🌸 නිදහස් හදවත් 🌸 [COMPLETED]

By Phoenix_Maddie

3K 711 1.3K

🌸 All that I want in my life is the feeling of peace deep within me truely 🌸 [ West Life] Cover photo credi... More

පෙරවදන
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
Thank you note
15
16
17

01

317 48 54
By Phoenix_Maddie

රේඩියෝව... ස්මාර්ට් යුගයට කලින් රේඩියෝවෙ ආසම ගීතයක් එක පාරටම වාදනය වෙද්දි දැනෙන හැඟීම මතකද? ඒක අමුතුම හැඟීමක්, හෘද ස්පන්දනය වේගවත් වෙලා, මූණට හිනාවක් ඇවිත් අමුතුම ලෝකයකට ගියා වගේ දැනෙන්නෙ.

ඒත් ස්මාර්ට් ‍යුගයෙ ඉන්න අපි ආසම සිංදු එකතු කරගෙන හදාගත්ත ප්ලේ ලිස්ට් එක්ක තමයි දැන් ජීවත් වෙන්නෙ. ඊළඟ සිංදුව මේක කියලා දන්න තරමට ඒ පිළිවෙල කටපාඩම්. ඒත් අහම්බෙන් ආසම සිංදුවක් අහද්දි දැනෙන හැඟීම කවදාවත් ප්ලේ ලිස්ට් එකේ අහන සිංදුවකින් ගන්න බැහැ.

උදේම රැකියාවට යන්න පිටත් වුණ නිවර්තනා සුපුරුදු ප්ලේ ලිස්ට් එක් වෙනුවට රේඩියෝව ක්‍රියාත්මක කළේ වෙනසකට. රටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියලා දැනගන්නත් එක්ක.

ඒත් එකපාරටම ඇහුනේ අහලා පුරුදු සංගීතයක්.

" මේ මියුසික් එක මාර හුරුයිනේ... "

" කාගෙද මේ සිංදුව "

" හොඳටම මතකයි, ඒත් මතක් වෙන්නෙ නෑනෙ..."

ඒ එක්කම ගීතයේ වචන ඇහෙන්න පටන් ගත්තා.

"All that I want in my life
is the feeling of peace
deep within me truely "
( මේ ජීවිතයේ මට අවශ්‍ය එකම දේ මා තුළ ගැඹුරින්ම සාමකාමී බව දැනීමයි)

" දෙයියනේ මේ ඒ සිංදුව නේ" නිවර්තනා ට මොහොතකට තමන් ඉන්නෙ සුක්කානම පිටුපස බවත් අමතක වුණා.

හිත දිව්වෙ අතීතෙට , පාසල් කාලයට....
යාලුවෝ එක්ක කල්ලි ගැහිලා, කිසිම බරක්පතලක් නැතිව සිංදු ඇහුව කාලෙට. යාලුවෝ අද ලෝකෙ පුරා විසිරිලා, තමන්ගෙ ජීවිත වල සාමය වෙනුවෙන් සටන් කරනවා.

"I took a chance
I let go
I promised myself
That it wouldn't scare me" ( මම අවස්තාවක් ගත්තා, ඒක අත් හැරියා, මම මටම පොරොන්දු වුණා ඒ අත් හැරීමෙන් මම බියට පත් වෙන්නෙ නෑ කියලා)

පාසලෙන්, විශ්ව විද්‍යාලයෙන් නිදහස් වෙලා තමන්ගෙම ජීවිතේ ගොඩ නගාගන්න රැකියාවක් ලබා ගත්ත කාලෙ නිවර්තනාට මතක් වුණා.

කොළඹද, නුවරඑළියද කියන උත්තර දෙකෙන් නිවර්තනා තෝරගත්තෙ නුවරඑළිය. ඇයට ඕනෙ වුණේ අලුත් අත්දැකීමක්, ජීවිතේට වෙනසක්, අලුත් හුස්මක්, අලුත් ඉපදීමක්.

" ඇයි අනේ නුවරඑළිය branch එකට යන්නෙ, කොළඹ branch එකේ vacancy ඕනෙ තරම් තියෙද්දි?" යාලුවෝ එහෙම අහද්දි නිවර්තනාට ඕනෙ වුණේ වෙනසක්.

" එහෙත් tourism හොඳයිනෙ අනේ. අවුරුදු දෙක තුනක් ඉඳලා මෙහෙ එකකට එනවා." එහෙම අදහසකින් නුවරඑළියට තමන්ගෙ පළවෙනි රැකියාව වෙනුවෙන් ඇය පිටත් වුණේ කෝච්චියෙන්.

එදා කෝච්චියෙ යද්දි තමන්ගෙ MP3 player එකෙන් මේ ගීතය වාදනය වෙද්දි, තැනිතලා බිම් මැකිලා ගිහින් වළාකුළු දැවටෙන ආඩම්බර කඳු පන්ති පේන්න පටන් ගන්න හැටි විස්මයෙන් බලා හිටිය හැටි නිවර්තනාට මතක් වුණා.

" Miracles appear I know
Now that I can see it show"

Miracle කියන වචනයම කොයිතරම් පුදුමයක්ද? තමන් ඒ කාලෙ ආශ්චර්යයක් කියලා හිතාගෙන හිටිය ඒත් කාලයත් එක්ක ආශ්චර්යකට වඩා ජීවිතේ එක පරිච්ඡේදයක් පමණක් වුණ ඔහුව ඇයට මුණ ගැහුණෙ ඒ හීතල නුවරඑළියෙදි.

රැකියාවට ගිහින් වසර එකහමාරක් වෙද්දි එක රාත්‍රියක හැමදේම වෙනස් වුණා.

" Miss Nivarthana, there's a problem , can you come to my office?" හැමදේම පටන් ගත්තෙ ඒ ඇමතුමෙන්. නිවර්තනා රැකියාව කළ හෝටලයේ කවදත් නවාතැන් ගන්න ආවේ කෝටිපතියො. එහෙම පවුල් දෙකක එකතු වීම සනිටුහන් කළ යුවලක් එදා රාත්‍රිය ගත කරන්න ඔවුන්ගෙ හෝටලය තෝරගෙන තිබුණා. ඒ දිනයෙම රාත්‍රී සේවා මුරයක් තමන්ගෙ නමට තිබුණෙ ඇයි කියලා නිවර්තනා මේ සිදුවීම් මාලාවෙන් පසුවත් කල්පනා කල කාරණයක්.

" Don't worry Mr Ranatunga , we will do everything possible to find her" හදිසියේම උද්ගත වුණ තත්ත්වය ගැන කතා කිරීමෙන් පසුව නිවර්තනා ඔහුට මුලින්ම කීවෙ මේ වචන.

විවාහය කියන්නෙ බරපතල තීරණයක් , හිරණ්‍ය රණතුංග කියන්නෙ ව්‍යාපාර වෙනුවෙන් ඒ වගේ බරපතල තිරණයක් හිතට එකඟ නොවෙන විදියට ගන්න හැකියාවක් තිබුණ මනුස්සයෙක්.

ඒත් ව්‍යාපාර ගිවිසුම් විවාහය එක්ක තර වුණත් ඔහුගෙ මනාලිය තමන්ගෙ සැබෑ ආදරය වෙනුවෙන් ඇගෙ පවුලෙ තීරණයට පිටින් යාවි කියලා ඔහු හීනෙන්වත් හිතුවේ නෑ. ඇය නොකියාම පළා යද්දි, කිසිම වැදගැම්මකට නෑ කියලා හිතුව ඇය තමන්ට කියා දුන්නෙ හොඳම පාඩමක් කියලයි හිරණ්‍ය හිතුවෙ. ඇගෙන් පළි ගන්න ඕනෙම දෙයක් කරන මානසිකත්වයකින් ඒ වෙද්දි හිරණ්‍ය හිටියෙ.

නිවර්තනා තමන්ගෙ සේවාදායකයා වෙනුවෙන් හදවතින්ම උදව් කරන්න උත්සහ කළේ තමන්ගෙ හෝටල් සංකීර්ණයේ ආරක්ෂාව ගැන ඔහු කුපිත වී සිටිය නිසා ඇතිවිය හැකි කළු පැල්ලම ගැන බිය වුණ නිසා.

" Ok I will go with these two, you send another team to search the near by hotels, motels and every f***** place, you idiots ruined me" හිරණ්‍ය ඒ විදියට ගෝරනාඩු කරලා ඔෆ්ස් රූම් එකෙන් පිට වුණා.

රැය පහන් වනතුරු ඇයව හෙව්වත් ඇය ගිය මගක් ඔවුන්ට හොයාගන්න බැරි වුණා.

මේ සිද්ධිය ව්‍යාපාර ලෝකෙ කළඹන සිදුවීමක් වගේම නිවර්තනාගෙ රැකියාවේ කැළඹීමකුත් ඇති කළා. හෝටලයේ ආරක්ෂාව නිසි පරිදි නොතිබුණ නිසා මේ සිද්ධිය සිදුවුණ බවට හිරණ්‍ය චෝදනා කළා.

" Handle this by your own, we don't want to see our profits dropping " එහෙම කියලා නිවර්තනාගෙ Manager ඇයට පළමු රතු එළිය නිකුත් කළේ හිරණ්‍ය හිස් අතින් පිටව ගිය අවස්තාවෙමයි.

සිද්ධිය සම්බන්ධයෙන් සමාව ගන්න වගේම ගෙවීම් පියවන්න අවශ්‍ය නිසාම නිවර්තනාට හිරණ්‍යව කීපවරක් අමතන්න සිදුවුණා.

හෝටලයෙන් නිවර්තනාට ලබා දී ඇති ජංගම දුරකතන අංකය හිරණ්‍ය රණතුංග ගෙ දුරකතන නාමාවලියට එකතු වෙන්නෙ ඒ විදියට.

පළමු ඇමතුම් සියල්ල දෝෂාරෝපණ වලින් අවසාන වුණත්, අවසානයේ හෝටලයෙ කීර්ති නාමයට කැළලක් නොකරන්න හිරණ්‍ය එකඟ වුණා.

" I will not drag this further , but you have to do what I say if I ask you to do something, even if you leave your job, I will find you. You mark my words"

" Ok Sir, thank you, thank you very much" රස්සාව වෙනුවෙන් ඒ වෙලාවෙ නිවර්තනාට කියන්න තිබුණෙ එච්චරයි.

ඊට මාස හතරකට පසුව දවසක, හිරණ්‍ය ගෙ නමින් ආයෙත් ඇමතුමක් නිවර්තනාට ලැබුණා.

" Make a reservation under my name in your Arugam Bay Hotel for next weekend. Full board, double and you are coming with me."

" Sorry Sir, I beg your pardon"

" You heard me idiot , do what I say. I will send a vehicle to pick you up"

Continue Reading

You'll Also Like

204K 20.5K 79
လှပကြော့ရှင်းသော ချစ်ခြင်းမေတ္တာသည် အမုန်းတရားမှ စတင်ပေါက်ဖွားလာခြင်းဖြစ်၏။ Own Creation by Moe(JE Rain)
47.2K 7.9K 112
Chinese Title - 如果月亮不抱你 English Title - If The Moon Won't Hold You Original Author - 六盲星 Status in COO - 71+3 Extras Update schedule - Daily Start Da...
2.4M 155K 98
လူတိုင်းပါးစပ်ဖျားမှ ဇမ်းဆိုတဲ့ကောင်က အပေအတေကောင်လို့သမုတ်လဲ သူတို့သတ်မှတ်ချက်အတိုင်းသွားပါစေ.....ကိုယ့်ထမင်းကိုယ်စားပြီး သူများစကားတွေကိုထိုင်ခံစားန...
291K 16.8K 22
စိုင်းမဟာမောင် "မောင့်လွန်းငယ်" လွန်းဝသာန်"ဘာမောင့်လွန်းငယ်လည်းဗျ" စိုင်းမဟာမောင်"ဟောဗျာ...မောင့်ရဲ့လွန်းငယ်မလို့ မောင့်လွန်းငယ်ခေါ်တာပေါ့ဗျ"