Love In My Heart ( Complet...

Por kidurangana

33.3K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. Más

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 50

chapter 49

611 125 29
Por kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


" එයා ගියා මල්ලී. .
...  අද උදේ ෆ්ලයිට් එකේ මල්ලී දරැවත් එක්ක  කැනඩා ගියා....... "


     ගියා..... එයා ගිහින්. ...... හැමදේම  මගෙ වැරදි .....එයා ගිහින්. .... එයා ගිහින්. ........  මගෙ හිතේ රැදුනෙ එයා ගිහින්  කියන දේ   විතරක්ම වෙද්දි  මම  ඒ දේම  මිමිනුව. .....


"  වයිෆුයි   ලමයයි...... එක්ක හොදින් ඉන්න මම යනව අනූ මල්ලි. ... ...... "


   
  
    නෙතූ අක්ක යන්න ගියා. ...... මගෙ දරැව  වයිෆ්  එක්ක  හොදින් ඉන්න කියලගියා....... ....... ඒත් මගෙ ජීවිතේම  වෙලා උන්නෙ එයා වෙද්දී   මට කොයින්ද පවුලක්....... එයා ගිහින්. ..... ඒක හරි...... මමනෙ මුලින්ම එයාව දාල ගියේ ...... දැන් එයා ගිහින්. ......  යන්නම ගිහින්. ...... 

  
*************************************

   පිස්සුවෙන් වගේ  කියෙව්ව මම තාමත්  එදා එයාව දාල යද්දී   උන් තැනටම වැටිල උන්න. ...... .....  කලු ගැහිල තිබුන අහසත් එන්න එන්නම මගෙ හිත වගේම   අදුර වැටෙද්දී  තාම  දවල් දොලහටවත් කිට්ටු  නොවුන  මුලු සෙංකඩගලම   පාලුවට ගිහින් තිබුන. ....... ....... මට කොහොම  උනත්  සුරේන්   අංකල් උත්සාහ කරේ එයාගෙ දරැව සතුටින් තියන්න. ....... ඒක ඒ විදියටම නොවුන  උනත්  තාත්තා කෙනෙක් විදියට  ඒ හිතේ නරකක් නෑ කියන්න මම දැනන් උන්න. ......  ........ අංකල්ගේ ජීවිතේ දැන් කොයි විදියට  ගෙවුන  උනත් ඒ  හිතේ මේ වෙලාවේ  ඇත්තේ පසුතැවීමක්. ....... පෝන් එක  අතට ගත්ත මම   එකම එක   කෝල් එකක්  අවසාන වතාවට  සුරේන් අංකල්ට ගන්න  හිතුව... ...... .....

  "    හෙලෝ...... කවුද මේ........ "

     "අංකල්......  මේ...... මම.....අනු......."

     ඉස්සර වගේ නෙමේ ඒ කටහඩත් දැන්  මලානික වෙලා මට ඇහුන. .....

  "  පුතා..... අනුහස්...... මේ ඔයාද දරැවො. .... "

    " ඔ....ව්..... අංකල්....දැන්. ......කොහොමද  අංකල්ට....... මම දැනගත්ත අංකල් ඇක්සිඩන්ට් උනා කියල. .......  "

" දරැවො. ...... අනෙ මට සමාවෙයන් පුතේ.......  උඹ    හොදින් ද  කියපන්...... ම...ම  නිසා ම...ගේ...කගෙ  ජී...වි...තේම වි..නා..ස වුනා...... ඌ අද මෙ..හෙ..න්  මාව දා ..ල..ම යන්න ගියා පුතේ......යන්නම ගියා ..... මම වැරදියි ......මම වැරදියි . ....... උඹල දෙන්නව වෙන් කෙරැව පව මට පඩිසන් දුන්න දරැවො. ....... මම අද සදහටම අබ්බගාතයෙක් වෙලා. ......  "

    මම දැක්ක මහ පවුරක් වගේ උන්නු අංකල් අද  අන්තිමේටම වැටිල කියල මට දැනුන   වෙනකොට  ඒ හිත ගැන කවදාවත් කහටක් ඇති නොවුනු කොට  දැන් කියලත් කිසිම තරහක් ඇතිවෙලා තිබුනෙ නැහැ. ........    ...... . .....   ඒ හිත හොදටම වැටිල......

  "  අංකල්ගේ   වැරැද්දක් නෑ . ....   . .... හැමදේම දැන් ඉවරයි......... "

" ඒක ඇත්ත. ...... ...   වැරැද්දක් නෑ. ....... එහෙම නෑ පුතේ......  මමයි වැරදි....... මමයි උඹෙන් පොරොන්දුවක්  ගත්තෙ.... ........  මමයි උඹව මගේකගෙන් ඈත් කරේ.......  උඹ මගෙ පොරොන්දුව රකින්න උගෙන් ඈත් වෙලා ගියා.......  මමයි ඌට කසාද බදින්න බල කලේ........ ඒකෙන්  උගෙ ජීවිතේ තවත් අපායක් උනා....... මම හොද තාත්ත කෙනෙක් නෙමේ දරැවො....... සමාජෙට බයේ මම උඹලව වෙන් කරා...   ........ ඒකෙන්  උඹල දෙන්නම විදෙව්ව. ...   .  ...  .
...... ...... මමයි උඹල දෙන්නගෙම ජීවිතේ  විනාස කරේ........ ....... මට ඒකට දඩුවම්  ලැබුන........ අද මම වැරැද්දක් කෙරැව හිරකාරයෙක් ගානට වැටිල. ...... දරැවො..... මට කියපන්  උඹගෙ ජීවිතේටවත්     හොද කෙනෙක් ලැබුන ද......   "

  හොද කෙනෙක් ලැබෙන්න...... මගෙ ජීවිතේට එන්න හැදුව හැම  කෙනෙක්ටම  මම දුන්න එකම උත්තරේ මම ආදරේ කරන කෙනෙක් ඉන්නව කියන උත්තරේම විතරක් වෙද්දී හොදද නරකද කියන්නවත් අඩුම ගානේ මම ඒ කිසිම කෙනෙක්ට  මට  ලන්වෙන්න අවස්ථාවක්   දුන්නෑ කියන දේ මට මතක් උනා....... අංකල්ගේ හිත රිදවන්න වගේම . බොරැ කියල තවදුරටත් පව් පුරවගන්නත් බැරි තැන මම කෙටි උත්තරයක් දුන්න.....  ....  .......


     "    කෙනෙක් ලැබෙන්නම ඕනද හොදින් ඉන්න. ....... "

    " ඒ කියන්නෙ උඹ දරැවො....තාම .... කසාද බැන්දෙ නැද්ද.  ..... ඇයි  එහෙම ?"


"මැරි  නොකරට    මම හොදින් අංකල්..... අනික ගිය දේවල් ආපහු හරිගස්සන්න බැහැ අංකල් "

  " උඹ හරි පුතේ .....ගිය දේවල් ආපහු හරිගස්සන්න බැහැ තමයි...... ඒත් එකපාරක් කෙරැව වැරැද්ද දෙපාරක් කරන්න මට බැහැ පුතේ......  උඹට පුළුවන් නම් මම දුන්න  පොරොන්. .....  ...... "


"    හෙලෝ. ...... හෙලෝ..... "


   අංකල්   කතා කරද්දි   පෝන් එක කට් වෙලා තිබුන. .....  ...... චාජ් එක නෑ......  .......  පෝන් එකත් සාක්කුවෙ ඔබා ගත්ත මම වැටෙන පොද අස්සෙම  කොන්ක්‍රීට් බංකුව උඩ වාඩි වුනා........  වැහි පොද මහ වැස්සක් වෙනව කියල දන්න නිසාමද කොහෙද  පාරෙ උන්න එකා දෙන්න  මැකිල ගියා. ..... ... තවත් සමහරැ කුඩ ඉහිලගත්ත.   . ........ නොතෙමෙන්න කොහෙ හරි  අස්සකට රිංගුව ..... ...... ඒත්  මම තාමත්  උන්නු තැනමයි....... හිතින් වගේම ගතින්......  කවුරැ මන් දිහා කොහොම බලන් උන්න ද කියල වගේ වගක් නැති මම එහෙම කකුල්දෙක අස්සෙ ඔලුව ගහගත්ත. .......   එක අතකට කෙහෙල්මල්  සමාජෙ ඉස්සරහට දාගෙන  සම්මතේ අසම්මතේ   ගැන කියවන උන් තමා ඔක්කොම කරේ......  මිනිස්සුන්ගේ හිත්වල අසම්මතේ ගැන මේ තරම්  පිළිකුලක් ඇතිවෙන්න..... මොකක් ද ඒකෙ ඇති වැරැද්ද. ..... ගැහැනියෙක්  තවත් ගැහැණියෙක් ට  උනත් පිරිමියෙක් තවත් පිරිමියෙක්ට උනත්  ආදරේ කියන්නේ ආදරේටම නෙමෙයිද... ......  මේ සමාජෙ අපිව පිලිගත්තනන් අද මට මෙහෙම  නොවෙන්න තිබුණා. ...... අංකල් මාවයි උඹවයි  පිළිගන්න තිබුන නේද  රත්තරන්. ........  උන් ඔක්කොම වැරදිකාරයෝ.....  ආදරේදි ගෑණු පිරිමි භේදය මැන්න ඔක්කොම  උන් වැරදිකාරයෝ. ......

     මම බැන්න. ... හිතේ තියෙන දුක තරහක් වෙලා එලියට එද්දී   මම මුලු සමාජෙන්ම අපි වගේ උන්ව කොන් කෙරැව එවුන්ට බැන්න. ...... මම දන්නවා  ඒක වැඩක් නෑ....... කොහොම කරත් එයා මන් ලගට එන්නෑ......    ...... හීනියට තිබුන වැහිපොද  කැට වෙලා වැටෙන්න ගත්ත වෙනකොට මගෙ කොන්ද උඩට වැටුන වැහිකැට පුංචි රිදුමක් ගෙනාව උනත් ඒ වැස්සට මාව පෙගිල යනකන්ම මම  ඔහේ උන්න......  හැමදාම වගේ  මගෙ නොවටිනා කදුළු කැට පොලොව තෙමුවත් අද පොලොවටත් ගානක් නෑ. ...... වැහි කැට පොලොව නාවල....මගෙ කදුළු වැඩක් නැති ගානටම ......   මොකද කදුළු කැටේකට පුළුවන්  උනේ වේලුණු පොලොව   උඩ වියැකිල යන්න   උනත්  වැස්සට පුළුවන් උනා ඒ වේලුණු පොලොවම පොගල දාන්න. ...... ඒ කදුලු  මකල දාන්න ........  හරියට උඹගෙ  ආදරේ වගේ රත්තරන්  .........   මොන ප්‍රශ්න ඇවිත් ගියා උනත් මේ හිතට කදුළු විතරක්  එක් වෙද්දී ඔය හිතට විතරක්  පුළුවන් උනා වැස්සක් වෙලා මගෙ කදුළු දිය කරන්න. ......    අදටත්   මේ  ඉරිතැලුණ හදවතට වැටුන වැහිකැටයක්
වෙන්න  කාටවත්ම බැරි උනා  රත්තරන්. ..........   මම ආදරෙයි උඹට මහ හුඟක්. ......  ඒ හැගීම තේරුම් ගන්න කල්ගියා උනත් දැක්ක එක තත්පරේ ඉදල  මම ආදරේ කරා...... කරනව......ඒවගේම කරාවි...... හැමදාටම. .....  උඹගෙ සුදු මැණිකට සමාව දෙනවද රත්තරන්. ...... මම ආදරෙයි. .......

      තෙමි තෙමී  වැස්සෙ  උන්න  මට උඩින්  කුඩයක් ඉහිලිලා තිබුන. ..... මම බැලුවෙ නැති උනත් කුඩේ උඩට වැටෙන වැහිකැටවවල සද්දෙ ට වගේම මෙච්චර වෙලා  ඇගට  වැටුන වැහිකැට  නැතිවෙලා යනවත් එක්කම මට ඒක  දැනුන. ........ උන් දෙන්නා  වෙන්න ඇති . ...... මම කීව හොටෙල් එකට වෙලා ඉන්න කියල. ...... ......

   "    සුදු මැණික. .........  "


   හීනයක්. ....... ඇත්තටම මට ඇහුන දේ ..... ඒ කටහඩ..... මගෙ හිතේ ඇදුන දෙයක් ද.........  කො....කො ...හො...මද  ......  එයා..... ???   "සු....දු    ම....හ...ත්...තයා ....... "

  "  උඹ ඔ...හො...ම හිටියොත් ලෙඩ වෙයි මැණික
............."

      
     දෙවනි වතාවටත් මට එයාගෙ කටහඩම ඇහුන  වෙනකොට  තාමත්  ඔලුව ගහගෙන උන්න මන් ඒ දිහා ඔලුව උස්සල බලන්න බය උනා.....  .....
මොකද   මට බයයි  මේක හීනයක් වෙලා ...  මම ඇස් ඇරියම ඒ  හීනෙ බිදිල යාවි කියල...... ...... එයා මන් ඉස්සරහ  නොහිටියොත්....... ....    ම ම  නැගිට්ට  වගේම   පියාගෙන උන්න ඇස් දෙක ඇරිය... .... මෙච්චර කාලයක් බලන් උන්න රැව මගෙ ඉස්සරහම මැවිලා තිබුන...... මගෙ සුදු මහත්තයා....... මේක හීනයක් නොවෙන්න කියල මම දලදා වහන්සේගෙන් ඉල්ලුව  ....... ඇත්ත ඒ එයාමයි
....... ඒ ආදරේ පිරැණු ඇස් දෙකමයි........ ආදරේ කියන අකුරැ හතරවත් නොකිය ආදරේ උතුරන්න දුන්න මගේ හදවතේ ආදරේ .....

     "සුදු මැණික. .........   උඹට ඩැඩීගෙ පොරොන්දුව රකින්න පුළුවන් උනා....... ඒත් ඔය හිතේ තියෙන කිසිම දෙයක් කියන්න බැරි උනාද මැණික. ......   ....... එකම එක සැරයක්  මට කියපන් උඹ මගේ කියල...... ඔය අතේ තියන මුද්දට අයිතිකාරයෙක් නෑ කියලා. ..... ........   දැන්වත් ඔය ඇස් වලින් වැටෙන කදුළු වලට  හේතුව ආදරේ නෙමේද  කියපන් මැනික. ....... මට ආදරේද..... "


"    ආ....ද....රෙයි ..  ....... මහ හුඟක්. .... ඔය හිතට. ..මම ආදරෙයි.......  "

    අංකල්ගේ පොරොන්දුව  එයාගෙ වචන ඉස්සරහ  මට කඩවුනපොරොන්දුවක් වෙද්දී. ....  මම අවුරුදු ගානක්  හිතේ තිබුන  හැම හැගීමක්ම ඒ ඇස් ඉස්සරහ  කියල දැම්ම. .....   ...... ...   ආදරෙයි. ..ඔව් හුගක්  ආදරෙයි......... එක තත්පරයක් යන්න  කලින් මම ඒ පපුව උඩ ගිහින් නවතිද්දි  එයා අතේ තිබුණු කුඩයත් බිමට වැටිල ගියා  වගේම  වැස්සට අපි දෙන්නම තෙමෙන්න ගත්ත....... වටේම  අපි දකින එවුන්  මොනව කීව උනත්   ඒ හැගීම හංගන්න මට ඕන වුනේ නෑ. ........      . .........   ..... ඒවගේම  එයාටත්.....    . ........

     
     

   "  ඇයි මැණික උඹ ....මේ හැමදේම  හැංගුවෙ. ......අහම්බෙන් හරි මම අද  නොආවනම්........ ඩැඩීගෙ පොරොන්දුවට අපි දෙන්නම  හැමදාම විදවාවි......... ..... "

"    මට සමා....වෙ....න්න ..... "

"  මෝ...ඩයා....මගෙ පො...ඩි  මෝ...ඩ...යා..... ....... තමුසෙ  වෙන එකියක්ගෙ  නෙමේ  කියල අද නෙමේ  එදාම දන්නවනම්  මම  බලෙන් හරි උස්සන් ඇවිත්.......... ඒත් ඔය අතේ තියන මගුල් මුද්ද  වගේම  එදා ඉඹ ඉඹ උන්න  පොඩිදරැවත්   නිසා...... මම ආයෙම යන්න  හැරැණ.......... මට උඹව අයිති නෑ  කියල දැක දැකම ඉන්න බැරි නිසාමයි මම යන්න තීරණේ කරේ..... ... ඒත් උඹගෙ සිහියෙන් හිටිය නිසා පාස්පෝට් එකත් දාල ගිහිල්ලා. .......   ....... "





😊චැපියක් දැම්මෝ......

😊 ඔන්න  ඔයාලට ඕන දේ උනා
හොදේ.....

😁ආයෙ ඉතින් හෙට තමයි.......

😆ඕතරිය බුජි

Seguir leyendo

También te gustarán

10.1M 314K 31
Even though the room was dark, I could still the one person who made my heart skip a beat. He stood there, his hands tucked in his pockets, staring a...
198K 4.2K 46
"You brush past me in the hallway And you don't think I can see ya, do ya? I've been watchin' you for ages And I spend my time tryin' not to feel it"...
1.5K 349 10
Give me some sunshine give me some rain give me another chance I wanna grow up once again....✨
926K 21.3K 49
In wich a one night stand turns out to be a lot more than that.