Wanna Be Mine Or Not💜️(compl...

Bởi XZWY1997

5.8K 912 192

සද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️ Xem Thêm

Introduction
EPISODE ONE
EPISODE TWO
EPISODE THREE
EPISODE FIVE
EPISODE SIX
EPISODE SEVEN
EPISODE EIGHT
LAST EPISODE
❤️special chapter ❤️

EPISODE FOUR

466 88 16
Bởi XZWY1997

   " පොඩී....."

මං පොඩි අයියත් එක්ක කතා කරන්න ගන්නකොටම...පොඩී එකපාරට

"මොකද චූටි බටර් ගාන්නෙ....මොනවද ඕනි.".

කියල ඇහුවෙ මං වචනයක්වත් කියන්නත් කලින්ම.....මං පොඩ්ඩක් පුදුම උනත් පොඩි අයියා තමයි අයියලගෙන් මාව හොදටම තේරුම් ගත්ත කෙනා නිසා ඒක වෙන්න පුලුවන් දෙයක්.....

"අයියේ අහනෝකෝ....අර ඔයාගෙ යාලුවා හොදයිද????"

මං අහිංසක ලීලාවෙන් අයියගෙන් ඇහුවේ පොඩීගෙ සද්දයක් නැති වෙනකොට.....ටික වෙලාවකින්

"ඇයි එහෙම අහන්නෙ....ඌ උබට මොනවා හරි කිව්වද චූටි "

කියලා ඇහුවා...මං කිව්වා

නෑ නෑ අයියේ....නිකන්

.කියලා....පොඩී ඒක විශ්වාස කරපු බවක් පෙනුනෙ නැති නිසා මං තීරණය කරා පොඩීට ඇත්ත කියන්න..

"අහනෝකො පොඩී....මට ඔයාගෙ යාලුවා දකිනකොට අමුතුයි වගේ...නිකන් මං එයා එක්ක ඉන්න කැමතී වගේ...එයා ගොඩක් සැරයිනෙ...මට බැන්නත් එක්ක...ඒත් මට එයා එක්ක ඉන්න ඕනි වගේ...එයා අද දවසම හිටියෙ නෑ....මට ගොඩක් පාලුයි වගේ...අනේ මන්දා..

..කියලා මං පොඩීට කිව්වාම පොඩී

" චූටි ඔයාට විශ්වාසද ඔයාට ඔහොම හිතෙනවා කියලා...වෙන කෙනෙක් ගැන හිතුනෙ නැති විදිහට???"

කියල මගෙන් ඇහුවාම මං
ඔව්
කියල කිව්වා.....

අහන්නකො චූටි....මගෙ හොද මල්ලි වගේ....මට තේරෙන විදිහට ඔයා අශ්වින්ට ආදරේ කරනවා....ඒත් අපිට ඒක එකපාරට තීරණය කරන්න අමාරුයිනෙ චූටි....අපි තව පොඩ්ඩක් බලමු හොදද පැටියෝ....

කියා පැවසූ විට මා හට බියක් දැනුනේ මා පිරිමි ළමයෙකුට ආදරය කිරීම ඔවුන් කෙසේ බාරගනීදැයි නොදන්නා නිසාවෙනි.එසේම මා හට එතරම් ආදරය කරන අම්මා සහ වෙද මාමා කෙසේ ප්‍රතිචාර දක්වයිද යන වග.....මේ සියල්ලටම වඩා අශ්වින් අයියාට පෙම්වතියක් සිටී යන සැකය....මේ සියල්ලම නිසා මගේ සිත මහත් බරකින් පෙලෙන්නට විය.

"පොඩී, ඔයාලට ප්‍රශ්නයක් නැද්ද මං කොල්ලෙක්ට කැමති එක ගැන???"

මා එසේ විමසූ විට අයියා පැවසූවේ

"උබ සතුටින් නම් වර්ගෙ වැඩක් නෑනෙ චූටි....අනික් එක අශ්වින් හොඳ කොල්ලෙක්..."

යනුවෙනි.මගේ හිතට සහනයක් දැනුනේ මා වෙනුවෙන් පොඩී හෝ සිටින බැවිනි.
           **************************
   එක්වරම අශ්වින් අයියාගේ යතුරුපැදියේ ශබ්දය ඇසුණෙන් මා මදක් ප්‍රීතියට පත් වූවද ඔහුගේ නපුරු කම් සිහිවී එය එතැනම බිද වැටිණි .
********----****-------*******************
     දින කිහිපයක් ගත විය.අශ්වින් අයියා මට පෙර මෙන් නපුරු කම් කරන්නේ නැති වුවද මාව ගනන් ගන්නේද නැත....බැරි වීමකින් හෝ අපගේ දෙනෙත් මුණගැසුණහොත් රවා බලා එතනින් වහාම ඉවත් වීම ඔහුගේ සිරිත වේ.
     දැන් වෙදමාමා මට බෙහෙත් සැකසීමේ ක්‍රමවේදයන් කියා දෙමින් සිටින අතර මා ඒවා ඉක්මනින් ඉගෙන ගැනීම පිළිබඳ ඔහු ඉතා සතුටින් පවසයි .
     වෙද මාමලාගෙ නිවසට යන පාරේ පීල්ලක් සමග ගිලී නෑමට හැකි ඇලක් වැනි ස්ථානයක් පවතී.මං අම්මාගෙන් අවසර ගෙන එම පීල්ලෙන් නෑමට ගියේ ඒ සදහා තිබූ දැඩි ආශාව නිසාවෙනි.මිනිසුන් පාරේ ගමන් කරන අතරේ වුවද එතන නෑමට මිනිස්සු පැමිණෙන අතර ඔවුන් ඒ ගැන තැකීමක් නොකරයි.එම නිසා මමත් ඒ ගැන නොතකා පීල්ලෙන් නාමින් සිටියේ මහත් සතුටකිනි.එක්වරම මා දියෙන් උඩට ඇදී යනවාක් මෙන් දැනුන බැවින් මා වටපිට බලන විට අශ්වින් අයියා මාව පීල්ල අසලින් ගොඩට ගෙන තුවායක් මගේ ඇගට දැමීය.මා ඔහු දෙස පුදුමයෙන් බලන විට ඔහු කේන්තියෙන් දෑස් රතු කරගෙන

" වතුර පිහදාගෙන ගෙදර යමන්..
.මං බලාගන්නම් ගෙදර ගිහින්"

යනුවෙන් මගේ ඇගට කඩන් පැන යන්නට ගියේය. මං මූට පිස්සුද වැනි බැල්මකින් බලා සිට තුවාය බිමින් තබා නැවත පීල්ල අසලට ගොස් හිතේ හැටියට නාගෙන ගෙදර ගියෙමි.මා නිවසට යන විට අම්මා කොහේ හෝ ගොස් තිබූ අතර...වෙද මාමා නින්දට ගොස් තිබිණ.අයියා මහසෝන් යක්ශයා මෙන් මා හට රවාගෙන හිටියත් මා ගනනකට නොගෙන එතනින් ගොස් කාමරයට ගියෙමි.
        එක්වරම කාමරය තුලට සුලි සුලගක් මෙන් පැමිණි අයියා මගේ බෙල්ලෙන් අල්ලාගෙන

" මං තොට කිව්වෙ ගෙදර එන්න කියල නේද? ඒක අහන එක මදි කමක් වගේද හාමු මහත්තයාට....දැක්කෙ නැද්ද තෝ දිහා කඩේ හිටපු එවුන් ඔක්කොම පැණි පෙර පෙර බලන් ඉන්නවා"

යැයි අසා මාව තල්ලු කර දැමුවේය. මගේ ඇස් වල කදුලු පිරුණත් මා බිම බලාගෙන සිටියේ එය ඔහුට පෙන්විය යුතු නැති නිසාය.ඔහු මා ගැන සැලකිලිමත් වීම පිළිබඳ සතුටක් දැනුනත් පොඩීගේ යාලුවා නිසා එසේ වන්නට ඇතී යනුවෙන් සිතත්ම සිත දුකින් පිරී ගියේ දෑසින් වැස්සක් මෙන් කදුලු වැටෙන විටය.
         මා හිස ඔසවා බලන විට මගේ කදුලු දැක ඒ ඇස් ගැස්සුනත් මා කීදේ නිසා නැවත ඒවා කෝපයෙන් රතු විය.මා කීවේ

"මං දිහා කවුරු බැලුවත් ඔයාට වැඩක් නෑනෙ අයියේ....මං ඔයාගෙ කවුරුත් නෙවෙයිනේ "

කියාය.

" මට නෙවෙයි නම් කාටද යකෝ වැඩක් තියෙන්නේ "

කියා එක්වරම නොකියා සිටිය යුතු දෙයක් කියවුණු ලෙසින් කෝපයෙන් ම එතනින් ඉවතට ගියේ දොරත් මහා හඩින් වසාගෙනය.
TO BE CONTINUED ........

Đọc tiếp

Bạn Cũng Sẽ Thích

143K 2.2K 29
˚₊‧꒰ა ☆ ໒꒱ ‧₊˚ in which lando norris falls for oscar piastri's sister. or an upcoming rookie joins mclaren and his sister causes a stir.
151K 2.6K 67
Just some short stories about my favorite Ninjago couple, Jay and Nya. This book contains canon oneshots. I have a second book called "The Jaya Chro...
117K 4.6K 37
A fire incident at his(Kim Jae-soo) husband's home while he (Baek Ji-Hu )was away made Kim Jae-soo return to his third year of university (he was reb...
21.8K 64 5
18+ဝတ္ထုတို