මේඝ | MEGHA || 𝒸ₒₘₚₗₑₜₑ𝒹

By Yazwi_03

50.8K 6.5K 2.3K

❝ 𝐈 𝐋𝐎𝐕𝐄 𝐘𝐎𝐔 𝐌𝐎𝐑𝐄 𝐓𝐇𝐀𝐍 𝐈 𝐇𝐀𝐓𝐄 𝐄𝐕𝐄𝐑𝐘𝐎𝐍𝐄 𝐄𝐋𝐒𝐄..!! ❞ . . . "මිස්ටර් මේඝාදිත්‍ය... More

පළමු මේඝය
දෙවන මේඝය
තුන්වන මේඝය
හතරවන මේඝය
පස්වන මේඝය
හයවන මේඝය
හත්වන මේඝය
අටවන මේඝය
නවවන මේඝය
දහවන මේඝය
එකොළොස්වන මේඝය
දොළොස්වන මේඝය
දහතුන්වන මේඝය
බෝනස්...!!
දාහතරවන මේඝය
පහළොස්වන මේඝය
දහසයවන මේඝය
Character Introduction
දාහත්වන මේඝය
දහඅටවන මේඝය
දහනවවන මේඝය
විසිවන මේඝය
විසිඑක්වන මේඝය
SPECIAL
විසිදෙවන මේඝය
විසිතුන්වන මේඝය
විසිහතරවන මේඝය
විසිපස්වන මේඝය
විසිහයවන මේඝය
විසිහත්වන මේඝය
විසිඅටවන මේඝය
විසිනවවන මේඝය
තිස්වන මේඝය
තිස්එක්වන මේඝය
Q & A
තිස්දෙවන මේඝය
තිස්තුන්වන මේඝය
තිස්හතරවන මේඝය
තිස්පස්වන මේඝය
සමාප්තයි..!!
Meme Collection
කළුකුමාර අඩවිය

Special Chapter

1.5K 152 145
By Yazwi_03

"මේ... ඊයේ කාපුවා කේස් වගේ නැද්ද..."

තුන්වෙනි පාරටත් වොශ් රූම් එකට ගියපු මන් බඩත් අල්ලගෙනම ඇඳ උඩට වැටුණේ ඩ්‍රෙසින් ටේබල් එක ළඟ ඉඳගෙන මොනවද අටමගලක් මූණේ උලන කළුකුමාරයා දිහා බලාගෙන....

නෝ ආන්සර්....

අම්.. සික් ඔෆ් දිස් මෑන්... ඇත්තමයි...

"අනේ මන්දා.. මොන ජරාවක් කැවිලද කියලා... මන් ගෙදරින්මනේ කෑවෙත්... අනේ මන්දා... අවුලක් නැද්ද..."

මන් ආයෙම කළුකුමාරයගෙන් ඇහුවාම මිනිහා කිසි ගාණක් නැතුව කප් එකකින් ලා අළුපාට ජරාවක් අරගෙන මූණේ ගාන්න ගත්තේ කිසි කතාවක් නැතුව... ෆේස් මාස්ක් එකක්ද කොහෙද... ශික් මන්වත් ඕවා ගාන්නේ නෑ.. ඒකට මේකා...

"අනේ මන්දා..ආ..ආ...ආ..ආ.. ජාපාල ඇට කැවිලද කොහෙද....

ආ... ආ....ආ....ආ..."

උගුරෙන් සද්ද දාන ගමන් මන් එක අතකින් බඩ පොඩ්ඩක් තලාගත්තේ රිදෙන එක හරි ටිකක් අඩු කරගන්න...

"රි...දෙ...න...වා...ආ...ආ...ආ"

"මන් බඩ සුද්ද වෙන්න බෙහෙත් දැම්මා...."

"මොකක්....!!"

මන් එහෙමම පැත්තට හැරිලා කළුකුමාරයගෙන් ඇහුවේ ඇත්තටම ඒ කිව්ව එක අදහගන්න බැරි වුණු හින්දා..

"බඩ සුද්ද වෙන බෙහෙත්...."

"මොකකටද එතකොට දැම්මේ..."

"කිරි එකට....."

"මොකක්.. මොකක්... මොකක්... ඒ මොන එහෙකටද ඒවා දැම්මේ..."

"තමුසේ ඔය කන ජරාවේ හැටියට මාසෙකට සැරයක්වත් එහෙම කරන්න ඕන..."

යකෝ පිස්සුනේ.... සාම්ත.... මොන සමයමක්ද.. කන දේවල් ඉබේම පහ වෙන එකේ ආයේ අහවල් මගුලකටද බෙහෙත් දීලා බඩ සුද්ද කරවන්නේ.... මොළේ අමාරුවනේ.....

"විහිළුනේ.... නේ... එහෙම කරේ නෑනේ...."

මන් ඉතින් මෝඩ පහේ හිනාවක් දාලා ආයෙම මිනිහගෙන් ඇහුවා.. විහිළුවක් වෙන්නත් බෑ ඉතින් විහිළු කරන මිනිහෙක් නෙමෙයිනේ....

නෝ කතා...

ඒ කියන්නේ සිරාවටම ජාපාල දාලා මේ යකා....

"ඒ.. පිස්සුද මනුස්සයෝ.... මගේ බඩ ඇතුළේ නිකන් කොන්ක්‍රීට් අනන මැෂින් එකක් වැඩ කරනවා වගේ ඉන්න බෑ.. ගොජ ගොජ ගගා.. මොන විකාරයක්ද ඒ කරලා තියෙන්නේ... අනේ මේ මන් දන්නෑ කොහොම හරි හොඳ කරලා දෙන්න...

බඩ ගිහින් ගිහින් අන්තිමට මන් මැරුණොත්... මොන මගුලක්ද.."

ඇහෙන්නෑ වගේ මේ මිනිහා වැඩ...

මන් කියන්නේ මේ වගේ රට පණ්ඩිත ආත භූත ඩෑල් එකක් ජීවිතේට මැරි කරන්න හොඳ නෑ.. දුරින් හිඳ පෙම් කරත් ළඟට අරන් සිප සනසන්න නම් හොඳම නෑ.. ඒකනේ මට මෙහෙම කෙළ වුණේ....

"කෝපි එකක් බොන්න..

මටත් හදන් එන්න...."

තොට.....

තොට මන් පොවනවා කෝපි නෙමෙයි... තව කෝපි හදන්න කතාව... දවසම ඉවරයිනේ.. උදේ ම හරි... තියෙන්නෙත් එක නිවාඩුවයි ඒකටත් බඩු බනිස්.. මේ මිනිහගේ පිස්සු විකාර හින්දා තමයි සේරම...

තව කියවන්න ගියොත් මගේ ලිමිට් එක පනින හින්දා මන් තනියමම ගිහින් කෝපි එකක් හදන් බිව්වා...
මන් හදයි අර මිනිහට කෝපි... කෝපි නෙමෙයි ඕකට කවන්න ඕන ජාපාල ඇට..

මරු.. දුක සැප බෙදාගන්න කියලා ඉන්න නල්ල මලේ ස්වාමි පුරුසයා...

එකපාර කෝපි කෝප්ප දෙකක්ම ගහලා දැම්ම හින්දා බඩ නිකන් කොරවෙලා යනවා වගේ තිබ්බ ගතිය හරි ගියා... නැත්තන් මන් අර අලුගුත්තේරුවට හොඳ ගුලියක් අඹරන්න ඉඳියේ...

නිවාඩු දවසේ වැඩ කීයක් කරන්නද.. රෙදි හෝදන්නයි... කාමරේ අස් කරන්නයි.. ආයේ හෝදපු රෙදි වේලන්නයි.. වහින්න යනකොට ඒවා ගෙට ගන්නයි ආයේ දමන්නයි ආයේ ගන්නයි... මිදුල් අතුගාන්නයි... නාන්නයි...

ඇස් යට කළු වෙච්ච ඒවා නැති කරගන්න මොනා හරි මගුලක් කරන්නත් ඕන..

ඒ අස්සේ බඩේ අමාරුවකුත් හැදුනාම... අම්මෝ ඉතින්... ෆුල් මාවලස් නිවාඩු දවස.... මේරි අම්මට හැමදේම හැමදාම කරන්න දෙන්නත් බෑනේ.. දැන් ඒ හින්දා මාත් ගේදොර වගකීම් ටික ටික අරගෙන තියෙන්නේ...

ඒත්... පොඩි අවුලක් තියෙනවා...

අපි දැන් මැරි කරළත් අවුරුදු තුනක් විතර වෙනවා... ඒත් ඉතින් තාම නෝ බබාලාස්... ලපේට නම් ඉන්නවා හිච්චි කොල්ලෙක්... අවුරුදු දෙකක් වුණේ නෑ තාම... මන් තාම කටු වැඳිරි වගේ වේලෙනවා...

"කරුම තමයි මේවා.. පෙර කරපු ඒවා.."

මන් ඉතින් මටම කියාගන්න ගමන් මගේ රූම් එකට ගියේ හෝදන්න තියෙන ඇඳුම් ටික ගන්න.. ඒ යද්දි කළුකුමාරයා මූණේ තිබ්බ මගුල් හෝදගෙන බෙල්ල වටේ ටවල් එකකුත් දාගෙන වොශෲම් එකෙන් එළියට ආවා....

දැන් හොඳද කියලවත් අහන්නේ නැතුව මේ යකා භූතයා වගේ ආයෙම ඩ්‍රෙසින් ටේබල් එක ඉස්සරහා හිටගෙන මොකක්දෝ මන්දා ලික්විඩ් එකක් අරගෙන මූණේ ගාන්න ගත්තා...

මාත් ඉතින් මොකුත් නොකියම මගෙ ඇඳුම් ටික එකින් එක වෙන් කරලා අත උඩට දාගන්න පටන් ගත්තා.. ඒත් හැමදාම කට පියන් ඉන්න බෑනේ.. මිනිහා හැපි මූඩ් එකේ ඉන්න හින්දා අරක ගැන අහලා බලන්න ඕන...

"මේ ඒක නෙමෙයි...

ලපේගේ කොල්ලටත් දැන් අවුරුදු දෙකක් වෙන්න ළඟයි....

අර ශෂිරුගේ බබාලා දෙන්නම ඉස්කෝලේ යනවලු...

අර මගේ කෑගල්ලේ යාලුවා ඉන්නේ.. එයාගේ බබා මොන්ටිසෝරිලු....

අපේ කට්ටිය ළමයින්ට නම් හොයනවා මේ දවස්වල...

මරු නේ... මාත් නම් දෙක තුනක් කිව්වා....ආශු ආදිත්‍යා ලස්සනයි නේ..."

යකෝ මන් කොච්චර කියවෙව්වත් මේ මිනිහා එක වචනයක්වත් කතා කරන්නෑනේ.. දත කට පූට්ටු වෙලාද මන්දා.... දෙන්ඩ තියෙන්නෙ ඔලුව ගැලවිලා යන්න....

"මන් කියන ඒවා අහගෙනද මනුස්සයෝ ඉන්නේ..."

"හොඳයි..."

"මොකක්ද"

"නම..."

කන්නාඩිය දිහා බලාගෙනම ඔච්චරයි කළුකුමාරයා කිව්වේ... මන් හරි පව් ඉතින් නේද...

"ආ මේ ඒක නෙමෙයි අර සපරෙගේ දූටත් බබෙක් හම්බෙන්න ඉන්නවලු...

ඇහුනද...

මට සපරේ ඊයේ හම්බෙලා කිව්වේ.. හෙන ලොකුකම...

බැන්දේ වෙට් කෙනෙක්වද කොහෙද.. ඒ උනාට මිනිහට බරටම සල්ලි තියෙනවා කියලා සපරේ නම් කිව්වේ...

ඇහෙන්නැද්ද.... ආ..."

"එයා බැන්දද..."

"කවුද..."

"දැන් ඔය කිව්ව එක්කෙනා..."

හනේ ඇත්තට මේ මිනිහා හොඳයි... ඒකවත් මතක නෑනේ... මතක නෑ නෙමෙයි මන් හිතන්නේ දන්නේ නෑ....

"නැතුව මේ අවුරුද්දෙනේ බැන්දේ..."

"ඒක නෙමෙයි දැන් මගේ යාළුවෝ ඔක්කොටම බබාලා ඉන්නවා...

මේ පාර ගැලරි එකේ එක්සිබිශන් එකට ආපු හැමෝම අහනවා මගෙන් බබෙක් නැද්ද කියලා...."

"නෑ කියන්න ඉතින්..."

කන්නාඩිය දිහාම බලාගෙන කළුකුමාරයා කියද්දි .. සත්තමයි මට එන තරහා වචන කරන්නත් අමාරුයි... මොන තරම්... නෑ එක්කො එපා.. ඕන්නෑ....

"නෑ කියලා තමයි කිව්වේ වෙන මොනවා කියන්නද......"

"ඉතින් ප්‍රශ්නයක් නෑනේ..."

අවින්දීඊඊඊ... බී කූල්... නෑ තරහා ගන්න ඕන නෑ.. මේක සාමාන්‍යයි නේ ඔයා ඒක දන්නවනේ... සෝ බී.... කූල්...

මන් මටම කියාගෙන ලොකූ හුස්මක් පහළට දැම්මා... නැත්තන් මේ වෙලාවේ මගේ ක්ෂණික කෝපය නිසා මන් විසින් මාවම වැන්දඹුවක් කරගන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි....

"මටත් බබෙක් ඕන...."

"ඔය ඕන තරම් කඩේ තියෙන්නේ..."

මන් දන්නවා මේ මිනිහට ඕන මාව අවුස්සගන්න ඒකනේ සේරම තේරුම් අරගෙන මගේ තරහා ඇවිස්සෙන විදියට කතා කරන්නේ...

අම්මපා වෙන එකෙක් උනානම්... මෙලහකට කන අතේ ආයේ කතා දෙකක් නෑ.....

"කඩෙන් ගන්න බබ්බු නෙමෙයි මනුස්සයෝ... මන් කියන්නේ ළමයෙක්... ළමයෙක්...."

"තමුසෙටද...."

"නැතුව වෙන කාටද...."

"ඇයි දැන් හුළඟින් ළැමයි හැදෙන්නේ නැද්ද.."

මන් කියන්නෑ ඉතින් හුළඟෙන් හැදෙන එකා ගැන.. හ්හ් මනුස්සයෙක්ගේ වැරැද්දක් හෝද හෝද මඩේ දාන සිරිතක් තියෙනවද...

කළුකුමාරයා මට පිටුපාලා ඉදියත්  මට ඒ වෙලාවේ කන්නාඩියෙන් පෙනුනා නොපෙනිය යුතු දෙයක්.. ඒ වෙන මොකුත් නෙමෙයි අර කාලභූතයගේ කුඩු කේඩු සමච්චල් හිනාව...

නෑ තවත් නම් ඉවසන්න බෑ පුතේ මේ හොඳට ම ඇති... මේ මිනිහා ඕනවට වැඩි....

"මොකද..දැන් හිනාවෙන්නේ ආහ්...."

මන් අතේ තිබුණු රෙදි ටිකත් බිමට අතෑරලා කෑගෑහුවා..

මූ ආයෙම අර මට පේන්නම බැරි කට කොනින් දාන නෝන්ජල් හිනාව දදා මූණ දෙපැත්තට තට්ටු කර කර ඉන්නවනේ දෙයියනේ.....

"ඇයි ඇයි දැන් මොකක්ද කියන්නේ ආහ්...."

"දැන් මන් මොකුත් කිව්වද...."

"අනේ මේ.. පිස්සු හැදීගෙන එනවද.. බැඳලා අවුරුදු තුනක් වෙනවා... නාකි වෙලාද ළමයි හදන්න ඉන්නේ.. අහන අහන හැම එකටම ඉතින් හිචින් ගගා ඉඳලා හරි යන්නෑනේ..

වචනයක් කියන්න නෑ.. කියන කිසි දෙයක් ගණන් ගන්නෙත් නෑ.. මොන විකාරයක්ද මේක... මාව විහිළුවක් වගේද පේන්නේ....

මන් එක හුස්මට හිතට ආපු ඒවගෙන් හතරෙන් එකක් වගේ කියලා දැම්මා.. ඒත් මේ මිනිහගේ මූණේ කිසි වෙනසක් නෑ..

ඔලුවත් පිහදාන ගමන් මගේ පැත්තට හැරිලා ආයෙම මේ යකා අමුතු විදියට හිනාවෙනවා.. හයියෙන් හිනාවෙන්නෙත් නෑ.. ඒකත් අර මහ භූත හිනාවක්....

"තමුසේ වගේ මොන්ටිසෝරියකට මගේ ෆස්ට් බබාව හදන්න දෙන්න අයිඩියා එකක් මට නෑ..."

"මොකක්ද....!!"

මොකක්ද මේ මිනිහා ඒ කිව්වේ.. ෆස්ට් බබා මන් ගාව හදන්න අදහසක් නෑ කියන්නේ... ඔය මිනිහා සෙල්ලම් කරන්නේ මගේ අසීමිත ඉවසීමත් එක්ක.. යකෝ.. මන් නැතුව වෙන කාගේ ගාවද ඒ ළමයා හදන්නේ... මූට මම...!!

"ආහ්.. එතකොට අයින්ස්ටයින්ට වගේ අයි කිව් තියෙන ගෑනියෙක්ව හොයාගෙන ඒ ගෑනි ගාව ෆස්ට් බබා හදන්නද කල්පනාව ආහ්...."

මන් කෑගහලම ඇහුවා ඇයි යකෝ.. මල පනින්නැද්ද කියන කුප්ප කතා වලට...

ඒපාර මොකුත් නොකිය උරහිස් දෙක අකුළුවලා කොකටුවා වගේ රූම් එකෙන් එළියට ගියා...

ආයේ වරෙන්කෝ බලන්න පීචස් හූචස් ගගා.. මගේ බල්ලවත් බලයිද බලන්න... අකුල අකුල ගිය හැටි විතරක්... ශික්.. මුන් ඔක්කොම එකයි..

ඔක්කොම මහා ආත්මාර්ථකාමි අමනයෝ.. සත්තු වගේ මහා.. නෑ සත්තු හොඳයි මුන් තිරිසන්නු වගේ අප්පාහ් ශික්....

POV End.

.
.
.
.
.
.
.
.

"හොඳටම ඇවිස්සිලා..."

දොර ගාව ඉඳගෙන අවින්දි හැච හැච ගගා බනින ඒවා අහගෙන ඉඳපු මේඝ පොඩි හිනාවක් දාලා තමන්ටම මුමුණ ගෙන සාලෙට ගියා...

ටික වෙලාවක් ගියාම දුම්මල වරම අරගත්තු කට්ටඩියෙක් වගේ දුම් දදා සාලෙට වෙලා කෝපි බොන මේඝට රවාගෙනම අවින්දිත් පහළට ආවා..

අවින්දි ගාඩ්න් එකට යන්න කියලා හිතාගෙන සාලේ මැද හරියට වගේ ඇවිදගෙන එද්දි එකපාරටම ගේ ඇතුළට දුවගෙන වගේ ආපු පොඩි ළමයෙක් අවින්දිගේ කකුළ බදාගත්තේ හිනාවෙවීමයි...

"අල්ලාආආ......"

කකුළ බදාගෙනම පොඩි එකා කෑගැහුවේ හුරතල් විදියට...

"මේ මොකාගේ පැටියද ඒ පාර... දෙයියනේ මට කියලා මේ ලෝකේ නිදහසක් නැති හැටි...."

මේඝ බොහොම අමාරුවෙන් හිනාව පාලනය කරගෙන කිසිම ගාණක් නෑ වගේ කෝපි එක බොන්න ට්‍රයි කරද්දි අවින්දිගේ කෑගැහිල්ලට අර පොඩි ළමයා ආයෙම හිනාවෙන්න ගත්තා....

"කොහෙද ළමයෝ දුවන්නේ..."

ඒත් එක්කම කෑගහගෙනම හෙට ආපු යශේන් අවින්දිගේ කකුළේ එල්ලිලා ඉදපු පොඩි එකාව වඩාගත්තේ පොඩි මොංගල් හිනාවක් දාන ගමන්මයි....

"මගේ පැටියා.. ඇයි උබට පස්නයක්ද..."

හිනාවෙවීම ට්‍රැවලින් බෑග් දෙකකුත් තල්ලු කරගෙන ගෙට ඇතුළු වුණු ලපේ සාලේ මැද හිටගෙන පිච්චි පිච්චි ඉන්න අවීගෙන් ඇහුවේ හිනාවෙවීමයි...

"පුතේ ලොකු අම්මා කියන්න... අම්...මා... ඔ.. කු අම්මා...."

අතේ හිටපු ළමයට අවින්දිව පෙන්නන ගමන් යශේන් කිව්වේ යස්විත් හිනාවෙවී සාලේ මැදට එද්දි...

"අනේ මේ මගෙන් කුනුහර්ප අහගන්නැතුව ඉන්නවද යශේන්... හොකු අම්මා..!! රෙද්ද තමයි උබලා සේරම ගිහින් අර මහ ලොකු හොකු තාත්තත් එක්ක හුරුතල් වෙයල්ලා අද ඉදන් මන් නෑ...."

ළමයත් හොල්මන් වෙලා යද්දි අවින්දි මහ සද්දෙන් කෑගැහුවා.... සාලේ හිටපු මේඝත් අවී කෑගහන දිහා හිනාවෙවි බලන් ඉදියත් අන්තිමට හරියෙදි හොකු තාත්තා කිය කිය අවින්දි මේඝව පෙන්නපු හින්දා මිනිහා එකපාරටම අහක බලාගත්තා....

"යකෝ.. අවුරුදු ගාණකින් ආවම උබ මෙහෙමද අපිට සලකන්නේ..."

ට්‍රැවලින් බෑග් එකත් කෙළින් හිටවන ගමන් පපුවට අත් දෙක බැඳගෙන යස්වි අහද්දි ආයෙම අවින්දිගේ තරහා ෆුල් එකෙන්ම නැග්ගා....

"අනික් එකා උබ... උබ අවුරුදු ගාණකින් ආවනම්.. ගෙදර පලයන්... මේක අස්සේ රිංගන්න එන්නේ.. හොකු තාත්තව බලාගන්න ආවා නම් හොකු තාත්තව බලාගෙන පලයව් යන්න...."

"කවුද අප්පේ මේ කෑගහන්නේ...."

ඇස්වල කබ කඩ කඩ ඒ වෙලාවේ ගෙස්ට් රූම් එකේ දොර ඇරගෙන සාලෙට මතුවුනේ මෝක්ශ.. ශෝට් එකක් ඇඳලා කොණ්ඩෙත් අවුල් කරන් ආම් කට් ශර්ට් එකත් දාගෙන ඉඳපු විදියෙන්ම කියන්න පුළුවන් මිනිහා රැය පහන් කරලා තියෙන්නේ ඒ ගෙස්ට් රූම් එක ඇතුළේ කියලා....

ඇස් වල කබ කඩලා ඔලුවත් කසලා ඉර එළියට ඇස් හුරු කරගෙන යන්තන් මෝක්ශ ඇස් ඇරලා වටපිට බැලුවත් මිනිහට එකපාරටම නිදි ලෝකෙන් සැබෑ ලෝකෙට එන්න අමාරු වුණා....

"මොකද මේ සද්දේ..."

මෝක්ශ යථාතත්වෙට පත්වෙමින් ඉද්දි අනික් පැත්තෙන් කිචන් එකේ ඉඳන් වතුර වීදුරුවකුත් බිබී පන්සිළු මතු වුණේ අවින්දිව ආයේ නිරයටම ඇද දානගමන්......

"තමුන්ලා දෙන්නා කොයි වෙලාවෙද ආවේ...."

"ඊයේ රෑනේ නේ...."

මෝක්ශ පන්සිළුවත් කතාවට ඈදගන්න ගමන් උත්තර දුන්නා.....

"අද පෝයනේ.. ඔන්න ඔහේ මන් කිව්වා ඉතින් මෙහේ යමු කියලා.. අපි දෙන්නා ආවා ඉතින්...."

"පන්සිළු මේ.. ඇත්තටම වෙන වැඩක් නැද්ද කරන්න. කොයි වෙලේ බැලුවත් එක්කො මහ ලොකු හොකු තාත්තා එක්ක නැත්තන් මේ හොර පොලිස්කාරයා එක්ක... මාසෙන් බාගයක් මේක අස්සේ...

මොන විකාරයක්ද මන්දන්නෑ.. උබලා සේරම එකයි මහ ආත්මාර්ථකාමී යක්කු.. ශික් මට නම් උබලා ඔක්කොම තිත්ත වෙලා තියෙන්නේ.. මනුස්සයෙක්ව තේරුම් ගන්න බෑ.. මහ ලොකු පොලිස්කාරයෝ නමට විතරයි..."

පැත්තකට වෙලා නින්දෙන් අවදි වෙන්න ට්‍රයි එකක් දීගෙන ඉඳපු මෝක්ශ එක පාරම පියවි ලෝකෙට ගන්න අවින්දිගේ හයි පිච් වොයිස් ටෝන් එකට පුළුවන් උනා....

"හොර පොලිස්කාරයා මමද එතකොට..."

"මේ තව මොකුත් අහගන්න ඕන්නැත්තන් මේන් මේක බීලා කට පියාගනින්..."

අතේ තිබුණු වතුර වීදුරුව මෝක්ෂගේ කටට ඔබන ගමන් පන්සිළු මෝක්ශගේ කනට කරලා කිව්වේ ඒකත් ඇහුනා නම් අවින්දිට තව මල පනිනවා කියලා දන්න නිසා...

කුටු කුටු ගගා හැමෝටම බැන බැන අවින්දි ගාඩ්න් එක පැත්තට ගියේ යශේනුයි යස්වියි මූණට මූණ බලාගනිද්දි....

"ඕවා ගණන් ගන්න එපා බන්.. සාමාන්‍යෙන් මාස දෙක තුනකට සැරයක් ඔහොම වෙස් මාරු වෙනවා.. මටත් මුළින් හුරු වෙන්න බැරි උනා.. අවුලක් නෑ දැන් හරි...."

පුදුම වෙලා ඉන්න යශේන්ගේ උරහිසටත් තට්ටුවක් දාන ගමන් පන්සිළු කිව්වේ කිසිම ගාණක් නැතුව...

"මොකක් වුණත් හොඳ සෙල්ලමක් වෙලා තියෙනවා මේ පාර...."

"ඒක නම් මටත් පේනවා අරූ තමයි ඉතින් ඕවාගේ අග මුල දන්නේ..."

යස්වි කියපු කතාව අනුමත කරන ගමන් පන්සිළු කිව්වේ කිචන් එක පැත්තට ඇවිදගෙන යන මේඝ දිහා බලාගෙනමයි....

"ඒක නෙමෙයි කවද්ද ලංකාවට ආවේ..."

"අද උදේ ආවේ... මේ එයාපෝට් එකේ ඉඳන් එන ගමන්..."

පුටුවකින් වාඩි වෙන ගමන් යස්වි කිව්වේ යශේන් ළමයත් වඩාගෙන ගේපුරා ඇවිදිද්දි...

"කොහොමද ආන්ටිටයි.. චෙයාමන් සර්ටයි...."

"හොඳයි හොඳයි වරදක් නෑ..."

"බබා නම් ලස්සනයි..."

මෝක්ෂත් කතාවට හවුල් වෙන ගමන් කිව්වා...

"ඔය පළවෙනි පාරනේ ලංකාවට ආපු පොඩ්ඩක් හුරු නෑ වගේ... දැන් නම් හරි.... කොහෙද අර අම්මණ්ඩි ලතෝනි තිබ්බනේ...මන් හිතුවෙම ඒ වෙලාවේ බය වෙලා අඬයි කියලා.... ඇඬුව නම් ඌට ම නළවන්න දෙන්න හිටියේ...."

"ඉක්මනට යනවද..."

"අපිට සති දෙකක් වැකේෂන්නේ. ඒ හින්දා ඉන්නවා ඒ ටිකේ...."

"ඉන්න ඕන්නෑ ආපු දිහාවටම මකබෑවිලා පලයන්..."

අත පය ගස්ස ගස්ස සාලෙට ආපු අවී ලපේටත් කෑගහලා පුටුවක් උඩ විසි කරලා තිබුණු ෆෝන් එකත් අරගෙන ආයෙම ගස්සගෙන එළියට ගියා....

"මේක නම් ලේසියෙන් අත ඇරලා දාන්න බැරි ලෙඩක් වගේ.. මන් බලලා එන්නම්..."

අවින්දි ගියපු පැත්තටම ලපෙත් ගියේ අවි එක්ක ටිකක් කතා කරන්න හිතාගෙන.. ඒ යද්දි අවී ටෙරස් එකෙ පුටුවක වාඩි වෙලා මේසෙට වැලමිට ගහගෙන ඒ අත ඔලුවට තියාගෙන බර කල්පනාවක...

"මොකෝ උබට වෙලා තියෙන්නේ ඔය...."

තව පුටුවකින් වාඩි වෙන ගමන් යස්වි අවින්දිගෙන් ඇහුවා...

"ඔහොම කෑගැහුවා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑනේ... කියපන්කෝ බලන්න කේස් එක..."

"වැඩක් නෑ කතා කරලා.. මට නම් ඇති වෙලා...."

"කියපන්කෝ බලන්න මොකක්ද ඇති වෙලා තියෙන්නේ කියලා..."

"අනේ මේ මිනිහා එක්ක බෑ බන්... කිසිම දෙයක් ගණන් ගන්නෑනේ.. මේ යකා මන් කියන සේරම කට පියන් අහන් ඉඳලා අන්තිමට කරන්නේ ඌට ඕන දේ... අනික බන්.. වැඩක් නෑ කතා කරලා.."

"හරි අද මොකක්ද වුණේ දැන්...."

"මේකයි බන්....."

"ඒකනේ අවින්දි මොකක්ද වුනේ අද...."

අවින්දි ලපේට සිද්දිය කියන්න කියලා කට ගත්තා විතරයි කොහෙන්දෝ ඉඳන් ඇවිත් මොක්ශත් අවීගේ එහාපැත්තෙන් වාඩි වුණේ සීරියස් මූණක් හදාගෙන....

"මොකුත් නෑ..."

කොච්චර වුණත් කටක් ඇරලා මෝක්ශ ඉස්සරහා... මන් මේඝගෙන් ළමයෙක් ඉල්ලුවා ඒ මිනිහා බැහැයි කිව්වා කියලා කියන්න බැරි නිසා අවින්දි කතාව නැවැත්තුවා...

"කමක් නෑ අවින්දි.. ඔයාට ප්‍රශ්නයක් නම් කියන්න.. අපිට පුළුවන් ඒවා විසඳලා දෙන්න..."

තොට මට කළුකුමාරයට කියලා ළමයෙක් හදලා දෙන්න පුළුවන්ද හරකෝ කියලා අවින්දිට අහන්න හිතුනත් එයා දිගටම කට පියාගෙනම ඉඳියා....

"ප්‍රශ්නයක් නෑලුනේ..."

මෝක්ශව යවාගන්න ඕන හින්දා ලපේ එහෙම කිව්වත් මෝක්ෂ නම් ඒක පිළිගන්න සූදානමක් තිබුණේ නෑ....

"ප්‍රශ්නයක් නැති වෙන්න බෑනේ අප්පාහ්.. ඒ බොරුනේ...."

"මේ... බොරු නෙමේ ඇත්ත උනත් උබට ගෑනුන්ගේ කතාවලින් වැඩක් නෑනේ... චීත්තයක් නොවී ගිහින් මූණ කට හෝදගනින්...

මෙන්න මෙහේ වරෙන්...."

මෝක්ෂ පරාල ඇණයක් වීගෙන එන බව දැකපු පන්සිළු මෝක්ශවත් ඇදගෙන ඇතුළට ගියේ මිනිහා දිගටම අවී එක්ක කතා කරන්න ට්‍රයි කරද්දි...

"හරි දැන් කියපන්කෝ බලන්න මොකෝ උනේ..."

"මේකනේ බන්.. දැන් අපි මැරි කරලා අවුරුදු තුනක් වෙනවා.. බලහන්කෝ බබෙක් නෑනේ තාම..."

"අපෝ ඕකද ඔය ප්‍රශ්නේ..."

"නෑ බන් ඒක නෙමෙයි... මන් ඒක ගැන අර යකාගෙන් ඇහුවාම ඌ කියනවා.. මන් වගේ එක්කෙනෙක් ගාව එයාගේ ෆස්ට් බබා හදන්නෑලු...

අයින්ස්ටයින් වගේ අයි කිව් තියෙන ගෑනියෙක් ගාව හදන්නලු කල්පනාව..."

"මොකක් මොකක්.. අඩෝ ඔහොම කතාවක් ඇහුවමයි..."

අමාරුවෙන් හිනාව පාලනය කරගෙන යස්වි කතා කළේ ආයෙම අවීගේ තරහා මතු කරගන්න උවමනාවක් නැති හින්දා...

"බලහන් බන්... මනුස්සයෙක් කියන කතාවක්ද ඔය..."

"අනේ මන්දා ඉතින්... එයාගේ මොකක් හරි අවුලක් තියෙද දන්නෑ නේ...."

"ඒ කියන්නේ..."

"අවුලක් අවුලක් බන් තේරෙනවනේ උබට...."

"නෑ මන්.. නම් හිතන්නෑ..."

"එහෙනම් ඉතින් මොකක්ද..."

"අනේ මන්දා බන්... ශික්..."

"මොකක්ද බන් තාම අවුරුදු තුනයි නේ... තව කල් තියෙන්නේ.... අනික වයසත් තියෙනවනේ...."

"එහෙනම් උබ හැදුවේ... උබ බැඳලා මාස ගානකින් ප්‍රෙග්නන්ට් උනානේ... උබ කරා නම් ඇයි මට බැරි...."

"යක්... යකෝ.. මේක මාර වැඩක් නේ... මන් ළමයි හැදුවා කියලා උබත් ළමයි හදන්න ඕනද... යකෝ.. උබ ඔය කතා කරන්නේ සෙල්ලම් බඩු ගැන නෙමෙයි ළමයි ගැන....ළමයි ගැන.. ඒක ඔලුවට දාගනින්..."

"හරි ඇයි ඉතින් මට බැරි..."

"ඒක මන් දන්නේ කොහොමද ගෑනියේ ඒක මගෙන් අහලා හරියනවද...."

"වැඩක් නෑ.. මට ළමයෙක් අරන් හදාගන්න වෙන්නේ...."

"මනස්ගාත උබේ....

මේ ඒක නෙමෙයි... මන් මේ නිකමනට අහන්නේ... උබලා ප්‍රොටෙක්ශන් යූස් කරනවද...."

"ඒ...ඒ මොකටද.. පිස්සුද... නෑ..."

"නෑ ඉතින් මන් බැලුවේ මේ එහෙමවත්ද කියලා..."

"ඩූ යූ ඩූ ඉට් ඕෆන් මචන්..."

"මොනවද බම් අහන්නේ මොළේ හොද නැද්ද..."

"ටෙල් මී බොක්ක.. ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න හදන්නේ...."

"එහෙමමත් නෑ ඉතින්...."

"වයි නොට් හනී... ඩිඩ් යූ ෆොගෙට්.. වී ඩිඩ් ඉට් ලාස්ට් වීක් නෝ...?"

එකපාරටම ගාඩ්න් එක පැත්තෙන් මතු වුණු කළුකුමාරයා අමුතු ප්ලේ බෝයි හිනාවක් එක්ක සාක්කුවට අත් දෙකත් දාගෙන අවින්දිට ඇහැකුත් ගහලා ආයෙම ගේ ඇතුළට ගියා...

"අනේ යකෝ.. ඉතින් උබෙත් බොරුවනේ තියෙන්නේ තනිකර..."

ගාණක් නැතුව ගේ ඇතුළට යන මේඝට කුටු කුටු ගගා බනින අවින්දිගේ අතට ගහන ගමන් යස්වි කිව්වේ හිනාවෙවීමයි....

"අනේ පලයන් යන්න.. මට එහෙම එකක් මතක නෑ...."

"අපෝ ඔව් උබ බබානේ අමතක වෙන්න...."

"මේ ඒක නෙමෙයිනේ මෙතන ප්‍රශ්නේ....උබ විකාර අහන්නැතුව ඉඳහන්කෝ..."

"ඕක හිතන්න එපා බන්...උඹ දන්නවනේ උබේ පුරුසෝත්තමයගේ හැටි.... අනික උබට තව වයස තියෙන හින්දා බය වෙන්න එපා බන්... දැනට ලයිෆ් එක එන්ජෝයි කරපන් පිස්සු නටන්නැතුව...."

"ඒ උනාට බන්..."

"හරි හරි දැන් ඒක ඉවරයි... ඉවරයි කිව්වාම ඉවරයි.. යකෝ අවුරුදු දෙකකින් අපි ආවේ.. පොඩ්ඩක් පිළිගනින්කෝ...."

"ආහ්..."

"ආහ් නෙමෙයි උබ මගේ ළමයටත් කෑගැහුවා...."

"මම... නෑ.... මන් කෑගැහුවේ නෑ..."

"නෑ උබේ අවතාරෙනේ... උබට අච්චර හුචු හුචු ගගා වීඩියෝ කෝල් වලින් ඇඹරිලා ඇඹරිලා ඒ ළමයව අඳුනගන්න බැරි වුණානේ...."

"ඒ වෙලාවේ ඉඳියේ මාරයා ආවේස වෙලානේ බන්...."

"හරි හරි...ඒවා වැඩක් නෑ යමන් ඇතුළට අපි මොනා හරි කමු...."

ලොකු හුස්මක් පහළට දාලා ටේබල් එකට අත් දෙකෙන් බර දීලා නැගිටපු අවී යස්වි එක්ක ම ගේ ඇතුළට ගියා....

"ආ එන්න කන්න....."

පන්සිළුයි මෝක්ෂයි ඩයිනින් ටේබල් එකට වෙලා පාන් වාටි හූර හූර ඉන්න ගමන් අවින්දිටයි යස්විටයි කිව්වේ කකුළෙන් පුටුවකුත් එහාට කරන ගමන්...

"කෝ අලබට්ටටට එන්න කියන්නැද්ද..."

"නෑ පස්සේ කයි..."

"පව් යකෝ..."

"මොන පව්ද... ළමයි හැදුවනම් බලාගන්නත් එපැයි... අනික එයා කනකොට මන් තමයි ඒ ජොබ් එක කරන්නේ...සමගියෙන් සහයෝගයෙන් ස්මූත් එකට වැඩේ යනවා....

මරු හැබැයි ඒකත්..."

පාන් පෙති තුනක් හතරක් ප්ලේට් එක වටේට තියාගන්න ගමන් ලපේ අත පය විසි කර කර කිව්වේ කිසිම ගාණක් නැතුව...

"කෝ අර මනුස්සයා කන්නැද්ද..."

"දන්නෑ.. අනේ මන්දා මේ හිටියා මේ අතුරුදහන් වුණානේ පොර...."

මෝක්ශ කිව්වේ චිකන් කටුවක් සූප්පු කරනගමන්....

"මේ ඒක නෙමෙයි මට ප්‍රමෝශන් එකක් හම්බෙන්න යන්නේ...."

පුටුවේ හරි බරි ගැහිලා වාඩි වෙන ගමන් මෝක්ශ කිව්වේ හිනාවෙවීමයි...

"උබට කවුද බන් ප්‍රමෝශන් දෙන්නේ...."

"ඇයි ඇයි මොකද....ආහ්..."

"නෑ බන් ඇත්තට.. උබ කොහොමද බන් ඔය වගේ ටියුබ් ලයිට් මොළයක් තියාගෙන ඔය පොලීසියේ වැඩ කරන්නේ.. උබ මේ ඉන්න විදිය දැක්කනම් හොරු උබට ගල් ගහනවා යකෝ....

ඇත්ත කියපන් පගාව දුන්නා නේද උබ...."

"මේ පන්සිළු... මොකක් විහිළුවට ගත්තත් කමක් නෑ.. නීතිය විහිළුවකට ගන්න එපා හරිද.. මන් ඒකට ආස නෑ.. අනික මන් කවදාවත් කාටවත් පගාව දෙන්නෙක් නෑ ගන්නෙත් නෑ එච්චරයි..."

මෙච්චර වෙලා හෙන ම ෆනී මොඩ් එකක ඉඳපු මෝක්ශ එකපාරටම සීරියස් වෙලා පොලිස් මොඩ් එකට එන්ටර් වුණේ අවින්දියි යස්වියි දෙන්නම මූණට මූණ බලාගනිද්දි...

"හාකෝ ඈ...."

පන්සිළු එහෙම කියලා හිනාවෙවී මෝක්ෂගේ කටට පාන් කෑල්ලක් එබුවේ මිනිහා කියපු සීරියස් කතාව තඹ සතේකට ගණන් නොගෙන...

"මන් ඇත්ත කිව්වේ..."

"හරි ඉතින්... මන් ඇහුවේ නෑනේ.. කාපන් ඔන්න ඕක.. උබමනේ කියන්නේ මොන දොරෙන්ද මෙහා උබ යුනිෆෝම් දාගත්තු මෝක්ශ නෙමෙයි අරකයි මේකයි..

ඉතින් දැන් මොකක්ද...අනේ මේ කියවන එක පැත්තකින් තියලා ඔන්න ඕක කාපන් මෝඩ පොලිස්..."

"ඒ මේ... මුන් දෙන්නගේ නිකන් ගෑනි මිනිහා ටයිප් එකක් පේන්නේ මට විතරද බන්...."

"පිස්සුද බන්.. මට දැන් අවුරුදු ගාණක ඉඳන් ඒක පෙනිලා තියෙන්නේ...."

"මරු හැබැයි ඈහ්... ඒකත් ජයසිරි මංගලම් වෙයි වගේ...."

ලපේයි අවී දෙන්නම කුටු කුටු ගගා පාන් කන්න ගද්දි එකපාරටම අවීට නිකන් උගුරට එනවා වගේ දැනුනා...

"මොකේ කේස් එක..."

"ගැස්ට්‍රයිටීස්ද කොහෙද...."

අවින්දි එහෙම කියන ගමන් අතින් කටත් වහගත්තේ වමන යන්න ආසන්න ෆීලින්ග් එකක් දැනුනු හින්දා...

"අවුල් වගේද..."

ලපේ අහපු එකට උත්තරයක් දෙන්න උනේ නෑ අවින්දි කටත් තද කරගෙන වොශෲම් එකට දිව්වේ කෑම මේසේ ඉඳපු හැමෝම මූණට මූණ බලාගනිද්දි...

"ඒ අඩෝ...."

ලපෙත් පාන් කෑල්ලක් කටේ ඔබාගෙනම වොශෲම් එක පැත්තට දුවගෙන ගියා..

"මේ පාර බඩු හරි වගෙයි...."

මෝක්ශ එහෙම කියන ගමන් පන්සිළු දිහා බැලුවත් මිනිහගේ ලුක් එක එච්චර මෝක්ෂට ඇල්ලුවේ නෑ...

"වැරැද්දක් කිව්වේ නෑනේ.. උබ මාමා කෙනෙක් වෙන්න යනවා කියලනේ කිව්වේ.."

ආයෙම චිකන් කටුවක් කරස් කරස් ගාලා හපන ගමන් මෝක්ශ කිව්වේ පන්සිළු වොශෲම් එක පැත්ත දිහා ඇහිබැමත් අකුලුවගෙන බලන් ඉද්දි...

"ඒ මොකෝ කේස් එක.."

වොශෲම් එකෙන් එළියට ආපු හැටියෙම අවින්දිව අල්ලගෙන ලපේ ඇහුවේ ඇස්වලින් අවීගේ මුළු මූණම ස්කෑන් කරන ගමන්....

"අනේ මන්දා බන්... බඩ මොකක්ද වෙලා වගේ... වමනෙත් ගියා.. උදේ ඉඳන් ඇඟටත් හරි නෑ...."

"ඒ අඩෝ අඩෝ අඩෝ උබේ ප්‍රශ්නේ විසඳෙන්නයි යන්නේ...."

"මොන...."

"ඇයි යකෝ.. උබ දැන් මැරෙන්න හැදුවේ..... "

"බබාලා කේස් එක...?"

"ඔව් යකෝ..."

"ඒක කොහොමද විසඳෙන්නේ...."

"උබ ප්‍රෙග්නන්ට් මන් හිතන්නේ..."

"න්....නෑ... මන් හිතන්නෑ...."

"නෑ නෑ නෙමෙයි.... ටෙස්ට් කරමු...."

"පිස්සු නැතුව ඉඳහන්.. පීරියඩ්ස් නුත් තිබ්බා.. මොන ප්‍රෙග්නන්ට්ද.. මේ බඩ සුද්ද වෙන බෙහෙත් වගයක් බීලා මේ...විකාර නැතුව ඉඳහන්...."

"ඒ උනාට...."

"අනේ මේ...."

"නෑ මන් කියන්නේ...."

අවින්දි යස්වි කියන්න ගියපු දේ ගණන් ගන්නේ නැතුව ටේබල් එකට ගිහින් වාඩි වුණේ එග් යෝක් ඔම්ලට් එකක් කටට දාගෙන තව එකක් අතටත් ගන්න ගමන්....

"මන් හිතන්නේ මන් අර කලින් කිව්ව එක වැරදි...."

පෙරේතයෙක් වගේ කෑම කකා ඉඳපු අවී දිහා විනාඩි කීපයක් බලන් ඉඳපු මෝක්ශ පන්සිළුටත් ඇහෙන්න කිව්වා...

"මන් කිව්වා උබට...."

උදේ කෑමෙන් පස්සේ හැමෝම ආගිය තොරතුරු කතා කර කර ඉදියත් මේඝ පේන තෙක් මානෙක හිටියේ නෑ... අනික් අයටත් කතා කරන්න ගමකට දේවල් තිබුණු නිසා ඒක එච්චර ගාණක් වුණේ නෑ....

"ඒ මේ.. උබේ බ්ලඩ් ටයිප් මොකක්ද..."

ෆෝන් එක දිහා බලාගෙන යස්වි අවින්දිගෙන් ඇහුවා...

"AB නෙගටිව් නේ.... මොකෝ..."

"නෑ... මේ අර අපේ ඉස්කෝලේ කට්ටියගේ ගෲප් එකේ අහලා තිබ්බා ඒ බ්ලඩ් ගෲප් කවුරු හරි ඉන්නවද කියලා..."

"ඒ මොකටද...."

"උවමනාවකටලු ඩොනර් කෙනෙක් ඉන්නවනම් අද දවස ඇතුළත ඩොනේට් කරන්නලු...."

"සිරාවට කොහෙටද... නැශනල් එකටද"

"නෑ ප්‍රයිවට් එකකට...."

"එහෙමද... මන් දෙන්නද බන්..."

"උබේ කැමැත්තක්... උබට දෙන්න පුළුවන්ද.. කොලිෆිකේශන් තියෙනවද...."

"නැතුව... උබට මාව කවුරු වගේද පේන්නේ..."

"යනව නම් යමන්... මන් කාලෙකින් මෙහේ ඇවිද්දෙත් නෑ...."

"ඉඳහන් එහෙනම් මන් ඇඳුමක් දාන් එන්නම්.. උබ කියහන් අපි එනවා කියලා..."

"හා හා...."

එහෙම කියලා අවින්දි ඉක්මනටම රූම් එකට ගියේ හොස්පිට්ල් එකට යන්න ලෑස්ති වෙන්න හිතාගෙන. ඒ යද්දි මේඝ ස්පෙක්ස් දෙකකුත් දාගෙන ලැප්ටොප් එකත් ටේබල් එකක් උඩින් තියාගෙන ෆයිල් වගයක් චෙක් කරමින් ඉදියා..

අවින්දිත් මේඝව තඹේකට ගණන් නොගෙන ඇඳුමක් දාගෙන පහළට ගියේ යන ගමන් කළුකුමාරයට පිටිපස්ස හැරිලා ඇද කරන ගමන්මයි...

යස්වි කාලෙකින් ලංගම පොදු ප්‍රවාහනේ පාවිච්චි කරපු නැති නිසා කොච්චර අකමැත්තෙන් උනත් අවින්දිත් යන්තන් සීටීබී එකක එල්ලිලා හොස්පිට්ල් එක ළඟට ගියා...

බ්ලඩ් ඩොනේට් කරන්න කලින් ෆෝම් ෆිල් කරලා පොඩි ටෙස්ට් වගයක් කරන්න තිබුණු නිසා ඒ ටෙස්ට් ටික කරන්න දීලා අවින්දියි යස්වියි දෙන්නම පුටු පේළියකින් වාඩි වෙලා කයියක් දාගෙන ඉදියේ රිපෝට්ස් එනකන්...

"මිසිස් අවින්දි රන්දුනු සේනාධීර..."

ලැබ් රිපෝට්ස් ටිකකුත් අතේ තියාගෙන රූම් එකකින් එළියට ආපු නර්ස් කෙනෙක් අවින්දිගෙ නම කියලා කතා කළාම අවින්දිත් නැගිටලා එතනට ගියේ ඉක්මනට රිපෝට්ස් ටික අරගෙන ඩොනේශන් එකට යන්න ඕන නිසා...

"මිස් ඔයාට ලේ දෙන්න බෑ කියලා දන්නැද්ද.. තව ටිකෙන් අපිත් අමාරුවේ වැටෙනවා...."

"ව....වට්... ඒ කියන්නේ...."

"මිස් ඔයා ප්‍රෙග්නන්ට් නේ... එහෙම ඉද්දි බ්ලඩ් ඩොනේට් කරන්න බෑ කියලා දැනන් ඉදියේ නැද්ද...."

"ම්....ම්...මොකක් මොකක්... මේ මන්... ප්‍රෙග්නන්ට්...."

"ඔව්.. මිස්ගේ රිපෝට්ස්වල HCG ලෙවල් එක වැඩියි.... මිස් ප්‍රෙග්නන්ට් තමයි... එනිවේ කන්ග්‍රැජුලේශන් මිස්...."

එහෙම කියපු නර්ස් රිපෝට් එකත් අවීගේ අතට දීලා රූම් එකේ දොර ඇරගෙන ආයෙම ඇතුළට ගියේ අවී ෆුල් ශොක් වෙලා ඒ කිව්ව දේවල් හරියට මොළේට එන්ටර් කරගන්න ට්‍රයි කරද්දි....

"අඩ්...ඩෝව්.. මන් කිව්වේ උබට... උබ ප්‍රෙග්නන්ට් කියලා... අඩෝ... කන්ග්‍රැජුලේශන් බොක්ක...."

යස්වි අවින්දිගේ අත් දෙකෙනුත් අල්ලගෙන උඩ පැන පැන කෑගැහුවේ ඉන්නේ හොස්පිට්ල් එකක කියලවත් මතක නැතුව...

"ඒ... ඒක.. එහෙම වෙන්න පුළුවන්ද බන්...."

"යකෝ ඔය වෙලා තියෙන්නේ....."

"ඒ උනාට බන්.... මට හිතාගන්න බෑ..."

"එහෙම තමයි බන් පළවෙනි පාර.. මාත් එහෙමයි.... මාත් ෆුල් හොල්මන් වෙලා ඉඳියේ... දැන් උබේ ප්‍රශ්නේ විසඳුනානේ කළුකුමාර ලයිට් වර්ශන් එකක් එන්නයි යන්නේ...."

"මට... මට විශ්වාස කරන්නත් බෑ... යකො... අඩෝ.. එතකොට මන් ප්‍රෙග්නන්ට්ද... අඩෝ... අඩෝ...."

මෙච්චර වෙලා ශොක් වෙලා හිටපු අවින්දි ලපේවත් බදාගෙන කෑගැහුවේ හිතේ සතුට වැඩිකමටමයි...

"කළුකුමාරස්ට කියහන්... යකෝ...ඉක්මනට.."

"ඒ මේ.. ඒ මිනිහා කැමති නැතිවෙයිද දන්නෑ නේ...."

"විකාරනේ බන්.... කියහන් කියහන් ඉක්මනට...."

අවින්දි ටක් ගාලා ෆෝන් එකත් බෑග් එකෙන් ඇදලා අරගෙන මේඝට කෝල් එකක් ගන්න කියලා කෝල් ලොග් එක ඕපන් කරත් නිකන් පොඩි ලැජ්ජාවක් වගේ ෆීලින් එකක් ආපු හින්දා අවී මේඝට මැසේජ් එකක් දාන්න තීරණය කළා...

"මේ... මන් ප්‍රෙග්නන්ට්..."

මේඝට ටෙක්ස්ට් එකක් දාපු දැනින් ම අවී චැට් එක ක්ලෝස් කරලා දැම්මේ රිප්ලයි එකක් ආවොත් නොටිෆිකේශන් එකෙන් විතරක් බලනවා කියලා හිතාගෙන....

"මේ එහෙනම් යමුද...."

"යන් යන්.. බස් එකේ යන්න හොඳද බන්..."

"ම්ම්ම්ම්.... ත්‍රීවිල් එකක යන්ද...."

"ලොකු ගාණක් ගනීද බන්..."

"නොදකින් කුණු මල පෙරේතයා... යකෝ සල්ලි නැද්ද තොට.."

"මන් ඉතුරු කරනවා යකෝ..."

"අනේ රෙද්ද තමයි...රුපියල් හාරසීයක් පන්සීයක් යයි..."

"වැඩී ඕයි.. බස් එකේ හතළිහයිනේ..."

"අනේ මේ තොගේ හතළිහ තියාගනින්... යමන් මන් සල්ලි දෙන්නම්..."

"ආහ් එහෙනම් යන්.."

"ඊයා ඕයි උබ ලෝබ වෙලා..."

"ලෝබකම නෙමෙයි යකෝ අරපිරිමැස්ම....."

"රෙද්ද තමයි යමන් යමන්..."

යස්වි අවින්දිවත් ඇදගෙන වීල් එකක් අරන් ගෙදර ආවේ වීල් එකේ ඩ්‍රයිවර්ට පවා ප්‍රෙග්නන්සි ගැන ප්‍රාමාණික දැනුමක් ලැබෙන තරමටම අවින්දිට අවවාද අනුශාසනා දෙන ගමන්...

ඒත් අවින්දි ඉදියේ ඒවා අහන මයින්ඩ් එකක නෙමෙයි වෙනමම ලෝකෙක විනාඩි පහෙන් පහට එකම ප්‍රශ්නේ රිපීට් කරන ගමන්...

"ඒ මන් ප්‍රෙග්නන්ට්ද යකෝ...."

"අඩෝ සිරාවටම ප්‍රෙග්නන්ට් නේද..."

ඒ වචනේ පවා ලපේට එපා වෙන තැනට යනකන් අවින්දි වීල් එකෙන් බහිද්දි ඒ ප්‍රශ්නෙ රිපීට් කරලා තිබුණේ...

ලපේ ත්‍රීවිල් එකට සල්ලි ගෙවලා එනකන්වත් ඉන්නෙ නැතුව අවින්දි උඩ පැනගෙන ගේ ඇතුළට දුවගෙන ගියේ සතුටෙන් කෑගගහන ගමන්මයි....

ගේ ඇතුළට ගියපු අවින්දි, හයියෙන් කෑගහන්නේ කවුද කියලා බලන්න සාලෙට ආපු මෝක්ශව දුවලා ගිහින් බදාගත්තේ ඊට පිටිපස්සෙන් ඉඳපු පන්සිළු ඉනටත් අත් දෙක ගහන් කටත් ඇරගෙන බලන් ඉද්දි...

"මන් ප්‍රෙග්නන්ට්... මන් ප්‍රෙග්නන්ට්...."

එහෙම කියන ගමන් අවින්දි මෝක්ශව බදාගෙන උඩ පනිද්දි කොල්ලා අත් දෙකත් අකුළගෙන ගෙම්බෙක් වගේ ඇස් ගෙඩි දෙකත් එළියට පනින සයිස් එකටම ලොකු කරගෙන ඉදියේ නිකන් අතවරේකට ලක් වෙන්න යන පොඩි කොල්ලෙක් වගේ...

ඒත් එක්කම වගේ මෝක්ශගේ පිටිපස්සෙන් කාලභූතයෙක් වගේ මතුවුණු මේඝ මෝක්ශගේ ශර්ට් එකෙන් ඇදලා අරගෙන මිනිහව පිටිපස්සට තල්ලු කරලා දැම්මේ පණපිටින් ම පුච්වලා දාන්න පුළුවන් සයිස් එකටම රවන ගමන්....

"මන් මොකුත් කරේ නෑ ඉතින්..."

අත් දෙකත් දෙපැත්තට විහිදුවලා මෝක්ශ කිව්වේ හරිම ලාමක විදියකට.....

"දැන් උබ සොනික් වගේ කාර් එකත් අරන් විදලා ගියේ අවින්දිව එක්කන් එන්න කියලා නේද.. ඔය ඉන්නේ ඕන එකක් බේරගනින් දැන්...."

පපුවට අත් දෙකත් බැඳගෙන අවින්දි දිහාම බලන් හිටපු මේඝට එහෙම කියපු පන්සිළු ඊළඟට හැරුණේ මෝක්ෂගේ පැත්තට...

"උබ මෙන්න මෙහෙට වෙලා ඉඳහන්..."

මෝක්ශව බෙල්ලෙන් අල්ලලා ළඟට ඇදලා ගන්න ගමන් පන්සිළු කිව්වේ මිනිහා අනවශ්‍ය තැනක අනවශ්‍ය විදියට කට බලියගෙන බලන් ඉන්න ලෑස්ති වුණු නිසා....

"මන් හිතන්නේ අපි කට්ටිය දැන් මෙතනින් ගියොත් හොඳයි... කෝ සුදු පුතා... මෙන්න මාමලා සෙල්ලම් කරන්න හොයනවා.. ඔන්න අපි එනවා..."

බොරුවට රඟපාන ගමන් යස්වි අනික් දෙන්නවත් ඇදගෙන එතනින් හීන් නූලෙන් මාරු වුණේ මේඝයි අවින්දියි විතරක් සාලේ මැද ඉතුරු වෙද්දි....

"මේ...

දැන් කරන්න දෙයක් නෑ ඉතින්.. අර මහ ලොකු අයිකිව් කැටයම හොයාගන්න බැරි වුණානේ ෆස්ට් බබාව හදාගන්න.... හ්හ්.. මට තමයි ඒ චාන්ස් එක ලැබිලා තියෙන්නෙ...

ඔයා කැමති නෑ වගේ නම් කියන්න ඉතින්.. මන් තනියෙන් හරි බබාව හදාගන්නවා....

කොහොමත් මන් වගේ එක්කෙ......."

එකදිගට පපුවට අත් දෙකත් බැඳගෙන කියවගෙන කියවගෙන යන අවි දිහාම බලාගෙන ඉඳපු මේඝ අවින්දි කිය කිය ඉඳපු එකවත් හරියට සම්පූර්ණ කරන්න නොදීම එකපාරටම ගිහින් අවීව හග් කළේ අවීටත් මොකුත් එකසැරේර හිතාගන්න බැරි වෙද්දි...

අවීව හග් කරගෙනම මේඝ එක අතකින් අවීගේ ඔළුව පිටිපස්ස සොෆ්ට් විදියට අත ගෑවේ අවී මේඝගේ පපුව උඩම එක දිගට ඇස්පිල්ලම් ගහනිද්දි...

තත්පර කීපයක පොඩි ටියුබ්ලයිට් ස්වභාවයකින් පස්සේ අවින්දිත් මේඝගේ වටේ අත් යවලා තව තවත් ඒ උණුසුමට ගුලි වුණේ හිනා වෙවීමයි....

විනාඩි කීපයක් ඒ විදියටම ඉඳපු මේඝ අවීව එයාගෙන් ඈත් කළේ එයාගේ නළලෙනුත් තවත් සොෆ්ට් කිස් එකක් තියන ගමන්මයි... අවී ඇස් දෙකත් පියාගෙනම තනියම හිනාවුණේ මේඝගේ රොමෑන්ටික් මොඩ් එක ටර්න්ඩ් ඔන් වෙලා තිබුණු නිසා...

"ලෙට්ස් චෙක් ඉට් අගේන් පීචස්..."

එක අතක් අවින්දිගේ ඉනවටේ වගේම අනික් අතින් අවීගේ මූණට වැටුණු කොණ්ඩ කෑලි පිටිපස්සට කරන ගමන් මේඝ කිව්වේ ස්වීට් වොයිස් එකකින්....

"ඇයි ආයෙම...."

"නතින්ග් ස්පෙශල් බට් වී ශුඩ් ඩූ දැට්..."

"අද ම...."

"නෑ...."

"එහෙනම්..."

"හෙට..."

"ඒත් ඇයි..."

"ජස්ට් ෆෝ යුවර් ගුඩ්... ම්ම්... ඩෝන්ට් බී සෝ ස්ට්‍රෙස්ඩ්... ඕකේ..."

එකට එක කියන්න හිත නොදුන්න හින්දා අවින්දිත් ඒ කියපු එකට ඔලුව වනලා එකඟ වෙද්දි මේඝ ලාවට හිනාවෙලා අවින්දිව ආයෙම හග් කලේ කෙල්ලගේ උරහිසෙනුත් සොෆ්ට් පෙක් එකක් තියන ගමන්....

දෙවෙනි පාරටත් ටෙස්ට් එක කරලා බලනකන් කාටවත් ප්‍රෙග්නන්සි එක ගැන නොකියා ඉන්න අවින්දියි මේඝයි ඩිසයිඩ් කළා.. ඒත් ඉතින්.. දැන ගන්න ඕන කට්ටිය දන්න හින්දා ඉතින් ආයෙ නොකියා ඉන්න එකේ තේරුමකුත් නෑ...

ටෙස්ට් එක කරන් ආපු දවසෙ අවින්දිගෙ කටේ මන්තරේ වගේ තිබුණේ එකම දෙයයි....

මන් ප්‍රෙග්නන්‍ට්....

ඒක විතරමයි...

යස්විගේ ළමයා ඉල්ලගෙන අවී නළවන්න පුරුදු වෙන්න... කිරි පොවන්න පුරුදු වෙන්න... වඩා ගන්න.. ගුඩුස් ඇරවන්න... තව එක එක මගුල් ඒ පොඩි ළමයගෙන් අවී පුරුදු වුණේ හරියට ඒ ළමයට ලැබ් මීයෙක් ගාණට දාලා....

මුළු දවසම විකාර කෝටියක් එක්ක ගෙවිලා ගියාට පස්සේ ඊළඟට දවසේ උදේම අවින්දි බාජු ගවුමකුත් ඇඳගෙන ඩොක්ටර්ගේ අපොයිමන්ට් එකට යන්න රෙඩි වුණා...

ඩොක්ටර් එකින් එක රිපෝට්ස් චෙක් කරනකන් අවින්දි වගේම මේඝත් ඉවසිල්ලෙන් බලාගෙන හිටියා.. අවින්දි නම් ඉදියේ ටිකක් කලබල වෙලා....

.
.
.
.
.
.
.
.

"ඇත්තටම මිසිස් මේඝාදිත්‍ය... මේ රිපෝට්ස්වල හැටියට නම්.. ඔයා ප්‍රෙග්නන්ට් නෑ... ඔයාගේ HCG ලෙවල් එක නෝමල්...."

"ඒ...ඒත් ඒක එහෙම වෙන්න බෑනේ... ඊයේ මන් බ්ලඩ් ඩොනේට් කරන්න ගියාම එතනින් තමයි ටෙස්ට් වගයක් කරලා කිව්වේ..ඔය HCG ලෙවල් එක මගේ වැඩි ඒ නිසා මන් ප්‍රෙග්නන්ට් කියලා...."

'ඔයා ඒ රිපෝට් එක ගෙනාවද...."

"ඔව් ඩොක්ටර්...."

ඇඟිලිත් කලබලේට වෙව්ලද්දි අවින්දිට අඩුම තරමේ බෑග් එකේ ශිපර් එකවත් ඇරගන්න ඇරි වුණා....

අවීගේ හැසිරීම දිහා හොඳට බලන් හිටපු මේඝ අවීගේ බෑග් එක උකුලට අරගෙන ඒකෙන් පරණ ප්‍රෙග්නන්සි රිපෝට් එක අරගෙන ඩොක්ටර්ගේ අතට දුන්නේ අවින්දි දිහාවට කාම් ඩවුන් වෙන්න කියන්න වගේ බැල්මක් දාන ගමන්...

"ම්ම්... මෙහෙමයි HCG වැඩි වෙනවා කියන්නේ ප්‍රෙග්නන්ට් වෙනවමයි කියන එකම නෙමෙයි.... ඔයා මොනා හරි හෝමෝන් පිල්ස් ගන්නවද..."

"න්... නෑ ඩොක්ටර්....."

"ඊයේ මොකක් හරි හේතුවක් හින්දා ඔයාගේ හෝමෝන් ලෙවල් එක වැඩි වෙලා තිබිලා තියෙන්නේ.... ඊයේ ටෙස්ට් එක කරන්න කලින් මොන වගේ දේවල්ද කෑවේ...."

"ම්ම්ම්.. එ.. එහෙම විශේෂ දෙයක් නෑ..."

"ටිකක් කල්පනා කරලා බලන්න...."

"ආ... ටෙස්ට් එක යන්න කලින් එග් යෝක් ඔම්ලට් කෑවා.. එච්චර තමයි..."

"ආහ් දැට්ස් ඉට්... ඒකත් එක හේතුවක් තමයි... ඇත්තටම ඔයා ප්‍රෙග්නන්ට් නෑ.. දරුවෝ...."

"ඒ උනාට මේ දවස්වල මට පොඩ්ඩක් මහන්සි ගතියක් දැනෙනවනේ.. ඇඟටත් හරි නෑ.. පොඩි dizzy ගතියක් දැනෙනවා... සැරින් සැරේට...."

"යූ ශුඩ් රෙස්ට් මෝ(ර්) මිසිස් මේඝාදිත්‍ය..."

ඩොක්ටර්ත් එක්ක තිබුණු අපොයිමන්ට් එක ඉවර වුණාම මේඝ අවින්දි එක්කම එළියට ආවත් අවිගේ මූණේ නම් එච්චර හොඳ පෙනුමක් තිබුණේ නෑ....

"මන් කවදා හරි ආයේ ප්‍රෙග්නන්ට් උනොත් ජීවිතේට අතනට නම් යන්නෑ ටෙස්ට් කරන්න...

මොන මගුලක්ද.. බිත්තරයක් කාලා ගියාම මේ යක්කු කියනවනේ ප්‍රෙග්නන්ට් කියලා....

හැමෝටම කිව්වා.. හයියෝ...."

"බඩගිනිද...."

අවින්දි තනියමක කියව කියව මේඝගේ පිටිපස්සෙන් එද්දි මේඝ අවීගෙන් ඒ කතාවට කිසිම ගැළපීමක් නැති ප්‍රශ්නයක් ඇහුවත් ඒකට උත්තරයක් නම් හම්බුනේ නෑ..

ඒ වෙනුවට අවින්දි කළේ මූණත් ඇද කරගෙන දිගටම කුටු කුටු ගාපු එක....

"ම්... මේ කොහෙද.."

ගෙදර යන්න හිතාගෙන කාර් එකට නැග්ගත් එකපාරටම වාහනේ කඩයක් ඉස්සරහා නවැත්තුවාම අවී පුදුමෙන් වගේ මේඝගෙන් ඇහුවත් මිනිහා වචනයක්වත් නොකිය කාර් එකෙන් බැහැලා ගිහින් පැසෙන්ජර් ශීට් එක පැත්තේ දොර ඇරලා අවින්දිගේ අතින් ඇදගෙන රෙස්ටුරන්ට් එක ඇතුළට ගියා....

"ඇයි මෙහෙට ආවේ..."

අවින්දි රෙස්ටුරන්ට් එකේ පුටුවක් ඇදන් වාඩි වෙන ගමන් ඇහුවා...

"කැලිෆෝනියා එකෙනුයි ස්පයිසි ටූනා එකෙනුයි... තව පිඩෙල්පියා එකෙනුත් ගේන්න.. Wasabi Paste එකත් ඇඩ් කරගන්න..."

මෙනු ගාඩ් එක වේටර්ට දෙන ගමන් මේඝ කිව්වේ අවින්දි අහපු ප්‍රශ්නෙට උත්තර නොදීමයි....

"ඇයි මෙහේ ආවේ.. අපි ගෙදර යන් මට වැඩට යන්නත් තියෙනවා...."

"තමුසෙට මේ අලුතෙන් ඕපන් කරපු සුශි රෙස්ටුරන්ට් එකට එන්න ඕන කිව්වා නේද... දැන් මොකටද යන්න දඟලන්නේ...."

"මන් කියපු එක අහගෙනද ඉදියේ එදා එතකොට..."

අවින්දි දවස් කීපයක්ම අලුත් සුශී රෙස්ටුරන්ට් එක ගැන කිය කිය මේඝගේ වටේ කැරකෙද්දි මිනිහා කිසිම දෙයක් ගණන් ගත්තේ නෑ වගේ රියැක්ට් කරපු හැටි මතක් වුණු හින්දා අවින්දි ඇහුවා...

මේඝ මොකුත් නොකිය ඔව් කියන්න වගේ ඔලුව ඉහළ පහළ කළා....

"තෑන්ක්ස්.."

දෙන්නම කිසි කතාවක් නැතුව සුශි කාලා ගෙදර යන්න පිටත් වුණා.. ඒකෙන් ටිකක් විතර අවුල් ගිහින් තිබුණු අවින්දිගේ මූඩ් එක ෆික්ස් වුණත් සම්පූර්ණෙන්ම ඒක හරි ගියේ නෑ....

දෙන්නම ගෙදර එනකන් බලාගෙන ඉඳපු යස්වි අවින්දි ගේ ඇතුළට අඩිය තියන්න කලින්ම දුවලා ගිහින් අවින්දිගේ බෑග් එක ඇදලා අරගෙන රිපෝට් ෆයිල් එක අතට ගත්තේ හිනාවෙවීමයි....

"මොකෝ මොකෝ කිව්වේ ඉතින්.."

රිපෝට්ස් පෙරලන ගමන් යස්වි ඇහුවා...

"මන් ප්‍රෙග්නන්ට් නෑලු...."

මූණත් ඇද කරගෙන එහෙම කියපු අවී දොර ගාව හිටගෙන හිටපු යස්විවත් පැත්තකට කරලා ගෙට ඇතුළු වුණා....

"මට ඉන්ෆෝම් නොකර ආයේ ඔය වගේ විකාර වැඩ කරන්න යන්න එපා..."

එහෙම කියන ගමන් මේඝත් යස්විට රවාගෙනම ගෙ ඇතුළට ගියා...

**යකෝ ගෑනිගෙයි මිනිහගෙයි දෙන්නගෙම රැස් පෙන්නන්නේ අහක ඉන්න මටනේ දෙයියනේ...**

තමන්ටම කියාගන්න ගමන් යස්විත් ගේ ඇතුළට ගියේ අවින්දිත් එක්ක කතා කරන්න හිතාගෙන...

"ඕක එච්චර හිතන්න එපා බන් උබලට තව ටයිම් තියෙනවනේ.. ඩෝන්ට් වොරි...

අනික ඔය වයස වේලාසන වැඩි.. තව ටිකක් ඉඳලා ඕවා ගැන හිතපන්... හදිස්සියක් නෑනේ බන්..."

සෝෆා එකට වෙලා වාඩි වෙලා ඉඳපු අවින්දිගේ හිත හදන්න ට්‍රයි කරන ගමන් යස්වි කියෙව්වා...

"ඒක තමයි ඩොක්ටර්ත් කිව්වේ.. අපරාදේ බන් මන් කලබල වුණේ...."

"හරි ඒක ඉවරයිනේ දැන්...."

"හොඳ වෙලාවට කාටවත් නොකිව්වේ.... මට ඉතින් හැමදාම මොකක් හරි කොස් කට්ටක් සෙට් වෙනවනේ බන් හැම එකටම..."

"එහෙම හිතන්න එපා යකෝ.. හැමදේම වෙන්නේ හොඳටයි කියලා හිතපන්..."

"ඒකත් ඇත්ත ඉතින්... එක අතකට සිරාවට ඒකත් ඇත්තනේ..."

ලොකු හුස්මක් පහළට දාන ගමන් අවින්දි සෝෆා එකේ පිටිපස්සට වෙන ගමන් එහෙම කිව්වා...

"මේ.... අවින්දි මෙන්න ප්‍රෙග්නන්ට් වුණාම මේවා කන්න ආස හිතෙනවලු.... මන් වැඩට යන ගමන් මේක ගත්තා දීලා යන්න ආවේ...."

බෑග් එකක් පෙන්නන ගමන් හිනාවෙවී මෝක්ෂ ගේ ඇතුළට ආවේ ඒත් එක්කම පිටිපස්සෙන් පන්සිළුත් ගේ ඇතුළට එද්දි....

"ඕවා ඔයාටම තමයි මෝක්ෂ කන්න වෙන්නේ...."

"ඇයි... ඒ මොකෝ එච්චරටම අමාරුද..."

"අමාරු මගුලක් නෙමෙයි මනුස්සයෝ...."

"ඒක false positivity එකක්ලු...."

"මොකක්...."

"ඔව්... අද උදේ ඩොක්ටර් හම්බෙන්න ගියාම කියලා තියෙන්නේ..."

"අයියෝ එහෙමද... එතකොට මේවා.. ආහ් නෑ මොකුත් නෑ...."

බෑග් එකත් පිටිපස්සට කරලා හංගගෙන මෝක්ශ අවින්දි දිහා බැලුවේ අවීගේ ඊයේ තිබුණු හැපි මොඩ් එක කෙළින්ම ඕෆ් වෙලාම ගිහින් තිබුණු හින්දා....

"අවින්දි ආර් යූ ඕකේ..."

පන්සිළුටත් ඒක තේරුනු හින්දා එයා එහෙම ඇහුවා....

"ඉට්ස් ඕකේ බෝයිස්... අම් ෆයින්... ඕක පොඩි දෙයක්නේ.. එච්චර හිතන්න ඕන නෑ..."

"ඒකනේ... එහෙනම් අවුලක් නෑ...."

"නෑ..නෑ නෑ.... අවුලක් නම් තියෙනවා..."

සෝෆා එක උඩට කකුල් දෙක අරගෙන එරමිණිය ගොතාගෙන වාඩිවෙන ගමන් අවින්දි අමුතු විදියට මෝක්ශගේ දිහා වගේම පන්සිළු දිහා බලන ගමන් කිව්වා...

"මොකක්ද...."

"මොන පදනමක් යටතේද.. ඔය දෙන්නා දැන් ඔය හැමතිස්සෙම එකට තැන තැන යන්නේ...."

"න්.... නෑ.. එකට නෙමෙයි වෙන වෙන වෙලාවල්වලටත් යනවා...."

"අන්න අන්න...ටොපික් චේන්ජ් කරන්න එපා ඉතින් හොඳේ...."

"ඔව් ඔව් හරිත... ඒ පැණිස්... අනික මේ වෙලාවේ කොහොමද ඔය දෙන්නාම එකම වෙලාවේ මේ ගේ ඇතුළට ආවේ.. මෝක්ශ ඉන්නේ කොහෙවත් ඔහේ ඉන්නේ වෙන කොහෙවත් නේ.. ඒක කොහොමද වුණේ.... ඇත්ත කියන්න ඈහ්...."

අවීගේ කතාවට හවුල් වෙන ගමන් යස්විත් කිව්වා....

"නෑ.. මේ දවස් ටිකේ මගේ අපාර්ට්මන්ට් එකේනේ මෝඩ පොලිස් ඉන්නේ...."

"ම්...මොකක් මොකක් මොකක්...."

"උබලා දෙන්නා දැන් එකටද ඉන්නේ.... අඩෝ නෝ....."

අවින්දියි යස්වියි මූණට මූණ බලාගෙන අමුතු විදියට හිනාවෙන ගමන් කෑගැහුවා...

"ඔව් ඉතින්.. වරදක් නෑනේ...."

"නෑ නෑ නෑ නෑ..කිසිම වරදක් නෑ...ඔහොම යන්කෝ ඔහොම යන්කෝ...."

කින්ඩි හිනාවක් දාගෙනම යස්වි අමුතු ඇක්ට් එකකින් එහෙම කිව්වාම අවින්දිත් ලපේට ගහ ගහා හිනා වෙන්න ගත්තේ පැනි පොලිස් කපල් එක පොඩ්ඩක් නෝණ්ඩි වෙලා යද්දි...

"මට පරක්කු වෙනවා මන් යනවා...."

"මාත්...."

එහෙම කියන ගමන් දෙන්නම ගෙදරින් එළියට බැහැලා ගියේ නම්බුව පොඩ්ඩක් හේදීගෙන යනවා වගේ තේරුණු හින්දා...

යකෝ ලොක්කා මෙහේ තාම ගෙදර.. සෙකට්‍රි යනවා ලොක්කව දාලා වැඩට... බලහන් ඒකෙත් හැටි...."

"වැඩිදවසක් නොගිහින් හොඳ පෙළවහක් වෙයි බන්..."

"සිරා ඈහ්.. මාත් යනවා බබා නැගිටලත් ඇති දැන්..."

"හරි හරි...."

යස්විත් ගෙදර යනවා කියලා ගියාම අවින්දි සෝෆා එකෙන් බිමට බැහැලා ලොකු හුස්මක් අරගෙන රූම් එකට ගියේ ඇඳුම් මාරු කරගන්න....

අවින්දි රූම් එකට යද්දි ඇඳ උඩ warp කරපු පාර්සල් එකක් තියලා තිබුණේ කිසිම නෝට් එකක්වත් නැතුව....

කාමරෙත් කවුරුත් පේන්න හිටපු නැති නිසා අවින්දි ඇඳ ගාවට ගිහින් පොඩ්ඩක් නැවිලා ඒ බොක්ස් එක එහාට මෙහාට හරවලා බැලුවා...

"ප්‍රී වැලන්ටයින්ස්...."

අවින්දිගේ කන ගාවින්ම මුමුණන ගමන් එකපාරටම කොහෙන්දෝ මතු වුණු කළුකුමාරයා අවින්දිව බැක් හග් කළා...

"ආහ් ඒකත් අද නේ...."

හිනාවෙන ගමන් අවින්දි මේඝගේ පපුව උඩ ඔලුව තියාගෙන ඔලුව උස්සලා මේඝගේ දිහා බලාගෙනම කිව්වා..

"මේ පාර මොකක්ද ඉතින්...."

"ගෙස් ඉට් පීචස්...."

"ම්ම්ම්...... එයා ෆ්‍රයර් එකක්..."

"නෝ..."

"හිතාගන්න බැ...."

"ඕ...කේ... ඕපන් කරලා බලන්න එහෙනම්..."

ඒ විදියටම ඉඳගෙන අවින්දි පැකේජ් එක ඉක්මනට unwrap කරලා බැලුවා..

"මේ මොකක්ද මේ..."

බොක්ස් එක ඇතුළේ පොට් එකක් වගේ දෙයක් තිබුණට ඒ මොකක්ද කියලා අවින්දිට හරියටම අඳුන ගන්න බැරි වුණා....

"Instant WiFi pot එකක්...."

"අනේ මන්දා... මේවා නම් ඇත්තටම අයිකනික් "

"ඔෆ්කෝස්..."

"ෆස්ට් ගිෆ්ට් එකයි මේ අවුරුදු දෙකටම දුන්නු ප්‍රී.වැලන්ටයින්ස් ගිෆ්ට් ටිකයි නම් ජීවිතේට අමතක වෙන ඒවා නෙමෙයි...

පළවෙනි පාර ෆුඩ් ප්‍රොසෙසර් එකක්.. ඊළඟ පාර ඩච් අවන් එකක් අනේ මන්දා මේ පාර මේක.. මෙහෙම ගියොත් කිචන් අයිටම් ඉතුරු වෙන එකක් නැ..."

"වයි පීචස් ඔයා උයන්න ආස හින්දා මේවා ඔයාට වටිනවා.. ඩෝන්ට් යූ ලයික් ඉට් ආහ්...."

"නෝ... අයි ලයික් දෙම් සෝ මච්.... ඒකනේ පාවිච්චි නොකර තාම පරිස්සමට ඒවා තියාගෙන ඉන්නේ...."

අවින්දි හිනාවෙවීම කිව්වාම මේඝ ටිකක් එයාගේ අත්වල ග්‍රහණය වැඩි කළා...

"පීචස්....

හැමදේම.....

වෙන්න ඕන වෙලාවට....

වෙන්න ඕන විදියට සිද්ද වෙයි....

එතකන් ඉවසන්න..."

මාස ගානකට පස්සේ මේඝ ස්වීට් විදියට අවින්දිට ඇඩ්වයිස් එකක් දුන්නාම අවින්දි එකට එක නොකිය ඔළුව ඉහළ පහළ වැනුවේ ඒ රොමෑන්ටික් මෝමන්ට් එක නැති කරගන්න උවමනා නැති නිසා....

"හැපි ප්‍රී වැලන්ටයින්ස් මයි ශුගර් ප්ලම්..."

"යූ ටූ.... ලව් යූ..."

අවින්දි ඔලුවත් උස්සලා මේඝ දිහා බලාගෙනම එහෙම කිව්වාම මේඝ පොඩි හිනාවක් දැම්මා...

"අවුරුද්දටම එකසැරයයිනේ ඕක කියන්නේ ඒ හින්දා කියන්න.... නැත්තන්...."

"ලව් යූ ටූ..."

අවින්දිගේ නහයටත් පුංචි තට්ටුවක් දානගමන් ලස්සනට හිනාවෙවී මේඝ එහෙම කිව්වාම අවින්දි ඇස් පියාගත්තේ ප්‍රී වැලන්ටයින්ස් වලට සිරිත් පරිදි ලැබෙන සොෆ්ට් පෙක් එක ලැබෙනකන්...

මේඝත් පොඩි හිනාවක් මූණේ තියාගෙනම බෙල්ල පොඩ්ඩක් පහත් කරලා අවින්දිගේ පීච් පාට ලිප්ස් උඩින් සොෆ්ට් පෙක් එකක් තියලා ආයෙම කෙළින් වුණා...

"මේ මිස්ටර් මේඝාදිත්‍ය... දැන් වෙලාව කීයද.. අද යන්න එන්නැද්ද මනුස්සයෝ......."

පන්සිළුයි මෝක්ශයි දෙන්නම එකට ගෙදරින් පිටත් වෙන විදිය ජනේලෙන් දැකපු මේඝ හිතට ආපු එවිල් අදහසක් හින්දා පන්සිළුට ගෙදර ඇවිත් එයාව ගන්න එන්න කියලා යවපු මැසේජ් එක හින්දා තකහනියේ ගෙදර දුවගෙන ඇවිත් පහළට වෙලා බලාගෙන හිටපු පන්සිළු බැරිම තැන බෙරිහන් දෙන්න ගත්තා....

"දිස් ෆකර්......."

මේඝ හෙමින් මිමිණුවේ පන්සිළු ආයෙම කෑගහන්න ගත්තු හින්දා....

"ටේක් කෙයා..."

අවින්දිගේ කොණ්ඩෙත් ටිකක් අවුල් කරපු මේඝ අවින්දිට ඇහැකුත් ගහන ගමන් හිතින් පන්සිළුට සාප කර කර පහළට ගියා....

අවින්දි ඊළඟට මේ පාර මේඝගෙන් ලැබුණු ප්‍රී වැලන්ටයින්ස් ගිෆ්ට් එක අතට අරගෙන එහෙට මෙහට කරකවලා බැලුවේ හිනාවෙවීමයි....

"පිස්සු කාලභූත කළුකුමාරයා...."

අවින්දි තමන්ටම මුමුණ ගන්න ගමන් ඇඳ උඩට වැටුණේ පොට් එකත් බදාගෙන තනියෙන් හිනාවෙන ගමන්මයි....

<<<<<<<<<<< THE END >>>>>>>>>>

ඇරපු අතක් නෑ මේඝාදිත්‍ය මහත්තයා වාගේමයි......

•°•°•°•°•°•°•°•°•°•°•°•°•°•°°•°•°•°•°•°•°•°•°

ජස්ට් මිස්ඩ් දෙම් අ ලිට්ල්...

ඒකයි ඉතිම් මෙහෙම එකක් දැම්මේ.. ආයේ ඉතින් ස්පෙශල් නෑ හරිත...

Good Bye Guys...:)

මේඝ ඉවර කළාට තාම ඒ ලෝකෙන් ගොඩ එන්න බැරුව ඉන්න අසරණ මන්... 😂 ඒකත් මරු හැබැයි....

Continue Reading

You'll Also Like

112K 12.4K 110
💥New BL ဒါဒါတို့ရေ... ရှေးခတ်ကျေးလက်တောရွာကို ကူးပြောင်းမှ ကြိုက်ပါတယ်ဆိုတဲ့ဒါဒါလေးတို့အတွက် အသစ်လေးလာပါပြီ .... ရှားပါးတဲ့ MC Gong ပါနော် Gp လေးက...
605K 44.7K 46
မင်ရန်ရှင်း💓ဝမ်ယွမ် {ဝမ်ယင်}
1.3M 13.6K 16
ယော.. ကျွန်တော်ကလူတော်..ဒါပေမယ့် လူကောင်းမဟုတ်ဘူး။ စာရေးသူ၏ စိတ်ကူးယဥ်မှုဖြင့် ရေးသောကြောင့် အပြင်လောကနှင့်ကွဲပြားနိုင်သည်ကို သတိချပ်ပေးစေလိုပါသည်။ လ...
5.7K 913 14
දැනට වට්පෑඩ් තුල ප්‍රසිද්ද කතුවරුන් මෙතෙක් කාලයක් ආ මග