~Bobby~ || KTH ✔️

By Nishyoon

6.1K 972 312

--- ඉතිං...මං බලන් ඉන්නම් ආයෙමත් කවදාහරි දවසක මට ඒ නමින් ඔයා කතා කරනකන්...---- ~... More

🏵️🏵️ Arranged Marriage 🏵️🏵️
🏵️🏵️ Crazy Alien 🏵️🏵️
🏵️🏵️ The Short Guy 🏵️🏵️
🏵️🏵️ Pikachu 🏵️🏵️
🏵️🏵️ Ex Again?? 🏵️🏵️
🏵️🏵️ The Mask 🏵️🏵️
🏵️🏵️ Suspicion 🏵️🏵️
🏵️🏵️ Forgiving 🏵️🏵️
🏵️🏵️ Confession 🏵️🏵️
🏵️🏵️ Jealousy 🏵️🏵️
🏵️🏵️ Secret Message 🏵️🏵️
🏵️🏵️ Cheating 🏵️🏵️
🏵️🏵️ Hurting 🏵️🏵️
🏵️🏵️ Suffering 🏵️🏵️
🏵️🏵️ Alien Baby 🏵️🏵️
🏵️🏵️ Rocket Uncle 🏵️🏵️
🏵️🏵️ Is this the End? 🏵️🏵️
🏵️🏵️ Bond 🏵️🏵️
🏵️ Author's Note & New Story🏵️

🏵️🏵️ Leaving 🏵️🏵️

285 51 14
By Nishyoon

💌💌 Chapter 15 💌💌

" ට්...ටේ...ඔ..ඔයා මොනවද මේ කියන්නේ? "

නාරා අමාරුවෙන් වචන ගැට ගහගත්තා.

" මට..මට තවදුරටත් ඔයත් එක්ක ඉස්සරහට යන්න බෑ නාරා.."

ටේහ්‍යුන් බිමට හරවගත්ත මූන උස්සන්නේ නැතුවම කිව්වා.

" ට්..ටේහ්‍යුන්! "

සුදුමැලි වුනු මූනෙන් නාරා ටේහ්‍යුන් දිහා බැලුවා. නාරාගේ හදවත වේගෙන් ගැහෙනවා.

" මට මේ තීරනේ ගන්න තිබුනේ මීට ගොඩක් කලින්...ඔයා මාව අකැමැත්තෙන් මැරිකරා කියලා දැනගත්ත කාලෙමයි..විශ්වාසයක් නැති තැන බැඳීමක පැවැත්මක් නෑ නාරා..මං ඒ දේ තේරුම් ගන්නේ නැතුව ඔයාට දිගටම කරදර කරා...ඔයාට රිද්දුවා..මට...මට සමාවෙන්න ඒකට.."

ටේහ්‍යුන්ගේ කටහඬ බිඳිලා තිබුනත් ටේහ්‍යුන් බිම බලාගෙනම අමාරුවෙන් වචන ඇහින්දා. නාරා වචනයක්වත් නොකියා ටේහ්‍යුන් දිහා ඔහේ බලන් හිටියා.

ටේහ්‍යුන්ගෙන් ඇහෙන වචනයක් වචනයක් ගානෙම නාරාගේ බෝල ඇස් අස්සේ හිරවෙලා තිබුනු කඳුලු බිංදු සීරුවට කම්මුල් දිගේ ගලන් ගියා.

" මං divorce papers වල sign කරලා අපේ table එක උඩින් ගෙනත් තියලා තියෙන්නේ..ඔයා...ඔයා කියවලා බලලා කැමති කාලයක් අරන් sign කරන්න.."

ටේහ්‍යුන් අහක බලාගෙනම කියද්දිත් නාරා හිටපු විදිහටම අැස්වල කඳුලු පුරවගෙන ගොලුවෙලාම උන්නා.

එහෙමම තත්පර කීපයක් නිහඬව හිටපු ටේහ්‍යුන් දිග හුස්මකුත් පිටකරලා ඇඳෙන් නැඟිට්ටා.

" අපේ ඩිවෝස් එකෙන් පස්සේ ඔයාට පුළුවන් ජන්කුක් ලඟට යන්න.."

ටේහ්‍යුන් ඇඳ ලඟ හිටගෙනම නාරා දිහා බලන්නේ නැතුව තමන්ගේ කලිසම් සාක්කු දෙකේ අත්දෙක ඔබාගෙන කියලා, හැදුවේ කාමරෙන් එලියට යන්න.

" බෑ! මං...මං කොහෙවත් යන්නේ නෑ ඔයාව දාලා! "

නාරා මෙච්චර වෙලා කටින් පනින්න හදන ඉකියත් හංඟගෙන සද්දෙන් කියද්දි ටේහ්‍යුන් එහෙමම නැවතුනා.

" ඔයා කොහොමද ටේහ්‍යුන් මට එහෙම ලේසියෙන් යන්න දෙන්න හදන්නේ? ආහ්? "

නාරා ඇඳේ ඉඳගෙනම තාමත් ඇඳ ලඟ හිටගෙන හිටපු ටේහ්‍යුන්ගේ අතක් තදකරලා අල්ලගත්තා.

" ඇයි...ඇයි ඔයා මං කියන කිසිම දෙයක් හරියට තේරුම් නොගන්නේ? ඔයා හිතන විදිහේ සම්බන්ධයක් මායි ජන්කුකුයි අතරේ නෑ..මං අාදරේ කරන්නේ ඔයාට..මගේ ජීවිතේ ඔයා ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට ඉඩක් නෑ ටේහ්‍යුන්..මං මේ ඇත්තමයි කියන්නේ.."

"ඔයා...ඔයා නැතුව මං දන්නේ නෑ මං කොහොමද ඉස්සරහට ජීවත් වෙන්නේ කියලාවත්..මං දන්නවා ඔයා තාමත් මාත් එක්ක කේන්තියෙන් ඉන්නේ..ඒකට..ඒකට කමක් නෑ..ඔයාට කැමති කාලයක් මගෙන් ඈත්වෙලා ඉන්න ඔයාගේ තරහා නිවිලා යනකන්..මට බලන් ඉන්න පුළුවන්..ඒ හින්දා චෙබල්...මට..මට ඔයාව දාලා යන්න කියලා විතරක් නම් කියන්න එපා ටේහ්‍යුන්..මං මැරිලා යාවි.."

නාරා අඬ අඬාම ටේහ්‍යුන්ගේ අතක් අල්ලගෙන කියද්දි ටේහ්‍යුන් වචනයක්වත් නොකියා නාරා දිහා හිස් බැල්මකින් බලන් හිටියා.

" ඔයා...ඔයා මාව දාලා යන්නේ නෑ නේද ටේහ්‍යුන්? මට කියන්න..මං දන්නවා ඔයා තාමත් මට ආදරෙයි..එහෙම නේද___"

" මගේ හිතේ තවදුරටත් ඔයා ගැන කිසිම හැඟීමක් නෑ නාරා..ඔයා..ඔයා මගේ ඇස් ඉස්සරහම මාව රවට්ටපු දවසේ ඒ හැම හැඟීමක්ම මැරිලා ගියා.. "

ස්තීර හඬින් අහක බලාගෙන කියපු ටේහ්‍යුන් නාරා තදකරලා අල්ලගෙන හිටපු තමන්ගේ අතත් කෙල්ලගෙන් මුදවගෙන, එහෙමම කාමරෙන් එලියට ආවේ නාරාගේ ඇඬිල්ල නතර නොවෙද්දිමයි.

" නෑ...ඔයා..ඔයා බොරු කියන්නේ ටේහ්‍යුන්..ඔයාට බෑ මාව දාලා යන්න..ඔයා කොච්චර කිව්වත් මං ඔයාව දාලා යන්නේ නෑ...මට ඔයාව ඕන..දන්නවද..අපේ...අපේ පැටියට ඔයාව ඕන ටේහ්‍යුන්..."

" බයවෙන්න එපා පැටියෝ..මං..මං ඔයාගේ අප්පට අපෙන් ඈත්වෙන්න දෙන්නේ නෑ..."

නාරා ඇඳේ ඉඳගෙනම ඉකිගගහා අඬන ගමන් කෙල්ලගේ කුසත් අතින් අතගාගන්න ගමන් මිමිනුවා.

පැයක්...දෙකක් ගතවෙලා ගියත් නාරා ඇඳට වෙලා අඬ අඬාම හිටියා. ඒ වෙලාව ඇතුලත ටේහ්‍යුන් ආයෙත් එකපාරක්වත් කාමරේට ආවේ නෑ. තවත් විනාඩි කීපයකට පස්සේ male servantsලා දෙන්නෙක් ඇවිත් කාමරේ තිබුනු ටේහ්‍යුන්ගේ හැම බඩුවක්ම කිම් මැන්ෂන් එකේ තිබුනු වෙන කාමරේකට අරන් ගියා.

ඒ කියන්නේ අදින් පස්සේ අඩුම තරමේ ටේහ්‍යුන් තමන් එක්ක කාමරේ ඉන්නවත් එන්නේ නෑ. Servantsලා බඩු අරන් යන දිහා අඬ අඬා ඔහේ බලන් හිටපු නාරාට හිතුනා. නාරාගේ හිත පසාරු කරගෙන යන තරම් වේදනාවක් දැනුනත් නාරා ඉවසගෙන හිටියා.

______________________

~~ Next day ~~

පහුවදා දවසෙමත් හවස්වරැව වෙනකන්ම නාරා හිටියේ කාමරේ ඇතුලටම වෙලා අඬ අඬ.

මීට පැයකට විතර කලින් මේඩ් කෙනෙක් කාමරේට ඇවිත් ලස්සන maroon colour sleeveless long dress එකක් නාරාට දීලා ගියා කිම් මැන්ෂන් එකේ රෑට තියෙන function එකට අඳින්න කියලා, ටේහ්‍යුන් එව්වා කියලා.

අඩුම තරමේ නාරා දැනන් හිටියේ නෑ තමන්ගේ ගෙදර රෑට තියෙන්නේ මොනවගේ function එකක්ද කියලාවත්. කෙල්ලට ඉස්සර වගේ ඒ ගැන දැනගන්න ඕන කමක් තිබුනෙත් නෑ. මොකද ඒ ගැන හිතන්න බැරි තරමටම නාරා හිටියේ මේ වෙන හැමදේකින්ම හෙම්බත් වෙලා.

නාරා හිමීට වොෂ් එකකුත් දාලා simple makeup එකකුත් දාගෙන මේඩ් ගෙනත් දීපු ගවුමත් ඇඳගෙන පහලට ආවේ නෑවිත් ඉඳලා මොනවා උනත් ටේහ්‍යුන්ගේ හිත ටිකක්හරි රිද්දන්න ඕන නැති නිසා.

කිම් මැන්ෂන් එක අැතුලෙයි, මුලු ගාර්ඩ්න් එක පුරාමයි colourful bulbs වලින් සරසලා හරිම ලස්සනට තිබුනා. වංශවත් සල්ලිකාර කියලා පෙනුමෙන් කියන්න පුළුවන් තරුන වගේම මැදිවයස්වල පිරිමි අයත්, ගැහැනු අයත් function එකට ඇවිත් හිටියා.

" 35th Annual Anniversary of Kim Holdings"

නාරා ගාර්ඩ්න් එකේ ඉස්සරහට ඇවිදගෙන යද්දි ටිකක් ඈතින් හදලා තිබුනු stage එකේ ගහලා තිබුනු බැනර් එක දැක්කම තමයි කෙල්ලට මතක් වුනේ අද තමයි කිම් කම්පැනි එකේ anniversary එක කියලා.

නාරා සෙනඟ අස්සේ ඇස් යවන ගමන් අමාරුවෙන් හෙව්වේ ටේහ්‍යුන්ව. ඒත් ටේහ්‍යුන් තියා අඩුම තරමේ ජින්වත් නම්ජුන්වත් කෙල්ලට පේන මානෙක හිටියේ නෑ.

" ඕහ්! බලන්නකෝ! එයා නම් මාර හැන්ඩ්සම් නේද? "

නාරාගේ කන ලඟින් අැහුනු උත්සවේට ඇවිත් හිටපු කෙල්ලෝ දෙන්නෙක්ගේ කතාබහේ සද්දෙට නාරා එයාගේ ඔලුවත් ඒ කෙල්ලෝ දෙන්නා බලන් හිටපු පැත්තට හැරෙව්වා.

මෙච්චර වෙලා මැලවිලා තිබුනු නාරාගේ මූනේ චූටි හිනාවක් ඇඳුනේ අමුත්තෝ කීප දෙනෙක්ව වටකරගෙන කතා කර කර හිටපු ටේහ්‍යුන්ව දැක්කම.

Black colour full suit එක ඇදලා, කොන්ඩේ side එකට පීරලා ජෙල් කරලා හිටපු ටේහ්‍යුන් අවිවාදයෙන්ම කඩවසම් කියලා නාරාට හිතුනා. හැබැයි ඉස්සර වගේ නෙමෙයි. ටේහ්‍යුන් දැන් තමන්ට ගොඩක් ඈතයි කියලා නාරාට ආයෙමත් මතක් වුනා.

ඒත් නාරාට තාමත් ඕනවුනේ නෑ ටේහ්‍යුන්ට තමන්ගෙන් ඈත් වෙන්න දෙන්න. ඉතිං නාරා දෙපාරක් නොහිතම ටේහ්‍යුන් හිටපු පැත්තට යන්න අඩිය ඉස්සර කරා. ඒත් ටිකක් ඉස්සරහට යනවත් එක්කම නාරාගේ ඇස් ලොකුවුනේ ටේහ්‍යුන්ට එහාපැත්තෙන් ටේහ්‍යුන්ගේ අතක එල්ලිලා හිනාවෙවී හිටපු ජීහුව දැක්කම.

පිහිතුඩුවලින් පපුවට අනිනවා තරම් වේදනාවක් නාරාට දැනුනත් නාරාගේ අඬලම ඉදිමිලා තිබුනු ඇස්වලින් කඳුලු එලියට පනින්න හැදුවත්, නාරා ඒ හැමදේම හංඟගෙන ටේහ්‍යුන් ලඟට ගියා.

" ඒ කියන්නේ ඔයාලා දෙන්නා ලඟදිම මැරි කරනවා...එහෙමනේ? "

ටේහ්‍යුන්ලා ලඟ හිටපු අමුත්තෙක් නාරා ටේහ්‍යුන්ලා ලඟට එනකොටම වගේ අහද්දි නාරාට දැනුනේ තමන්ගේ හුස්ම නතර වෙනවා වගේ හැඟීමක්. ඒ වගේම නාරා තමන් ලඟට එනවා දැකපු ටේහ්‍යුන්ගේ ඇසුත් ඒ වෙලාවේ ගැස්සෙන බව නාරා හොඳටම දැක්කා.

" Of course Mr.Choi! තව මාසෙකින් වගේ අපේ වෙඩින් එක ගන්න තමයි අපි ප්ලෑන් කරන් ඉන්නේ. එහෙම නේද ඔප්පා? "

නාරා තමන් දිහා බලන් ඉන්නවා දැකපු ජීහු හිනාවෙලාම උත්තර දුන්නේ ටේහ්‍යුන් දිහා බලාගෙනමයි. ටේහ්‍යුන්ට ආයෙමත් වතාවක් ඉබේටම නාරා දිහා බැලුනා.

" ආහ්ම්...ම්...මේ___"

ටේහ්‍යුන් නාරා දිහාම බලාගෙන වචන ඇහින්දා.

" ඒත් Mr.ටේහ්‍යුන් මට ආරංචි වුනු විදිහට නම් ඔයා last year එකේ මැරිකරා නේද? "

ටේහ්‍යුන් කියන්න ගියපු දේ සම්පූර්ණ කරන්නත් කලින්ම Mr.චෝයි ඇහුවා.

" ආහ්! ඒක නම් එහෙම තමයි..ඒත් ඔප්පා එයාගේ ඩිවෝස් එක දැනටමත් ෆයිල් කරලා තියෙන්නේ..ඒ හින්දා ඒ කේස් එක ඉවර වුනු ගමන්ම අපේ මැරේජ් එක සිද්ධ වෙනවා..නේද ඔප්පා? "

ටේහ්‍යුන් වචනයක්වත් නොකියා හිටපු විදිහටම ඉද්දි ජීහු ටේහ්‍යුන් දිහා බලාගෙන Mr.චෝයිට උත්තර දුන්නා.

" ඔ...ඔව්.."

තමන් දිහා තාමත් කඳුලු පිරිච්ච බෝල ඇස්වලින් නාරා බලන් ඉන්නවා දැක දැකත් ටේහ්‍යුන් මූනට අමාරුවෙන් හිනාවක් අරන් කිව්වා.

" ට්...ටේහ්‍යුන්! "

නාරා ඇඬුම් හිරකරගෙන ටේහ්‍යුන් ඉස්සරහට ඇවිත් කතාකරා.

" මට...මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද? "

ටේහ්‍යුන් ගොලුවෙලා නාරා දිහා බලන් ඉද්දි නාරා ආයෙමත් ඇහුවා. ටේහ්‍යුන් 'හා' කියන්න ඔලුව විතරක් වනලා හිටපු තැනින් සෙනඟ අඩු පැත්තකට ඇවිදගෙන යද්දි නාරාත් ටේහ්‍යුන් පස්සෙන් වැටෙද්දි, ජීහු දත්මිටි කාගෙන දෙන්නා යන දිහා බලන් හිටියා.

" ඔයා...ඔයා ඒක කිව්වේ ඇත්තටම නෙමෙයි නේද?..ජීහුව මැරි කරනවා කියලා? "

නාරා ටේහ්‍යුන්ගේ අත්දෙකම එයාගේ චූටි අත්වලින් අල්ලගෙන බිඳුනු හඬින් අැහුවා.

" ඒක...ඒක බොරුවක් නේද?..මං දන්නවා ඔයා එයාට ආදරේ කරන්නේ නෑ කියලා..ඔයා___"

" නෑ..මං ජීහුට ආදරෙයි නාරා..අපේ ඩිවෝස් එකෙන් පස්සේ මං එයාව මැරි කරනවා "

නාරා කියාගෙන යද්දි තමන්ගේ හිත ඇතුලෙන් රිදුම් දුන්නත් ටේහ්‍යුන් නාරා දිහාම බලාගෙන ස්තීර හඬින් කිව්වා.

ටේහ්‍යුන්ගේ ක්ෂනික උත්තරෙත් එක්ක නාරා අල්ලන් හිටපු ටේහ්‍යුන්ගේ අත කෙල්ලට ඉබේටම අත ඇරුනා. නාරාට හිතුනේ මුලු ලෝකෙම එකපාරටම නැවතුනා කියලා.

" එතකොට...එතකොට ඔයා ඇත්තටම ජීහුට ආදරෙයිද? "

නාරා ආයෙමත් වතාවක් ටේහ්‍යුන්ගෙන් ඇහුවා.

" ඔව්...මං එයාට ආදරෙයි "

ටේහ්‍යුන් නාරාගේ ඇස් දිහාම බලාගෙන කිසිම හැඟීමක් නැතුව උත්තර දෙද්දි මෙච්චර වෙලාවක් තිස්සේ තමන්ගේ ඇස් අස්සේ හිරකරගෙන හිටපු කඳුලු බිංදු නාරාගේ බෝල කම්මුල් තෙමන්න ගත්තා.

හදවත කෑලි කෑලිවලට කැඩිලා යන තරම් වේදනාවක් තමන්ට දැනෙන්න ගන්නකොට නාරා තත්පර කීපයක් ටේහ්‍යුන් දිහා වචනයක්වත් නොකියා ඔහේ බලන් හිටියා.

" හ...හරි එහෙනම්...ඔයා එයත් එක්ක සතුටින් ඉන්න ටේහ්‍යුන්..good luck!

නාරා මුවින් පනින්න හදන ඉකිය වලක්වගෙන අමාරුවෙන් හිනාවෙලා ටේහ්‍යුන් මුකුත් කියන්න කලින්ම කියලා තවත් තප්පරයක්වත් නොඉඳ අඩියට දෙකට දුවලා ගියේ කිම් මැන්ෂන් එකේ තමන්ගේ කාමරේට.

කාමරේට ඇවිත් එහෙමම ඇඳට වැටුනු නාරා හයියෙන් අඬන්න ගත්තේ මෙච්චර වෙලාවක් තිස්සේ හිතේ හිරකරගෙන හිටපු දුක කඳුලු වලින් පිටවෙලා යද්දි. නාරා පැයකට කිට්ටු වෙන්නම එකදිගට ඇඬුවා. ටේහ්‍යුන්ගේ වචන නාරාගේ හිත ඕනවටත් වඩා රිද්දලා තිබුනා.

තවත් පැය බාගයකට විතර පස්සේ නාරා තමන්ගේ කම්මුල් වල තිබුනු කඳුලු පාරවල් අතින් පිහිදගෙන ඇඳෙන් නැඟිටලා කාමරේ තිබුනු මේසේ ලඟට ගියා.

ටේහ්‍යුන් කලින් දවසේ කිව්වා වගේම ඒ දෙන්නගේ divorce papers තිබුනු ෆයිල් එක මේසේ උඩ තිබුනා. නාරා තමන්ගේ ගැහෙන ඇඟිලි තුඩුවලින් අල්ලලා divorce papers අතට ගත්තා.

" ඔයා ඔම්මත් එක්ක තරහා නෑ නේද පැටියෝ?..ම්ම්?..ඔයාගේ පපා සතුටින් ඉන්නවා දකින්නයි ඔයාගේ ඔම්මට ඕන..ඒ නිසා..ඒ නිසා අපි එයාට යන්න දෙමු..මං දන්නවා ඔයා පපාව තේරුම් ගනීවි කවදාහරි.."

නාරා තමන්ගේ කුසත් හිමීට අතින් පිරිමදින ගමන් අඬ අඬාම මුමුනලා divorce papers sign කරා. එ් කරලා නාරා තමන්ගේ ෆෝන් එක අරන් dial කරේ හොබීගේ නම්බර් එක.

📞🦄: ඔව් නාරා කියන්න!

📞🗨️: සනී..ඔයාට...ඔයාට පුළුවන්ද මාවත් ඔයත් එක්ක බෙල්ජියම් වලට එක්කන් යන්න?

නාරා ෆෝන් එක අතින් තවත් තදකරලා අල්ලගන්න ගමන් ඇහුවා.

📞🦄: නාරා ඔයා මොනවද මේ කියවන්නේ? ආහ්? පිස්සු හැදි___

📞🗨️: ප්ලීස් සනී...ඔයා එදා කිව්වා නේද ඔයාට පුළුවන් නම් මාවත් එක්කන් යනවා කියලා..ඒ හින්දා චෙබල්..මේ වතාවට විතරක් මට උදව් කරන්න..ඔයා විතරයි මට උදව් කරන්න පුළුවන් කෙනෙක්ට කියලා මට ඉන්නේ..මං..මං ඔයාට හැමදේම කියන්නම්...චෙබල්..මාව එක්කන් යන්න එනවද දැන්?

නාරා අඬ අඬාම කියද්දි ෆෝන් එක එහාපැත්තෙන් හොබී දිග හුස්මක් පිටකරනවා නාරාට ලාවට ඇහුනා.

📞🦄: හරි..මං එන්නම්..හැබැයි මට වුනු හැමදේම අකුරක් නෑර කියන්න ඕන..අරස්සෝ?

📞🗨️: අරස්සෝ සනී..චොම්මල් කුමාවෝ!

එහෙමම හොබීගේ කෝල් එක කට් කරපු නාරා කෙල්ල ඇඳන් හිටපු දිග ගවුම මාරුකරලා ඩෙනිම් එකකුයි ටීෂර්ට් එකකුයි ඇඳගත්තා. ඒ කරලා කෙල්ලගේ පොඩි සූට්කේස් එක අරගෙන කෙල්ල කිම් මැන්ෂන් එකට අරන් ආපු තමන්ගේ අැඳුම් ටික විතරක් බෑග් එකට දාගත්තා.

ටේහ්‍යුන් නාරාට අරන් දුන්න පිකචු plushy collection එකෙන් නාරා එයා ආසම කරන plushy එකකුත්, නාරාගේ කබඩ් එකේ එයා තියාගෙන හිටපු ටේහ්‍යුන්ගේ සුදුපාට ෂර්ට් එකකුත් අරගෙන එයාගේ සූට්කේස් එකට දාගත්තා.

නාරා තමන්ගේ අතේ පැලඳගෙන හිටපු මඟුල් මුද්ද දිහා එක වතාවක් විතරක් බලලා ගැඹුරු හුස්මකුත් පිටකරන ගමන්, මුද්ද තමන්ගේ අතෙන් ගලවලා divorce papers තිබුනු ෆයිල් එක උඩින් තිබ්බා.

තමන්ගේ බෑග් එකත් අතට අරගත්ත නාරා එයාගෙයි ටේහ්‍යුන්ගෙයි ලස්සන මතක ගොඩක් පිරිලා තිබුනු කාමරේ දිහා ආයෙමත් වතාවක් කඳුලු පිරිච්ච ඇස්වලින් බලන් හිටියා.

" නාරා! ඔයා කොහෙද මේ යන්න හදන්නේ? "

එකපාරටම තමන්ගේ පිටිපස්සෙන් ඇහුනු ගැඹුරු කටහඬේ සද්දෙට නාරා ගැස්සිලා ගිහින් ඒ පැත්තට හැරුනා.

" න..නම්ජුන් ඔප්පා! "

නාරා ඇසුත් ලොකුකරන් නම්ජුන් දිහා බැලුවා.

" දේහ්..ඔයා පල්ලෙහා පේන්න හිටියේ නැති නිසා ඔයාව එක්කන් යන්න ආවේ මං..මොකද මේ සූට්කේස් එකකුත් අරන් කරන්නේ? "

නම්ජුන් ඇස් හීනිකරලා නාරාගේ අතේ තිබුනු බෑග් එක දිහා බලන ගමන් ඇහුවා.

" මං...මං මෙහෙන් යනවා ඔප්පා..මං ටේහ්‍යුන්ට ඩිවෝස් එක දුන්නා "

නාරා මූන බිමට හරවගෙන ඇහෙන නෑහෙන ගානට කියද්දි නම්ජුන් නාරා දිහා බලන් හිටියේ නාරා කියන දේවල් විශ්වාස කරන්න බෑ වගේ බැල්මකින්.

" මොකක් කිව්වා? ඩිවෝස්?..ආශ්! මේ ගොන් වස්සා නම්!..මං හිතුවා ජින් හ්යොන්ග් ගාවට ගිහින් හිටපු දවස් ටිකේවත් මූ හැදිලා ඇති කියලා..ඒ පාර මේකා___"

" ඔප්පා ප්ලීස්! ටේහ්‍යුන්ට මුකුත් කියන්න එපා..එයාගේ...එයාගේ වැරැද්දක් නෑ මේකට..මං නිසයි හැමදේම වුනේ.. "

නාරා ඔලුව උස්සන්නේ නැතුවම අඬ අඬාම කිව්වා.

" ඒත් නාරා එහෙම කිය___ "

නම්ජුන්ට තවත් මුකුත් කියන්න බැරිවුනේ ජින් ඇවිත් නම්ජුන්ගේ උරහිසෙන් අත තියලා ඇස්වලින් නම්ජුන්ට නවත්තන්න කියලා ඉඟිකරපු නිසා.

" නාරා ඔයාට හොඳටම විශ්වාසද මේක කරන්න ඕන කියලා? ම්ම්?...ඔයාට පුළුවන් හදිස්සි වෙන්නේ නැතුව තවත් කල්පනා කරලා බලන්න "

නාරා ලඟට ගියපු ජින් නාරාගේ මූනට එබිලා soft voice එකකින් අැහුවේ නාරාගේ උරහිස් දෙකෙන්ම අල්ලගෙන.

" ඔ...ඔව් ඔප්පා..මං හොඳට හිතලා තමයි මේ තීරනේ ගත්තේ..ටේහ්‍යුන්ගේ සතුට තියෙන්නේ මං ලඟ නෙමෙයි..ඉතිං..ඉතිං අපි දෙන්නා වෙන්වෙන එක තමයි හොඳම දේ.."

නාරා අමාරුවෙන් වචන ගලපද්දි ජින්ට වගේම නම්ජුන්ටත් ඉබේටම හීල්ලුනා.

" එතකොට ඔයා දැන් කොහෙටද යන්න හදන්නේ? ම්ම්? "

ජින් නාරා දිහා අනුකම්පාවෙන් බලන ගමන් අහනකොට නාරා බිම බලාගෙන සද්ද නැතුව හිටියා මිසක ජින්ට උත්තර දෙන්න ගියේ නෑ.

" හරි...ඔයා කියන්න අකැමැති නම් කමක් නෑ..ඒත් මතක තියාගන්න ඔයාට ඕනම වෙලාවක මගෙයි නම්ජුනාගෙයි ෆෝන් නම්බර්ස් හැමදාටම වැඩ කරනවා කියලා..අරස්සෝ? "

ජින් නාරාගේ ඔලුව හිමීට අතගාලා කියද්දි නාරා ඔලුව වැනුවා.

" මං එහෙනම් යන්නම් ඔප්පා..ඔයාලා කරපු හැමදේකටම කුමාවෝ! "

නාරා නම්ජුන්ටත් ජින්ටත් ආචාර කරලා යන්න හදද්දි, නම්ජුන් නාරාගේ අතක් තදකරලා අල්ලගෙන නාරාගේ අතින් චෙක් එකක් තිබ්බා.

" ඔප්පා! "

නාරා තමන්ගේ අතේ තිබුනු චෙක් එක දිහා බලලා නම්ජුන් දිහා බැලුවේ ඇසුත් ලොකුකරන්.

" ඔයා මට මගේම නංගි වගේ..ඒ හින්දා මුකුත් හිතන්නේ නැතුව ඕක ඔයාගේ වියදමට තියාගන්න.."

නම්ජුන් ලාවට එයාගේ ඩිම්පල් පේන හිනාව මූනේ තියාගෙන නාරාගේ ඔලුව අතගාලා කියද්දි, ජින් ඇස්වලින් නාරාට ඉඟිකරේ නාරාට චෙක් එක ගන්න කියලා.

" කුමාවෝ ඔප්පා! "

Message tone📲📲

නාරා ඇඬුම් හිරකරගෙනම නම්ජුන් දිහා බලාගෙන කියද්දි නාරාගේ ෆෝන් එකට හොබීගෙන් මැසේජ් එකක් ආවේ, එයා කිම් මැන්ෂන් එකේ gate එක ලඟට ඇවිත් කියලා.

නාරා ආයෙමත් වතාවක් ජින්ටත් නම්ජුන්ටත් ආචාර කරලා කෙල්ලගේ බෑග් එකත් අරගෙන පල්ලෙහාට බැස්සා.
කිම් මැන්ෂන් එකේ ගාර්ඩ්න් එක මැදින් ගේට් එක පැත්තට ඇවිදන් යද්දි, තමන්ට ගොඩක් ඈතින් පෙනුන උත්සවේට ඇවිත් හිටපු අමුත්තෝ එක්ක තාමත් හිනාවෙවී කතාකර කර හිටපු ටේහ්‍යුන් දිහා ආයෙමත් වතාවක් නාරා හැරිලා බැලුවා.

" සතුටින් ඉන්න ටේ! "

නාරා හිතින්ම මුමුනලා පිටිපස්සේ ගේට් එක ලඟට යද්දි හොබී එයාගේ ස්කූටර් එකෙන් නාරාව ගන්න ඇවිත් හිටියා.

" නාරා ඔයාට හොඳටම ෂුවර්ද ඔයාට මාත් එක්ක එන්න ඕන කියලා? ම්ම්?"

නාරා බෑග් එකත් අරන් ස්කූටර් එකට නඟින්න යද්දි හොබී සැකෙන් නාරා දිහා බලලා ඇහුවා.

" ඔව් සනී..එයා..එයා හොඳින් ඉඳීවි මං නැතුව.."

නාරා දිග හුස්මකුත් පිටකරන ගමන් කියලා හොබීගේ ස්කූටර් එකට නැඟ්ගේ අන්තිම වතාවටත් කිම් මැන්ෂන් එක දිහා බලලා.

To be continued...
✍️Nishyoon💜️

_____________________

Hi my tangerine babies🤭💜️💜️...
Its been a long time after the previous update..right😁?...
I'm really sorry for keep waiting u guys for a long time🤧

Continue Reading

You'll Also Like

1K 85 6
"මගෙ රෝස මල..ඔයා දන්නවද ඔයා කොච්චර ලස්සනද කියලා..." "මට ඉවසිල්ලක් නෑ ඔයා මගෙ ඇඟට යට වෙලා මගෙ නමින් කෙඳිරි ගානවා අහන්න...දන්නවද මන් ඒකට කොච්චර ආසද කි...
2.7K 83 22
the summer right before senior year, 17-year-old olive peterson discovers how much she hates matt sturniolo for the way he betrayed her at a summer k...
9K 71 29
Here's a list of my favorite obsession books that I recommend to you.
59.2K 1.6K 31
one day naruto was hanging out with his friends just laughings and having a good time until his best friend kiba lead them to a race that started it...