හරියටම සතියක් ගතවුණා....ජන්කුක් අන්තිමට ලිලීව දැකලා.
ජන්කුක්ට හිතේ කොණක පුංචිම දුකක් තිබුනා...එයා ලිලීගෙ හිත රිද්දුවදෝ කියන හැඟීම ජන්කුක්ට වද දුන්නා...ඒත් ජන්කුක් ඒක ගණන් ගත්තෙ නැහැ....තමන් මොනව කියල කරන්නද....තමන්ගෙ හිතේ වෙන කෙනෙක් වෙනුවෙන් ආදරේ ඇති වෙන්නෙ නැත්තන්....
පුරුදු විදිහටම ජන්කුක් හිටියෙ බීච් එකේ ඉඳගෙන සන්සෙට් එක දිහා බලාගෙන....
අන්‍යොන්න්න්....
පිටිපස්සෙන් ඇහුන සුපුරුදු කටහඬ නිසා ජන්කුක්ගෙ හිතට හීනි සතුටක් ඇති වුණා....
හුඟ දවසකින්,ලිලී.....
ලිලී ජන්කුක්ට එහාපැත්තෙන් ඇවිත් ඉඳගනිද්දි ජන්කුක් කිව්වෙ ඉස්සරහ බලාගෙන...
දේහ් ඔප්පා....සර්ප්‍රයිස් එකකට ලෑස්ති වුණා....
ඕහ්...ඒ කාටද.....
ඔයාට....
ලිලි හිනා වෙවී ජන්කුක්ගෙ මූණට එබිල කියද්දි ජන්කුක් නළල රැලි කරන් ලිලී දිහා බැලුවා....
මට...?
හ්ම්ම්ම් දේ....අද දවස මම ඔප්පට අමතක නොවෙන දවසක් කරන්න යන්නෙ.....
ලිලී හරිම Playful විදිහට හිනා වෙවී කියල නැගිට්ටා....
මොහ්...මොකක්ද කරන්න යන්නෙ....
ජන්කුක් අහද්දි ලිලී මොකුත්ම නොකියා ජන්කුක්ගෙ අතින් ඇදල නැගිට්ටවන් ඇදගෙන ගියා....
යාහ් ලිලී....කොහෙද මේ මාව ඇදගෙන යන්නෙ....
එන්නකෝ ඔප්පා....
මාව මරන්න නෙවෙයි නේද අරන් යන්නෙ...යාහ් ලිලී.....
ජන්කුක් කියන කිසිම දෙයක් අහන්නෙ නැතුව ලිලී ජන්කුක්ව ඇදගෙන ටවුන් එක පාස් කරලා ටිකක් දුර ඇවිත් අත අතෑරියා.....
යාහ්...කොහෙද මේ මාව ඇදගෙන ආවෙ....
කේන්තියෙන් වගේ ජන්කුක් අහද්දි ලිලී හිනා වුණා...
මගෙ ගෙදර.....
පාර එහාපැත්තෙ තිබුණ ලස්සන ගාඩ්න් එකක තිබුණ ගෙදරට අත දික් කරන ගමන් ලිලී කිව්වා....
මෝහ්....මොන එකකටද මාව මෙහේ එක්කන් ආවෙ ආ....
ඇයි මම කිව්වෙ....ඉක්මනින්ම ඔප්පව අපේ ගෙදර අයට මුනගස්සනව කියල.....
එන්න යමු....
ජන්කුක් මොකුත් කියන්නත් කලින් ලිලී ජන්කුක්වත් ඇදගෙන පාර පැනලා ගෙදර දොර ගාවටම ගියා....
ජන්කුක්ගෙ හිතේ ප්‍රශ්න දාහක් කැරකෙන්න පටන් ගත්තෙ ලිලී මොකක්ද මේ කරන්න හදන්නෙ කියල හිතන ගමන්....
දොර ගාවට ගිහින් දොරේ බෙල් එක ගහල කතා කරපු ලිලී බලාගෙන හිටියෙ දොර අරිනකල්....
"යාහ්....සූයොන් ඕකට අත තියන්නෙපා..මෙන්න මෙහෙට එන්නයි කිව්වෙ...."
ගේ ඇතුලෙ ඉඳන් කෑ ගහගෙනම ආපු පිරිමි කෙනෙක් දොර ඇරියෙ හිනා වෙවීම පුංචි ගෑනු ළමෙක්වත් වඩාගෙන
ජන්කුක් හිනාවක් මූනට මවා ගත්තෙ දොර ඇරපු කෙනා එක්ක සුහද වෙන්න හිතන්...
ඒත්....
ඒ කෙනා දැක්ක ගමන් ජන්කුක්ගෙ හිනාව මැකිලා ගියේ ඇහිපිය ගහන පරක්කුවට....
Park Jimin....
ජන්කුක්ට ඉබේම කියවුණා....
කවුද ආවෙ ජිමින් ඔප්පා.......
ගේ ඇතුලෙ ඉඳන් ආපු කටහඬට ජන්කුක්ගෙ ඇස් වල ඉබේම කඳුළු පිරුණෙ අත මිට මෙලවෙද්දි.....
කවු...
අන්‍යොන්...හායුනා....
දොර ගාවට ආව හායුන්ගෙ වචන හිර වුණේ හිටගෙන හිටපු ජන්කුක්ව දැකලා....
හායුන්ගෙ ඇස් වල කඳුළු පිරිලා ගියා...ඒ වගේම ජිමින්ගෙත්....
එයා වෙනස් වෙලා....
කාලෙකට කලින් හරි හුරුබුහුටි විදිහට හිටිය ජන්කුක්ව මතක් වුණු හායුන් බැලුවෙ දැන් තමන් ඉස්සරහ ඉන්න දේහදාරි කඩවසම් පිරිමියා දිහා....
එක අතක් වැහෙන්නම තිබුණ ටැටූ එක....දිගට වැවුණ කොණ්ඩෙ...තොලේ කොනක වගේම ඇහිබැමක තිබුණ piercing...මේ හැම දේම නිසා ජන්කුක් ඕනිවටත් වඩා කඩවසම් වෙලා පෙනුනා...හැබැයි ඒ bunny look එක තවමත් ඒ විදිහමයි කියල හායුන්ට හිතුනා....
ඊළඟ විනාඩියෙදි ජිමින් වගේම හායුනුත් හිටියෙ රූම් එකේ.., ජන්කුක්ගෙ ඉස්සරහින් ඉඳගෙන....
ජන්කුක්ට ඕනි වුණා කෑ ගහල අඬන්න....ඇයි එදා ඒ වගේ දෙකයක් කරේ කියල අහන්න....ඒත් ජන්කුක් ගොළු වෙලා....
හායුන් හිටියෙ ඔලුව බිමට නවාගෙන....කෙල්ල අඬනව කියල සැරින් සැරේ හෙළවෙන උරහිස් වලින් ජන්කුක්ට තේරුනා....
ජන්කුක් හිටියෙ හායුන් දිහත්....ටිකකට කලින් ජිමින්ගෙ අතේ හිටපු දැන් කොට් එකට වෙලා සෙල්ලම් කරන පුංචි බබා දිහත් ජිමින් දිහත් මාරුවෙන් මාරුවට බලන ගමන්....
දවසක හායුන්ව හම්බවුනොත් අහන්න හිටපු හැම දේමත්...හිතේ තිබුණ කේන්තියත් ජන්කුක්ගෙ නැති වෙලා ගියේ හායුන් හිටිය විදිහ දැකලයි....
හ්....හායුන්....ඇයි....ව්....වීල්...චෙයා එකක....
හැමදාමත් වගේ අදත් ජන්කුක් කතාවට මුල පිරුවා....
ජන්කුක් අහද්දි හායුන්ගෙ ඉකිය වැඩි වුණේ ජන්කුක්ගෙ පපුවට පිහිතුඩු දාහකින් අනිනවා වගේ වේදනාවක් දැනෙද්දි...
ග්වෙන්චනා....ග්වෙන්චනා හායුනා....අපි දැන් කුකීට කියමු....හැමදේම....
ඔව්....කියන්න ඕනි....කාලෙකට කලින් මම ජීවිතේ වැඩියෙන්ම විශ්වාස කරපු....මගෙ ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු දෙන්නම ඇයි මට මෙහෙම කලේ කියන එක....
ජන්කුක් කිව්වෙ හායුන්ව සනසවන්න හෙමින් එයාගෙ පිටයි ඔලුවයි අතගාන ජිමින් දිහා බලාගෙන....
ජන්කුක් කියද්දි හායුන් ජන්කුක් දිහා බලල ඔලුව දෙපැත්තට වැනුවෙ අඬන ගමන්මයි....
මියානේ ජන්කුකා....
ජිමින් ඉස්සෙලම කිව්වෙ ඒක...
ජන්කුක් කලේ කට කොනකින් හිනාවුණ එක විතරයි...
Flashback
හොයා ගත්තද....
දේ බොස්....කෙල්ල කිම් හායුන්...වයස 22ක කෙල්ලෙක්....ඉගෙන ගන්නෙ සෝල් නැෂනල් යුනිවර්සිටි එකේ ආර්ට් ෆැකල්ටි එකේමයි...එයා හොඳ ඩාන්සර් කෙනෙක්ලු...
ඒ කෙල්ල කොහෙද යන අනාත කෙල්ලෙක් බොස්...පොඩි කාලෙම ඔම්මයි අප්පයි ඇක්සිඩන්ට් වෙලා මැරිලා ගිහින්...පස්සෙ කෙල්ලයි කෙල්ලගෙ නංගියි ජීවත් වෙලා තියෙන්නෙ ඒකිගෙ හැල්මෝනි එක්ක...ඒ ගෑනිත් මේ මෑතක මැරිලා තියෙන්නෙ....දැන් ඒකි තනියෙන් නංගිවත් බලාගෙන කැෆේ එකක වැඩ කරනව....දැන් ඉන්න ගෙදරත් පොඩි බොස් තමයි ඒකිට දීල තියෙන්නෙ...
Huh...Disgusting Bitches...මුන්ට තත්වයක් නැතුව මදිවට තව අල්ලගන්නෙ ලොකු ලොකු තැන්වල කොල්ලො...Shit...
මොකක්ද කරන්න ඕනි බොස්....
යමු....එයාව හම්බෙන්න ආසයි
ජිමින් කෙල්ලව ගෙදරින් පරිස්සමට බස්සල එතනින් ගියාට පස්සෙ හායුන් හෙමින්ම ගෙදර දොර ඇරන් ඇතුළට ගිහින් දොර වහන්න හැදුවත් කොහෙන්දෝ ආපු අතක් දොර වහන්නත් කලින් ආයෙම ඇරියෙ කෙල්ලව දොරේ වැදිලා වීසි වෙද්දි...
සාලෙන් ඇහුන සද්දෙ නිසා හායුන්ගෙ නංගිත් දුවගෙන ආවෙ බයටම....
උඹ නේද කිම් හායුන්....
ද්...දේහ්.....කවුද තමුසෙලා....මොකක්ද මේ මගේ ගෙදර කරන්නේ....
මහ භයානක පෙනුමක් තිබුණ පිරිමි කෙනා අහද්දි පිටිපස්සෙන් මතු වුණේ වෙන කවුරුත් නෙවෙයි
Mr.Jeon....
අනේහ් ජේක්....මගෙ ලේලි පොඩ්ඩට උඹ රිද්දුවෙ ඇයි.....
Mr.Jeon හිනා වෙවී අහද්දි ජේකුත් Mr.Jeonට එකතු වෙලා සමච්චලේට වගේ හිනා වුණේ කෙල්ල තමන්ගෙ නංගිවත් තුරුල් කරන් බයෙන් වගේ ඒ දිහා බලන් ඉඳිද්දියි....
උඹ මොකක්ද හිතුවෙ....මගෙ පුතාව අල්ලගෙන නාඩගම් නටන්නද.....
හෙමින් හෙමින් අඩි තියන ගමන් Mr.Jeon කෙල්ල ළඟට ආවෙ එක එල්ලෙ කෙල්ල දිහාම බලාගෙන....
හායුන්ගෙ පුංචි නංගි හායුන්ට ගුලි වුණේ Mr.Jeon කට කොනින් ඒ දිහා බලන් හිනා වෙද්දියි....
නංගිට ආදරෙයි වගේ නේද....නංගිව හැමදාම ළඟ තියාගන්න ඕනි නම් මගෙ පුතාගෙන් ඈත් වෙයන්....ආයෙ මට මේක කියන්න ඉඩ තියන්නෙපා...නැත්තන් අර පිස්ටල් එකේ බුලට් එකක් උබේ නංගිගෙ ඔලුවෙ තියෙයි....
Mr.Jeon අන්තිම ටික කිව්වෙ කෙල්ලගෙ කොන්ඩෙනුත් අදින ගමන්.....
එහෙමම හායුන්ව බිමට අතෑරපු Mr.Jeon ගෙදර දොරත් හයියෙන්ම වහගෙන ගියේ කෙල්ල හයියෙන් කෑ ගහල අඬන්න පටන් ගනිද්දියි....
ඊළඟ සති කීපෙදි හායුන් කලේ පුලුවන් උපරිමෙන් ජන්කුක්ව මඟෑරපු එක....මේ අතරෙදි යුනිවර්සිටි ඉක ඉවර වෙන්නත් කලින්ම ජිමින්ට U.S යන්න වුණේ එයාගෙ හරබොජි මැරුණ නිසා...
හැබැයි...ජිමින් යන්න කලින් ජිමින්ට මේ ගැන කියන්න හායුන්ට ඕනි වුණා...තමන්ගෙ සහෝදරෙක් වගේ ජිමින් කෙල්ලගෙ ළඟින් හිටපු නිසා ජිමින්ට හැමදේම අකුරක් නෑර හායුන් කිව්වෙ ඉකි ගහන ගමන්..
නොයා ඉන්න බැරි කමට ජිමින් US ගියේ ආයෙමත් ඉක්මනටම එන පොරොන්දුව පිට...
සති දෙකකට පස්සෙ ජන්කුක් හායුන්ව හම්බවෙන්න ආවමත් හායුන් කලේ වෙනසක් නොපෙන්වා ඉන්න තීරණය කරපු එක...
යුනිවර්සිටි එක ඉවර වෙන්නත් කලින්ම ජිමින්ට U.S යන්න වුණේ එයාගෙ හරබොජි මැරුන නිසා...
කොච්චර උත්සාහ කලත් ජන්කුක්ට තේරුනා හායුන් ඉන්නෙ මොකක්ම හරි ප්‍රශ්නෙක කියන එක....
ඩේට් එකකට යන්න කතා කලාම හායුන්ට බැරි වුණා ජන්කුක්ට බෑ කියන්න....
එදා හවස හායුන්ට කෝල් එකක් ආවෙ ජිමින්ගෙන්...
යොබුසෙයෝ...ඔප්පා...
යොබුසෙයෝ...හායුනා...සර්ප්‍රයිස් එකකට කතා කලේ...
මොහ්...මොකක්ද...
මම ඉන්නෙ Airport එකේ....හෙට උදේම කොරියා වල...
චින්චාහ්හ්හ් ඔප්පා....
හායුන් පුදුමෙන් වගේම සතුටින් කෑ ගහන්න පටන් ගත්තෙ උඩ පැන පැන....
දේ....අපි කුකියව සර්ප්‍රයිස් කරමු...
හරි ඔප්පා...පරිස්සමෙන් එන්න එහෙනම්....මම බලන් ඉන්නවා....
Ok..Ok එහෙනම්....ඉක්මනින් හම්බවෙමූ....
____________________________
ඩේට් එක වෙලාවෙත් හායුන් හිටියෙ සතුටින්...ඒත්...හායුන්ගෙ හිතේ බයක් තිබුණා...ඊළඟ තප්පරේ මොනව වෙයිද කියන බය කෙල්ලගෙ මුළු හිතම වෙලාගෙනයි තිබුණෙ..
ඊළඟ දවසෙ උදේම හායුන් ඇහැරුණේ යටි බඩෙන් දැනුණ වේදනාවට....
රෑ වුණ සිදුවීම් එකින් එක මතක් වෙද්දි හායුන් හෙමින්ම හැරුනෙ ජන්කුක් පැත්තට....
තමන්ව තුරුල් කරගෙනම හා පැටියෙක් වගේ නිදාගෙන ඉන්න ජන්කුක්ව දැක්කම කෙල්ලට ඉබේම හිනාවක් ගියා....
කොල්ලගෙ මූණට වැටිල තිබුණ කෙස් ටික හෙමින් පිටිපස්සට කරපු හායුන් ජන්කුක්ගෙ මූණ මහපට ඇඟිල්ලෙන් හෙමින් අතගෑවෙ හරිම ආදරෙන්...
ඒත් එක පාරට ෆෝන් එකෙන් ආව නෝටිෆිකේෂන් සවුන්ඩ් එකට හායුන්ව ගැස්සුනා...
හෙමින්ම තමගෙ ඉන වටේ එතිල තියන ජන්කුක්ගෙ අත එහාට කරපු හායුන් බෙඩ් ටේබල් එක උඩ තිබුණ එයාගෙ ෆෝන් එක අතට ගත්ත හායුන් Unknown Number එකකින් තමන්ට ඇවිත් තිබුණ මැසේජ් එක ඕපන් කලා....
මැසේජ් එක දැක්ක ගමන් කෙල්ල අතින් කට වහ ගත්තෙ කෑ ගැස්සුනොත් ජන්කුක්ට ඇහැරෙයි කියන බයට....
ඒකෙ තිබුණෙ හායුන්ගෙ නංගි එයාගෙ යාළුවොත් එක්ක ගඟක් ගාව ඉන්න ෆොටෝ එකක් එක්ක වොයිස් මැසේජ් එකක්....
අමාරුවෙන්ම ඇඳෙන් නැගිට්ට හායුන් ළඟ තිබුණ එයාගෙ ඇඳුමකුත් ඇඳගෙන බිත්තියට වාරු වෙලා ෆෝන් එකත් අරන් බැල්කනි එකට ගිහින් දොර වැහුවෙ ජන්කුක්ට නෑහෙන්න....
වොයිස් මැසේජ් එක අහපු කෙල්ල අඬාගෙනම බිම වැටුනෙ දැන් තවත් කරන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ කියල තේරෙද්දි...
ඒකෙ කියල තිබුණ නංගිව මරලා දාන්න කලින් හායුන්ට තව ටිකකින් එයාලා එවන වාහනේ නැගලා එතනින් එන්න කියලයි....
යටි බඩෙන් දැනුන දරා ගන්න බැරි වේදනාවට වඩා කෙල්ලගේ හදවතේ වේදනාව එයාට දරා ගන්න බැරි වුණා...
එතකොටම හායුන්ට මතක් වුණේ ජිමින්ව....ජිමින් මේ වෙද්දිත් කොරියාවට ඇවිත් හිටපු නිසා හායුන් ජිමින්ට කෝල් කරල හැම දේම කිව්වෙ අඬ අඬම....
හායුන් පුළුවන් ඉක්මනට ලෑස්ති වෙලා අඬ අඬම පහළට ගියේ අන්තිම වතාවට ජන්කුක්ගෙ නළලට ආදරෙන් හාදුවක් තවරලා
ජිමින් ඉක්මනින්ම හායුන් ඉන්න හොටෙල් එකට එද්දිත් හායුන් හොටෙල් එකෙන් ගිහින් තිබුණා...
ජිමින් පිස්සෙක් වගේ හායුන්ව හෙව්වා....දවස් දෙකකින් කොල්ලට හායුන්ව හම්බෙද්දි හායුන් හිටියෙ හොස්පිට්ල් එකේ....
තනියම නෙවෙයි....ලිලිත් එතන එහා පැත්තෙ හිටියා....
සිහියක් නැතුව ඇඳේ වැටිලා හිටපු හායුන්ව දැක්කම ජිමින්ට දරා ගන්න බැරි වුණා...
තමන්ගෙම නොවුණත් හායුන් කියන්නෙ ජිමින්ගෙ නංගි...තමන්ගෙ නංගි එහෙම ඉන්නකොට මොන අයියටද පුළුවන් දරා ගන්න....
ඒත් එක්කම රූම් එකට ආවෙ ඩොක්ටර්...
මේ...මිස්ටර්....
ඩොක්ටර් මම ජිමින්....හායුන් මගෙ යොදොන්සෙන්
ඕහ්....Mr.Jimin මිස් හායුන්ව කවුරු හරි කට්ටියක් හොස්පිට්ල් එකට ගෙනත් දැම්මෙ පාරෙ සිහියක් නැතිව වැටිල ඉන්නකොට....රිපෝට්ස් වල හැටියට මිස් හායුන්ට කිසිම අතවරයක් නම් වෙලා නෑ...
හැබැයි....
ඩොක්ටර්...ප්‍රශ්නයක්ද...
ම්ම්...කවුරු හරි හායුන්ට ඩ්‍රග් එකක් ඉන්ජෙක්ට් කරල තියනව මිස්ටර් ජිමින්....ඒකෙන් මිස් හායුන්ගෙ Nerve System එක ඉනෙන් පල්ලෙහා සම්පූර්ණයෙන් අඩපණ වෙලා තියෙන්නෙ....ඒක නිසා.....
ඩොක්ටර් ලොකු හුස්මක් පහත හෙලන ගමන් කියද්දි ජිමින් ඇඳත් අල්ලගෙන ළඟ තිබුණ පුටුවට වැටුනෙ කඳුළු ඇස් දෙකේ පිරෙද්දි....
හායුන් හිනා වෙවී එයාගෙ ඩ්‍රීම් එක ගැන කියපු විදිහ....සුරංගනාවියක් වගේ නටපු විදිහ....ජිමින්ට මැවි මැවී පේන්න පටන් ගත්තා.....
පැය ගානක් ජිමින් ඇඬුවා....අඬලා අඬලා හෙම්බත් වුණ තැන ජිමින් තීරණයක් ගත්තා....
ඒ මේ හැම දේකින්ම ඈත් වෙන්න....
කොල්ලා තීරණය කලා හායුන්ව වගේම ලිලීවත් අරන් දුරකට යන්න...
ඒක නිසාම ඊළඟ දවසෙම ජිමින් හායුන්වත් අරන් බූසාන් වල එයාලා දැන් ඉන්න ගෙදරට ආවේ හායුන්ව හොඳට බලා ගන්න....
*******
ජිමින් කියල ඉවර වෙද්දි ජන්කුක් හිටියෙ හයියෙන් හුස්ම ගන්න ගමන්....
ම...මම....දන්නෙ නෑ...ම....ට....ස්...සමා වෙන්න....
ජන්කුක් කියද්දි හායුන් හිටියෙ ඉකි ගහන ගමන්....
ජියෝන් අංකල් මීට මාසෙකට කලින් මැරුණට පස්සෙ මම හායුන්ගෙන් ඇහුවා ඔයා ළඟට යන්න ඕනිද කියලා...ඒත්...හායුන්ට ඒකට ශක්තියක් තිබ්බෙ නෑ ජන්කුකා...
ජිමින් කියද්දි ජන්කුක් බැලුවෙ හායුන් දිහා...
ඇයි හායුනා...නිකමට හරි මට මේ ගැන කිව්ව නම්....මම.....
ජන්කුක් කියද්දි හායුන් ආයෙම හයියෙන් ඉකි ගහන ගමන් බිම බලා ගත්තා...
මි...මියානේ...ජන්කුක්...මට...සමාව දෙන්න...මම...බය වුණා...ඔයාව...ඔයාවත් එයාලා කරදර කරයි කියල...මම...මම ආයෙ ඔයාට...ළං වුණොත්...ඔයාව...ඔයාවත් මරනවා කිව්වා ජන්කුක්...මම...මම අසරණ වුණා...මියානේ...
හායුන් හයියෙන් අඬද්දි ජන්කුක් හැදුවෙ හායුන් ළඟට යන්න....
ඒත් එතකොටම කොට් එකේ හිටිය පුංචි සූයොන් අඬන්න පටන් ගත්තෙ ජන්කුක්ට එයාගෙ සීමාව මතක් කරල දෙන්න වගේ....
හායුන් ළඟට යන එක නවත්තපු ජන්කුක් හැරුනෙ කොට් එකේ හිටිය සූයොන් දිහාවට....
මම එයාව බලන්නම්...
ජිමින් නැගිටල සූයොන් ළඟට යන්න හැදුවත් ජන්කුක් ජිමින්ව නැවැත්තුවා...
ජිමිනා...මම එයාව ගන්නද....
ජන්කුක් ඇහුවෙ ආයාචනාත්මක විදිහට
ඒත්....
"යන්න දෙන්න ජිමින් ඔප්පා....සූයොන්ට එයාගෙ අප්පව ඕනි වෙලා වගේ...."
__________________________________
ඉවර නෑ ඉවර නෑ🥲මේක ඉවර වෙන කතාවක් නෙවෙයි🔪ශෝට් ස්ටෝරි කියල චැප්ටර් 20කින් විතර ඉවර උනාම....
#Vote
#Comment
#Share
🙂♥️