~Bobby~ || KTH ✔️

By Nishyoon

6.1K 954 312

--- ඉතිං...මං බලන් ඉන්නම් ආයෙමත් කවදාහරි දවසක මට ඒ නමින් ඔයා කතා කරනකන්...---- ~... More

🏵️🏵️ Arranged Marriage 🏵️🏵️
🏵️🏵️ Crazy Alien 🏵️🏵️
🏵️🏵️ The Short Guy 🏵️🏵️
🏵️🏵️ Pikachu 🏵️🏵️
🏵️🏵️ Ex Again?? 🏵️🏵️
🏵️🏵️ The Mask 🏵️🏵️
🏵️🏵️ Suspicion 🏵️🏵️
🏵️🏵️ Forgiving 🏵️🏵️
🏵️🏵️ Confession 🏵️🏵️
🏵️🏵️ Jealousy 🏵️🏵️
🏵️🏵️ Secret Message 🏵️🏵️
🏵️🏵️ Cheating 🏵️🏵️
🏵️🏵️ Hurting 🏵️🏵️
🏵️🏵️ Suffering 🏵️🏵️
🏵️🏵️ Leaving 🏵️🏵️
🏵️🏵️ Alien Baby 🏵️🏵️
🏵️🏵️ Rocket Uncle 🏵️🏵️
🏵️🏵️ Is this the End? 🏵️🏵️
🏵️ Author's Note & New Story🏵️

🏵️🏵️ Bond 🏵️🏵️

385 53 36
By Nishyoon

💌💌 Final Chapter 💌💌

වෙලාව පාන්දර එකට කිට්ටු වෙලා තිබුනත් ඇඳේ එහාටයි මෙහාටයි පෙරලි පෙරලි හිටපු නාරාට නින්ද අහලකටවත් ඇවිත් තිබුනේ නෑ. තමන් කොහොමද ඉයුන් තමන්ගේ ලඟ නැති දවස් ගාන මෙච්චර අමාරුවෙන් ගෙවලා දැම්මා නම් තවත් අවුරුදු ගානක් ඉයුන් නැතුව ජීවත් වෙන්නේ?..

නාරා අඬ අඬාම කල්පනා කරා. නාරාට දැනුනේ තමන්ගේ මුලු හිතම පිච්චිලා යන තරම් වේදනාවක්.

ටේහ්‍යුන් කවදාහරි ඉයුන් ගැන දැනගත්තම තමන් එක්ක කේන්ති ගනීවි කියලා නාරා දැනගෙන හිටියත් ඉයුන්ව තමන්ගෙන් ඈත්කරන තරමටම ටේහ්‍යුන් නපුරු වේවි කියලා නාරා හිතුවේ නෑ.

තවත් පැයක් විතර ඇඳ උඩ වාඩිවෙලා කල්පනා කරපු නාරා එයාගේ කම්මුල් වල තිබුනු කඳුලු අත්ලෙන් පිහිදගත්තා. එහෙමම නාරා ඇඳ ලඟ nightstand එක උඩ තිබුනු එයාගේ ෆෝන් එක අරගෙන වෙව්ලන ඇඟිලි තුඩුවලින් ඩයල් කරේ ටේහ්‍යුන්ගේ නම්බර් එක.

" කියන්න නාරා! "

ටේහ්‍යුන් තමන්ගේ කෝල් එක ආන්සර් කරන්නේ නැතිවෙයි කියලා නාරා හිතුවත් ටේහ්‍යුන් ring එකක් යද්දිම නාරාගේ කෝල් එක ආන්සර් කරා. අඩුම තරමේ නාරාට සිහියක් තිබුනේ නෑ එයා ටේහ්‍යුන්ට කෝල් කරේ පාන්දර දෙකට කියලාවත්.

" ට්...ටේහ්‍යුන්..ම්ම්..මේ..මේ ඔයාලා මෙහෙන් යන flight එක කීයටද තියෙන්නේ? "

නාරා එයාගේ කටින් පිටවෙන්න හදන ඉකිය අමාරුවෙන් හිරකරගෙන ටේහ්‍යුන්ගෙන් ඇහුවා.

" උදේ දහයට "

ටේහ්‍යුන් හැඟීමක් නැති කටහඬකින් උත්තර දුන්නා.

" මට..මට ඉයුන්ට දෙන්න දෙයක් තියෙනවා..ඒ හින්දා ම..මං ඔයාලව බලන්න airport එකට ආවට ක..කමක් නැද්ද? "

නාරා වෙව්ලන කටහඬකින් අැහුවම ටේහ්‍යුන්ගේ හිතට නාරාගේ වචනත් එක්ක මහ බරක් දැනුනා.

" ඒකට කමක් නෑ. ඔයා එන්න.."

ටේහ්‍යුන් තමන්ගේ කටහඬේ වෙනසක් නොකරම කිව්වා.

" හ..හරි මං එන්නම්. T..Thank you ටේහ්‍යුන්.."

නාරා එයාගේ අැස්වලින් ආයෙමත් අලුත් වෙවී වැටුනු කඳුලු බිංදු අතින් පිහදාන ගමන් කිව්වා.

" හ්ම්.."

එහෙම කියපු ටේහ්‍යුන් නාරාගේ කෝල් එක කට් කරලා තමන්ට තුරුලු වෙලා නිදාගෙන හිටපු ඉයුන්ගේ හිස් මුදුනින් දිග හාදුවක් තිබ්බේ තව ටිකක් ඉයුන්ව එයාට ලංකරගන්න ගමන්.

නාරාට වගේම ටේහ්‍යුන්ටත් අැඳට ආවට නින්ද නොඑන තරමටම ටේහ්‍යුන්ගේ හිතත් නොසන්සුන් වෙලා තිබුනා.

ටේහ්‍යුන්ට ඕන වුනේ නෑ නාරාගෙන් ඉයුන්ව ඈත් කරන තරමටම නපුරු වෙන්න. ඒත් ටේහ්‍යුන් හිටියේ ඉයුන් තමන්ගේ දරුවා කියන විත්තිය එයාගෙන් හැංඟුවට නාරාත් එක්ක ලොකු කේන්තියකින්. ඉතිං ටේහ්‍යුන් නාරාට රිද්දන්නත් එක්ක ඉයුන්ව එයාගේ ලඟට ගන්න තීරණය කරේ ඒකයි.

_________________________

පහුවදා උදේ නාරා හොබී එක්ක ලක්ස්ම්බර්ග් වල airport එකට පිටත්වුනා. හොබී එක්කම airport එකේ check in area එකට ආපු නාරා සෙනඟ අස්සේ ඉස්සි ඉස්සි හෙව්වේ ටේහ්‍යුන්වයි ඉයුන්වයි.

" ටේහ්‍යුන්! "

නාරා හිටපු දිහාට ටිකක් ඈතින් එයාලා හිටපු තැනට ඇවිදන් එන ටේහ්‍යුන්ව දැක්කම නාරාට ඉබේටම කියවුනා.

" ක්..කෝ ඉයුන්? "

ටේහ්‍යුන් විතරක් පේන්න හිටපු නිසා නාරා අැස්වල කඳුලු හිරකරගෙන වටපිට බල බල ටේහ්‍යුන්ගෙන් අහන ගමන් ඉයුන්ව හෙව්වා.

" එයා සේජින් හ්යොන්ග් ගාව. ඔයාට එයාට දෙන්න තියෙනවා කියපු දේ දෙන්න. මං බේබිට දෙන්නම්. "

ටේහ්‍යුන් කලිසම් සාක්කුවකත් අතක් ඔබාගෙන කිසි ගානක් නැති විදිහට නාරා දිහා බලාගෙන කිව්වා.

ඒ කියන්නේ අන්තිම වතාවටත් ඉයුන් මෙහෙන් යන්න කලින් ටේහ්‍යුන් තමන්ට ඉයුන්ව මුනගැහෙන්න දෙන්නේ නෑ කියන එකද?...

නාරාට හිතුනේ හිත පසාරු කරගෙන යන තරම් වේදනාවක් කෙල්ලට දැනෙන්න ගද්දි.

" අම්...මේක..මේක එයාට දෙන්න එහෙනම් මමා දුන්නා කියලා. මේක එයා ලඟ නැතුව එයාට නින්ද යනවා ටිකක් හොරයි.."

නාරා වෙව්ලන කටහඬකින් කියන ගමන් මෙච්චර වෙලා එයාගේ අතේ තිබුනු ඉස්සර දවසක ටේහ්‍යුන් එයාට අරන් දුන්නු පිකචු ප්ලශි එක ටේහ්‍යුන්ගේ අතින් තිබ්බා.

ඒත් එක්කම ටේහ්‍යුන්ට මතක් වුනා කලින් දවස් ටිකේ ඉයුන් බබා නිදාගන්න කලින් එයාගේ පිකචු ප්ලශි එක ඉල්ලලා අඬපු හැටි..වගේම කොහොමහරි ටේහ්‍යුන් ඒ දවස් ටිකේ ඉයුන් බබාට අලුත් ප්ලශීස් ජාති ගොඩක් ගෙනත් දීලා එයාව අමාරුවෙන් නිදිකරපු හැටිත්..

" හ..හරි..මං දෙන්නම් එයාට.."

නාරාගේ කඳුලු පිරිච්ච බෝල ඇස් දකිද්දි ටේහ්‍යුන්ට තමන්ගෙන් පිටවෙන වචන හිරවෙලා වගේ දැනුනත් ටේහ්‍යුන් වෙනසක් පෙන්නන්නේ නැතුවම එහෙම කියලා, නාරා දීපු පිකචු ප්ලශි එකත් අරන් එතනින් යන්න හැරුනා.

" ටේහ්‍යුන්! "

යන්න ගියපු ටේහ්‍යුන් ආයෙමත් හැරුනේ නාරා තමන්ගේ නම කියනවා ඇහුනු නිසා.

" පරිස්සමින් යන්න! "

නාරා කටින් පිටවෙන්න හදන ඉකියත් හිරකරගෙන ටේහ්‍යුන් දිහා බලාගෙන කියද්දි ටේහ්‍යුන් ඔලුව විතරක් වනලා check in area එකෙන් යන්න ගියා.

ඒත් එක්කම පැත්තකට වෙලා බලන් හිටපු හොබී නාරා ලඟට ඇවිත් නාරාගේ උරහිස වටේට අතක් යවලා වචනයක්වත් නොකියා නාරාව එයාගේ අැඟට වාරු කරගත්තේ බර හුස්මකුත් අතාරින ගමන්.

විනාඩි දෙක තුනක් නාරායි හොබීයි ඇස්වල කඳුලු පුරවගෙන තාමත් ටේහ්‍යුන් ගියපු පැත්ත දිහා බලන් ඉඳලා එතනින් යන්න හැරුනා.

" මමා! "

එකපාරටම හුරුපුරුදු හුරතල් කටහඬක් ඇහෙද්දි නාරායි හොබීයි දෙන්නම ආයෙත් හැරිලා බලද්දි දැක්කේ, ටේහ්‍යුන්ගේ අතේ ඉඳලා බිමට බැහැලා නාරා දීපු පිකචු ප්ලශි එකත් තුරුලු කරගෙන තමන්ගේ පැත්තට හිනාවෙලා දුවගෙන එන ඉයුන් බබාව.

" බේබි! "

එහෙමම ඉයුන් ලඟට දුවගෙන ගිහින් ඉයුන්ව තමන්ගේ පපුවට තුරුලු කරගත්ත නාරා, ඉයුන්ගේ මූන පුරාම හාදු ගොඩක් තිබ්බේ මෙච්චර වෙලාවක් තිස්සේ නාරාගේ ඇස්වල හිරවෙලා තිබුනු කඳුලු කම්මුල් දිගේ ඔහේ ගලන් යද්දි.

" මමා! ඔයා මාව පපා වගේ ටික දවසකින් ගොඩක් උස ගියාම බලන්න එනවා නේද?..මට පපා කිව්වා ඔයයි ඩැඩායි දෙන්නම මාව එතකොට බලන්න එනෝ කියලා..ඒ හින්දා මට කෑම ගොඩක් කන්න කිව්වා ඔයාලව බලන්න ඕනේ නම්.."

ඉයුන් නාරාගේ බෙල්ල බදාගෙන කටත් උල්කරන් කියද්දි නාරාගේ හිත කීරිගැහිලා යන තරම් දුකක් දැනුනත් නාරා අමාරුවෙන් මූනට හිනාවක් අරන් ඉයුන් දිහා බැලුවා.

" අනිවාරෙන්ම ස්වීටි..මමායි ඩැඩායි දෙන්නම එනවා මගේ බේබිව බලන්න ඔයා ගොඩක් ලොකු උනාම හොඳද?..ඒ හින්දා හොඳ බේබි වගේ පපා කියන දේ අහගෙන ඉන්න ඕන..pinky promise? "

නාරා ඉයුන්ගේ chubby cheek එකක් මිරිකලා කියන ගමන් ඉයුන්ට එයාගේ සුලැඟිල්ල දිග්කරා.

" pinky promise මමා! "

ඉයුන් හිනාවෙලා නාරාගේ අැඟිල්ල එයාගේ චූටි ඇඟිල්ලෙන් හිරකරගන්න ගමන් කිව්වා. ඒත් එක්කම නාරා ඉයුන්ගේ කනට කරලා රහසින් මොකක්ද කියද්දි ඉයුන් අායෙමත් හිනාවෙලා ඔලුව වැනුවා.

තවත් විනාඩි දෙක තුනක් හොබී එක්කත් කතා කරලා ඉයුන් නාරාටයි හොබීටයි අත වනන ගමන් දුවන් ගියේ ටේහ්‍යුන් ලඟට.

ටේහ්‍යුන් ඉයුන්ව එහෙමම වඩාගෙන check in area එකෙන් එහාට යද්දිත් ඉයුන් ආයෙමත් නාරාලා හිටපු පැත්තට හැරිලා අත වැනුවේ නාරා කඳුලු අස්සෙන්ම හිනාවෙන ගමන් ඉයුන්ට අත වනද්දි.

" මමා මොකක්ද බේබිට රහසින් කිව්වේ? ම්ම්?.."

Check in area එකෙන් එහාට යද්දි ටේහ්‍යුන් ඉයුන්ගේ soft cheek එකක් කිස් කරන ගමන් ඇහුවා.

" මමා කිව්වා මට පපාව හොඳට බලාගන්න කියලා.."

ඉයුන් එයාගේ bambi eyes තවත් ලොකුකරන් හුරතල් විදිහට ටේහ්‍යුන් දිහා බලාගෙන කියද්දි ටේහ්‍යුන්ගේ හිත ඇතුලෙන් ලොකු වේදනාවක් දැනුනා. ඒත් ටේහ්‍යුන් ඒ ගැන තකන්නේ නැතුවම ඉයුන්වත් අරන් departure area එකට ගියා.

_________________________

~~ After one hour ~~

" Thanks මචං! ලොකු උදව්වක් ඒක! "

එහෙම කියලා කෝල් එක කට් කරපු හොබී සැනසුම් සුසුමක් හෙලන ගමන් නාරා දිහාට හැරුනා.

Airport එකේ ඉඳලා ගෙදර ආපු වෙලාවේ ඉඳන් නාරා හිටියේ living room එකේ තිබුනු මේසෙට වෙලා බලාගත්තු අත බලාගෙන ලොකු කල්පනාවක.

" නාරා අපි next week කොරියාවට යනවා! මං ඉයුන්වෝ එක්ක හැමදේම plan කරා. බයවෙන්න එපා! මං ඒලියන් බේබිට ඔයාගෙන් ඈත්වෙන්න දෙන්නේ නෑ..ඉයුන්වෝ කිව්වා අනිවාරෙන්ම බේබිව ඔයා ලඟට ගන්න අපිට උදව් කරනවා කියලා. "

හොබී නාරා දිහා බලාගෙන කියද්දි නාරා හිටියේ හොබී කියන කිසිම දෙයක් නෑහුන ගානට.

" ඉයුන්වෝ තමයි මේ දවස්වල සෝල් වල ඉන්න හොඳම lawyer. මිනිහා මගේ පරන යාලුවෙක් නිසා මං ප්‍රශ්නේ කියපු ගමන්ම මිනිහා කැමති වුනා අපිට උදව් කරන්න. මොනවා උනත් ටේහ්‍යුන්ට වටින්නේ නෑ බේබිව ඔයාගෙන් ඈත් කරන්න. ටේහ්‍යුන්ට තිබුනා ඔයත් එක්ක___ "

" නෑ..ටේහ්‍යුන් ලඟ ඉයුන් හිටපුදෙන්. කොහොමත් ටේහ්‍යුන්නේ ඉයුන්ගේ අප්පා..එයා ඉයුන්ව මටත් වඩා හොඳට බලාගනීවි.."

හොබී කියාගෙන යද්දි නාරා කිසිම හැඟීමක් නැතුව කිව්වා. හොබී ඇසුත් ලොකුකරන් නාරා දිහා බලන් හිටියා.

" ඒ...ඒත් නාරා ඔයා කොහොමද ඉයුන් නැතුව___"

" ඒකට මට පුරුදු වෙන්න පුළුවන් සනී..කාලයක් මං ටේහ්‍යුන් නැතුව ඉන්න පුරුදු වුනා වගේම මට ඉයුන් නැතුවත් ඉන්න පුරුදු වෙන්න පුළුවන් වේවි..සමහරවිට මගේ ජීවිතේ මං ආදරේ කරන අය මගේ ලඟින් තියාගන්න තරම් මං වාසනාවන්ත නැතුව ඇති..ඒ හින්දා ඔයා ඒ ගැන හිතන්න යන්න එපා සනී..මට ඒ ජීවිතේ හුරුයි. "

නාරා එහෙම කියලා හොබී තවත් මුකුත් කියන්න කලින් දිග හුස්මකුත් පිටකරන ගමන් එතනින් නැඟිටලා එයාගෙයි ඉයුන්ගෙයි කාමරේට ගියා.
°
°

එහෙමම කාමරේ bathroom එකට ගියපු නාරා shower එක යටට වෙලා පැයකට කිට්ටු වෙන්නම අඬලා අඬලා ආයෙත් කාමරේ ඇතුලට ඇතුලට ආවේ හෙම්බත් වෙලා.

නාරාට දුකයි..මහන්සියි..පහුගිය දවස් ටිකට ටේහ්‍යුන් වගේම ඉයුන් නිසා පිටට පෙන්නුවේ නැතිවුනත් නාරාගේ හිත ආයෙත් ගොඩ එන්න බැරිතරමටම කඩන් වැටිලා තිබුනා.

තමන්ගේ ජීවිතේ අදින් පස්සේ ඉස්සරහට කොහොම ගෙවේවිද කියලා හරිහැටි විශ්වාසයක් නාරාට තිබුනේ නෑ. කෙල්ල ටවල් එකත් ඇඳන් තෙත පිටින්ම ගියේ රෙදි කබඩ් එක ලඟට.

ඒ කරලා නාරා මෙච්චර දවසක් කබඩ් එක අස්සේ හංඟලා තිබුනු එයා කිම් මැන්ෂන් එකෙන් අන්තිම වතාවට එද්දි අරන් ආපු ටේහ්‍යුන්ගේ සුදුපාට ෂර්ට් එක ඇඳලා පොඩි ශෝර්ට් එකකුත් අැඳගෙන, එහෙමම අැඳට වැටුනේ ඉයුන් බබාගේ frame කරලා තිබුනු පොඩි ෆොටෝ එකකුත් තුරුලු කරගන්න ගමන්.

අවුරුදු කීපයක් ගිහින් තිබුනත් ටේහ්‍යුන්ගේ ඒ ශර්ට් එකෙන් නාරාට තාමත් ටේහ්‍යුන්ගේ සුවඳ දැනුනා.
°
°

නාරා තවත් පැයක් විතරම ඔහේ ඇඳට වෙලා ටේහ්‍යුන්ගෙයි ඉයුන්ගෙයි ආදරනීය මතක ආයෙමත් මතක් කරා.

ඒත් එක්කම නාරා ගැස්සිලා ගියේ නාරාගේ ඉන වටේට එකපාරටම සීතල අතක් එතිලා කෙල්ලව පිටිපස්සෙන් කාගේදෝ පපුවකට හේත්තු කරගත්ත නිසා.

" ආශ්! සනී! මං කිව්වනේ මං හොඳින් කියලා. Please මට ටිකක් තනියම ඉන්න දෙන්න! "

නාරා අනිත් පැත්තට හැරෙන්නේ නැතුවම කෙල්ලගේ ඉන වටේ තිබුනු අත අයින් කරන්න හදන ගමන් කිව්වා.

" ම්හ්..එහෙම කරන්න තිබුනා..මගේ බේබිගේ මමා මෙහෙම මූන එල්ලන් හිටියේ නැත්තන්.."

නාරාගේ කන ලඟින් හුරුපුරුදු husky voice එකක් ඇහෙද්දි නාරා විදුලි වේගෙන් අනිත් පැත්තට හැරුනා.

" ට්...ටේහ්‍යුන්! "

නාරාගේ ඇස් ලොකුවුනේ ලස්සන පෙට්ටි හිනාවත් දාගෙන එයා දිහා හිනාවෙලා බලන් ඉන්න ටේහ්‍යුන්ව දැක්කම.

" ඔ...ඔයා ගියේ නැද්ද? "

නාරාගේ පපුව වේගෙන් ගැහෙන්න ගද්දි නාරා කටින් පිටවෙන්න හදන ඉකියත් හිරකරගෙනම ටේහ්‍යුන් දිහා බලාගෙන වචන ගලපගත්තා.

" මගේ වයිෆ් මෙහේ ඉද්දි මං කොහොමද යන්නේ?...ම්ම්?.."

ටේහ්‍යුන් නාරාගේ කම්මුලක් සිනිඳුවට එයාගේ මාපට ඇඟිල්ලෙන් පිරිමදින ගමන් කියද්දි නාරාට හයියෙන් ඇඬුනේ මෙච්චර වෙලා හිරකරන් හිටපු කඳුලු කම්මුල් දිගේ ඔහේ ගලන් යද්දි.

" මට සමාවෙන්න බොබී..ඔයාගේ හිත රිද්දුවට..මට ඔයාව ගොඩක් මතක් වුනා.."

ටේහ්‍යුන් නාරාව ලඟට ඇදලා එයාගේ පපුවට තුරුලු කරගෙන කියද්දි නාරා අඬ අඬාම ටේහ්‍යුන්ට තවත් තුරුලු වුනා.

" මට..මට සමාව දෙනවා නේද? "

ටේහ්‍යුන් නාරාව එයාගේ පපුවෙන් ටිකකට ඈත් කරලා අහද්දි නාරා අඬ අඬාම ඔලුව වැනුවා. ටේහ්‍යුන් හිනාවෙලා නාරාගේ මුලු මූන පුරාම හාදු ගොඩක් තිබ්බේ ටේහ්‍යුන්ගේ ඇස් වලිනුත් කඳුලු ගලන් යද්දි.

" මමා! "

ඒත් එක්කම කෑගහගෙන කාමරේට දුවන් ආපු ඉයුන් බබා අැඳට පැන්නේ ටේහ්‍යුන්ගෙයි නාරාගෙයි දෙන්නගේ මැද්දට වෙන්න.

" ඕහ්! බේබි ඉක්මනට එන්නකෝ! ඩැඩා ඔයාට ස්ට්‍රෝබෙරීස් ගෙනාවා! ඔයා ඔතන හිටියොත් මමාටයි පපාටයි ඔයාට සෙල්ලම් කරන්න නංගි බබෙක් ගේන්න වෙන්නේ නෑ හොඳේ.."

හොබී කාමරේට ඔලුව දාලා ටේහ්‍යුන්ටයි නාරාටයි වින්ක් කරලා කියද්දි ඉයුන් දඩිබිඩි ගාලා ඇඳෙන් බැහැලා හොබී ලඟට දිව්වා.

" හුරේ! මමායි පපායි මට නංගි බබෙක් ගේනෝ! "

ඉයුන් හිනාවෙවී කෑගගහා කියද්දි හොබී කටින් පනින්න හදන හිනාවත් තදකරගෙන ඉයුන්වත් වඩාගෙන කාමරෙන් එලියට ගියා.

" යාහ්! සනී! මං කියලා තියෙනවා බේබිට ඕවා කියලා දෙන්න එ___"

නාරා මූනත් ඇදකරන් ඇඳෙන් බැහැලා කියාගෙන යද්දි ටේහ්‍යුන් නාරාගේ අතකින් අල්ලලා නාරාව ඇඳට ඇදලා ගත්තේ කෙල්ල එහෙමම ටේහ්‍යුන්ගේ උකුල උඩ ඉන්ඳවෙද්දි.

" අපි එහෙනම් බේබිට නංගියෙක්ව ගේන්න යමුද හනී?..ම්ම්?.."

ටේහ්‍යුන් නාරාගේ පිම්බුනු කම්මුලක් සිනිඳුවට කිස් කරන ගමන් අහද්දි නාරාගේ මුලු මූනම රතුපාටට හැරුනා.

" යාහ්! අමතක උනාද අපි ඩිවෝස් කියලා! "

නාරා ටේහ්‍යුන්ගේ පපුවටත් අතකින් හිමීට පාරක් ගහලා බොරු තරහා මූනකුත් හදාගෙන කියද්දි ටේහ්‍යුන්ට හිනාගියේ ඉබේටමයි.

" ඉතිං අපි ආයෙත් බඳිමු.."

ටේහ්‍යුන් කිසි ගානක් නැතුව නාරාගේ කන් පෙත්තක් ලාවට හපලා කියද්දි නාරා යටිතොලත් හපාගෙන හිනාවුනා.

" මං ඔයාට ආදරෙයි බොබී..මහ ගොඩක් ආදරෙයි.."

ටේහ්‍යුන් නාරාගේ මූන එයාගේ ලොකු අත් අතරට මැදිකරගෙන නාරාගේ නලල කිස් කරන ගමන් කිව්වා.

" මාත් ආදරෙයි ටේහ්‍යුන්..හැමදාටම ඔයාට ආදරෙයි මං.."

නාරාත් හිනාවෙලා කියන ගමන් ටේහ්‍යුන්ගේ පපුවට තුරුලු වුනා.

" ආයේ කියනවද ඒක.."

නාරා ටේහ්‍යුන්ට තුරුලු වෙලාම කියද්දි ටේහ්‍යුන් ප්‍රශ්නාර්ථ බැල්මකින් නාරා දිහා බැලුවා.

" මට ආදරෙයි කියලා..ආයෙත් සැරයක් කියනවද?.."

නාරා එයාගේ බෝල ඇස්වලින් ටේහ්‍යුන් දිහා බලාගෙන කිව්වා.

" මං මගේ බොබීට ගොඩාක් ආදරෙයි.."

ටේහ්‍යුන් දිග හාදුවක් නාරාගේ හිස් මුදුනින් තියලා කියද්දි අවුරුදු ගානකට පස්සේ නාරාට ගොඩක් සතුටු හිතුනා.

විනාඩිය..දෙක..ගෙවිලා ගිහින් විනාඩි විස්සකට කිට්ටු වෙන්නම නාරායි ටේහ්‍යුනුයි එකිනෙකාට තුරුලු වෙලා හිටියා. අවුරුදු ගානකට පස්සේ දෙන්නගෙම හිත්වලට ලොකු සැහැල්ලුවක් දැනුනා.

" යාහ්! ටේ! "

එකපාරටම ටේහ්‍යුන් නාරාව ඇඳට තල්ලු කරලා කෙල්ලගේ අැඟ උඩට එද්දි නාරා ටේහ්‍යුන්ගේ පපුවටත් අතින් පාරක් ගහලා හිනාවෙවී කිව්වා.

" ඇයි අපි ඉයුන්ට ඉක්මනට නංගියෙක්ව ගේන්න ඕන කියලා ඔයාට අමතක උනාද හනී?..ම්ම්?.."

ටේහ්‍යුන් evil smirk එකකින් නාරා දිහා බලාගෙන කියන ගමන් පාත්වුනේ නාරාගේ රෝස පාට ලිප්ස් වලට.

" යාහ්!"

නාරා ලැජ්ජාවෙන් ටේහ්‍යුන්ගේ පපුවට ආයෙත් එයාගේ අතකින් ගහන ගමන් කිව්වත් ටේහ්‍යුන් නාරාගේ අත්දෙකම තදකරලා අල්ලගෙන නාරාගේ තොල් සිනිඳුවට සිපගත්තා.

තප්පර දෙක තුනක් ගෙවිලා යද්දි නාරාත් ටේහ්‍යුන්ගේ හාදුවට පිලිතුරු දුන්නේ ටේහ්‍යුන්ගේ බෙල්ල වටේට කෙල්ලගේ අත් යවලා ටේහ්‍යුන්ව තවත් තමන්ට ලංකරගන්න ගමන්. ටේහ්‍යුනුයි නාරායි අවුරුදු ගානකට විඳින්න බැරිවුන දෙන්නගෙම ආදරනීය උනුහුම හිතපුරා විඳගන්න ගමන් ආයෙමත් ගතිනුත් හිතිනුත් එකතු වුනා.

ඉතිං අවසානෙදි ටේහ්‍යුන් එයාගේ නපුරු බොබීට වගේම...නාරා එයාගේ පිස්සු පිටසක්වලයටත් අයිති වුනා...

~~ The End ~~

__________________________

I hope you guys will comment even one about how you feel the story🤭

Continue Reading

You'll Also Like

154 51 5
හිතට දැනෙන දෙ අකුරු කරමි
1.4K 84 21
වසර ගණනක ආදරය සහා දෛවගත ආදරය අතර සටනක යෙදෙන ඇය.. තම බැදීම් රැකගැනීමට පොරබදින ඇය.. තම ආදරය වෙනුවෙන් සටන් කරන Mafia king Sohee & JK Namjin (bl) BTS TX...
1.7K 242 35
Love you bear ♡🖇️ 🧸 18+ ⚠️🔞
8K 1.5K 12
පිස්සෙක්ට ආදරේ කරොත් මොනව වෙයිද ???? .....😶 Psycho...