ජීවිතය කියන්නේ එක්තරා විදියක අපි ඉගෙන ගන්න අමුතුම පාඩමක්... දෛවයට හරස් වෙන්න බැහැ කියලා හුගක් අය කිව්වත් දෛවයට පිටින් ගියපු හුගක් දෙනෙක් මේ ලෝකෙ ඉන්නවා...
කවුරු හරි කියනවා නම් ආදරේ කරන අය අපි ගාවින්ම ඉන්න ඕනි කියලා නැහැ ඒක එහෙම වෙන්න ඕනි නැහැ.... ඉස්සර පොඩි කාලෙ අම්මලා අපිට කියා දෙන කතා වල ඉන්න කුමාරයයි කුමාරිකාවයි සතුටින් ජීවත් උනා කියන නැවතුමෙන් හැම ආදර කතාවක්ම එවර වුනේ නැති උනත් සමහර ආදර කතා වල මැරෙනකම්ම මතකයන් එක්ක විතරක් හරි ලස්සනට ජීවත් වෙන මිනිස්සුත් ඉන්නවා... බොරු දාහක් කියලා බලෙන් ලග තියා ගන්න උත්සාහ කරන ආදර කතා වලට වඩා මතකයන් එක්ක ජීවත් වෙන ආදර කතා අදටත් මේ ලෝකෙ අහිංසකව හැංගිලා හුස්ම ගන්නවා ඇති...
ඔව් මම දන්නවා... මගෙ ආදර කතාවෙත් මට ආදරේ කරපු කෙනා මම ගාව හැමදාටම හිටියේ නෑ... ඒත් ඒ හදවත තාමත් මගෙ පපුව අස්සෙ ගැහෙනවා... ඒ තරම් ලොකු පරිත්‍යාගයක් ආදරෙ වෙනුවෙන් කරන්න පුළුවන් ද කියලා මම දැන ගෙන හිටියේ නෑ... ඒත් මම දැන් දන්නවා... ආදරේ කියන්නේ උතුම්ම හැගීමක් කියලා...
ආදරේ කරන කෙනා තමන්ව දාලා ගියා කියලා ජීවිතෙන් සමුගන්න මිනිස්සු අතරෙ, තමන් ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් පණ දීලා සඳහටම ඇස් පියා ගන්න මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා... මගේ සාරාත් ඒ වගේ...
මම දන්නේ නෑ ඔයාලට කොහොමද මේ කතාව කියන්නේ කියලා... ඒත් මේ කතාව කොහොම හරි මම ඔයාලට කියන්නම්...
පුංචි පුංචි වැහි බිංදු ඒ සොහොන උඩට වැටෙද්දි මගෙ කදුළුත් හරි පරිස්සමෙන් එයාගෙ සොහොන උඩට වැටුනා.
මම මිහී... මට සාරාව හම්බුනේ මම උසස්පෙළ පන්තියට ගියපු මුල්ම දවසේ... එයා මම ආපු ස්කෝලෙට ආවෙ සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙලා... කොහොමින් කොහොම හරි අපි වැඩි දවසක් යන්නටත් කලින් හොඳම යාළුවෝ උනා... මට හිටියෙ සාරා විතරයි.. ඒ වගේම තමයි සාරාටත්... ඒ මම හිතන් හිටපු විදිය... මට එයාව හොඳම යාළුවා විතරක් උනාට එයා මාව හොඳම යාලුවෙක්ටත් වඩා එයා වැඩියෙන්ම ආදරෙ කරපු කෙනා කියල දැන ගනිද්දි මම හුගක් පරක්කු වැඩියි...
අපි ස්කෝලෙ ජීවිතේ ගත කරේ හුගක් සතුටින්... සාරා නැවතිලා හිටියෙත් අපේ ගෙදරමයි... මොකද එයාට එයාගෙ කියලා කියන්න හිටපු කෙනත් එයාව දාලා ගිහින් හිටපු නිසා... ඒ එයාගෙ ආච්චි...
කවදාවත් සාරා මට ආදරෙයි කියල කටින් කිව්වෙ නෑ... එයා ගොඩක් වෙලාවට ඒවා මට දැනෙන්න හැරියා... ඒත් මම ඒ දේ දැක්කෙත් හොඳම යාලුවෙක්ගෙන් වෙන්න ඕනි දේවල් විදියට විතරයි... මම කවදාවත් ඒක වෙනස් විදියකට බලන්න උත්සාහ කරෙත් නෑ...
මගේ අම්මයි තාත්තයි උනත් සාරාට සැලකුවෙ තමන්ගෙම දරුවෙක්ට වගේ... ඉතින් ඔහොම දින, සති, මාස, අවුරුදු ගෙවිලා ගියා... අපි දෙන්නා එකටම උසස් පෙළ විභාගෙටත් මුහුණ දුන්නා... විභාගෙ ඉවර වෙලා සති දෙකකට විතර පස්සේ හොඳට හිටපු මම හදිස්සියෙන්ම ලෙඩ උනා... කැස්සත් එක්ක කටින් ලේ යන්න ගත්තම මගෙ ගෙදර අය හුගක් බය උනා... ඒ අතර සාරාත් හිටියා...
අම්මා මාව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවම පරීක්‍ෂණ ගොඩකට පස්සේ දැන ගන්න හම්බුනේ මට පිළිකාවක් හැදිලා කියලා... ඒක දැන ගත්තු දවසෙ මට ගොඩක් බය හිතුනා... මොකද මම මැරෙන්න හුගක් බයයි...
එන්න එන්නම මම දුර්වල උනා... කොණ්ඩෙ අහුරු පිටින් යන්න ගත්තු නිසා කොණ්ඩෙ සම්පූර්ණයෙන්ම කපලා දාන්නත් මට සිද්ධ වුණා... සාරාත් එයාගෙ දණහිසෙනුත් පහලට වෙනකම් තිබුනු එයා වැඩියෙන්ම ආස කරපු ගණ කොණ්ඩෙ කැපුවෙත් මට තිබ්බ ආදරෙ වැඩි කමටම වෙන්න ඇති... ඒත් ඒ හැමදේම දරන් එයා මාව හිනස්සන්න, සතුටින් තියන්න උත්සාහ කරා... කොයිම වෙලාවකවත් එයා මට තනි වෙන්නවත් හිතට පාළුවක්, කලකිරීමක් දැනෙන්නවත් ඉඩ දුන්නෙ නෑ...
ඩොක්ටර්ස්ලත් මාව බේර ගන්න නොකරපු දෙයක් නෑ... ඉස්සර පිස්සුවෙන් වගෙ සාරා එක්ක දගලපු මම ඇදක් උඩට වෙලා ඉදිද්දි මගෙ අම්මයි තාත්තයි මටත් හොරා හැම තත්පරේකම ඇඩුවා... ඒත් මම දන්නවා එයාලා හිටියෙත් හොඳින් නෙවෙයි කියලා... මගෙ ඉස්සරහ හිනා වෙලා හිටපු සාරාත් හොඳින් නෙවෙයි කියල කියන්න මම හොඳටම දන්නවා...
එක දවසක රෑ මට හොඳටම අමාරු උනා... එදා මම මැරෙන්න හිත හදා ගනිද්දි සාරා කරේ එතනදිත් මට බලාපොරොත්තු දීපු එක... මම එදා දැනන් හිටිය නම් එයා කරන්න යන දේ මම මැරිලා එයාට ජීවත් වෙන්න දෙනවා...
මාව ICU එකට ඇතුලත් කර ගනිද්දි සාරා අම්මටයි තාත්තටයි දෙන්නටම පළවෙනි වතාවට අම්මා තාත්තා කියලා කතා කරා කියලා අම්මා අදටත් කියනවා... එයාලා උනත් සාරා එයාගෙ හදවත මට දෙයි කියලා දැනන් හිටියා නම් ඒ දේට කවදාවත් කැමැත්ත දෙන්නෙ නෑ කියල මම හොඳටම දන්නවා... ඔව් සාරා එයාගෙ හදවත මට දුන්නා... ඒ එයාගෙ ජීවිතේ මං වෙනුවෙන් නැති කර ගෙන.... මට අමතරව එයා තව කී දෙනෙක්ගෙ ජීවිත බේර ගෙනද? එයාට දෙන්න පුළුවන් වටිනම දේත් මට දීලා එයාගෙ හැම අවයවයක්ම එයා ජීවත් වෙන්න ආස කරපු මිනිස්සුන්ට පූජ කරලා...
එයා නැතුව මාස ගානක් ගෙවිලා ගියා... ඒ දවස් වල අම්මා මට කිව්වෙ සාරාගෙ නැන්දා කෙනෙක් ඇවිත් එයා රට ගෙනිච්චා කියලා... ඒ දවස් වල මම ඒක විශ්වාස කරෙ නෑ... මොකද උසස්පෙළ විභාගෙ පාස් වෙලා මාත් එක්කම එකට කැම්පස් යන්න එයා ගොඩක් හීන දැක්කා... ඒ හීනේ තිබ්බ විදියටම අපි දෙන්නම හොඳම රිසාල්ට් එකක් දාලා තිබුනා... එයා හිතපු විදියටම මමකැම්පස් ගියා... ඒත් ඒ හැබෑ උන සාරාගෙ හීනෙ අඩුවකට තිබුනේ සාරා ඒ හීනේ ඇතුලෙ හිටපු නැති එක විතරයි....
සාරා නැතුව මගෙ ජීවිතෙ ගෙවුනු හැටි කියන්න මම දන්නෙ නෑ...
ඒත්....
හායි ඉතිම් 😁
ඔන්න අලුතින් GL කතාවක් ගෙනාවා... මේ කතාව චැප්ටර් තුනකින් වගේ එවර වෙයි හුගක් දුරට... කැමති අය කියවලා බලන්න ඉටිම්.... 💖😊