HASRAT | Indian × Sinhala B×B...

By Venuka_Raveesha

15.2K 1.5K 221

HASRAT - හස්ර(ත්)ට් Boy × Boy | 18 + Completed Categories - Romance & Drama Indian based sinhala fiction 🇱... More

🇱🇰 INTRODUCTION - හැදින්වීම 🇮🇳
CHAPTER 1 - පලමුවන පරිච්ඡේදය
CHAPTER 2 - දෙවන පරිච්ඡේදය
CHAPTER 3 - තෙවන පරිච්ඡේදය
CHAPTER 4 - සිව්වන පරිච්ඡේදය
CHAPTER 5 - පස්වන පරිච්ඡේදය
CHAPTER 7 - හත්වන පරිච්ඡේදය
CHAPTER 8 - අටවන පරිච්ඡේදය
CHAPTER 9 - නවවන පරිච්ඡේදය
CHAPTER 10 - දසවන පරිච්ඡේදය
CHAPTER 11 - එකළොස්වන පරිච්ඡේදය
CHAPTER 12 - දොලොස්වන පරිච්ඡේදය
CHAPTER 13 - දහතුන්වන පරිච්ඡේදය
CHAPTER 14 - දාහතරවන පරිච්ඡේදය
CHAPTER 15 - පහළොස්වන පරිච්ඡේදය
CHAPTER 16 - දහසයවන පරිච්ඡේදය
CHAPTER 17 - දාහත්වන පරිච්ඡේදය
CHAPTER 18 - දහඅටවන පරිච්ඡේදය
CHAPTER 19 - දහනවවන පරිච්ඡේදය
CHAPTER 20 - විසිවන පරිච්ඡේදය
CHAPTER 21 - විසිඑක්වන පරිච්ඡේදය
CHAPTER 22 - විසිදෙවන පරිච්ඡේදය
CHAPTER 23 - විසිතුන්වන පරිච්ඡේදය
CHAPTER 24 - විසිහතරවන පරිච්ඡේදය
CHAPTER 25 - විසිපස්වන පරිච්ඡේදය
CHAPTER 26 - විසිහයවන පරිච්ඡේදය
CHAPTER 27 - විසිහත්වන පරිච්ඡේදය
CHAPTER 28 - විසිඅටවන පරිච්ඡේදය
CHAPTER 29 - විසිනවවන පරිච්ඡේදය
CHAPTER 30 - තිස්වන පරිච්ඡේදය
CHAPTER 31 - THE END - අවසානය

CHAPTER 6 - සයවන පරිච්ඡේදය

446 62 13
By Venuka_Raveesha

ශරට් සහ අෆ්ශාන් ඔවුන්ගේ සංවාදය ඉදිරියට ගෙන ගිය අතර ඔවුන්ට නොදැනිම අශ්ව කරත්තය කාෂී මන්දීරය වෙත පැමිණ තිබුණි.

"අන්න අරක තමයි කාෂි මන්දීරය " ශරට් සිය අත දිගු කරමින් අෆ්ශාන් හට පෙන්වන්නට විය.

අති විශාල මන්දිරයක් වූ එය ඉතා අලංකාරවත් ගෘහ අලංකරණයකින් සාදා නිමකල වටිනා ගොඩනැගිල්ලක් විය, පාෂාන කිහිපයක් යොදාගෙන නිමවා තිබුණු හෙයින් එය අළු පැහැති බිත්ති ලෙස පැවතුනු අතර ඒ මත විවිධ වූ කතා රැගත් සිතුවම් ඇද තිබීම දකිනා ඕනෑම කෙනෙකුගේ නෙත් සිත් වශී කිරීමට සමත් විය, මෙම කාෂි මන්දීරය ඈත අතීතයේ පටන් පැවත එන බවට ශරට් විසින් අෆ්ශාන් හට පැවසූවේ කරත්තයෙන් බසින අතරතුරය.

"ඇත්තටම මේ තැන ගොඩක් ලස්සනයි" අෆ්ශාන් වටපිට බලමින් එලෙස සුන්දරත්වය විදගන්නට විය.

"එන්න අපි ඇතුලට යමු" ශරට් ඉතා උද්‍යෝගයකින් අෆ්ශාන් ගේ අත අල්ලා ඔහුත් සමග මන්දිරයට යෑමට උත්සහ කරත් ඔහු නැවතත් ලැජ්ජාශීලීව අෆ්ශාන් ගේ අත අත්හැර දමා ඔහු දෙස හොරහින් බලා ගලින් නිමකල පඩිපෙළ ඔස්සේ මන්දීරය වෙත යන්නට විය, අෆ්ශාන්ද සිදුවූ දෙය තනිව සිනාසෙමින් ශරට් පසුපසින්ම ගමන් කරන්නට විය.

"ඇයි කවුරුත් පේන්න නැත්තේ " එම කාෂි මන්දිරය තුළ කිසිවෙකුත් නොසිටි නිසා අෆ්ශාන් ශරට්ගෙන් යම් චකිතයකින් අසන්නට විය.

"අපෝ ඕනතරම් අය ඉන්නවා අෆ්ශාන්"

"කෝ පේන්න නෑනේ අපි දෙන්නා විතරයි...මේ අපේ කටහඩවල් දෝංකාර දෙනවා "

"ආහ් මෙතනනම් අපි දෙන්නා විතරයි මේක තමයි අපි නැටුම් පෙන්වන තැන ඒකියන්නේ අර උඩ කාමර වල තමා බලන අය ඉන්නේ ආ ඒවගේම මේ බිමත් ඉන්නවා"

"උඩ කුටි ? ....ඒ මොකක්ද "

"ඇයි අර තියෙන්නේ "

"ඒවට කියන්නේ බැල්කනි කියලා "

"මොනා ? "

"බැල්කනි...ඒ ඉංග්‍රීසි වචනයක්"

"ඔයාට ඉංග්‍රීසි පුලුවන්ද අෆ්ශාන් ? "

"ඔව්....මම රට යන්න ඕන නිසා ඉගෙනගත්තා "

"දෙවියනේ මටත් ඉගෙනගන්න ආසයි"

"ඉතින් මම උගන්වන්නම්"

"ඔයාට ඉස්සරහට තියෙන වැඩත් එක්ක ඕවට වෙලාවක් නැති වෙයි "

"මට එහෙම වැඩි වැඩක් නෑ...අපේ තාත්තලනේ ඒව බලන්නේ" අෆ්ශාන් සහ ශරට් මන්දිර ශාලාවේ හරි මධ්‍යයට වී මෙම සංවාදය ගොඩනගාගෙන යමින් සිටි අතර ඔවුන් දෙදෙනාම එහි පොළොවේ අසුන් ගත්තේ තවත් කතාබහ කිරීමේ උවමනාවක් ඇතිවයි.

කාෂි මන්දිරය ඇතුලතත් ඉතා සියුම් කැටයම් සහිත බිත්ති සහ කණු වලින් නිමවා තිබුණු අතට මන්දීරය තුළ සෑම තැනකම පහන් දල්වා තිබුණේ ආලෝකවත් වීම සහ අලංකාරවත් වීම සදහායි.

"ශරට් ට යාලුවෝ ඉන්නවද "

"ඔව් ඉන්නවා ඇයි එහෙම ඇහුවේ "

"ශරට් ට විශේෂ යාලුවෙක් ඉන්නවද " අෆ්ශාන් මන්දිරයේ පොළොවේ හිදගෙන සිටින අතරතුර තමා ඉදිරියේ තමාට මුහුණලා සිටින ශරට්ගෙන් දිගින් දිගටම ප්‍රශ්න අසන්නට විය.

"හොදම යාලුවන් ඉන්නවා "

"නෑ මම ඇහුවේ ඔයා කාත් එක්ක හරි ආදරේ කරනවද කියලා " අෆ්ශාන් ඒ ඇසූ පැනයෙන් ශරට් පුදුමයට මෙන්ම තිගැස්මකට ලක් වූයේ ඔහු කිසිසේත්ම මෙවැනි ප්‍රශ්නයක් අෆ්ශාන්ගෙන් බලාපොරොත්තු නොවූ නිසාවෙනි.

"ම්ම් මේ එහෙම දෙයක් නෑ අෆ්ශාන්"

"ම්ම් එහෙනම් හොදයි"

"එතකොට ඔයා ? ඔයාට එහෙම කවුරුත් ඉන්නවද " ශරට් දැඩි චකිතයකින් එසේ අසන්නට විය.

"නැහැ ඒත් තාත්තලා මට යෝජනා ගේනවා"

"ඉතින් ඔයා කැමති නැද්ද ඒ යෝජනා වලට"

"නැහැ " අෆ්ශාන්ගේ පිළිතුර කෙටි විය.

"ඒත් අපි කාවම හරි විවාහ කරගන්න ඕනෙ නේද තාත්තලා අම්මලා කියන විදිහට"

"එයාලා කියන විදිහට ඒ දේ හරි වෙන්නැති ඒත් අපිට නොදැනෙන දේකට කොහොමද කැමති වෙන්නේ ශරට්"

"නොදැනෙන දෙයක් කිව්වේ ? "

"නොදැනෙන කෙනෙකුට ආදරය කරන්න බැහැ ශරට්...ඒක කාලය නාස්තිකිරීමක්"

"ඔයා දැනෙන කෙනෙක් නැද්ද"

"අපි යමු නේද දැන් "ශරට් ගේ ප්‍රශ්නයට පිළිතුරු නොදී එසේ ඔහු සිටි තැනින් නැගිට පිටතට යන්නට පිටත් වූයේ එම සංවාදයට නැවතීමේ තිත නොතබමින්ය.අෆ්ශාන්ගේ මෙම හැසිරීම පිළිබද කිසිවක් නොතේරුනු ශරට් මන්දිරයෙන් පිටතට පැමිණ කරත්තය තුළ සිටි අෆ්ශාන් වෙත යන්නට වූයේ සිදුවූයේ කුමක්ද යන වග දැනගැනීම සදහායි.

"අෆ්ශාන් ඔයා ඇයි කලබලෙන් ආවේ මොකක් හරි ප්‍රශ්නයක්ද"

"නැහැ ශරට් මම හිතුවා අපි කතා කරපු දෙයින් අපි දෙන්නටම නරකක් වෙයි කියලා"

"හරි ඒත් අපි හරියට කතා කරේ නැහැනේ "

"මම හිතන්නේ අපි දැන් ගියොත් හොදයි කියලා " අෆ්ශාන් එසේ එතැනින් පිටව යාමට වඩා ඔවුන්ගේ සංවාදයෙන් පිටව යාමට අරමුණින් යලිත් ඔවුන්ගේ වාසස්ථාන කරා යෑමට පිටත් වෙන ලෙස පැවසීය.

"අෆ්ශාන් අපි තව කොහෙට හරි යන්නේ නැද්ද "

"හම් ශරට් මට දැන් ටිකක් මහන්සී "

"නෑ ඔයාට මහන්සි නැහැ බොරු කියන්න එපා අපි දැන් යමු අපේ තාත්තගෙ බඩ ඉරිගු වගාවට "

"ඒකේ මොනවද බලන්න තියෙන්නේ ශරට් ? "

"ඒකෙ බලන්න දේවල් තියෙනව ඕනතරම් " අෆ්ශාන් ගෙ තීරණයට එකග නොවී ඔහුගේ හදීසි වෙනස්වීම ට අනුගත නොවුනු ශරට් ඉතාම දැඩි තීරණයෙන් නැවත කොහේ හෝ යෑමට සිතා ඔවුන්ගේ පවුලට අයත් අක්කර ගණනාවක බඩ ඉරිගු වගාව කරා යන්නට පිටත් විය , සැබැවින්ම අෆ්ශාන් අදහස් කර ප්‍රශ්න කරා සේම එහි බඩ ඉරිගු කරල් සහ ගස් හැරෙන්නට වෙනත් විශේෂ යමක් නොතිබුණු අතර එහෙත් එම වගාව අතර ඇති මාර්ගයන් ඔස්සේ ඇවිද යමින් කාලය ගත කිරීමට ශරට් දැඩි කැමැත්තක් දක්වන්නට විය.

"ඔයා ඇයි දුවගෙන ආවේ එකපාර" ශරට් අෆ්ශාන් දෙස ඉතා සියුම් ලෙස බලමින් ඇසුවේ ඔහුගෙන් සැබෑ පිළිතුරක් බලාපොරොත්තුනි.

"මම කලින් කිව්වෙ තව කතා කරානම් වෙන්නේ අපිට අපිවම නැතිවෙන විදිහේ දෙයක්"

"ඈ මොකක්ද දෙයියනේ ඒ කතාව"

"නෑ ශරට් දැන් ඒකෙන් වැඩක් නැහැ " අෆ්ශාන් ඔවුන්ගේ සංවාදය තවදුරටත් ගොඩනැගීමට අකමැත්තෙන් ශරට් දෙස නොබලා ඉන් අහල බලමින් කරත්තයේ ගමන් ගත් අතර ශරට් අෆ්ශාන් දෙසම බලා සිටියේ ඔහු විසින් පවසන එම දේවල් වල තේරුම කුමක්දැයි කල්පනා කරමින්ය.

ඉන් නොබෝ වේලාවකින් මෙහෙටා පවුලට අයත් බඩ ඉරිගු වගාව කරා පැමිණි ඔවුන් කරත්තයෙන් බැස වගාවේ අතුරු මාරගයකින් ඉදිරියට ඇවිද යන්නට විය.

"ශරට් ඔයා දන්නවද මෙහෙම ඇතුලට ගියත් එලියට එන විදිහ ගැන"

"නෑ මම දන්නෑ "

"අල්ලාහ්....මොකක් ඔයා ඔය ඇත්තමනම් කියන්නේ අපි අතරමං වෙයි නේ"

"අනේ එහෙම වෙන්නේ නෑ මම පොඩි කාලෙ ඉදන් මෙහෙ එනවා " ශරට් ඉතා විශ්වාසයකින් එසේ කියමින් අෆ්ශාන් සමගින් ඔවුන්ගේ වගාව වෙත ඇවිද යන්නට විය, මද වේලාවක් යනතුරුම ඔවුන් එකිනෙකා දෙස බලමින් සිටියත් නිහඩබවක් තිබුණේ සිදුවූ සිදුවීම් නිසා කුමක් කතා කළ යුතුද යන්න චකිතයකිනි.

"ඉතින් ශරට් මට සමාවෙන්න මන්දිරේදි කලබලෙන් හැසිරුනාට " ඒ නිහඩබව බිදමින් අෆ්ශාන් සංවාදයක් ආරම්භ කරන්නට විය.

"ඒකට කමක් නෑ හැබැයි මගෙ අම්මනම් කියල තියෙන්නේ ප්‍රශ්න වලින් පැනල යන්න එපා කියලා "

"හම් ඇත්ත..එහෙමනම් ශරට් මෙහෙටා මහත්තයෝ මම ප්‍රශ්න වලින් පැනල යන්නැතුව ඉන්න්ද "

"ඔහ් ඔයාට ඕනෙමනම් එහෙම ඉන්න නැත්නම් අර කලින් කරා වගේ ප්‍රශ්න වලින් පැනලා යන්න"

"ඒත් මේ ප්‍රශ්නෙනම් එහෙම පැනල යන්න හිතෙන ප්‍රශ්නයක් නෙමේ ශරට්"

"මොන ප්‍රශ්නෙද "

"මම කෙනෙක්ට ආදරේ කරනවා " ඉදිරියට ගමන් කරමින් සිටි ශරට් එක්වරම නැවතී අෆ්ශාන් දෙස බලා හිදින්නට වූයේ ඔහු කුමක් මීළගට ඇසිය යුතුද යන්න පිළිබද කිසිදු අදහසක් නොමැතිවයි.

"හැබැයි මම ඒක ඒ කෙනාට කියලා නෑ අප්‍රකාශිත ආදරයක් ඒක මම දන්නෑ ඒකෙනා මට ආදරේ කරාවිද කියලා ඒත් මන් හිතන්නේ නෑ අපිට එකතු වෙන්න ලැබේවී කියලා" අෆ්ශාන් ඉතා දුක්බර ලෙස ඔහුගේ හැගුමන් එලෙස ශරට් ඉදිරියේ කියන්නට වූයේ ශරට්ගේ හැගීම්ද බිදදමනා අතරතුරය, අෆ්ශාන් පැවසූ දෙයින් ශරට් හට නොදැනිම ඔහුගේ දෙනෙත් වලට කදුලු උණා තිබූ අතර ඒවා ඉතා වේගයෙන් දොකොපුල් මතින් ගලා ගියේ අෆ්ශාන්ගේද අවධානය ඔහු වෙත ගනිමින්ය.

"ශරට් ඔයා ඇයි අඩන්නේ ? " අෆ්ශාන් ඉතාමත් කලබල විය.

"නැහැ මේ ඇහැට රොඩ්ඩක් යන්නැති මෙහෙ දූවිල්ලනේ "ශරට් එවැනි නිෂ්ඵල මුසාවක් පැවසූ නිසා අෆ්ශාන් හට එය හොදින් වැටහෙන්නට වූයේ ශරට් ගෙ කදුලු නොනැවතී ගලා එන නිසාවෙනි.

"හැමදේම අසුබවාදීව බලන්න එපා ඔයා බොම්බායේ කිව්වා නේද මම හිතුවේ එහෙ මිනිස්සු හිතන විදිහ දියුණුයි කියලා...අනික ඔයා එයාට ආදරේ කරනවනම් ඇයි ඔයා නොකියා ඉන්නේ එයා ඔයා වගෙ පිරිමි කෙනෙක්ට අනිවාර්යයෙන්ම කැමති වෙයි ඔයාලගෙ විවාහයට ඔයාලගෙ දෙමාපියන්ගෙනුත් ආශිර්වාදේ ලැබෙයි " ශරට් එසේ දිගින් දිගටම ඔහුගේ හදවතට දැනෙන්නට වූ දුක වචන වලට හරවා කියවන්නට වූයේ අෆ්ශාන් නිරුත්තරව මේ සිදු වන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකිවයි.

"ශරට් ඔයා ඔහොම කලබල වෙලා ඇයි මේ අනේ කරුණාකරල අඩන එක නවත්වන්න "

"මම අඩන්නෙ මට ඕන නිසා"

"ඕහ් අල්ලාහ් මෙයාගෙ සැර ඔයා එහෙනම් අඩ අඩ ඉන්න මම කියන්න යන දේ කියන්නේ නෑ එහෙනම් " අෆ්ශාන් එසේ කියමින් තවත් ඉදිරියට තනිවම ඇවිද යන්නට වූයේ ශරට් එනවග ඔහු නිසැකයෙන්ම දන්නා නිසාවෙනි.

"ඒ ඔයා ආදරේ කරන කෙනා ලස්සන කෙනෙක්ද "ශරට් නැවතී සිටි තැනම සිට එසේ අෆ්ශාන්ගෙන් ශබ්ද නගා අසන්නට විය.

"ඔව් ගොඩක්"

"එතකොට එයාට වයස කීයද ? , කොහෙද ඉන්නෙ ? "

"වයස නම් මම තාම දන්නෙ නෑ හැබැයි ඉන්නෙනම් එහෙමදාබාද් වල "

"මොකක් ඇවිල්ලා දවසක්වත් ගියෙ නෑ මෙහෙ කෙල්ලෙක්ව රවට්ටගත්තද ආ "

"කවුද කිව්වේ කෙල්ලෙක් කියලා ? කෙල්ලෙක් නෙමේ කොල්ලෙක් " අෆ්ශාන් එලෙස ඔහුගෙ හදවතේ සිටිනා ඔහු ආදරය කිරීමට පටන්ගෙන ඇති පුද්ගලයා පිළිබද පවසන්නට වූයේ ශරට් ව පුදුමයෙන් පුදුමයට පත් කරමිනි.

"පිරිමි ළමෙක් ? ඒත් ඔයා ගෑණු කෙනෙක්ව නෙමේද විවාහ කරගන්නේ ? "

"එහෙම තමා හිතන් හිටියේ ඒත් ඊයෙ අර පිරිමි ළමයව දැක්කම එවෙලෙම විවාහ වෙන්න හිතුනා එයා එක්ක"

"ඉතින් ඇයි ඕවා මට කියන්නේ....හරි දැන් අපි යමු ඔයාට කොහොමත් යන්න ඕන උනානේ "
ශරට් ඊර්ෂ්‍යාවෙන් සහ කෝපයෙන් ආපිට ඔවුන්ගේ වාසස්ථාන කරා යෑම සදහා පිටත් විය .

"අහන්නේ නැද්ද ඒ කවුද කියලා " අෆ්ශාන් ඔහුව දමා යන ශරට් ගෙන් ශබ්ද නගා අසන්නට විය.

"මට මොකෝ කවුරු උනත් "

"ඔයානම් අනිවාර්යයෙන්ම එන්න ඕනේ මගේ විවාහ උත්සවයට "

"ඔව් ඔව් විවාහ වෙන්නම පුලුවන් වෙයි බලන්නකො ඔහෙව මරයි පිරිමියෙක්ට ආදරේ කරා කියලා "

"එහෙනම් ඉතින් මම ගෑණුකෙනෙක්ට ආදරේ කරන්නද "

"ගෑණු කෙනෙක්ව බැරිනම් ගව මාතාවක්ට හරි ආදරේ කරනවා මට මොකෝ" ශරට් සහ අෆ්ශාන් අතර පරතරයක් සෑදෙන අන්දමට ශරට් ඉතා වේගයෙන් ආපිට අශ්ව කරත්තය කරා යන්නට වූ අතර ඔහුට පසුපස අෆ්ශාන් සෙමෙන් සෙමෙන් පැමිණෙන්නට විය.

ඔවුන්ගේ අශ්ව කරත්තය වෙත පැමිණීමෙන් පසුව ශරට් එහි ආසනයේ අයිනට ගොස් අහක බලාගෙන හිදගත් අතර අෆ්ශාන් ශරට් දෙස බලාගෙනම එහි අසුන්ගෙන අස් රථය මෙහෙයවන්නා හට නැවත යන ලෙස විධානය කරන්නට විය.

"මොකද අහක බලාගෙන "

"මට ඕන නිසා මම අහක බලාගෙන ඉන්නේ"

"ඇයි ඔච්චර කේන්ති ගිහින්...මම කිව්වනේ මගෙ විවාහ උත්සවය ඔයාට කියන්නම් කියලා "

"මම එන්නෑ ඔය විකාර වලට "

"ඔයා නෑවිත් කොහොමද මගේ මගුල් ගෙදට්ට "

"ඇයි ඔයා ශෂී කපූර්ද ඔයාගෙ මගුල් ගෙදරට මන් එන්න "

"හරි හරි මම එහෙනම් විවාහ නොවී ඉන්නම් "
අෆ්ශාන් සහ ශරට් අතර මෙම සංවාදය එතැනින් නැවතුනු අතර අෆ්ශාන් යලිත් ශරට් සමග කතා කිරීමට උත්සහ කරත් ශරට් කිසිවක් නොපවසා සිය බංගලාව කරා යනතෙක් අහක බලාගෙන සිටියේ අෆ්ශාන් දෙස එක් වරක් හෝ නොබලාය, ඒවන විටත් ඔවුන්ට නොදැනිම සවස් කාලය එළැඹ තිබුණු අතර ඔවුන්ගේ මෙම ගැටුම් නිසා දිවා ආහරයත් ඔවුන්ට මගහැරී තිබුණු බවක් ඔවුන්ට සිහි නොවීය.

මෙහෙටා බංගලාව කරා ළගා වූ අශ්ව කරත්තය ප්‍රධාන දොරටුව ඉදිරියේම නැවතූ පසු ශරට් අෆ්ශාන් හට සමුනොදී ඔහුගේ කාමරය කරා යන්නට පිටත් වූයේ බංගලාවේ විසිත්ත කාමරයේ සිටිනා ඔහුගේ පවුලේ කිසිවෙක්ව නොදැකය, ශරට් ගෙ එම හැසිරීම දෙස බලා සිටි දුර්ගා මෙහෙටා ඉදිරියට ගොස් අෆ්ශාන් සමග සුහදව කතා කොට ඔහුව පිටත් කර අනුතුරුව තම දරුවාගෙ වෙනසට හේතුව දැනගැනීමට ඔහුගේ කාමරය වෙත යන්නට විය.
_______________________________________________
Hey My Readers -

මෙම පරිච්චේදය කියවූ ඔබට ස්තූති ❤
Please vote and Comment also share with your friends...

Continue Reading

You'll Also Like

184K 5.7K 68
[ C U R R E N T L Y E D I T I N G ] Sya ialah salah seorang pelajar Malaysia yang telah mendapat tawaran daripada program pertukaran pelajar ke Ko...
4.9K 378 16
This is a fan fiction story by VegasPete.. In this story Vegas and Pete find their love life and they start to love each other. I hope you enjoy m...
530K 11.7K 192
!!! FOR OFFLINE PURPOSES ONLY !!! author: 咸鱼大西瓜 Xu ChengYan had been together with the eldest young master of the He family for five years, always on...
1.1M 28.8K 41
While moonlighting as a stripper, Emery Jones' mundane life takes a twisted and seductive turn when she finds herself relentlessly pursued by reclusi...