope"
.
.
.
.
A/n අදට ඇති නේ...
මිනිස්සුන්ගෙ තණ්හාව නිසා, පළිගැනීමේ චේතනා නිසා අහක ඉන්න කොච්චර අය විඳවනවද නේද....

ඉතින් ඔන්න කතාවේ එක්කෙනෙක් නම් හිත නිදහස් කරගෙන යන්න ගියා. අනෙක් කෙනා ගැන ඊළඟ කොටසින් බලමු.

මට ලොකූ උදව්වක් ඕනෙ. මේ කතාවෙ loop holes, ඒ කියන්නෙ නොගැලපෙන තැන් තියෙනවා නම් මට කියන්න. ඊළඟ කතාවට ඒවා නිවැරදි කරගන්න එපැයි.

ගොඩක් ස්තූතියි මේ කතාවට ඔයාලා දුන්න ආදරයට. මගෙ ඔන්ගොයින්ග් කතාවකට මේ තරම් රීඩස් වෝට්ස් ඇවිල්ලම නෑ. මට ඇත්තටම හිතාගන්න බෑ කිසිම ජීවිතාදර්ශයක් නැති මේ කතාවට ඔයාලා මේ තරම් ආස වුණේ ඇයි කියලත්.

ඊළඟ කොටසින් ඉක්මනින් හමුවෙමු.
26/04/2023

Continue Reading

You'll Also Like

328K 8.1K 78
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
852K 123K 143
Original Title ; 分手了, 别闹 English Title ; Breaking Up , No Joke Author ; 香芋奶茶 (Taro Milk Tea) English Translator ; PurpleLove666 Status in OOC ; 190...
292K 16.8K 22
စိုင်းမဟာမောင် "မောင့်လွန်းငယ်" လွန်းဝသာန်"ဘာမောင့်လွန်းငယ်လည်းဗျ" စိုင်းမဟာမောင်"ဟောဗျာ...မောင့်ရဲ့လွန်းငယ်မလို့ မောင့်လွန်းငယ်ခေါ်တာပေါ့ဗျ"
719K 100K 149
တစ်​ကြောင်းတည်းဖြင့်မိတ်ဆက်ခြင်း : ထရိုး​ကောင်​​လေး​တွေမှာလည်း အချစ်​တွေရှိတယ်~ ထရိုး​ကောင်​လေး​တွေမှာလည်း ခံစားချက်​တွေရှိတယ်~