Wanna Be Mine Or Not💜️(compl...

By XZWY1997

5.8K 912 192

සද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️ More

Introduction
EPISODE ONE
EPISODE TWO
EPISODE THREE
EPISODE FOUR
EPISODE FIVE
EPISODE SEVEN
EPISODE EIGHT
LAST EPISODE
❤️special chapter ❤️

EPISODE SIX

439 84 10
By XZWY1997

ASHWIN'S POV
( මුල ඉදන්ම මේ වෙනකල්)

මාගේ දුරකථනය නාද වන ශබ්දයක් ඇසී මා කරමින් සිටි වැඩේ ද නවත්වා දුරකථනය අතට ගත්තෙමි.එහි සදහන් ව තිබුනේ දුල්මිණ යනුවෙනි.දුල්මිණ මගේ විශ්වවිද්‍යාලයීය සමයේ හොඳම මිතුරා බව කීවොත් නිවැරැදි ය.නමුත් ඔහු ඉතා කාර්‍යබහුල බැවින් දුරකථන ඇමතුමක් ලබා දීම දුලබ දෙයකි . මා දුරකථන ඇමතුමට සම්බන්ධ වූ පසු...

" අඩෝ මචං, ගොඩක් දවසකින් ගත්තේ උදව්වක් ඉල්ලන්න"

යැයි කීවේය.දුල්මිණ සාමන්‍යයෙන් කිසිවෙකුගෙන් උදව් ඉල්ලන අයෙක් නොවේ.එම නිසා මා පුදුමයෙන්

"මොකක්ද බං??"

කියා ඇසූ විට මේ

"අපෙ චූටි මල්ලි Ayurvedic doctor කෙනෙක් මචං...ඌට පොඩ්ඩක් practical side එක වෙද මහත්තයෙක්ගෙන් ඉගෙන ගන්න ඕනිලු....උබලගෙ තාත්තා වෙද මහත්තයෙක් නේද බං....පුලුවන් නම් අහල බලපන්කෝ මචෝ"

යි කීවේය. ඒත් සමගම

"හැබැයි බං උබලගෙ ගෙදර නවත්තගන්නත් වෙනව බං මල්ලිව....ඌට වෙන තැන් වල ඉන්න බැරි වෙයි...මේ ගෙදර මිනිස්සු හුරතල් කරල කරල මේ ලෝකෙ දෙයක් තනියම කරගන්න බෑ...තමන්ගෙ වැඩ ටික ඇරෙන්න....පොඩ්ඩක් ඇත්නම් මූණ බෙරි කරගන්නවා...හිත රිද්දගන්නවා...ඒකයි"

යනුවෙන් ද පැවසීය.

"මං තාත්තගෙන් අහලා උඹට කෝල් එකක් දෙන්නම් බං උඹගෙ හුරතල් පොඩි එකාව තියාගන්න කැමතීද කියලා 😂"

යනුවෙන් පවසා මං ඇමතුම විසන්ධි කලෙමි.මං තාත්තාට විස්තරය පැවසූ විට තාත්තා ඊට කැමති වූ අතර අම්මා

අනේ හුරතල් පැටියෙක් නම් මං කැමතී....මේ ගෙදර ඉන්න අලි කොල්ලො මාත් එක්ක කතාවත් කරනවා යැයි

පවසා මට ගස්සා කුස්සියට ගියාය.තාත්තා

අපි දෙන්න ඉදලා ඉවර වෙයි මෙයාගෙ හුරතලේ ආවම කියා

සිනාසුනේ මාත් එය අනුමත කරද්දී ය.අපේ අම්මා කැමති මා ඇය සමග හුරතල් කතා කියමින් සිටිනු දැකීමට වුවද මා දැන් වයස 27 ක පමණ ලොකු කොල්ලෙක් නිසා මා එතරම් එවැනි දේවල් කරන්නේ නැත.නමුත් මා අම්මගේ ආදරය බෙදා ගැනීමට කැමැත්තක් ද නැත.ලොකු අයියා නිවසේ සිටින විට ද මා ඔහු හෝ අම්මා අසලට එනවාට එතරම් කැමැත්තක් නොවේ.
කෙසේ හෝ මා දුල්මිණ තාත්තා කැමති වූ බව කී විට

" අඩෝ පින් මචං...එහෙනම් මං මල්ලිව එවන්නම් අනිද්දා දිහාට වගේ...උබ පාර ගාවට වරෙන් හොදේ එක්කරගෙන යන්න...මං ෆොටෝ එකක් එවලා තියන්නම්"

යැයි කීවේය.මද වේලාවකින් හුරතල් හාවෙකුගේ මෙන් පෙනුමකින් යුතු කියුට් කොල්ලෙකුගේ ඡායාරූපයක් දුල්මිණ මගේ දුරකථනයට එවා තිබුනි.මා නොදැනුවත්ව ම එම ඡායාරූපය දෙස සෑහෙන වෙලාවක් බලා සිට ඇති අතර පියවි සිහියට පැමිණි වහාම මා දුරකථනය පසෙක තබා මා කරමින් සිටි කාර්‍යයේම නිරත උනෙමි.
*****----------********---******---***
අවසානයේ දී දුල්මිණ ගේ මල්ලි එනම් යුවිදු අපේ නිවසට පැමිණෙන දින පැමිණි අතර මා සූදානම් වූයේ ඔහුව කැදවාගෙන ඒමට යාම සදහායි.මා බස් නැවතුම්පොළ අසල යතුරුපැදිය නවතාගෙන සිටින විටදී වටපිට බලමින් බයෙන් මෙන් කවුරුන් හෝ සොයමින් යන දුල්මිණ ගේ මල්ලිව දුටු බැවින් මා එතනට ගොස්

" දුල්මිණ ගෙ මල්ලි නේදැයි "

විමසූ විට එක්වරම මා දෙස බැලූ විට එක්වරම මගේ හදගැස්මද වැඩි කරමින් බියවූ හා පැටවෙකු මෙන්

"අයියගෙ යාලුවාද"

යනුවෙන් විමසුවේය. මගේ වෙනසක් තේරේවි යයි බියෙන් මා සැරෙන්

"නගිනවා "

කියා තව සැරෙන් මොන මොනවද කී පසු හෙල්මට් එක දමා ගැනීමට නොදන්නා ලෙසින් මා දෙස බලා සිටින්නට වීම නිසා මා නැවතත් සැර කර පසු මූණත් බෙරි කරගෙන බයික් එකය නැගුණේ බියෙන් මෙනි.ඔහුව නිවසට දමා මා යාලුවෙක්ගෙ නිවසට ගියේ මගේ සිත නොසන්සුන් නිසාවෙනි.ගොස් ඔහු සමග මට සිදුවූ සියල්ල පැවසූ පසු මගේ මිතුරා කීවේ මගේ සිතේ යුවිදු කෙරේ හැගීමක් ඇති වී ඇති බවයි.නමුත් දුටු පමණ එසේ විය හැකිද????
         එතනින් පසු මට හැකි සෑම විටකම මා ඔහුගේ හුරතල් මුහුණ දෙස නොබලා සිටීමට උත්සාහ කලද එය නිශ්ඵල වූයේ ඔහු එතරම් ආදරණීය පෙනුමකින් යුතු නිසා මෙන්ම ඔහුගේ දෙනෙත් මා දෙස බලන බැල්ම මට සිතාගත නොහැකි නිසාය.
         දිනක් මා කුස්සියේ සිට එන විට අම්මා චූටි මැණික යනුවෙන් හයියෙන් යුවී ට කතා කල අතර මා නිවසේ සිටින බව නොදන්නා නිසාදෝ උඩ පනිමින් වේගයෙන් කුස්සියට දුවගෙන පැමිණි යුවී එක්වරම මගේ ඇගේ වැදී බිත්තියේද වැදී බිම වැටුණත් මට කිසිවක් සිතා ගැනීමට නොහැකි වූ නිසා මා කිසිවක් නොකර ගල් ගැසී සිටියෙමි. යුවී එක්වරම නැගිට

සොරි අය්යේ

කියා එතනින් ඉවත්ව යාමට හැදුවත් දෙනෙත් වල කදුලු පිරී තිබූ නිසා පියවි සිහියට පැමිණි මා නැවතත් ඔහුට සැර කරේ මටවත් මගේ හැසිරීම හිතාගත් නොහැකිවයි...එක්වරම යුවී මහා හයියෙන් හඩන්නට ගත්තේ මාව අන්ද මන්ද කරමිනි. මා මදක් මෘදු හඩකින් ඇයි අඩන්නෙ කියා විමසූ විට පුදුමයෙන් මෙන් මා දෙස බැලූ විට ඔහුගේ හුරතල් කදුලු පිරී ඇති දෙනෙත් සිප නොගෙන මා සිටියේ  ඉතා අපහසුවෙනි. එක්වරම අම්මා පැමිණ මා හට බැන වැදී යුවී රැගෙන ගියේ තවත් මට නොනවතින ලෙස බනිමිනි.අම්මා චූටි මැණිකට බත් ද කවා නිදි කරවූ පසු මා අම්මාට කියා ඔහුව බැලීමට ගියේ මගේ හිත ඇත්තෙන්ම රිදී තිබූ නිසා මෙන්ම...මා ඔහුට නපුරු වූවා වැඩි බව වැටහී මෙන්ම දුල්මිණ කියා තිබියදී ද ඔහු ඉක්මනින් හිත රිදවා ගන්නා බව...ඒත් මා හිතා මතා ඒ සිත රිදවූවා නොවේදැයි සිතාය.
         මා ගොස් හිස මදක් අත ගාද්දීම අම්මා කියමින් මට තුරුල් වූ යුවී නිසා  එක්වරම මා ගැස්සුනත් මට ඔහුව ඉවත් කිරීමට හිත් නොදුන් නිසා මාද එතනින්ම හාන්සි වීමි.උදෙන්ම යුවී අවදි වීමට පෙර එතනින් ගියත් මට ඔහුට කෙසේදැයි දැන ගැනීමට අවශ්‍ය වී තිබුණු නිසා මා ඔහුගේ කාමරයට යන විට ඇදේ ඉදගෙන නිදිමතෙන්ම මා දෙස බැලූ යුවී දුටු මා හට සිතුනේ අසනීප ඇසීම පසෙකින් තබා ඒ හුරතල් මූණ රතු වෙන තුරු සිපගන්නටයි.

     එම නිසා ඉක්මනින් මොනවද අසමින් මා එතනින් ඉවත්ව ගියේ මගේ වෙනසක් පෙනේවි යන බියෙනි.
           ඊලග දින කිහිපයේම මා ඔහුව මගාරිමින් සිටියත් ,
      මා නිවසට යන පාරේ ඇති කඩයට  ගොඩ වූයේ ෆෝන් කාර්ඩ් එකක් ගැනීමට වුවත් එතැන සිටින කොල්ලන් රෑනම එක් දිශාවක් බලා සිටින බව දුටු බැවින් මාද ඔවුන් බලන දෙස බැලීමි.එවිටම එතන සිටි කොල්ලෙක් කීවේ

"අඩෝ කව්ද බං ඒ...පට්ට ලස්සනක්නෙ...කෙල්ලෙක්වත් නෑනෙ එච්චර කියුට් ඇන්ඩ් සෙක්සී පාටට"

  උන් කතා කරන්නේ කවුරුන් පිළිබඳවද බැලූ මට යක්ශයාරූඪ වීමට ගත වූයේ තත්පරයටත් අඩු කාලයකි. මා පීල්ල අසලට ගොස් යුවී ව වතුරෙන් උඩට ගෙන පුලුවන් තරම් කේන්ති පාලනය කරගෙන නිවසට එන ලෙස පවසා එතනින් ගියෙමි.නමුත් පැය බාගයක් පමණ ගිය විට හෙමින් හෙමින් නිවසට එන යුවී දුටු මට පාලනය කර සිටි කේන්තිය නැවත මතු වනු දැනුනත්....මාව ගනනකටවත් නොගෙන ගිය පොඩි එකා දුටු මගේ පාලනය ගිලිහිනි.කාමරයට ගිය මා යුවී ගේ බෙල්ලෙන්ම අල්ලාගන බැන වැදුනත් බිම බලාගෙන සිට අඩන්නට පටන් ගත් නිසා මා තව සිටියහොත් තුරුල් කරගෙන සිප ගැනීමට සිතෙන නිසා නැවතත් ඒ සිත රිදවා එතනින් ඉවත්ව ගියෙමි. යාලුවාට කී විට ඌ කියා සිටියේ සිතේ තියන දේ නොකියා  පොඩි එකාට බලපෑම් නොකරන ලෙසයි.
       කෙසේ හෝ මා නිවසට යන දින ගණන අඩු විය...මා මීට පෙරත් වැඩ සදහා දින ගණනක් නිවසට නොපැමිණ සිටින නිසා අම්මා කිසිවක් කීවේ නැත.නමුත් තාත්තා ඒ ගැන යමක් දන්නා බව මා හට වැටහී තිබිණ...නමුත් ඔහුගේ අකමැත්තක් නොපෙනුන නිසා මා ඒ ගැන නොසිතුවෙමි.
          දිනක් මා නිවසට පැමිණෙන විට   මා දුටුවේ යුවී තවත් කොල්ලෙක් ගේ ඔඩොක්කුවේ හිස තබාගෙන නිදා ගෙන සිටින අයුරුය.මට දරාගත නොහැකි දුකක් පැමිණියත් මට කිරීමට දෙයක් නැති නිසා ආ සැණින් කාමරයට ගොස් මහා හඩින් දොර වසා ගත්තෙමි. හවස් වන විට අනිත් කොල්ලා අම්මා කී පරිදි යෙවිශ් පුතා යාමට සූදානම් වූ අතර යුවී ඔහුව බදාගත් අතර ඒ කොල්ලා යුවී බෝලේ යනුවෙන් අමතන'යුරු මා දොරින් බලා සිටියෙමි.මගේ කේන්තිය අන්තිමට පිටව ගියේ කාමරයේ තිබූ වීදුරු මල් පෝච්චියක් මතිනි.
       එයින් පසු මා යුවීගෙන් තවත් ඈත් වූ අතර මා යාලුවාගේ නිවසට ගිය දිනක අපගේ පාසල් මිතුරන් හා මිතුරියන් රැසක් පැමිණ සිටියහ. මගේ කුඩා කල පටන් හොඳම යාලුවා වූයේ ශෙනූ ය.ඇය ලබන මාසයේ විවාහ වීමට ද සිටී. මගේ මුහුණ දෙස බලා සිට ශෙනූ ඇසුවේ

"මොකක්ද ප්‍රශ්නෙ"

කියාය. ඇයට මාව හොඳින් තේරුම් ගැනීමට පුලුවන.මා ඇයට ප්‍රශ්නය කී විට ඇය කීවේ පොඩ්ඩක් ජෙලස් කරොත් සමහරවිට් කැමති නම් දැනගත හැකි බවයි.ඇය එසේ පවසා හෙට ඒ සදහා උදව් කරන බව කීවාය.....නමුත් මද වේලාවකින් ඇය බාතෲම් එක තුල ඇදගෙන වැටුනෙන් ඒ අවස්ථාව යොදා ගෙන ඇය මට උපකාර කිරීමට පොරොන්දු වූයේ ඇයට එතරම් අපහසුවක් නොමැති නිසාවෙනි.බලාපොරොත්තු වූ ලෙසම යුවී අඩාගෙන බෙහෙත් කාමරයට ගිය පසු මට තව දුරටත් ඔහු ව ඇඩවීමට හැකි වූයේ නැත.මක් නිසාද යත් මේ වන විටත් මා උවමනාවටත් වඩා ඔහුව හඩවා ඇති නිසාවෙනි.
       මා බෙහෙත් කාමරයට යන විට යුවී හඩමින්ම බෙහෙත් කොටමින් සිටි අතර මා දෙස හිස ඔසවා බැලුවේවත් නැත...මා පිටුපසින් ඔහුව වැලදගත්තත් ඔහු මාව තල්ලු කරේ හඩමින්මය.මා ඔහුට මැණික කී විටද ගර්ල් ෆ්‍රෙන්ඩ්ට එසේ කියන ලෙස පවසමින් අඩන්නට වූයේ මට තවත් අඩවන්නට සිත් නොදුන් නිසා සිදුවූ දේ පැවසූවෙමි. නමුත් මා ඔහුගෙන් අඩන්නේ කුමකටදැයි ඇසූ විට නිකන් කියා බිම බලාගත්තේ මා තවත් විහිලුවක් කරන බව සිතා විය යුතුය.මා ඔහුගේ නිකටින් ඔසවා........
     TO BE CONTINUED ......

ඔයාලා මේකේ Writing style එකට කැමතීද???? 🙂

Continue Reading

You'll Also Like

29.2K 3.8K 25
sᴏ ʜᴇʀᴇ ɪ ᴄᴏᴍᴇ ᴡɪᴛʜ sᴇᴀsᴏɴ 𝟸 ᴏғ ᴛʜᴇ ᴍᴏsᴛ ᴅᴇᴍᴀɴᴅᴇᴅ ɪᴛᴠ sᴇʀɪᴀʟ ᴍᴀᴅᴅᴀᴍ sɪʀ❤️..ʜᴇʀᴇ ʏᴏᴜ ɢᴜʏs ɢᴏᴛ ᴡɪᴛɴᴇss ᴏғ ᴛʜᴇ ɴᴇᴡ ᴊᴏᴜʀɴᴇʏ ᴏғ ᴍᴘᴛ ᴍᴇᴍʙᴇʀs ᴀғᴛᴇʀ ᴛʜᴇ ʙᴏ...
143K 2.2K 29
˚₊‧꒰ა ☆ ໒꒱ ‧₊˚ in which lando norris falls for oscar piastri's sister. or an upcoming rookie joins mclaren and his sister causes a stir.
6.6K 26 3
အပြာစာ။ 21+ ပြည့် မှ ဖတ်ပါ။ရိုင်းစိုင်းတဲ့ အသုံးနှုန်းများပါသည်။ ဆရာမ ကို ကျောင်းစောင့်ဦးလေးကြီး တယောက်ကလိုးတဲ့ စိတ်ကူးယဥ် အပြာစာပေ။
He is... By ;)

Short Story

20.4K 1.5K 26
Where Ishan stumbles into Shubman's life one day and changes the latter's life forever. Shubman takes pity on Ishan but will the pity turn into some...