Wanna Be Mine Or Not💜️(compl...

By XZWY1997

5.8K 912 192

සද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️ More

Introduction
EPISODE ONE
EPISODE TWO
EPISODE THREE
EPISODE FOUR
EPISODE FIVE
EPISODE SIX
EPISODE SEVEN
LAST EPISODE
❤️special chapter ❤️

EPISODE EIGHT

400 72 7
By XZWY1997

YUWINDU'S POV

      මට හිතාගන්න බැරි උනේ අපේ තාත්ති මේකට කොහොම ප්‍රතිචාර දක්වයිද කියන දේ....තාත්තා ගොඩක් සැරයි...එත් පටු විදිහට හිතන්නෙ නැති වෙයි කියලත් හිතෙනවා...මුලින්ම පොඩීට කියලා ඉන්නත් හිතෙනවා😞 ඒත් මට බයක් දැනුනේ මෙච්චර මට ආදරේ කරන අයම මාව තේරුම් නොගත්තොත් මට දරාගෙන ඉන්න බැරි වෙයි කියලා..
     මං අම්මට කෝල් එකක් ගත්තේ අද දවසටම කතා කරේ නැති නිසා...කෝල් එක ආන්ස්වර් කරපු අම්මා

"කියන්න මගෙ චූටි පුතු "

යැයි කියන විටම

"අම්මේ "

යනුවෙන් ඉකියක් පිට උනේ මටවත් පාලනය කරගත නොහැකි ලෙසය...

"ඇයි චූටි මොකක්ද ප්‍රශ්නෙ පුතේ "

යැයි අම්මා විමසුවෙන් මා

"අම්මේ මට කියන්න දෙයක් තියනවා"

කී විට අම්මා

" කියන්න මැණික අම්මා අහගෙන ඉන්නෙ"

යි කීවාය...එවිට මා

අම්මෙ මං කෙනෙක්ට ආදරේ කරනවා"

යනුවෙන් අමාරුවෙන් කියා ගතිමි .

හොදයිනෙ මැණික,ඇයි ඉතින් අඩන්නෙ මගෙ පුතා "

යි ඇසුවාය.

"අම්මෙ එයා කොල්ලෙක් "

කියා කියන විට මට නැවතත් හැඩිණි...එවිට අම්මා

කෙනා කවුරු උනත් මගෙ පුතාට ආදරෙයි නම් අපිට ප්‍රශ්නයක් නෑ වස්තුව....මං විතරක් නෙවෙයි තාත්තත් පුතා කැමති වෙන ඕනි කෙනෙක්ට කැමති පුතේ..."

යැයි කී විට

"මං ඔයාලට ආදරෙයි අම්මේ"

කී මා මහත් සතුටින් අයියා පිළිබඳ විස්තර අම්මාට කීමට පටන් ගතිමි.
******----------***********---------==****

   දහවල මාගේ හැසිරීම නිසා මට අයියාට මුහුණ දීමට ලැජ්ජාවක් ඇති වුවත් සවස තේ පානය කිරීමට අම්මා කතා කල නිසා මට ඒ මොහොත පැහැර හැරීමට නොහැකි විය.මා මූණත් රතු කරගනිමින් ලැජ්ජාවෙන් මෙන් සාලයට පැමිණෙන විට තිදෙනාම මා දෙස බලා සිටින බව මට දැනුනත් මා බිම බලාගෙනම ගොස් අම්මා අසලින් හිද ගත්තෙමි.අම්මාද

"මොකද මේ මගෙ චූටි මැණිකට ලැජ්ජා හිතිලා"

යනුවෙන් ඇසුවේ පැවති තත්වය තවත් නරක අතට පෙරලමිනි.මා තවමත් අයියාගේ මුහුණ දෙස බැලීමට අපොහොසත් වූ අතර හොරැහින් මෙන් ඒ දෙස බලන විට අයියා ඇස්පිය නොහෙළා මා දෙස බලා සිටින බව මා දුටිමි. කිසිවෙකු කිසිවක් නොකීවේ මා ලැජ්ජාවෙන් නිසා විය හැකිය.හැකි ඉක්මනින් තේ පානය කර මගේ කාමරයට ගොස් නිදහසේ හුස්මක් ගන්නා විටම දොර අගුලු වැටෙන ශබ්දයක් ඇසී මා බලන විට අයියා කේන්ති ගිය බැල්මකින් මා දෙස බලා සිටින බව මා දුටුවෙමි.මා හට මා කල වරදවත් සිතා ගැනීමට නොහැකි වූවත්

"අයියේ ඔයා ඇයි මෙතන"

යනුවෙන් ඇසීමෙන් තත්ත්වය බරපතළ වූ බවක් පෙනෙන්නට තිබිණ .
          එක්වරම මා අයියා දෙසට ඇදීයන'යුරු මා හට දැනුණි.මගේ කන් පෙත්තක් අසලට ලං වූ අයියා

"ඇයි මං දිහා බලන්නෙ නැත්තෙ??? "

යනුවෙන් කොදුරන්නට වීම නිසා මගේ ගතම හිරි වැටී ගියේ ඔහුගේ උණුසුම් සුසුම් මගේ කනේ වැදීම නිසාවෙනි.මා කෙදිරියකින් මෙන්

" මට ලැජ්ජා හිතුණා"

යි කෙසේ හෝ කියා ගතිමි.

"ඇයි ඉතින් යුවී මැණිකට ලැජ්ජා හිතුනේ "

යනුවෙන් නැවතත් අසන විට මා

"මං..මං...දවල් මේ....බලෙන් කිස් එකක් ඉල්ලගත්තේ....ඔයා දෙන්නෙත් නැතුව ඉන්නකොට...මට ඒක පුරුදු නිසා නෙවෙයි....මං කලින් කිස් කරලා නෑ....ඔයා නරක විදිහට හිතයි කියලා හිතිලා පොඩ්ඩක් ලැජ්ජාවෙන් හිටියෙ "

කියා කෙසේ හෝ කියා ගත්තේ අයියා මා දෙස සිනාසෙමින් බලන විටය.

"මං දන්නවා පැටියෝ ඔයා මුලින්ම යාලු උනේ මාත් එක්ක කියලා...එහෙම නොවුනත් මට ඒක ප්‍රශ්නයක් නෑ වස්තුව...ඔයා ඔයාට ඕනි වෙන ඕනි දෙයක් මට කියන්න හොදද...මං මොනවත්ම හිතන්නේ නෑ බබී....මං කැමති මගෙ කොල්ලා එහෙම වෙනවට...."

යනුවෙන් පවසා හිස් මුදුනින් සිපුම් කිහිපයක් තැබුවේ මගේ සිත සතුටින් පිරී යන විටයි.

TO BE CONTINUED...
මට හෙටින් වැකේශන් ඉවරයි ලමයි....ඒ නිසා හෙට ආයි කැම්පස් එකට යන්න වෙනෝ....හෙට පොඩ්ඩක් රෑ වෙලා තමයි කතාව දෙන්න වෙන්නෙ....පැය 8 ක් විතර බස් එකේ යන්න වෙනෝ....සොරි ඒකට....😒🙂

Continue Reading

You'll Also Like

16.9K 199 44
A WOSO Oneshot book Oneshots of favourite Women's footballers Mainly the Lionesses, Arsenal Women's team,Chelsea Women's team, Man City Women's team...
28.6K 1.1K 13
Introduce Novel: having $/ex, dirty, rude, bad words, not for young, only in app here , not for social media (Writer by Admin: SIE)
Fate By v xxxiri v

Short Story

16.1K 1.1K 10
A story of a young boy Vishnu who lives along with his cold brothers in India, wishing to be taken care and loved by them
readers By smhhh

Short Story

58.8K 89 9
shhhhhhh.