Love In My Heart ( Complet...

By kidurangana

33.3K 6.2K 775

සත්තයි , වසන්තය නැවත ඔබ සොයා එනවාමයි. More

චරිත හැදින්වීම.
chapter 01
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
chapter 17
chapter 18
chapter 19
chapter 20
chapter 21
chapter 22
chapter 23 * ( bonus )
chapter 24
chapter 25
chapter 26
chapter 27
chapter 28
chapter 29
chapter 30
chapter 31
chapter 32
chapter 33
chapter 34
chapter 35
chapter 36
chapter 37
chapter 38
chapter 39
chapter 40
chapter 41
chapter 42
chapter 44
chapter 45
chapter 46
chapter 47
chapter 48
chapter 49
chapter 50

chapter 43

493 106 9
By kidurangana

මෙය මාගේ මනඃකල්පිතයක් පමණි. සැබෑ ජීවිතයේ අයවලුන් හා ඒහා සබැදි ස්ථාන මෙම කථාංගයට කිසිදු සබදතාවක් නොමැති බැවින් ඒවා සම්බන්ධ කර නොගන්න.

ඒ පුංචි ඇස් තරැ වගේ දිලිසුන..... කතා කරන ඇස් දෙකක්.....එයා ඔලුව වැනුව මාත් එක්ක හිනාවෙලා ඔලුව වැනුව. .... ...... දුක්කන්දරක් මැද්දේ උන්න මන් අවසානෙ පොඩි එකෙක් ගානට වැටුන...... පුංචි එකෙක් ගානට වැටිල සෙල්ලම් කරා..... අපි වැලි මාලිගා හැදුව.... බෝල ගැහැව්ව... සිප්පි ඇහින්ද. ...... ..... වැල්ලෙ බට්ටො පැන්න. ...... අවසානෙ මම එන්න ආව. ..... ඒ පුංචි අතට මගෙ පර්ස් එකේ තිබුන දාහෙ කොල ටික මිටි මෙලෙව්ව මන් ඒ පුංචි මූණ ඉඹල එන්න ආව..... මම හදවතින්ම ඒ පොඩි එකාට පින් දුන්න ........පොඩි වෙලාවකට හරි මගෙ හිත සැනසුවාට......... ඒවගේම ලබන ආත්මෙ හරි ඒ පුංචි  කටට හඩක් ලැබෙන්න පැතුව.....

*************************************

ඔලුව කැක්කුම ඉවසන්නම බැරි තැන පෙනඩෝල් පෙති දෙකක් අතට ගත්ත මන් හිස් බඩ පිටින්ම ඒක බීල දැම්ම . ..... දැං කවුරැ කියල නම් මගෙ බෙහෙත් බිවිල්ල හොයන්න ද..... කෝල් එකක්. ....

"හෙලෝ අංකල් ..... "

" හෙලෝ පුතා. ...මම ගේට් එක ගාව දැන්..... "

" හරි ඉන්න අංකල් මම එන්නම්. ....."


"අංකල් ඉදගන්න..... "

" හරි පුතා..... මම හිතන්නෑ පුතා වැඩි කල් මෙතන ඉන්න එක හොදයි කියලා. ... මොකද උන් මේ තැන ගැන දැනටමත් දන්නවනෙ...... "

" හ්ම්ම්ම් අංකල් මේක බලන්නකෝ. ..... "

මම ලැප් එකේ තිබුන වීඩියෝ එක ඔන් කරල අංකල් ඉන්න පැත්තට හැරෙව්ව.... ..... මන් බලාගෙන ඒ මූණෙ ඉරියව් ටිකෙන් ටික වෙනස් වුනා. .....

" පුතා.... මේ සාක්ෂිය හොදටම ඇති මිනිහව හිරේ දාන්න. ..... "

"අංකල්.... ඊට කලින් මට කියන්න දෙයක් තියෙනව. ........ "

" මොකද්ද පුතා ...... "

" මේ වීඩියෝ එක මීඩියා වලට රිලීස් කරන්න ඕන..... ඒකත් අද රෑම ..... "

" මීඩියා වලට.... ඒත් ඇයි පුතා. ... "

" ඒකෙන් මේ සාක්ෂිය හංගන්න බැරි වේවි..... මේ රටේ ඇමතියෙක්ට තියෙන බලය ගැන අංකල් හොදටම දන්නවනෙ. ...... ඊටත් අංකල්ගේ ජීවිතේටත් මේක රිස්ක් එකක්. ...අංකල් මට සපෝට් කරාට අංකල්ටත් ඉහලින් ඉන්න අය ගැන විශ්වාස කරන්න අමාරැයි නේද........ එහෙම නොවෙන්න අංකල්ට මහනුවරට ටාන්සර් එකක් ලැබෙන්න විදියක් නෑනෙ......."

" හ්ම්ම්ම්...... ඔව් ....ඒක ඇත්ත පුතා. . .... ඒත් පුතා ටිකක් හිතල බැලුවද මේ වීඩියෝ එක මීඩියා වලට දුන්නොත් මීඩියා එකෙන් පුතා පස්සෙන් පිස්සු බල්ලො වගේ පන්නන්න ගනීවි........."

" මම ඒ ගැනත් හිතුව..... මම යන්නම යනව අංකල්. ...... ජීවතුන් අතර හිටියොත් මම මේ රටින් යනව ...... "

" ඒක හොඳයි පුතා ..... "

"අපි ඉක්මන් නොවුනොත් උන් අපිට කලින් ඉක්මන් වේවි......ඒ නිසා මේක අද රෑම ඉවරයක් කරමු..... "

" හොදයි පුතා.... ..... පුතා ලග ඔරිජිනල් වීඩියෝ එක තියාගන්න..... දැනට මට කොපියක් ඇති..... .... "



අංකල් යන්න ගියා..... මගෙ හිතට පුංචි හරි සැනසීමක් දැනුනෙ දැන් වෙනකොට ඒ සැනසීමත් එක්කම මම කාමරේට යන්න ගියා.. අද රැයින් පස්සේ ..... මගෙ ජීවිතේ තීරණාත්මක දවසක් වෙවි. .... ....... මට ඕන හිතන්න. ...... ජීවිතේ හැමදේම ගැන ගැන හිතන්න. ...... මගෙ පෝන් එක අතට ගත්ත මන් ඒකෙ තිබුන පරණ සිම් එක ගලවල දාල එමින් ගමන් ගත්ත අලුත් සිම් එක දාගත්ත . ..... ....... මේ සිම් එකේ අයිතියකාරයා මගෙ ආචු...... එයාගෙ නමට රෙජිස්ටර් වෙලා තිබුන මගෙ සිම් එක. .... ..... ඒකත් ගලවල දැම්ම මන් හෙට උදේ මොනා වේවිද කියලා දහඅතේ කල්පනා කර කර එහෙමම ඇදට වැටුන. ... ......

********

ඉර පායල හරි ලස්සනට තිබුණා. ...වෙනදවගේමයි...... ඒත් මගේ ලෝකට කවද නම් ඉර පායයිද..... බීපු මනුස්සයෙක් වගේ වැනි වැනිම බාත්රෑම් එකට ගිය මම ෂවර් එක යට ඉදගත්ත. ...... ඇඩුවා. ....... ...... ඇස් දෙකත් රතු කරගෙන පහලට එන මාව දැකලද කොහෙද මැගී අම්මත් මොන මොනවදෝ කීව...... ඒත් මම කරේ ඔහේ සෝෆා එක ලගට ඇවිදන් ගිය එක... .... ටීවී එක ඔන් කෙරැව මම බලන් උන්න. ........ ඊයේ රැයින් පස්සේ ඇමති සුදේවගෙ ජීවිතේට වෙලා තියෙන පෙරලිය බලන්න ඕන උනා. ....... ඒ අත්තදෙකට මාංචු දාල අරගෙන යනව මට බලන්න ඕන උනා. ..... ..

"මෙන්න දැන් ලැබුණු විශේෂ ප්‍රවෘත්තියක් ...... පලාත් පාලන නියෝජ්‍ය ඇමැති සුදේව ජයලත් වික්‍රමසිංහ මහතාට එරෙහිව මිනීමරුම් චෝදනාව යටතේ ඔහුගේ සහෝදරයාගේ පුත්‍රයා විසින් සිදුකරන කරනලද පැමිණිල්ලකට අනුව ප්‍රශ්න කිරීමට යාමේදී ඊයේ රාත්‍රියේ සිය නිවසින් පලාගොස් තිබුණි ........එසේ පලාගොස් සැගව සිටි ඇමති සුදේව ජයලත් වික්‍රමසිංහ මහතාට විරැද්ධව හමුවූ සාක්ෂි මත පොලිස් අපරාධක විමර්ශන අංශය මගින් අද උදෑසන අත්අඩංගුවට ගැනීමට යාමේදී හංවැල්ල ප්‍රදේශයේ පිහිටා තිබූ ඔහුගේ නිවසකදී සියදිවිහානිකරගෙ ඇත......... වැඩිදුර පරීක්ෂණ එස් එස් පී වික්‍රම මහතා යටතේ සිදු කෙරේ...... "


" ලො..ලොකු. .. තා...ත්....තා. .... මැරිලා. ...... "

කොහොමද. ....කොහොමද එහෙම. ....... ඒ අත් දෙකට මාංචු වැටෙනව බලන්න මට ඕන වුනා තමයි ...... මගෙ අම්ම අප්පච්චි මගෙන් උදුර ගත්ත එකට ඒ වැරැද්දට ලොකු තාත්තා පසුතැවෙනව මට බලන්න ඕන උනා ...... . ..... ඒ වැරැද්දට මගෙ අම්මගෙන් අප්පච්චිගෙන් ආචුගෙන් සමාව ඉල්ලනවා බලන්න ඕන උනා. ... . ...... මගෙ ආචුවත් සීයවත් එයාට වැරැද්දක් කරල නෑ කියලා ඒ මූණටම කියන්න ඕන උනා. ...... ඒත් මැරෙන්න. ...... මම කීයටවත් එහෙම දෙයක් බලාපොරොත්තු උන් නෑ. ...... කොහොමටවත් නෑ......... මොනවද මේ වෙන්නේ . ...... ......... මම එහෙමම බිම ඉදගෙන ඔලුව කකුල් දෙක අස්සෙ ගහගත්ත. ......... කෝල් එකක්
..... ...... සාක්කුවෙ දාන හිටිය පෝන් එක vibration වෙද්දි මම අත යවල පෝන් එක එලියට ඇද්ල ගත්ත . .......


" හෙ.....ලෝ......අං..ක....ල් "

" පුතා ෂොක් වෙලා. ...... මමත් හිතුවෙ නෑ පුතා ඒ මනුස්සයා ඒවගේ දෙයක් කරගනී කියල...... ඒ කොහොම උනත් පුතා.... දැන් ඔයා ඔහෙන් පුළුවන් ඉක්මනට යන්න. ...මීඩියාකාරයෝ දැනටමත් ඔයාගැන ඔක්කොම ඩීටෙල්ස් දැනගෙන ඇති... . පුතා එහෙනම් ගිහින් මට කෝල් එකක් දෙන්න. .....මොනා කරත් මේ වෙලාවේ සිහිකල්පනාවෙන් වැඩ කරන්න ඕන .... තේරැණාද. ........"

" හොදයි අංකල් ....... "

  ඇවිත් සතියක්වත් නොවුනු තැන මම ආයෙමත්  මෙහෙන් පැනල දුවන්න  ඇදුම් පැක් කරා......... ඒකත් මීඩියාකාරයන්ට බයේ ... ...... ඒත් මොකටද........උන්ට ඕනේ කොහොම හරි මිනිසුන්ගේ ජීවිත වල තියෙන මොනා හරි  කුනක් හොයලදාල  චැනල්වල පබ්ලිසිටි එක වැඩිකරගන්න මිසක  කවදාවත් ඒ මනුස්සයාගෙ ඇතුලාන්තය ගැන හිතල බැලුවද........ මගෙ අම්ම අප්පච්චි මගෙන් උදුර ගත්තම ඇයි උන්ට බැරිවුනේ   .... එකම එක සාක්ෂියක්. ..... එකක් හොයාගන්න. ..... ඒ වෙනුවෙන් සාධාරණයක් කරන්න බැරි වුනේ ඇයි කියලා එකම එක  පොලිස් නිලධාරියෙක්ගෙන්වත් ඇහුවද........ මාසයක්.......  දෙකක් .........වැඩිම උනොත් එච්චරයි. ..... එතනින් පස්සේ  එහෙම එකෙක් උන්නද මලාද කියලා නෑ. ...... ..... . ..

    ඇදුම් බෑග්ගයත් කරේ එල්ලගෙනම මම පහලට බැස්සෙ  හිතින් පුළුවන්  තරම්  බනින ගමන්.. ....... ගෙයි පඩිය ලග ඉදගෙන උන්න මැගි අම්ම හූල්ලනව..... ....... .... ඇත්තටම පව්........ පොඩි කාලෙ ඉදලම ඒ හිතට මම එයාගෙම දරැවෙක් ගානයි........... සාක්කුවෙ තිබුන ගෙදර යතුරු  කැරැල්ල අරගෙන මම ඒ අත උඩින් තිබ්බ.......

   

"     පුංචි මහත්තයා මෙච්චර ඉක්මනට යනවැයි...... ....... "

"  හ්ම්ම් ....... මැගි අම්මා.........සමහරවිට  ආයෙමත්  මම කවමදාවත් මෙහෙ නොඒවි.... ...... ..   "

😊 ඔන්න ලමායි ඕතරිය කතාව දුන්නෝ.......

😀 ඊයෙයි පෙරේදයි දෙකේම දෙන්න උන්නෙ ඒත් මගෙ wattpad account එකේ පොඩි චකාබ්ලාස්ට් එකක් වෙලානි...... අද හදාගත්තෙ........ ඒකයි..හ්ම්.....


😅කවී නෑ කීල දුක් වෙන්න එපෝ ඉදිරියෙදි එන වගායි...... තව කෙනෙකුත් එක්කම .......








Continue Reading

You'll Also Like

1.1M 30.9K 20
In which a skittish human girl and an angry Alpha wolf heal together A Werewolf Romance Copyright © The Queen Slushie 2021 You do not have permission...
2.4M 60.9K 31
A bitchy brat straight when it comes to everything- Jennie meets the playgirl badass top of her game Lisa on unexpected day in unimaginable way. The...
443K 20.1K 46
She's rich, her family is well-known, her brother is popular in their school, and she has everything. She's not an ordinary girl who goes clubbing at...
1.1M 40.6K 93
𝗟𝗼𝘃𝗶𝗻𝗴 𝗵𝗲𝗿 𝘄𝗮𝘀 𝗹𝗶𝗸𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 𝗳𝗶𝗿𝗲, 𝗹𝘂𝗰𝗸𝗶𝗹𝘆 𝗳𝗼𝗿 𝗵𝗲𝗿, 𝗔𝗻𝘁𝗮𝗿𝗲𝘀 𝗹𝗼𝘃𝗲 𝗽𝗹𝗮𝘆𝗶𝗻𝗴 𝘄𝗶𝘁𝗵 �...