Wanna Be Mine Or Not💜️(compl...

By XZWY1997

5.8K 912 192

සද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️ More

Introduction
EPISODE ONE
EPISODE TWO
EPISODE THREE
EPISODE FOUR
EPISODE SIX
EPISODE SEVEN
EPISODE EIGHT
LAST EPISODE
❤️special chapter ❤️

EPISODE FIVE

458 92 15
By XZWY1997

     එදින මට බැන වැදීමෙන් පසු අයියා මා දෙස රැවීමටවත් බැලුවේ නැති අතර මා කියා ගත නොහැකි සිත් වේදනාවකින් පසු වීමි.සතියකට පමණ පසු මාගෙ හොදම යහලුවා මා බැලීමට පැමිණියේ ඔහුගේ නෑදෑ ගෙදරක යන අතරමගදීය.

YEWISH DILSHAN
    
      ඔහුද නිවසේ සියල්ලන්ගේම හිත දිනා ගැනීමට සමත් වූයේ ඔහුගේ ඇති කටකාර බව නිසාමය...අප දෙදෙනා එක වසරේ සිටම හොදම යාලුවන් වූ අතර සිත් වේදනාවෙන් සිටි මා හට ඔහුගේ පැමිණිම අතිශයින් සහනයක් විය...මා මාගෙ සිතේ තිබූ සියල්ල ඔහුට පැවසූ විට යෙවිශ් කීවේ අයියා මට කැමති බව සිතෙන බවයි.නැතිනම් මා නිරුවතින් නෑවත් ඔහුට පලක් නොවන නිසාය.
         දහවල් ආහාර ගැනීමෙන් අනතුරුව අප දෙදෙනා නිවසේ ඉදිරිපස තිබූ බංකුවේ වාඩි වී මා යෙවිශ් ගේ උකුලේ හිස තබාගෙන නිදා සිටියෙමි.
        එක්වරම අයියාගෙ යතුරුපැදිය මහා හඩක් නගමින් මිදුලේ නවත්වන ශබ්දය ඇසුණත් මා ඒ ගැන තැකීමක් නොකරේ ඔහු මා දෙස බැල්මකුදු නොහෙලන බැවිනි. මහසෝන් යක්ශයා මෙන් ගේතුලට වැදුණු අයියා කාමරයේ දොර මහා හඩින් වසන ශබ්දය ද ඇසුණි.
        කෙසේ හෝ සවස් වන විට යෙවිශ් යාමට සූදානම් වූ අතර මා ඔහුව දැඩිව වැලදගතිමි. යෙවිශ් මගේ හිසද අවුස්සා

" මං යනෝ යුවී බෝලේ "

කී විට අයියාගේ කාමරයෙන් මොනවා හෝ බිදෙන ශබ්දයක් ද ඇසුණි. මා හට එය වගක් නොවූයේ එය යෙවිශ් මට කුඩා කල පටන් පවසන නම නිසාවෙනි.
        එදින රාත්‍රි ආහාරය ගැනීමට අයියා නොසිටි අතර යාලුවෙක්ගෙ නිවසේ බව අම්මා පැවසුවාය.මා ඔහුව දැන් දින කිහිපයකින් දැක නැතත් එය අම්මට කීමට නොහැකි නිසා මා නිහඩව ආහාර ගතිමි.
*********************    ***********  *****
       පසුදින මා බෙහෙත් කොටමින් බිම වාඩි වී සිටින විට අයියා යතුරුපැදියෙන් පැමිණියේ කලබලයෙන් මෙනි.පැමිණ වෙද මාමාට යමක් පවසා නිවසේ කාරය රැගෙන නැවත ගිය අතර මද වේලාවකින් නැවත පැමිණියේය.නමුත් ඔහු පැමිණියේ තනිව නොවේ.ඔහු කාරයෙන් බැස අනිත් පසට ගොස් රූමත් තරුණියක් ඔසවා ගෙන වෙද ගෙදර දෙසට පැමිණියේ කලබලයෙනි. ඔසවාගෙන පැමිණි තරුණිය වෙද මාමා අසලින් තැබූ ඔහු

"තාත්තෙ, ශනූගෙ කකුල මොකක්ද උනා...වැටිලා බාතෲම් එකේ, පොඩ්ඩක් බලන්නකෝ"

යනුවෙන් කලබලයෙන් මෙන් පැවසීය.ඔහුගේ ඇස් කලබලයෙන් එහා මෙහා ගමන් කරන අතර වෙද මාමා පරීක්ෂා කර කීවේ පත්තුවක් දැමිය යුතු බවයි.
       අයියා එක්වරම

" මං දාන්නද තාත්තේ"

කීවේ මා මෙන්ම වෙද මාමා ද ඒ දෙස බලන විටය. වෙද මාමා හිස වනා මා දෙසට හැරී

"චූටි මැණික මේ බෙහෙත් ටික කොටන්න එහෙනම් පත්තුවට"

යැයි කීය.කියා එතැනින් නැගිට ගියේ අප තිදෙනා එතන තනි කරමිනි. අර අක්කා අයියාගෙ බඩට හේත්තු වී සිටින 'යුරු දැක මගේ දෑස් වල කදුලු පිරුණත් අයියා කිසි දිනෙක මට කැමති බව අගවා නැති නිසා මට ඔහුට දෝශාරෝපණය කල නොහැක.
        මා ඉක්මනින් බෙහෙත් කාමරයට ගොස් අවශ්‍ය බෙහෙත් එතනදීම කෙටීමට පටන් ගත්තේ තවත් අයියා වෙනත් අයෙකුට සමීප වී සිටිනු දැකිය නොහැකි නිසාය.මගේ දෙනෙත් වලින් කදුලු බේරෙමින් තිබුණද මා ඒ ගැන නොතකා දිගටම බෙහෙත් කොටමින් සිටියෙමි.මද වේලාවකින් කවුරුන් හෝ පැමිණි ශබ්දය ඇසුණත් මා හට හිස එසවීමට නොහැකි නිසා මා දිගටම මගේ කාර්‍යයේම නියැලුණෙමි.නමුත් එක්වරම මගේ බද දෙපසින් අත් දෙකක් පැමිණි නිසා මා පිටුපස බලා කවුරුන් වුවත් තල්ලු කර දැමීමට උත්සාහ කරත් දැඩි ග්‍රහණය නිසා එසේ කල නොහැකි විය.හැරී බැලූ විට දුටුවේ අයියා මා තුරුල් කරගෙන සිටින බවයි.මා ඒ උණුසුමට ආශා කලත් අර අක්කා සිහිවූ විට තවත් හයියෙන් හඩමින්ම අයියාව තල්ලු කිරීමට උත්සාහ කලෙමි.

" යන්නකො අයියේ...මං ඔයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ බෙහෙත් හරියට කොටන්නම්....ඔයා ගිහින් එයාව බදා ගෙන ඉන්න....මෙතන  ඉන්න ඕනි නෑ..."

කියමින් ඉකි ගසමින් හඩන්නට පටන් ගත්තේ මටවත් මාව නවත්වා ගැනීමට නොහැකි ලෙසය.අයියා

" ඒ උනාට මං බලන්න එපැයි මං ආදරේ කරන කෙනා ගැන...."

කී විට මට තවත් හයියෙන් හැඩුනේ එසේ නම් ඒ ඇත්තෙන්ම ඔහුගේ පෙම්වතිය නිසාවෙනි. අයියා මදක් මා දෙස බලා සිට

" අඩන්නෙ ඇයි යුවී,ම්ම්ම්,අඩන්න එපා මැණික "

  යැයි කිවේය.මං හඩමින්ම අයියා දෙස බලා

"මට මැණික කියන්න එපා....ගිහින් ඔයා ආදරේ කරන කෙනාටම කියාගන්න"

යැයි කීවෙමි. අයියා

" මං ආදරේ කරන කෙනාට තමයි මං මැණික කීව්වෙ"

කී විට

"එතකොට අර අක්කා ????"

යනුවෙන් මා ඇසීමි.

"ඒ මගේ හොඳම යාලුවා...ඒකි පොඩ්ඩක් වැඩිපුර රගපෑවා මට උදව්වක් විදිහට"

යනුවෙන් කීවේ මට මාගෙ හැසිරීම ගැන මද ලැජ්ජාවක්ද දනවමිනි.
   එවිට

"ආ....දැන් එතකොට මේ ළමයා මොකද ඇඩුවේ"

යනුවෙන් ඇසුවේ මට නැවතත් අයියා විහිලුවක් කරාදෝයි සිතෙමිනි.මං නැවතත් ඔලුව බිමට බර කරගතිමි.

" නිකන්"

කියා අමාරුවෙන් කියා ගත්තේ අය්යාගේ දුඹුරු පැහැති ඇස් එක එල්ලේ මා දෙස බලාගෙන සිටින විටය. එක්වරම....
TO BE CONTINUED ......

Continue Reading

You'll Also Like

readers By smhhh

Short Story

57.7K 89 9
shhhhhhh.
10.8K 276 11
bl only Taekook kook 🔝 Tae bottom សូមអព្យាស្រ័យជាមុនព្រោះមានពាក្យមិនសមរម្យ(ពាក្យត្រង់ៗគ្រប់ភាគ)មិនសម្រាប់ក្មេងក្រោម18។
74.1K 5.2K 56
Shubish oneshots because why not. Mainly fluff with a little angst on the side. Ps- I wanted to write like a long story but I lack a good main plot a...
27.1K 1K 13
Introduce Novel: having $/ex, dirty, rude, bad words, not for young, only in app here , not for social media (Writer by Admin: SIE)