ජංකුක් ඉක්මනටම කොරියන් පොත අතට අරන් බැලුවෙ හදවත වේගෙන් ගැහෙද්දි...
ඒකෙ තිබ්බෙ රෝසපාට කොලේක ලියපු පුන්චි ලියුම් කෑල්ලක ෆොටෝ එකක්.
____________________________________
හායී..............
කොහොමද ඔයාට.. .
ඔයා මේක විසික් කරනවා කියල
මම දන්නවා.. ඒත් දන්නවද.
මම නවත්තන්නෑ....
හූම්......!
අනික හොඳට මතක තියාගන්න
මම ඔයාව කවදාවත් තනිකරන්නෑ..
හොඳද........
____________________________________
❤️
**මේ විදියට අපේ ආදරය පටන් ගත්තෙ ඇයි කියලා අදටත් මම කල්පනා කරනවා... **
-සාරා.. -*******
----------------------------------------------
එතන තිබුන ෆොටෝ එක වගේම අත් අකුරු දැක්ක ජංකුක්ගෙ අත්දෙක වෙවුලන්න ගත්තෙ කොල්ලගෙ අතේ තිබ්බ පොත් දෙක බිමට වට්ටලා..
ඉක්මන් කරලා ආපහු පොත් දෙක ගත්ත ජංකුක් වෙවුලන් අත් වලින් වගේම ,ගැහෙන හදවතින් ආයෙම් කොරියන් වලින් ලියපු පොත අතට ගත්තා ...
................................
සූමින්ගෙ බුක් ලොන්ච් එක ඉවර වෙන්නත් ලඟ උනත් ජංකුක්ට ඒක ගානක් ගියෙ නෑ..
කොල්ලා නිමක් නැති කඳුලු පිහින්න අසාර්ථක උත්සහයක් දරන ගමන් බොඳ වෙච්ච ඇස් වලින් කියවන්නෙ. සාරා-ජේක්ගෙ එහෙමත් නැත්තං එයාගෙයි සූමින්ගෙයි කතාව ...එයා දැනන් හිටපු නැති ඇත්ත...
ජංකුක් නොදැක්ක පැත්ත එක්කම සූමින් ඒක අකුරු කරලා තිබ්බා.
මුලු පොතම කියවලා ඉවර කරපු ජංකුක් එතනම දනගහගෙන කෑ ගහලා ඇඬුවෙ වේදනාව දරා ගන්න බැරිම තැන..
ජංකුක්ගෙ ඔම්ම ,අප්පා එයාට ආදරේ උන හේතුව , ජංකුක්ට යාලුවෝ හම්බුන හෙතුව වගේම ,එයාගෙ ඒන්ජල් ගැනත් සූමින් හරිම ලස්සනට අකුරු කරලා තිබ්බා.. පොතේ තිබ්බ දේවල් ජංකුක්ගෙ කන්වල දෝන්කාර දෙන්න ගත්තා..
'ජේක් ගොඩක් තනිවෙලා ඉන්නෙ... එයා ගොඩක් පව්.. එයාගෙ ඩයරි එකේ කියවපු මම දවසක්ම ඇඬුවා..'
' මාම් ජේක් ගොඩක් පව් මාම් .. එයා ගොඩක් ඔයාලාගේ ආදරේ බලාපොරොත්තු වෙනවා.. එයා වෙලාවකට තනියම අඬනවා..එයා ඔහොම හ්ටියොත් එයාට ඩීප්‍රෙශන් හැදෙයි මාම්. එයා ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නෙ.. ඔයාලා එයාව ඈත් කරන්න එපා.. තවත් ඔයාලා පරක්කු නෑ... සාරා බොරුවකුත් නොවන බොරුවක් එක්කම එහෙම කීවෙ ජේක්ගෙ මාම්ව බයකරන්න...'
' නික්.... මට පොඩි උදව්වක් කරන්නකෝ........ ඔයා මගෙ හොඳ...... සහෝදරයනෙ.. ජේක්ව ඔයාලාගේ යාලුවෝ කණ්ඩායමට එකතු කරගන්නකෝ... අනේ........
සාරා නික්ගේ අතේ එල්ලි එල්ලි එහෙම කීවේ නික් හිනාවෙවී ඔලුව වනද්දි...'
'ජේක් දන්නෑ මම තමා එයාට ලියුම් තියන කෙනා කියලා... මම දැනගන්නවට කැමතිත් නෑ.... එයා ලියුම් කියවන එකත් නවත්තයි...'
'මම යනවා මාම් , ඩෑඩ්.. ඒත් ජේක්ව තනිකරන් නෑ කියලා පොරොන්දු වෙන්න... සාරා එහෙම කීවෙ සාරා දිහා ගොඩක් දුකින් බලන් හිටපු ජේක්ගෙ පේරන්ට්ස්ලාට..'
'නික්ගේ යාලුවොන්ටත් මම කීවෙ ජේක්ව තනි කරන්න එපා කියලා.. එයා ආයෙම තනිවෙන්නැති වෙයි.'
එයාට හැමදේම දුන්න එයාගෙ ඒන්ජල්ට එයා සලකපු විදිය ජංකුක්ට ආයෙ ආයෙම මතක් වෙන්න ගත්තෙ කොල්ලා පපුව අල්ලගෙන ආයෙම අඬද්දි...
හෝල් එකෙන් එක්කෙනා දෙන්නා එලියට එනවා දැක්ක ජංකුක් අමාරුවෙන් කකුල් වලට වාරු අරන් නැගිට්ටෙ සූමින්ට කොහොම හරි කතාකරනවා කියලා හිතේ තියාගෙන.
හෝල් එකෙන් එලියට එන මිනිස්සු අතරෙ අඳුරන කට්ටියක් දැක්ක ජංකුක්ගෙ කම්මුල් ආයෙමත් තෙමුනෙ එයාවත් නොදැනීම.
" එයා එක අතකට මට කියන්නෙ මොකද.. ? මම කරපු දේවල එයාට මතක ඇති..නෙ. "
කඳුලුත් එක්කම දුක්බර හිනාවක් මූනට ගත්ත ජංකුක් එහෙම හිතුවෙ එයාගෙ හියුන්ලා එක්ක කතා කරමින් එන එයාගෙ ඔම්මයි අප්පයි දිහා බලාගෙන.
...................................
හෝල් එකේ වැඩ ඉවර උනාට පස්සෙ සූමින් ජින් එක්ක එයාගෙ ඔම්මයි අප්පයි දෙන්නත් යැව්වෙ ස්ටෝල් එකෙත් තව පොඩි පොඩි වැඩ වගයක් තිබ්බ නිසා.අනික සූමින්ට නිදහස ඕන උනා..
හෝල් එකෙන් එලියට ආව සූමින් ලොකු හුස්මක් පහත හෙලුවා. ඒකට හේතුව එයාටම හිතාගන්න බැරුව තිබ්බෙ. නමක් නොදන්න අමුතු හිස් බවකින් එයාව වෙලාගෙන වගේ එයාට දැනුනෙ...
බිම බලන් හිටපු සූමින් ඔලුව ඉස්සුවෙ එයා ගාවටම ඇවිත් නැවතුන කලු බූට්ස් දෙක දැකලා.
ඒ හුරු පුරුදු ඇස් දෙක දැකලා එයා ගැස්සුනත් සූමින් ඒක නොපෙන්වා ඉන්න පුලුවන් තරම් උත්සහ ගත්තා. ඒත් එයා ඉස්සරහ හිටපු කෙනාගෙ ඇස්වල ඇඳුන වේදනාවෙන් ඒක නිශ්ඵල උත්සහයක් කියලා කියන්න පුලුවන්..
මුව ගොලු උනත් ඒ ඇස් නම් දොඩමලු වෙලා. ඒත් එහෙම දිගටම ඉන්න බෑ.
"ඒ..එන්ජල්......... නෑ.. සූමින්... "
"ජංකුක් සොන්බෙ....? අ අම් සොරි... මිස්ටර් ජොන් ..! "
"සූමින් ම..ම...- "
"මිස්ටර් ජොන් අපි පැත්තකට ගිහින් කතා කරමුද.. මෙතන ගොඩක් සෙනග .. මෙහෙම කතා කරන්න බෑනෙ... අනික...."
සූමින් ජංකුක්වත් එක්කගෙන ගියෙ කලින් ජංකුක් ඉඳගෙන හිටපු තැනටමයි..
හරිම පුදුමයි නේද.. ඒ පරන ලී බංකුව අද සූමින් කුක් දෙන්නගෙ වියවුල් කතාවට සාක්ශිකාරයෙක් වෙලා.
"ස් .... සූමින් ....... මට සමාවෙන්න ඇත්තටම මට සමාවෙන්න... මම ඔයාට ගොඩක් රිද්දුවා මැණික .. ඔයා ඒන්ජල් කෙනෙක් මගෙ ලොකෙට ආව... මට ...මට සමාවෙන්න..."
මීට කලින් කවදාවත් කාගෙන්වත් සමාව ඉල්ලුව නැති . සමාව කියන වචනෙ ජීවිතේට අදාල කරගත්තෙවත් නැති ඒ ආඩම්බරකාරයා අද එයාගෙ ඒන්ජල් ගාව ඒ වචනෙ මතුරනවා. එයා අයදිනවා. ඒත් වචනෙකට දෙයක් වෙනස් කරන්න පුලුවන්ද..
බිඳුනු වීදුරුවක් අල්ලගෙන ඇඬුවොත් ඒක ආයෙ හැදෙයිද.....
"මිස්ටර් ජොන්... "
"මම දන්නවා මම ඒකට සුදුසු නෑ කියලා. ඒත්..........."
කොල්ලා කියන්න ගිය දේ ගිලගත්තෙ සූමින්ගේ ඒ වේලුන ඇස් දැකලා. කිසිම සතුටක් , දුකක්,තරහක් ... කිසිම දෙයක් නෑ ඒ ඇස්වල...
ඇත්තටම සූමින්ට කිසිම හැඟීමක් නැද්ද. ..
නැත්නම්......... කෙල්ල දක්ශ විදිහට එයාගෙ හැඟීම් හංගනවද...
ඒක දන්නෙ කිම් සූමින්ම විතරයි...
වාතයට ලොකු හුස්මක් මුහු කරපු සූමින් ආයාසයෙන් මූනට ගත්ත හිනාවකින් ජංකුක් දිහා බැලුවා.
"ඔයා තව දුරටත් සමාවගන්න ඕනි නෑ මිස්ටර් ජොන් ... මම ඔයාට සමාවදීලා ගොඩක් කල්.... "
"මම එහෙනම් යන්නම්.... "
"ස් .. සුමීන්.... මට ... මට තව අවස්තාවක් දෙන්න බැරිද... ප්ලීස් ඒන්ජල්..."
යන්න හැරුන සූමින් ආයෙම හැරුනෙ ජංකුක්ගෙ වචන වලට..
'අවස්තාවක්....
ඒත්....... ඇයී................. '
මේ සූමින්ගෙ හිතට ආව ප්‍රශ්නේ. ඒත් හැමදාම වගේ එයා ඒක හිතේම තියාගත්තා.
"මිස්ටර් ජොන් ................?"
"ප්ලීස් ඒන්ජල්..........
එකම එක අවස්තාවක්..............."
ජංකුක්ගෙ දිලිසෙන ඈස් දෙක දිහාම බලපු සූමින් ලොකු හුස්මක් උඩට ගත්තා..
"විශ්වාසය නැති තැන කිසිම බැඳීමක් රැකෙන්නෑ මිස්ටර් ජොන් .. මට ඔයා ගැන තව දුරටත් විශ්වාසයක් නෑ.. අවිශ්වාසෙන් බැඳීම පටන් ගත්තත් ඒක වැඩිය ආයුශ නෑ... ඒ නිසා අපි මෙතනින් නවතිමු... මම එහෙනම් යන්නම්."
සූමින්ගෙ වචනවලට ජංකුක්ගෙ ඇස් වල මෙතරම් වෙලා තද කරගෙන හිටපු කඳුලු සීමා මායිම් නැතුව කම්මුල් තෙත් කලා.. ඒත් කොල්ලා තමන්ට පිටුපාලා යන සූමින් දිහා බලන් හිටියෙ අඩුම තරමෙ සූමින් එකපාරක්වත් හැරිලා බලයි කියලා.
සූමින් නොපෙනී යනකම්ම එහෙම්මම බලන් හිටපු ජංකුක් කඳුලු අතරින්ම මූනට හිනාවක් ගත්තා. හැබැයි ගොඩක් අමාරුවෙන් ..
'එයා මාව සම්පූර්ණයෙන්ම එයාගෙ ජීවිතෙන් අයින් කරලා...'
.................................................
ඔන්න අද නම් දිග එකක් දුන්නා.. හරිද....
ඒනම් මං ගියා
අපි හෙන බිසී.......... කවුද ඊයේ ටෙයියගේ ලයිව් එක බැලුවේ.. ටැනී කියුට් අනෙ.....💝💝💝💝💝