" Ah me?? No no I am fine" DJ සංගීතය මැද්දෙ කතා කරන එක අමාරු දෙයක් වුණත් නිවර්තනා අමාරුවෙන් උත්තර දුන්නා.
අඬ අඳුර එක්ක හරියටම මූණ නොපෙනුනත් ඒ හඬ නිවර්තනාගෙ හිතේ ගැස්මක් ඇති කළා. යාන්තමට පෙනුන මූණෙ මොකද්දෝ හිත නිස්කලංක කරවන ගතියක් දැනුනා.
" Niva come here" එහෙම කිව්වෙ ඒ වෙලාවෙම එතනින් මතු වුණ හිරණ්‍ය. එහෙම කියලා නිවර්තනාට උත්තරයක් දෙන්නවත් අවස්තාවක් නොදී ඔහු අසිහියෙන් නර්තනයේ යෙදෙන සේනාව අතරින් නිවර්තනාව ඇදගෙන ගියා.
"අනේ මට එයාගෙ නමවත් අහගන්න බැරි වුණා. අපරාදෙ...මේ මනුස්සයාට පුදුම තදියමක්නෙ තියෙන්නෙ" තමන්ව ඇදගෙන බීම වීදුරු තියලා තිබුණ කවුන්ටරය ළඟට යන හිරණ්‍ය දිහා බලාගෙන නිවර්තනා කල්පනා කළා.
නම අහන්න නොහැකි වුණත්, ඒ හඬ පසුබිමින් ඇහුන ඝෝෂාකාරී සංගීත රාවය අභිබවා නිවර්තනාගෙ මතකයේ සදහටම ලැගුම් ගත්වග ඒ මොහොතෙ ඇයවත් දැන සිටියේ නැහැ.
මම කියන විදියට කරනවා
" මෙතන ඉන්න එවුන් එක්ක ටිකක් කතා බහ කරනවා. ගෙවල් නුවරඑළිය කියපං. බෝයිෆ්‍රෙන්ඩ් එක්ක ආවෙ, එයා පොඩ්ඩක් එළියට ගියා කියලා කියපං. ඩ්‍රින්ක්ස් ගන්න, අවුලක් නෑ. උඹ බොන්නෙ නැති කෙල්ලෙක් වෙන්න බෑනෙ."
" හ්ම්..." නිවර්තනා ඒ ඇරෙන්න මොනවත් කිව්වෙ නැහැ.
" එයාලා මොනවා හරි ඕනෙද කියලා ඇහුවොත් ඔව් කියපං. ඔය අතට දුන්න පර්ස් එකේ සල්ලි තියෙනවා , දෙන දෙයක් අරන් ඒකට දා ගනින්. තමුසෙගෙ kinetic එකෙන් පේනවා ගේම නම් ගේම වගේ සීන් එකක්,, හැබෑ මෙතන පොඩ්ඩක් කෑල්ල වගේ ඉන්නවා. "
එහෙම කියපු හිරණ්‍ය අතට ගත්තෙ බීම පිරුණ පුංචි වීදුරුවක්. නිවර්තනා අතටත් එකක් දුන්න ඔහු, එක හුස්මට එය හිස් කරලා සැනෙන් නිවර්තනාගෙ තොල් මත හාදුවක් තිබ්බෙ හිතන්නවත් වෙලාවක් නොදී.
" පොඩ්ඩක් රඟපානවා ඕයි" ඇගේ තොල් වලින් ඈත් වුණ ඔහු ඇගෙ කනට කරලා කිව්වෙ එහෙම.
" oh love birds, newbies or regulars? This is the first time I am seeing you here" විදේශික හුරුවක් තියෙන කතා විලාසයකින් අවුරුදු හතලිහක පමණ වයසැති කෙනෙක් එහෙම අහද්දි ඔවුන් දෙදෙනාම එකිනෙකා දිහා බැලුවා.
" Its our first day at Arugam bay. Heard this place has good stuff to offer" හිරණ්‍ය කියාගෙන ගියා.
" Yes yes they do, really good stuff"
" oh I knew it"
" vendors will arrive soon, you know"
" we are waiting, aren't we babe?" හිරණ්‍ය එහෙම කියලා ආයෙත් නිවර්තනා දිහා බැලුවේ අමුතුම හැඟීමකින්. ඒත් ඒ අඳුරු කුටියේ හරියටම හැඟීම් තෝරගන්න හැකියාවක් තිබුණෙ නැහැ.
ඒ එක්කම හිරණ්‍ය ගෙ ෆෝන් එක vibrate වුණ නිසා ඔහු එතනින් පිට වුණා.
නිවර්තනා මොහොතකට තනිවුණත්, ඉස්සර දවස්වල යාලුවෝ එක්ක pub වලට ගිය කාලෙ ඇයට මතක් වුණා. අද ඒ වගේ නිදහසක් හිතට දැනුනෙ නැතත්, ඕනෙ දෙයක් වෙන්න කියලා මේ මොහොතේ කොහොම හරි ජීවත් වෙන්න ඇය තීරණය කළා.
ඒ නිසාම මේසෙ උඩ තිබුණ කොක්ටේල් වීදුරුවක් ඇය අතට ගත්තා.
" Hi, ඔයා අලුතින්ද මෙහෙ? " එහෙම ඇහුවෙ එතනට ආව නිවර්තනාට වඩා වසර කීපයක් වැඩිමල් කියලා පෙනුන කාන්තාවක්. ඇය කළු කෙස් වැටිය කඩා දාලා, heavy make up එකක් දාලා , කළු පාට ටයිට් ගවුමක් ඇඳලා හිටියෙ.
" ඔව්, මේ ට්‍රිප් එකක් ආපු ගමන්. මේ තැන ගැන මගෙ බෝයිෆ්‍රෙන්ඩ් ට කෙනෙක් කියලා එයා තමයි එන්න ඕනෙ කිව්වෙ." නිවර්තනා තැනට ගැලපෙන විදියට උත්තර දුන්නා.
" ඕ... එහෙමද? කෝ ඉතින් ඔයාගෙ කොල්ලා?"
" එයාට කෝල් එකක් ආවා , එළියට ගියා, දැන් ඒවි."
" ඔයාල කොහෙද?"
" නුවරඑළිය "
" කොහොමද මෙච්චර දුරක් ආවේ ගෙදරට හොරෙන්?"
" අපි ගෙදරට කිව්වෙ නෑ. අපේ ගෙදර අය හිතාගෙන ඉන්නෙ මම කොළඹ බෝඩිමේ කියලා"
" wow, මරු කෙල්ලෙක් ඔයා. බය නෑ නේද?"
" අපෝ නෑ"
මේ එඩිතර උත්තර වලට එක හේතුවක් වුණේ ඉක්මනට මේකෙන් ගැලවෙන්න ඇයට තිබුණ උනන්දුව , අනෙක් හේතුව ටිකින් ටික ඇඟට එකතු වුණ මත් ගතිය.
" ඔයාට ඕනෙද?"
" මොනවද?"
" ඔයාලා ආවේ ඒකටනෙ"
" ආ ඔව් ඔව්" හිරණ්‍යගෙ වචන ඒ වෙලාවෙ ඇයට මතක් වීම ගැන ඇය තමන්ටම ස්තූතිවන්ත වුණා.
" මම දෙන්නම්, කෑෂ් තියෙනවා ද?"
" ඔව්" නිවර්තනා පසුම්බිය විවෘත කරද්දිම කොළයක එතුව පැකට් එකක් ඇගේ පසුම්බියට දැමූ කාන්තාව ඇගේ පසුම්බියේ තිබුණ රුපියල් පන්දාහේ කොළ සියල්ලම රැගෙන විනාඩියක් ගත වෙන්නත් මත්තෙන් එතනින් පිට වුණා.
මේ නාටකයේ ඇතැම් දේවල් ඒ සිද්ධිය එක්ක නිවර්තනාට තේරුම් ගියා. ඒත් ගැන හඬක් නගන්න ඇයට හැකියාවක් තිබුණෙ නැහැ.
අකමැති වුණත් මේ වෙද්දි ඇය ඉතා භයානක උගුලක පැටලිලා වග ඇය හොඳින්ම තේරුම් ගත්තා.
ඇය එක හුස්මට කොක්ටේල් වීදුරුව හිස් කළා. ඇය තේරුම් ගත් විදියට හිරණ්‍යට අවශ්‍ය වී තිබුණේ තමා ලවා මත් ද්‍රව්‍ය ලබා ගැනීම කියලයි ඇයට හිතුනේ.
ඒත් ඇයි මෙහෙ ආවේ. කොළඹ මේවා නැතුව නෙවෙයිනෙ. අනික ඇයි මාව මේකට ගාව ගත්තෙ... නිවර්තනාට තිබුණේ පිළිතුරු නැති ප්‍රශ්න පත්තරයක්...
" Babe, come lets rock the dance floor"
කෙහේදෝ ඉඳලා මතුවුණ හිරණ්‍ය නිවර්තනා ව ඇදගෙන dance floor එකට සේන්දු වුණා.
ඉතා සුළු මත්පැන් ප්‍රමාණයකින් තමන්ගෙ පාලනය අහිමි කරගැනීමේ දුක්ඛිත තත්ත්වයක් නිවර්තනාට තිබුණා. එක කොක්ටේල් වීදුරුවක තියෙන ඉතා කුඩා මත්පැන් ප්‍රමාණය ඇයව සම්පූර්ණයෙන් වෙනස් කරන්න සමත්.
හිරණ්‍ය DJ සංගීතයේ රිද්මයත් එක්ක නිදහසේ රංගනයේ යෙදුනත් නිවර්තනා කෙලින් හිටියෙත් ඉතාම අපහසුවෙන්. වැටෙන්න යද්දි අකමැත්තෙන් වුණත් ඔහුගෙ ගෙලවටා දෑත් යවලා වාරුගන්න ඇයට සිදුවුණා.
පැය දෙකක් පමණ dance floor එකේ ගතකල හිරණ්‍ය , අවසානයේ ඇයගෙ අතින් අල්ලගෙන dance floor එකෙන් එළියට ආවා.
" අපි යමු බීච් එකට"
" අපිට දැන් හොටෙල් එකට යන්න බැරිද?"
" මේ අදට නියමිත අවසාන ජවනිකාව"
හිරණ්‍ය එහෙම කියලා ඇයත් සමගම බීච් එකට ගියා.
මධ්‍යම රාත්‍රියට ආසන්න වෙලා තිබුණතේ වෙද්දිත් බීච් එකේ තැනින් තැන එකා දෙන්නා රැස් වෙලා ඉන්න බව පේන්න තිබුණා.
" තමුසෙට අමාරුයි නම් නිදාගන්නවා" හිරණ්‍ය එහෙම කියලා නිවර්තනාව ඇදගෙනම බිම වාඩි වුණා. ඇය අතේ තිබුණ පසුම්බිය අතට ගත් හිරණ්‍ය එය විවෘත කළා.
මත් ගතිය සහ මහන්සිය කියන දෙකම හේතුවෙන් ඒ වෙද්දි නිවර්තනා අඩපණව හිටියා. තව දුරටත් හිස කෙලින් තියාගන්න නොහැකි නිසාම ඇය වෙරළෙ දිගා වුණා. ඇගේ දෑස් ඉබේම පියවෙන අතරෙ ඇයට ලාවට පෙනුනෙ හිරණ්‍ය අතේ තිබුණ එන්නත් කටු සහ චූටි වීදුරු කුප්පි.
ඒත් ඇගේ දෑස් ඒ සිදුවීම් බලන්න ඇයට අවස්තාවක් දුන්නෙ නෑ. නින්ද ඇගේ පාලනය සම්පූර්ණයෙන් සියතට ගත්තා.
නින්ද අතරින් යම් අවස්තාවක කෙනෙක් තමන්ගෙ තොල් මතට බර වුණ බවක් ඇයට දැනුනා. ඒත් ඊට විරුද්ධව ප්‍රතිචාර දක්වන්න ඇයට ශක්තියක් තිබුණේ නෑ.
ඒ එක්කම ඇගේ ශරීරයේ ඇතැම් ස්ථාන ස්පර්ශයට ලක්වෙන බවත් ඇයට දැනුනා. ඇය කෑ ගහන්න උත්සහ කළා. හඬක් පිට වුණේ නෑ. ඇය නැගිටින්න උත්සහ කළා. ඒත් ඊට ශක්තියක් ඇයට තිබුණේ නෑ.
එක කොක්ටේල් වීදුරුවකට මේ තරම් හානියක් කරන්න පුලුවන් ද....
A/n
හෝලා චූටි පතොක්ස්...මේ කතාව කියවනවට ස්තූතියි...
නිවර්තනා සහ මෑඩ් නැන්දා ගේ එක වගේ ලක්ෂණය නම් කරන්න පුලුවන් ද 🤪🤪 ඔව් ඔව් ඒක තමයි... එක කෑන් එකයි මං ෆ්ලැට්... චාටර් නේ...
ඊළඟ කොටස ලියන දවසක හමුවෙමු ඈ...
ආ තව දෙයක්... මම ඔයාලට වැරදි ආදර්ශ දෙනවද මන්දා... ඒත් කතාවට ඔලුවට ආව ප්ලොට් එක මේක. සොරි ඉතින්.... අමද්‍යප කතා ලියන්න බෑ ඉතින් මට...
බායි....