𝚂𝚝𝚊𝚢 𝚆𝚒𝚝𝚑 𝙼𝚎♥️[𝙹𝙹...

By TuTu_Gurl

1.5K 278 101

ඉර බැස යන විට ලෝකයද නින්දට වැටුනේ ඔබෙයි ම... More

𝙵𝚒𝚛𝚜𝚝 𝚁𝚒𝚜𝚎🌙
𝚂𝚎𝚌𝚘𝚗𝚍 𝚁𝚒𝚜𝚎🌙
𝚃𝚑𝚒𝚛𝚍 𝚁𝚒𝚜𝚎🌙
𝙵𝚒𝚏𝚝𝚑 𝚁𝚒𝚜𝚎🌙
𝚂𝚒𝚡𝚝𝚑 𝚁𝚒𝚜𝚎🌙
𝚂𝚎𝚟𝚎𝚗𝚝𝚑 𝚁𝚒𝚜𝚎🌙

𝙵𝚘𝚞𝚛𝚝𝚑 𝚁𝚒𝚜𝚎🌙

154 39 4
By TuTu_Gurl

එකම එක තත්පරයක් ඇති ලෝකේ තියෙන බොහොමයක් දේවල් වෙනස් වෙන්න

ලෝකේ එක් කොනක පොඩි දරුවෙක් පලවෙනි වතාවට එයාගේ ලෝකේ දකිද්දී
ලෝකේ තවත් කොනක ඉන්න කෙනෙක් අවසාන වතාවට ලෝකේ දිහා බලලා ඇස් පියා ගනී

තවත් තැනක පෙම්වතුන් දෙන්නෙක් එකිනෙකාගෙන් වෙන් වෙද්දී
ඒ වගේම තව තැනක පෙම්වතුන් දෙන්නෙක් එකිනෙකාගෙම වෙනවා ඇති

ලෝකේ එහා කොනක කෙනෙක් ගේ ජීවිතේ එක තත්පරෙන් හොද අතට වෙනස් වෙද්දී
තව කෙනෙක් ගේ ජීවිතේ නරකම විදියට වෙනස් වෙයි

ඔව් එක තත්පරයක් තමා!
කෙනෙක්ගේ ජීවිතයක් සහමුලින්ම වෙනස් කරන්න ඒ තත්පරේම ඇති!
ඒ නිසා මේ ගෙවෙන හැම මොහොතකටන වටිනාකමක් දෙන්න
දැන් මේ මොහොත උපරිමෙන් විදින්න
මේ ගෙවෙන හැම තත්පරේකදිම අලුත් මතක,අලුත් අදහස්, වගේ ඕනෙම නැවුම් දේකින් හිත පුරෝ ගන්න
ඔයාට ඒකේ වටිනාකමක් නැහැ කියලා දැන් හිතෙන්න පුලුවන්

හැබැයි

මතක තියා ගන්න!
තත්පරෙන් තත්පරේ එකතු වෙලා මිනිත්තු හැදෙයි
මිනිත්තුවෙන් මිනිත්තුව එකතු වෙලා පැය හැදෙයි
ඒ පැයෙන් දවස් හැදෙයි,සති හැදෙයි,මාස හැදෙයි

එතකොට ඔයා දකීවී,ඔයා දැන ගනීවී එක තත්පරයකට කොච්චරක් නම් දේවල් කරන්න පුලුවන් ද කියලා
__________________________________

jungkook හිටියෙ හායුන් එක්ක...සෝල් ටවුන් එකෙන් ටිකක් ඈතට වෙන්න නිස්කලංක පරිසරයක හදල තිබුණ තරු පහේ හෝටලයක....

කෑම රසයි නේද....

ජන්කුක් හායුන්ගෙන් ඇහුවෙ හායුන්ගෙ කිසි කතා බහක් නැති නිසා....

ම්ම් දේ ඔප්පා....

ආයෙම දෙන්නා අතර තිබුණෙ නිශ්ෂබ්දතාවක්...

උදේ ඉඳන් හායුන් එක්ක කාලෙ ගෙවපු නිසා ජන්කුක් හිටියෙ සතුටෙන්....හායුනුත් අද දවසෙ හොඳට හිනා වෙලා හිටියත් වෙනද තරම් සමීප බවක් ජන්කුක්ට දැනුනේ නෑ....

කෑමත් අරන් ඉවර වෙලා ජන්කුක් හායුන්වත් අල්ලගෙන කාර් එකට නැග්ගෙ ගෙදර එන්න හිතාගෙන....

ඒ අස්සෙ උදේ ඉඳන් තිබුන මහ වැස්ස ආයෙම වැඩි වෙන්න පටන් ගත්තෙ ජන්කුක්ගෙ හිතට මහ අමුතු හැඟීමක් එකතු කරල....

හෙමින්ම කාර් එක පාරට දාපු ජන්කුක් වැඩිය ස්පීඩ් නොකර වාහනේ ඉස්සරහට අරන් ගියා....

ටික වෙලාවකින් හායුන්ට කාර් එකේම නින්ද ගියේ ජන්කුක් එයාට දවල් අරන් දුන්න ලොකු ටෙඩියවත් තුරුල් කරන්....

ලාවට බෙල්ල හරවල හායුන් දිහා බලපු ජන්කුක් හායුන්ගෙ මූනට වැටිල තිබුණ කෙස් රොද කන පිටිපස්සෙන් රඳවල ඔලුව ලාවට අත ගෑවෙ ලෝකෙ වටිනම වස්තුව එයාගෙ හායුන් වගේ....

හායුන්ට ටික වෙලාවකින් ඇහැරුනේ කාර් එක එක තැන නතර වෙලා වගේ දැනුන නිසයි...

ඔප්පා....

අහ් හායුන් නැගිට්ටද...

දේ...ඇයි මේ වාහන නතර කරගෙන...

මොකක් වෙලාද කියන්න දන්නෙ නෑ හායුනා.....හැබැයි ඉස්සරහ ගොඩක් දුරට ට්‍රැෆික් එක තියනවා වගේ මට පේන්නෙ....

ඒත් එක්කම මහ වැස්සෙ ට්‍රැෆික් එකේම කලු පාටට වැහි කබා දා ගත්ත කවුදෝ මිනිස්සු දෙතුන් දෙනෙක් ඉස්සරහ කාර් වලට එබෙන ගමන් කතා කරනව ජන්කුක් දැක්කා....

ඒත් එක්කම තවත් කෙනෙක් ජන්කුක්ගෙ කාර් එකේ ශටර් එකට තට්ටු කලේ ජන්කුක් ලාවට ශටර් එක අරිද්දි.....

මහත්තයා....ඉස්සරහට යන්න බෑ වැස්ස නිසා පාලම හොඳටම යට වෙලා....නෝනත් එක්ක ආයෙම හරෝගෙන ඔය කොහේ හරි තැනක අද රෑ නවතින්න....මේ වැස්ස අඩු වෙනකල්...

අහ් දේ කුමාවෝ අජුස්සි....

මහ වැස්සෙ ඒ මනුස්සය කියපු දේවල් ජන්කුක්ට ඇහුනෙ ලාවට වගේ....

ඉස්සරහට යන එක අනතුරුදායක නිසා තවත් පැයක් විතර එතන හිටිය ජන්කුක් බොහොම අමාරුවෙන් කාර් එක හරවන් ගියේ ළඟම තිබුන හොඳම හොටෙල් එකට....

හායුනා....අපි බහිමු නේද....

හොටෙල් එකට ඇවිත් කාර් එක පාක් කරපු ජන්කුක් හායුන්වත් කාර් එකේ තිබුණ කුඩේ යටට දාගෙන දුවන් ආවෙ හොටෙල් එක ඇතුලට....

බාගෙට තෙමීගෙන හොටෙල් එක ඇතුලට ගිය ජන්කුක් receptionist එක්ක කතා කලේ හායුන් ඇගේ තිබුණ වතුර ගස ගස එතනට වෙලා ඉන්නකොට....

Hello...

Hello Sir...Good evening...

Good evening...මට දැනගන්න පුළුවන්ද අපිට Bussiness Class එකෙන් රූම්ස් දෙකක් ගන්න පුළුවන්ද කියල....

දේ සර්...විනාඩියක් ඉන්න පුළුවන්ද මම චෙක් කරල කියනකල්....

දේ....

තප්පර කීපෙකින් කම්පියුටර් එක චෙක් කරපු Reception Girl ජන්කුක්ට කතා කලා....

Uhm...I'm Really Sorry sir...මේ winter season එක නිසත් මේ bad weather situation එක නිසත් bussiness class එකේ සේරම රූම්ස් full...But economy class එකෙන් රූම් එකක් ගන්න පුළුවන් සර්....

වෙලාවෙ හැටියට වෙන කරන්න දෙයකුත් නැති නිසා හායුනුත් ඔලුව වැනුවෙ අද රෑට එතන නවතින්න....

By the way...මේ ළඟ රෑට අඳින්න ඇඳුමක් ගන්න තැනක් නැති වේවිද...

ජන්කුක් receptionist ගෙන් ඇහුවෙ බෙල්ලත් කසන ගමන්...

Oh...Sir...අපිට පුළුවන් Sirට වගේම madamටත් රෑට pyjama dresses දෙකක් supply කරන්න....

Oh...Thank you...Thank You so much....

ජන්කුක් හතරට පහට නැවිල receptionist ට bow කරල හායුන්වත් අතින් අල්ලන් රූම් එකට ගියා....

හායුනා...ඔය තෙත ඇඳුම් පිටින් ඉන්නෙපා...ඔයා wash එකක් දා ගන්න....මම pyjama එක ආවාම ඔයාට දෙන්නම්....

ම්ම්හ්ම්...හරි ඔප්පා....

හායුන් ටවල් එකත් අරන් බාතෲම් එක අස්සට යද්දි ජන්කුක් නලලත් අල්ලගෙන ඇඳට වැටුනෙ හවස ගත්ත වයින් නිසාත් එද්දි හොඳටම තෙමුණ නිසාත් එයාට තද ඔලුවෙ කැක්කුමක් එක්ක හීනි මත් ගතියක් දැනුන නිසයි....
*****************
විනාඩි 15කට විතර පස්සෙ හායුන් හෙමීට බාතෲම් එකේ දොර ඇරල ඔලුව විතරක් එළියට දැම්මෙ ජන්කුක් ගෙ සද්දයක්වත් නැති නිසයි...

ඔ_

ජන්කුක්ට කතා කරන්න ගියත් හායුන්ගෙ වචන නැවතුනේ පොඩි එකෙක් වගේ ඇඳේ හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා හිටපු ජන්කුක්ව දැක්ක නිසයි...

ඒත් එක්කම හායුන්ගෙ ඇහැ ගියේ ඇඳේ මෙහා කෙලවරෙන් නවල තියල තිබුණ pyjama දෙකට...

හෙමින්ම ටවල් එක ඇඳගෙන බාතෲම් එකේ දොරත් ඇරගෙන හීනි අඩි තියන ගමන් හායුන් ඇඳ ළඟට ඇවිත් pyjama එක අතට අරන් හායුන් ආයෙම හැරුනෙ බාතෲම් එකට යන්න....

හ්....හායුන්....

හායුන් පරක්කුයි😪
කන ළඟින්ම ඇහුන සද්දෙට හායුන් ගැස්සුනා....ජන්කුක් හිටියෙ හායුන්ගෙ පිටිපස්සෙන්.....

හායුන් හෙමින්ම ජන්කුක් දිහාවට හැරුනෙ ඔලුවත් බිමට බර කරන්....

ජන්කුක් හෙමින්ම හායුන් ළඟට ලං වුනේ හායුන්ගෙ ළඟින් ආව ලැවැන්ඩර් ෂැම්පු සුවඳ ජන්කුක්ගෙ නාස් පුඩු හරහා ගිහින් ජන්කුක්ගෙ මුළු soul එකම ඒ සුවඳට මත් කරවන ගමන්.....

හැම වෙලාවෙම ඔයාට මේ ලැවැන්ඩර් සුවඳ ගැලපෙනව....

මොහ්....

ජන්කුක් ගැඹුරු කටහඬකින් කියද්දි ඔලුව බිමට බර කරන් හිටපු හායුන් ජන්කුක් දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන්.....

හුස්ම වැදෙන නොවැදෙන ගානට ළඟින් හිටපු ජන්කුක්ගෙ මූන දිහා හායුන් බලද්දි ජන්කුක් හායුන් දිහා බලන් හිටියෙ බාගෙට ඇරුනු ඇස් වලින්....

ජ්...ජ...ජන්කුක්....

හායුන් ජන්කුක්ගෙ නම මුමුණනවත් එක්කම ජන්කුක් කලේ හැමදාමත් වගේ කිසිම අවසරයක් නැතුවම හායුන්ගෙ තොල් වලට පරිස්සමෙන් බර වුණ එක.....

ජන්කුක් හිටියෙ මත් වෙලයි....ඒ හවස ගත්ත වයින් වීදුරු කීපය නිසාද එහෙමත් නැත්නම් එයාගෙ ඉස්සරහින් ඉන්න එයාගෙ වස්තුව...,හායුන් හින්දද කියන්න ජන්කුක් දැනන් හිටියෙ නැහැ.....

කිසිම කලබලයක් නැතුව හරිම Soft විදිහට ගලාගෙන ගිය ආදරේ විතරක්ම පිරිල තිබුණ ඒ විනාඩි ගානක දීර්ඝ හාදුව නැවතුනේ දෙන්නටම හුස්ම ගන්න අපහසු වෙද්දි.....

එහෙමම කෙල්ලගෙ නළලට නලල තියා ගත්ත ජන්කුක් තප්පර කීපයක් යනකල් හායුන්ගෙ සුවඳ වින්දා....

හායුන්ගෙ පිරුණ කම්මුලක් මහපට ඇඟිල්ලෙන් හෙමීට පිරිමදින ගමන් ජන්කුක් හායුන්ගෙ මූණ එයා දිහාවට හරව ගත්තා....

අද මට Limits මතක් කරන්නෙපා හායුනා.....

ජන්කුක් කියනවත් එක්කම හායුන් ඇස් දෙක ලොකුකරන් පුදුමෙන් ජන්කුක් දිහා බැලුවත් ඊළඟ තප්පරේදිම කෙල්ලගෙ ඇස් හෙමින්ම පිය වුණා....

ලැබුන අවසරයත් එක්කම ජන්කුක් ආයෙම හායුන්ගෙ තොල් අයිති කර ගත්තෙ කලින් වතාවට වඩා ටිකක් රළු විදිහට.....

හාදුව අතරෙම හරිම පරිස්සමට හායුන්ව අත් දෙකට අරගත්ත ජන්කුක් හෙමින්ම කෙල්ලව ඇඳ උඩින් තිබ්බෙ මොහොතකටවත් ඒ තොල් වලින් ඈත් නොවී....




















































(හා හා ඔච්චරයි දැන් පලයල්ලා😪🙌)
උණුසුම් හෝරා කීපෙකට පස්සෙ හායුන් හිතින් වගේම ගතිනුත් ජන්කුක්ගෙ වුනා....

හායුන් හිටියෙ ජන්කුක්ගෙ නිරුවත් වුණ පපුව උඩින් ඔලුව තියාගෙන.....

හායුනා....මම මේ ලෝකෙ දැක්ක ලස්සනම ගෑනු ළමයා ඔයා.....

හායුන්ව අත් දෙකෙන්ම තමන්ගෙ ඇඟට තුරුල් ගර ගන්න ගමන් ජන්කුක් කියද්දි හායුන් හිනා වුණා...

සරංහේ....උරි හායුනා....කවදාවත්ම මාව දාලා යන්නෙපා....

නාදෝ සරංහේ කූ....

හායුන් කිව්වම ජන්කුක් හිනා වෙලාම කෙල්ලගෙ ඔලුව අත ගෑවත් ජන්කුක් දැක්කෙ නෑ කෙල්ලගෙ ඇස් අග රැඳිල තිබුණ කඳුළු බිංදු කීපෙ....

ඒක දැක්ක නම්....ඉස්සරහට වෙන්න යන ගොඩක් දේවල් ජන්කුක්ට වෙනස් කරන්න තිබුණා...
*******************************
🙂ලිව්වෙ මම නෙවෙයි කියල හිතාගෙන කියවන්න....Bs

#Vote
#Comment
#Share
🙂♥️

Continue Reading

You'll Also Like

138K 2K 35
The primordials are rising and who is leading them. The one and only... Void and Chaos are mad at each other, but they have to put their differences...
6.8K 1.2K 26
⭕Do Not Copy⭕ ලොකු හීනයක් එක්ක ආදරේ හොයාගෙන තනියම කොරියාවට යන කෙල්ලෙක්.... මතකයන් ගොඩක් එක්ක අහබු හමුවීමක්.... හොද යාලුකමක් එක්ක සහෝදර බැදීමක්... මේ...
10.6K 1.8K 12
Story Cover by, @ParkEmaJi [Under-editing.] Dont copy my work 🚫 This story is mainly based with author's imagination so thare is no realation with r...
1.1M 85.2K 39
"Why the fuck you let him touch you!!!"he growled while punching the wall behind me 'I am so scared right now what if he hit me like my father did to...