මද වේලාවකින් මා සිටියේ රාත්‍රි ආහාරය ගැනීමට කෑම මේසයේ අසුන් ගෙනය.ඊට සුලු මොහොතකට පෙර නපුරාගේ අම්මා පැමිණ මා හට නාන කාමරය පෙන්වා ගියාය..මා නා ගැනීමෙන් අනතුරුව කාමරයට වී අම්මාට දුරකථන ඇමතුමක් ගන්නට ඇදෙන් හාන්සි වීමි.ඇමතුම ගන්නා විටම අම්මා එයට පිලිතුරු දුන් අතර
" පුතේ, කොහොමද තැන...ආන්ටි හොදයි නේද" කෑවද?
ආදී ලෙස ප්‍රශ්න රැසක් විමසීය...මං අම්මාට ආන්ටී මට ඇයටත් අම්මා යනුවෙන් පැවසීමට කී බව පැවසූ විට අම්මා එසේනම් ඇයට සිතේ සැනසීමෙන් සිටිය හැකි බව පවසා තවත් විස්තර කිහිපයක් විමසා ඇමතුම විසන්ධි කළාය.
මද වේලාවකින් නපුරාගේ අම්මා පැමිණ
" පුතේ කන්න එන්න"
යි කීවාය.මා
"එන්නම් අම්මේ"
යැයි කී විට ඇයගේ මුහුණ දීප්තිමත් විය.
කෙසේ හෝ මේ මොහොතේ මා කෑම මේසය අසල අසුන් ගෙන සිටිමි.වෙද මාමා පැමිණ අසුන් ගත් පසු මා මදක් හිස ඔසවා බියෙන් මෙන් ඔහු දෙස බැලීමි..නමුත් ඉතා ප්‍රියමනාප සිනා මුසු මුහුණකින් යුතු ආදරණීය පෙනුමකින් යුතු අයෙක් මා දෙස බලා
"මේ දරුවට මහන්සීද"
ඇසීය. මා පුදුමයට පත් උනේ වෙද මාමලා ඉතා සැර පරුශ අය ලෙස මා සිතා සිටීම නිසාවෙනි.මම
" නෑ අන්කල්"
කියා අමරුවෙන් කියා ගතිමි.
"කාලා අදට නිදා ගන්න දරුවෝ කලින්...මං හෙට ඉදලා වෙන්න ඕනි දේවල් පැහැදිලි කරන්නම්"
යැයි පවසා අම්මාගෙන්
"කෝ පුතා"
යැයි ඇසීය. අම්මා එවිට
"යාලුවෙක්ගෙ ගෙදර ගියා..අද එන එකක් නැති වෙයි..අර දුවත් ඇවිල්ලලු...පාර්ටියක් මං හිතන්නෙ"
කීවාය.
"මගෙ නම් එච්චර කැමැත්තක් නෑ ඒකට "
අන්කල් එසේ පවසා නිහඩව ආහාර ගන්නට විය.
මට සිතුණේ නපුරාගේ පෙම්වතිය විය හැකි බවයි...නමුත් එසේ නම් රාත්‍රි නවාතැන් දෙනවා විය නොහැකි නිසා එය මා සිතින් බැහැර කලෙමි.කෙසේ වුවත් එය මාගෙ ප්‍රශ්නයක් නොවන නිසා මා ඒ පිළිබඳ සිතන්නට ගියේ නැත.
ආහාර ගෙන අවසානයේ මා අම්මාට වැද අන්කල්ටද වැද නින්දට ගියෙමි.නමුත් නින්දට බාධා ඇති කරමින් නපුරාගේ මුහුණ මගේ මනසේ ඇදී ගියේ මා හටද පුදුමයක් ඇති කරමිනි.මක් නිසාද යත් මට එවැනි දෙයක් සිදුවූ මුල්ම වතාව නිසාය.
මුහුණට හිරු එළිය වැටීම නිසා මෙන්ම
" නැගිටින්න චූටි මැණික "
යනුවෙන් කව්රුන් හෝ මාව අවදි කිරීම නිසා මා දෑස් හැර බැලුවෙමි.අම්මා සිනාමුසු මුහුණකින් මා දෙස බලා
" තේ බොන්න චූටි මැණික "
යැයි කීවාය. චූටි මැණික ???? මේ මමද චූටි මැණික යැයි සිතමින් සිනාසෙමින් කම්මැලි කමෙන් තේ කෝප්පය අතට ගත්තෙමි ..
" මැණික එලකිරි බොනවද??"
අම්මා ඇසූ නිසා
"කලින් බීලා නම් නෑ"
කීවෙමි. හෙට ඉදන් බොමුකෝ එහෙනම් කියා මාගෙ හිසද අතගා ඇය
"කන්න එන්න චූටි"
කියමින් එලියට ගියාය. මට ඇත්තෙන්ම මගේ අම්මාගෙන් මෙන්ම සෙනෙහසක් ඇයගෙන්ද දැනුණි. ඒ පිලිබද සිතමින් නිදි මතේම ඇස් පොඩි කරමින් කාමරයෙන් එලියට එන විට කවුරුන් හෝ මා දෙස බලා සිටිනවා දැනී වටපිට බැලූ විට නපුරා මා දෙස රවාගෙන බලා සිටිනු මා දුටුවෙමි.නිදිමත ද පෑල දොරින් පලා යන විට මා ආයාසයෙන් සිනා සීමට උත්සාහ කරත් තවත් ටිකක් රවා එතනින් නැගිට ගියේ මා අන්ද මන්ද කරමිනි.මා හට සිතා ගැනීමට නොහැක්කේ මා ඔහුට කල වරද කුමක්ද කියායි.
******************************
උදෑසන ආහාර ගැනීමෙන් පසු වෙද මාමා මා හට මගේ පොත් සියල්ලම රැගෙන එන ලෙස පවසා මා හට අසුන් ගැනීමට කීවේය. ඔහු මගේ සටහන් බැලීමෙන් අනතුරුව කීවේ
"පුතා දැන් මාත් එක්ක ඉගෙන ගන්නකොට මොනවත්ම දන්නෙ නෑ කියල හිතලා පටන් ගන්න...මුල ඉදලම"..
යනුවෙනි...මා ඊට හිස සැලීමෙන් අනතුරුව වෙද මාමා මට කිසිවක් ඉගැන්වීමට උත්සහ කලේ නැත.මිශ්‍ර වී තිබූ මුල්,පොතු,ඇට වර්ග තිබූ බදුනක් ලබා දී එය වෙන් කිරීමට පැවසීය.ඒ සදහා බදුන් කිහිපයක්ද ලබා දුනි.මා ඒ දෙස පුදුමයෙන් බැලුවත් මුවින් වදනකුදු නොතෙපලූ මා එය බිමින් වාඩි වී වෙන් කිරීමට පටන් ගතිමි.
එක්වරම....
To be contiNUED ...........