සඳට පෙම් බඳින්නම් තිරයෙන් පිට...

By Apsara_Kumarasinghe

178 25 4

සඳට පෙම් බඳින්නම් තිරයෙන් පිටුපස 🌙 | Sandata Pem Badinnam Behind The Screen 💖 || •Office• | •Romantic• | •F... More

හැදින්වීම

💚❤

82 17 3
By Apsara_Kumarasinghe

I thought I should give you guys a gift!
So why not?
Enjoy...
A special dedication to the guys, who loves Nimesh and Madhumitha)

💚🥀❤🥀💚🥀❤🥀💚🥀❤🥀💚

"නිමේෂ්....." මධුමිතා කුඩා දැරියක මෙන් නිමේෂ් වෙතට දිවගෙන ගියේ, කයිසරයේ ප්‍රධාන දොරටුව අසල සිටයි. දුවගෙන දුවගෙන ගියපු මධුමිතා නිමේෂ්ගේ ඇඟට පැනලා ගෙලවටා දෑත් යවලා එකපාරටම නිමේෂ් ව වැළඳගනිද්දී, නිමේෂ් පුදුමයෙන්ම ඇස් දෙකත් ලොකු කරගෙන වටපිට බැලූ නමුත් ඇයගේ ඉණ වටා දෑත් යවා ඇයවත් තදින්ම වැළඳගත්තා.

"මොකද මේ මධූ?" මධුමිතාව තමාගෙන් ඈත් කර, ඇයගේ කෙටි කෙහෙරැලි වැටී තිබුණු කොපුලකට තම අතක් තියමින්ම යි නිමේෂ් විමසුවේ.

"සතුටට.. වෙන මොකටද? මේ දවස් ටිකේම ඉතිං හරියට ගෙදර හිටියෙත් නෑ.. ඊයේත් මහ රෑනේ ආවේ අර ප්‍රදීප්ගේ ගෙදර ගිහින්.." මධුමිතා පැවසුවේ, නිමේෂ්ගෙන් ඈත්වීමටවත් ගාණක්වත් නැතිවයි.

"හරි ඉතිං.. වැඩනේ බබා.. ඒකනේ ඉතිං අද ඩේට් එකකට එක්කන් යන්නේ.. හැබැයි ඉතිං ඊයේට නම් සොරි.. ඒත් ඉතිං ප්‍රදීපයා හම්බෙන්න ගියෙත් වැඩකටනේ බබා.. දන්නෝනේ මිනිහා එක්ක හරියට කතාවක් පටන්ගන්න ඉතිං ඩ්‍රින්ක් එකක් ගන්නම ඕනේ කියලා... ඒත් මම හිතුවේ නැහැ එච්චර රෑ වෙයි කියලා. එහෙම දන්නවා නම් ඔයාට රදීෂ්ලාගේ ගෙදර යන්න කියනවා. ඔන්න ඒකට නම් සොරි" නිමේෂ් නිදහසට කරුණු බැන්දේ තමාගෙන් මධුමිතාව ඉවත්කිරීමට උත්සාහ දරමින්.

"අනේ... ඔහොම ඉන්නකෝ ටිකක්... ගොඩ දවසකින්නේ.." මධුමිතාට තමා සිටින්නේ කයිසරයේ ඉදිරිපස කියන එකවත්, නිමේෂ්ගේ තුරුළේ සිටීමට බාධාවක් වූයේ නැත.

"මධූ... අපි ඉන්නේ එලියේ... ගෙදර නෙවෙයි.. ගෙදර ගියාම නම් ඕනේ එකක් ඉතිං..." මධුමිතාගේ ඉණ වටා එතී තිබුණු අතින් ඇයගේ ඉණ මිරිකලා, ඇහැකුත් ඉඟිමරමින්ම නිමේෂ් එහෙම කියද්දී මොහොතකට මධුමිතාව ලැජ්ජාවෙන් රතුවුණේ නැහැ කියන්න බැහැ.

"කමක් නෑ.. තව චුට්ටක් ඉමුකෝ... ගොඩක් කාලෙකින්නේ" නැවත වතාවක් මධුමිතා එසේ පවසමින්ම නිමේෂ්ගේ පපුවට හිස තියාගනිද්දීම වගේ, කයිසරයේ මුරකරුවෙකුගේ සහ නිමේෂ්ගේ දෑස් එකට ගැටුනෙන් මුරකරු යාන්තමට නිමේෂ්ට සිනාවකින් සංග්‍රහ කරද්දී ඔහුට දැනුනේ ලැජ්ජාවකි.

රතුකරගත්ත වතින්ම නිමේෂ් මධුමිතා දෙස බැලීමට උත්සාහ කලත් ඇය නම් සිටියේ දෑස් පියාගෙන ඔහුගේ සුවඳ විඳිමින්.

"මිසිස් මධුමිතා සාවින්දි කුලසිංහ. කරුණාකරලා අපි අඩු තරමේ කා එකටවත් යංද? මොන ලැජ්ජාවක්ද මේ? ඔයාගේ කොලීග්ස්ලාත් දකිනවා... බලන්න අර සිකියුරිටිත් මට හිනාවුණා" නිමේෂ් තම චෝදනා පත්‍රය දිගාරිද්දිත් මධුමිතා නම් එය ගාණකට අරගත්තේ නැහැ.

"තව චූට්ටයි නිමේෂ්..." මධුමිතා එක් ඇසක් අරිමින් වටපිට බලා එලෙස පැවසුවේ තරමක් කුරිරු ලෙසින් සිනාසෙමින්මයි. නමුත් මීලග මොහොතේම ඇයගේ බලාපොරොත්තු සඵල කරමින් ඇයට අවැසි රුව කයිසරයෙන් පිටතට පැමිණියේ කොලපාටින් දිදුලමින්.

"ඕකේ! නව් ඉට්ස් ද ටයිම්.. නිමේෂ් ඔයාට බැරිද ලස්සනට කිස් එකක් දෙන්න. පොඩ්ඩක් රොමෑන්ටික් වෙලා?" මධුමිතා නිමේෂ්ගෙන් එලෙස විමසද්දී, ඔහු නැවත වතාවක් ඇය දෙස බලාසිටියේ පුදුමයෙන්.

"පිස්සු හැදිලාද මධූ? මෙතන මේ මිනිස්සු ඉස්සරහා?"

"එහෙනම් එදා වැලන්ටයින් දවසේ හොටෙල් එකේදී දුන්නේ?"

"ඒක වෙනයි, මේක වෙනයි. මෙතන කිස් කරන්න මේක තාම ඇමරිකාව නෙවෙයිනේ.."

"අපෝ... එහෙනම් ලස්සනට හග් එකක්වත් දෙන්න අප්පා ඉක්මනට.. චාන්ස් එක මිස් වෙයි.."

"මොන චාන්ස්...." නිමේෂ්ට කිසිවක් කීමට ඉඩ නොදුන් මධුමිතා ඔහුට තුරුළුවූයේ ඔහු පුදුමයෙන්ම ඇය දෙස බලාහිදිද්දීයි. නමුත් එවරයි ඔහු දුටුවේ ඔවුන් දෙදෙනා දෙස ඇසිපිය ගසමින් බලා සිටින ඒ රුව.

"ප්‍රියා..?" නිමේෂ්ගේ දෙතොල් අතරින් එලෙස පිටවද්දීයි ඔහුට වැටහුනේ, මේ තරම් වේලාවක් මධුමිතාට අවැසිවූ දෙය. එනිසයි නිමේෂ් ඉක්මනින්ම මධුමිතා වටා දෑත් යවා, ඇයව වැළඳගත්තේ. එමෙන්ම තියුණු දෑස්වලින් ප්‍රියදර්ශනී දෙස අවදානාත්මක බැල්මක් හෙලන්නටත් නිමේෂ් අමතක කලේ නැහැ.

ඔවුන් දෙදෙනා දෙස මාරාවේශ වී මෙන් බැලූ ප්‍රියදර්ශනී එතනින් ඉවත්වී ගියේ, තරහින්මයි.

ඒ සැනින් මධුමිතාව තමාගෙන් ඉවත් කල නිමේෂ් ඈ දෙස බලා සිනාසුනේ, ඇය ඔහුට නෝක්කාඩු බැල්මක් හෙලද්දීයි.

"මේකට නේ මෙච්චර වෙලා දැගලුවේ?" නිමේෂ් එලෙස විමසද්දී මධුමිතා කිසිවක් නොපවසාම යාන්තමට සිනාසී ඔහුගේ බැල්ම මගෑරියා.

"යංකෝ කාර් එකට.." මධුමිතාගේ අතකින් අල්ලාගෙනම ඇයව තම රථයට කැදවාගෙන ගිය නිමේෂ් ඇයට ඉදිරිපස දොරටුව විවර කර දී තමා අනෙක් පසින් රියදුරු අසුනට නැගුනා.

"දැන් කියන්න බලන්න... මොකක්ද ඒ කලේ?" රථය පණ ගන්වමින්ම නිමේෂ් විමසුවේ, මධුමිතා දෙස සිනාසී බලායි.

"මොනා කියන්නද? මම මගේ හස්බන්ඩ්ව මම ගොඩ කාලෙකට පස්සේ ඇතිවෙන්නම හග් කලා හැමෝටම පේන්න.. කොහෙවත්‍ යන @$%$@%ක් බලන් හිටියට මට කරන්න දෙයක් නෑ!" මධුමිතා අතිශයින්ම තෘප්තිමත් හඩකින් එලෙස පවසද්දි එක්වරම ඇයගේ දෙතොල් මතට ලැබුණේ ඔහුගේ අතැඟිලිවලින් පහරකි.

"ආ.....ව්"

"මධූ.... මම කියලා තියෙනවා නරක වචන කියන්න එපා කියලා!!" සුක්කානම ප්‍රවේසමට හසුරුවමින්ම නිමේෂ් ඇය දිහා බලමින් පවසද්දී, මධුමිතා තම වත රතු කරගත්තේ තරහින්මයි.

"එයා කිව්වාම හොඳයි, මම කිව්වම වැරදියි. මාර ලොජික්! ඔව් ඉතිං ලෝයර්නේ.. හිතන් ඉන්නේ ඔක්කොම කටින් ගහලා දිනන්න පුළුවන් කියලා" මධුමිතා කුනු කුනු ගාලා කියවන්න ගත්තත් ඒ සියල්ලම නිමේෂ්ටත් ඇසෙන පරිදියි කියෙව්වේ.

"මධූ... මාව අවුස්සගන්න එපා..." නිමේෂ් කටකොනින් සිනාසෙමින් මධුමිතා දෙස බලා කීවත් ඇය නෙවෙයි කියවිල්ල නැවැත්තුවේ.

"ඇයි මොකද? මට ගහලා මෙතන.. දැන් එනවා තව කියවන්නත්. තව ඩිංගෙන් ඉස්සරහා දත් ටිකත් ගැලවෙනවා ඒ ගහපු පාරට" නිමේෂ් සද්දෙන්ම සිනාසෙන්න ගත්තේ ඒ වදන්වලට.

"එච්චර හයියෙන් නම් ගැහුවේ නෑ හොඳේ.. බොරු කියන්න එපා මධූ.."

"ගැහුවේ නැත්තේ කොහෙද? මගේ දතක් හරි ගැලවුණා නම් මම නඩු දානවා මිස්ටර් කුලසිංහ තමුන්ට විරුද්ධව. දන්නවාද මගේ හස්බන්ඩ් ලෝයර් කෙනෙක්!" අදත් ඇය සුපුරුදු සෙල්ලම පටන්ගනිද්දී නිමේෂුත් එයටම එකතුවුණා.

"අනේ ඇත්තට?" ඔහු සමච්චල් සහගත හඩකින්ම විමසද්දී මධුමිතා කලේ නැවත වතාවක් ඔහුට රැවීමයි.

"ඇත්ත තමයි. අනික එයා මට ආදරෙයි ගොඩක්. ඔයා වගේ නෙවෙයි.." නැවත වතාවක් නිමේෂ්ට රවපු මධුමිතා අත්දෙක පපුවෙන් බැදගත්තේ තමන් ඉන්නේ තරහින් කියලා පෙන්නන්නත් එක්ක.

"ආ..හ් එහෙමත් එකක්ද? එතකොට එයාට තරහා යයි ද මම එයාගේ වයිෆ්ව මෙහෙම ඇල්ලුවොත්?" එක්වරම මධුමිතාගේ ඉණට ඇඟිල්ලකින් අනින ගමන් නිමේෂ් එහෙම අහද්දී, මධුමිතා විදිල්ලක් වැදුනා වගේ අසුන මතම ඇකිලුනේ කෑ ගහගෙන.

"නිමේෂ්... පිස්සු හැදිලාද? කිචි අනේ..." මූණත් රතු කරගෙනම මධුමිතා නිමේෂ්ගේ අත අයින් කරන්නට හැදුවත්, ඔහුගේ ශක්තිමත් හස්තය නම් එයට ඉඩදුන්නේ නැත. ඇයගේ කෙටි බ්ලව්සය අතරින් ඇතුලට අත දැමූ ඔහු, ඇයගේ නිරාවරණය වූ ඉණෙහි සංවේදී සම පුරා තම අතැඟිලි දඟකරවද්දී, මධුමිතා අසුන මතම මහා හඩින් සිනාසෙමින්ම දැඟලුවේ නිමේෂ්ගේ අත අයින් කරන්නට උත්සාහ කරන ගමන්.

"අනේ... නිමේෂ්.. එපා අනේ...... ආව්... ඔයා කොනිත්තනවත් එක්ක... අනේ..." ඇය සිනාසෙමින්ම ඔහුගේ අතටම බර වූයේ, නිමේෂුත් සිනාසෙමින්ම තම කාර්‍ය්‍ය නම් නතර කලේම නැති නිසයි.

"එපා......හ් නිමේෂ්... ඔන්න මං දඟලලා.. අපි ඇක්සිඩන්ට් වුණොත් නම් මට කියන්න එපා හොඳේ......" මධුමිතා සිනාසෙමින්ම කෑ ගසද්දී නිමේෂ් හිස සලමින්ම කමක් නෑ කිව්වේ, තව තවත් ඇයව හිනස්සවමින්.

"ඔය................!! රෙඩ් ලයිට් අනේ.... බලාගෙන!!" මධුමිතා නැවත වතාවක් ගිරිය කඩාගෙන කෑ ගහද්දීයි නිමේෂ් රථයේ තිරිංග පෑගුවේ.

"මම දැක්කා හරිද? ඇස් පේනවා තාම මගේ" එලෙස පවසමින්ම ඔහු මධුමිතා දෙසට හැරුණේ, සංඥා තිරයේ එල්ඊඩී පුවරුවෙහි මීළග කොළ සංඥාව වනතෙක් වේලාව ද පරීක්ෂා කරමින්.

"එකසිය දහ අටයි.." එල්ඊඩී පුවරුව වෙතට සන් කරමින් නිමේෂ් තම අසුනෙන් මධුමිතාගේ අසුන වෙතට නැමුණේ ඈ සිනාසීම ඔහුව තල්ලු කිරීමට උත්සාහ දරද්දීයි.

"යන්න අනේ.. කවුරුහරි දකියි..." ඈ සිනාසෙමින්ම ඔහුව තල්ලු කිරීමට හැදුවත්, එය සාර්ථක උත්සාහයක් වූවේ නැත.

"කවුරු දකින්නද අනේ... කෝ.. මෙහෙට එන්න.." තම බිරියගේ අතකිනුත් ඇදලා නිමේෂ් ඇයව තමන් වෙතට තරමක් ලං කරගත්තා.

"රිදුනද ගොඩක් මධූ?" ඇයගේ තොල්පෙති මත තම අතැඟිලි සියුම්ව ගෙනියමින් නිමේෂ් විමසුවේ, ඇයගේ දෙනෙත් දෙස මෙන්ම දෙතොල් දෙස මාරුවෙන් මාරුවට බලමින්.

"ගහලා ඉවරවෙලා රිදුනද අහන්නේ?" නිමේෂ්ගේ ඇඟිලි තම දෙතොල්වලින් ඉවත් කරමින්ම මධුමිතා පැවසුවේ නෝක්කාඩු ස්වරයෙනි.

"එහෙම තමයි.. මම කැමති නැහැ මගේ වයිෆ්ගේ කටින් නරක වචන කියවෙනවට!" ඔහු ස්ථීර හඩින් එලෙස පවසද්දී මධුමිතා ද ඔහු දෙස බැලුවේ දෑස් හීනි කරගෙනයි.

"ආහ්හ්.. වයිෆ්ගේ කටින්? හහ්! එතකොට කවුද දැන් ඔය මහලොකු වයිෆ්?" මධුමිතා පණ්ඩිත අයුරින් විමසද්දී නිමේෂ්ට ඉබේටම හිනාගියේ, ඇයට ද ඒ සිනාවට යන්තමට හිනාවක් යද්දී.

"මේකනේ නංගි.. මීට අවුරුදු ගාණකට කලින් මම මධුමිතා සාවින්දි වික්‍රමනායක කියලා කෙල්ලෙක්ව මැරි කලානේ... හරී මුරණ්ඩු, නාහෙට අහන්නේ නැති කටකාර කෙල්ලෙක්" නිමේෂ් මධුමිතා දෙස බලාගෙනම කියවගෙන ගියා.

"අනේ.. ඇත්තට අයියේ...? අපරාදේ ඔයා එයාව මැරි කලේ.." මධුමිතා ද අහිංසක අයුරින්ම එලෙස පවසද්දී නිමේෂ් නැවත වතාවක් කතා කරන්නට ගත්තා.

"ඒකනේ... මම එයාව මැරි කලේ නැත්නම් අපි දෙන්නට චාන්ස් එකක් තියෙන්න තිබ්බා" නිමේෂ් ඒ වදන් පවසද්දීම, මධුමිතාගේ වත තරහින් රතුවී ගියත්, ඇය නැවත වතාවක් කතා කරන්නට ගත්තේ පෙර ආදරයෙන්මයි.

"කමක් නෑ අයියේ... අපි අනියම් සම්බන්ධයක් පටන්ගමු..." මධුමිතා මෙවර තරමක් සරාඟී අයුරින් පැවසුවේ, ඔහුගේ ගෙල වටා දෑත් යවා, ඒ තරමක් දිගැති කෙහෙරැලි අතරින් දෑත් යවමින්.

"ආ....හ් දැන්නම් බෑ නංගි.. මොනාවුණත් මම මැරි කරලානේ ඉන්නේ.. මට මගේ වයිෆ්ට ද්‍රෝහිවෙන්න බෑ.. සොරි නංගි... ඒත් අපිට දැන් චාන්ස් එකක් නෑ" මධුමිතාව තමාගෙන් ඉවත් කරමින්ම ඔහු එලෙස පැවසීමට උත්සාහ කලත් එය නම් සාර්ථක වූයේ නැත.

"නෑ අයියේ... අපි මෙහෙම කරමු... ඔයාගේ වයිෆ්ව ඩිවෝස් කරමු. කොහොමත් ඔයා දක්ෂ ලෝයර් කෙනෙක් නිසා ඩිවෝස් එක ගන්න එක ලේසිවෙයි. ඊටපස්සේ අපි වයිෆ්ට ඔයාට වඩා හැන්ඩ්සම් අයියා කෙනෙක්ව සෙට් කරමු. එතකොට හරිනේ?" මධුමිතා ඇහැක් ද ඉඟිමරා කියද්දී, මෙවර නිමේෂ්ගේ මුහුණ වෙනස් වී ගියේ ඒ කතාවටයි.

"මට වඩා හැන්ඩ්සම්?" ඔහු බැරෑරුම එලෙස විමසද්දී, මධුමිතා හිස සලා එය තහවුරු කලේ යාන්තමට දෙතොල් අතරට සිනාවක් නගාගනිමින්.

"බෑ.. නංගි... ඔයා මොන මායම් දැම්මත් මට එයාව අතාරින්න බෑ.. මට ඔයාට කියන්න බැරිවුණානේ හොඳම දේ... මට එයාව දැක්ක ගමන් වෙන දේ" අවංක ස්වාමියාගේ චරිතයට පණ පොවමින්ම නිමේෂ් නැවත වතාවක් එලෙස පවසද්දී, මධුමිතා හීනි කරගත් දෑස් සමඟින්ම ඔහු දෙස බැලුවා.

"අ.... ඔයාට නිකං.. එයාව දැක්ක ගමන් හිසරදයක් වගේද අයියේ...?" මධුමිතා නැවත වතාවක් අහිංසක අයුරින් විමසද්දී, නිමේෂ් ආදරබර බැල්මක් ඈ වෙතට හෙළූවේ මධුමිතා ද ඒ බැල්මෙහි ම ගිලී යද්දීයි.

"හිසරදයක් නම් එන්නේ නෑ නංගි.. ඒත් එකපාරටම පිස්සුවක් නම් හැදෙනවා... හිත කියන්නෙම මෙන්න මෙහෙම කිස් කරන්න කියලාමයි..." එක්වරම මධුමිතාගේ දෙතොල් තම දෙතොල් සන්තකයට ගත්ත නිමේෂ් ඒ දෙතොල් ආදරයෙන් සිපගත්තත්, මධුමිතා ඔහුව ඉක්මනින්ම තමන්ගෙන් ඉවත්කලා.

"නිමූ... පිස්සු හැදිලා ද අනේ? කවුරුහරි දකියි...." මධුමිතා කෙඳිරුවේ වටපිට බලමින්. ඔවුන් සිටී රථවාහන තදබදයේ අවට රථවාහන බොහෝමයක් තිබුණු අතර, මධුමිතාට දැනුනේ අපහසුවකි.

"කාටවත් පේන්නෑ ලමයෝ මේ ග්ලාසස් එක්ක... අනික මේ අර ඉස්සෙල්ලා මගෙන් හැමෝම ඉස්සරහා රොමෑන්ටික් කිස් එකක් ඉල්ලපු කෙල්ල නේද?" නිමේෂ් සිනාසෙමින්ම විමසුවේ, ඇයගේ කෙටි කොන්ඩය මුහුණින් ඉවත් කරමින්. එල්ඊඩී පුවරුවේ තත්පර ගණන පරීක්ෂා කල නිමේෂ් නැවත වතාවක් ඇයගේ දෙතොල් තම භාරයට ගත් අතර, මෙවර මධුමිතාත් ඊට විරුද්ධත්වයක් නොදක්වා සහයක්ම වූවා.

ඔවුනොවුන්ගේ දෙනෙත් පියවුණු අතර, උණුසුම් දෙතොල් එකට ඇළී වචනයෙන් කියන්නට බැරි ආදරණීය වූත්, අනුරාගී වූ ත් හැඟීම් එකිනෙකා සමඟ බෙදාගත්තේ තරමක් කෑදරකමිනි. ඒ දෙතොල් හාදුව තත්පර ගණනාවක් ම විහිදෙද්දී නිමේෂ් මෙන්ම මධුමිතාත් ඔවුන් දෙදෙනාටම ඇබ්බැහි වී සිටී අතර, මධුමිතා ඔහුගේ දිගු කෙහෙරැලි අතර තම අතැඟිලි යවා, ඒවාගෙන් අදිමින් ඔහුව තමන් වෙතට ඇදගනිද්දී, නිමේෂ් ද ඇයගේ බ්ලව්සයට යටින් දෑත් යවා, ඇයගේ නිරුවත් හම පිරිමදින්නට වූවේ ඒ ගතෙහි හැඟුමන් අවුස්සන ගමන්. නමුත් එක්වරම ඔහු ඇයගෙන් ඈත් වූයේ, තමන් දෙදෙනා සිටින්නේ මහා මාර්ගයේ බව මතක්වී.

ඇයගෙන් වෙන් වී ඒ දෙතොල් දෙස මෙන්ම දෑස් දෙස මාරුවෙන් මාරුවට නෙතු සැරිසරමින් සිටී නිමේෂ් ඉක්මනින්ම නැවත වතාවක් එල්ඊඩී පුවරුව වෙත නෙතු යැව්වා.

"දහනවයයි.. තව කිස් එකක් දෙන්න බැරි නෑ.." ඒ සැනින් මධුමිතාගේ දෙතොල් මතට නැවත ලැබුණේ තත්පර දෙකක තරම් කෙටි හාදුවකි.

"ආ...හ් මේ මොකද කකුලුත් උඩට අරගෙන? කොයි වෙලාවෙද කකුල් උඩට ගත්තේ?" ඔවුන් දෙදෙනාටම නොදැනී මධුමිතාගේ කකුල් අසුන මතටත් ඇවිත් තිබුණු අතර, එය දීර්ඝ හාදුවේ හැඟීම් අතර ඔවුන් දෙදෙනාම අතරමං වෙද්දී සිදුවූවකි..

"නිමේෂ්......" මධුමිතා ඔහුගේ උරහිසකට පහරක් ගැහුවේ ලැජ්ජාවෙන්.

"මොකද? ඇත්තනේ කිව්වේ..." ඔහු නැවත වතාවක් කොළ සංඥා පරීක්ෂා ලැබීමට ඇති වෙලාව පරීක්ෂා කලා.

"ආ....ව්! මේ ආයේ නම් ඔයාගේ විකාර කරන්න ගන්න එපා මේක ඇතුලේ ආහ්! ඉඩත් නෑ මේක ඇතුලෙ හරියට... මගේ කකුලත් වැදුනා.. ආව්..." මධුමිතා කකුලක් අල්ලගෙනම එහෙම කියද්දී, නිමේෂ් ද ඊට අවධානය ලබාදුන්නේ ඒ ගමන්ම සංඥා පුවරුව දෙසත් බලමින්.

"රිදුනද?"

"ටිකක්. දැන් හරි ඉතිං..." නිමේෂ්ම කකුල අතගාද්දී අවසානයේ මධුමිතා පැවසුවේ හුරතලේට දෙතොල් ද යාන්තමට උල් කරමින්.

"මොනාවුණත් ඔයා කිව්වා හරි. මේක ඇතුලේ ඉඩ නැහැ. හෙටම වාහනේ මාරු කරන්න ඕනේ.. මීට වඩා හොඳට ඉඩ තියෙන වාහනයක් අරගෙන අපි දෙන්නා වැඩේට බහිමු!" මධුමිතා දෙස බලා ඇසකුත් ඉඟිමරමින් කටකොනින් සිනාසෙමින්ම නිමේෂ් එලෙස පවසද්දී, මධුමිතා අද දිනයේ සියවෙනි සැරේටත් රතුවුණා.

"නිමේඒඒඒඒඒඒඒෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්ෂ්!!!!"

ඈ ගිරිය කඩාගෙනම කෑ ගහලා නිමේෂ්ගේ වම් උරහිසට ගහගෙන ගහගෙන යද්දී, නිමේෂ් හිනාවෙමින්ම නැවත වතාවක් රථය පදවන්න ගත්තේ, කොළ සංඥාව ලැබුණු බැවින්.

"මධූ..." මේ තරම් වෙලාවක් විහිළු කරමින්ම සිටී නිමේෂ් මෙවර තරමක් බැරෑරුම්ව කතා කලා.

"හ්ම්ම්?"

"ඔයාට ප්‍රියදර්ශනී කරදර කරනවද ආපහු ඔෆිස් එකේදී?" නිමේෂ් මෙවර එලෙස විමසද්දී මධුමිතා හිස සැලුවේ නැහැ කියන්න.

"දැන් එහෙම නැහැ නිමේෂ්..." ඇය සිහින් හඩින් එලෙස පැවසුවේ ඔහුගෙන් දෑස් සඟවමිනි.

"මධූ... මගෙන් මොනාහරි හංගනවද ඔයා?" නිමේෂ් නැවත වරක් ඇයගෙන් විමසුවේ, රථය පදවමින්මයි. අද ඔහු අන් කවරදාකටත් වඩා තම රථයේ වේගය අඩු කර පැදවූයේ, ඔවුන් දෙදෙනාම රථය තුළ විවිධ විකාර කරමින් සිටී නිසා ප්‍රවේශම සලසා ගැනීමටයි.

මධුමිතා බර සුසුමක් හෙළූවේ ඔහුගෙන් කිසිවක් සැඟවීම අපහසු නිසයි.

"මම එයාට ගැහුවා නිමූ..." සති ගණනාවකට ප්‍රථම සිදුවුණු ඒ සිදුවීම ඇය ඔහුට හෙළි කලේ තරමක් බියෙනි. ඒ ඔහුට තරහා යෑමට ඇති සම්භාවිතාව වැඩි නිසයි.

"ගැහුවා? ඔයා? ඇයි මධූ...?" නිමේෂ් තරහාකටත් වඩා තරමක් වදවෙන හඩකිනුයි විමසුවේ.

"ඇයි අහන්නේ? එයා ඕන්නැති ඒවා කියාගෙන ආවා. මටත් තරහා ගියා..."

"ළඟ දි ද?"

"නෑ.. ගොඩක් කල්.. වැලන්ටයින් පාටි එකට පස්සේ... එදා ඒ කිස් එක නිසා මට තරහා ගියා.." නිමේෂ්ගේ දෙතොල් මත හිනාවක් ඉපදුනේ ඒ සමඟිනුයි.

"ආ....හ් මේ එහෙම එකක්.. ඒ වුණාට මධූ ඔයා ඒ වගේ රණ්ඩුවලට යන්න එපා... ඕනේ දෙයක් මට කියන්න මම බලාගන්නම්" මෙවර ඔහු දයාන්විත හඩින් පැවසුවේ, ඇයගේ හිස පිරිමදිමින්.

"ඔයා ඇවිත් මොනා කරන්නද ඉතිං?" නැවත වතාවක් මධුමිතා විමසුවේ, ඔහු කරන්නේ එකම එක දෙයක් පමණක් බව දන්නා නිසයි.

"මං ඇවිත් ඉතිං...

නඩු දානවා!" "නඩු දානවා!"

මධුමිතා ද ඔහු සමඟ එකටම එලෙස පවසද්දී, දෙදෙනාම සිනාසුනේ එකවරමයි.

"හැබැයි නිමූ එයාත් ලෝයර් කෙනෙක් නිසා වැඩේ ලේසිවෙන්නේ නෑ හොඳේ.." මධුමිතා සරදමට මෙන් පැවසුවත් ඇයගේ සිතෙහි නම් ප්‍රියදර්ශනී පිළිබඳව දැනුනේ සුභ හැඟීමක් නොවෙයි.

"දැන් ඉතිං එදාට පස්සේ එයා මොකුත් කලේ නැද්ද මධූ?" නිමේෂ් නැවත වතාවක් විමසුවේ, ඇය දෙස බලමින්.

"හ්ම්ම්.. නැහැ.. මුකුත් කරේ නැහැ... ඒත් එයා මොනාහරි ප්ලෑන් එකක් ගහනවා වගේ නිමේෂ්.. හැමවෙලේම මං දිහා බලලා අමුතු විදිහට හිනාවෙනවා.. අපි ඉතිං ගොඩක් මීට් වෙන්නේ නැහැනේ.. ඒත් මූණට මූණ හම්බුණොත් එයා එහෙම කරනවා.." මධුමිතා පැවසුවේ, සුසුමක් හෙලන ගමන්.

"එයා හදන්නේ ඔයාව මෙන්ටලි අන්ස්ටේබල් කරන්න. එයා කැමති නැහැ අපි සතුටින් ඉන්නවට. ඒකයි ඔය. ඒ නිසා ඔයා එයා වගේ කෙනෙක් ගැන හිතන්න එපා හොඳද?" නිමේෂ් ඇයගේ අතැඟිලි අතර තම අතැඟිලි පටලවමින් පැවසුවෙන්, ඇයද හිස සැලුවේ දෑස්වලින් ඔහුගේ වදන් අනුමත කරමින්.

මිනිත්තු දෙක තුනක්ම නිහඩවම ගතවුණේ නිමේෂ්ගේ සහ මධුමිතාගේ සුසුම් හඩින් පමණක් නිහඩතාවයට බාධා එල්ලවෙද්දී.

නමුත් එක්වරම මධුමිතාගේ ජංගම දුරකතනය නාදවන්නට ගත්තෙන්, ඇය තම කලිසම් සාක්කුවෙන් එය පිටතට ඇදගත්තා. නමුත් එම දුරකතන ඇමතුම කාගෙන්දැයි දුටු සැනින් ඇය එය විසන්ධි කර දැමුවේ, නිමේෂ් ද ඇය දෙස බලද්දී.

"කවුද?" ඔහු පිළිතුර දන්නවා වුවත් , විමසුවේ පුරුද්දට මෙනි.

"බෝයිෆ්‍රෙන්ඩ්!" මධුමිතාද සැනින් පිළිතුරු ලබාදුන්නේ කිසිදු කලබලයකින් තොරවයි.

"ආ...........හ්" නිමේෂ් ද හිස සලා නැවත වතාවක් මහා මාර්ගය වෙතට අවධානය ලබාදුන්නා. නැවත වතාවක් මධුමිතාගේ දුරකතනය නාද වූවත් ඇය එය විසන්ධි කර දැමුවේ තරමක් තරහින්.

"කීවෙනි එක්කෙනාද මධු?" නැවත වතාවක් නිමේෂ් විමසුවේ බැරෑරුම් ස්‍වරයකිනි.

"තිස් පස්වෙනියා" කිසිදු ආයාසයකින් තොරවම ඇය පිළිතුරු ලබාදෙද්දී ඔහුගේ දෙතොල් මතට නැගුනේ සිනාවකි.

"මේ ආච්චිට කොහොමත් තව ටික දවසකින් තිස් පහ ලබනෝ නේ?" නිමේෂ් සිනාසෙමින්ම විමසුවේ, ඇයගේ කන් පෙත්තකුත් මිරිකන ගමන්.

"කාටද දන්නෑ තිස්පහ... මෝඩයා!" නිමේෂ්ට ඔරවන ගමන්ම මධුමිතා එලෙස මුමුණද්දී ඔහුත් සිනාසුනා.

"නෑ මම මගේ හස්බන්ඩ්ගේ වයසට ගැලපෙන්න තමයි බෝයිෆ්‍රෙන්ස්ලා ආශ්‍රය කරන්නේ.. මගේ හස්බන්ඩ්ට මේ අවුරුද්දට තිස් පහ ලබනවා. මං හිතන්නේ එයාගේ මෝඩ මොළේට ඒක අමතක වෙලා තියෙන්නේ.. අනික මම ආච්චියක් නෙවෙයි. තාම මට තිස් එකයි. තිස් එක කියන්නෙත් වයසක් ද ආහ්?" තම කෙටි කොන්ඩයත් ගස්සන ගමන්ම මධුමිතා පැවසුවේ, නිමේෂ්ට රවමින්.

"ඒක නෙවෙයි තිස්පහේ සීයේ, ඔය ලිප්ස්ටික් පිහදගන්න.." නිමේෂ්ගේ දෙතොල්වලට සන් කරමින් මධුමිතා එලෙස පවසද්දී, නිමේෂ් ඉක්මනින්ම ඔහුගේ පිටිඅත්ලෙන් ඔහුගේ දෙතොල් පිසදාගත්තා. ඒ පෙරදී බෙදාගත් ආදර හාදුවේ ප්‍රතිඵලයන් ය.

ඒ සමගින්ම නැවත වතාවක් ඇයගේ දුරකතනය නද දුන්නා.

"ඔන්න ඕක ආන්ස්වර් කරන්න. දන්නවානේ ඉතිං ආන්ස්වර් කරනකම්ම ගන්නවා කියලා. මොකද කියලා අහන්න.. බොරුවට කට් කරන්නේ නැතුව" නිමේෂ් අවසානයේ පැවසුවේ, ඇයගේ දුරකතනය නොනවත්වාම නාදවෙන නිසයි.

"අනේ මේ... දැන් ඔය කතා කරලා කියන්නේ මොකක්හරි ඔළුව අවුල් වෙන එකක් අනේ... මේ වෙලාවේ මට ඔව්වා අහන්න බෑ අනේ..." මධුමිතා එලෙස පැවසුවත්, නිමේෂ් නම් දෑතට හිස සැලුවේ ඇයට එකඟ නොවෙමිනි.

"එපා මධූ.. ආන්ස්වර් කරන්න ඕක.. අම්මලා තාත්තලාගේ කෝල්ස් කවදාවත් ආන්ස්වර් නොකර ඉන්න හොඳ නෑ.. මොන හදිස්සියට කතා කරනවද දන්නේ නෑනේ... අරගන්නකෝ... ඔයා මගේ හොඳ ලමයානේ..." ඇයගේ කොපුලක් හීනියට මිරිකන ගමන් නිමේෂ් පැවසුවෙන්, අවසානයේදී ඔහුට කීකරුවුණු මධුමිතා, දුරකතනයට පිළිතුරු ලබාදුන් අතර, එහි ශබ්දය නිමේෂ්ට ද ඇසෙන පදිරි සකස් කිරීමටත් අමතක කලේ නැහැ.

"කියන්න අම්මා.."

"මොකද ලමයෝ කෝල් එක ආන්ස්වර් කරන්න මෙච්චර වෙලා ගියේ...?" අනෙක් පසින් ඇසුනේ ජනනි මහත්මියගේ හඩයි.

"මම අම්මා මේ...." මොන බොරුවද කියන්නේ කියලා සිතමින් මධුමිතා අදිමදි කලත්, එය දැනගැනීමට ජනනි මහත්මියට ඒ තරම් උවමනාවක් තිබුණේ නැත.

"හරි හරි.. ඕනේ එකක්.. මේ අහන්නකෝ මධූ..." ඇයගේ හඩෙහි තරමක සතුටක් ගැබ් වී තිබුණු බැවින් මධුමිතා නිමේෂ් දෙසත් බැලුවේ, ඊට හේතුව කුමක්දැයි හිතන ගමන්.

"කියන්න අම්මා..."

"මම ඔයාට හොඳ ප්‍රොපෝසල් එකක් බැලුවා.. කොල්ලා නම් හොඳට මැච් වෙනවා ඔයාට. එයාත් ඩිවෝස් වෙලා ඉන්නේ... ට්වින්ස්ලා දෙන්නෙක් එක්ක තනියම ඉන්නේ.. ඉතිං මධූ.."

"අම්මේ ඔයාගේ මොළේ හොඳ නැද්ද?" එකපාරටම මධුමිතා රථය දෙවනත් වන්නට කෑ ගැසුවේ, තරහින් රතුවුණු දෑස් එක්කයි. ඒ හඩටම නිමේෂ් ඉක්මනින්ම රථය මාර්ගයේ අයිනකින් නතර කලේ තරමක් කලබලයෙන්. ඒ සැනින්ම තරහින්ම දුරකතනය විසන්ධි කල ඇය, නිමේෂ් දෙසට ද හෙළූවේ මාරාන්තික බැල්මකි.

"මධු.. මොකද මේ ආහ්?" තරමක් සැරින් මෙන් නිමේෂ් එලෙස විමසුවේ, ඇයගේ හැසිරීම නිසයි. තමන් තම මවට සැර වූවත්, මධුමිතා ජනනි මහත්මියට සැර වනවාට නම් ඔහු කැමති වුණේ නැත.

"මොකද මේ අහන්නේ? ඇහෙන්නේ නැද්ද එයා කියන දේවල්? ඇත්තමයි එයාට පිස්සු හැදිලාද ආහ්? මට ලැජ්ජායි එයා මගේ අම්මා කියන්නත්... මේ වගේ ජරා..."

"මධූ!! ඒ ඔයාගේ අම්මා!!! මේ.. මෙන්න ආයේ කෝල් කරනවා... ආන්ස්වර් කරන්න... මුකුත් කියන්න ඕනේ නැහැ එයා කියන දේ අහගෙන විතරක් හරි ඉන්න. හොඳද? හොඳ ලමයා වගේ අහගෙන ඉන්න.." නිමේෂ් මෙවර ඇයගේ කොපුලක් සිපගෙන ගෙනම එලෙස පවසද්දී, මධුමිතා කිසිවක් නොකියාම දුරකතනයට නැවත වතාවක් පිළිතුරු දුන්නා.

"සිග්නල් ගියා මං හිතන්නේ මධූ.. ඒකයි කට් වුණේ.. අහන්නකෝ ඉතිං... ඒ කොල්ලා ඔයාට හොඳටම මැච් වෙනවා.. මම ඔයාලා දෙන්නාගේ හදහන් දෙකත් බැලෙව්වා. දන්නවද මධූ දරු සම්පත් එහෙමත් හොඳටම තියෙනවලු.. අනික... කොහොමත් දරුවෝ දෙන්නෙක් ඉන්න එකේ දරු සම්පත් තියෙන්න ඕනේ තමයි. අනික තමයි මධූ ඒ අම්මා නැති දරුවෝ දෙන්නට අම්මා කෙනෙක් වෙන එකම කොයි තරම් පිනක් ද දරුවෝ..? ඔය ලමයි නැති මිනිහා ගාව ඉන්න එකේ මේ වගේ පිනක්වත් කරගන්න මධූ..." මධුමිතා තරහින්ම බැලුවේ නිමේෂ් දෙසයි.

මූණත් රතු කරගෙන දත් මිටි කමින්ම ඇය තමා දෙස බලාසිටිද්දී නිමේෂ් කලේ, බර සුසුමක් අතෑර ඇයගේ හිස පිරිමැදීමයි.

"අම්මේ.., මම මැරි කරලා ඉන්නේ... ඔයාට ලැජ්ජ නැද්ද ඔහොම කතා කරන්නවත් ආහ්?" තවත් නිහඩව සිටීමට නොහැකිව මධුමිතා හඩ නැගුවේ තරහින්මයි.

"හරි මධූ.. ඒක තමයි කියන්නේ.. ඩිවෝස් වෙන්න කියලා.. මම නිමේෂ් පුතාට කතා කරන්නම්. අනික එයා වුණත් තේරුම්ගන්න ඕනේ ඔයාව මේ විදිහට එයා එක්ක තියාගන්න එකෙන් ඔයාට එන නරක නාමේ ගැන. මම මෙච්චර කල් ගීතිකා කියන හැමදේම හරි කියලා හිතාගෙන හිටියේ මධූ. ඒත් ඔයාගේ හදහන බැලුවාමයි මටත් තේරුණේ ඔයාගේ නෙවෙයි වැරැද්ද පුතාගේ කියලා. මෙච්චර කල් ඔයාට බැන බැන හිටියට අන්තිමේ ඔයාගේ වැරැද්දක් නෑ මධූ... අනික ඔයාගේ හදහනේ විදිහට මනුස්සයා ට වෙන ගෑනියෙක් පස්සේ යනවලු. ඒ කියන්නේ තව ටික කාලෙකින් ඒකත් වෙයි.. ඒ නිසා වෙන ගෑණුන්ගේ මිනිස්සුන්ට බත් තම්බ තම්බ තවත් ඔය අපායේ ඉන්නේ නැතුව ඉක්මනට ඔය මනුස්සයාගෙන් අයින්වෙන්න. මම ගීතිටත් කියනවා අදින් පස්සේ අපේ යාළුකම් ඉවරයි කියලා.

එයා මෙච්චර කල් මගේ දරුවාටම වැරදි කිව්වා. මම මෙච්චර කල් එයා හරි කියලා හිතාගෙන හිටියා. ඒත් අන්තිමේ.. අන්තිමේ වෙලාව බැලුවාමනේ තේරුණේ.. මධූ.. මම නම් කියන්නේ අදම එන්න කියලා ඇඳුම් ටිකත් අරගෙන. මේක අපේ වැරැද්ද.. අපියි ඔයාට මෙහෙම කාලකණ්ණි කසාදයක් කරලා දුන්නේ.

අපියි මේ හැමදේටම වැරදි.. ඒත් මම ඒ වැරැද්ද හරිගස්සනවා..

මධූ ඔයා ලෑස්තිවෙන්න අර පුතාව මැරි කරන්න. පුළුවන් ඉක්මනට ම මම මේ දේවල් පිළිවෙලක් කරනවා. ඔයාගේ ජීවිතේටත් සතුටක් තියෙන්න ඕනේ. අනික කවදාහරි දවසක අපි මැරෙන්න කලින් ඔයාගේ කියලා දරුවෙක්ව බලන්න ඕනේ.."

"අම්..මේ... මම.. නිමේෂ්.. එක්ක ගොඩක් සතුටින් ඉන්නේ..." ඇය තරමක් අපහසුවෙන් හඩ නැගුවේ තරහා මෙන්ම සිතට දැනුනු වේදනාව පාලනය කරගෙනයි.

"මොනාද මධූ සතුටින් ඉන්නවා කියන්නේ? දරුවෙක් නැති කසාද ජීවිතේ මොන සතුටක් ද මධූ? දන්නවද යන යන තැන මිනිස්සු ඔයා දිහා බලන විදිහ? මේ ලගදිත් අර සුනීතා මගෙන් ඇහුවා ඔයාට තාම දරුවෝ නැහැ නේද කියලා. මට ලැජ්ජාවේ බැහැ. මේ පලාතේ ඉන්න නැහැ හැමෝම අහන්නේ ඔයා වඳයි නේද කියලා. තාත්තායි, මමයි කොහොමද කියන්නකෝ මේ මිනිස්සුන්ට මූණදෙන්නේ?

දැන් බැදලා කොච්චර කල් ද දරුවෝ.. අවුරුදු දහයකටත් ලංවෙන්න යන්නේ! ඔයාට පස්සේ බැඳපු හැමෝටම වගේ දැන් ලමයි දෙන්නා තුන්දෙනා ඉන්නවා! ඔහොම ගිහින් ඔයා හැමදාටම තනිවෙයි ලමයෝ..

වයසට ගිහින් සලකගන්නවත් ලමයෙක් හදාගන්නවා. ඔය මිනිහා මැරුණ දවසටවත් උඹව බලාගන්න කෙනෙක් ඉන්න එපැයි.." ඒ වදන් එක්ක නම් මධුමිතාට තවත් තම තරහා පාලනය කරගත නොහැකිවූවා.

"ඉවරයිද? ඉවරයි ද කියවලා? මේක අහගන්න අම්මේ..." ඈ වෙව්ලමින් තරහින්ම කතා කරද්දී, නිමේෂ් මධුමිතාගේ උරහිස් වටා දෑතම යවලා ඇයව ආදරයෙන් අල්ලගත්තේ ඒ තරහා පාලනය කිරීමේ අරමුණින්.

"ඔයා කියනවා වගේ මට වයසට ගියාම බලාගන්න කියලා ලමයි හදන්න කිසිම උවමනාවක් නැහැ. අනික ඔයාලාට සතුටින් ඉන්න දරුවෝ හදන්න ඕනේ කියලා දෙයක් තිබුණට අපි දෙන්නට එහෙම දෙයක් ඕනේ නැහැ! අපි දෙන්නා ගොඩක් සතුටින් ඉන්නේ! ඒක මට ඔයාට ඇඟිල්ලෙන් ඇන ඇන පෙන්නන්න ඕනේ නැහැ!

මට ලමයි ඕනේ නෑ!!

වැරැද්ද තියෙන්නේ මගේ!! නිමේෂ්ගේ නෙවෙයි!!

ඒ වුණත් වැරැද්ද කාගෙද කියන එකත් මටවත්, නිමේෂ්ටවත් වැඩක් නැහැ!

මට දරුවෝ එපා!!

ඕනේම නැහැ!!

තේරුණාද?

මීට පස්සේ මොන දේ වුණත් මට කෝල් කරන්නත් එපා!!

දිව් ඉන්නවානේ.. දිව්ට කෝල් කරන්න!

එයා ආයෙත් ප්‍රෙග්නන්ට්!

ඒකනේ ඔයා මේ දඟලන්නේ!

මම දන්නවා!

කලින් පාරත් එයා ප්‍රෙග්නන්ට් වුණාමනේ ඔයාට මා එක්ක තවත් තරහා ගියේ!!

මට ඔයාලා කවුරුත් ඕනේ නෑ!!!

කවුරුත් ම ඕනේ නැහැ!

ලමයි ඕනේත් නැහැ!

ඔයාලා ඕනෙත් නැහැ!

කවුරුත් ඕනේ නැහැ!

මට නිමේෂ් ඉන්නවා!

ඒ ඇති!!"

තවත් වචනයක්වත් නොකියා මධුමිතා දුරකතනයේ තිරයට තරහින්ම අතින් ගැහුවේ ඇමතුම විසන්ධි කිරීමටයි.

ඈ තවමත් වෙව්ලන්නේ තරහටමයි.

තම මවගේ වදන්, වචනයක් වචනයක් පාසාම නැවතත් කන් වලට දෝංකාර දෙද්දී, ඉවසුම් නොදෙන තරහකින් මධුමිතාගේ සිත පිරී යද්දී, ඇය කෑ ගසාගෙනම තම දුරකතනය පොළවේ ගැහුව අතර, රථයේ ඉදිරිපස මුල්ලකට එය විසිවී ගියා.

"මධූ.... මධූ... රිලැක්ස්..." එසේ ඇයගේ සවන්පතකට මුමුණමින්ම ඔහු ඇයව සැනසීමට උත්සාහ කලත්, මීලගට මධුමිතා කලේ, ඔහු හීනෙකින්වත් බලාපොරොත්තු වූ දෙයක් නොවෙයි.

"අහකට යනවා නිමේෂ්!! ඔයා තමයි මේ ඔක්කෝටම මුල!! ඔයා මොකටද මට ඒ කෝල් එක ආන්ස්වර් කරන්න කිව්වේ?" ඇය තරහින්ම ඔහුටත් එලෙස කෑ ගහද්දී නිමේෂ් ඇයගෙන් ඈත් වී තම අසුනට බර වූයේ, සුසුමක් හෙලමින්.

මැළවුණු වතත් එක්කම මධුමිතා වීදුරුවෙන් පිටත බලාගත්තේ, අත් දෙකත් පපුව වටා බැදගෙන. ඇය සිටියේ නොසන්සිදෙන තරහකින්. තවමත් හිතට දැනුනු වේදනාව තීව්‍ර නොවූ නිසා කඳුලක් හෝ ඒ දෙනෙත්වලින් වැටුනේ නැත. ඇය සිටියේ, අතිශයින්ම කෝපයෙන්.

"මධූ..," නමුත් ඇයගෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණි.

එනිසාම නිමේෂ් ඇයගේ අතකින් අල්ලා, ඇයව තමා දෙසට හරවාගත්තත්, ඔහුගේ අත ගසා දමා, ඒ දෙනෙත් මගහැර, ඇය අසුනට හිසත් බර කරගෙනම බර කල්පනාවකට වැටුනේ, තම රතුපැහැති සායම් ආලේපිත නියපොතුත් හපන ගමන්.

"ඔය ගිය සතියේ සැලෝන් ගිහින් හදාගෙන ආව නියපොතු ටික නේද දාගෙන කන්නේ?" මෙවර නිමේෂ් සරදමට මෙන් විමසුවේ, ඇයගේ අවධානය වෙනස් කිරීමට වුවත්, ඇය නම් ඔහු දෙස ඔරවා බලා නැවත වතාවක් සිය නියපොතු හැපුවෙ තරහටමයි.

"මධූ..., හොඳ ලමයා වගේ මම කියන අහන්නකෝ..." නිමේෂ් නැවත වතාවක් ඇයට කතා කිරීමටයි උත්සාහ කලේ.

"මොනා අහන්නද නිමේෂ්? ඔයාට ඇහුණේ නැද්ද එයා කියපු දේවල්? ආහ්?" තරහින්ම එලෙස අසමින් ඔහු දෙස බැලුවත්, මීලගට ඒ දෙතොල් වෙව්ලුවේ සැඟවුණු ඉකියක් පිටතට පනිද්දී. මේ තරම් වෙලාවක් සඟවාගෙන සිටී ඒ කඳුලු කැට එක දෙක දෙනෙත්වලින් පහලට පල්ලම් බහිද්දී මධුමිතා නිමේෂ්ගේ වමත තම දෑතින්ම බදාගෙන, ඒ උරහිසේ මුහුණ සඟවාගත්තේ, මුළු ඇඟම සෙලවෙන අයුරින් ඉකි ගසා හඩමින්.

"මධූ... බබා... අහන්නකෝ..." නිමේෂ් ආදරයෙන් ඇයගේ හිස පිරිමදිමින්ම කතා කලත් මධුමිතා නෙවෙයි හිස එසවූයේ.

"මධූ.. අපි අම්මලා ගැනත් හිතන්න ඕනෙනේ බබා..."

"අම්මලා ගැන හිතන්න..? ඒ.. ඒ... කියන්..නේ... අපේ.. අපෙ.. අම්මා.. අර විදිහට.. ඔයාගෙන් ඩිවෝස් එක ඉල්ලුවො..ත් ඔයා.. ඔ..යා.. දෙනවද නිමේ....ෂ්?" වෙව්ලන දෙතොල් අතරින් ඇය නැවතත් අපහසුවෙන් වදන් පිටකලේ, ඔහුගේ දෑස් දෙස බලාගෙනමයි. මෙතෙක් වෙලාවක් ඇයගේ ඇස් කොනකට එකතු වී තිබුණු විශාල කඳුලු බින්දුවක් පිටාර ගැලුවේ ඒ මොහොතේමයි.

"පිස්සුද මධූ? දැන් කවුද එහෙම කිව්වේ? ආහ්? මගෙන් ඈත්වෙන්න නම් හීනෙකින්වත් හිතන්න එපා හොඳද? මතකනේ මීට අවුරුදු ගාණකට කලින් එදා රෑ මම කිව්ව දේ? මං ඔයාව මගේ ජීවිතේට ලං කරගත්තේ ආයේ මොනම හේතුවකටවත් ඈත් කරන්න නෙවෙයි මධූ.. අන්න ඒක මතක තියාගන්න..." ඇයගේ කොපුල්වල තෙත කඳුලු පිහදාමින්ම ඔහු එලෙස පවසද්දී, බුරුල් වුණ නහය උඩට අදිමින්ම මධුමිතා හිස සැලුවා.

"මම කියන්නේ... අපි එයාලාව තේරුම්ගන්න ඕනේ කියලා ලමයෝ.. එයාලට ආස ඇතිනේ ඉතිං මුණුපුරෝ මිණිපිරියෝ දකින්නත්.. හ්ම්ම්?"

"ඔයාටත් ආසද නිමේෂ්? ඔයාටත් ආසයි නේද තාත්තා කෙනෙක් වෙන්න...? ඒත් මට.. මට... ඒ ආසාවවත් ඉෂ්ට කරන්න බෑ...නේ... අම්මලා.. කියන එක ඇත්ත... ම..ම.. නම්.. මහා... කාලකන්නි... ගෑ..නියෙක්... ඔයා..ටත්.. දවසක.. මා..ව එපා.... වෙයිද...? ඔයාට...ත් දරුවෙක් ඕනේ.. මං.. නිස..යි.. මං.. නිසයි.. මේ... ඔක්කොම..." ඉකිගසමින්ම මධුමිතා නැවත වතාවක් නිමේෂ්ගේ උරහිසට හිස තියාගනිද්දී නිමේෂ්ගේ මතකය ගියේ වසර ගණනාවකට පෙර අතීතයේ එක් දවසක් වෙතටයි.

💚❤💚❤💚❤💚❤💚❤💚❤💚
"ඩොක්ටර්... ඩොක්‍ටර්... මගේ මධූට කොහොමද?" නිමේෂ් කඳුලු පුරවාගත් දෙනෙත් සමඟම වෛද්‍යවරියගෙන් එලෙස විමසුවත්, ඇයගේ දෙනෙත්වල නම් රැදුනේ ඒ තරම් සුභවාදී බැල්මක් නෙවෙයි.

"මිස්ටර් නිමේෂ්, මට ඔයාත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ.. ප්ලීස් එන්න මාත් එක්ක" වෛද්‍යවරියගේ කුටියට නිමේෂ් ඇතුළුවූයේ ඒ අවසරයෙනි.

"මේ අහන්න මිස්ටර් නිමේෂ්.. ඔයාගේ වයිෆ්ගේ සිටුවේෂන් එක සීරියස්. මේ වීක් එකට එයා සූසයිඩ් කරගන්න හදපු තර්ඩ් ටයිම් එක මේක. මේක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. අපි එයාව කවුන්සිලින් කරද්දීත් එයා හැසිරෙන්නේ මෙහෙමයි නම් අපිට සිද්ධවෙනවා, එයාව හොස්පිටලයිස් කරලා ට්‍රීට්මන්ට් කරන්න" වෛද්‍යවරිය පැහැදිලි කරද්දී නිමේෂ් මළානික වතින් ඈ දෙස බැලුවේ තවත් ඒ වදන් දරාගත නොහැකිවයි.

"ඔයා.. කියන්නේ.. ඩොක්ටර්.. මෙන්ටල් හොස්පිටල්...?" වෙව්ලන දෙතොල් අතරින්ම ඔහු විමසුවේ කඳුලක් නෙතු අඟින් ගලාගෙන යද්දී.

"යෙස් මිස්ටර් නිමේෂ්, මධුමිතා ඉන්නේ ගොඩක් අවධානම් තත්වෙක. අපිට බැහැ රිස්ක් එකක් ගන්න. එයා හිතන්නේ දරුවා නැතිවුණේ එයා හොඳ අම්මා කෙනෙක් නෙවෙයි නිසා කියලා. එයාගේ දරුවා එයා ගාවට ආවේ නැත්තේ එයා නරක අම්මා කෙනෙක් නිසා කියලා එයා හිතන්නේ... එයාට ඒක දරාගන්න බැහැ, ඒ නිසා එයා ට්‍රයි කරන්නේ එයාගේ ජීවිතේ නැති කරගන්න. එයා ගැනම එයා හිතන්නේ ගොඩක් නරක අම්මා කෙනෙක් කියන තත්ත්වෙන්. මේකට ඔයාගේ පවුලේ අය එයාට සලකන විදිහත් බලපානවා කියන එක නම් මට අකැමැත්තෙන් වුණත් කියන්න වෙනවා මිස්ටර් නිමේෂ්. කලින් පාර මධුමිතා කවුන්සිලින් ආවේ ඔයාගේ අම්මා එක්ක. එතකොට එයා එක්ක කතා කලාම තේරුණේ එයා මධුමිතා ගැන හිතන දේවල්.

මේ දේවල් ඔයාගේ වයිෆ්ට ඍජුවම බලපානවා.. තවත් බලාගෙන හිටියොත් ඔයාට වයිෆ් කෙනෙක් නැතිවෙයි...

අනික තමයි.. මධුමිතාගේ කේස් එකේදී තවත් දෙයක් තියෙනවා.. එයාගේ වූම් එක දරුවෙක් දරන්න තරම් ශක්තිමක් නැහැ.. අනික මේ මිස්කැරීජ් එක නිසා තවත් ඒක ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒ නිසා බොහෝවිට ඔයාලට දරුවෙක්ව වෙන ක්‍රමේකට ට්‍රයි කරමු කියලා තමයි මට කියන්න තියෙන්නේ.

අයි මීන්..., සරෝගේට් ඕ.. ටියුබ් මෙතඩ්ස් වලට..

බට්... මධුමිතාගේ කේස් එකේදී මට එහෙම කියන්නත් අමාරුයි. එයාගේ මෙන්ටල් එක අවුල් වෙලා තියෙන්නේ මිස්ටර් නිමේෂ්... ඔයාලා වෙන විදිහට දරුවෙක් හදනවා කියන එකෙන් තවත් එයාගේ මනසට හානිවෙන්න පුළුවන්. එයාට ඕනේ කොහොමහරි දරුවෙක් හදන්න නෙවෙයි.. එයාගේම කුසින් දරුවෙක් වදන්න.

එයාට ඕනේ දරුවාම එයාව තෝරගන්නවා බලන්න.

ඒ නිසා.. ඔය මම කිව්ව විදිහට දරුවෙක් හැදුවොත්.. එයාට දැනෙයි ආයෙත් එයාගෙන් වැඩක් නැහැ, එහෙම නැත්නම් එයාව දරුවා තෝරගත්තේ නෑ කියන ෆීලින්ග් එක.

ඔයාලාට ආයෙත් දරුවෙක් ගැන ට්‍රයි කරලා බලන්න පුළුවන් මධුමිතාගේ වීක් වූම් එකට දිගටම හරියට ට්‍රීට්මන්ට්ස් කලොත්.. බට්.. රිස්ක් එකක් තියෙනවා.. මෙතන තියෙන ප්‍රශ්නේ රිස්ක් එක තියෙන්නේ එයාගේ ජීවිතේ ගැන. මෙන්ටලි වගේම, එයා ෆිසිකලිත් අන්ස්ටේබල් නිසා... මම මෙතනදී ඔයාට තීරණය කරන්න දෙනවා.."

"මොනාද ඩොක්ටර් කියන්නේ? මට මගේ වයිෆ්ට වඩා වෙන කිසිම දෙයක් වටින්නේ නැහැ.. එයා බබෙක්ට රෙඩි නැත්නම්.. අපිට බබෙක් ඕනේ නැහැ" නිමේෂ් ස්ථීරසාර හඩින් එලෙස පවසද්දී, වෛද්‍යවරිය වුවද ඔහු දෙස බැලුවේ ගෞරවය මුසු බැල්මකින්.

"ඔයා වගේ හස්බන්ඩ් කෙනෙක් ඉන්න එකම මධුමිතාට ලොකු හයියක් මිස්ටර් නිමේෂ්.. මේ වගේ වෙලාවට හස්බන්ඩ් කෙනෙක්ගෙන් වයිෆ් කෙනෙක්ට ලැබෙන හයිය ගොඩක් වටිනවා. මම දන්නවා ඔයාටත් ගොඩක් දුකයි කියලා. මොකද නැතිවුණේ ඔයාගෙත් බබා. බට් ඔයාගේ වයිෆ්.. එයා තමයි බබාගේ අම්මා.. මම තාත්තාව පහලට දාලා කතා කරනවා නෙවෙයි, ඒත් අම්මා කෙනෙක් දරුවෙක් එක්ක මානසිකව වගේම කායිකව ගොඩක් බැඳෙනවා. දරුවා ඉන්නේ එයාගේ ඇඟ ඇතුලේ.. ඒකයි මාස නවයක් දරුවෙක්ව දරාගෙන ඉන්න එක අමාරු වෙනවා වගේම මේ වගේ දෙයක් වුණාම අම්මා ගොඩක් මෙන්ටලි වැටෙන්නේ. මධුමිතාගේ කේස් එකේදී නම් මම අර කලින් කිව්වා වගේම ඔයාලාගේ ගෙදර අය නිසාත් එයා ගොඩක්ම අවුල් වෙලා ඉන්නේ.

ඒ නිසා මිස්ටර් නිමේෂ් මම නම් කියන්නේ ඔයාට පුළුවන් නම් ඔයාගේ වයිෆ් එක්ක වෙනම ජීවත්වෙන්න..

ඔයාලාගේ ලයිෆ් එක අලුතින් පටන්ගන්න.

එයාගේ මනස හදන්න ඔයාට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඔයා අපි දෙන උපදෙස්වලට අනුව වැඩ කලොත්, එයාව හොස්පිටලයිස් කරන්නේ නැතුවම කවුන්සිලින් ඇන්ඩ් මෙඩිසින්වලින්ම ඉක්මනටම හොඳ කරගන්න පුළුවන් වෙයි අනිවාර්‍යයෙන්ම.

දරුවෙක් ඕනේම නැහැ සතුටින් ඉන්න හොඳද? අනික ඔයාලාට පුලුවනි පස්සේ කාලෙක දරුවෙක් හදාගන්න. ඕනේ තරම් දරුවෝ ඉන්නවා අම්මාලා, තාත්තලා නැතුව. අනික මේ බී.. මධුමිතාගේ හිතම හැදෙන දවසක් එන්න පුළුවන්. බට්.. එයාටම ඒක තනියෙන් හිතෙන්න ඕනේ දෙයක් විදිහටයි මම දකිනේ. එයාව ෆෝස් කලොත් එයා ආයෙත් මෙන්ටලි වැටෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගේ වයිෆ්ට අඩුවක් නොදැනෙන්න ගොඩක් ආදරය කරන්න. මේ වෙලාවේ නම් එයාට ගොඩක්ම ඕනේ කරන්නේ ආදරය.

ඒත් මේ වෙලාවෙ එයාට ලැබෙන්නේ නැත්තෙත් ඒකමයි.

එක වචනයක හිත් රිදවීමක් ඇති මධුමිතාගේ ජීවිතේ නැතිවෙන්න. ඒ නිසා එයාව පරිස්සම් කරන්න..

ඔයාට පුළුවන් නම් එයාගේ අවධානය වෙන දේකට යොමුකරන්න ට්‍රයි කරන්න. ගෙදර නිකං ම ඉන්න දෙන්නේ නැතුව ටිකෙන් ටික එයාව මොනාහරි දේකට යොමුකරන්න. ජොබ් එකක් වුණත් කමක් නැහැ.. හැබැයි එයා දැන් මේ වැටිලා ඉන්න තත්ත්වෙන් ටිකක් හොඳ වුණාම තමයි ඒ දේවල් නම් කරන්න ඕනේ..

මම හිතනවා ඔයා එයාව හොඳින් බලාගනියි කියලා මිස්ටර් නිමේෂ්.. අනික් මොන දේ දී එයා ස්ට්‍රෝන්ග් කෙනෙක් වුණත්, මේ ටොපික් එකේදී එයා ගොඩක් සෙන්සිටිව්. ඒ නිසා ටිකක් පරිස්සම් වෙන්න" වෛද්‍යවරිය දීර්ඝ විස්තරය නිමකර නිමේෂ් දෙස බැලූ අතර ඔහු සිටියේ බර කල්පනාවකට වැටිලා.

අවසානයේ තම කල්පනාව අවසන් කල නිමේෂ්, කොපුල් තෙමා තිබුණු කඳුලු දෙඅතින්ම පිහදාලා වෛද්‍යවරිය වෙතට හැරුණේ සිනාමුසු වතින්.

"මම මධූව කවදාටත් වඩා හොඳින් බලාගන්නවා.." ඔහු ඒ පොරොන්දුව ලබා දුන්නේ තමන්ටමයි.
💚❤💚❤💚❤💚❤💚❤💚❤💚

ඒ මතකයන් සමඟ නිමේෂ් නැවත වතාවක් ආවේ වර්තමානය වෙතටයි.

"මොනාද කියවන්නේ මධූ...? විකාර කියවන්න එපා.. ඔයා මාව තාත්තා කෙනෙක් කලා.. කෝ මෙහෙ එන්න..." ඇයගේ ඉණ වටා අතක් යැවූ නිමේෂ්, අනික් අතින් මධුමිතාගේ බ්ලව්සය මෙන්ම, ස්කිනිය ඉහළට ඔසවා, ඒ නිරුවත් කුස මතින් තම අත්ල තැබුවා. ඔහුගේ උණුසුම් අතෙහි ස්පර්ශය එක්ක කඳුළු සලමින් වුවත් මධුමිතා ඔහු දෙස බැලුවේ තරමක් විමතියෙනි.

"මධූ.., මතකද ඔයාට මේ බඩට අපේ චූටි දෝණි ආව දවස?" තම දෙනෙත් ද කඳුලින් තෙත් වී ගියත් නිමේෂ් දිගටම කතා කලේ ඒ දිනය අද ඊයේ වගේ මතක්වෙද්දී.

දෙතොල් වෙව්ලා ඉකියක් නැගෙද්දී, කඳුලු කොපුල් මතින් වේගයෙන් පල්ලම් බහිද්දී මධුමිතා හිස සැලුවේ ඔහුගේ දෙනෙත් දෙසම බලාගෙනයි.

මීලගට ඒ දෙතොල් යාන්තමට විවර වී සෙමෙන් කතා කරන්නට පටන්ගත්තේ, නිමේෂ්ට පමණක්ම වැටහුණු ඇයගේ මිමිණිලි ස්වරයෙන්.

"දෝණි නෙවෙයි.. මගේ.. පුතු පැටියා..." තම කුස මත රැදුනු ඔහුගේ අත මතින් තම අත තබා මධුමිතා එලෙස මුමුණද්දී, කඳුලක් නැවත වතාවක් ඒ නෙතු අතරින් ගලාගෙන යද්දී, ඇය නැවත වතාවක් සංවේදී වූයේ අතීත මතක එක්ක තම මනසත් සංවාදයක යෙදෙද්දී.

"හ්ම්ම්.. හරි එහෙනම්. මගෙ දෝණි.. ඔයාගේ පුතු හරිද?" තම බිරියගේ නළලත සිපගනිමින්ම නිමේෂ් විමසුවේ ළයාන්විත හඩකිනි.

"මතකද මධූ.. එයා ආව දවස? අපි දෙන්නා කොච්චර නම් සතුටු වුණාද කියලා?" ඇයව තම ළයට තුරුළු කරගෙනම ඒ කුස පිරිමදිමින්ම ඔහු විමසුවේ නැවත වතාවක් ඒ නළලත හාදුවකින් තෙමන ගමන්මයි.

"හ්ම්ම්.. ඔයා ගොඩක් ඇඬුවා..." මධුමිතා හඬමින්ම සිනාසෙන ගමන්ම කියද්දී, නිමේෂුත් කඳුලු අතරින්ම සිනාසුනා.

"හ්ම්ම්.. මට මතකයි.. එදා ඉදන් මම වැඩ වර්ජනේකුත් කලා ඔයා එක්කම ඉන්න ඕනේ කියලා.. මතකද?" නැවත වතාවක් ඔවුන් දෙදෙනාගේම මුව මත පිපුනේ සිනාමල් ය.

"මතකයි නිමූ... කොහොම අමතක කරන්නද ඒ හැමදේම? මම මැරෙන මොහොතෙදිත් මට මතක තියෙවි ඒ හැමදේම" මධුමිතා නැවත වතාවක් සංවේදී අයුරින් කතා කරද්දී, ඇයගේ ඉණ වටා එතී තිබුණු නිමේෂ්ගේ අත ඉහළට විත් ඒ හිස පිරිමැද්දේ සෙනෙහසින්. ඇය අතිශයින්ම සංවේදී වී ඇති බව ඔහු නොදන්නවා නොවෙයි.

"ඒක නෙවෙයි මම කියන්න ගියේ මැණික... මම කියන්නේ.. එයා ඔයාගෙ මේ බඩට ආව දවසේ ඉදන් මම තාත්තා කෙනෙක් වුණා, ඔයා අම්මා කෙනෙක් වුණා. ඉතිං කාටවත් කියන්න බැහැ ඔයාට මාව තාත්තා කෙනෙක් කරන්න බැරිවුණා කියලා.. ඔයා මාව තාත්තා කෙනෙක් කලා මැණික. අනික ඔයාත් ගොඩක් හොඳ අම්මා කෙනෙක් වුණා. මතකද ඉස්සර අපි දෙන්නාම තරගෙට එයාට කතා කලා. එයාට අපි කියන ඒවා ඇහෙනවද නැද්ද කියලවත් හිතන්න අපිට ඕනේ වුණේ නැහැ..

එයා කොච්චර පොඩි ද? එයා අතපයවත් හොලවන්න තරම්වත් ලොකුවෙලා නැහැ නේද කියන එක අපිට වැඩක් වුණේ නැහැ..

අපිට ඕනේවුණේ එයාට ආදරේ කරන්න. ඒකට එයා එලියට එනකම්ම ඉන්න ඕනේ වුණේ නැහැ අපිට. අපි දෙන්නා එයාට පණ වගේ ආදරේ කලා.

නේද මධූ?"

අතීත මතකයන් එකින් එක සිනමාපට දර්ශන වගේ මැවිලා පෙනෙද්දී, අවසානයේ නිමේෂ් මධුමිතා දෙස බලා විමසද්දී, ඇය ඉකිගසමින්ම හිස සැලුවේ ඒ මිහිරි මතක ගොන්න අතරේ තමාත් ඔහු සමගම කිමිදුනු නිසා, වේදනාව ද නැවත අලුත් වද්දී.

"ඉතිං.. මධූ.. අපි දෙන්නාම අපේ පැටියාගේ අම්මායි, තාත්තායි. එයාට අපි ළඟට එන්න බැරිවුණාට, එයාත් අපිට ගොඩක් ආදරේ ඇති.. සමහරවිට මධූ.. අපිටත් වඩා එයාව ගොඩක් ඕනේ කෙනෙක් ළඟට එයාට යන්න වුණාද දන්නේ නැහැනේ..

දැන් බලන්න.. ඔයාට මම ඉන්නවා.., මට ඔයා ඉන්නවා.. ඒත් එහෙම කෙනෙක් නැති කෙනෙක් ගාවට අපේ පැටියා ගියා ඇති. එයාට ආදරේ දෙන්න. නේද?" නිමේෂ් ඇයව සනසවද්දී, මධුමිතා හිස සැලුවත් තවමත් කඳුලු නතර කර ගැනීමට නම් ඇයට හැකිව තිබුණේ නැත.

"මධූ.. අහන්න රත්තරං... ඔයා කවුරුත් කියන දේවල් හිතන්න යන්න එපා හොඳද? මම ඔයා එක්කම ඉන්නවනේ.. අර ප්‍රියදර්ශනී නෙවෙයි ඒ වගේ ගෑණු සීයක් ආවත්, මම ආදරේ ඔයාටනේ.. මම ඉන්නේ ඔයා එක්ක හැමදාම! හොඳද? එදා මම මේ අත අල්ලගත්තේ ආයේ අතාරින්න නෙවෙයි මධූ.." මෙවර ඇයගේ කුස මත තිබුණු තම අතින් මධුමිතාගේ වමත ගත් නිමේෂ්, ඒ ඇඟිලි මත හාදුවක් තැවරුවෙ, ඇයගේ කඳුලු පිරි දෙනෙත් දෙස බලාගෙනමයි. මීලගට ඒ අත අතහැර ඒ කොපුල් අතර තම ඇඟිලි විහිදා කඳුලු පිහදැම්මේ, මධුමිතා හඬමින්ම යාන්තමට සිනාසෙන්නට උත්සාහ කරද්දීයි.

"මුල් කාලේ මම ගොඩක් නපුරු වුණා තමයි.. පිළිගන්නවා. ඒත් එදා මම ආදරෙයි කිව්ව දවසේ ඉදන් කවදාවත්ම වෙන කෙනෙක් ගැන හිතලා නැහැ මධූ.., ඔයා විතරයි.. ඔයාම විතරමයි.. අපිට අපි දෙන්නා විතරක් ඇති මැණික. බබාලා අපිට හිටියත්, නැතත් අපිට සතුටින් ඉන්න පුළුවන් අපි අපිට ආදරේ හින්දා. නේද?" ඒ අවසන් පැනයත් සමඟම ඇය නැවත වතාවක් මහා සද්දෙන් ඉකිගසා හඬන්නට පටන්ගත්තේ, ඔහුගේ හදවතත් නැවත රිදුම් දෙද්දී.

"ඔය ඉතිං අඬනවනේ... කෝ ඉන්න මේ බංඩි ගෙඩියට කිස් එකක් දෙන්න.." ආදරණීය හඩකින් එලෙස පවසන ගමන්ම, ඇයගේ බද දෙපසින් අල්ලාගත් නිමේෂ්, තම දෙතොල් ඇයගේ නිරුවත් කුසෙහි තැවරුවේ ඇයගේ අවධානය සියතට ගැනීමටයි.

හාදු කීපයක්ම එලෙස ඔහුගෙන් ඇයට තිළිණ වද්දී, මධුමිතාගේ දෙනෙත් ඉබේටම පියවද්දී ඇය දෙනෙත් වසාගෙනම අසුනට හිස හේත්තු කරගත්තේ, නිමේෂ්ට නිදහසේ ඔහුගේ කාර්යය කිරීමට ඉඩ දෙමිනි.

තවත් හාදූ කීපයකටම පසු ඔහු නැවත වතාවක් කතා කරන්නට පටන්ගත් අතර, මෙවර නම් නිමේෂ්ගේ සිතුවිලි පෙර තරම්ම දුක්බර වූයේ නැත.

"මධූ..... ඔයා ඩයට් කරනවා වැඩි නැද්ද ආහ්? කෙට්ටු වෙලා හොඳටම.. මේ.. ඔන්න දැන්ම කිව්වා මට නම් ලෑලි බඩක් එපා හොඳද?" ඇයගේ කුසට දසන් තදකරමින්ම නිමේෂ් පවසද්දී, මේ තරම් වෙලාවක් කල්පනා සයුරක ගිලී සිටී මධුමිතාත් යාන්තටම සිනාසුණා.

"එච්චර කෙට්ටු වෙලා නෑ නිමේෂ් බොරු කියන්න එපා..." ඈ සිනාසෙමින්ම ඔහුගේ හිසට යාන්තමට පහරක් ගැසුවේ සෙල්ලමට මෙනි.

"හරි.. එහෙනම් මෙතනින් නවත්තන්න. ඔය ඇති මලවිකාර ඩයට් කලා..."

"නිමේෂ්.... ඊයේනේ මම පටන්ගත්තෙත් අනේ... ඔයා කියන්නේ හරියට මම අවුරුදු ගාණක ඉදන් ඩයට් කරනවා වගේ.."

"හරි හරි.. ඊයේ පටන් ගත්තා, අද ඉවර කලා. ඕකේ?" ඇය පිළිතුරක් දෙනකම් ඉවසා නොසිටී ඔහු නැවත වතාවක් ඇයගේ කුසට හාදු කීපයක් ලබාදුන්නේ ඇයගේ අවසරයක්වත් නැතුවයි.

මීළගට ඔහු හිස ඔසවන්නේ නැතුවම ඇය දෙස බලද්දී, ඇයගේ දෙනෙතුත් ඔහු වෙතට යොමු වී තිබුණා.

මේ වනවිට ඔවුන් දෙදෙනාගෙම කඳුලු වියැකි තිබුණු අතර නිමේෂ් ඇයගේ කුසින් තම මුව ඉවතට ගෙන, කෙමෙන් කෙමෙන් එසවුණේ ඒ දෙනෙත් දෙසම බලාගෙනයි. ඔහු තම මීලග නවාතැන්පොළ කරගත්තේ ඇයගේ ළය මඩලයි. බ්ලව්සයට උඩින්ම හදිසි හාදූ කීපයක්ම ඒ මත ඇතිරුවත්, ඔහුගේ දෙනෙත් නම් ඇයගේ දෙනෙත්වලින් මිදුනේම නැත.

මීලග ඒ දෙනෙත් අභියසම නැවතුනු ඔහු, තම දෙතොල් මඟින් ඇයගේ දෙතොල් ස්පර්ශ කලේ, ඇය ද ඒ හාදුවට කිසිදු විරුද්ධත්වයක් නොදක්වා, ඔහුට සියුම් ව සහය ලබාදෙද්දී.

එය ඒ තරම් දීර්ඝත් නොවූ, කෙටිත් නොවූ හාදුවක් ලෙස අවසන් විය.

නමුත් හාදුවේ අවසානය සනිටුහන් වද්දී නැවත වතාවක් මධුමිතාගේ දෙනෙත්වල කඳුලු අලුත් වීමට වැඩිවෙලාවක් ගියේ නැහැ.

"මධූ.... අනේ.. ඇයි මේ ආයේ ආහ්? ප්ලීස් මධූ.... ඉන්නකෝ.. වතුර ටිකක් බීලා රිලැක්ස් වෙමු හොදේ..." ඇයගෙන් වෙන්වී තම අසුනට බර වූ නිමේෂ් පිටුපස ආසනයේ වූ වතුර බෝතලය ගැනීමට හැදුවත්, නැවත වතාවක් මධුමිතා ඔහුගේ අතින් අල්ලගත්තේ, පෙර ලෙසමයි.

"එපා නිමේෂ්.. මට වතුර එපා..." ඔහුගේ උරයට හිස හේත්තු කරගනිමින්ම මධුමිතා මිමිණුවා.

"එහෙනම්..? ආයේ අඬන්නේ ඇයි මධූ..?"

"මට.. අම්මා.. එයා.. එයා.. මොනා කිව්වත් කමක් නෑ.. ඒත්.. ඒත්.. අම්මා කොහොමද... අම්මා... කොහොමද ඔයා නැති දවසක් ගැන මා එක්ක කිව්වේ..? අඩු තරමේ කොහොමද ඒ වගේ දෙයක් හිතන්නෙවත් දෙයියනේ...?" ඇය නැවත වතාවක් පෙරටත් වඩා ඉකිගසා හඬන්නට වූවා.

"මධූ..." ඇයගේ හිස පිරිමදිමින්ම නිමේෂ් සිහින් හඩින් මිමිණුවක් තවත් මොනවා කියලා ඇයව සනසවන්නදැයි ඔහුට වැටහුනේ නැහැ.

"එයා... එයා... කොහොමද එහෙම කිව්වේ නිමේ...ෂ්? දුවෙක්ට අම්මා කෙනෙක් ඒ වගේ.. දෙයක්.. කොහොමද කටත් ඇරලා කියන්නෙවත්...? කොච්චර නරක දෙයක් ද එයා කිව්වෙ? අනේ... මම එයාලාගේ ලමයෙක් නෙවෙයි ද නිමේෂ්? ඒක..ද එයාලා මට මෙහෙම කරන්නේ? අනෙ... ඇයි එහෙම කිව්වේ..? ඔයා නැති දවසක්? අනේ.... නිමේෂ්...

ඇයි එයාලා අපිට මෙහෙම කරන්නේ?

අපි කාටවත් වැරැද්දක් කලේ නැහැ.. අපි... අපි.. එයාලාගේ අකැමැත්තෙන් මැරි කලාද?

නැහැනේ...

එයාලාමයි අපිව ප්‍රොපෝස් කලේ.. දැන් එයාලාමයි අපිව වෙන් කරන්න හදන්නෙත්...

ඇයි අම්මා එහෙම කරන්නේ නිමේෂ්?

අම්මාට එහෙම කරන්න ඕනේ නම්, ඇයි දෙයියනෙ.. ඇයි... දෙයි..යනේ.. එයා එදා.. මට ඔයාගේ ෆොටෝ එක පෙන්නුවේ... ඒ.. ෆොටෝ.. එක දීලා ඇයි කිව්වේ... ඔයාව තමයි මම මැරි කරන්න ඕනේ කියලා?

ඇයි එහෙම කිව්වේ නිමේෂ්? ඇයි?

ඇයි මම මෙහෙම පිස්සියක් වගේ ඔයාට ආදරේ කරනකම් බලාගෙන හිටියේ අපිව වෙන් කරන්න ඕනේ නම්?

අපිට දරුවෙක් ලැබෙන්න ඇවිත්, ඒ දරුවා නැතිවෙනකම්ම ඇයි එයාලා බලන් හිටියේ අපිව වෙන් කරන්න? ඇයි ඒ?

ඇයි එයාලා මෙ විදිහට නරක කතා කියන්නේ?

එයා... එයා.. හොඳටම දන්නවා.. හොඳටම දන්නවා මම ඔයාට කොච්චර ආදරේද කියලා... එයා.. ඒවා දැනගෙනත්.. කොහොමද එහෙම නපුරු කතාවක් කිව්වේ නිමේ...ෂ්? එයා... ගොඩක්.. නපුරුයි..

එයාට ටිකක් හිතලා බලන්න තිබුණා ඒ වගේ දෙයක් කියන්න කලින්..

මොකද එයාට කොහොම දැනෙයි ද තාත්තා මැරු..." මේ තරම් වෙලාවක් ඔහුගේ උරහිසෙ හිස හොවාගෙන වේදනාවෙන් හඬමින්ම ආවේගශීලීව කතා කරමින් සිටී මධුමිතාට තම වචන සම්පූර්ණ කරන්නට ඉඩ නොලැබුණේ නිමේෂ් තම දබරඟිල්ල ඇයගේ මුව මත තබා ඈව නතර කල බැවිනි.

"ඔයා අහන්න අකැමැති දේවල් අනික් අයට කියන්න එපා මධූ.." ඒ වදන් එක්කම අලුත් ඉකියක් ඇයගේ දෙතොල් අතරට ඉපදුනා.

"ඔය බලන්න ඔයා කොච්චර හොඳද? මගේ ස්වීට් නිමූ... ඔයාට කොහොමද එයා එහෙම කතාවක් කිව්වේ? හ්ම්ම්?" නිමේෂ්ගේ කොපුලක් මිරිකන ගමන්ම මධුමිතා නැවත වතාවක් මහ සද්දෙන් හඬන්නට ගත්තා.

"හපෝ.... මේ මොකද අනේ මේ? වෙනිදට මට කඳුලු කුමාරයා කියන කෙනා, අද කඳුලු කුමාරි වෙලාද? අඬනවා අඬනවා ඉවරයක් නැහැනේ.. මම බලන් ඉන්නවා මේ නැවතෙයි, නැවතෙයි කියලා. කෝ නවතින පාටක් නැහැනේ.. මේ මෙතන පාක් කරන්නත් පුළුවන් ද මන්දා මම පාක් කලාට. පොලිසීයෙන් දඩයක් කන්න වෙන සීන් එකක් ද මන්දා.. ඊලග දවසේ නිව්ස්වලට යයි 'ප්‍රසිද්ධ අපරාධ නීතීඥ නිමේෂ් කුලසිංහ මාර්ග නීතිකඩකොට දඩයක් කයි' කියලා" නිමේෂ් සිනාසෙමින්ම මධුමිතාගේ කඳුලු පිසලෑවත් ඇයගේ කඳුලු නතරකරගැනීමට ඇයටවත් නොහැකිවයි සිටියේ. තමන් කෙතරම් නම් විහිළු කලත්, ඇයව ඇයගේ මනෝබාවයෙන් ගැලවීම ඒ තරම් පහසු නැති බව ඔහුට වැටහුනා.

"මට ඔයා නැති වුණොත් නම්.. පිස්සු හැදෙයි නිමේෂ්..." ඇය නැවත වතාවක් සෙමෙන් මිමිණුවේ, නිමේෂ් නැවත වතාවක් ඇයගේ නළලතට තම දෙතොල් තද කරද්දී. "මටත් එහෙමයි මධූ.. ඔයා නැති වුණොත් මොනා වෙයිද දන්නෑ..." ඒ වදන් ඔහු මිමිණුවේ එවන් දවසක් ගැන හීනෙකින්වත් හිතන්නට කැමැත්තෙන් නෙවෙයි.

"මට ගෙදර යන්න ඕනේ නිමේෂ්... මට දැන් එලියට යන්න මූඩ් නැහැ.." ඇය නැවත වතාවක් සිහින් හඩින් මිමිණුවේ ඔහුගේ උරයේම මුහුණ සඟවාගනිමින්.

"ආ...හ් එහෙම කරන්න බෑ.. අද ඩේට් එකකට එක්කන් යනවා කියලා සති ගාණකට කලින් පොරොන්දු වුණානේ. වයිෆ්ට වෙන පොරොන්දු කඩන එක අපායේ යන වැඩක් ලු ආහ්.. ඒ නිසා අද එලියට යං මධු.. ආයේ දවස් ගාණකට මට ෆ්‍රී වෙන්න බැරිවෙයි.."

"කමක් නෑ.. මට අද ගෙදර යන්න ඕනේ.."

"හයියෝ.. බෑනේ ඉතිං.. කෝ.. අඬලා ඉවරද? මදැයි මමත් පොඩ්ඩක් අඬන්න කියලා ආවා අද දවසේ විස්තර කියලා.. කොහෙද ඒවා කරන්නේ මෙයා දාගෙන අඩනවනේ.." නිමේෂ් නෝක්කාඩුවට මෙන් කියද්දී, මධුමිතා ඉක්මනට ඔහුගෙන් ඈත්වූවා.

"අඬන්න තරම් මොනාහරි වුණාද අද නිමූ?" ඇයගේ ස්වරයෙහි පැහැදිලි වෙනසක් නිමේෂ්ට අසන්නට ලැබුණු අතර, ඒ වතෙහි ද රැදුනේ ඔහු පිළිබඳව වදවෙන බැල්මකි.

"හ්ම්ම්..." මූණත් බෙරි කරගෙනම නිමේෂ් හිස සලද්දී, මධුමිතා සුපුරුදු පරිදි තම දෑත් විහිදා ඔහුට ආරාධනා කලේ උණුසුම් වැළඳගැනීමකටයි.

ඒ සමගින්ම තම දෙතොල් අතර සිනාවක් උපදවාගත් නිමේෂ්, මධුමිතාගේ තුරුළට වී ඒ ළය මතින් තම හිස තියාගත්තේ කුඩා දරුවෙක් වගේ.

"මොකද වුණේ නිමූ?" මධුමිතා මෙවර විමසුවේ, සීරුවට ඔහුගේ දිගැති හිසකෙස් අතරින් තම අතැඟිලි යවමින් සියුම් ව ඔහුගේ හිස සම්භාහනය කරමින්.

"මේ කේස් එක හිතුව තරම් ලේසි නැහැ මධූ..." ඔහු සිහින් හඩින් විස්තර කලේ තමන් දින ගණනාවක තිස්සේම තවමත් යෙදී සිටින නඩුව විභාගය පිළිබඳවයි.

"අර අවුරුදු පහේ බබාව මරපු එක නේද නිමූ?" මධුමිතා තරමක් දුරට කල්පනා කර විමසුවා.

"හ්ම්ම්.. ඔව් මධූ.. ඒක තමයි. මේකට බර අතු නම් සම්බන්ධ නැහැ වගේ.. ඒත් මොකක්හරි සීන් එකක් තියෙනවා මගේ කකුලෙන් අදින. ප්‍රධානම දේ තමයි කාටවත් ඕනේ නැහැ මට උදව් කරන්න. සමහරවිට ඒකට හේතුව මිස්ටර් ගජේන්ද්‍ර වෙන්නත් පුළුවන්"

"ගජේන්ද්‍ර? ඒ කියන්නේ...."

"අර කලිනුත් කේස් දාපු මගේ සීනියර්.. එයා මට කැමති නැහැ කියලා ඔයා දන්නවනේ මධූ.. එයා කියන විදිහට කලින් කේස් එක මට දිනන්න හම්බුණේ මට දක්ෂකම නිසා නෙවෙයි ලු, ඒක මේ නිකං ලක් එකක් ලු. එහෙම ලක් එකට දිනන කේස් හැමෝටම තියෙනවලු. ඉතිං.. මට මේ කේස් එක කරගන්න බැහැ කියලමයි එයා කියන්නේ.. අනික.. මට තොරතුරු ලැබෙන ඔක්කොම පාරවලුත් වහලා තියෙන්නේ එයා.. පොලිසීය නම් නෝ සපෝට්මයි. ප්‍රදීපයා මගේ බොක්කක් හින්දා මට සපෝට් එක දෙනවා හොරෙන්ම එහෙන් මෙහෙන් පන්නන්න පුළුවන් ඒවා පන්නලා. ඒත්.. මට.. මට හරි අවුල් මධූ.. ඇත්තටම.. කලින් කේස් එක දිනන්න පුළුවන් වුණේ ලක් එකක් නිසාද? එහෙමත් නැත්නම්.. ඇත්තටම මම දක්ෂ නැද්ද?

මට බය හිතෙනවා මධූ මට මේ කේස් එක කරගන්න බැරිවෙයි කියලා..

මම මොනාද ඒ දරුවාගේ ගෙදර අයට කියන්නේ මට මේක දිනන්න බැරිවුණොත්? අනේ සොරි කලින් කේස් එක මම දිනලා තියෙන්නේ ලක් එකට. මේ කේස් එක දිනන්න බැරිවුණා. ඔයාලාගේ ලමයාගේ මරණෙට මට සාධාරණයක් ඉෂ්ට කරන්න බැරිවුණා. සොරි!

එහෙමද මම කියන්න ඕනේ?" ඔහු නොසන්සුන් වී ඇත.

ඒ දෙනෙත්වලට කඳුලු එකතු වී තිබුණේ නිතැතින්මයි. ඒ ඔහුගේ හීනයයි. එ ඔහු අතිශයින්ම කැප වූ ඔහුගේ රැකියාවයි.

නමුත් බොහෝවිට පීඩාකාරී පරිසරයකට මුහුණ දීමට සිදුවද්දී, ඒ පීඩනය දරාගැනීම නිමේෂ්ට අපහසුවුණා. බොහෝවිට අනෙක් අය ඉදිරියේ එලෙස පීඩනය දරාගෙන සිටින ලෙසින් රඟපෑවත්, ඇය ඉදිරියේ පමණක් සැබෑ ඔහු මතුවෙනවා.

ඒ මධුමිතාගේ කඳුලු කුමාරයා, හරිත් නිමේෂ් කුලසිංහයි.

"නිමූ.. මොනාද මේ කියවන්නේ?" ඔහුගේ හිස පිරිමදිමින්ම මධුමිතා විමසුවේ, තම සැමියා පවසන දේ විශ්වාස කල නොහැකිවයි.

"දෙයක් කෙනෙක්ගේ ලක් එකට ලැබෙනවා කියන්නේ නිමූ, එයා ඒ දේ වෙනුවෙන් එක අඩියක්වත් උස්සන්නේ නැතුව බලාගෙන ඉන්නවා නම්, එකපාරටම උඩින් පාත්වෙලා දෙයක් වෙනවා නම්. ඒත් ඔයා කලින් කේස් එක වෙනුවෙන් කොච්චර මහන්සිවුණාද කියලා මම දන්නවා නිමූ.. ඒ කේස් එක අවුරුදු එකාමාරක්, දෙකක් ඇදෙද්දී ඔයා කොයි තරම් නම් ඒ දරුවා වෙනුවෙන් සාක්ෂි හොයන්න වගේම සාක්ෂි ඔප්පු කරන්න, තර්ක කරන්න, නීති පොත් පෙර පෙරල කොච්චර නම් මහන්සිවුණාද නිමූ? ඉතිං.. ඔයාගේ මහන්සියේ , කැපවීමේ ප්‍රතිඵල තමයි අන්තිමේ ඒ නඩුව දිනපු එක. එහෙම නැතුව ඔයාට ඒක ලක් එකකට ලැබුණ දෙයක් නෙවෙයි.

එතන තියෙන ලක් එක මොකක්ද දන්නවද?" මධුමිතා එලෙස අසද්දී ඇයගේ ළමැදෙන් හිස එසවූ නිමේෂ් ඈ දෙස බැලුවේ කුතුහලයෙන්.

"ලක් එක තමයි නිමූ.. මිනිස්සු ඔයාට ආදරේ කරන්න ගත්ත එක.. එහෙම නැතුව නඩුව දිනපු එක නෙවෙයි ලක් එක. ඒත් ඔයාට මිනිස්සු ආදරේ වුණ එකත් ලක් එකට වුණා කියන්න බෑ ඉතිං. මොකද එදා ඔයාගේ ප්‍රෙස් මීටින්ග් එකේ කතාව ඇහුවාම, ඔයා මීඩියා එකට දීපු උත්තර ඇහුවාම, කාටද කියන්නකෝ ඔයාට ආදරේ නොහිතෙන්නේ? මමත් ඉතිං ආයේ ක්‍රෂ් වුණානේ.." නිමේෂ්ගේ කඳුලු පිසලමින්ම මධුමිතා අවසන් වදන් පැවසුවේ සිනාසෙමින්. ඔහු ද යාන්තමට සිනාසුනේ ඒ වදන්වලට මෙන්ම, මේ තරම් වෙලාවක් දුකින් හිටිය ඇයගේ මූණට හිනාවක් ගේන්න පුළුවන් වුණ නිසා.

"මිනිස්සු ඔයාට ආදරේ කරන්න ගත්තේ ඔයාගේ ප'සනැලිටි එකට නිමූ... පොඩ්ඩක් ඉතිං.. මේ හැන්ඩ්සම් ලුක් එකටත් කෙල්ලෝ ටිකක් නම් වශී වෙලා නෑ කියන්නත් බෑ ඉතිං.. ඒ වුණාට ඒ හැමදේම ඔයා 'ඔයා' නිසා ලැබුණ දේවල්. එහෙම නැතුව ලක් එකට ලැබුණ දේවල් නෙවෙයි නිමූ..

ඒ නිසා කලින් කේස් එක වගේම මේ කේස් එකත් ඔයා ඔයාම වෙලා, මහන්සිවෙලා වින් කරන්න හොඳද?

ඒ දරුවා දැන් මේ ලෝකේ නැතිවුණත් එයාගේ ආත්මය බලාගෙන ඇති ඔයා වෙනුවෙන්. ඔයා එයාගේ මරණයට සාධාරනයක් ඉෂ්ට කරනකම්" ඔහුගේ කොපුල් පිරිමදිමින්ම ඇය එලෙස පවසද්දී, නිමේෂ් ඒ ආදරණීය වත දිහාම බලාගෙන ආදරණීය බැල්මක් හෙළූවේ ඇයගේ කෙටි කෙහෙරැලි පිරිමදිමින්.

දිනෙන් දින ඔවුන් දෙදෙනාම වයසට යද්දී වුවත්, මේ සොඳුරු ආත්මය සමඟ මෙලෙස එකට ජීවත්වන්නට ලැබීම පිළිබඳව ඔහුගේ සිතට දැනුනේ සැනසුමකි.

"හ්ම්ම්.. මම මගේ උපරිමයෙන් වැඩ කරනවා මධූ.. තෑන්ක්ස්.. ඔයා නැත්නම් ඉතිං මාත් නෑ.. මහලොකු ප්‍රසිද්ධ නීතීඥයා කැලේ" නිමේෂ් සිනාසෙමින්ම ඇයගේ කොපුලක් සිපගත්තේ, ඇයද ඉක්මනින්ම පෙරළා ඔහුගේ කොපුලකින් හාදුවක් තියද්දී.

"ආදරෙයිනේ මං මගේ කඳුලු කුමාරයට" අනෙක් කොපුලද හාදුවකින් තෙමමින්ම ඇය පැවසුවා.

මධුමිතාගේ ඇඳුම පෙර පරිදිම නිවැරදිව සැකසූ නිමේෂ් මෙවර ඇයගෙන් ඉවත් වී සුක්කානම තම බාරයට ගත්තේ, රථය පණ ගන්වමිනුයි.

"දැන් යං නේද ඩේට් එකට? මම ටේබල් එකකුත් බුක් කලා. දැන් හොඳටම වෙලා ගිහින්නේ මධූ.. අපි ඩිනර් එක විතරක් අරන් එහෙනම් ගෙදර යමු. මම මූවි එකකටත් ටිකට්ස් බුක් කලා. ඒත් දැන් මූවි එකට මූඩ් එකක් නැහැනේ" මධුමිතා හිස සලා අනුමත කලත්, ඇයට අවැසිවුයේ හැකි ඉක්මනින් ගෙදර යන්න.

ඒත් ඔහු ඇය වෙනුවෙන් සූදානම් කරන ලද දේවල් වලින් රාත්‍රී ආහාරය හෝ ලබා නොගත්තොත් ඔහුගේ හිත රිදෙන බව දන්නා නිසාම ඇය ඊට එකඟ වූවා.

මීලගට නිමේෂ් තම රථය පැදවූයේ, ඔහු ඔවුන්ගේ රාත්‍රී ආහාරය සූදානම් කල සුපිරි හෝටලය අසලිනුයි.

ඇයගේ අතිනුත් අල්ලාගෙන හෝටලය වෙත ඔවුන් දෙදෙනාම ගමන් ගත් අතර, රථයේදීම මධුමිතා තම රූ ආලේපන නැවත ගල්වාගෙන පිළිවෙල වූයේ, හඬා දොඩා ඒ වතෙහි රූ ආලේපණ දිය වී තිබුණු නිසයි.

රාත්‍රී ආහාරය ඉතාමත් නිහඩව ගතවූයේ මධුමිතා කල්පනා ලෝකෙක ගිලී සිටි නිසයි.

"හයියෝ.. මධූ.. ඔය පොඩි ලමයා වගේ කෑමත් හලාගෙන ඇඳුමෙත් එක්ක"

"මධූ.., කෑම රස නැද්ද?"

"මධූ... ඔයාට තව අයිස් ක්‍රීම් එකක් ඕනේද? නැත්නම් වටලප්පම් එකක් ගේන්න කියන්න ද?"

විවිධාකාර දේ අසමින් නිමේෂ්, ඇයව කතාවට අල්ලා ගැනීමට උත්සාහ කලත් එය නම් සාර්ථක වූයේ නැත.

නිවසට පැමිණෙන තෙක්ම ඇය සිටියේ කල්පනාවකට බරවීයි. තම රථය නිවාස සංකීර්ණයේ රථගාලෙන් නතර කල නිමේෂ්, මධුමිතා දෙස බලාගෙනම රථයෙන් යතුර ද පිටතට ඇදගත්තත් ඇය තවමත් කල්පනා සයුරක ගිලීගෙනයි හිටියේ.

"මධූ.. ඇතුලට යමු.." අවසානයේ ඇයගේ උරහිසින් අතක් තියලා, නිමේෂ් එලෙස පවසද්දීයි ඇය පියවි සිහියට පැමිණියේ. හිස සලා රථයෙන් පිටතට බැසගත් මධුමිතා ගමන් කලේ ජිවී ස්වභාවකින් නම් නොවෙයි.

විදුලි සෝපානයට නැගගත් පසුත්, ඇය සිටියේ කල්පනාබරිතවයි. නමුත් එක්වරම ඇයගේ කල්පනා ලොවෙන් ඇයව පිටතට ගෙන ඒමට නිමේෂ් සමත් වූවා.

එක්වරම මධුමිතාව තිගස්සවමින් ඇයගේ හිස දෙපසින් තම දෑත් විදුලි සෝපානයේ යකඩ බිත්තියට තද කරපු නිමේෂ් සරාඟි සිනාවක් ද තම දෙතොල් මත මවාගෙන ඇයගේ වතට බරවද්දී, මධුමිතා ද තම දෑස් ඔසවා ඔහු දෙස බැලුවේ ඔහු මේ සැරසෙන්නේ කුමක් සඳහා ද කියලා හොඳින්ම වැටහෙද්දී.

"නිමේ...ෂ් විකාර කරන්න එපා.. අපි ලිෆ්ට් එකේ ඉන්නේ හොඳේ... කලින් පාර මතකනේ නිමාලි ඇන්ටියි, එයාගේ දුවයි ඉස්සරහා ලැජ්ජ වෙන්න වුණා ලිෆ්ට් එක ඇතුලේ ඔයා විකාර කරලා.."

"හෑපෝ.. ඒකට මොකද ලැජ්ජවෙන්නේ? එදා මම යන්තම කම්මුලට කිස් එකක් දුන්නා කියලානේ නිමාලි ඇන්ටි ඒ ගිරිය කඩන් කෑ ගැහුවේ හරියට මම ඔයාව රේප් කලා වගේ. ඒ මිනිස්සු ලමයි හැදුවේ මොනා කරලාද කියලා මට හිතාගන්න බෑ ඔය කිස් එකට ඔහොම කෑ ගැහුවා කියන්නේ" නිමේෂ් අවසන් වදන පැවසුවේ, තම දෙතොල් මධුමිතාගේ සවන්පතක උණුසුම් අයුරින් වද්දන ගමන්. මුළු ගතටම ඔහුගේ දෙතොල්වල උණුසුම දැනෙද්දී මධුමිතා තම දෙනෙත් පියාගත්තේ කෙටි සුසුමක් පිට කරමින්.

ඒ සමඟම ඔවුන් තම නිවස පිහිටා ඇති මහලට වෙතට පැමිණියෙන්, මධුමිතාගේ අතින් ඇදගත් නිමේෂ් ඉක්මනින්ම නිවස දෙසට ඇවිදගෙන ගියේ, ඇය සිනාසෙද්දී. මධුමිතා නිවසෙහි දොරටුව විවර කරද්දීත්, ඔහු ඇය දෙස බැලුවේ, අලුත විවාහපත් තරුණයෙක් තම නැවුම් බිරිඳ දෙස බලන තරම්ම හැඟීම් ගොන්නක් එක්ක.

දොරටුව හැරදැමූ මධුමිතා හිසින් නිමේෂ්ට සන් කලේ නිවසට ඇතුලුවෙන ලෙසයි. ඔහු සිනාසී එය පිළිගෙන නිවසට ඇතුළු වී තම සපත්තු නියමිත පරිදි ගලවා දමද්දී, මධුමිතා නම් පුරුද්දට වගේ තම සපත්තු ගලවා දැමුවේ ඒ තරම් සැලකිල්ලකින් නෙවෙයි.

"මධූ... ගිය මාසේ ගත්ත අලුත්ම සෙරෙප්පු දෙක නේද මේ? හයියෝ... එහෙ මෙහෙ වද්දලා දැනටමත් හූරගෙන. හමත් ගිහින් ඒකේ.. අරං දෙන්නෑ මං ආපහු පරිස්සම් කරන්නේ නෑනේ අරන් දෙන දේවල්.." මධුමිතාගේ සපත්තු දෙකත් නිවැරදි පරිදි සපත්තු රාක්කයෙන් අසුරන ගමන්ම නිමේෂ් නිවස තුළට ඇසෙන පරිදි හඩ ගෑවත් මධුමිතා නම් කිසිවක් නෑසෙන පරිද්දෙන්, තම අත් බෑගය ද සෝෆාව වෙතට විසි කර දැමුවේ, එයත් ඇයගේ සුපුරුදු පුරුද්දක් වූ බැවිනි. ඇය කවදත් ඒ තරම්ම පිළිවෙල පිළිබඳව සැලකිලිමත් වූ කෙනෙක් නෙවෙයිනේ ඉතිං.

"ඒ පාර ආයේ මොකද මේ මූණ හතරස් කරගෙන ආහ්? මොකද වුණේ?" තම කමිසයේ බොත්තම් ගලවන ගමන්ම නිදන කාමරය වෙත ගිය නිමේෂ් දුටුවේ නැවත වතාවක් ඇයගේ වතෙහි ඇදුනු දුක්බර පෙනුමකි.

"තාම කල්පනා කරන්නේ අම්මා කිව්ව දේවල් ද?" ඇයගේ මූණම තම දෝතට මැදි කරගෙන ඒ මූණට එබෙන ගමන්මයි නිමේෂ් විමසුවේ. මෙවර ඈ කනස්සල්ලෙන්ම හිස සැලුවේ තවමත් ඒ වචනවලින් තුවාල වුණු හිත සුවපත් නොවූ නිසයි.

"මධූ.. අම්මලාට විතරක් නෙවෙයි.. ඕනේ කෙනෙක්ට කැමති දෙයක් කියන්න පුළුවනි. අපි දැනගන්න ඕනේ අපි හිතන දේ ගැන තීරණය කරන්න. මට ඔයාව විශ්වාසයි නම්, ඔයාට මාව විශ්වාසයි නම් අම්මා නෙවෙයි, මෙතෙන්ට දෙයියෝ වැඩලා මොනා කිව්වත් අපිට වැඩක් නැහැ.

ඔයාට මාව විශ්වාසයි නේද?" මධුමිතා ඉක්මනින්ම හිස සැලුවේ ඒ පැනයටයි.

"හරි... මේ ඔක්කොම ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක අද දෙන්නත් එක්ක එකට වොෂ් එකක් දාමුද?" නැවත වතාවක් ඔහු පෙර පැවති සරාඟි සිනාවම දෙතොල් මත මවාගනිමින් ඇහැකුත් ඉඟිමරලා එහෙම අහද්දී, මධුමිතා කෝළ හිනාවකින් මුව සරසාගත්තා.

"කෝ එන්න..." තම කමිසය ගලවා ඉවත දැමූ නිමේෂ් මධුමිතා වෙතට ලංවූවා. "අත් උස්සන්න" කුඩා දරුවෙකු මෙන් මධුමිතා තම දෑත් ඔසවද්දී නිමේෂ් ඇයගේ බ්ලව්සය ද ගලවා දැමුවා.

"මෙහෙ එන්නකෝ දැන්.. අර ඉන්නේ කවුද?" ඇයවත් එක්කගෙනම ඔවුන්ගේ නිදන කාමරයේ විසල් කැඩපත ඉදිරියට ගිය නිමේෂ්, ඇයව තම නිරුවත් පපුවට හේත්තු කරගෙනම පිටුපසින් වැළඳගෙන විමසුවේ, කැඩපතින් පෙනෙන ඔවුන් දෙදෙනාගෙම ප්‍රතිබිම්බය පෙන්වන ගමන්.

මධුමිතා කිසිවක් නොකියා, කැඩපතින් පෙනෙන ඔහුගේ ප්‍රතිබිම්බය දෙසම බලා හිදියෙන්, නිමේෂ් ඇයගේ ගෙල මුලින් හාදුවක් තැවරුවේ ඇයගේ දෙනෙත් සැනින් අඩවන්ව යද්දී.

"මේ ඉන්නේ මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කෙනා.." කැඩපතින් පෙනෙන ඇයගේ ඡායාවට ඇඟිල්ල දිගු කර නිමේෂ් මධුමිතාට පෙන්වුවේ හීනි පටි ස්කිනියෙන් සහ යට ඇඳුමින් පමණක් ආවරණය වුණ ඇයගේ උරහිසෙහි තවත් හාදු කීපයක්ම සඟවමින්.

"මෙයා හැර මට මේ ලෝකේ වෙන කිසිම කෙල්ලෙක් නැහැ.. එයා ගැන මට තියෙන ආදරේ, ගෞරවය වෙන කිසිම කෙනෙක් ගැන ඇතිවෙලා නැහැ, ඇතිවෙන්නෙත් නැහැ කියලා මම හොඳටම දන්නවා. එයා එක්ක ගත කරපු හැම දවසකම මම එයාට කොච්චර ආදරෙයි ද කියන එක වගේම, එයාට මම කොච්චර ගෞරව කරනවද කියන එක මම එයාට පෙන්නලා තියෙනවා, කියලා හිතනවා. ඒ ආදරේ වගේම ගෞරවය එයාට දැනුනා කියලා මම හිතනවා" නිමේෂ්ගේ ඒ ආදරණීය, සංවේදී වදන් අහගෙන හිටිය මධුමිතාගේ කඳුලු බිදු ඒ කොපුල් සිපගත්තේ තවත් මොහොතක්වත් ඉවසගෙන ඉන්නේ නැතුව.

ඒ සැනින් නිමේෂ් ඒ කඳුලු බිදු තම ඇඟිලි තුඩුවලින් පිසදැම්මේ, ඇයගේ කොපුල්වල ඔහු දකින්නට අකැමැතිම වූ දෙය එය වූ නිසයි.

"ඉතිං එයා දුකින් ඉද්දී මට ගොඩක් දුකයි.. එයාව සතුටින් තියන්න මම මට පුළුවන් හැමදේම කරනවා... ඒ නිසා.. මධූ.. මං වෙනුවෙන් හිනාවෙන්න පුළුවන් නේද?" ඒ ආදරණීය ඇමතුම ඇහෙද්දී කොහොමද හිනා නොවී සිටින්නේ?

කඳුලු අතරින්ම ඇය හිස සලා, ඔහු වෙනුවෙන් සිනාසුනේ, ඔහුද ඒ දෙතොල් අතර ආදරණීය හිනාවක් උපදවාගනිද්දී.

ආදරයෙන් ඔහු දෙසට හැරුණු මධුමිතා ඒ ගෙලවටා දෑත් යවා ඔහුව තමා දෙසට ඇදගෙන ඒ දෙතොල් තම දෙතොල්වලින් තෙමුවේ ඔහු ද ඇයගේ හාදුවට සහය වද්දී.

"යමුද දැන්වත් වොෂ් දාන්න? වොෂ් දාන්න කිව්වට ඉතිං.... තව කොච්චර වැඩ තියෙනවද? යං ද..? " නිමේෂ් දඟාකාර අයුරින් විමසද්දී මධුමිතා සිනාසෙමින්ම ඔහුගේ නිරුවත් පපුවෙහි හිස හොවාගනිමින්ම හිස සැලුවා. ඔහුගේ දෙතොල් අතර ද ඇදුනේ සැනසීම මුසු සතුටු මෙන්ම ආදරණීය සිනාවකි. ඒ හැඟීමෙන්ම ඇයගේ හිස මතින් හාදුවක් තැවරූ නිමේෂ්, ඇයව ඔසවාගෙන නානකාමරය වෙතට වැදුනේ, ඇය තවමත් කෝළකමින්ම ඒ පපුවේ හිස හොවාගෙන හිදිද්දීමයි.

💚❤🥀🍿🥀❤💚

අම්මා කෙනෙක් වෙන එක ලේසි දෙයක් නෙවෙයි. ඒ වගේම මධුමිතාට වගේ දරුවෝ නැතුව ඉන්න එකත් ලේසි දෙයක් නෙවෙයි. ඒ නිසා කවදාවත් කෙනෙක්ව දරුවෝ ඉන්න එකෙනුයි, නැති එකෙනුයි judge කරන්න එපා. ඒ නිසා එයාලාගේ හිත් ගොඩක් රිදෙනවා. මොකද අම්මා කෙනෙක් වෙනවා කියන්නේ mentally and physically දෙකෙන්ම එයා ඒකට සූදානම් වෙන්න ඕනේ කියන එක. සමහරවිට කෙනෙක් mentally ready වෙද්දී, Physically රෙඩි නැතිවෙන්න පුළුවන්. Physically ready වෙද්දී mentally ready නොවෙන්න පුළුවන්. ඉතිං.. අම්මා කෙනෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඒක ගොඩක් සංකීර්ණ දෙයක්.
මධුමිතාගෙයි, නිමේෂ්ගෙයි හිත්වලට දැනෙන වේදනාව කියවන ඔයාලාට දනවන්න මම ගොඩක් උත්සාහ කලා. මම දන්නේ නැහැ මම සාර්ථක ද කියලා. කොහොමවුණත්, කවදාවත් ඒ විදිහට කෙනෙක්ට අනවශ්‍ය විදිහට දරුවෝ ගැන කියලා බලපෑම් කරන්න එපා. මොකද ඒ කෙනායි දන්නේ ඒ වේදනාව කොයි තරම් නම් වේදනාත්මකද කියලා.

Thanks for reading. ගොඩක් දිග ගිෆ්ට් එකක් දුන්නනේ. ඉතිං කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙමි!

Copyright © 2022 by Saara Arisu

Continue Reading

You'll Also Like

15.9K 2.4K 38
A girl like me Description ကံကောင်းသည့် ခပ်အအဖခင်၊သူမကို အလိုလိုက်ကာ ကာကွယ်ပေးတတ်သော မိခင်နှင့် ကျောကျော့မော့မော့လေးနေပြီး အထက်တန်းဆန်သော မောင်ဖြစ်သူ...
51.1K 7K 64
Original Title Saving the Tragic Adonis •Associated Names 拯救美强惨反派[穿书] •Type Web Novel (CN) •Genre Comedy School Life Shounen Ai Slice of Life •Author...
1.2M 120K 48
ကြၽန္ေတာ္က ေမတၱာငတ္ခဲ့တဲ့ေကာင္ပါ တစ္ဖဲ့တစ္ဝက္ ဂရုဏာဆိုရင္ေတာင္မွ ခင္ဗ်ားစြန္႔ႀကဲတာမလို႔ တန္ဖိုးႀကီးပါတယ္.... ...
2.4M 205K 105
"ခင္ဗ်ားက ဟီရိုးအင္းလိုပဲ မေကာင္းမွန္းသိေနေပမဲ့လည္း လူက္ုိအရူးအမူး စြဲလမ္းေစတယ္" 19.2.2022 "ခင်ဗျားက ဟီရိ...