මන් මගේ ඉස්සරහින් කෙලින්ම අක්ෂාංශ දේශාංශ ගානට මිම්මට පිහිටවල අපෙ කිරි අත්තා නැකතට තියපු මහා දොර රාජයා දිහා බලන් හිටියෙ කන්පියුස් උන්ගා බුන්ගා වෙලා..
හරියටම මන් ඉස්සරහ දොර උළුවස්සෙත් ඔලුව ඇනෙන සයිස් එකට හිටගෙන හිටියේ කොහෙන්දෝ මන්දා පාත් උණු සුදු කබරයෙක්..
"මූ කොහෙන්ද බොම්ක පාත් උනේ..."
විශ්ගෙ උරහිසේ එල්ලිලා මන් රට පටලෝගෙන ඇහුවම මන් වගේම සිටුවේෂන් එකක හිටපු විෂ් කලේ එයාගෙ තඩි කැත තොල් දෙක පිටට පෙරලල දත් ටික දාල විරිත්තපු එක..
"මන් දන්නෙත් නෑ බොම්ක..."
දෙයියනෙ කියල මට වගේම සමාන මොලයක් තිබුණ විෂ් මාවත් ඇදන් විලිලැජාවක් නැතුවම ඇතුලට යන්න හැදුවත් මන් ෆුල් ඩම් එක දාලා ඒ මස් කුට්ටි දුසිම් බාගයක් විතර බර අතක පුංචි අහින්සක වවුල් පැටියෙක් වගේ එල්ලුනා..
"ඇයි මොකත නම්කි මේ..."
"පුප ගිනි ගත්ත ගොන් නාම්බෙක් වගෙ ගාල කඩන් දුවන්නෙ නැතුව චුට්ටක් ඉන්නවකො මනුස්සයෝ..."
"දැන් මෙතන නැවතිලා හිටිය කියල තමුසෙට මොනාද ලැබෙන්නෙ..."
"මේහ් ඔය මොලේ පශ්චාත්බාගෙ තියන් ඉන්නෙ නැතුව පොඩ්ඩක් ඇස් කන් ඇරල මන් දිහා බලනවකො ඕයි..."
මන් මගේ ලොකුවට තඩියට තියෙන පිජාම කිට් එක මගේම සූට්ටන් ඇගිලි වලින් හයියෙන් ඇදල පෙන්නුවෙ අසරණයෙක් වගේ.. දෙයියනේ කියල මටම හරියන මගේ කිබුල් සහෝදරයා මහා සානුකම්පිත බැල්මක් මට දාලා ලොකූ කුස්මක් නාස් කුහරය දිගේ ඇතුලට අර ගත්තෙ කිසිම ලෝබකමක් නැතුව..
"At least යේරා තමුසෙට ඇදුමක් හරි තියෙනවා.. දැන් මෙතන මේ මිනිහ මැරිච්ච ගෑනි වගේ මැරෙන්න හැදුවට තමුසෙ නිර්වස්ත්‍රව නෙවෙයි ඉන්නෙ හලෝ... ඒක තේරුම් ගන්නවකො ඉස්සෙල්ලා..."
විශ් බක පණ්ඩිත ටෝන් එකෙන් කියවගෙන යනකොට අත පෝඩ්ඩක් විතර ගුලි කරල ඒ මොට්ට මොලේ හෙල්ලෙන්නම එකක් ඇනල මන් දෙපාරක් නොහිතම ගේ ඇතුලට රිංගුවා...
.
.
.
"මේ අපේ බෝනික්කි.. යේරා.. "
ආපු වේගෙටම කොහේදෝ මන්දා ඇදිල ගිහින් පිටිපස්සෙන් ආපු තල්ලුවක් නිසා මම මහා ජනකායක් මැදට විසිවෙලා ගිහින් තිබුණා.. වෙන කරන්න දෙයක් නැතිකමටම වටේම හිටපු කිරි හූනො ටිකට අද දවසටම දත් බුරුසුවක් දැකලවත් නැති මගේ මඩපාට දත් ටික පෙන්නල දෙපාරක් විරිත්තුවා.. ඒ මදි වෙලාද මන්දා මගේ මෑණියන් රවාගෙනම ඉන්නකොට ලෝබ නැතුව මන් ආයෙම පාරක් දත් ටික එලියට දාලා ආයෙම පාරක් 'ඊ' කියල විරිත්තුවා...
ඔහොම දෙතුන් පාරක්ම මැදට වෙලා විරිත්ත විරිත්ත විරිත්ත ඉන්නකොට මගේ මව් යානාව මාව ඇදගෙන ඒ සබාවෙන් එලියට ගියේ එතන හිටපු කිරි හූනො දෙතුන් දෙනාටම සුපිරි සිනහ පාලා..
"දෝණි මොනාද මේ ආ.. මොනාද මේ..."
"මොනාද..?"
මගෙ මෑණියන්දෑ අහන මොලෝ මගුලක් නොතේරුණු මාත් ආපස්සට ඇහුවෙ තනිකරම බහුබූත වර්ෂන් එකෙන්.. හැබැයි දෙයියනේ කියල මන් අහපු දේ නිසා මගේම ආදරණීය මෑණියන්ගෙ බුරුල් වෙලා තිබුණු නට් දෙක තුනක්ම ආයෙම තද උනේ මගේම පෙර කරපු කරුමෙකට වගේ.. ඊට පස්සෙම දෙයියනේ කියල මට ලොකුම ලොකු බැනුම් වරුසාවකට අහුවෙලා තෙමිලා තෙත බරිත වෙන්න උනා..
ඉන්න...
හරියටම කිව්වොත් මන් විනාඩි දොලයි තත්පර පනස් හතක් බලන් හිටියා.. මගේ මෑණියන් මේ අහින්සක උදේ පිපුණු කුසුමක් වගේ... ආ.. හරි.. හරි.. පොඩ්ඩක් විතර හපුටු පාටට දත්වත් මදින්නෙ නැතුව හිටියට මේ ඉන්නෙ මලක් වගේ අහින්සක කෙම්ලෙක් තමයි හුම්...
"දෝණි.. මගෙ වස්තුවේ.. ඔය නයිට් කිට් එක ගලවල අර කාමරේ ඇද උඩ ඇදුමක් ඇති ඒක ඇදන් එන්න.. දෙයියන්ගෙ නාමෙට ඔයාගෙ තාත්තගෙ නම්බුව කන එක දැන්වත් නවත්ත ගන්න ලමයෝ.. බලනව කොන්ඩෙක හැටි.. නිකන් කොහු කොහු වගේ මේවා..."
"අනෙ අම්මෙ.. අතාරින්නකො... ඒවා එහෙම තිබුණ දෙන්..."
මගෙ අහින්සක කෙස් ගස් දෙක තුනටත් අලාබ හානි කර මගේම මව් දේවිය දිහා මන් බලන් හිටියෙ අන්ත අසරණ වෙලා.. මේ වෙලාවෙ ඒක මේක කියන්න ගියොත් ගෙදරින් පිනට කන එකත් නැති වෙලා මගේ බත් කාඩ් එක කැන්සල් වෙනව කියල දන්න නිසාම මමත් ඇස් කන් ඇහෙන්නෙ නැති එකෙක් ගානට නිකම් බලන් ඔහේ හිටියා...
ඒත් ඉතින් දෙයියනෙ කියල මව් දේවියට නම් හොස්ස ලඟින් මැස්සෙක්වත් යන්න බෑ කියල අප්පච්චි කියන කතාව ඇත්ත කියල මටම තේරුණෙ අන්තිමට ලස්සනට තිබුණු මුන රකුසු කරගෙන එයා මන් දිහා බලන් හිටියම...
"පස්සට දෙකක් දෙන්න කලින් දුවනව උඩට...."
මගේ මෑණියන් එක පාරටම වගෙ යක්ෂාරූඪයෙන් කිව්වම ආයෙම පස්ස නොබලා මන් කාමරේට දිව්වෙ කෝකටත් කියල ඒක ඇඟට ගුණදායක දෙයක් නිසා...
දෙයියනේ කියල මගෙ රූම් එකට.. නෑ මන් කියන්නෙ මගේ ගුහාවට පැනලා මී පැංචෙක් වගෙ සින්දුවක් කියන ගමන් පැය බාගෙක වගේ වොෂ් එකක් දාපු මන් බාත්රොබ් එක පිටින්ම ඇවිත් මගේ සදාදරණීය මව් දේවිය ඇද උඩ දාලා තිබුණු අවිනීත අශීලාචාර ඇදුම් කෑල්ල දිහා පිට සක්වලින් වැටුණු අත්භූත ග්‍රහ වස්තුවක් දිහා බලන් ඉන්නව වගෙ ටිකක් විතර වෙලා මන් බලන් හිටියා..
"දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ.. 2500ක අපේ සිංහල ඉතිහාසයට නේද මේ මිසිස් අබේසේකර මේ විදිහට මේ අපහාස කරල තියෙන්නෙ.. දෙයියනේ දෙයියනේ... හත්තික්කේ මොන උලව්වක්ද මේ...? වියත් දෙකයි ඇදුමටම තියෙන්නේ.. අනෙ අනිච්චන් මෙහෙමත් විප්පිරියාස අදින්න උනානෙ මේ මට... හනේ හනේ.. හනේ.."
කම්මුලට දකුනු අතයි වම් අත ඉනටයි තියාගෙන මන් ටිකක් වෙලා මගෙ මව් දේවිය දුන්නු විලම්භීත ඇදුම දිහා බලන් හිටියා...
පොඩ්ඩක් ඉන්න..
ඇදුම...?
ඒකට ඇදුමක් කියන්න පුලුවන්ද ...?
හරියටම කිව්වොත් ඒක ඇදුම් බාගයක්.. නෑ.. නෑ.. මන් හිතන්නෙ ඇදුමෙන් කාලක් වගේද කොහෙද එතන තිබ්බෙ.. සමහර විට ඒක හදපු කෙනාට ඊළඟ ටික මහන්න රෙදි මදි වෙන්නත් ඇති..
පව් අහින්සකයා.. මට කිව්ව නම් මගේ ගානෙ චීත්ත කෑල්ලක් හරි පොරට දෙනවනෙ.. .
ඒ විදිහට ඒ ඇදුම මහපු මන් ඇහටවත් දැකල නැති කෙනාත් ඒකාගෙ අම්ම තාත්ත ඇතුළු හත්මුතු පරම්පාරව ගැනත් මහා සෝකයකින් තැවිලා තැවිලා තැවිලා තැවිල කරකුට්ටන් වෙලා ඉන්නකොට මගේ කිඹුල් සහෝදරය මගෙ ගුහාවට එලියෙන් ඉදන් ඒකාගෙ ටින් බෙලෙක්ක කටහඬ අවදි කලා..
"යේරා.. එලියට එනවකො මල වදේ... අන්න අර මිනිස්සු යන්න හදන්නෙ.. අම්ම මගේ ඔලුව කන්න හදනවා තමුසෙ තාම නෑ කියල.. ඉක්මනට එනවා... ඉක්මන් කරනවා...."
විෂ්ගෙ ටකරන් වොයිස් එක අහගෙන ඉන්න බැරිකමටම මන් අතේ තබුණු ඇදුම් කෑල්ලෙන් යන්තම් වහන්න ඕන තැන් ටික විතරක් වහගෙන ලෝක ගේමක් දීලා මගෙ ගුහාවෙන් එලියට ආවෙ විලි ලැජ්ජාව පැයකට දෙකකට විතර මගේ අල්මාරියට දාලා ලොක් කරලා පරිස්සමට අරන් තියලයි..
.
...........................................................................................................................................................
බබූලා.. මට සමාවෙන්න මේ වගෙ වෙලාවක අප්ඩේට් එකක් දෙනවට..
මගේ aroha පැටව් ටික පරිස්සමෙන් නේද...?
ලමයි Moonbin ඔප්පා අපිට කියල දුන්නා අපේ ආදරණීයන් පරිස්සම් කර ගන්න කියලා.. එයාල ගැන ටිකක් හොයල බලන්න කියල කියල දීලයි එයා යන්න ගියේ..
ඉතින් මේක කියවන ඔයාලා වෙනදට වඩා ඔයාලගෙ අම්මා තාත්තා ගැන.. සහෝදරයා ගැන ටිකක් හොයල බලමු නේද...? විශේෂයෙන් එයාලගෙ අසනිප ගැන ඒවට බෙහෙත් ගන්නවද කියල ටිකක් අපි වද වෙමු නෙද...?
අපි අපි ගැනම වද වෙමු.. හොයල බලමු..
ආයෙ එනකන් හැමෝම පරිස්සමට ඉන්න...❤