බිදුණු හැගුමන්

By RadhithReyshan

20.3K 2.9K 422

එක සීරුවට ගිනියලා දඩු වැටවල් ගහලා තියන නවදැලි හේන් වල ඒ නැවුම් පසේ සුවදට මුසු වීගන එක සිරුවට වැස්ස වැටෙන්න ගත... More

පෙරවදන
01 වන කොටස
02 වන කොටස
03 වන කොටස
04 වන කොටස
05 වන කොටස
06 වන කොටස
07 වන කොටස
08 වන කොටස
09 වන කොටස
10 වන කොටස (බෝනස්)
11 වන කොටස
12 වන කොටස
13 වන කොටස
14 වන කොටස
15 වන කොටස
17 වන කොටස
18 වන කොටස
19 වන කොටස
20 වන කොටස (අවසාන කොටස)
Author's Note

16 වන කොටස

596 110 27
By RadhithReyshan

මිනිස්සු විදිහට අපි කරන්නේ නැතිම දෙයක් තමයි අපි ආදරය කරන අයගේ හැගිම් තෙරුම් ගන්න එක....

ඒත් අපි අඩ බෙර ගහලා පුදුම විදිහට කියන්නේ මම උඹ වෙනුවෙන් මැරෙනවා... උඹ මගේ පන... උඹට මොනා හරි වුනොත් මාත් මැරෙනවා කියල... ඔය තරම් ආදරේ කරන කවුරුත් වේදනාව, සතුට දරාගන ජිවත් වෙන විදිහ ගැන කතා කරන්නේ නෑ....

අඩුම ගානේ මම නිසා උඹට දුකින්ද සතුටින්ද කියලා මගේ හිතට ඇගිල්ලෙන් තට්ටු කරලා අහන්න කවුරුත් හිටියේ නෑ.... අඩුම ගානේ උබේ වලලපු අතිතය ගොඩ ඇද්දම අනේ උබේ හිතට මොන වගේ හැගිමක් දැනේවිද කියලා අහන්න කවුරුත් හිටියේ නෑ.... අඩුම ගනේ ඒ මනුස්සයා දැක්කාම මට මොන වගේ හැගිමක් දැනෙයිද මගේ හිත කොයි තරම් පෑරෙවිද කියලා ඇහැව්වේ නෑ.... ඒත් ඒ හැමෝම ආදරෙයිලු පන දෙන්න තරම්.....ඇත්තටම මේ හැමදේකටම කවුරුත් වැරදි නෑ මමයි වැරදි....

ඉතින් කතා කරගන්න විදිහට අපි එයාව හම්බෙන්න ගියා.... ආදරය කරලා ඒ ආදරයෙ අහිමි වෙචච් මනුස්සයෙක් හැම මොහොතකම පතන්නේ කොහෝ කොහොම හිටියත් සතුටින් හොදින් ඉන්න... ඒත් මගේ ඇස් ඉස්සරහට ආයේ මට දකින්න එපා කියලා.... ඇත්තටම ඒ දැනෙන ගින්දර දන්නේ අවංකව ආදරය කරලා පැරදුන මිනිහෙක්ම තමයි.. මොකද ඒක උහුල ගන්න බැරි වේදනාවක්....

මගේ දෛවය කොච්චර අවසානවන්තද කියනවා නම් මගේ නෝනා මට ඒ වේදනාව ගෙනල්ලා දෙන්න ගොඩක් මහන්සි උනා... එක උහුල ගන්න හුගක්  අමාරුයි...

අයියාව ඈතින් දකින කොටම අයෙමත් මගේ පපුව ගැහෙන්න ගත්තා.. ඒ අවුරුදු කිපයකට ඉස්සේල්ලා ගැහෙන්න ගත්ත විදිහටම...... එයා ඉස්සරට වඩා තවත් ලස්සන වෙලා.... කෙනෙක් එක පාරක් බැලුවොත් තව පාරක් හැරිලා බලන්න තරම් එයා ලස්සනයි.... මගේ හුස්ම මටත් නොදැනි නතර වෙලා... එයා දිහා හුස්ම අල්ලන් බලන් ඉන්න කොට නංගිට වැඩේ තෙරුනා කියලා දැනිලා මම සාමාන්‍ය විදිහට කතා කලා.... එයා ලගට ඇවිත් මගේ අතේ හිටිය පුතාව අතට අරගෙන කොල්ලව ඉබින කොට ඒ ඇස් ඇතුලේ සියුම්ව වේදනාවක් මතුවෙනවා මම දක්කා.... මේ ගින්දර අදුනන්නේ ආදරය කරපු එකෙක්ම විතරයි.... ඒක වචනයෙන් විස්තර කරන්න බැරි හැගිමක්..... අපි ටිකක් වෙලා කතා කරලා පිටත් උනා....

කාලෙකට පස්සේ හම්බුනු නිසා ඊට පහුවෙනිදා මම අයියාගේ ගෙදර ගියා.... නිකන් කතා කරලා එන්න ගියේ.... ඒත් එහෙම ගිය විදිහටම ආපහු එන්න බැරිවෙයි කියල මට හිතුනේ නෑ... මම එපා කියද්දි එයා බලෙන් මාව කිස් කලා....

මනුස්සයෙක් මොනා කරත් කෙනෙක්ට වංචා කරන්න හොද නෑ... ඒ වගේම කෙනෙක්ට ද්‍රෝහී වෙන්න හොද නෑ.... ඒත් එදා දවස පුරාම මට එයා ඉල්ලන දේ දෙන්න සිද්ද වුනා....

වේදනාව දාරගන්න බෑ... බෙඩ් ශීටි එක පුරාම ලේ පැල්ම්.... යටි බඩ කොර වෙලා... ඉන්න අමාරුයි... ඇගට දැනෙන වේදනවාට ඇඩෙනවා.... අනේ මම ගෑනියෙක්ට අයිති වෙච්ච පිරිමියෙක් නේද කියලා මගේ හිත කෑගැහැව්වා... අනේ මම අප්පච්චි කෙනෙක් නේද... අනේ මගේ කොල්ලව මම කොහොමද පිරිසිදුව වඩා ගන්නේ කියලා මගේ හිත මටම වද දුන්නා....

ජිවිතේ තරුණ කාලේ අපි දෙන්නගෙම ගෙවිලා යන්න ලගයි ජිවිතේ වෙනස් වෙන්න ඕන නේද කියලා හිතුනා.... ලොකු පසු තැවිමක් දැනුනා... මම කොහොමද නංගිගේ මූන බලන්නේ... කාට වසන් කරත් උඩ ඉන්න අයට පෙනවලු අපි මොනාද කරන්නේ කියලා... ආයෙත් පාරක් මේ වැරැද්දට ඉඩදුන්න නිසා මට සමාවක් ලැබෙන්නේ නැතිවෙයි..... ඊටත් වඩා මම බයයි පසුතැවෙන්න... පසු තැවීම තරම් භායනක දෙයක් නෑ.......

යන්න ලැස්ති වෙලා ඇදගෙන ඇවිත් මම වෙනදා වගේම අයියට වැන්දා......ඒත් ඒ වදින්නේ ඇයි කියන දේ උඹ කවදාවත් තේරුම් ගත්තේ නෑ මගේ අයියේ....

මනුස්සයෙක් තමන්ගේ නලල තවත් මනුස්සයෙකුගේ දෙපතුල් ලග තියලා වදින්නේ හදවතින්.... මනුස්සයෙක් වෙලා ඉපදින ගුණයට ඒ මනුස්යාගේ උපරිම ගෞරවයි අනිත් කෙනාට දෙන්නේ... මම හැමදාමත් උඹට වැන්දේ ආත්ම ගානකට උඹව අමතක කරන්න බැරි තරමට උඹ මට ආදරය දුන්න හින්දා අයියේ... මගේ අම්මා අප්ච්චිට මගේ දරුවට වැටිලා ඉන්න තැනක් දුන්න නිසා.... ඒ වගේම උඹ මගේ ආදරය ගෞරවය අරක්ෂා කරයි කියලා.... ඒත් ඒ කිසිදෙයක වටිනා කමක් ඒයාට දැනුනේ නෑ...

ලගට ඇවිත් කිව්වේ මට ආයෙමත් උඹ මගේම කරගන්න තිබුන නම් කියලා..... මම මුකුත් කිව්වේ නෑ.... ඇත්තට මම දැන් වෙහෙසයි අයියේ.... ඉස්සර වගේ උඹ එක්ක ඇදක් උඩ දහ පහලොස් සැරයක් පිස්සු නටපු කොල්ලා නෙවේ අයියේ මේ ඉන්නේ.... ඇත්තට අපි දැන් තරුණ කාලේ අවසන් අදියරේ ඉන්නේ අයියේ.... අනික මම දැන් කොල්ලෙක්ට වඩා අප්පච්චි කෙනෙක් අයියේ..... දෙයක් කරන්න ඉස්සෙල්ලා මට දරුවා ගැන හිතලයි කරන්න වෙන්නෙ .... මට ආසා හිතුනා ලගින් වාඩි වෙලා මේ ටික ඔයාට කියලා දෙන්න... සසරේ මම පවු කරලා වැඩියි මගේ අයියේ.... මොකද මට කවදාවත් හයියක් තිබුනේ නෑ උඹව ලගින් වාඩි කරගෙන උබේ හරි වැරැද්ද කියලා දෙන්න... අඩුම ගානේ උඹ කරන පවු වලින් උඹව බේරගන්න.... අපේ බැදිමෙදි මම උඹ වෙනුවෙන් යුතුකම් ඉටුකලේ නෑ මගේ අයියේ... මම කරේ පොඩි විරෝධයක් පෙන්නද්දී උඹ මාව බය කරන කොට උඹට ඕන දෙයක් කරගන්න ඉඩ ඇරලා හිටපු එක.... අපරාදයක් කරන එකාට වඩා අපරාදෙ වෙන්න ඉඩ ඇරලා කර බාගනෙ හිටිය එකයි උල තියන්න ඕනෙ කියලා කතාවක් තියනවා අයියේ.... ඒ හින්දම උඹෙන් වෙච්ච හැම වැරද්දකටම මටයි මරණ දඩුවම හිමි වෙන්න ඕනේ.....

ඉතින් කිසිදෙයක් නොවුන ගානට දවස් කීපයක් ගෙවිලා ගියා.... දවසක් පුරුදු විදිහටම වැඩ ඇරිලා ගෙදර ඇවිත් දුවගෙන ගිහින් කොල්ලව ඉඹලා නංගිව පිටි පස්සෙන් බදාගත්තා..... එක පාරම එයා එයාව අල්ලන්න එපා කියලා කැගහන පැත්තකට පැන්නා.... ඒ මූනේ දැඩි පිලිකුලක් තිබුනේ... ඔය අත්වලින් මාවයි මගේ දරුවවයි අල්ලන එපා කියලා එයා කෑගහලා ඇඩුවා.... එක පාරම මට හිතාගන්න බැරි වුනා.... ඒත් එයා අඩ අඩ වෙච්ච දේ කිව්වා..... මට හිටගෙන ඉන්න පන නැතුව පුටුවකින් වාඩි උනා....

මම වැඩට ගියාට පස්සේ සෆ්රාන් නංගිව හම්බ වෙලා.... එයා කියලා මාව එයාට ඕනේ... බලෙන් හරි මාව එයාගේ කරගන්නවා කියලා..... එතනින් නවතින්නේ නැතිව එදා අපි දෙන්නා එකට හිටපු හැමදෙම එයාට පෙන්නලා.....

අපි කවුරුත් මනුස්සයෝ... අඩුම ගානේ මේ කිසිම දෙයකට සම්බන්ධ නැති ඒ දරුවෙක් ලැබෙන්න ඉන්න කෙල්ලගේ මානසික තත්වයවත් හිතන්නේ නැතිව එයා හැමදේම කියලා දාලා.... ගෙවල් වලට ගිනි තියන්න හරිම ලේසියි..... ඒත් ආත්මයක් ආත්මයක් පාසා තමන්ගේ ගෙදර ගිනි ගන්න එකේ වේදනාව දුක දරාගන්න පුලුවන් කෙනෙක් ඉන්නවා නම් බය නැතිව එහෙම කරාට කමක් නෑ.... මොකද ඒ වගේ අවුලන ගින්නක් අඩුම ගානේ ආත්ම පන්සීයක් වත් අවුලා මිසක් නතර වෙන්නේ නෑ.....

උඹ කරන හැම පවක්ම උඹට පඩිසන් නොදි මටම පඩිසන් දෙන්න කියලා පතනවා අයියේ... උඹ වැරදි නෑ හැමදේම අත් ඇරලා දාලා ගිය උඹව ආපහු ගෙන්නගන මේ ගින්දර දුන්නේ මමයි.....

මම කෙලින්ම අයියව හොයාන ගියා.... කවදාවත් මම අයියාට උඹ කියලා කතා කරලා තිබුනේ නෑ.... මම මගේ මුලු හදවතින්මයි අයියේ කියලා එයාට කතා කලේ... මගේ ආදරය... මේ ලොකේ මට වැඩියෙන්ම ආදරය කරපු මනුස්සයා... මේ ලොකේ මම වැඩියෙන් ආදරය කරපු මනුස්සයා... ඒ ආදරේ නාමයේන් මගේ ගෙදරට ගිනි තියලා... ඇත්තටම විශ්වාස කරන්න පුලුවන් ද....? වෙන කවුරු හරි කරා නම් මට දරාගන්න තිබුනා... එත් උඹ මගේ ආදරය... උඹ තරම් මගේ ගැන දන්න වෙන කෙනෙක් නෑ... මේ ලෝකේ එහෙම තියෙද්දි.... මට දරාගන්න බෑ.... මම ගිහින් ඇහැව්වා ඇයි උඹ මට මෙහෙම දෙයක් කලේ කියලා..... මුකුත් නොවිච්ච ගානට එයා මට වාඩි වෙන්න කිව්වා....අමුතු හිනාවක් දාගන කිව්වා මල්ලි උඹ මගේ පවුල කැඩවා... මම උබේ පවුල කැඩුවා කියලා......

එක මොහොතකින් යටි පතුල් වලින් ඇවිලිච්ච ගින්න ඉස්මුදුනෙන් පිටවුනා......

මම දැනගෙන හිටියා අයියේ ඔය ගින්න කවදාහරි දවසක මාව හොයාගෙන එයි කියලා.... ඒත් මෙච්චර ඉක්මනට එයි කියලා දැනගෙන හිටියේ නෑ.... තමන්ගේ මනුස්සයා වෙනුවෙන් මුලු හදවතින් ජිවිත් වෙන ගැහැණියකට අමුතුම ශක්තියක් තියනවා... ඒ වගේ කෙනෙක්ට දෙයක් කරලා එයා ශාප කලොත් කවදාවත් ගැලවෙන්න බෑ.... සත්තකින්ම වපුරන විදිහට අස්වනු නොලැබුනොත් පුදුමයි... එහෙමනම් මේ දහම බොරු වෙන්න ඕනේ... කවදාවත් ඒක එහෙම වෙන්නෙ නෑ.... මම දුරදිග කල්පනා කරන්නේ නැතිව වපුරපු බීජ වල අස්වනු දැන් ටිපර් ගණන් පටවගෙන යන්න ගොඩ ගහලා..... කවදාවත් මට සමාවක් දෙන්නේ නැති තරමට... ඒකයි ගින්දර දෙන කොට ආයෙමත් ඒ වගේ ගින්දරක් උහුලන්න හිත හදාගෙන දෙන්න කියන්නේ.....

අයියා කිව්වදේ දාරගන්න බැරිව ලග තිබ්බ මම ස්ටුල් එකක් පොලොවේ ගැහැව්වා....

"ඔය පොලවෙ ගැහැව්වේ උඹ හම්බ කරලා දුන්න දෙවල් නෙවේ... උඹ තාමත් ජිවිත් වෙන්නේ මම හම්බරකලා උඹට දුන්න දෙවල් වලින්"

අයියා කියද්දී ඒ වචන ඊතල වගේ මාව පසාරු කරගන ගියා දැනුනා....

"උඹ දැනගනින් මල්ලි මම මගේ ගෑනියි දරුවයි අතෑරලා දික්සාද කරලා වන්දි ගෙවලා උඹ ගාවට ආවේ මගේ කියන හැම බැදිමක්ම අතරලා .... ඒත් උඹ මොකාද කලේ උඹ මගේ ආදරයට පයින් ගහලා වෙන ගෑණියක් කසාද බැදලා ලමයි හදාගෙන මාව අමතක කරලා සතුටින් හිටියා....."

මට කියන්න දෙයක් නෑ... මම ගල් ගැහිලා අහගෙන හිටියා....

"අඩුම ගානේ උඹ මම ජිවත් වෙනවද.... උඹ නැතිව මම කොහොමද ජිවත් වෙන්නේ මම හොදින්ද කියලා උඹ හොයලා බැලුවද...? ආදරය කලා ආදරය කලා කියලාන්උඹ කිව්වට උඹ හිතුවද උඹ හින්ද හැමදේම නැති කරගත්ත මේ මනුස්සයාව අනාතයෙක් වගේ දාලා යනට කොට අනේ මේකට මොනා වෙයිද මම නැතිව කොහොම ජිවත් වෙයිද කියලා හිතුවද.... නෑ උඹට අඩුම ගානේ උඹ නැතිව මම හුස්ම ගන්නේ කොහොමදවත් කියලා හිතන්න වෙලාවක් තිබුනේ නෑ... උබ වෙනුවෙන් මගෙන් ජාතක වෙච්ච දරුව අතාරින කොට උඹ හිතුවද මම කොහොමද එහෙම කරන්නේ කියලා....? අද උඹත් තාත්තා කෙනෙක් වෙලා දරු කැක්කුම ගැන කියනවා.. එතකොට මට මගේ කොල්ලව මතක් වෙන්නේ නෑ කියලා උඹ හිතනවද....? උඹට අමතක උනා උඹ අද තාත්තා කෙනෙක් වෙලා... ඒත් මම එදා තාත්තා කෙනෙක් වෙලා හිටියේ කියන එක.... උබෙයි මගේයි දරු කැක්කුමේ වෙනසක් තියෙනවා කියලා හිතනවද.....? නෑ උඹට දැනේන හැගිමමයි මට දැනුනේ.... ඒත් මම මගේ හැමදේම ඔට්ටුවට තියලා පරදුවට තියලා උඹට ආදරය කලේ.... හැමදේම නැති කරගෙනයි උඹ ගාවට මම ආවේ.... එහෙම ආපු මට ඇයි උඹ එහෙම දෙයක් කලේ...? අන්තිමේට මගේ පවුලත් මට නැති උනා ආදරය කරපු උඹත් මාව දාලා ගියා ටටා බයි බායි කියලා...."

අවුරුදු ගානක් ඒ පපුවේ කැකෑරුණු වේදනාව තරහ දුක හැම දේම එලිය දාලා එයා ඇඩුවා.... ඒ ඇස්වලින් වැටෙන කදුලක් කදුලක් ගානේ මම මටම ශාප කරගත්තා.... උඹලා සේරම නිර්දෝෂයි දෙයියනේ මම තමයි ඇත්තම අපරාධකාරය.... මටයි ඔය ශාප විදින්න ඕනෙ..... මට කවදාවත් සමාවක් නම් ලැබෙන එකක් නෑ... අයියා ආයෙත් කදුලු පිහ පිහ කතා කරා...

"උඹ බැදලා මාසයක් දෙකක් යන කොට උඹට හැමදේම එපා වෙලා මගේ ලගට එයි කියලා හිතාන හිටියේ.... ඒත් උබේ ගෑනිට ළමයෙක් හම්බ වෙන්න කියලා දැනගත්තට පස්සේ මට පිස්සු හැදුනා... හිතේ ඈත කොනක උඹ ආපහු මාව හොයාන එයි කියන හැගීම ගිනි ගත්තා.... මගේ හිතේ තිබුන අන්තිම බලාපොරොත්තුවටත් උඹ ගිනි තිබ්බා... මට ජිවත් වෙන්න බෑ කියලා හිතුනා... මැරෙන්න හිතුව අවස්ථා ගොඩයි..... මට දඹුල්ලේ ඉන්න බැරි වුනා.... අපේ මතකයන් අපි ගෙවපු ජිවිතේ මතක සටහන් එක්ක මගේ හුස්ම හිරවෙන්න ගත්තා... මමත් මනුස්සයෙක් යකෝ... දෙවියෙක් නෙවේ.... මටත් දරාගන්න පුලුවන් සිමාවක් තියවා... මට දැනුනා මම තවත් මෙහෙ හිටියොත් වැඩි දවසක් යන්න කලින්ම මට මැරෙන්න තමයි වෙන්නේ කියල.... ඒකයි මම මගේ කියන හැමදෙම අත් ඇරලා ඩුබායි ගියේ...."

කදුළු පිරිච්ච ඇස්වලින් අයියා හැමදේම කියලා දැම්මා....








✍️ RR✍️

කතාව කියවන හැමෝටම ස්තුතියි 🙏

වෝට් එකක්, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා ❤❤❤


Continue Reading

You'll Also Like

28.7K 2.2K 17
වල්කම වූවත් පට්ටම ඩීසන් ඩිංගක් උඹ වැඩිමල් හින්දා ⋆⭒˚。⋆
177K 4.9K 30
"DON'T YOU DARE DATE MY SISTER!!!" - Chou Sana Chou Sana just wants to make sure that no one will ever hurt her sister, Chou Tzuyu.
105K 13.3K 48
Just friends... Right ? AYUSH ♡ ADHEER Start - 03.06.2024 End - # 1 in nonfiction # 1 in Sinhala # 1 in Sri Lanka
34.8K 803 29
Her mother is a world class surgeon. Her father was too. And 14 year old Zola Grey-Shepherd is a freshman in high school. She was the type of girl wh...