මන්දාරම් හැන්දෑව (On Hold) No...

By keanuthathsara

1.8K 182 114

රෑ අහස වූ නුඹට හැකි ලෙසින් එළිය ගෙනන තනි තරුවක් වෙන්නම් මා අමාවක දවසෙත් නොසෙල්වී නුඹ අසලින් හිඳින්නම් මියෙන... More

මන්දාරම් හැන්දෑව 01
මන්දාරම් හැන්දෑව 02
මන්දාරම් හැන්දෑව 03
මන්දාරම් හැන්දෑව 05
මන්දාරම් හැන්දෑව 06

මන්දාරම් හැන්දෑව 04

186 26 15
By keanuthathsara

මන්දාරම් හැන්දෑව

සිව්වන දිගහැරුම

හිරු අවරට යන්නට මත්තෙන් අම්මා සාදා දුන් අග්ගලා හා තේ කොප්පය රැගෙන සේපාලිකා ගහ යට වූ බංකුව මත වාඩිවී ඈතින් රක්තවර්ණයෙන් බැසයන හිරුනිසා වර්ණගැන්වි ඇති සේද වළාවන් දෙස බලමින් මා නිදහසේ තෝ බොන්නට වීමි.අහස්කුසේ තැනින් තැන පුළුන් මෙන් ඇති හිටි වළාකුළු මතට හිරුරැස් වැටීමෙන් ඒවා මිණි සළු මෙන් බබළන්නට විණි.වැව් ඉස්මත්ත දෙසින් ඇසෙන මොනරුන්ගේ කලකල නාදයත්,වසුපැටවුන්ගේ නාදයත් මෙන්ම කුරුල්ලන්ගේ කලබලකාරී නාදයත් අවට වටපිටාවට ස්වරයක් වූ අතර එහි පාළුබව මැකීමට එයින් සමත් විය.තේ බී අවසන් වූ පසු අම්මාට පවසා වැව් ඉස්මත්තට ගියේ පූජාකිරීමට නෙලුම් මල් කඩාගෙන ඒමටය.

හිරු රැසින් අවට පරිසරයම දිලෙසෙමින් තිබු අතර බොරලු පාරද එයින් පණ ලබා තිබුණි.මා අවට වූ සිසිලස විඳිමින් දෑත් දිගු කරමින් බොරලු පාර ඔස්සේ දුවමින් වැව් ඉස්මත්තට පියනැගූ අතර,මා එහි යනවිටත් දැල් ඇදීමට ඔරු වැව මැද්දට යන්න සූදානමින් තිබුණි..

"ආ පුතා,මොකෝ මේ පැත්තේ "

" පූජා කරන්න මල් ටිකක් කඩාගන්න කියලා ආවෙ මාමෙ.මේ ටිකේ මල් කඩලා වගේ නේද කවුරුහරි "

" ඒක තමා පුතා,ඔය කවුරුහරි කඩන් යන්නැති.වැව මැදට යන්න ඕනි නෑනෙ එතකොට..."

" ඒක තමා "

" පුතා ඔහොම ඉන්න.මං එනගමන් මල් ටිකක් කඩලා ගෙනත් දෙන්නම්.මේ ටිකේ හිටියට කමක් නෑ.අර නානතොටුපොළ පැත්තෙ එහෙම යනවා නෙවේ "

"අනේ ගොඩක් ස්තූතියි මාමෙ.නෑ නෑ මං ඒ පැත්තට යන්නෑ.මේ දං ගහට වෙලා ඉන්නම් "

" හරි පුතේ,පරිස්සමට කරන දෙයක් "

සේපාල මාමා ගමේ කාගේත් සිත් දිනාගත් අයෙක් වූ අතර,මසුන් අල්ලීම ඔහුගේ ජීවනෝපාය විය.කෙසේ නමුත් ඔහු ගුණ යහපත් අයෙක් විය.

මා වැව් ඉස්මත්තේ වූ මා දං ගහට නැග අතු අගවූ කළු පැහැති ඉදුණු මා දං කඩාගෙන ගසේම අත්තක වාඩිවී රිසි සේ දිව කලු පැහැ වෙනතුරුම කන්නට වීමි.කුරුල්ලන්ද රංචු පිටින් ගසේ උස් අතුවල සිට මා දං කෑ අතර වැව් ඉස්මත්ත දිගේම මා දං ගස් පේළියක් ම තිබුණි.ගමේ කුඩා ළමුන් නානතොටුපොළට එනවිට ඔවුන්ගෙ තාත්තා හෝ වැඩිමල් අයෙක් ඔවුනට ඇතිතාක් කෑමට මා දං කඩා දෙයි.ගම්බද අයෙකුටනම් මේවා නුහුරු පලතුරුනම් නොවේ.කුඩා කල මා දං කෑමෙන් පසු දිව කලුවෙනවා බැලීමට තිබූ කැමැත්ත නිසාම මා මා දං කෑමට මහත් ප්‍රියතාවක් දැක්වූ අතර අදටද එය එසේමය...

" ආ කවුද මේ රිලවෙක් නෙ ගහේ ඉන්නෙ "

ගහ පාමුල සිටි පුද්ගලයා දුටු මගෙ හුස්ම හිරවන්නට විණි.ඒ වෙන අයෙක් නොව සඳරැස් සර් ය.ඔහු පැමිණියේ කොයි මොහොතකද කියා මගේ සිත මගෙන් අසන්නට විය..

"ස...ස...සර්"

" හරි ශෝක්..ගහ මුදුනේ.මං බැලුවා ඔලුවට කවුද ඇට වලින් ගහන්නෙ කියලා.බලද්දි තඩි රිලවෙක් ගහ මුදුනෙ ඉදන් දං කකා ඇට බිමට දාලානෙ.දැම්මද හිතලම ගැහුවද කියලා කවුද දන්නෙ ඉතින් 😏 "

" අනේ නෑ සර්.මං දැක්කෙ නෑ සර් ඉන්නවා තියා එනවාවත්..මට සමාවෙන්න සර්.හිතලා නෙවේ කලේ "

" අයියෝ මං විහිලුවක් කලේ.ඒක නෙවේ බහිනවා බිමට.බලනවකො ඉන්න උස.බය හිතෙන්නැද්ද..."

මං ගහ දිගේ මගක් වෙනකම් බැස බාගයක් දුරදී අත්තක එල්ලි බිමට පැන්නෙමි.ගස යටවූ සෙරෙප්පු දෙක දාගත් මා සඳරැස් සර් අසලට ගොස් සාක්කු දෙකේ පුරවාගෙන තිබූ මා දං දෑතට ගෙන ඔහු අත තැබුවෙමි.

" මට ද ? "

" ඔව් සර්ට තමයි.කන්න "

" කාලෙකින් කෑවෙ නෑ සෙහස්.රසත් අමතකවෙලා දැන්..."

"අපිනම් ඉතින් ඇතිවෙන්න කනවා හැම සැරේම "

" අම්මෝ ඒවයේ රස.හොඳටම ඉදිලා නේද..."

සර්ගෙත් දිව දම්පාට වෙලා නිසා මට ඔහු දැක්කම කට කොනකින් හිනාවක් ගියෙමි

" මොකද හිනාවෙන්නෙ 😒 "

"දිව දම්පාට වෙලා 😁 "

"කියන කෙනාගෙත් ඒම තමා 😏 "

" ඒ උනාට සර් දං කන්නෙ උගුඩුවෙක් වගේ "

"මොකද්ද කිව්වේ,,,ඔහොම ඉන්නවා......"

මා එය කියා සිනාසෙමින් වැව් ඉස්මත්ත දිගේ ඉදිරියට දුවගෙන යන අතරේ සර් ද සිනාසෙමින් මා පසුපස හඹා ආවේය.මා හැකි තරම් වේගෙන් දුවන්නට වූ අතර පිටුපස හැරී බලනවිට සර් නැවී දණිස් දෙකට අත්දෙක තබා මා දෙස බලමින් මහන්සිඅරිමින් සිටියේය.

" ඇති සෙහස්...තවත්නම් දුවන්න බෑ "

" සර් පරාදයි "

මා එසේ කියමින් ඔහු වටා කැරකෙන්නට වු අතර සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමටවත් නොහැකිවන සේ මාව ඔහුගේ පපුවට වැරෙන් ඇදගෙන සෙලවෙන්නටවත් නොදී සිරකරගත්තේය.මාගේ මූණ ඔහුගේ පපුවෙහි සිරවී ඇති අතර ඔහු ලඟින් එදා මුල්ම දවසේ පංතියට පැමිණිවිට දැනුණු සුවද අද වඩාත් පැහැදිලිව දැනෙන්නට විය.පපුවෙහි වැඩී තිබූ රෝම ඔහු ඇදසිටි කමිසයේ උඩ කොටසෙන් පෙනෙන්නට තිබුණි.මා නාසය හකුලුවා දිග හුස්මක් ගෙන ඔහුගෙන් දැනුණු ඒ සුවද ආඝ්‍රාණය කළෙමි...

" දැක්කනෙ 😏 ඔන්න ඔහොමයි දිනන්නෙ "

" සර් බොරු කියලයි දිනුවෙ "

" කොහොමහරි දින්නනෙ 😏 "

" ඒම ඔට්ටු නෑ "

"සර් ලඟ හරි සුවඳයි.."

මා එසේ පවසා ඔහුගේ පපුවට ගුලිවී ඔහෙගෙ පපුව සිපගෙන පසෙකට වීමි.ඒ මොහොතේ මා ඒ කළේ කුමක්දැයි මා හට වැටහුණේ පසුවය..

" අනේ සමාවෙන්න සර්.මං මෙ...."

" සෙහස් "

" මං...මං..."

" ඉතින් සුවඳයිනම් තව ටිකක් එහෙම ඉන්නකො "

සර් මාව ආයෙත් ඔහුගේ පපුවට තුරුල් කරන් මාගෙ මුහුණ ඔහුගේ මුහුණ දෙසට හරවා දිව දිගු කොට මට සිනාසුනේය.මා දකින්නෙ සිහිනයක් ද කියා හැඟෙන තරමට මට මේ මොහොත අදහාගත නොහැකි විය.මා ඔහෙගේ පපුවට ගුලිවූයේ කුඩා දරුවෙක් මෙනි.ඔහෙගේ බඳවටා මාගෙ දෑත් යවා,තව තවත් ඔහුට ලංවෙන ගමන් ඔහුගෙ පපුවට ගුලිවන්නට වුණෙමි.බොහෝ වෙලාවක් මා එසේ සිටියෙමි.

"සෙහස් "

" සර්,සර්ගෙ හදවත වේගෙන් ගැහෙනවා "

" සෙහස් ට දැනෙනවද මගෙ හදවත ගැහෙන සද්දෙ "

"ඔව්ව්...අකීකරු විදිහට වේගෙන් ගැහෙන්නෙ "

" මං දන්නෙත් නැතුව අකීකරු වෙලා වගේ මගෙ හදවත "

" සර්ගෙ පපුව ගොඩක් රස්නෙයි..."

" සෙහස් කැමතියි ද ඒ රස්නෙට "

"හ්ම්ම්ම්"
"අනේ මට සමාවෙන්න සර්,තාත්තා නැතිවුණ දවසෙ ඉඳන් මට ඒ උණුහුම මගහැරුණු නිසා වෙන්නැති මං මෙහෙම හැසිරුනේ.අනේ සමාවෙන්න සර් "

"කමක් නෑ සෙහස්...වැඩිය හිතන්නෙපා.අපි හැමෝම කැමතියි කාගෙහරි උණුහුමක ගුලිවෙන්න.ඔයා වගේම මාත් එහෙමයි "

මා ඒ මොහොතේ හැසිරුණු ආකාරයගැන වැටහීමක් තිබුණේ නැත.නමුත් තාත්තෙක්ගෙන් දැනෙන උණුහුම මෙන් ඔහුගෙන් මට දැනුණු උණුහුමට මා බොහෝ ලෝබවුනෙමි.එහෙයින් මා තව තවත් ඔහුගේ පපුවට ගුලිවී රිසි සේ ඒ උණුහුම විඳගතිමි.ඔහුගේ ලඟින් එන හිත ඇඳගන්නා සුවදට මා ආශා කලෙමි.කොටින්ම කිවහොත් මේ ගෙවුණු මිනිත්තු කිහිපය මට මගේ ජීවිතේ කිසි දාක අමතක කිරීමට නොහැකි මිනිත්තු කිහිපයකි.ඔහු ලඟ සිටිනවිට ඒ දැනෙන රැකවරණය,නිදහස,උණුහුම,මේ හැමදේම මාගේ සිත ඔහුට තවත් ආකර්ෂණය වන්නට හේතුවක් විය.සැබැවින්ම මා ඔහුට ආදරය කරමි.මා එය හොඳින්ම දනිමි.නමුත් මේ පරස්පර සිතුවිල්ල මා ඔහුට කෙසේනම් කියන්නද.ඔහු එය කෙසේ තේරුම් ගනීවිද.කොටින්ම මගෙ හිතද මගෙන් පිරිපියෙක්ට තවත් පිරිමියෙක්ටම ආදරයක් ඇතිවීමට පුලුවන්දැයි ප්‍රශ්න කලේය.මා එය නොදනිමි.නමුදු මා ඔහුගේ අංශුමාත්‍රයක් තරම්වූ දෙයකට පවා බොහෝ සෙයින් ආදරය කරමි...

සේපාල මාමා දැල් ඇද පැමිණෙනු දුටු මා වැව අසලට ගියේ සර්ත් සමඟමය.සර්ව දුටු ඔහු සර්ව හඳුනානොගත් අතර මා ඔහුව හඳුන්වා දුන්නෙමි.ඔහු කඩාගෙනැවිත් තිබු සුදු නෙලුම් පොහොට්ටු මිටිය මා අත තැබුවේය.මා සේපාල මාමට ස්තූති කොට සර්ත් සමඟ වැව් ඉස්මත්ත දිගේ ඉදිරියට ඇදුනෙමි.පරිසයද කෙමෙන් අඳුරට යමින් තිබූ අතර කුඹුරුවල උන් ගැමියන් උදලු කර තබා වැව වෙත ඇඳුනේ නාපියා ගෙන නිවෙස් වලට යාමට අවශ්‍ය නිසාවෙනි.සර් හා මම නිහඬවම වැලි පාර දිගේ ඉදිරියට ඇදුනෙමු.පාර ඉදිරියෙන් දෙකට බෙදී ඇති අතර මෙතැන් සිට අප දෙදෙනා වෙන් වෙන්ව යායුතුය.මා අතේ වූ නෙලුම් පොහොට්ටු මිටියෙන් සුදු නෙලුම් පොහොට්ටු දෙකක් ගෙන එහි නටු දෙක එකිනෙක වටා කරකවා නෙලුම් පොහොට්ටුදෙක එකට බැඳ ඔහු අත තබා කිසිවක් නොකියාම එතැනින් හැරී නිවස වෙත ඇදුනෙමි.ආපසු හැරී බලන විට සර් තවමත් මා යන මාවත බලාසිටින අතර මා නොපෙනී යනතෙක් හිඳ ඔහු හැරී ගමන් කරනු මා දුටුවෙමි.කාලය බොහෝ දේවල් විසඳන නිසා මා මගෙ සිතුවිලි කාලයට භාරදී මා නිහඬවීමි...

මං ගොඩක්ම ආසාවෙන් ලියන්නෙ මේ කතාව.අනේ මන්දා ඇයි කියලා,මං මේක ලියන මොහොතේ පවා ඉන්නෙ කතාව ඇතුලෙ.ඒක මට ඒ තරම්ම දැනෙනවා.මං හිතනවා මටත් එහෙම දැනෙන නිසා කියවන ඔයාලට පොඩ්ඩක්ම හරි කතාව තුළ ජීවත් වෙනවා ඇති කියලා.ඉතින් ඔයාලගෙ අදහස් චෝදනා ඔක්කොම පහළින් ලියාගෙන යන්න....♥️

Um xenn

Continue Reading

You'll Also Like

700K 101K 38
Yaduvanshi Series #3 it is a book under yaduvanshi series. But it could be read as standalone too. Nitya Raghavendra is a telugu businesswoman earnin...
818K 8.2K 67
𝐢𝐧𝐜𝐥𝐮𝐝𝐞𝐬 𝐚𝐥𝐥 𝐨𝐟 𝐭𝐡𝐞 𝐛𝐨𝐲𝐬 ✦ .  ⁺   . ✦ .  ⁺   . ✦ don't forget to vote, share and comment. 🤍
264K 18.3K 56
ABHIMANYU RATHORE :- Rude , workaholic CEO of Rathore Empire .Devilesing hot , every girls drools over him .But loves his family to dearest . . SAKS...
795K 34.7K 57
"Mujhe jhelna mushkil hai nader," she said with a smile while her gaze was fixed on the table. ("It's difficult to tolerate me, Nader") "Main jhel l...