Love In My Heart ( Complet...

By kidurangana

38K 6.5K 778

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 43
chapter 44
chapter 45
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 46

580 118 22
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.


ආ..චූ....... මම ඔයාගෙ පොරොන්දුව රැක්ක..... මොනදේ නැතිවුනත් මම තාම ජීවත් වෙනව.....මේ බලන්න ..... මම....මැරි මැරී විදවනව...... මට කියන්න තවත් මේ පො....රො...න්...දුව මම ර...කි...න්න ඕන ද.......... මට මහ...න්....සියි..... අම්මේ ....... පුංචි කාලෙ වගේ බැරිද මාව ඔය උකු....ලෙ තියල න...ලව....න්න. .... "


මම ඇඩුවා. ...... සොහොන බදාගෙන ඇඩුවා. ....... දණගහල වැන්ද මම ආයෙමත් එන්න හැරැණ . ....... ........

*************************************

ගෙදරට ඇවිත් එහෙමම ඇදේ උඩුබෙලි අතට වැතිරැන මම ඔහේ සිවිලිම දිහා බලන් උන්න. ...... ........ ..... සාක්කුවෙ තිබුන පෝන් එක එක දිගට රින්ග්ස් යන්න ගත්ත වෙනකොට ස්ක්‍රීන් එක දහාවත් නොබැලුවෙ කවුද කියලා දන්න නිසාමයි . අරැන් දෙන්න. ......

" හෙලෝ...... "

" ඔහෙ අවුලක් නෑනේ ද බන්...... ගියවැඩේ ඉවරනම් මොකද බන් තාම උඹ ඔහෙට වෙලා කරන්නේ. ..... පරිස්සමට ගෙදර වරෙන්. ......"

ගෙදර. ...... උන් දෙන්නට අමතක වෙලා මම දැන් ඉන්නෙත් මගෙ ගෙදර කියල ........ එක අතකට උන් දෙන්නා හරි....... මට කොහොම උනත් උන් දෙන්නට ඒක උන්ගෙ ගෙදර..... එකෙක් නැති උනාම ඌ එනකන් තනිරකින.... ...... කෑමක් හරියට හදාගන්න බැරිව රණ්ඩුවෙන........අඩන.... හිනාවෙන.... වැටුනත් නැගිටින්න අත දෙනආදරයක් එක්ක කොහොම කොතන උන්න උනත් ..... උන් දෙන්නට ඒක ගෙදරක්ම උනා...... ......

" නෙතීෂ් අනෙ මටත් දෙන්නකෝ ..... "

එහාපැත්තෙ නෙතීෂ්ගෙ පොඩි කුරැ කුරැව මට කතාකරන්න වලි කනව...... ඕක තව ටිකකින් නෙතීෂයගෙන් ගුටි කනව. ......... ඒත් ඒ හැමදේම ආදරේට විතරක් සීමා වුනා.......

" තාම ඉවර නෑ බන්...... මෙහෙ හෙඩ් ඔෆිස් එකේ පුංචි පුංචි අවුල් ටිකක් ලෙහන්න තියෙනව ඒ ටිකත් ඉවර කරල දාලම එන්නම්. ....... "

" හරි.... ඒත් උඹ මොකක් හරි අවුලකින් නේද ඉන්නෙ. ....... මොකද උනේ කියපන්........ "

"මම අද එයාව දැක්ක බන්...... cemetery එකට යන්න යද්දි අහම්බෙන් වගේ දැක්කෙ........ පුංචි එකෙක්ව අතේ තියාන නලවනව....... එයා දැන් තාත්තා කෙනෙක්. ........ අංකල්ගේ බලාපොරොත්තුව අවසානෙ ඉෂ්ට වෙලා බන්....... "

"අහවල් බලාපොරොත්තුවක්....... උඹව උගෙන් ඈත් කරල තව පොරොන්දුත් කරගෙන. ........ උඹ ඌ ගැන කීව දේවල් ගැන හිතුවම මට හිතෙන්නේ ඒ කොල්ලත් උඹ වගේම විදවනව ඇති බන් ... ...... අනික උඹ හිතනවද ඒ උගෙම දරැව කියල...... උඹමනෙ කීවෙ කවීෂට අක්කා කෙනෙක් ඉන්නව කියල... ඒ හිටියෙ එයාගෙ දරැවෙක් වෙන්න බැරිද . . . ........ "

" ඒක එහෙම උනත්.... උඹ කියන්නේ මට පවුලක් කඩන්න කියලද...... අංකල්ගේ පොරොන්දුව කඩල දාන්න කියලද.... කොහොමද බන් මම එහෙම කරන්නේ. ....... ....... එයා නීශා අක්කට අයිතිවෙලා ගොඩක් කල්. ......... මම නැතිවුනත් එයා සතුටින් ඉන්නවනම් එදා වගේම අදත් මට හොදටම ඇති....... මන් තියනව බන්. ...... "

" මොනා වුනත් ඉවසපන්... . පොඩ්ඩක් හිටපන්. ... මේ මූටත් කතාකරන්න ඕනෙලු....... වව්ල වගේ පෝන් එකේ එල්ලෙනව...... "

" හෙලෝ අනූ අයියා. ........ ඔයා ඩිනර් එක ගත්තද අනේ...... ඔන්න නොකීවයි කියන්න එපා වෙලාවට කන්න බොන්න ඕනෙ හොදද...... ......... ගොඩක් පිටිකෑම එහෙම ගිලින්න යන්න එපා හොදේ......නැත්තන් ගැස්ට්‍රයිටිස් වැඩිවෙයි අනේ .. ....... "

පහුගියකාලෙ මම උන්න හැටියට
ගැස්ට්‍රයිටිස් වලින් විතරක් නතර උන එක ගැන මටම පුදුමයි..... ...... වේල් ගානක් නොකා නොබී ඉදල සිහිනැති උන දවස් පවා තිබුන වෙනකොට අවසානෙ ඒකෙ ප්‍රතිඵල විදියට ලේ මදියි කියල විටමින් අහුරැ ගණන් ගිල්ල කාලෙකුත් මට තිබුන කියල නෙතීෂයගෙ පොඩි බඩ්ඩ මට මතක් කරල දුන්න .......


" වේල් දෙක තුනක් නොකා උන්න කියල මම මැරෙන්නෑ බන්.... "

"හරි හරි පණ්ඩිතය නොවී මං කීව විදිහට ඉන්නකො අප්පා. ........ හා නැද්ද නෙතීෂ්. ...... "

"ඔව් ඔව් බන් ..... තව එකක් අද රෑම ෆ්ලයිට් එකේ අපි ලංකාවට එනව...... පුලුවන්නම් අපිව ගන්න වරෙන් එතකන් පරිස්සමට ඉදපන්....".

" මො....කක්....."

කට් කරානෙ පෝන් එක. ...ආවදෙන්කො........මං උඹල දෙන්න ගැන බලාගන්නම්... ........ ......

ඔය කොහොම උනත් අම්ම අප්ප ගෙදරින් දොට්ට දැම්ම දා ඉදල අද වෙනකම්ම ලංකාවට පයක් නොතිබ්බ උන් දෙන්න මොන කුප්ප කතාව උනත් අහන්න බලාගෙන මෙහෙට එන්නෙ මන් ගැනතියෙන බයට කියන්න මම හොදටම දැනන් උන්න....... .. ඒකමයි මගෙ හිතට දුක.. .. මෙච්චර කාලයක් කාගෙන්වත් වචනයක් නොහා උන්ගෙ පාඩුවේ ජීවත් උන කැදැල්ලට මන් නිසා කරදරයක් නොවෙන්නයි මට ඕන. ..... .... ......

*************

" උඹල දෙන්නට මහන්සි ඇතිනෙ ටිකක් රෙස්ට් කරන්න.... අර රෑම් එක ලැහැස්ති කරා....... ...... "

" ආමේ.... එකොළහට විතර ඇදුමක් දාගෙන රෙඩි වෙයන් හොදේ....... අපිත් එක්ක ගමනක් යන්න. ........ "

"ඒ කොහෙද .... . "

" මගෙ අක්කා බලන්න යන්න බන්......ගෙදර අය ෂේප් නොවුනට කමක් නෑ ... අක්ක බලන්න යන්න ඕනෙ බන්...... ඒකිගෙ තිබුන මුලු සේසතම උකස් කරල තමා මාවයිමූවයි රට යැවුවෙ ..... පව්..... අයියත් නැතිවුනානෙ...... පොඩි එකාට දැන් කොහොමද දන්නෑ. ....... "


"යමන්. ...... ඒත් මන් නිසා උඹල දෙන්න මෙහෙට ආව එක මගෙ හිතට හරි නෑ....... ....... "

"උඹ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා බන්..... මොක්කු කොහොම මොන රෙද්දවල් කීවත් මේ අපේ ජීවිත බන්...... ....... උන් මොන මගුල කීවත් මම ගනන් ගන්නෑ බන්...... .... "

" ඒයි.... නෙතීෂ් මට නිදි මතයි ඒයි
........ "

" උඹල දෙන්න රෙස්ට් කරපල්ලා. .... මම යනව....."


නෙතීෂයගෙ පොඩි බඩ්ඩ පූසෙක්වගේ උගෙ ඇගේ ඇතිල්ලෙද්දි මම බලාන ඌ ඇලවෙලා උන්න උගෙ පිටට හෙමීට තට්ටු දානව..... ....... ඌට තාම අරෑව පොඩි එකෙක් ගානයි........ හරියට එයාට මාව වගේ. ......




එකොළහට විතර ඇදුමකුත් දාගත්ත මම අරැන් දෙන්නත් එක්කම කා එකට නැග්ගෙ නෙතීෂ්ගෙ අක්කව හම්බවෙන්න යන්න වෙනකොට තාමත් අම්ම තාත්ත පිළිනොගත්ත වුන් දෙන්න ගෙදර නොයා අක්කට ගෝල්ඩන් කැෆේ එකට එන්න කියල තිබුන. ........ ........ ඈත තියාම නෙතීෂ්ගෙ අක්කව දැක්ක මම ඒ අක්ක ද කියල උගෙන් ඇහුවම මම බලාන ඇස් පිල්ලමක්වත් නොගහ බලන් උන්න ඒ ඇස් වලට කදුළු පිරෙනව. ...... පුදුමයක් නෑ .... අම්ම තාත්ත දෙන්නම අතඇරල දාල උන්න තැන හිස්තැනට අක්කා කියන චරිතෙ හිටගත්තම ...... ඕනම හිතක් චරිතෙ එක්ක බැදෙනව.. .......පවුල් දෙකේම උන් දෙන්නා පිලිගත්ත එකම මනුස්සයා වුනේ නෙතීෂ්ගෙ අක්කා වෙද්දී උන් දෙන්නම උපරිමෙන් එයාට ගරැ කරා කියන්නත් මම හොදටම දැනන් උන්න. ..... ..........


"අක්කා....... "

" අනෙ මගෙ සුදු මල්ලී. ...... උඹ හොදින් ද මැණික. .. .. "

"ඔව් අක්කෙ ...... බලපන් මේ .... උඹ මාවත් අඩවල මුන් දෙන්නවත් අඩවනව. දැන්..... ......... පොඩ්ඩෝ දැන් ලොකුයිනෙ....... "

"ලොකු නෑ අනේ නෙතීෂ් ......තාම අවුරුදු තුනක් විතර ඇතිනෙ...... පොඩියි අයියෝ ...."

" ආ..... අක්කෙ මේ.... මගෙ...... "

"පණනෙ...... මන් දන්නව. ...... මන් දැක්ක ඈතට ...... අත්පටලන් එනව..... . එතකොට මේ මල්ලී. ...... "

"මේ අනුහස් ....අක්කෙ......මූ අපි දෙන්නටම යාලුවෙක් ට වඩා සහෝදරයෙක් ගානයි......

"යමු ඇතුලට. මල්ලී ....... "

උන් දෙන්නට අක්කත් එක්ක කතා කරන්න දීල නෙතීෂ්ගෙ අක්කගෙ අතේ අඩඅඩා උන්න පොඩ්ඩවත් අතට ගත්ත මන් නලව නලවම කැෆේ එකෙන් එලියට ආව. .... ....... වටේටම තියෙන වාහන අනම් මනම් පෙන්න පෙන්න ඉද්දී ඇඩිල්ල නතර කෙරැව පොඩ්ඩ චුට්ට වෙලාවක් යද්දී මගෙ උරහිසට බර වෙලා නිදන් උන්න. ..... එහෙමම ඒ මූණට පුංචි හාදුවක් තිබ්බ මම පරිස්සමට  එයාව හරහට වඩාගත්ත.. .    .......

😊 චැපියක් දැම්ම ලමායි .....

😊 මගේ කතාව කියවන වෝට් කරන හැමෝමටම තැන්කු තැන්කූ සෝමච්....

😃 ඕතරිය බයි.....






Continue Reading

You'll Also Like

56.9K 8.1K 43
සිත අතරමං වෙලා රුදුරු ගිම්හානයේ..වැහි වළාකුළක් නෑ පෙනෙන තෙක්මානයේ...." ❤️🐰 බනී ට, තමන් දුටු මොහොතේ පටන් හිතින් ආදරේ කරපු,තමන්ගෙ කරගන්න බැරි උණ...
379K 33K 93
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
33.7K 5.7K 29
"මන් තමුන්ගෙ බොස් මිස්ටර් යතාර්ථ...තමුසෙගෙ පෝස්ට් එකෙන් මට වැඩක් නෑ...මාව යකා නොකර මේ දැන්ම...දනගහපන්....!!" නෙත් X මිතූ
22.9K 3K 45
වලි නං වලි බොසා...උබලත් මිනිස්සු අපිත් මිනිස්සු...මරිසි නොදා වරෙන් යකෝ! හැඟීමකට පා⁣ට දෙන එක..ඒක එකපාරක් කරල බලපන් තිශේල්‍යය..මේ ලොකේ මිරැකල්ස් වෙනවා...