" තාත්තේ"
යැයි පවසමින් එතනට පැමිණියේ නපුරාය.ඔහු බිම ඉදගන සිටින මා දුටුවේ නැත.
"තාත්තෙ,
යුවිදු කෝ"
යනුවෙන් වෙද මාමාගෙන් ඇසීය.මගේ ඇස් පුදුමයෙන් මහත් වීය.මා පේන්න සිටින සෑම විටම මා හට රවමින් සිටින ඔහු මාව විමසන්නෙ කුමටදැයි මා බලා සිටියෙමි .වෙද මාමාද
"මොකද දිමුත් කවදාවත් නැතුව මෙතෙන්ට ආවෙ පුතේ"
ඇසීය. එසේ නම් ඔහුගේ නම දිමුත් යැයි සිතමින් මමද ඔහුගේ පිලිතුර බලාපොරොත්තුවෙන් ඔහු දෙස බැලීමි. ඔහු හිස කසමින් ලැජ්ජාවෙන් මෙන්
" නිකන් ඇහුවෙ තාත්තා ,,ආපු ගමන් හුරතල් කරන්න කවුරුත් නැති නිසා පැනලා ගියාද දන්නෙ නෑනෙ...."
කීවේය.වෙද මාමා සිනාව තද කරගෙන
" හුරතල් කරන්න නම් අම්මා ඉන්නෙ....තව කාට හරිත් හුරතල් කරන්න උවමනයි වගේ මට පේනවා"
යැයි කියා උස් හඩින් සිනාසීය.
මේ මොහොතේ මට නපුරාගේ මූණ සමතලා කිරීමට තරම් සිත්වී තිබියදී වෙද මාමා කී දේ සිතා ගැනීමට නොහැකිව මා දෙලොවක් අතර අතරමං වී සිටියෙමි.
වෙද මාමා මා සිටි දෙස පෙන්වූ විට දිමුත් අයියා එක්වරම කලබල වී
" දුල්මිණට උත්තර බදින්න එපැයි තමුන්ට මොනවා හරි උනොත්...ඒකයි...වැඩිය හිතට ගන්නැතුව ඉන්නවා"
යැයි පවසා ඉක්මනින් එතැනින් ඉවත් විය.වෙද මාමා මහ හඩින් සිනාසි
" ඕක හිතන්න එපා පුතා, මං දැක්කමයි ඔහොම වෙන කෙනෙක් ගැන වද වෙනවා "
යැයි කීය.මමනෙ දන්නෙ එයාගෙ වද වීමෙ තරම යැයි සිතමින් මම මදක් සිනාසී නැවත බෙහෙත් වෙන් කිරීම ඇරඹුවෙමි.
**************************
එදින නිමා වන විට වෙද මාමා මා සමග ඉතා කුලුපග වී සිටි අතර අම්මා මට දහ වතාවක් පමණ විවිධ ආහාර වර්ග කැවීමට උත්සුක වූවාය.අයියා විවිධ හේතු කියමින් දෙවතාවක් පමණ මට බැන වැදී ගිය අතර....මට සිතා ගැනීමට නොහැකි ව ඇත්තේ මාගේ අහිංසක මුහුණ දෙස බලාගෙන බැනීමට හැකිද යන්නයි🤭. කෙසේ වුවත් අයිය JOB එකක් කරන්නෙ නැද්ද යැයි මා විමසූ විට වෙද මාමා පැවසූවේ අයියා WILD PHOTOGRAPHY කරන බවයි. රසායන විද්‍යා උපාධියක් ඇති නිසා ඔහු එවන් දෙයක් කරන බව මා හීනෙකිනුදු නොසිතුවෙමි. එමෙන්ම ඔහුට එවන් සංයමයක් ඇති බවද මා කිසි විටෙකත් සිතුවේ නැත.ඒ නිසා තමයි එහෙනම් ගෙදරටම වෙලා ඉන්නෙ සිතා මා වෙද මාමා මට කුඩු කිරීමට දුන් මුල් කැබැල්ලක් කොටමින් සිටියෙමි.කෙසේ වුවත් මා මගේ ජීවිතයේ සිදු වූ වෙනසට ඉතාමත් කැමති වීමි.
පිරිසිදු වීමෙන් අනතුරුව අම්මා චූටි මැණික යැයි අඩගසන හඩ ඇසුණෙන් මා ඒ දෙසට දුවගෙන ගියත් එක්වරම පැමිණි අයියාගේ ඇගේ වැදී බිත්තියේද වැදී මා බිමට වැටුණි. සිදුවූ දේ මටද සිතා ගැනීමට නොහැකි විය; අයියාටද නොහැකි විය . බිත්තියේ හිස වැදීම නිසා මගේ දෙනෙතේ කදුලු පිරුණත් අයියා බැන වදී යැයි සිතා ඉක්මනින්
සොරි අය්යේ
කියා එතනින් දිවීමට සැරසුනත් අයියා මගෙ අතින් ඇද
"උඩ බලාගෙන ද ඕයි යන්නෙ?? කෝ මොකද උනේ බලන්න....මෙහාට එනවා...මං තමුසෙව කන්නෙ නෑ.."
යි කීවේය.ඔහුගේ ස්වරයේ ඇති නපුරු බව නිසාත්.....මේ තරම් දිනක් මට කල නපුරු කම් සියල්ල මතක් වීම නිසාත්....හිසේ වේදනාව නිසාත්...මට එක්වරම මහා හයියෙන් හැඩිණි. අයියා එක්වරම සිදුවූ දේ නිසා ගැස්සුනත්...
"ඇයි යුවී....ඔලුව රිදෙනවද?? ම්ම්ම්ම් "
යි ආදරණීය මෘදු හඩකින් ඇසුවේ මා හැඩීමත් අමතක කර ඔහු දෙස බලන විටය.මා ඇස් වල කදුලු පුරවන් හොරෙන් මෙන් ඔහු දෙස බලන විට අයියා දුකෙන් මෙන් මා දෙස බලා සිටින විට අම්මා
" මොකක්ද මගෙ චූටි මැණිකට උබ කරේ පුතා??? මොකද මගේ කොල්ලා අඩන්නෙ...මං කිව්වා උබට් ඒ පොඩිඑකාට නපුරු කම් කරන්න එපා කියලා...."
යනුවෙන් අයියාට බැන වැදීමට පටන් ගත්තාය....අයියා මේ මොකක්ද මේ උනේ වගේ බැල්මකින් මා දෙස බලා එතනින් ඉවත්ව ගියේය. අම්මා මගෙන් සිදු වූ දේ විමසා හිසට කොලොන් ස්වල්පයක් දමා හිස අතගාමින් හිද බත් ද කවා මාව නින්දට යැව්වේ අයියාට පුලුවන් තරම් බනිමිනි.නමුත් අයියා කිසිවක් නොකියා බිම බලාගෙන සිටියේ මගේ සිතටත් පුදුමයක් එක් කරමිනි.
රාත්‍රියේ මා නින්දෙන් එක්වරම අවදි වූයේ මාගේ හිස යමෙක් අතගාන බව දැනීමෙනි මා සිතුවේ අම්මා බවයි...මං
"අම්මා "
යනුවෙන් කෙදිරි ගාමින් අම්මගේ තුරුලට වී නැවතත් නින්දට වැටුණෙමි.
උදෑසන අවදි වන විට හිසේ වේදනාව පහව ගොස් තිබූ අතර මං ඇදෙන් නැගිටීමට සූදානම් වන විටම එක්වරම අයියා පැමිණ
"තමුන්ගෙ ඔලුව හරිද"
අසා මං ඔලුව වනන විට ම කාමරයෙන් ඉවත් වී යන්න ගියේය.මං නිදි මතේම බලා සිටියේ මූට උදේ පාන්දර වැහුණ යකා කව්දැයි සිතා ගැනීමට නොහැකිවය.
මා කුස්සියට ගොස් අම්මාව බදා ගනිමින් හුරතල් වන්නට පටන් ගත් විට අම්මා
"දැන් තාම ඔලුව රිදෙනවද මැණික "
යැයි ඇසූ විට මා
"අම්මා රෑත් අත ගෑවනෙ ඒ නිසා දැන් හොදයි"
කීවෙමි. අම්මා මා දෙස පුදුමයෙන් බලා
" මං අතගෑවෙ නෑ චූටි"
යි කීවාය.මං මහත් පුදුමයෙන් "මං තුරුල් වෙලා නිදා ගත්තත් එක්ක අම්මට" යැයි කී විට
"අපේ පුතා නම් මල්ලිව පොඩ්ඩක් බලන්නම්"
කියලා ගියා හැබැයි කියා සිනාසෙමින් කීවාය ....මට පොලව හාරගෙන යෑමට තරම් උවමනාවක් ඇති වද්දී මං මූණ සේදීමට යන බව පවසා ඉක්මනින් එතනින් ඉවතට ගියෙමි .
**********************
එදිනද බෙහෙත් කෙටීමට හා බෙහෙත් වෙන් කිරීමට වෙන්වී ගිය අතර දිනය පුරා අයියා දක්නටවත් නොවීය...මගේ සිත පාලුවෙන් මිරිකී ගොස් තිබුනේ මටවත් සිතාගත් නොහැකි ලෙසය. මං පොඩීට දුරකථන ඇමතුමක් ගත්තේ.....
TO BE CONTINUED.........