මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.
" ඒ කියන්නෙ හෙට යන ගමන උඹගෙ හිතට වේදනාවක් කියල දැන දැනම උනත්. ..උඹ ඒ ගමන යනවා. ....... "
" ඔව් මම හෙට ලංකාවට ආපහු යනව...... ........ "
*************************************
" හරි එහෙනම් උඹත් එක්ක යන්න අපිත් එනව....... යමන්..... එකටම යමන්...... "
" පිස්සු කරන්නැතුව හිටපන් බන්...... උඹ මෙහෙ හොටෙල් එකේ වැඩ ටිකත් බලාගෙන සතීෂ් එක්ක මන් ආයෙමත් එනකම් හිටපන්....... මේ බිස්නස් එකේ වැඩේ ඉවර උන ගමන් සමහර විට ඉක්මනටම මම ආයෙමත් ඒවි........ "
" ලංකාවට ආයෙම ගියාම ආපහු එන්න උඹව ඉතිරි වේවිද බන්. ....... මෙහෙට ආව මුල් දවස්වල උන්න අනුහස්වවත් අඩුම ගානේ ඉතිරි කරපන්...... උඹට මේ ගමන යන්නම ඕනෙනම් මම යන්නම් බන්...... මේක බිස්නස් වැඩක් නිසා මටත් යන්න පුළුවන්නෙ බන්........ "
ඌට ඕනෙ මාව තියා ගන්න. ..... ඇත්ත මුලින් මේ රටට පයතියද්දි බාගෙට මැරිල උන්න මාව ආයෙමත් උන් ඒ විදියට දකින්න කැමති නැතිව ඇති....... තැන තැන වැටිල අඩ අඩා ඔහේ කල්පනා කර කර උන්න මාව පිස්සෙක් ගානට නොවැටුනේ උන් දෙන්නගෙ හයියට....... ඉතින් උන් දෙන්නගෙ බය සාධාරණයි. ...... කොච්චර පිටින් ශක්‌තිමත් කියල පෙන්නන්න හැදුව උනත් ඇතුලටතින් මම දුර්වලයි ........ ඒක උන් දෙන්නා දන්නව. ........
" එහෙම ඕනෙ නෑ නෙතීෂ්. ....... "
"එහෙනම් උඹ පරිස්සමට ගිහින් වරෙන්. ....... හොදද...... ඊට කලින් මට පොරොන්දු වෙයන් ඔය දැන් ඉන්න උඹවම අපි ලගට එක්කන් එනව කියල..... "
පොරොන්දුවක්. .. තවත්....... පොරොන්දුවක්......මන් මගෙ ජීවිතේ මේ අවුරුදු විසිගානටම කරේ පොරොන්දු රකින එක විතරමද කොහෙද. ....... පොරොන්දු ගන්න කවුරැවත් කවදාවත් දන්නෑ ඒ පොරොන්දුව රකින්න ඒ මනුස්සයා විදින වේදනාව. .....හරියට අද මම වගේ...... අඩුම තරමෙ මගෙ ජීවිතේ නැතිකරගන්නවත් මට අයිතියක් නෑ.......... මගෙ ආදරේ ලගටවත් යන්න මට අයිතියක් නෑ .... . ඒ හැමදේම පොරොන්දුව කියන දිවුරැමෙන් බැදිල..... .....
"උඹ දන්නවනෙ මම පොරොන්දු වලට කැමති නෑ ....... "
" සමාවෙයන් බන්...... මට ඕනෙ උඹ පරිස්සම් වෙන්න. .... ඒකයි....... "
"උඹ බයවෙන්න එපා. ...... මම පරිස්සමට ගිහින් එන්නම්. ........ "
**************
අවුරුදු හතරක්..... මේ කාලෙටම වෙනස් නොවුනු එකම දෙයක් මට තිබුන..... ඒ මතකයන්. ..... වේදනාවන් එක්ක බැදුනු මතකයන්.......
එයාපෝට් එකෙන් එලියට ආව මම ටැක්සියකට ගොඩ උනේ මගෙ ගෙදර යන්න. ..... ඔව් ....මගෙ ගෙදර.....පිටතින් ඒ හැටි වෙනසක් නොවී තිබුනත් ඇතුලත පාලුවට ගිහින් තිබුන. ....... මගෙ හිත වගේම. ........ මැගිඅම්මා වගේම සිරිපාල අංකලුත් ටිකක් වයසට ගිහින් උන්න. ......
සුදු ෂර්ට් එකට උඩින් කලු කෝට් එක දාගත්ත මම කණ්ණාඩියෙන් මගෙ දිහාම බැලුව. .... අඩුවක්. ...... අවසානෙ මගෙ ඇස් දෙක නතර වුනේ මගේම දකුණතේ සුලැගිල්ල ගාව වෙනකොට මෙච්චර වෙලා කෝට් සාක්කුවෙ තිබුන මුද්ද අරගෙන මමම ඇගිල්ලට දාගත්ත. ....... මගෙ කසාද මුද්ද ...
..බැදපු ගෑනිට විතරක් සීමා වුනු මගුල් මුද්ද අද මගෙ අතින්ම මම දාගත්ත......... මට එයාව දකින්න ඕන උනා උනත් ඒ ඇස් දෙක ඉස්සරහට යන්න මට ඕන වුනේ නෑ ..... . ....... අනිත් අතට වොච් එකත් බැදගත්ත මම එන්න ආව ... ........ මෙහ ආවත් හරි ඊයෙ ඉදලම මට යන්න ඕන කෙරැව එක තැනක් තිබුන. ......... පැය එකහමාරකට කිට්ටු වෙන්න තිබුන බිස්නස් මීටින් එක අවසානෙ මම එහෙන් එන්න ආවෙ මගෙ අම්ම අප්පච්චිව බලන්න .. ....... මල්පොකුරක් ගන්න හිතන් කා එකෙන් බැහැල මම කඩේ ලගට ඇවිදන් ගියා....... ........
" මට කහ රෝස මල් පොකුරක්..... "
" කහරෝසනම් ඉවරයි මහත්තයා...... අර මහත්තයා තිබුන ඔක්කොම මල්ටික ගත්ත ....... "
තාමත් මම බලන් උන්නෙ කහරෝස මල් ගත්ත මනුස්සයා දිහා. ... . ...... එයා පිටිපස්ස හැරිල උන්න වගේම කා එක ඇතුලට නැමිල මොනාහරි දෙයක් අතට ගත්ත. ........ .......
" පුංචි බබෙක්. ......... "
" මහත්තයා මහත්තයා ...... වෙන මොනා හරි මල්......"
" ආ...හා...... මටඔයරතුරෝස පොකුරක් දෙන්න. ...."
මං බලාගෙන ඒ තාත්තා අතේ පොඩි එකා හරි ඉක්මනට නැලවුනා......
එහෙමත් තාත්තා කෙනෙක් විතරයි පුංචි එකාගෙ ඇඩිල්ල නතරකරන්න පුළුවන්. ... ....... ගොඩ වෙලාවට පුංචි එවුන් හුරැ අම්මගෙ අතට...... ඒ වුනත් අම්ම අප්පච්චි කියල වෙනසක් නැතිව පොඩි එකෙක්ට ආදරේ දෙන්න තාත්තාලාටත් පුලුවන් උනා.. . ...... . ...... අතට ගත්ත රෝස මල් පොකුරත් එක්කම කා එකට නගින්න ගිය මම හිටි තැනම ගල් උනා. .........
මන් බලන් ඉද්දිම හැරැණ ඒ මූණ. ...... ඒ උඹම උනේ ඇයි රත්තරන් ..... ..... රැවුල් කොට වැවිල තිබුණු ඒ මූණෙ ඉස්සර ඇදුනු ඒ හිනාව මට පේන්න තිබුන්නෑ..... ඒ වෙනුවට ඒ ඇස් මලානික වෙලා...... ඒ වුනත් එයා අතේ උන්න ඒ පුංචි පැටිය දිහා හරි ආදරෙන් බලන් උන්න. ....... ඒ ඔයාගෙ දරැවද රත්තරන්. ....... ඔයාගෙම ලෙයින් උපන් දරැව....... උඹ දැන් තාත්තා කෙනෙක්. .........
මට කිසිම වේදනාවක් දැනුනෙ නෑ කීවොත් ඒක මහ පට්ටපල් බොරැවක්. ........මට වේදනයි ..... පැලෙන්න තරම් වේදනයි..... ඒත් මම නැති උනත් උඹ ජීවිතේ ඉස්සරහට ගිහින් .............. ....... මට දෙන්න බැරිවුන ලොකුම වස්තුව උඹට ලැබිල රත්තරනේ..... ...... මට සතුටුයි ඒවගේම දුකයි. ..... ....... ඇස් වලින් වැටෙන කදුළු වලට ඔහේ ගලන්න දීල කා එකට නැග්ග මම ආයෙ හැරෙන් නැතිවම එන්න ආව...... ........
ගත්ත මල්පොකුරත් අතට ගත්ත මන් තණකොල වැවිල තිබුණු පටු පාර දිගේ ඇවිදන් ආව. ......... එයාල හරි නිසොල්මනේ මන් දිහා බලන් උන්න. .. ........ ......... පුලු පුලුවන් විදියට සොහොන් කොත් තුනේම වැවිල තිබුන වල් ගස් අතින් ගලවල දාපු මම එතනම ඉදගත්ත.......... ...........
ඔයාල නැතුව මට පාලුයි....මහ හුඟක්..... ........ දන්නවද අප්...ප...ච්චි ඔයාගෙ චූටි පුතාට අවුරුදු විසිපහක් දැන් ....... මම දැන් ලො....කු... ලම...යෙ...ක් නේද.......... ඔයාල මට දීල ගිය හැමදේම මම හොදට බලාගත්ත....... ඒ වුනාට මාව බලගන්න කෙනෙක් දීල ගියෙ නැත්තෙ ඇයි අප්....ප ච්චි. ...... ....... උන්න එකම කෙනත් මම නැතිකරගත්ත........ මේ මෝඩයා තනිවෙලා අප්පච්චි. ........... මට මහ ගොඩක් පාලුයි ......... ආ..චූ....... මම ඔයාගෙ පොරොන්දුව රැක්ක..... මොනදේ නැතිවුනත් මම තාම ජීවත් වෙනව.....මේ බලන්න ..... මම....මැරි මැරී විදවනව...... මට කියන්න තවත් මේ පො....රො...න්...දුව මම ර...කි...න්න ඕන ද.......... මට මහ...න්....සියි..... අම්මේ ....... පුංචි කාලෙ වගේ බැරිද මාව ඔය උකු....ලෙ තියල න...ලව....න්න. .... "
මම ඇඩුවා. ...... සොහොන බදාගෙන ඇඩුවා. ....... දණගහල වැන්ද මම ආයෙමත් එන්න හැරැණ . ....... ........
☺ ඔන්න චැපියක් දැම්මා. .......
😃අපෙ කවී තාත්තියෙක් වෙලානෙ.......
😀 මේ ලමය දොයි කීන්න යනව....ඔයාලත් දෝ ගන්න. .....